sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:67657:0
“මද්‍රි දේවීනි, මා බලව, දරුවන් නොබලව. තදින් නොහඬව. ජීවත් වන්නාවූ අප නිරෝගිද වන්නාහු නම් පුත්‍රයන් ලබමු.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b804
c736e159c5275dee89abb7d60228b50a2ec12818f68bf0e38b3ad872d0dd3910
target:pali-sinhala-parallel:67658:0
“පුත්‍රයන්ද, තිරිසන් ගත සතුන්ද, ධනයද ගෙයි අනික් ධනයක් ඇත්තේද, ආවාවූ ඉල්වන්නන් දැක සත්පුරුෂයා දන් දෙන්නේය. මද්‍රිය මාවිසින් දරුවන් උතුම් දනට දීම අනුමෝදන් වෙව”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b804
dff112266df793c94bc2e4f608ada24c334159c99cf6b7608f6f382f33df575a
target:pali-sinhala-parallel:67659:0
“දේවයන් වහන්ස, ඔබවහන්සේ විසින් දරුවන් උතුම් දනට දීම අනුමෝදන් වෙමි. දී සිත පහදව. බොහෝ කොට දන් දෙන්නෙක් වෙව.”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b804
baa1741891803b8b81ca10c2e8ca2c9dbea5386d518480ca4692db1af24326fa
target:pali-sinhala-parallel:67660:0
“මහරජ, සිවීන්ගේ රට වඩන යම්බඳුවූ ඔබ මසුරු වූ මනුෂ්‍යයන් අතර බමුණාට දානයක් දුන්නේද,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b804
b03711993ed295247e89bb058f713c752cd9fd8e231a26a33ebc533c834a1c04
target:pali-sinhala-parallel:67661:0
“තොපගේ දානයට පෘථිවිය නාද කරණ ලද්දාහ. ඒ දාන ශබ්දය දිව්‍ය ලෝකයටද ගියේය. පර්වතයන්හි දෝංකාර වැනි ශබ්ද හා අකාල විදුලි කෙටීම්ද විය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b804
e80ff91f5ce3ce41a79e7d78c50af872eb34a510e56d535ad3cb9bfeb8ac008e
target:pali-sinhala-parallel:67662:0
“නාරද පර්වත යන දිව්‍ය නිකාය දෙදෙනද මේ පින් අනුමෝදන් වෙත්වා. ප්‍රජාපතීද, සොමද යම වෛශ්‍රවන රජද ශක්‍රයා සහිත තව්තිසා වැසි දෙවියෝද යන සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b804
35a17e3de1fe83121fdcf8dde7ebf7468e4240b083c94be1550da4b6457c95b1
target:pali-sinhala-parallel:67663:0
මෙසේ ශ්‍රේෂ්ඨ ශරීරයක් ඇත්තාවූ යසස් ඇත්තාවූ රජ බිසවුතොමෝ වෙස්සන්තරගේ පුත්‍රයන් සම්බන්ධ උතුම් දානය අනුමෝදන් විය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b804
562f9bde2ed515c1a9821890d4973499ef995cc9200d563039b620bcac08df20
target:pali-sinhala-parallel:67664:0
ඉක්බිති රාත්‍රිය අවසානයෙහි ඉර පායන කල්හි ශක්‍රතෙමේ උදෑසන බමුණු වේශයකින් ඔවුන්ට පෙනී සිටියේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b804
ff3fabafd0e8bfb03558ab8157904183b9feabe1a4f04cd4555596a38d6a589a
target:pali-sinhala-parallel:67665:0
“වනයෙහි සත් මසක් වාසය කරන්නාවූ ශෝකයෙන් ජීවත්වන්නාවූ අපට බෙලි ලීයක් රැගත් අඳුන් දිවිසමක් දරන්නාවූ දෙවියන් විසින් වර්ණනා කළ බමුණෙකු දෙවෙනි වරද දකිමු.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b804
1b1fb5bba0d502d7f21ec17860a7724fda9b7fb7efdd205bf2d1a41625063bc1
target:pali-sinhala-parallel:67666:0
“නැවත ඔබ කිනම් කරුණක් නිසා කිනම් හේතුවක් උඩ මහවනයට පැමිණියෙහිද, විචාරණ ලද මට එය කියනු මැනව.”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b805
710c32599fefb65e28aa2df6799a6d51fa44f6db80cbe27fb58ea191a14f51a7
target:pali-sinhala-parallel:67667:0
“යම්සේ පිරුණාවූ මහා සමුද්‍රය සියලු කාලයෙහි ක්ෂය නොවේද, එසේ ඔබගෙන් ඉල්වන්නට පැමිණියෙමි. ඉල්වන මට භාර්‍ය්‍යාව දෙව.”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b805
de13b70738d2a1ef652c307cbc0ac45e4148dc96be06cd9c93d6ed86d9755865
target:pali-sinhala-parallel:67668:0
“දෙමි, වෙනස් නොකරමි. බ්‍රාහ්මණය යමක් මගෙන් ඉල්ලන්නෙහිද, ඇති දෙය නොසඟවමි. මාගේ සිත දීමෙහි ඇලෙයි.”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b805
84395c64cfbd8dc60c851deab4116f88541f8e0b32af58badf9986556a4a75e6
target:pali-sinhala-parallel:67669:0
සිවීන්ගේ රට වඩන රජතෙම මද්‍රීදෙවිය අතින් අල්ලා දිය පිරුණු කෙණ්ඩිය ගෙන බමුණාට දන් දුන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b805
bf430ffd3ec0073557e8b6f896a78f4d153baa3ebbd50ed360273b99eb6d87e3
target:pali-sinhala-parallel:67670:0
මද්‍රීදේවිය දෙද්දී පෘථිවිය කම්පාවූයේය. එකල්හි බිහිසුණු බවක්ද විය. එය ලොම් කෙලින් සිටින්නක් ද විය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b805
b8c65c1bcd798197f92a8a05d3aca7bebfccaf3e50e9e38fe83d22bd28b80013
target:pali-sinhala-parallel:67671:0
මද්‍රිදෙවියගේ මුහුණ (කොපයෙන්) නොහැකුළුණේය. මුහුණ නොමැලවුණේය නොහඬයි. මේ රජතෙම යම් ලාභයක් දනීයයි ඕතොමෝ තුෂ්ණීම්භූතව ඔහුගේ මුහුණ බලාම සිටියාය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b805
ba72d1454f69a82d4ba123192bf80a8bda4076f660ad3879dc5de97e2c8304d4
target:pali-sinhala-parallel:67671:1
[“ජාලියද කෘෂ්ණජිනා දුවණියද පතීව්‍රතාවූ මද්‍රිදෙවි බුද්ධත්වය පිණිසම දෙන්නේ අනෙකක් නොසිතූවෙමි. “දරුවන් දෙදෙන මට අප්‍රිය නොවෙති. මද්‍රි දේවියද අප්‍රිය නොවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b805
8838b8e403120cea9c7ab78938b6f8ec6a63752ae03a48f3693168ce9778a5d8
target:pali-sinhala-parallel:67671:2
සර්වඥ බව මට ප්‍රියය, එහෙයින් ප්‍රිය වස්තු දුන්නෙමි.”]
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b805
4c99c1f2ba278c4b9473b83de7beb653463e17c2dcd0f0246d65b5fc99b8fd85
target:pali-sinhala-parallel:67672:0
“මම යම්බඳුවූ ඔබගේ තරුණ භාර්‍ය්‍යාව වෙම්ද, ඔබ මගේ ස්වාමියාය. යමෙකුට කැමැත්තෙහි නම් ඔහුට මා දෙන්නේය. විකුණන්නේය. මරන්නේය.”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b805
5df0467b95a95fabaaa956a6856d7b8c7c94b1cb8984a4eedbeaf44bd7df4461
target:pali-sinhala-parallel:67673:0
ශක්‍රතෙමේ ඔවුන්ගේ අදහස් දැක දිව්‍යවූද, මනුෂ්‍යවූද ඔබගේ විරුද්ධකාරවූ යම් ක්ලෙශයක් ඇද්ද ඔවුහු ලදහයි” කීවේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b805
84cf54f3364c41fe3310c6d91db03a02bb972c106a5158dd94ce0c18f994fa1e
target:pali-sinhala-parallel:67674:0
“නාරද පර්වත යන දිව්‍ය නිකාය දෙදෙනද මේ පින් අනුමෝදන් වෙත්වා. ප්‍රජාපතීද, සොමද යම වෛශ්‍රවන රජද සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. හෙතෙම නොකට හැකි දෙයක් කරයි”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b805
eec5a552437a94681ca27adaa8921dd9fba552a6cfda1bd621d313d07004d44a
target:pali-sinhala-parallel:67675:0
“නොදිය හැකි දෙයක් දෙන්නාවූ නොකළ හැකි දෙයක් කරන්නාවූ අසත් පුරුෂයෝ සත් පුරුෂයන්ට අනුව ක්‍රියා නොකරත්. සත් පුරුෂයන්ගේ ස්වභාවය සිතිය නොහැකියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b805
7cf14b1946d518a3f1e248a453c8f80be4e6ee5252bc1a2c23c485fb543015bd
target:pali-sinhala-parallel:67676:0
“එහෙයින් සත්පුරුෂයන්ගේද අසත්පුරුෂයන්ගේද මින් යාමද වෙනස්ය. අසත්පුරුෂයෝ නරකයට යත්. සත්පුරුෂයෝ දෙව්ලොවට යත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b805
fbca49370556bd7a8cab1be9b27eeeac1d7b4f658a4b61f0e9f33a2d4d7d7058
target:pali-sinhala-parallel:67677:0
“වනයෙහි වසමින් දරුවන් දුන්නේද, යම් මේ භාර්‍ය්‍යාවක් දුන්නේද, ශ්‍රේෂ්ඨ පදවියට නොවරදවා තොපට දිව්‍යලෝකයෙහි සැපවිඳීමට එය පවතීවා.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b805
57cdd42587e17b4f763afe2d651f32bf08701215141f99f4779674fd58903358
target:pali-sinhala-parallel:67678:0
“සියලු අවයවයෙන් යහපත්වූ මද්‍රිදේවිය භාර්‍ය්‍යා කොට ඔබට දෙමි. මද්‍රිදේවියම ඔබට සුදුසුය. මද්‍රියද ස්වාමියා සමග වූයේ බබළයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b805
5b2bd756e6f8edbc8e7f08476c44ce1e5973441a4d54e6d4113c7f6ecda192a1
target:pali-sinhala-parallel:67679:0
“යම්සේ කිරිද සකද යන දෙක සමාන ස්වරූප ඇත්තේද එසේම ඔබද මද්‍රීයද එකසමාන සිත් ඇත්තාහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b805
eb002d2814f2301fde709bb59ebd1b0ca9bd556bce20a86c6408ec67c8aff566
target:pali-sinhala-parallel:67680:0
“මේ වනයට රටින් පිටකරණ ලද ක්ෂත්‍රියවූ මවුපිය දෙපසින් යහපත්ව උපන් උසස් ජාති ඇති දෙදෙනම අනෙක් අනෙක් දේ දෙමින් යම්සේ පින් කරව්ද එසේ අසපුවෙහි වෙසෙත්වා.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b805
9d6fa60015d21ac3418e59bd3f2dc345cb86c3b2dd01106939fccc6670f590bd
target:pali-sinhala-parallel:67681:0
“මම දෙවියන්ට අධිපති ශක්‍රයා වෙමි. තොප සමීපයට ආමි. රාජ තාපසය, වරයක් ඉල්වව. තොපට වර අටක් දෙමි”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b805
ac7eb72b41fd4e36534157710db5f8660eb4886f761a5a7fe7eecf9a2f134bc7
target:pali-sinhala-parallel:67682:0
“සියලු සත්වයන්ට අධිපති ශක්‍රය, මට ඉදින් වර දෙන්නේහි නම් මෙයින් මගේ ගෘහයට ගොස් මට අසුනක් පවරන්නේද එසේ මගේ පියා සතුටු කරවන්නේද ඒ පළමු වෙනි වරය ඉල්වමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b805
c9b7df0e8718c9a20560236f298a58e66c762c1293db73c3f3e39a69bfb70c59
target:pali-sinhala-parallel:67683:0
“රාජාපරාධ කරන්නාවූ පුරුෂයෙකුට වධ කිරීමක් නොකැමැත්තෙමි. වධයට පත්වූවෙකු වධයෙන් මුදවන්නෙමි යන දෙවෙනි වරය ඉල්වමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b805
b92ff970eaa72cfbf91f720176ef0552c57e3e1514998e84d62e158e44fcca5c
target:pali-sinhala-parallel:67684:0
“යම් මහල්ලෙක් වේද, යම් ළදරුවෙක් වේද, යම් මධ්‍යම පුරුෂයෙක් වේද, මානිසාම ජීවත් වන්නාහුද මේ තුන්වෙනි වරය ඉල්වමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b805
1fbcb19b64fa6ec1bdc6de6790f87dbf371b6afe3508e8c995f8bc6510b28c96
target:pali-sinhala-parallel:67685:0
“අනුන්ගේ භාර්‍ය්‍යාවන් වෙත නොයන්නෙමි. ස්වකීය භාර්‍ය්‍යාවගෙන් සතුටුවන්නෙමි. ස්ත්‍රීන්ගේ වසඟයට නොයන්නෙමි යන මේ සතරවෙනි වරය ඉල්වමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b805
6aa2741ccff6fff8fc65c78ba7231e033819a7e58a9e22bce313547105d3175d
target:pali-sinhala-parallel:67686:0
“ශක්‍රය, මට පුත්‍රයෙක් උපදින්නේ නම් හෙතෙමේ දීර්ඝායුෂ වේවා. ධර්මයෙන් පෘථිවිය දිනන්නෙමි යන මේ පස් වෙනි වරය ඉල්ලමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b805
3f4b9839c3902b796ae9151f48277954ffc342cb31d812b6cb267d2a47812114
target:pali-sinhala-parallel:67687:0
“ඉක්බිති රාත්‍රිය, අවසානයෙහි හිර පායන වේලාවෙහි දිව්‍යමය ආහාර පහළවෙත්වා. යන සවෙනි වරය ඉල්වමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b805
17bdc3dca302aa906e6a8dcdba8507f26d6ebb6bc63604241c84f10ed77ff503
target:pali-sinhala-parallel:67688:0
“දෙන්නාවූ මට අඩු නොවේවා. දී පසුතැවිලි නොවන්නෙමි. දෙමින් සිත පහදවන්නෙමි. මේ සත්වෙනි වරය ඉල්ලමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b805
9266564fadb77423325b82c679bfb1df6cb97d50120636095b3ba768e3982ded
target:pali-sinhala-parallel:67689:0
“මම මෙයින් චුතවන්නෙම් විශේෂ ගමන් ඇත්තේ ස්වර්ගයට යන සුළුවූයෙමි. ඉන් මනුෂ්‍යලෝකයට විත් නැවත නූපදින්නෙක් වෙම්වා යන අටවෙනි වරය ඉල්ලමි.”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b806
d27a06f6ced31942730a9198861dc4e9d0d0bec5838a7e3309a570a5ac0a7c23
target:pali-sinhala-parallel:67690:0
ශක්‍රතෙමේ ඔහුගේ ඒ වචනය අසා “දරුව, තොපගේ පියා නොබෝ කලකින් තා බැලීමට එන්නේයයි” මෙය කීවේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b806
df4db1b7e7f264ec3bf4ad833ab4f711aa94642e38539bc99dc818ca2aaaf629
target:pali-sinhala-parallel:67691:0
සුජම්පති දිව්‍යපුත්‍රවූ ශක්‍රතෙමේ මෙය කියා වෙස්සන්තර රජුට වරදී දිව්‍යලෝකයට ඉවත්ව ගියේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b806
a7458b61f6c6bb79dbd8b8934da74d5a786a8c8852bfedddb0ce5d4a02a75544
target:pali-sinhala-parallel:67692:0
“ගින්නෙන් තවන ලද රත්රන් මෙන්ද කෝවෙහි මදිනලද රන් මසුරමක් මෙන්ද, බබළන මේ මුහුණ කාගේද,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b806
18c7941c79b877df3ec4faa5308e4d0e21eeeb8c8fbf28a1de024cbeeb5ae890
target:pali-sinhala-parallel:67693:0
“දෙදෙනම සමාන අවයව ඇත්තාහ. දෙදෙන සමාන ලකුණු ඇත්තාහ. එකෙක් ජාලිය බඳුය. එකෙක් කෘෂ්ණජිනාව මෙනි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b806
99b65d22c510c2544c763fdbf2b3675f29caf801ea1fa8e9ddd4b7cd1f6b2150
target:pali-sinhala-parallel:67694:0
“දෙදෙනම දැන් ගුහාවෙන් නික්මුණු සිංහයන් හා එකසමානය. මේ දරුවෝ රන් මෙන්ම පෙනෙත්. බමුණ මේ දරුවෝ කොයින් ගෙනෙහිද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b806
b97ec066287433f25ec24919d2465fb9d0f4f46a523c567e95f6f6b6cfdb5f76
target:pali-sinhala-parallel:67696:0
“සඤ්ජය, දේවයන්වහන්ස, මට ඒ දරුවෝ වස්තු කොට දෙන ලද්දාහ. යම් දවසක මට දරුවන් දෙනලද්දාහුද අදට මේ පසළොස්වන රාත්‍රියයි.”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b806
546961fa22407992c448c0fd6873ab31b5d5a73e106c8ec61d9b111e8c8b4f2c
target:pali-sinhala-parallel:67697:0
“කිනම් ප්‍රිය වචනයකින් හරී නුවණින් අදහම්ද, කවරෙක් ඒ දරුවන් උතුම් දීමක්කොට තට දන්දුන්නේද?”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b806
a202f534668bbb4ed3fb5ba257864e5d53501e2a43a597fb1d39fc0fc85bdcde
target:pali-sinhala-parallel:67698:0
“උපන් අයට පොළොව මෙන් යමෙක් යාචකයන්ට පිහිටක්වේද, වනයෙහි වසන්නාවූ ඒ වෙස්සන්තර රජතෙම දරුවන් දුන්නේය.”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b806
831cf796cee71097615ece378918053569550f46a89607501a3491b0e3a0f0ea
target:pali-sinhala-parallel:67699:0
“නදීන්ට සාගරය මෙන් යමෙක් යාචකයන්ට පිහිටවීද, වනයේ වසන ඒ වෙස්සන්තර රජතෙම දරුවන් දුන්නේය”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b806
352a90a2ae064b02c36197e7cb5c4b3fd7a20af56dff5013629282655ea8dbcb
target:pali-sinhala-parallel:67700:0
“ශ්‍රද්ධාවෙන් ගිහිගෙයි වසන්නාවූ රජු විසින් ඒකාන්තයෙන් අමාරු වැඩක් කරණලදී. කැලේට පිටුවහල් කරණ ලද්දේ කෙසේ නම් දරුවන් දන්දෙන්නේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b806
afc15599ffe30fc1d3bc2d829878ddc7f76568f101ba27c3710ad2e83bd2da6f
target:pali-sinhala-parallel:67701:0
“යම්තාක් මෙහි රැස්වූ පින්වත්හු වෙත්ද මෙය අසත්වා.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b806
2227bc3a57a233bdcfecc2ec333b2c97158e9034685e1fe9809b2636bfe0015c
target:pali-sinhala-parallel:67701:1
වනයෙහි වසන්නාවූ වෙස්සන්තර රජතෙම කෙසේ දරුවන් දන්දුනිද, හෙතෙම දාසයෙක්ද, දාසියන්ද, අශ්වයන්ද, අශ්වතරීන් යෙදූ රියද දේවා, කුඤ්ජරයයි කියන ලද ඇතුන්ද දේවා, හෙතෙම කෙසේ නම් දරුවන් දෙන්නේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b806
2f64435e11d8bc241185d95a410515cf31e8136d10ceaf6cc7e833c0bdd69ffa
target:pali-sinhala-parallel:67703:0
“යමෙකුගේ ගෘහයෙහි දාසයෙක් නැද්ද, අශ්වයෙක් හෝ අශ්වතරයන් යෙදූ කරත්ත නැද්ද, කුඤ්ජර නාග සංඛ්‍යාත ඇතෙක් නැද්ද, මුත්තණුවෙනි, හෙතෙම කුමක් දන් දෙන්නේද?”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b806
d4619fb272c769292bd165256c63100a6eb5ff158888d2147ac921d989ecbff1
target:pali-sinhala-parallel:67704:0
“දරුවෙනි, ඔහුගේ දානයට ප්‍රශංසාකරමු. නින්දා නොකරමු. තොප හිඟන්නෙකුට දී කෙසේ පපුවක් වූයේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b806
017b005126fde97429f4bb901067a5f69f5b1657801af101a908e25045e113c9
target:pali-sinhala-parallel:67705:0
“කෘෂ්ණජිනාව කී වචනය අසා ඔහුගේ පපුව දුකට භාජනවිය. නැවත උණුසුම් ද විය. තඹවන් රෝහිණිය මෙන් තඹ ඇස් ඇති පියතෙම කඳුළු හෙළුවේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b806
3f0c280e7ef04f0249b6df67094f753c3717c4693b29ca17ddf2659c4f82aca5
target:pali-sinhala-parallel:67706:0
“පියාණෙනි, මේ බ්‍රාහ්මණතෙම මට ගෙයි උපන් දාසියකට මෙන් සැරයටියෙන් තළායයි” යමක් ඔහුට කෘෂ්ණජිනා තොමෝ කීවාය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b806
c111aa03dbc5605e59c5a59c66d463282109547c19a9fc5e0a4a897d4f6a51e9
target:pali-sinhala-parallel:67707:0
“පියාණෙනි, මේ බ්‍රාහ්මණයෙක් නොවේ. බමුණෝ ධාර්මික වෙත්. බමුණු වේශයෙන් යක්ෂයෙක් අප කන්නට ගෙනයයි. යකෙකු විසින් ගෙනයන කල්හි කුමක් හෙයින් බලා සිටින්නෙහිද?”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b806
bf61a77e6b20f15f42edbae5e51ff45ac32cb2bca2adf3d5617202ba72d2b85c
target:pali-sinhala-parallel:67708:0
“තොපගේ මවුතොමෝ රාජපුත්‍රියකි. තොපගේ පියතෙම රාජ පුත්‍රයෙකි පෙර මාගේ ඇකයට නැග දැන් කුමක් හෙයින් ඈත්ව සිටින්නෙහිද?”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b806
ed84085050b3b3bef432c13adcaf54004498abf75cd2bbc740d2585f23a87533
target:pali-sinhala-parallel:67709:0
“අපගේ මවුතොමෝ රාජපුත්‍රියකි. අපගේ පියතෙම රාජපුත්‍රයෙකි. අපි බ්‍රහ්මණයෙකුගේ දාසයෝය. එහෙයින් ඈත්ව සිටිමු.”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b806
9346b578f0b7e856164997b1e2ebf4f64125c60809a97575355f1a1e4d3edad4
target:pali-sinhala-parallel:67710:0
“ප්‍රිය දරුවෙනි, එසේ නොකියව. මගේ පපුව දයි. මගේ ශරීරය දරසෑයක් මෙනි. ආසනයෙහි සැපක් නැත.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b806
fc21b5632211a458296e5f41aa140c065a6db58541cbc96bd46bc59c263ae83f
target:pali-sinhala-parallel:67711:0
“ප්‍රිය දරුවෙනි, එසේ නොකියව. මට බොහෝ කොට ශොක උපදවයි. දඩ දී ගන්නෙමි. තොප දාසයෝ නොවන්නාහුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b806
b113b816ba7538db3815ff407fa04c153e528f893660e95d00839dc21f10c656
target:pali-sinhala-parallel:67712:0
“දරුවෙනි, ප්‍රියතෙමේ කෙතෙක් අගය කොට බමුණට දුන්නේද, තත්වූ පරිදි මට කියව බමුණාට දෙන්නෙමු.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b806
913c7b36be950f9ba627acdf02e9c0fd603353e51564e76e0f35b95d8899f353
target:pali-sinhala-parallel:67713:0
“පියා මා දහසක් අගයකොට බමුණාට දුන්නේය. බාල කෘෂ්ණජිනා කන්‍යාව ඇතුන් සියයකට මිල කෙළේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b806
2bf7b10dcc41fea48e81cffd94739052ec93bd24c948ad40173f6cc8cf282f54
target:pali-sinhala-parallel:67739:0
“තවද උත්පත්තියෙන් ආජානීයවූ වහා ගෙන යන සෛන්ධව කුලයෙහි උපන් දහහතරදාහක් අශ්වයන් යොදත්වා.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b808
542899aa84d943624681c56cfb21ef5e6e88a5dcdbdb5d7c8abfe0c2fcf6111e
target:pali-sinhala-parallel:67740:0
“දුනු ඊ දරන්නාවූ ගම් මුදලියන් අලංකාරව යුද්ධ ඇඳුමින් සැරසී අශ්වයන් පිටින් වහා එත්වා.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b808
1acb8095fafe01467d697e3c5296ea9f24168dd8ed3b0294b95a1ebcb721231a
target:pali-sinhala-parallel:67741:0
“රනින් කළ රථ මධ්‍යය ඇති යහපත්ව සැරසූ යකඩ නිම්වලලු ඇති දහහතරදාහක් රථ යොදවාවා.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b808
5629d6f9ac82dc25c0d21785660328a4ea99058bc35e7112ebc9a5d76bc2af34
target:pali-sinhala-parallel:67742:0
“එහි කොඩි ඔසවාවා. සමින් කළ ආරක්ෂා ඇඳුම්ද යොදත්වා. ශක්තිමත් දුනුද දුනුවායන්ද යොදත්වා. රිය පදවන්නන් රථයන්හි ඇඳුමින් සැරසී වහා එත්වා
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b808
2167ce21111d8a558f5e085e786b4839b46d4262bf77b9c751f2f315c3d17edb
target:pali-sinhala-parallel:67743:0
“විළඳද, ඉසින මල්ද, මල්ගඳ සුවඳ වර්ගද, යම් මාර්ගයකින් වෙස්සන්තර පැමිණේද ඒ ඒ තන්හි මල් කණුද රන් කණුද සිටවාවා.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b808
14c9cf67a59a5790aeb7d5c6b53a422d37ff53d4f5e67b6b74320576e8049b4d
target:pali-sinhala-parallel:67744:0
“යම් මාර්ගයකින් වෙස්සන්තර ඒද රසබීම පිරවූ කල සියය බැගින් ගමක් පාසා මග තබවාවා.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b808
2f0fe45f9e7fe136e2127cfd647f96177209dfcb481cbeada9dcad0fbfdb8f2d
target:pali-sinhala-parallel:67745:0
“මස්ද කැවුම්ද මසින් යුක්තවූ පිට්ටුද යම් මාර්ගයකින් එත්ද ඒ මාර්ගයෙහි තබත්වා.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b808
d1da57b420b8c8e221872a98e64fec1287f89cfbf2846809775d54fae788672a
target:pali-sinhala-parallel:67746:0
“ගිතෙල්ද, තලතෙල්ද, මිදුනු කිරිද, තනහාල්ද වීද, බොහෝ සුරාද යම් මගකින් එද්ද මාර්ගයෙහි තබත්වා.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b808
4d311f82eda7620d450291bd5f9add026fa3f9d18449f7153c8f05e04158964d
target:pali-sinhala-parallel:67747:0
“පණිවිඩ ගෙනයන්නෝද කෑම පිසන්නෝද නෘත්‍ය කරුවෝද, ගායනා කරන්නෝද, අත්පොළසන් දෙන්නෝද පුන්කලස්ද, හිස මුඩුකළ ගායකයෝද, සෝක නැති කරන්නෝද සිටිත්වා.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b808
babba4bb925fba5c19581e7f3c61eb8bd5c93b81ce07903099e003f1d3b217cc
target:pali-sinhala-parallel:67748:0
“සියළු වීණා බෙරද වයත්වා. මුහුදු සක්ද පිඹිත්වා. එකැස් බෙර වයත්වා.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b808
6af22931c7eef6dd16436d30df142c17b8c34651118beff2a4d9caa50a3ac40a
target:pali-sinhala-parallel:67749:0
“මිහිඟු බෙරද, පණා බෙරද, දවුල්ද, තම්මැටද ගසත්වා. සක්ද නාද කරණ තළද පිඹිත්වා.”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b808
1c4c4f650bc1b85c168fb7f2cff8a4c067187da81fb8bbce21acf054dd63e08d
target:pali-sinhala-parallel:67750:0
සිවි රජු ගෙන ඒමට යන්නාවූ ඒ සේනාව මහත් වූවාය. ජාලිය මාර්ග නායකයා කොට වංක පර්වතයට ගියේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b808
5f10af18af6843c98fa4b36d60ee80d3d1a48e481ef3ca39029e54963102749c
target:pali-sinhala-parallel:67751:0
අවුරුදු හැටක් වයස ඇති මාතංග ඇත්තෙම කුඤ්චනාද කරයි. ඇත්තෙම රන් ඇතිරිලි බඳින කල්හි කුඤ්ච නාද කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b808
25e18463d0bd2ade6df7fa7322b998278b7e5563209c454e2feeed98ab9d890b
target:pali-sinhala-parallel:67752:0
ආජානෙය අශ්වයෝ හෙසාරව කළාහුය. නිම් වළලුවල ශබ්දය පහළවූයේය. සිවිරජු ගෙන ඒමට පිටත්ව යන කල්හි වලාකුල පොදවැස්සෙන් ධූලි වැසුයේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b808
6595e52a94a949e442d21132290aeb9079cdff6399963dd8b5e3cc1b1e49c833
target:pali-sinhala-parallel:67753:0
බර ඉසිලීමට සමර්ථවූ පිටත්වූ සේනාව මහත්වූහ. ජාලිය කී මග සලකුණුවලින් වංක පර්වතයට ගියේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b808
81456a8a2ab601aac8dba484bd1de75d5b473bcfb2afa172848d3f9f0c2f2782
target:pali-sinhala-parallel:67754:0
ඔව්හු බොහෝ ශාඛා ඇත්තාවූ මහත් ජලය ඇත්තාවූ මල් ගස් වලින්ද ගෙඩි ඇති වෘක්ෂවලින්ද යුක්තවූ මහ වනයට ප්‍රවිෂ්ට වූවාහුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b808
d745ebbdae5a772b3601501987c0641e382139d66cc91568fc8e35e62ddbe64b
target:pali-sinhala-parallel:67755:0
එහි ඍතුවෙහි පිපුන වෘක්ෂයන්හි ස්වල්ප ශබ්ද ඇත්තාවූ නොයෙක් පාට ඇති බොහෝ පක්ෂීහු නාද කරන්නන් අනුව නාද කරත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b808
465673cb8c535aa75df7b8e03f9fe4c6b37a244064d9455a4aa9546db84db2c6
target:pali-sinhala-parallel:67756:0
ඔවුන්ද රෑ දවාලක් ඇවෑමෙන් දීර්ඝ මාර්ගය ගෙවා ගොස් යම්තැනෙක වෙස්සන්තර වූයේද ඒ ප්‍රදෙශයට පැමිණියේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b808
f906536879f3c9a4762961dba2ed9dcd1dd9d2325fd8d3ded59cbe5253bd5472
target:pali-sinhala-parallel:67757:0
ඔවුන්ගේ ශබ්දය අසා වෙස්සන්තර රජතෙම බිය වූයේය. කන්දට නැගී, බියවූයේ සේනාව බලයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b808
ca7f17aaa0e05186ccdc495841ae086eb92886e521191c9f66baac5877840d0e
target:pali-sinhala-parallel:67758:0
“මද්‍රී දේවිය, ඇහුම්කන් දෙව. වනයෙහි යම්බඳු ශබ්දයක්වේ. ආජානෙය අශ්වයෝ නාද කරත්. කොඩි මුදුන්ද පෙනේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b808
ed515f928076e3c66a85897581f294221fd37e855544aca936f4f71c746e73bc
target:pali-sinhala-parallel:67759:0
“මේ ඒකාන්තයෙන් වනයෙහි මුව වැද්දෝ දැල් වලින් වටකර එකෙනෙහිම වලක දමා මුවන්ට මුවන් මරණ ආයුධ වලින් වරින්වර අනිත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b808
54baa1ab9122d162ef4518e269b53f82b4a7b9e7c166f13a9dd8819e29d88085
target:pali-sinhala-parallel:67760:0
“නිරපරාධවූ අපි වනයට පිටුවහල් කරණලද්දාහු විරුද්ධ කරුවන්ගේ අතට පැමිණියෙමු. අවාසනාවන්ත මරණයක හැටි බලන්න.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b808
67ba47b830683037d6016c7cd3071fe5cd9a8792c33cc51f3053cfd6cb581328
target:pali-sinhala-parallel:67761:0
“තණ සුලකින් මහා සමුද්‍රයෙහි ජලය හුනු කරන්නට නොහැක්කාසේ අමිත්‍රයෝ අප මැඩ නොපවත්නහුය. එය සලකව. මින් අපට යහපතක් වන්නේය.”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b808
7060872e01a5f78ddb15ab1a65c3f123a66635a253f68df6e050686417642258
target:pali-sinhala-parallel:67762:0
ඉක්බිති වෙස්සන්තර රජතෙම පර්වතයෙන් බැස සිත සනසාගෙන පන්සල් දොරකඩ සිටියේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b808
7e49e1ea79d94f4f08aff526fc7d059a984c298ab57c8d129c980f3e7c177e5c
target:pali-sinhala-parallel:67763:0
රිය නවත්වා සේනාව විධානකොට තනිව පියතෙමේ වනයෙහි වසන පුතා වෙත පැමිණියේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b808
c45ecc92edf9dca5522b2b09a4daaa74fc5093a98e42782ce2d50a6269a1b1e4
target:pali-sinhala-parallel:67764:0
ඇත් කඳින් බැස එකාංශ කොට පෙරවූ, ඇඳිලි බැඳගත් අමාත්‍යයන් විසින් පිරිවරණ ලද්දේ පුතා ඔටුණු පැළඳවීමට පැමිණියේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b809
6598639338f2ace62203d55c399b9d84513ccb2425c794c4b995eb356c4479c9
target:pali-sinhala-parallel:67765:0
හෙතෙම යහපත් එකඟ කළ සන්සුන් සිත් ඇතිව සිතමින් කිසි බියක් නැතිව හුන් කුමාරයා දුටුයේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b809
2548c5bdbe0856d6bb20d7b9b9e02b40d998a5fe1088c17463ab69f9aebcc1a4
target:pali-sinhala-parallel:67766:0
එන්නාවූ පුතා කෙරෙහි ගිජුවූ පියා දැක වෙස්සන්තර රජුද මද්‍රී දේවිද පෙර ගමන්කොට වැන්දාහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b809
cbdafdb5dea85be52dcdbdd198fb775fe672f3065217f8cb430153a2d0c52acb
target:pali-sinhala-parallel:67767:0
මද්‍රී දේවියද හිසින් මාමාගේ පා වැන්දාය. මද්‍රි තොමෝ “දේවයන් වහන්ස, මම ඔබගේ ශ්‍රේෂ්ඨ පා දෙක වඳිමි” ඔවුන් අඬද්දී ආශ්‍රමයේ බිම වැටී පපුවට හාන්සි කරවා අතින් පිට අතගායි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b809
737694ffaec3ac88fb8b16869dcd547c4b2ccea20259b2cd1959bd876a4109c9
target:pali-sinhala-parallel:67768:0
“දරුව නුඹලාට සැප කෙසේද? දරුව, හිරිහැර නැද්ද, කිමෙක්ද, පලවැල නෙලීමෙන් යැපෙව්ද, කිමෙක්ද මුල් ගෙඩි බොහෝද,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b809
c73cb553f2e0349b2c6f0f910e6b7f620ddced3429d17ed9bfeefb3fdf62aea8
target:pali-sinhala-parallel:67769:0
“කිමෙක්ද, ඩැහැලේ බොන මැස්සෝද දීර්ඝ ජාතීහුද නැද්ද, වල් මෘගයන්ගෙන් ගැවසුන වනයෙහි හිංසාවක් නැද්ද?”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b809
bbe1ad8d832a00586011322115f61305123af7df8e9e5d5c6c6d42e1cf0b3722
target:pali-sinhala-parallel:67770:0
“දේවයන් වහන්ස, අපගේ ජීවිකාව යම්තම් ගත විය. පලවැලින් ජීවත්වීම නම් දුක්ඛ ජීවිතයකි.”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b809
bc781778d8a390162d84a480bee3dbe060a1f66c0304ab501e407baa14dafa59
target:pali-sinhala-parallel:67771:0
“මහරජ, දමනය කළයුතු නොදියුණු දමනය කරන්නෙකු වැනි අදහස් සමෘද්ධ නොවූ දිළිඳු පුරුෂයෙක් තෙම නොදියුණු අප පාලනය කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b809
be6b34e3ea400eaa24b22f2af9fdd4a2a29390be5e61cd030e925dce81a9341b
target:pali-sinhala-parallel:67772:0
“එතකුදුවුවත් වනයෙහි සදාකාලික දුකට පත්වූ පිටුවහල් කළ අපගේ පියා හා මව නොදැක්මෙන් ශරීරයේ මස් ක්ෂයවිය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b809
59b3dd65a52f12b16dc304bf99a49eedded592cec6281988e2db684ff17ea846
target:pali-sinhala-parallel:67773:0
“දීමෙන් නොසෑහුනු සිත් ඇති සිවිරටට ශ්‍රේෂ්ඨවූ යම්බඳුවූ තොප බමුණාගේ වසඟයට යාමෙන් එවැනි යමෙක් ගවයන්ට මෙන් තලද්ද, එවැනි ඉක්මන්කාර වැද්දෙකුට අප දෙදෙන දුන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b809
1467b7bf68261bd5bd7ad32e3c906264b6a7ec917b6d8de0104c5c690ca60fae
target:pali-sinhala-parallel:67774:0
“රාජපුත්‍රිය විසින් තොපගේ පුත්‍රයන් ගැන ඉදින් දන්නී නම්, සර්පයකු විසින් දෂ්ට කරණලද කුමාරයකු සුව කරන්නාක් මෙන් අපට කියන්නීය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b809
b34df05ca1f9e65948a428e338153e0c96d23042aa4666631e3bfd9f9818055f
target:pali-sinhala-parallel:67775:0
“බ්‍රාහ්මණයාට වස්තු දී ජාලිය කෘෂ්ණජිනා යන දරුවන් දෙදෙනා මිල දී ගෙන, දරුවෙනි, බිය නොවෙවයි” සතුටු වූයේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b809
44811b4d9d307335a64e4b9867ca51e70f1dd9adee8e3a62b232076052dcbfbd
target:pali-sinhala-parallel:67776:0
“පියාණෙනි, සැපසනීප කවරේද, පියාණෙනි, නිරෝගීද, පියාණෙනි කිමෙක්ද මගේ මවගේ ඇස් නොපිරිහුනේද?”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b809
889d441e7679cd1a85d49cfde019cd78cd36a7c9db3f36d144acc08b82c74dc8
target:pali-sinhala-parallel:67777:0
“දරුව, මට සැපය, පුත්‍රය නැවතද නිරෝගීය. දරුව, තවද තොපගේ මවගේ ඇස් නොපිරිහුනේය.”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b809
83175dd760a76ddba7a22593beb3f0dcc04e456b08791c903c6d7c598fbbb418
target:pali-sinhala-parallel:67778:0
“කිමෙක්ද, වාහන අදනා සතුන් නිරෝගිද? කිමෙක්ද ඔබගේ වාහනය උසුලාද, කිමෙක්ද, රටතොට සමෘද්ධද කිමෙක්ද වැස්ස පවතීද?”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b809
d2bc7c3ee637740a4caf773e506c0cb16d189acafe9d0c9653772f4ec4b5031e
target:pali-sinhala-parallel:67779:0
“තවද වාහනය නිරොගය. තවද මාගේ වාහනය උසුලයි. තවද මගේ දනවු සමෘද්ධය. තවද වර්ෂාවද පවතී”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b809
3778671a0eccef604ec832befa65d3e57c8eb48042546ef29a953e0b66e282ee
target:pali-sinhala-parallel:67780:0
මෙසේ කථා කරද්දී මවුතොමෝ ඔවුන්ට පෙනී සිටියාය. ගල්ගෙය දොරකඩ වහන් සඟලවත් නැතිව රාජ පුත්‍රිය පයින් පැමිණ සිටියාය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b809
01b5db446836fa9d12013725cccf5cd002f1c21beba116002538fdfcb9e6781c