sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:68586:20
- ගේ නිරෝධය විභව රහිත නිර්වාණයයි බලන්නේ සම්මත්ත නියාමයට බැසගණී. -ආශ්‍රව සහිත වශයෙන් බලන්නේ අනුලොම නුවණ ලබයි. -ගේ නිරෝධය ආශ්‍රව රහිත නිර්වාණයයි බලන්නේ සම්මත්ත නියාමයට බැසගණියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
0bc717dcd33972fb767ad214b41042e06ac4c955c25dfe74987a18b21176ec33
target:pali-sinhala-parallel:68586:21
- සංඛත වශයෙන් බලන්නේ අනුලොම නුවණ ලබයි. - ගේ නිරෝධය අසංඛත නිර්වාණයයි බලන්නේ සම්මත්ත නියාමයට බැසගණියි. - මාරයාගේ ආහාරය වශයෙන් බලන්නේ අනුලොම නුවණ ලබයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
0e01af87d4dc1606daef228832f0b00836727c65ed40da40bd3eab8835924c33
target:pali-sinhala-parallel:68586:22
- ගේ නිරෝධය නිරාමිසවූ නිර්වාණයයි බලන්නේ සම්මත්ත නියාමයට බැසගණී - ඉපදීම ස්වභාව වශයෙන් බලන්නේ අනුලොම නුවණ ලබයි. - ගේ නිරෝධය ඉපදීම නැති නිර්වාණයයි බලන්නේ සම්මත්ත නියාමයට බැසගණියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
5759d0028206e6d376aab3a34556cd74c36976c7f883acd45bbadc2ca75b36fd
target:pali-sinhala-parallel:68586:23
- දිරීම් සහිත වශයෙන් බලන්නේ අනුලොම නුවණ ලබයි. - ගේ නිරෝධය දිරීම් නැති නිර්වාණයයි බලන්නේ සම්මත්ත නියාමයට බැසගණියි. රෝග ස්වභාවය ඇති දෙයක් ලෙස බලන්නේ අනුලොම නුවණ ලබයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
11c0b7878c55b5a4363a26164b0315b2357a09fa87196dd0d6f6fd373d106468
target:pali-sinhala-parallel:68586:24
- ගේ නිරෝධය රොග රහිත නිර්වාණයයි බලන්නේ සම්මත්ත නියාමයට බැසගණී - මරණ ස්වභාව ඇත්තක්ලෙස බලන්නේ අනුලොම නුවණ ලබයි. - ගේ නිරෝධය මරණ රහිත නිර්වාණයයි බලන්නේ සම්මත්ත නියාමයට බැසගණී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
b185cc73b6413871841f749bfee814f82f481f94e8eb00fd58b8a6a09b7af71f
target:pali-sinhala-parallel:68586:25
- ශෝක ස්වභාවය ඇත්තක ලෙස බලන්නේ අනුලොම නුවණ ලබයි. -ගේ නිරෝධය ශෝක රහිත නිර්වාණයයි බලන්නේ සම්මත්ත නියාමයට බැසගණී. - පරිදේව ඇත්තක් වශයෙන් බලන්නේ අනුලොම නුවණ ලබයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
81440942ffcc1e69322f53957e95fc0c61c77b044fd702146fcf85117ebb965f
target:pali-sinhala-parallel:68586:26
- ගේ නිරෝධය පරිදේව රහිත නිර්වාණයයි බලන්නේ සම්මත්ත නියාමයට බැසගණී. -දැඩිශෝක ඇත්තක් වශයෙන් බලන්නේ අනුලොම නුවණ ලබයි - ගේ නිරෝධය දැඩිශෝක රහිත නිර්වාණයයි බලන්නේ සම්මත්ත නියාමයට බැසගණී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
bf6241209c3fee6b346b26f97e7478ab8187a21122fb86133a00082afb7d7401
target:pali-sinhala-parallel:68586:27
- කිලිටි ස්වභාව ඇත්තක් ලෙස බලන්නේ අනුලොම නුවණින් ලබයි. - ගේ නිරෝධය කිලිටි ස්වභාව නැති නිර්වාණයයි බලන්නේ සම්මත්ත නියාමයට බැසගණී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
044af8201cb07bc2f6a2e3aeaaa7306e2f8e50175fa5cb06978381585a8862ef
target:pali-sinhala-parallel:68586:3
-ගේ නිරෝධය ගඩු රහිත නිර්වාණයයි බලන්නේ සම්මත්ත නියාමයට බැසගණියි. -උල් වශයෙන් බලන්නේ අනුලොම නුවණ ලබයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
1ebc5034db33f6197f7813b6a13777de18dc1f49b79ed7a5aa9749930074c2f8
target:pali-sinhala-parallel:68586:4
-ගේ නිරෝධය උල් රහිතවූ නිර්වාණයයි බලන්නේ සම්මත්ත නියාමයට බැසගණියි -අඝ වශයෙන් බලන්නේ අනුලොම නුවණ ලබයි -ගේ නිරෝධය පීඩා නැත්තාවූ අනඝවූ නිර්වාණයයි බලන්නේ සම්මත්ත නියාමයට බැසගනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
c3bde8e0639bca7f3a4b996352dfaf7e83a8949d5a4f052969a252913fbf7ac1
target:pali-sinhala-parallel:68586:5
-ආබාධ වශයෙන් නුවණින් බලන්නේ අනුලොම නුවණ ලබයි -ගේ නිරෝධය ආබාධ රහිත නිර්වාණයයි බලන්නේ සම්මත්ත නියාමයට බැසගණියි. -පර ප්‍රත්‍යය වශයෙන් නුවණින් බලන්නේ අනුලොම නුවණ ලබයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
079eb05d6c883eef8663aeb7d4bd2a9f6a80b5e4e2843a0445dcb11a9555fbb4
target:pali-sinhala-parallel:68586:6
-ගේ නිරෝධය පරප්‍රත්‍ය රහිත නිර්වාණයයි බලන්නේ සම්මත්ත නියාමයට බැසගණී. -පලුදුවීම වශයෙන් නුවණින් බලන්නේ අනුලොම නුවණ ලබයි. -ගේ නිරෝධය පලුදු රහිත නිර්වාණයයි බලන්නේ සම්මත්ත නියාමයට බැසගණියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
2859d1b826dd8066e14dbf0076ef2f8632ca8e930639b267eeb09d36ba0b8230
target:pali-sinhala-parallel:68586:7
-විපත්ති වශයෙන් නුවණින් බලන්නේ අනුලොම නුවණ ලබයි. -ගේ නිරෝධය විපත්ති රහිත නිර්වාණයයි බලන්නේ සම්මත්ත නියාමයට බැසගණී. -උවදුරු වශයෙන් නුවණින් බලන්නේ අනුලොම නුවණ ලබයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
d86d411a8d0f7b8ba236742eb2ac67c55f0e2fe9dba96d32f0e827193342a834
target:pali-sinhala-parallel:68586:8
-ගේ නිරෝධය උවදුරු රහිත නිර්වාණයයි බලන්නේ සම්මත්ත නියාමයට බැසගණී. -භය වශයෙන් නුවණින් බලන්නේ අනුලොම නුවණ ලබයි. - ගේ නිරෝධය නිර්භයවූ නිර්වාණයයි බලන්නේ සම්මත්ත නියාමයට බැසගණී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
2974faf875e7398a328eb07ddf9cd973f741228fb9f5942dea0bb07939b9f4df
target:pali-sinhala-parallel:68586:9
- ඇලීම වශයෙන් බලන්නේ නුවණින් බලන්නේ අනුලොම නුවණ ලබයි. - ගේ නිරෝධය ඇලීම නැති නිර්වාණයයි බලන්නේ සම්මත්ත නියාමයට බැසගණී - චපල වශයෙන් නුවණින් බලන්නේ අනුලොම නුවණ ලබයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
bbb0378c47e694ad057147e0e48a5029008cd9b357c5c43e3227ddc9d9e38c4c
target:pali-sinhala-parallel:68587:0
[8] “අනිත්‍ය වශයෙන් යනු නම් අනිත්‍ය වශයෙන් බැලීමයි. දුක් වශයෙන් යනු නම් දුක් වශයෙන් බැලීමයි. රෝග වශයෙන් යනු නම් දුක් අනුව බැලීමයි. ගඩු වශයෙන් යනු නම් දුක් අනුව බැලීමයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
481578b561222ce14cec7dee551542780aa4113c6609c09e2621198ec03d0c66
target:pali-sinhala-parallel:68587:1
හුල් වශයෙන් යනු නම් දුක් අනුව බැලීමයි. අඝ වශයෙන් බැලීම යනු නම් දුක් අනුව බැලීමයි. “ආබාධ වශයෙන් යනු නම්, දුක් අනුව බැලීමයි. පරප්‍රත්‍යය වශයෙන් යනු නම් අනාත්ම වශයෙන් බැලීමයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
8cbe5d76af7edf14d26f26979536b4774ac1df73a41404efa63cebd071d1721d
target:pali-sinhala-parallel:68587:10
මේ හතළිස් අයුරින් සම්මත්ත නියාමයට බැසගණියි. මේ සතළිස් අයුරින් අනුලොම නුවණ ලබන්නහුට මේ සතළිස් අයුරින් සම්මත්තනියාමයට බැසගන්නහුට අනිත්‍යය අනුව බැලීම් කෙතෙක්ද? දුක් අනුව බැලීම් කෙතෙක්ද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
1486f151592c20c6cf911d9290642da7aab4897042bfbf6b9795c28680cd9e6d
target:pali-sinhala-parallel:68587:11
අනාත්මය අනුව බැලීම් කෙතෙක්ද? අනාත්මය අනුව බැලීම් විසිපහකි. අනිත්‍යය අනුව බැලීම් පණහකි. දුක් අනුව බැලීම් එකසියවිසිපහකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
188ac66c66e0fe461450349b1517a069408838e9eb440fa2aee019fe9ece5d45
target:pali-sinhala-parallel:68587:2
පලුදුවීම් වශයෙන් යනු නම් අනිත්‍ය අනුව බැලීමයි. විපත්ති වශයෙන් යනු නම් දුක් අනුව බැලීමයි. උවදුරු වශයෙන් යනු නම් දුක් අනුව බැලීමයි. භව වශයෙන් යනු නම් දුක් අනුව බැලීමයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
f13597bd47ae8a24b9df7ab1f9d42072692bbce6f9e9ead096e783974e69e2d6
target:pali-sinhala-parallel:68587:3
ඇලීම් වශයෙන් යනු නම් දුක් අනුව බැලීමයි. චපල වශයෙන් යනු නම් අනිත්‍යය අනුව බැලීමයි. බිඳීම් වශයෙන් යනු නම් අනිත්‍ය අනුව බැලීමයි. සදාකාලික නොවන්නක් වශයෙන් යනු නම් අනිත්‍යය අනුව බැලීමයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
949021b305803b2f3f4228a8674fc17465908e4e4d58bf464c81465e7be0b4c3
target:pali-sinhala-parallel:68587:4
ආරක්ෂා රහිත වශයෙන් යනු නම් දුක් අනුව බැලීමයි. නිර්භය ස්ථානයක් නොවීම් වශයෙන් යනු නම් දුක් අනුව බැලීමයි. අසරණ වශයෙන් යනු නම් අනිත්‍යය අනුව බැලීමයි. හිස් වශයෙන් යනු නම් අනාත්මය අනුව බැලීමයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
b214ec4753e75fc0a265c26937fbf67c9f1b552632e4af86a271600a3d352b85
target:pali-sinhala-parallel:68587:5
තුච්ඡ වශයෙන් යනු නම් අනාත්මය අනුව බැලීමයි. ශුන්‍ය වශයෙන් යනු නම් අනාත්මය අනුව බැලීමයි. ආදීනව වශයෙන් යනු නම් දුක් අනුව බැලීමයි. විපරිණාම ස්වභාව වශයෙන් යනු නම් අනිත්‍ය අනුව බැලීමයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
76afb5e1ba7aa9201ee7f3283d2225afddac0a31f370a4ab37b6bdc9ee43018a
target:pali-sinhala-parallel:68587:6
නිසරු වශයෙන් යනු නම් අනාත්මය අනුව බැලීමයි. අඝ මුල වශයෙන් යනු නම් දුක් අනුව බැලීමයි. වධක වශයෙන් යනු නම් දුක් අනුව බැලීමයි. විභව වශයෙන් යනු නම් අනිත්‍ය අනුව බැලීමයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
39eee3222f30e07b778d1853dc7a726535f92c830360b8405fc5950bc844c2a2
target:pali-sinhala-parallel:68587:7
ආශ්‍රව සහිත වශයෙන් යනු නම් දුක් අනුව බැලීමයි. සංඛත වශයෙන් යනු නම් අනිත්‍යය අනුව බැලීමයි. මාරයාගේ ආහාරයක් වශයෙන් යනු නම් දුක් අනුව බැලීමයි. ඉපැදීම් ස්වභාව වශයෙන් යනු නම් දුක් අනුව බැලීමයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
54c2e41052326e96a354ad105263ea38fc559b4817f3a1d49e6502ad869f405a
target:pali-sinhala-parallel:68587:8
දිරීම් ස්වභාව ඇත්තක් වශයෙන් යනු නම් දුක අනුව බැලීමයි. රොග ස්වභාව වශයෙන් යනු නම් දුක් අනුව බැලීමයි. මරණ ස්වභාව වශයෙන් යනු නම් අනිත්‍ය අනුව බැලීමයි. ශෝක ස්වභාව වශයෙන් යනු නම් දුක් අනුව බැලීමයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
96d6e5cc73cc3385309165fc1c376740a67bdf777b8d7a8504ba37103cee7e2f
target:pali-sinhala-parallel:68587:9
පරිදේව ස්වභාව වශයෙන් යනු නම් දුක් අනුව බැලීමයි. දැඩිශෝක ඇත්තක් වශයෙන් යනු නම් දුක් අනුව බැලීමයි. කිළිටි ස්වභාව ඇත්තක් වශයෙන් යනු නම් දුක් අනුව බැලීමයි. [9] “මේ සතළිස් අයුරින් අනුලොම නුවණ ලබයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
2f8a253652eb2cd3cf85d3877a09cf734d3f00f85500b2574ec0f34e4711c0b2
target:pali-sinhala-parallel:68588:0
[1] “නොමැළවුනේ මිදුනේනුයි” විමොක්ෂ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
a79ade1ff94ceb20bcba94e3c9d539aa94d86afd63393083821d00ade64d0c1a
target:pali-sinhala-parallel:68588:1
විද්‍යා විමුක්තිය, අධිශීලය, අධිචිත්තය, අධිප්‍රඥාව, පස්සද්ධිය ඥානය, දර්ශනය, විශුද්ධිය, නෙක්ඛම්මය, නිස්සරණය, පවිවෙකය, වොස්සග්ගය, චරියා, ධ්‍යාන විමොක්ෂ, භාවනා අධිෂ්ඨානය, ජීවිතය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
7f1603e140e52df28ee43be5a36c5d178df80cbd22142edf5a403e7bdf1213f3
target:pali-sinhala-parallel:68589:0
නොමැලවුනේ යනු නම්: නිෂ්කාම්‍යය කරණකොටගෙණ කාමච්ඡන්දයෙන් නොමැලවීමයි. අව්‍යාපාදය කරණකොටගෙණ ව්‍යාපාදයෙන් (ii) නොමැලවීමයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
45fa7ca7b66628540d4dca5190510a372d9688463f7a4939eab5249fe38bf69e
target:pali-sinhala-parallel:68589:1
(iii) ආලෝක සඤ්ඤාව කරණකොටගෙන ථිනමිද්ධයෙන් (මෙහි ii) අවික්ෂෙපය කරණකොටගෙන ඖද්ධත්‍යයෙන් (මෙහි ii) ධර්ම ව්‍යවස්ථාපනය කරණකොටගෙන විචිකිච්ඡාවෙන් (මෙහි ii) ප්‍රථමධ්‍යානය කරණකොටගෙන නීවරණ කෙරෙන් නොමැලවීමයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
f797eae8961f0a96f50fb1dc9864013cede3d702649d60898250312948038e1e
target:pali-sinhala-parallel:68589:10
දැනගනිමින් (නීවරණයන්ගෙන්) මිදෙයි මිදෙමින් දැනගනීනුයි විද්‍යාවිමුක්ති නමි. පඨමජ්ක්ධානය විද්‍යමානවේනුයි විද්‍යානමි. නීවරණයන්ගෙන් මිදේනුයි විමුක්තිනමි. දැනගනිමින් (සියලු කෙලෙසුන්ගෙන්) මිදෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
fb5192cf601be0ee33b4a29d588625def2461c36f6461a7c164c8711da230fbd
target:pali-sinhala-parallel:68589:11
මිදෙමින් දැනගනීනුයි විද්‍යාවිමුක්ති නමි. අර්හත් මාර්ගය විද්‍යාමානවේනුයි විද්‍යානම් වේ. සියලු කෙලෙසුන් කෙරෙන් මිදේනුයි විමුක්ති නම් වේ. දැනගනිමින් මිදෙයි මිදෙමින් දැනගනීනුයි, විද්‍යාවිමුක්ති නම් වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
0b379ac96512375d5e908e6509a8d5dd98177c2050d0142d12af225ff5a89bbe
target:pali-sinhala-parallel:68589:12
[4] අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා යනු නම් නිෂ්කාම්‍යයෙන් කාමච්ඡන්දය සංවරණය කිරීම අර්ථයෙන් “ශීලවිශුද්ධි” නමි. නොවිසිරීම් අර්ථයෙන් “චිත්තවිශුද්ධි” නම් වේ. දර්ශනාර්ථයෙන් “දිට්ඨිවිශුද්ධි” නම් වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
c2d149386169da18008b66828adf95b198fc5dfdbf512aef1a5f193859f1ee5d
target:pali-sinhala-parallel:68589:13
එහි යම් සංවරණාර්ථයක් වේ නම් එය අධිශීල ශික්ෂා නමි. එහි යම් නොවිසිරීම් අර්ථයක් වේ නම් එය අධිචිත්ත ශික්ෂානමි එහි යම් දර්ශනාර්ථයක් වේ නම් එය අධිප්‍රඥා ශික්ෂා නම් වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
317a4d1e4c52ab56a37d87e63f39fba8aa028d32648685c692771e3c5e80b5a3
target:pali-sinhala-parallel:68589:14
[5] අව්‍යාපාදයෙන් ව්‍යාපාදය සංවරණය කිරීම් අර්ථයෙන් ශීලවිශුද්ධි නම් වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
991e661fc66a276292cf092bb5b1b17cb5040edc1332810cfb0ed3228c87a323
target:pali-sinhala-parallel:68589:15
(ii) ආලෝකසඤ්ඤාවෙන් ථිනමිද්ධය, අවික්ෂෙපයෙන් උද්ධච්චය, ධම්මවවත්ථානයෙන් විචිකිච්ඡාව පඨමජ්ක්ධානයෙන් නීවරණයන්, (iii) අර්හත් මාර්ගයෙන් සියලු කෙලෙසුන් සංවරණය කිරීම් අර්ථයෙන් ශීල විශුද්ධි නම් වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
8b1ea1fb81e96f51b383fe55f12eb5bf9782599facf01d79e174b3c749e406c3
target:pali-sinhala-parallel:68589:16
නොවිසිරීම් අර්ථයෙන් චිත්ත විශුද්ධි නම් වේ. දර්ශනාර්ථයෙන් දිට්ඨිවිශුද්ධි නම් වේ. එහි යම් සංවරණාර්ථයක් වේනම් එය අධිශීලශික්ෂා නමි. එහි යම් අවික්ෂෙපාර්ථයෙන් වේ නම් එය අධිචිත්තශික්ෂානමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
1d37dc579ec27ec7ea622762919938d2ead0a8047f57367603b5c5efaec46ef6
target:pali-sinhala-parallel:68589:17
එහි යම් දර්ශනාර්ථයක් වේනම් එය ශික්ෂා නමි. [6] පස්සද්ධිනම්: නිෂ්කාම්‍යයෙන් කාමච්ඡන්දය සන්සිඳවයි. අව්‍යාපාදයෙන් ව්‍යාපාදය සන්සිඳවයි. (මෙහි 5 (ii) යොදන්න) අර්හත් මාර්ගයෙන් සියලු කෙලෙසුන් සන්සිඳවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
c5b1511d6da53d9cf2509dd386dcea7df6f1d6104888a297e003a576e725785d
target:pali-sinhala-parallel:68589:18
[7] ඥානය නම්: කාමච්ඡන්ද ප්‍රහීනවූ බැවින් දැනගත්තේය යන අර්ථයෙන් (නිෂ්කාම්‍යයි) “නෙක්ඛම්මය” ඥාන නමි ව්‍යාපාදය (ii) ප්‍රහීණවූ බැවින් දැනගත්තේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
ffd8255d79cc91690be6c4a9f3054262475c01dae8dac6c37ba82029eb3e01ed
target:pali-sinhala-parallel:68589:19
යන අර්ථයෙන් (iii) අව්‍යාපාදය ඥානනම් ථිනමිද්ධය (මෙහි ii) ආලෝක සඤ්ඤාව ඥානනමි. උද්ධච්චය (මෙහි (ii) සඤ්ඤාව නමි. විචිකිච්ඡාව (මෙහි (ii) ධම්මවවත්ථාන සඤ්ඤාව අවික්ෂෙප නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
bed48f5fa244de885ddf5ae73d363eb9ce40340549b74cc63d27b5f2420e278a
target:pali-sinhala-parallel:68589:2
අර්හත් මාර්ගය කරණකොටගෙන සියලු කෙලෙසුන් කෙරෙන් නොමැලවීමයි. [2] “මිදේනුයි විමොක්ඛ නම්වේ” යන මෙහි: නිෂ්කාම්‍යය හේතුකොට ගෙණ, කාමච්ඡන්දයෙන් මිදේනුයි විමොක්ඛ නම් වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
e8e9d8aee72524468e0057e0835565b0fa29f07c5e33b68a5289fc46e245b700
target:pali-sinhala-parallel:68589:20
නීවරණයන් (මෙහි (ii) පඨමජ්ක්ධාන සඤ්ඤාව ඥාන නමි. සියලු කෙලෙස් ප්‍රහීණවූ බැවින් දැනත්තේය යනු අර්ථයෙන් අර්හත් මාර්ගය ඥාන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
baacc76fdf1434810b50fcfcea56f9a24ee226416299c996bfe10000565b3d32
target:pali-sinhala-parallel:68589:21
[8] දර්ශන නම්: කාමච්ඡන්ද ප්‍රහීණවූ බැවින් නුවණින් දක්නාලදය යන අර්ථයෙන් නිෂ්කාම්‍යය දර්ශන නමි. ව්‍යාපාදය ප්‍රහීණවූ බැවින් නුවණින් දක්නාලදය යන අර්ථයෙන් අව්‍යාපාදය දර්ශන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
42faf918ed5b798e884e4bf729c57653c23bc0a72d062edaa2ac8c1a93cde14f
target:pali-sinhala-parallel:68589:22
ඥාන නමි යන්න දර්ශන නම් කියා වෙනස්කොට (මෙහි 7 (ii) යොදන්න) සියලු කෙලෙස් ප්‍රහීණවූ බැවින් නුවණින් දක්නාලද යන අර්ථයෙන් අර්හත් මාර්ගය දර්ශන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
dbf9ff9b7ad4d95a83017c4e28faa5f5060806314c0028a0b6101169a75f2405
target:pali-sinhala-parallel:68589:23
[9] විසුද්ධි නම් කාමච්ඡන්දය දුරුකරන්නේ නිෂ්කාම්‍යයෙන් පිරිසිදු වෙයි. ව්‍යාපාදය දුරුකරන්නේ අව්‍යාපාදයෙන් පිරිසිදු වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
d5b8cbfdf07c50d49deb1794f451badf76b388735a7b42701d73271a34f16141
target:pali-sinhala-parallel:68589:24
ථිනමිද්ධය දුරුකරන්නේ ආලෝක සඤ්ඤාවෙන් උද්ධච්චය දුරුකරන්නේ අවික්ෂෙපයෙන් විචිකිච්ඡාව දුරුකරන්නේ ධම්මවවත්ථානයෙන්, නීවරණයන් දුරුකරන්නේ පඨමජ්ක්ධානයෙන් සියලු කෙලෙසුන් දුරුකරන්නේ අර්හත් මාර්ගයෙන් පිරිසිදුවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
b9c6460eb2cd9ece947a43850f4fe636164b1a98f716e1a6c3c4fb13ea712f1e
target:pali-sinhala-parallel:68589:25
[10] නෙක්කම්ම නම්: කාමයන්ගෙන් වෙන්වීමයි. “ආරූප්‍යය” නම් රූපයන්ගෙන් නික්මීමයි. යම්කිසිවක් වූයේ නම් සංස්කෘත (සකස්වූයේ) නම් හේතුප්‍රත්‍යයෙන් හටගත්තේ නම් නිරෝධය එහි නෙක්ඛම්මනමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
3de33de9947e7174f41d4ebc1b980836a21ff924ed90d7545f6010253b4c2082
target:pali-sinhala-parallel:68589:26
අව්‍යාපාදය ව්‍යාපාදය සස පිළිබඳ “නෙක්ඛම්මයයි” (iii) ආලෝක සංඥාව ථිනමිද්ධය පිළිබඳ “නෙක්ඛම්ම”යයි අවික්ෂෙපය උද්ධච්චය (මෙහි ii) ධම්මවවත්ථානය විචිකිච්ඡාව (මෙහි ii) පඨමජ්ක්ධානය නීවරණයන් (මෙහි ii) අර්හත්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
1cad063360d4df1d9c9e22904fb9b1c6c1fbe7282ea88de9c40e59b3ab87a043
target:pali-sinhala-parallel:68589:27
මාර්ගය සියලු කෙලෙස් පිළිබඳ නෙක්ඛම්මයයි. [11] නිස්සරණ නම්: කාමයන් හැරදැමීමයි: ආරූප්‍ය නම් රූපයන්ගේ හැරදැමීමයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
9b94adf9ea177a7da8ccc319044e642c68f2c42556d25dcfc9406dfa590fb9f0
target:pali-sinhala-parallel:68589:28
යම්කිසිවක් වූයේ නම්, සංස්කෘත (සකස්වූයේ) නම් හේතුප්‍රත්‍යයෙන් හටගත්තේ නම් නිරෝධය එහි (ii) නිස්සරණයයි (iii) අව්‍යාපාදය ව්‍යාපාදය පිළිබඳ (මෙහි ii) ආලෝක සංඥාව ථිනමිද්ධය පිළිබඳ (මෙහි ii) අවික්ෂෙපය උද්ධච්චය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
825c6dbbde4382656fefc51f1de9dc96efdc1b8ccd5a4463f748313087d49ee8
target:pali-sinhala-parallel:68589:29
පිළිබඳ (මෙහි ii) ධම්මවවත්ථානයන් විචිකිච්ඡාව පිළිබඳ (මෙහි ii) පඨමජ්ක්ධානය නීවරණයන් පිළිබඳ (මෙහි ii) අර්හත්මාර්ගය සියලු කෙලෙසුන් පිළිබඳ නිස්සරණයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
26966f7972ad873639f128d418b913999f52b470d0d0993f0b60012ed372bdbe
target:pali-sinhala-parallel:68589:3
අව්‍යාපාදය හේතුකොටගෙන ව්‍යාපාදයෙන් (ii) මිදේණුයි විමොක්ඛ නම් වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
73738ffcc6d646ac9b331d0d1a398bf0f5b523ce943ea491c1a4bea0348c0348
target:pali-sinhala-parallel:68589:30
[12] “විවේකය යන” මෙහි කාමච්ඡන්දයාගේ නිෂ්කාම්‍යය පවිවේක නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
60708f61e23ad101fa1fb71f7f01b95423a7ba59082824cca43beb1ce91bbacb
target:pali-sinhala-parallel:68589:31
ව්‍යාපාදයගේ අව්‍යාපාදය, ථිනමිද්ධයාගේ ආලෝක සඤ්ඤාව උද්ධච්චයාගේ අවික්ෂෙපය, විචිකිච්ඡාවගේ ධම්මවවත්ථානය නීවරණයාගේ පඨමජ්ක්ධානය සියලු කෙලෙසුන් පිළිබඳව අර්හත් මාර්ගය පවිවේක නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
df88ba237524942ffb6d7ca12332bbace964521d48795600ce63fe554c42ec63
target:pali-sinhala-parallel:68589:32
[13] “වොස්සග්ග යන” මෙහි නිෂ්කාම්‍යයෙන් කාමච්ඡන්දය හැරදමානුයි වොස්සග්ග නමි” අව්‍යාපාදයෙන් ව්‍යාපාදය හැරදමානුයි වොස්සග්ග නමි. ආලෝක සඤ්ඤාවෙන් ථිනමිද්ධය අවික්ෂෙපයෙන් උද්ධච්චය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
e1fab45d7faee72e59cb5b0eb76c671548670b10d2bb46a380dd51116a941e81
target:pali-sinhala-parallel:68589:33
විචිකිච්ඡාවෙන් ධම්මවවත්ථානය නීවරණයෙන් පඨමජ්ක්ධානය අර්හත් මාර්ගයෙන් සියලු කෙලෙස් හැරදමානුයි වොස්සග්ග නමි. [14] “චරියා” යන මෙහි කාමච්ඡන්දය හැරදමන්නේ නිෂ්කාම්‍යයෙන් හැසිරෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
2aa77b72bc0136aded5c401d4b5d9ab162c4f78062cc87623eb52fa8852d9d76
target:pali-sinhala-parallel:68589:34
ව්‍යාපාදය හැරදමන්නේ අව්‍යාපාදයෙන් හැසිරෙයි. ථිනමිද්ධය හැරදමන්නේ ආලෝක සඤ්ඤාවෙන් හැසිරෙයි. උද්ධච්චය හැරදමන්නේ අවික්ෂෙපයෙන් හැසිරෙයි. විචිකිච්ඡාව හැරදමන්නේ ධම්මවවත්ථානයෙන් හැසිරෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
695edde91e73d38e9bfc1716fdf812e81f0d268d67f8231cba8d843f1fea90af
target:pali-sinhala-parallel:68589:35
නීවරණයන් හැරදමන්නේ පඨමජ්ක්ධානයෙන් හැසිරෙයි. සියලු කෙලෙස් හැරදමන්නේ අර්හත් මාර්ගයෙන් හැසිරෙයි. [15] ධ්‍යාන විමොක්ෂ යන මෙහි නිෂ්කාම්‍ය සිතානුයි ධ්‍යාන නමි. කාමච්ඡන්දය දවානුයි ධ්‍යාන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
c935bbb25ea3381bbf0013dc8ff825bdd1cdf8e7f694ce6be264ca3b8fd50d58
target:pali-sinhala-parallel:68589:36
සිතමින් මිදේනුයි ධ්‍යානවිමොක්ෂ නමි. දවමින් මිදේනුයි ධ්‍යානවිමොක්ෂ නමි. [16] සිතන දේ නම් ධර්මයි. දවනදේ නම් කෙලෙස්ය. සිතූ දේ දැවූදේත් දනීනුයි ක්ධාන ක්ධාධී නම් වේ. අව්‍යාපාදය සිතානුයි ක්ධාන නම්වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
07b66efe7d6cecce7e788b40f42ee25cad6c145747a9624e7a9d2c902cb2d11b
target:pali-sinhala-parallel:68589:37
ව්‍යාපාදය දවානුයි ක්ධාන නම්වේ. ආලෝක සංඥාව සිතානුයි ක්ධාන නමි. ථිනමිද්ධය දවානුයි ක්ධාන නමි. අවික්ෂෙපය සිතානුයි ක්ධාන නමි. උද්ධච්චය දවානුයි ක්ධාන නමි. ධම්මවවත්ථානය සිතානුයි ක්ධාන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
e611a9319553b1e6cbaae25be334f956f63efac6af243f3843442d0bea4322fb
target:pali-sinhala-parallel:68589:38
විචිකිච්ඡාව දවානුයි ක්ධාන නමි. පඨමජ්ක්ධානය සිතානුයි ක්ධාන නමි. නීවරණයන් දවානුයි ක්ධාන නමි. අර්හත් මාර්ගය සිතානුයි ක්ධාන නමි. සියලු කෙලෙස් දවානුයි ක්ධාන නමි සිතමින් මිදේනුයි ක්ධාන විමොක්ෂ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
02abd639a64a3efd8b0eeeebce542258f8545b131c5392b0d9b32616613608ae
target:pali-sinhala-parallel:68589:39
දවමින් විදේනුයි ක්ධාන විමොක්ෂ නමි සිතන දෙය නම් ධර්මයි. දවන දෙය නම් කෙළෙස්ය. සිතූ දේ, දැවූදේත් දනීනුයි “ක්ධාන, ක්ධාධී නම් වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
87b290767ccf3d00d97bd4b7d58eab8db3f70f820c869962d47d8f325b4587fd
target:pali-sinhala-parallel:68589:4
(iii) ආලෝකසඤ්ඤාව හේතුකොටගෙන ථිනමිද්ධයෙන් (මෙහි ii) අවික්ෂෙපය හේතුකොටගෙන ඖද්ධත්‍යයෙන් (මෙහි ii) ධර්මව්‍යවස්ථාපනය කරණකොටගෙන විචිකිච්ඡාවෙන් (මෙහි ii) ප්‍රථමධ්‍යානය හේතුකොටගෙන නීවරණ කෙරෙන් විදේනුයි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
572fe3903647e6f495c60400d2d726a8db484e61764946f26a1e25e0ac460e9d
target:pali-sinhala-parallel:68589:5
විමොක්ඛ නම් වේ. අර්හත් මාර්ගය හේතුකොටගෙන සියලු කෙලෙසුන් කෙරෙන් මිදේනුයි විමොක්ඛ නම් වේ. [3] “විද්‍යා විමුක්තිය යන” මෙහි නිෂ්කාමය විද්‍යාමානවේනුයි විද්‍යානම් වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
e34a40c89a94318c0d5c0844b9dbed5992da25ea3bd291fa433b00e699787a1e
target:pali-sinhala-parallel:68589:6
කාමච්ඡන්දයෙන් මිදේනුයි විමුක්ති නම් වේ: දැනගනිමින් (කාමච්ඡන්දයෙන්) මිදෙයි. මිදෙමින් දැනගණිනුයි විද්‍යාමුක්ති නම් වේ. අව්‍යාපාදය විද්‍යාමානවේනුයි විද්‍යානමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
f751be6081ab2d4a56261e627041f9827858445eb77fa64041058f7785f7c926
target:pali-sinhala-parallel:68589:7
ව්‍යාපාදයෙන් මිදේනුයි “විමුක්ති නම් වේ” දැනගණිමින් (ව්‍යාපාදයෙන්) මිදෙයි. මිදෙමින් දැනගණීනුයි විද්‍යාවිමුක්ති නම් වේ. දැනගනිමින් (ථිනමිද්ධයෙන්) මිදෙයි මිදෙමින් දැනගනීනුයි විද්‍යාවිමුක්ති නම් වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
6b7d2292c1bfbacfcfd44e8bff23c2a9ce58b3a1288716e48618ac3731575d55
target:pali-sinhala-parallel:68589:8
ආලෝක සඤ්ඤාව විද්‍යාමාන වේනුයි විද්‍යානමි. ථිනමිද්ධයෙන් මිදේනුයි විමුක්තිනමි. දැනගනිමින් (උද්ධච්චයෙන්) මිදෙයි. මිදෙමින් දැනගනීනුයි විද්‍යාවිමුක්ති නම් වේ. අවික්ෂෙපය විද්‍යාමාන වේනුයි විද්‍යමාන නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
8f368a11d5f1d3f5735c27168f2dc55fa1bcb16401ab1e15ef8aa7868dc59297
target:pali-sinhala-parallel:68589:9
උද්ධච්චයෙන් මිදේනුයි විමුක්ති නමි දැනගනිමින් (විචිකිච්ඡාවෙන්) මිදෙයි. මිදෙමින් දැනගනීනුයි විද්‍යාවිමුක්ති නමි. ධම්මවවත්ථානය විද්‍යමානවේනුයි විද්‍යා නමි. විචිකිච්ඡාවෙන් මිදේනුයි විමුක්ති නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
f2830c4a906bf83ae49e37346df6435ff3db0664acd634327aad1f3e55b8708a
target:pali-sinhala-parallel:68590:0
[17] භාවනාව, අධිෂ්ඨානය, ජීවිතය යන මෙහි කාමච්ඡන්දය දුරුකරමින් නෙක්ඛම්මය වඩානුයි “භාවනා සම්පන්න” නමි. නිෂ්කාම්‍ය වශයෙන් සිත ඉටානුයි “අධිෂ්ඨාන” සම්පන්න නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
9e52cdb91b354be5105d5550ed08725d165bbe8a6c9a05a3a81b207f8c495b1d
target:pali-sinhala-parallel:68590:1
ඒ මේ භික්ෂුතෙමේ මෙසේ භාවනා සම්පන්නවූයේ විෂමව නොව ජීවත්වෙයි වැරදිලෙස නොව නිවැරදිව ජීවත් වෙයි. කිළිටිනොව පිරිසිදුව ජීවත්වේනුයයි ආජීව සම්පන්න නම් වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
8b50b2429e29164581b7f7af9f61a890c1a03ec1631669a2f4c6c6f96c83ac23
target:pali-sinhala-parallel:68590:2
ඒ මේ භික්ෂුතෙමේ මෙසේ භාවනා සම්පන්නවූයේ මෙසේ අධිෂ්ඨාන සම්පන්නවූයේ ආජීවසම්පන්නවූයේ ක්ෂත්‍රිය බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රමණ යන යම් යම් පිරිසකට පැමිණේ නම් නොහැකිලී නිර්භීතව පැමිණෙයි. ඊට හේතු කවරේදයත්?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
d941316f5aa0ded4157fa86d5bec3fb08f022d389eb04c0367af7e57287bdcb4
target:pali-sinhala-parallel:68590:3
ඒ ආර්ය පුද්ගලතෙමේ එසේ පැමිණිය හැකි පරිදි භාවනාවෙන් යුක්තය. (ආජීවයෙන්) මනා දිවි පැවැත්වීමෙන් යුක්තය. [18] ව්‍යාපාදය දුරුකරමින් අව්‍යාපාදය වඩානුයි භාවනා සම්පන්න නම් වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
11f6d69e1b6063c79f03ee8893d677a1a6fcb787cd3702c31d193fc2409878df
target:pali-sinhala-parallel:68590:4
ථිනමිද්ධය දුරුකරමින් ආලෝක සංඥාව වඩානුයි භාවනා සම්පන්න නම් වේ. උද්ධච්චය දුරුකරමින් නොවිසුරුනු සිත වඩානුයි භාවනා සම්පන්න නම් වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
d213cc7a6bb9c0e5b37fa5849aef00d8076f71f9424acf19989020c424a84d81
target:pali-sinhala-parallel:68590:5
විචිකිච්ඡාව දුරුකරමින් ඒ ඒ කරුණු නිශ්චයකිරීම වඩානුයි භාවනා සම්පන්න නම් වේ. අවිද්‍යාව දුරුකරමින් විද්‍යාව වඩානුයි භාවනාසම්පන්න නම් වේ. නොඇල්ම දුරුකරමින් ප්‍රමෝදබව වඩානුයි භාවනාසම්පන්න නම් වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
bce4ab8321cca797a86bc543f1f76b215a246ef0115fb4b80a989e4986557e76
target:pali-sinhala-parallel:68590:6
නීවරණයන් දුරුකරමින් ප්‍රථමධ්‍යානය වඩානුයි භාවනාසම්පන්න නම් වේ. සියලු කෙලෙස් දුරුකරමින් අර්හත් මාර්ගය වඩානුයි භාවනාසම්පන්න නම් වේ. [19] අර්හත් මාර්ග වශයෙන් සිත ඉටානුයි අධිෂ්ඨාන සම්පන්න නම් වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
d3d344cd6b79af77c7e2b92da4f100ce9e8a58042b65d03bcbf2afe16f355770
target:pali-sinhala-parallel:68590:7
ඒ මේ භික්ෂුතෙමේ මෙසේ භාවනා සම්පන්නවූයේ මෙසේ අධිෂ්ඨානවූයේ විෂමව නොව සමව ජීවත් වෙයි. වැරදිලෙස නොව නිවැරදිව ජීවත්වෙයි. කිලිටිව නොව පිරිසිදුව ජීවත්වේනුයි ආජීවසම්පන්න නම් වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
bdc44f85aa588aaac986f6e7460476adc499c0397b824095135ec36b418e9c37
target:pali-sinhala-parallel:68590:8
[20] මෙසේ භාවනාවෙන් යුක්තවූ අධිෂ්ඨානයෙන් යුක්තවූ මනා ජීවත්වීමෙන් යුක්තවූ ඒ භික්ෂුතෙමේ ක්ෂත්‍රිය බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රමණ යන යම් යම් පිරිසකට පැමිණියේ නම් නොහැකිලී, නිර්භීතව පැමිණෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
b3da1b7eff2e6a21dc10d299c1ea6776bb38a01746cf28ffa02b09d2dda8dec0
target:pali-sinhala-parallel:68590:9
එසේ පැමිණෙනුයේ කවර හේතූන් නිසාදයත්, ඒ පුද්ගලතෙමේ එසේ පැමිණිය හැකි පරිදි භාවනාවෙන් යුක්තය. අධිෂ්ඨානයෙන් යුක්තය. මනා දිවිපැවැත්මෙන් යුක්තය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta440
pali-sinhala-parallel:sutta440:b0
fea06db036921217b921c8f3a7fbe4d2fb6a2dd2461127818bf2b50694af2b70