sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:68053:2
චාතුර්මහාරාජික තාවතිංස යාම තුෂිත නිර්මානරතී පරනිර්මිත වසවර්ති යන දෙවියන් කෙරෙහි ඉපදීම බලාපොරොත්තු වෙත්. බ්‍රහ්ම කායික දෙවියන් කෙරෙහි ආත්මභාවය ලැබීම බලාපොරොත්තු වෙත්. ප්‍රාර්ථනා කරත්. ආශා කරත්. 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
021aa0b6bbebac86c3ab8defeea329c1bdd514a3961c829b7b14068008d43aed
target:pali-sinhala-parallel:68053:20
“යාගයෙහි යෙදුනාවූ භවයෙහි ඇළුනාවූ ඔවුහු ජාති ජරාවන් තරණය නොකරත්යයි කියමි” යනු ඒ යාගයෙහි යෙදුනාවූ භව රාගයෙහි ඇළුනාවූ ඔවුහු ජාති ජරා මරණයන් තරණය නොකරත්, නොඉක්මවත්, ජාති මරණයෙන් නොනික්මුනෝ වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
2490a9113fda28876f402ee408b1ac74c8550a39f6cdc5939c76ee4d39b3d73a
target:pali-sinhala-parallel:68053:21
නොවූවෝ නොසන්සිඳුනෝ ජාති ජරා මරණයන් ඇතුළත පෙරළෙත්. සංසාර මාර්ගය ඇතුළත පෙරළෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
f2620d63c7a583123e3081599f233ff0dafaba148933cbe1bebae5abfcf56cc3
target:pali-sinhala-parallel:68053:22
(ii) ජාතියෙන් (ඉපදීමෙන්) යුක්තවූවෝ ජරාවෙන් විසුරුණෝ, ව්‍යාධියෙන් මැඩුනෝ මරණයෙන් වැටුනෝ ආරක්ෂාවක් නැත්තෝ පිහිටක් නැත්තෝව වෙසෙත්යයි කියමි. දේශනා කරමි. පනවමි. තබමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
a5d27d29d2a2bfe634a69d06b4ab2dd77e96e1e7f0e605ee36b8522544b60c1d
target:pali-sinhala-parallel:68053:23
විවෘත කරමි, බෙදමි, ප්‍රකට කරමි, ප්‍රකාශ කරමි, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
2ebc81307fd8d97a82c1a86a8ad3f5016a65d7cbccdc78d6749aa0ed30813c57
target:pali-sinhala-parallel:68053:3
“ස්තුති කරත්” යනු යාගයට හෝ ස්තුති කරත්. ඵලයට හෝ ස්තුති කරත්. දක්ෂිණාවෙහි හෝ ස්තුති කරත්. කෙසේ යාගයට ස්තුති කෙරෙත්ද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
998f1c9aec173a0b5ac1c209554f7102401dc020da6472834385d7e1ad6bd1c3
target:pali-sinhala-parallel:68053:4
පිරිසිදු කොට දෙනලද්දට මනාප කොට දෙනලද්දට ප්‍රණීත කොට දෙන ලද්දට කාලයෙහි දෙන ලද්දට කැපකොට දෙන ලද්දට දක්ෂිණාර්හයන් සොයා බලා දෙනලද්දට නිවැරදි කොට දෙනලද්දට නිතර දෙන ලද්දට පැහැදුනේය යනු සිහි කරත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
73fc4a6d6c2a39de5b5c8d7abe7191c2e70270ad2ad4cde1b96ea2c1e9aa60f8
target:pali-sinhala-parallel:68053:5
කියත්, වර්ණනා කරත්, ප්‍රශංසා කරත්, මෙසේ යාගයට ස්තුති කරත්. කෙසේ ඵලයට ස්තුති කරත්ද? මේ හේතුවෙන් රුපය ලැබීම වන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
4493bd4436d917c2aee32b932ae05e1634876db66c6f74efb5bc66e9752cf38e
target:pali-sinhala-parallel:68053:6
“බලාපොරොත්තුවෙත්” යන්නට “ලැබීම වන්නේය” යනු යොදා (3-2) 1 (ii) යොදාගත යුතුයි.) බ්‍රහ්ම කායික දෙවියන් කෙරෙහි ආත්ම ප්‍රතිලාභය වන්නේයයි ස්තුති කරත්, ගුණ කියත්, වර්ණනා කරත්, ප්‍රශංසා කරත්, මෙසේ ඵලයට ස්තුති
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
44b5431de15b420cb9188625e505677c4faf5e7e6d3e4910ff7e337b8b858a19
target:pali-sinhala-parallel:68053:7
කරත්, කෙසේ දක්ෂිණාවට ස්තුති කරත්ද? දක්ෂිණාර්හයෝ ජාති සම්පන්නයෝ වෙති.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
f42f640611e4aa45b47b07d3a49c5c6f6be5918023a4340e472a06637cb04e08
target:pali-sinhala-parallel:68053:8
ඉගෙණගත්තාවූ මන්ත්‍රධරවූ වේදත්‍රයේ පරතෙරට ගියාවූ නිඝණ්ඩු කෙටූභ සහිතවූ අක්ෂර සහිත විද්‍යා ප්‍රභෙදයන්ගේද ඉතිහාසය පස්වෙනි කොට ඇති පද කාව්‍ය කරණයන්ගේද ලොකායත මහා පුරුෂ ලක්ෂණයෙහිද කෙළවරට පැමිණියාවූද රාගය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
adc8eb94c22b61abaeaab4d2ca70c5369280ee3c688af3330cb7c6697fe033b9
target:pali-sinhala-parallel:68053:9
දුරු කළාවූ හෝ රාගය දුරු කිරීමට පිළිපදින්නාවූ හෝ ද්වේෂය දුරු කළාවූ හෝ ද්වේෂය දුරු කිරීමට පිළිපදින්නාවූ හෝ මෝහය පහවූ හෝ මෝහය දුරු කිරීමට පිළිපදින්නාවූ හෝ ශ්‍රද්ධා සම්පන්නවූ හෝ ශීල සම්පන්නවූ හෝ සමාධි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
129fb9857c4919cc08775de6522bc734fc47b27cc1caccfdfa5478c00ead11db
target:pali-sinhala-parallel:68054:0
(3-3) 1. “ඒකාන්තයෙන් ඒ යාගයෙහි යෙදෙන්නෝ තරණය නොකරත්” යනු ඒ යාග යොදන්නෝ භව රාගයෙහි ඇළුනෝ ජාති ජරා මරණය එතර නොකරත්. නොඉක්මවත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
32f1a0b29e6a169616316c2f862f432e5226a8ee9366da23a165b52a78179327
target:pali-sinhala-parallel:68054:1
ජාති ජරා මරණය නොඉක්මවූවාහු, නොසන්සිඳුනාහු වෙන් නොකළාහු, ජාති ජරා මරණය ඇතුළත පෙරළෙත් සංසාර මාර්ගය ඇතුළත පෙරළෙත්. (3-2) 6 (ii) ඡේදය යෙදිය යුතුයි.) 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
e0c8a9d2884b0b94e2a920b7a8dbfa01a5896d5465e2c838298f8957035dac80
target:pali-sinhala-parallel:68054:2
“නිදුකානෙනි, යාගයන්ගෙන් ජාතියද ජරාවද යන්නෙහි” යාගයන්ගෙන් යනු, බොහෝ යාගයන්ගෙන් වෙන්ව යනුයි. (ii) ‘නිදුකානෙනි’ යනු ප්‍රිය වචනයයි ගරු වචනයයි, ගෞරව සැළකිලි වචනයයි. මේ මාරිස (නිදුකාණනි) යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
364cde9459b5649c9b619348a90d4908a1faa2e6b174024a05e9e3c98616bddb
target:pali-sinhala-parallel:68054:3
(iii) ඉක්බිති දිව්‍ය මනුෂ්‍ය ලෝකයෙහි හැසිරෙන්නේ ජාතියද ජරාවද තරණය කළේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
1d04038bc76042a8acb98441d0151272929b4c2754520a52f616401d2ac1474e
target:pali-sinhala-parallel:68054:4
නිදුකානෙනි, යනු ඉක්බිති මේ තෙම දෙවියන් සහිත ලෝකයෙහි මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාවෙහි ජාති ජරා මරණය තරණය කළේය, එතර කළේය මාරිස, යනු (මෙහි (ii) යෙදිය යුතුයි.) 3.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
aa38646c58aa47cd4c9ad95fa474d68034a64853513f744423de0098968ac8ef
target:pali-sinhala-parallel:68054:5
“එය භාග්‍යවතුන් වහන්සේගෙන් විචාරමි. දේශනා කරණු මැනවි,” යන්නෙහි ‘එය විචාරමි’ යනු එය විචාරමි, එය ඉල්ලමි, එය දේශනා කරණු මැනවි. එය විචාරමි. මට දේශනා කරණු මැනවි. ‘භගවත්’ යනු ගෞරව වචනයයි කියනු මැනවි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
2c6fc6a87eb9302eda816dbcb9adc5cba874175901906b099215a61b5522af83
target:pali-sinhala-parallel:68054:6
‘දේශනා කරණු මැනවි’ පනවනු මැනවි තබනු මැනවි යනුයි. එහෙයින් ඒ බ්‍රාහ්මණතෙම මෙසේ කීයේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
a31018e2476ef58c3280127e414e4deafe1a4a7bcb2dc356e56ceeabb0dfce87
target:pali-sinhala-parallel:68055:1
“ලෝකයෙහි තමාට අයත්වූද අනුන්ට අයත්වූද ආත්මභාවයන් දැන” යන්නෙහි ‘දැන’ යනු ඥානයට කියයි යම් ප්‍රඥාවක් පජානන නම් වේද (මහානිද්දෙසයේ (2-8) 10 ඡේදයේ ‘යම් ප්‍රඥාවක්’ යන තැන සිට 14 ඡේදය අවසානය දක්වා යොදාගත
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
c0112b932170c3fe5cfe9145eae4d0d091b779e2480133a67306758045b9de99
target:pali-sinhala-parallel:68055:10
‘ලෝකයෙහි’ යනු අපාය ලෝකයෙහි (1-1) 1 (i) ඡේදය යොදාගත යුතුයි) ‘ශාන්තවූ දුශ්චරිතාදී දුම්නැති රාගාදී දුක් නැති ආශාරහිත හෙතෙම ජාති ජරාව තරණය කළේය කියමි. යන්නෙහි ‘ශාන්ත’ නම් රාගය සන්සිඳුන බැවින් ශාන්ත නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
5a7e76bfd2a79d89724c5c870c4afb07da558f88d3ffdff48273a4a77e5d8266
target:pali-sinhala-parallel:68055:11
ද්වේෂය මෝහය, ක්‍රෝධය, ගුණමකුකම බද්ධ වෛරය (මහා නිද්දෙසයේ (3-4) 2 රාගය යන තැන සිට යෙදිය යුතුයි.) සියලු අකුශල් රැස්කිරීම්වල ශාන්ත බව ඇති බැවින් සංසිඳුනේ නිවුනේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
95c24e5360505ffa95e4a4b3326db16271477a2e69085ac91c9738609c208995
target:pali-sinhala-parallel:68055:12
දුරුකළ බැවින් නිවුන බැවින් ශාන්තය, උපශාන්තය එබැවින් සන්සිඳුනේය, එබැවින් ශාන්ත නමි. 3. “කෙලෙස් දුම් නැති” යනු කායදුශ්චරිතය දවන ලදී. වියලවන ලදී. සන්සිඳුවන ලදී. වාග් දුශ්චරිතය මනස් දුශ්චරිතය දවන ලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
e58b3c6110dd695ee069c833230f57e745e39881ecf5e3865bfaf2ae33bf61dc
target:pali-sinhala-parallel:68055:13
වියලවන ලදී, රාගය, මෝහය ද්වේෂය, දවන ලදී. වියලවන ලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
9449fdbadda6760b213b57310b3340b427bafb950089d756aa7d5bf63fdc2354
target:pali-sinhala-parallel:68055:14
විශේෂයෙන් වියලවනලදී ක්‍රෝධය, බද්ධ වෛරය ගුණමකුකම, ගුණවතුන් තමා හා සම කිරීම, ඊර්ෂ්‍යාව, මසුරුකම, රැවටිල්ල, කෛරාටිකකම, තදගතිය, එකට එක කිරීම, මානය, අතිමානය, මදය, ප්‍රමාදය, සියලු කෙලෙස් සියලු දුශ්චරිත
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
f20add18e949bbb7cd9a0fc609e58c0130d0f125ef2f109e2328994b990f84b5
target:pali-sinhala-parallel:68055:15
සියලු පීඩා සියලු දැවිලි, සියලු තැවිලි, සියලු අකුශල රැස්කිරීම් දවන ලදී. වියලන ලදී. සංසිඳුවන ලදී. නැවතද ක්‍රෝධය දුමයයි කියයි. 4. “බ්‍රාහ්මණය, තට ක්‍රෝධය කෑම සපයන ගෙය වේ. ක්‍රෝධය දුමයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
53cec9ed2cba49293e949b9e056ba953876e8e96eeafe1ae1f9f754fc6108c1b
target:pali-sinhala-parallel:68055:16
මුසාවාදය පහත් බවයි. දිව පූජාවයි. හෘදය උපදනා තැන වේ. මනාව දෙන්නාවූ පුරුෂයාට අර්ථයෝ බැබලීම වෙත්. නැවතද දශාකාරකින් ක්‍රෝධය උපදියි. (ii) මට අනර්ථයක් කළේයයි ක්‍රෝධය උපදියි. මට අනර්ථ කෙරේයයි ක්‍රෝධය උපදියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
ec329c3f732af95752cad55ae5b40231bcff487094a1f7610ff93aa77d92d43d
target:pali-sinhala-parallel:68055:17
මට අනර්ථයක් කරන්නේයයි ක්‍රෝධය උපදියි. මාගේ ප්‍රිය මනාපයාට (මිත්‍රයාට) අනර්ථයක් කෙළේයයි ක්‍රෝධය උපදියි. කෙරේයයි කරන්නේයයි ක්‍රෝධය උපදියි. මාගේ සතුරාට වැඩක් කෙළේයයි කෙරේයයි කරන්නේයයි ක්‍රෝධය උපදියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
1951d030576a86bb445a79eda3ec62e9c0721d0ef3a099aaa7806f5c36ce9d84
target:pali-sinhala-parallel:68055:18
අස්ථානයෙහිද ක්‍රෝධය උපදියි මෙබඳුවූ යම් සිතේ ක්‍රෝධයක් ප්‍රතිවිරොධයක් කෝපයක් ප්‍රතිකෝපයක් ද්වේෂයක් කිපීමක් ව්‍යාපාදයක් විරොධයක් ප්‍රති විරොධයක් ඩණ්ඩගතියක් කඳුළු හෙලීමක් සිතෙහි නොසතුටු බවක් ඇද්ද, මේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
4f6ae41eba9b9109756f0e66e3fde3d0d4cc8db31f46d25f87973dd43bbeff0d
target:pali-sinhala-parallel:68055:19
ක්‍රෝධයයි කියයි. නැවතද ක්‍රෝධයාගේ උසස් බව හා පහත් බව දතයුතුයි. කිසි කලෙක ක්‍රෝධය සිත අවුල් කිරීම පමණකට වෙයි. ඒතාක් මුහුණ නොහැකුලුනේ වෙයි. කිසි කලෙක ක්‍රෝධය මුහුණ හැකිලීම් පමණකට වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
d5e95e01f3566993b355019b09d314ee2a09e39a9f9839e7212031c17e8db4d3
target:pali-sinhala-parallel:68055:2
යුතුයි.) සම්‍යක් දෘෂ්ටිය යනුයි. ‘තමන්ට අයත්වූද අනුන්ට අයත්වූද, යන්නෙහි ‘ඔර’ (තමාට අයත්) යයි ස්වකීය ආත්මභාවයට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
eb26b39641e274482551bf0116f677d84c02649f5bc122ec71d9014662d6bef7
target:pali-sinhala-parallel:68055:20
ඒතාක් හනු හැකිලීම නොවෙයි. 5. සමහර කලෙක ක්‍රෝධය හනු හැකිලීම් පමණකට වෙයි. ඒතාක් නපුරු වචන නිකුත් නොවෙයි. සමහර කලෙක ක්‍රෝධය නපුරු වචන නිකුත් කිරීම් පමණකට වෙයි. ඒතාක් ඒ මේ අත නොබැලීම වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
144a27b4df818ed4b7cb11b4332dc4e2ed6cf0d158c46b7238c33ecf2aaf6b7b
target:pali-sinhala-parallel:68055:21
කිසි කලෙක ක්‍රෝධය ඒ මේ අත බැලීම් පමණකට වෙයි. ඒතාක් දණ්ඩක් ආයුධයක් අතගෑම නොවෙයි, කිසි කලෙක ක්‍රෝධය දණ්ඩක් ආයුධයක් අතගෑම් පමණකට වෙයි. ඒතාක් දණ්ඩක් හෝ ආයුධයක් ඉස්සීම නොවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
8ca36d001d0653c861f1e4f27a77b6e0efc2b1852884caf9899bddb43ce82bea
target:pali-sinhala-parallel:68055:22
කිසි කලෙක ක්‍රෝධය දණ්ඩක් ආයුධයක් ඉස්සීම පමණකට වෙයි. ඒතාක් දණ්ඩක් හෝ ආයුධයක් විසි කිරීම නොවෙයි. කිසි කලෙක ක්‍රෝධය දණ්ඩක් හෝ ආයුධයක් විසි කිරීම් පමණකට වෙයි, ඒතාක් මත්තෙහි හෙලීම නොවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
011b08005e64176e99ce98d666545d2a1f3f29c3d6bc4b53993b1d52e6191c4c
target:pali-sinhala-parallel:68055:23
කිසි කලෙක ක්‍රෝධය දණ්ඩක් ආයුධයක් මත්තෙහි හෙලීම් පමණකට වෙයි. ඒතාක් සිඳීම් බිඳීම් නොවෙයි. කිසි කලෙක ක්‍රෝධය සිඳීම් බිඳීම් පමණකට වෙයි. ඒතාක් පැලීම් ආදිය නොවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
0cba51d0d7acae749863162901ce640da2857e30e308579352d73ec6343562bf
target:pali-sinhala-parallel:68055:24
කිසි කලෙක ක්‍රෝධය දඬු ආදියෙන් ගසා පැලීම් ආදියකට වෙයි. ඒතාක් අඟපසඟ කැඩීම් ආදියක් නොවෙයි. කිසි කලෙක ක්‍රෝධය අඟපසඟ කැඩීම් ආදියකට පමණක් වෙයි. ඒතාක් දිවි තොරකිරීම (මැරීම) නොවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
ea4111935b9dd0b77db1dd2f078bf248d77c3fa3e230cfae8b70062f67597de0
target:pali-sinhala-parallel:68055:25
කිසි කලෙක ක්‍රෝධය දිවි තොර කිරීම් පමණකට වෙයි. ඒතාක් සියල්ලම පරිත්‍යාග කිරීම නොවෙයි. යම් පරිද්දෙකින් ක්‍රෝධය අන්‍ය පුද්ගලයා නසා තමාද නසාද මෙපමණකින් ක්‍රෝධය දැඩි වූයේ ඉතා මහත් බවට පැමිණියේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
ee76f2a9f7279fc997fc081086ab9971dc61d7e9f320256071fa45729d0819f8
target:pali-sinhala-parallel:68055:26
යමෙකුට ඒ ක්‍රෝධය ප්‍රහීනද මුලින් සිඳුනේද ශාන්තද ඉපදීමට අයොග්‍යද ඥානය නමැති ගින්නෙන් දැවුනේද හෙතෙම දුම් නොගසන්නේ වෙයි. ක්‍රෝධය ප්‍රහීනවූ බැවින් ක්‍රෝධයට සතුරා දැනගත් බැවින් දුම් නොගසන්නේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
99b1162e107a03442ea266fbd9c0925986801b819cec8d20ef6d7b39c8dca057
target:pali-sinhala-parallel:68055:27
ක්‍රොධ හේතුව බිඳ දැමූ බැවින් දුක් නැත්තේ ආශා නැත්තේ ක්‍රෝධය ඉක්මවූයේ ද්වේෂය ඉක්මවූයේ මෝහය ඉක්මවූ (දවනලදී යනු ඉක්මවූයේ යනු යොදා (3-4) 3 ක්‍රෝධය යන තැන සිට යොදාගත යුතුයි.) සියලු අකුසල රැස්කිරීම්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
1a37a1397e8ebc31892deeae9b1aa64d9be04bb17888aa951f081701b29d2b1f
target:pali-sinhala-parallel:68055:28
ඉක්මවූයේ මුලින් සිඳ දැම්මේ සංසිඳවූයේ ඉපදීමට අයොග්‍යවූයේ ඥානය නමැති ගින්නෙන් දැවුනේනුයි හෙතෙම නිරාසායයි කියයි. “ආශා රහිතවූයේ” යන්නෙහි ආශායයි තෘෂ්ණාවට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
dd46ebcf6a512280dfb3a9a9bfa8f913d335dd9c1088e17393e42db9a86fea61
target:pali-sinhala-parallel:68055:29
යම් රාගයක් ඇද්ද ඇලීමක් ඇද්ද අභිධ්‍යාවක් ලෝභයක් අකුසල මූලයක් ඇද්ද යමකුට මේ ආශා නම් තෘෂ්ණාව ප්‍රහීනද මුලින් සිඳුනේද සංසිඳුනේද ඉපදීමට අයොග්‍යද ඥානය නමැති ගින්නෙන් දැවුනේද, හෙතෙම පීඩා රහිත යයිද ආශා
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
d04ac1a247ac61ed2a180d6c91b267c5388e767a7cff38f708aade2e68abf08c
target:pali-sinhala-parallel:68055:3
“පාරයයි” අන්‍ය ආත්මභාවයට කියයි එසේම ‘ඔර’ යයි ස්වකීය රූප වේදනා සඤ්ඤා සංඛාර, විඤ්ඤාණයන්ට කියයි ‘පාර’ යයි අනුන්ට අයත් රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණයන්ට කියයි. ‘ඔර’ යයි අධ්‍යාත්මික ආයතන සයට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
08c7d6c28875eb02eccec3672cd65421fcd4f8cf0a75fbd9c3fd220380dde68a
target:pali-sinhala-parallel:68055:30
රහිතයයිද කියයි. 6. “ඉපදීම්” යනු ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව නිකායයන්හි යම් ඉපදීමක් ඇද්ද, ඇතිවීමක් ඇද්ද බැස ගැනීමක් ඇද්ද, ස්කන්ධන්ගේ පහළවීමක් ඇද්ද ආයතනයන්ගේ ඇතිවීමක් ඇද්ද, එයයි. 7.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
16547d7a462dfddf83569737b3a478489622c6ff1d58bb2368a40743fbf1a806
target:pali-sinhala-parallel:68055:31
“ජරාව” නම් ඒ ඒ සත්වනිකායයෙහි ඒ ඒ සත්වයන්ගේ ජරාවක් ඇද්ද, දිරීම් බවක් ඇද්ද, දත් වැටීමක් හිසකේ සුදුවීමක් ඇඟ රැලිවැටීමක් ඇද්ද ආයුෂයාගේ ගෙවීමක් ඉන්ද්‍රියයන්ගේ මේරීමක් ඇද්ද එය ජරාව නමි. 8.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
fc44d625e3204501ff8b641f02ab3f1fcc7d1ffebde0da4337138188b0df7a3c
target:pali-sinhala-parallel:68055:32
“ශාන්තවූ දුම් නැත්තාවූ පීඩා නැති ආශා රහිත හෙතෙම ජාති ජරා මරණයන් එතර කළේය. ඉක්ම වූයේයයි කියමි, ප්‍රකාශ කරමි, දේශනා කරමි, පනවමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
cea3e10929cc7e5103b43dad25d971b5344abdb50a330550f2bb4a3626964b7e
target:pali-sinhala-parallel:68055:33
තබමි, විවෘත කරමි, ගාථාවන්ගේ අවසානයෙහිම (1-8) 6 යොදාගත යුතුයි.) ඇඳිලිබැඳ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමින් ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමියි කීයේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
00b0e211c5618a960df6b219be35015b17f203879cb304cbc3dfe5f28e2f104e
target:pali-sinhala-parallel:68055:4
‘පාර’ යයි බාහිර ආයතන සයට කියයි. ඔර යයි මනුෂ්‍ය ලෝකයට කියයි. පාරයයි දිව්‍ය ලෝකයට කියයි. ‘ඔර’ යයි කාම ධාතුවට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
7c344a434bfc72551ce65113babeb3fdd5e51c6ac981b5b9e949ddf946aedc14
target:pali-sinhala-parallel:68055:5
‘පාර’ යයි රූප ධාතුවට හා අරූප ධාතුවට කියයි ‘තමාට අයත්වූද අනුන්ට අයත්වූද ආත්මභාවයන් දැන යන්නෙහි තමාට අයත්වූද අනුන්ට අයත්වූද ආත්මභාවයන් අනිත්‍ය වශයෙන් සංස්කාර දුක් වශයෙන් රොග වශයෙන් ගඩවශයෙන් (මහා
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
baef8acb3097f1be4103fff6fe0481308c3311b32dc5c12087445353db1ec73d
target:pali-sinhala-parallel:68055:6
නිද්දෙසයේ (11-11) 5 (iv) ‘රූප ප්‍රකට වෙයි’ යන තැනට යොදාගත යුතුයි.) නික්මීම් වශයෙන් දැන සමකොට බලා තීරණයකොට ප්‍රකටකොට යනුයි. 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
bf8e521ebcc51c972de6676a720cb1db3b5607cda04c8ff1d5e813281526632e
target:pali-sinhala-parallel:68055:7
“යමෙකුට ලෝකයෙහි කිසිතැනක කම්පාවක් නැද්ද” යන්නෙහි යමෙකුට යනු අර්හත්වූ ක්ෂීණාශ්‍රවයන් වහන්සේට යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
1694607d3de50e944bca167d3dd674b624b2de339b600d03f3e2bbbdada90696
target:pali-sinhala-parallel:68055:8
‘කම්පාවක්’ යනු තෘෂ්ණා කම්පාව, දෘෂ්ටි කම්පාව, මාන, කම්පාවක් ක්ලෙශ කම්පාව කර්ම කම්පාව යන මේ කම්පාවීම් නැත. නොලැබෙත්, නූපදිත්, ප්‍රහීනය මුලින් සිඳුනේය සන්සිඳුනේය. ඉපදීමට අයොග්‍යය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
f7482a3ff8cbf4d00eeb2ff111316be8489f7408643a390242d6516e859fa908
target:pali-sinhala-parallel:68055:9
ඥානය නැමති ගින්නෙන් දැවුනේය යනුයි. ‘කිසි තැනක’ යනු කිසියම් තැනක අධ්‍යාත්මයෙහි හෝ බාහිර හෝ අධ්‍යාත්ම බාහිර හෝ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
a4a94a600f7db07b452b31abf6d4df0b7a5a7493a5d1d52821b22dd7ee6f7fe8
target:pali-sinhala-parallel:68056:0
(4-1) 1. “මෙය විචාරමි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරණු මැනවි. යන්නෙහි ප්‍රශ්න කිරීම් තුනකි (3-1) 10, 11, 12, 13, 14, 15 ඡේද යෙදිය යුතුයි. “භාග්‍යවත්” යනු ගෞරව වචනයකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
0cd15b970bd95e33b7fd5ddf40d6e4825bb895adeb09020321660900cda9fc87
target:pali-sinhala-parallel:68056:1
(මහා නිද්දේශයේ (7-2) 1 භාග්‍යවතුන් වහන්සේ යනු යන තැන සිට යොදාගත යුතුයි. 1731 පිට) ඔබ වහන්සේ වඩනලද ආත්මභාවය ඇත්තෙක්වේද, දන්නෙකැයි දනිමි. වේදගුයයි ඔබවහන්සේ දනිමි. වඩනලද ආත්මභාවය ඇත්තේයයි දනිමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
b53e7c729930013c30d6e5ee2ba4f9fe045f589b9a61890f6e5def31f54bfd92
target:pali-sinhala-parallel:68056:10
ප්‍රමාණයක් නොමැත දුකසේ දතයුතුය. බොහෝවූ රත්නසාරයක් බඳුය, උපෙක්ෂා සිතින් යුක්තය. ඇසින් රූපය දැක සතුටු ඇත්තේ නොවේ. සතුටු නැත්තේ නොවේ. මැදහත්ව සිහි ඇතිව යහපත් නුවණින් සිටිනසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
d8541b5bb1e8b907c7be1f9288611262e2ad5f65f50f2af5a548b2b072343763
target:pali-sinhala-parallel:68056:11
කණින් ශබ්දය අසා නාසයෙන් සුවඳ දැන දිවෙන් රසය විඳ කයින් ස්පර්ශයකොට සිතින් ධර්මය දැන සතුට ඇත්තේ නොවෙයි. සතුට නැත්තේ නොවෙයි මැදහත්ව සිහි ඇතිව සිටිනසේක. ඇසින් රූපය දැක මන වඩන්නාවූ රූපයෙහි නොඇලෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
f48b46bbd3df4fe307d11603062b5edc4c81cd8de56e84dfcfbabb84307992b1
target:pali-sinhala-parallel:68056:12
පිළිකුල් නොකරයි. රාගය නූපදවයි. උන්වහන්සේගේ කය සිටි පරිදිමවේ. සිත සිටිපරිදිමවේ. ඇසින් රූපය දැක අමනාපයක් හැකුළුනු මුහුණක් ඇත්තේ නොවෙයි. කැළඹුන සිත් ඇත්තේ නොවෙයි. අධ්‍යාත්මය මනාව පිහිටියේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
cdc7fb836705c1e436e5f88378f422afca04d7cc5fac0537fb7aa8d406c06522
target:pali-sinhala-parallel:68056:13
කණින් ශබ්දය අසා නාසයෙන් සුවඳ දැන දිවෙන් රසය විඳ කයින් ස්පර්ශයකොට සිතින් ධර්මය දැන ප්‍රිය උපදවා නොඇලෙයි. පිළිකුල් නොකරයි. රාගය නූපදවයි. උන්වහන්සේගේ ශරීරය සිටිපරිදිම වෙයි. අධ්‍යාත්මය මනාව පිහිටියේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
657d36633815719f72631f0bf1c9ae7483bdaa1ed17f01c2bba29f24aad4ec38
target:pali-sinhala-parallel:68056:14
සිතින්ද වනාහි ධර්මය දැන අමනාපයක් මුහුණ හැකිලීමක් නොවෙයි. කැළඹුන සිත් ඇත්තේ නොවෙයි. අධ්‍යාත්මය මනාව පිහිටියේය. ඇසින් රූපය දැක (ii) ඇලීම් කටයුත්තෙහි නොඇලෙයි. දූෂ්‍යවිය යුත්තෙහි දූෂ්‍ය නොවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
33033bd46932b44c1f359d530d36690c5908adf53d2965b5898bb85ffe4ad3f4
target:pali-sinhala-parallel:68056:15
කෝප වියයුත්තෙහි කෝප නොවෙයි. කිළුටුවිය යුත්තෙහි කිළුටු නොවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
b2571726ddf3d454ca46aec059d1f9eeb1a9772d5f549e9cb50f38f35cc53e00
target:pali-sinhala-parallel:68056:16
(iii) කණින් ශබ්දය අසා (මෙහි (ii) යෙදිය යුතුයි.) සිතින් ධර්මය දැන (මෙහි (ii) යෙදිය යුතුයි) දුටු දෙයෙහි දුටු මාත්‍ර ඇත්තේ ඇසූ දෙයෙහි ඇසූ මාත්‍ර ඇත්තේ ස්පර්ශ කළ දෙයෙහි ස්පර්ශ කළ මාත්‍ර ඇත්තේ දැනගත්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
dd8aa6606ad621c98735a0e4e3d0f8da9d85e0287dd0f1278f37cf5809564702
target:pali-sinhala-parallel:68056:17
දෙයෙහි දුටු දෙයෙහි නොඇලෙයි. ඇසූ දෙයෙහි නො ඇලෙයි. ඉන්ද්‍රිය තුනකින් ගත් දෙයෙහි නොඇලෙයි. දැනගත් දෙයෙහි නොඇලෙයි. කෙලෙස් වශයෙන් නොගන්නේ අත්හැරියේ. නොබැඳුනේ වෙන්වූයේ සීමා නොකළ සිතින් වාසය කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
f97c5b6e3d47f1c9f4e34d8a0d590cf9d3008ecb02f0671df395513b147d7fd4
target:pali-sinhala-parallel:68056:18
ඇසූ දෙයෙහි ස්පර්ශ කළ දෙයෙහි දැනගත් දෙයෙහි කෙලෙස් වශයෙන් නොගන්නේ (මෙහි (ii) යෙදිය යුතුයි.) සීමා නොකළ සිතින් වසයි. භාග්‍යවතුන් වහන්සේ ඇසින් රූපය දකියි. භාග්‍යවතුන් වහන්සේට රූපය ගැන ඡන්දරාගයක් නැත.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
880e3cec2b6d576f080a45d9198c97c96795f0b8dd978ce25eaebcf0919f7acf
target:pali-sinhala-parallel:68056:19
සිත මනා කොට මිදුනේය. භාග්‍යවතුන් වහන්සේට කණ ඇත. කණින් භාග්‍යවතුන් වහන්සේ ශබ්ද අසා ඡන්දරාග වශයෙන් නොගනියි. මිදුන සිත ඇත්තේය. භාග්‍යවතුන් වහන්සේට නාසය ඇත. භාග්‍යවතුන් වහන්සේ නාසයෙන් සුවඳ දැන ගනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
f0a88ddcb7b30ba663ada04974c586a6466e69ff699e4d954aed01c53398622c
target:pali-sinhala-parallel:68056:2
අවබෝධ කරමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
925b607237ee7bff39d99053c475942f6f821a9e7fd87293e6dc0e9b5fda7a2b
target:pali-sinhala-parallel:68056:20
එහි ඡන්දරාගයක් භාග්‍යවතුන් වහන්සේට නැත. මනාව සිත මිදුනේය. භාග්‍යවතුන් වහන්සේට දිව ඇත, දිවින් රසය විඳියි. එහි ඡන්ද රාගය නැත. මනාව සිත මිදුනේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
6307390949d31676712210b9367556d9d39bab3267145f882c056997bfe4671f
target:pali-sinhala-parallel:68056:21
භාග්‍යවතුන් වහන්සේට කය විද්‍යමානය භාග්‍යවතුන් වහන්සේ කයින් ස්පර්ශය විඳියි. උන්වහන්සේට ස්පර්ශය පිළිබඳ ඡන්ද රාගය නැත. භාග්‍යවතුන් වහන්සේ මනාව මිදුනසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
647eea1abc7ef3c2415fbf55702766c7299674c96f04afd529e88173dbfe4628
target:pali-sinhala-parallel:68056:22
භාග්‍යවතුන් වහන්සේට මනස විද්‍යමානය භාග්‍යවතුන් වහන්සේ මනසින් ධර්මය දනියි. ඒ පිළිබඳ ඡන්දරාගය නැත, ඇස රූපයෙහි ඇළුනේය, රූපය දන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ඇස දැමුනේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
c8fa91a4273cd98103ef98802274ce2a2e7778e884051b1f6d0474704d8ff1f4
target:pali-sinhala-parallel:68056:23
ගුප්තය, රැකුනේය, සංවරය, ඒ ඇසේ සංවරය පිණිස ධර්මය දේශනා කරයි. කණ ශබ්දයෙහි ඇළුනේය, නාසය ගන්ධයෙහි ඇළුනේය. දිව රසයෙහි ඇළුනේය, ඒ රසයෝ භාග්‍යවතුන් වහන්සේට දැමුනාහ, රැකුනාහ. සංවරණයහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
d28f1d6ba224500d0907c5c17a6b2dd45bd0e4adaa9366d4448c415364c226d9
target:pali-sinhala-parallel:68056:24
ඒ දිවේ සංවරණය පිණිස ධර්මය දේශනා කරයි. කය ස්පර්ශයෙහි ඇළුනේය. මනස ධර්මයෙහි ඇළුනේය. භාග්‍යවතුන් වහන්සේට ඒ මනස දැමුනේ ආරක්ෂාවූයේ රැකුනේ සංවරණය වුයේ ඒ මනසේ සංවරය පිණිස ධර්මය දේශනා කරයි. 3.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
a9317d1fb7bf7663e771094e263d857ec1620ba46fc859dfa06c033496537742
target:pali-sinhala-parallel:68056:25
“දැමුනාහු සභාවට පමුණුවයි. දැමුනහු පිටට රජු නගියි යමෙක් අනුන්ගේ නපුරු වචන ඉවසාද, මිනිසුන් අතර දැමුනාහු ශ්‍රේෂ්ඨයි.” “අස්වතරයා දැමුනේ උතුමි. ආජානීය අශ්වයෝද දැමුනාහු උතුම්වෙති.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
8f668e532f7d0600a7c71a97253e241a7f0f472b2416d35aec5539e6f2bd181a
target:pali-sinhala-parallel:68056:26
කුඤ්ජරනම් මහ ඇතාද දැමුනේ උතුම්වේ. එයට වඩා තමා දමනය කරගැනීම උතුම්වේ. මේ යානයන්ගෙන් අමෘතය නම් නිවන දෙසට යා නොහැකිවේ. යම්හෙයකින් තමා හික්මුන තැනැත්තේ හික්මුනහු වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
58071e4f9e68875c9aa8b6b84d2df36a7903f0f98e8bd327c9561ecf5b5022b4
target:pali-sinhala-parallel:68056:27
හික්මුන භූමියට පැමිණි මිදුනසිත් ඇත්තෝ නැවත භවයකට නොපැමිණෙත්. 4.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
dce6930c38d7316c09e15d06ee31799ef141eab6ca4cdc5d873149f7374ebd48
target:pali-sinhala-parallel:68056:28
“යමෙකු විසින් ආධ්‍යාත්මිකවූද බාහිරවූද සියලු ලෝකයෙහි ඉන්ද්‍රියයන් පුරුදුකළේද හෙතෙම මේ ලොවද පරලොවද හැර (පිරිනිවන් කාලය) බලාපොරොත්තුවෙයි.” දැමුනේ යනු මෙසේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
c1f2330352d2a95c6186923bae73f8d3dc93fa641ed4fe3dc12f8b5ef00a0558
target:pali-sinhala-parallel:68056:29
මෙසේ භාග්‍යවතුන් වහන්සේ වඩන ලද ආත්ම භාව ඇත්තේයයි වෙදය දන්නේයයි දනිමි. “කෙසේ දුක් ඇතිවන්නේද” යන්නෙහි කෙසේද? යනු සංසය පුච්ඡා විමති පුච්ඡා, මෙල්හක පුච්ඡා, අනෙකංස පුච්ඡා මෙසේද මෙසේ නොවේද? කුමක්වේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
010a67c1728f9fe67cc173ab9b2c64eb79f3982ec131a6182fb47af40aca5c1d
target:pali-sinhala-parallel:68056:3
වඩනලද ආත්මභාවය ඇත්තෙක, වේද දන්නෙකැයි යන්නෙහි වේද යයි සතර මාර්ගයන්හි ඥානයට කියයි ප්‍රඥාව, පංචෙන්ද්‍රිය, ප්‍රඥාබලය, මහානිද්දේශයේ (4-5) 3 (ii) යෙදිය යුතුයි.) ධම්මවිචය සම්බොජ්ක්ධංගය, වීමංසාව, විපස්සනාව
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
b59f9e74dbc8741b3b3c47576fae54727bb48d1cb74238ed44cbde827b6204a5
target:pali-sinhala-parallel:68056:30
කෙසේවේද? යනුයි දුක් කොතැනින් යනු ජාති දුක ජරා දුක ව්‍යාධි දුක (1-4) 3 දුකයන තැන සිට යොදාගත යුතුයි.) යම් ධර්මන්ගේ මුලපටන් ඇතිවීම පෙනේ. අස්තයට යාම වශයෙන් නිරෝධය පෙනේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
af14d5f35b0783d04c1aab7ea3b428b36cc58aeb37de495ff94e914aca5dd9c5
target:pali-sinhala-parallel:68056:31
කර්මය හා එක්වූ විපාකය විපාකය හා එක්වූ කර්මය නාමය හා එක්වූ රූපය රූපය හා එක්වූ නාමය ජාතියෙන් අනුව ගිය ජරාවෙන් ගැවසීගත් ව්‍යාධියෙන් මඩනාලද මරණයෙන් වැටුන, දුකෙහි පිහිටියේය. ආරක්ෂාවක් නැත්තේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
a3e299ed614675640d93160724cd96d7840b3124dc1cc333c97eb6b7ade38637
target:pali-sinhala-parallel:68056:32
පිහිටක් නැත්තේය. මේ දුක්ඛයෝයයි කියත්, මේ දුක් කොහින් ඇතිවූයේද? කොහින් හටගත්තේද? කොහින් පහළවූයේද? කුමක් නිදානකොට ඇත්තේද? කුමක් ජාතිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේදැයි මේ දුක්වල මුල විචාරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
79c11d5e2f924541e01c391f7d3d3ab0ebfb2c0d3d12ac120e8e72f2e8a60021
target:pali-sinhala-parallel:68056:33
හේතුව විචරයි. නිදානය විචාරයි. සම්භවය විචාරයි. ප්‍රභවය විචාරයි. ඇතිවීම විචාරයි. ආහාරය විචාරයි. ආරම්මණය විචාරයි. ප්‍රත්‍යය විචාරයි. සමුදය විචාරයි ඉල්ලයි, යනුයි. 5.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
a12fbcce75caf617c4e00134ad6855147dc6f2ed3029631087447711a56c66ec
target:pali-sinhala-parallel:68056:34
“ලෝකයෙහි යම්කිසි අනෙක රූපයෝ” යන්නෙහි “යම්කිසි” යනු සියල්ලෙන් සියල්ල සර්වප්‍රකාරයෙන් සර්වප්‍රකාරය වටකොට ගන්නා ඉතිරි නොකොට ගන්නා වචන යයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
a541161a4e22d719e689d5e9d1699c05cd40b315236948eaade461546e4cbf81
target:pali-sinhala-parallel:68056:35
‘ලෝකයෙහි’ යනු අපාය ලෝකයෙහි මනුෂ්‍ය ලෝකයෙහි, දිව්‍යලෝකයෙහි ස්කන්ධ ලෝකයෙහි ධාතු ලෝකයෙහි ආයතන ලෝකයෙහි යනුයි. ‘නොයෙක් ආකාරවූ’ යනු නොයෙක් ආකාරවූ නානාප්‍රකාරවූ ලෝකයෙහි දුක් යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
7dd5ec6c3f59e67c16dccbc67abe729007c742feba53742992af7ed423db62d5
target:pali-sinhala-parallel:68056:36
එසේ හෙයින් ඒ බ්‍රාහ්මණතෙම මෙසේ කීය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
a26e29a96e1d22739c5ae2d2ad24cf62dca68bc77a750db2a53caae67d42f35c
target:pali-sinhala-parallel:68056:4
සම්‍යක් දෘෂ්ටිය යනුයි. භාග්‍යවතුන් වහන්සේ ඒ වෙදයන්ගෙන් ජාති ජරා මරණයාගේ කෙළවරට වැඩියසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
38b3b78594f227b00bad4cdfbea3fde45e9b7741afb08ce2d9e8b5738d1cc359
target:pali-sinhala-parallel:68056:5
අවසානයට වැඩියසේක, අන්තයට වැඩියසේක, ආරක්ෂාවට වැඩිය සේක, පැමිණි සේක, නිර්භය බවට වැඩියසේක, පැමිණිසේක, මිදීමට වැඩියසේක, අමෘතයට වැඩියසේක, පැමිණිසේක, නිවනට වැඩියසේක, පැමිණිසේක, වේදයන්ගේ අන්තයට ගියේනුයි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
431ecd8d88e4a07d9baa3915fe07da5709acc51e0807b179cee3bd42f7084230
target:pali-sinhala-parallel:68056:6
වේදගු නම්වේ. වේදයන්ගෙන් හෝ අන්තයට ගියේනුයි වෙදගු නම්වේ. 2. කෙසේ භාග්‍යවතුන් වහන්සේ වඩනලද ආත්මභාව ඇතිසේක්ද, භාග්‍යවතුන් වහන්සේ වඩනලද කය ඇතිසේක. වඩනලද ශීලය ඇතිසේක. වඩනලද ජරා මරණය ඇතිසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
9226f83006831c1db3c6ea2f7e0745640758add9778cb28a24ae621e084b7d55
target:pali-sinhala-parallel:68056:7
වඩනලද සිත ඇතිසේක. වඩනලද ප්‍රඥාව ඇතිසේක. වඩන ලද සිහිය පිහිටුවීම ඇතිසේක. වඩනලද සම්‍යක් ප්‍රධානය ඇතිසේක. වඩනලද ඍද්ධිපාද ඇතිසේක. වඩනලද ඉන්ද්‍රිය ඇතිසේක. වඩනලද බල ඇතිසේක. වඩනලද බොජ්ක්ධංග ඇතිසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
80a5647fcbb6c001c66a21e5475722f5e4a612fcb04fa0e83d78315d7f4dfd88
target:pali-sinhala-parallel:68056:8
වඩනලද මාර්ගය ඇතිසේක. ප්‍රහීන කෙලෙස් ඇතිසේක. ලබනලද ස්ථිරගති ඇතිසේක. ප්‍රත්‍යක්ෂ කළ නිරෝධය ඇතිසේක. උන්වහන්සේ දුක මනාකොට දැන ගන්නා ලදී. තෘෂ්ණාව ප්‍රහීනකරණ ලදී. මාර්ගය වඩනලදී. නිරෝධය ප්‍රත්‍යක්ෂ කරණ ලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
f4b1690af0531c299e52d9ecbf632c4161e89fa33f02192fce46f16eb69c7fc2
target:pali-sinhala-parallel:68056:9
දැනගතයුත්ත දැනන්නාලදී. විශේෂයෙන් දැනගත යුත්ත විශේෂයෙන් දැනගන්නාලදී. ප්‍රහීන කළයුතු දෙය ප්‍රහීණකරණ ලදී. වැඩියයුත්ත වඩන ලදී. ප්‍රත්‍යක්ෂ කළයුත්ත ප්‍රත්‍යක්ෂකරණ ලදී. විශාලය ගැඹුරුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
32dc781aa818860701e8658af4f47241a0d3aea024ab374e7429162765d5e526
target:pali-sinhala-parallel:68057:0
(4-2) 1. “ඉදින් දුක්ඛයාගේ ප්‍රභවය විචාළේද,” යන්නෙහි දුක්ඛයාගේ යනු ජාති දුක්ඛයාගේ ව්‍යාධි දුක්ඛයාගේ මරණ දුක්ඛයාගේ ශොක වැළපීම්, කායිකදුක්, දොම්නස්, දැඩි ආයාස යන දුක්ඛයන්ගේ ප්‍රභවය විචාළේය, යනුයි. 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
0c483e766e5f08b916035cdc2f3b66ba97af2f831d8d614a9e14e702e180de5f
target:pali-sinhala-parallel:68057:1
“භාග්‍යවතුන් වහන්සේ මෙත්තගු යනු බ්‍රාහ්මණයාට නාමයෙන් ආමන්ත්‍රණය කරයි. භගවත් යනු ගෞරව වචනයයි. (මහා නිද්දේසයේ (7-2) 1 භාග්‍යවතුන් වහන්සේ යනු යන තැන සිට යොදාගත යුතුයි.) මේ භගවත් යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
4cc8e45b34fb63f3559d29d055e925c29caa2a0a869272ed3fdeb1555c3e4027
target:pali-sinhala-parallel:68057:10
‘මේ යම්කිසි’ යනුයි. ලෝකයෙහි යනු අපාය ලෝකයෙහි, මනුෂ්‍ය ලෝකයෙහි දිව්‍ය ලෝකයෙහි ස්කන්ධ ලෝකයෙහි, ධාතුලෝකයෙහි යනුයි. “නොයෙක් රූපයෝ” යනු නානාවිධවූ නොයෙක් ප්‍රකාරවූ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
0478885c375ec0d5afae3346451a8a1d316e937e5dacd4650bfdb5555ca41936
target:pali-sinhala-parallel:68057:11
එහෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
a50be502c49473ebae93228aab6ba419996a847ed18b24db664b14513764a2f2
target:pali-sinhala-parallel:68057:2
භාග්‍යවතුන් වහන්සේ මෙත්තගු යනු යම්සේ දැනගත යුතද, එය ඔබට ප්‍රකාශකරමි. “එය” යනු දුක්ඛයාගේ මුල කියමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
39ec7bffc9f9c9ddcf3986ec4453a5e14c4761c24037b608a82e90d5d42775b0
target:pali-sinhala-parallel:68057:3
හේතුව කියමි, නිදානය කියමි, සම්භවය කියමි, ප්‍රභවය කියමි, ආහාරය කියමි, ආරම්මණය කියමි, ප්‍රත්‍යය කියමි, ඇතිවීම කියමි, දේශනා කරන්නෙමි, පනවන්නෙමි, තබන්නෙමි, විවෘත කරන්නෙමි, ප්‍රකාශ කරන්නෙමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
85d23268ddc41d816c8bc371a01ae628b1fca206c0776206f5316e77b5a5a59d
target:pali-sinhala-parallel:68057:4
“යම්සේ දැනගතයුතුද යනු දැනගතයුතුද අවබෝධකටයුතුද, මෙය මෙසේවූයේ නොවේ. මෙය ආරංචියෙන් දැනගත්තේ නොවේ. කොටස් වශයෙන් ගන්නේ නොවේ. නොයෙක් තර්කහේතුවෙන් නොවේ. ආකාර සලසා විතර්කයෙන් ගත්තේ නොවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
f5d6cc8300afeea87b6128b5f6789a5764e4702618fe73d7647f1c605ffd17ce
target:pali-sinhala-parallel:68057:5
දෘෂ්ටිය විනිවිද බැලීමෙන් නොවේ. තනියම තෙමේම අවබෝධ කරගත් තමාට ප්‍රත්‍යක්ෂ ධර්මයයි. 3. “උපධි හේතුවෙන් දුක් හටගනිත්,” යන්නෙහි උපධීහු දශයක්වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
ec1396dff9b89c7d600f83ba822e509d477e773b7318c9ffddf95e4844c8b1fe
target:pali-sinhala-parallel:68057:6
තෘෂ්ණා උපධි, කෙලෙස් උපධි, කර්ම උපධි, දුශ්චරිත උපධි, ආහාර උපධි, සතර උපාදින්නක ධාතු උපධි, ආධ්‍යාත්මික ආයතන සයේ උපධිය, සයවැදෑරුම් විඤ්ඤාණයන්ගෙන් ඇතිවූ කායොපධිය, සියලු දුක දුක්ඛාර්ථයෙන් උපධිය, මේ දශ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
7a7dc5585f5eb9c6057ad1528174740c22f2c9ad9766c86f8f743965cb9521b2
target:pali-sinhala-parallel:68057:7
උපධියයි කියත් ‘දුක්’ යනු ජාතිදුක, ජරාදුක, ව්‍යාධිදුක, මරණදුක, ශොක පරිදෙව (වැළපීම) කායික දුක, දොම්නස, දැඩි ආයාස දුක, දෘෂ්ටි ව්‍යසන දුක යනුයි යම් ධර්මයන්ගේ මුලපටන් ඇතිවීම පෙණේද, අස්තයට යාම් වශයෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
e0e29a6ebba62a86d497a8198be2247ec959266ea3c78e1ce49986aa20f1cdba
target:pali-sinhala-parallel:68057:8
නිරෝධය පෙණේද, කර්මය හා මිශ්‍රවූ විපාකයක්වේද, මේ දුක්යයි කියත්. මේ දුක් උපධි (කෙලෙස්) නිදානකොට ඇත්තෝවෙති. උපධි (කෙලෙස්) හේතුකොට ඇත්තෝවෙති. උපධි ප්‍රත්‍යයකොට ඇත්තෝවෙති. උපධි කාරණකොට ඇත්තෝවෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
8b157b5062d5e4d8944f76b8632f5e96114e0735cb3d265c6f401099ee0757dd