sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:68057:9
ඇතිවෙත්, හටගනිත්, පහළ වෙත්. දුක් උපධි නිදානකොට පහළවෙත්. 4. “ලෝකයෙහි යම්කිසි නොයෙක් රූපයෝ” යන්නෙහි යම්කිසි යනු සියල්ලෙන් සියල්ල සර්වප්‍රකාරයෙන් සර්වප්‍රකාරය ඉතිරි නොකොට වටකොටගන්නා වචනයකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
83237bf1c9ec6856a21839d17e79ef26995f6e1e15df54e992e8f7bb90ca45ee
target:pali-sinhala-parallel:68058:1
“තිස්සය, යමෙක් නොදැනීමෙන් උපධිහු රැස් කෙරේද” යන්නෙහි “යම්බඳු” යනු යම්බඳු යම් ප්‍රකාරයකින් යුක්ත යම් අයුරකට පැමිණි යම් සද්ධර්මයකින් යුක්තවූ ක්ෂත්‍රියයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වෛශ්‍යයෙක් හෝ ශුද්‍රයෙක් හෝ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
bdc0b6f2a089b9d4fc0ef42d690fc3a77888b203ebd3a6c004bc7280db36d7b6
target:pali-sinhala-parallel:68058:10
“දුක්ඛයාගේ යනු ජාතිදුක්ඛයාගේ ජරාදුක්ඛයාගේ ව්‍යාධිදුක්ඛයාගේ, මරණ දුක්ඛයාගේ, ශොක, වැළපීම්, දුක් දොම්නස් දැඩි ආයාස දුක්ඛයාගේ යනුයි. 5.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
d9f25996315652b92ed952849a3503871419e95b3bdf89864b829c31cf27a906
target:pali-sinhala-parallel:68058:11
“ඇතිවීම දක්නේ” යනු දුක්ඛයාගේ මුල දක්නේ, හේතුව දක්නේ ප්‍රභවය දක්නේ සම්භවය දක්නේ, ඇතිවීම අනුව දක්නේ, ආහාරය අනුව දක්නේ ආරම්මණය අනුව දක්නේ ප්‍රත්‍යය අනුව දක්නේ, සමුදය අනුව දක්නේ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
74b1b6e6b5d3f67d230deae9355ea37cf3d61412072ec1ff2100a3da63cf9935
target:pali-sinhala-parallel:68058:12
අනුපස්සනාව (අනුව දැකීම) යනු යම් ප්‍රඥාවක් ඇද්ද (මහා නිද්දෙසයේ (2-8) 10 ඡේදයේ යම් ප්‍රඥාවක් යන තැන සිට 14 ඡේදය අවසානය දක්වා යොදාගත යුතුයි.) අමොහ, ධම්ම විචය, සම්මාදිට්ඨිය යන මේ අනුපස්සනාවෙන් ප්‍රඥාවෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
bd321689eabb4442d53daad525d67fde4b273ee0af7827f04a78cf12054cfe3b
target:pali-sinhala-parallel:68058:13
යුක්ත වූයේවේද, හෙතෙම අනුව දක්නේයයිද දුක දන්නේයයිද ජාතියගේ ප්‍රභවය දක්නේයයි ද කියයි. එහෙයින් භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
7fd9ce55d5e2c322ee9338cb35d03f431c49366a3e44df75e15f5a72e1454e49
target:pali-sinhala-parallel:68058:2
ගෘහස්ථයෙක් හෝ ප්‍රව්‍රජිතයෙක් හෝ දෙවියෙක් හෝ මිනිසෙක් හෝ යනුයි. “නොදැනීමෙන්” යනු මෝඩවූ තැනැත්තේ නොදන්නා තැනැත්තේ උපධි රැස් කරයි යනු තෘෂ්ණා උපධි රැස්කරයි. දෘෂ්ටි උපධි රැස්කරයි. ක්ලේශ උපධි රැස්කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
6084ebeb2eaa334dc8ea2e3201b8c699b1711b66dba1398e2f6d3784c120abaf
target:pali-sinhala-parallel:68058:3
කර්ම උපධි රැස්කරයි. දුශ්චරිත උපධි රැස්කරයි. ආහාර උපධි රැස්කරයි. ප්‍රතිඝ උපධි රැස්කරයි. සතර උපාදින්න ධාතු උපධි රැස්කරයි. සැවැදෑරුම් ආධ්‍යාත්මික ආයතන උපධි රැස්කරයි. සවැදෑරුම් විඤ්ඤාණකකාය උපධි රැස්කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
2ca292f1564b067b78384b53140627f3f8bbe36ef8ca0591dc4fa64fe7c952a2
target:pali-sinhala-parallel:68058:4
උපදවයි. “අඥාන තැනැත්තේ නැවත නැවත දුකට පැමිණෙයි’ යනු නැවත නැවත ජාතිදුකට ජරාදුකට ව්‍යාධිදුකට මරණදුකට ශොක වැළපීම් කායිකදුක්, දොම්නස්, දැඩි ආයාස දුකට පැමිණෙයි. ඇති කරයි, උපදවයි, පරාමර්සනය කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
476ac52485540d2db9bd7fc41a30076f78d0a7742f80e99bbe4116bc8ae5b605
target:pali-sinhala-parallel:68058:5
අනාථවෙයි අඥාන තැනැත්තේ උපධි රැස්කරයි යනුයි. “අඥාන තැනැත්තේ” යනු මෝඩ තැනැත්තේ අවිද්‍යාවෙන් යුක්ත තැනැත්තේ යනුයි. 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
d91a26bd96195f0ae3e17052ed2d178db249319398a83d1c30f28850394eed8c
target:pali-sinhala-parallel:68058:6
“එහෙයින් දැනගත් තැනැත්තා විසින් උපධි නොකොට යුතුය.” යන්නෙහි එහෙයින් යනු ඒ කාරණයෙන් ඒ හේතුවෙන්, ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් මේ ආදීනවය සලකා යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
cf5d86e6ad301b38afccbd53f1f02a7f61d64bff3b84986c8b3ba9db11232955
target:pali-sinhala-parallel:68058:7
දැනගන්නා තැනැත්තේ සියලු සංස්කාරයන් අනිත්‍යයයි දැනගන්නා තැනැත්තේ අවබෝධකරණ තැනැත්තේ සියලු සංස්කාරයෝ දුක්යයි සියලු ධර්මයෝ අනාත්මයයි දැනගන්නා තැනැත්තේ අවබෝධ කරණ තැනැත්තේ යම්කිසි හේතුවකින් උපන් ධර්මයක්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
a66596d026799029c1be82c33bbe6827b7a3e12fe7b932a242a6ab2cea2f28d7
target:pali-sinhala-parallel:68058:8
ඇද්ද එය නිරුද්ධිය පිණිස පවත්නේයයි දැනගන්නා තැනැත්තේ අවබෝධ කරණ තැනැත්තේ යනුයි. 3. “උපධි රැස් නොකරන්නේය” යනු තෘෂ්ණා උපධි නොකරන්නේය. දෘෂ්ටි උපධි නොකරන්නේය. කෙලෙස් උපධි නොකරන්නේය. දුශ්චරිත උපධි නොකරන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
007a2d84aec9d5661f888485788c78f02f13cf66ff2d5cdd68b2b10e44090dd4
target:pali-sinhala-parallel:68058:9
ආහාර උපධි නොකරන්නේය පටිඝ උපධි නොකරන්නේය. සතර උපා දින්නක ධාතු උපධි නොකරන්නේය. සවැදෑරුම් ආධ්‍යාත්මික ආයතන උපධි නොකරන්නේය සවැදෑරුම් විඤ්ඤාණක කාය උපධි නොකරන්නේය. ඇති නොකරන්නේය යනුයි. 4.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
2592e2162b89826606d6203ed3c35c0cfb2aa9a3f00887bc1d5cbdc9f3ba356d
target:pali-sinhala-parallel:68059:0
(4-4) 1. “යමක් අපි විචාළෙමුද එය අපට ප්‍රකාශ කළහ” යන්නෙහි යම් ඒ දෙයක් විචාළෙමුද ඉල්ලීමුද යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
d94fbba129ea726ed4d85ab773d0f75047a1be97b44f41ac9988b9a76995be53
target:pali-sinhala-parallel:68059:1
“අපට ප්‍රකාශ කළහ” යන්නෙහි කියන ලදී, දේශනා කරණ ලදී, පණවන ලදී, තබන ලදී, විවෘත කරණ ලදී, ප්‍රකාශ කරණ ලදී යනුයි. “අනික් දෙයක් විචාරමි. එයද කියනු මැනවි.” යනු අනික් දෙයක් විචාරමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
52758778e285cc719e2ea7383ad3e7ede3731a9d870789fb702cb1cc88b1bda3
target:pali-sinhala-parallel:68059:10
“නුවණැත්තෝ කෙසේ ඕඝය ඉක්මවත්ද ජාති ජරා ශොක පරිදෙවයන් (වැලපීම්) ඉක්මවත්ද එය මුනිතෙමේ මනාකොට ප්‍රකාශ කරණු මැනවි, යන්නෙහි “එය” යනු යමක් විචාරම්ද, යමක් ඉල්ලම්ද යමක් පහදවම්ද යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
3c55744db832028a72ce4b49d741a6668775f51cca1d15d661e81e02e5688d3f
target:pali-sinhala-parallel:68059:11
“මුනි” යනු මොනයයි ඥානයට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
b0498459b45ab8ff936bc7881ba3596f48cd32a458116ebb5416f3d17ddc791b
target:pali-sinhala-parallel:68059:12
යම් ප්‍රඥාවක් ඇද්ද (මහා නිද්දෙසයේ (2-8) 10 ඡේදයේ යම් ප්‍රඥාවක් යන තැන සිට 14 ඡේදය දක්වා යොදාගත යුතුයි.) ධම්ම විචය නම්වේද, සම්‍යක් දෘෂ්ටිය නම් වේද භාග්‍යවතුන් වහන්සේ ඒ ඥානයෙන් යුක්තවූයේ මුනි නම්වූයේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
c023c4f16dc7489d956c19d5665e4fa7eefd75f27c0c15058c1a1293daed18b0
target:pali-sinhala-parallel:68059:13
මොන නම් ඥානයෙන් යුක්තවූයේ වෙයි. “මොනෙය්‍ය” නම් කාය මොනෙය්‍ය, වචී මොනෙය්‍ය, මනො මොනෙය්‍ය යනුයි. කාය මොනෙය්‍යය කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
13d7cb4dca2d6c8f4925d2dbc32472c7f4a264bf817be7df5821a7149d0408bf
target:pali-sinhala-parallel:68059:14
(2-8) (ii) (12) (13) ඡේද යොදාගත යුතුයි) මනාකොට ප්‍රකාශ කරණු මැනවි යනු එය මනාකොට කියනු මැනවි දේශනා කරණු මැනවි, පණවනු මැනවි. තබනු මැනවි. විවෘත කරණු මැනවි. බෙදනු මැනවි. ප්‍රකට කරණු මැනවි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
be5b089b8f065fafe9e701148b3035c7b5b202bca773a3d18a77d45b50406da6
target:pali-sinhala-parallel:68059:15
එය මට මුනින් වහන්සේ මනාකොට දේශනා කරණු මැනවි. මේ ධර්මයයි මෙසේ ඔබවහන්සේ විසින් අවබෝධ කරගත් ධර්මය යන්නෙහි එසේ ඔබ වහන්සේ විසින් දන්නා ලද ධර්මය යනුයි. එහෙයින් ඒ බ්‍රාහ්මණතෙම මෙසේ කීය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
aaed63a44b6d0fc5eeab7698e128575012298c57192f8229a71f8e4f57f3cfee
target:pali-sinhala-parallel:68059:2
එයද දැන් දේශනා කරණු මැනවි, දැන් කියනු මැනවි, පහදවනු මැනවි, තබනු මැනවි, විවෘත කරණු මැනවි, ප්‍රකාශ කරණු මැනවි. 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
4f9bfdfbaa02a8be120642651005013d45c590d108d768b51037fb7b3aa4fd1c
target:pali-sinhala-parallel:68059:3
“කෙසේ නම් පණ්ඩිතයෝ ජාති ජරා ශෝක පරිදෙව ඕඝය ඉක්මවත්ද” යන්නෙහි කෙසේනම් යනු සංසය නම්වූ ප්‍රශ්න, විමති නම්වූ ප්‍රශ්න, ද්වෙල්හක නම්වූ ප්‍රශ්න, මෙසේ වූයේද, මෙසේ නුවූයේද කවරක්වූයේද, කෙසේවූයේද යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
40204ddb314d6a28eb7648e84253d81a74da3c3e48bf7c44df3b622ab980cf04
target:pali-sinhala-parallel:68059:4
“නුවණැත්තෝ” යනු පණ්ඩිතයෝ, ප්‍රඥාවන්තයෝ, බුද්ධිමත්හු, ඥානය ඇත්තෝ යනුයි. ‘ඕඝය’ යනු කාමොඝය, භවොඝය, දිට්ඨොඝය, අවිජ්ජොඝය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
6e4f6866d1fda8dd0bd043f75aa173ad5e5c8ccb64e64e6ae369ea16e1d26527
target:pali-sinhala-parallel:68059:5
(ii) “ජාති” යනු සත්වයන්ගේ ඇතිවීමක් පහළවීමක් ඇද්ද එයයි ‘ජරා’ යනු සත්වයන්ගේ යම් ජරාවක් දිරීම බවක් ඇද්ද එයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
fe3d19cedc2785134259343893130ffa82cd2b34263e100a8933c50b97a31ac7
target:pali-sinhala-parallel:68059:6
‘ශොක’ යනු ඥාති ව්‍යසනයෙන් හෝ ස්පර්ශ කරණ ලද්දහුගේ භොග ව්‍යසනයෙන් හෝ ස්පර්ශ කරණ ලද්දහුගේ රොග ව්‍යසනයෙන් හෝ ස්පර්ශ කරණ ලද්දහුගේ සීල ව්‍යසනයෙන් හෝ ස්පර්ශ කරණ ලද්දහුගේ දෘෂ්ටි ව්‍යසනයෙන් හෝ ස්පර්ශ කරණ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
5680ca5b54e0c8edbd4ddf24acfdb1697b0c7634583af6bdf8f22fe707a7ded3
target:pali-sinhala-parallel:68059:7
ලද්දහුගේ වෙනින් අනික් ස්පර්ශයන්ගෙන් හෝ යුක්ත වූවහුගේ ශෝකයක් ඇද්ද ශොක කිරීමක් ඇද්ද ඇතුළත ශෝකයක් ඇද්ද, ඇතුළත දාහයක් ඇද්ද, සිතේ විශේෂයෙන් දැවීමක් ඇද්ද, දොම්නසක් ඇද්ද ශොක නමැති හුලක් ඇද්ද, එයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
c3d47951cdde5d88928eb2150ac9026e0895edba5c4a791ef95f8910090a95fc
target:pali-sinhala-parallel:68059:8
පරිදෙවය නම් ඥාති ව්‍යසනයෙන් හෝ ස්පර්ශ කරණ ලද්දහුගේ භොග ව්‍යසනයෙන් හෝ ස්පර්ශ කරණ ලද්දහුගේ රොග ව්‍යසනයෙන් හෝ ස්පර්ශ කරණ ලද්දහුගේ ශීල ව්‍යසනයෙන් හෝ ස්පර්ශ කරණ ලද්දහුගේ වෙනින් අනික් ව්‍යසනයන්ගෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
afb16014bf5470a3311702e4325c9014ee929dffad18ec248f0c57a3b440051a
target:pali-sinhala-parallel:68059:9
යුක්තවූවහුගේ හැඬීමක් ඇද්ද වැළපීමක් ඇද්ද, විලාපයක් ඇද්ද එයයි. 3.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
862c40ee4a1dfb5cbc4fe79e364c0f3c80b43b02a51641a87d41cb9a9fc2ac84
target:pali-sinhala-parallel:68060:0
(4-5) 1. “තට ධර්මය දේශනා කරන්නෙමි” යන්නෙහි මුල යහපත්වූ මැද යහපත්වූ අග යහපත්වූ අර්ථ සහිතවූ ව්‍යඤ්ජන සහිතවූ සියල්ල පරිපූර්ණවූ බ්‍රහ්මචරියාව සතර සතිපට්ඨානයන් සතර සම්‍යක් ප්‍රධානයන් සතර ඍද්ධිපාදයන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
d2f390ccdd3f7edb4551537f834490f9b2220a5396ac8b72796cdb0383f0735a
target:pali-sinhala-parallel:68060:1
පඤ්චෙන්ද්‍රියයන් පංච බලයන් සප්තබොධ්‍යංගයන් ආර්ය අෂ්ටාංගික මාර්ගය නිර්වාණය නිර්වාණ ගාමිනි ප්‍රතිපදාව, ප්‍රකාශ කරන්නෙමි. දේශනා කරන්නෙමි. පනවන්නෙමි බෙදන්නෙමි. ප්‍රකට කරන්නෙමි යනුයි. 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
1746fcaa61f52df2b69221ec8d50a9a62de118707d905b64361a2ab5dc3c12c4
target:pali-sinhala-parallel:68060:10
විසත්තිකා නමි. විසුරුනේනුයි විසත්තිකා නමි. පැතුරුනේනුයි විසත්තිකා නමි. විෂමවූයේනුයි විසත්තිකා නමි. විසහරනේනුයි විසත්තිකා නමි. විෂමුල් බැවින් විසත්තිකා නමි. විෂ ඵල බැවින් විසත්තිකා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
67d077410748fc0b182a3518932159e07196848e99bfcafeb0ad40a6e977fc6d
target:pali-sinhala-parallel:68060:11
විෂ පරිභොග බැවින් විසත්තිකා නමි. විෂයන්ට ආවාසනුයි විසත්තිකා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
92391badcdc50c0a14155890ff2ab9cd27c2fefc6ace4a32752330b3604c95e3
target:pali-sinhala-parallel:68060:12
රූපයෙහි ශබ්දයෙහි ගන්ධයෙහි රසයෙහි ස්පර්ශයෙහි කුලයෙහි ගණයෙහි ආවාසයෙහි ලාභයෙහි ප්‍රශංසාවෙහි සැපයෙහි චීවරයෙහි පිණ්ඩපාතයෙහි සෙනාසනයෙහි ගිලන්පස බෙහෙත් පිරිකරෙහි කාම ධාතුවෙහි හෝ රූපධාතුවෙහි හෝ අරූප ධාතුවෙහි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
b6c74d0bdade93168af49f6e6dfcf208fbf84d49df33d10c3afe3c95a00e89c5
target:pali-sinhala-parallel:68060:13
හෝ කාම භවයෙහි සංඥා භවයෙහි අසඤ්ඤ භවයෙහි නෙවසඤ්ඤා නාසඤ්ඤා භවයෙහි එකවොකාර භවයෙහි චතුවොකාර භවයෙහි පඤ්චවොකාර භවයෙහි අතීතයෙහි අනාගතයෙහි පවත්නා කාලයෙහි දැකී දෙයෙහි ඇසූ දෙයෙහි ස්පර්ශ කළ දෙයෙහි දැනගතයුතු
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
5a18680f880047a91fe500a1784ef86165fb60dbe3e46386a51a0aed1d5334bd
target:pali-sinhala-parallel:68060:14
ධර්මයන්හි ඇලුනේනුයි විසිරුනේනුයි විසත්තිකා නමි. 6. “ලෝකයෙහි” යනු අපාය ලෝකයෙහි මනුෂ්‍යලෝකයෙහි දිව්‍ය ලෝකයෙහි ස්කන්ධ ලෝකයෙහි ධාතුලෝකයෙහි ආයතන ලෝකයෙහි යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
47e3f1e264bc4937f102d970535c69bda13b7da9a01719508781dcab5249afdb
target:pali-sinhala-parallel:68060:15
“ලෝකයෙහි විසත්තිකා නම් තෘෂ්ණාව තරණය කරන්නේය යන්නෙහි ලොක යනු ඒ විසත්තිකා ලෝකය හෝ ඒ විසත්තිකාව හෝ සිහි ඇතිව තරණය කරන්නේය. ඉක්ම වන්නේය, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
1ae3fa1437fd1bf0153a021c7136d27fed2d5764194f61d12acb4490a418b074
target:pali-sinhala-parallel:68060:2
“භාග්‍යවතුන් වහන්සේ ‘මෙත්තගු මානවකය තොපට ධර්මය දේශනා කරන්නෙමි’ යනුයි මෙසේවූයේයයි ආරංචියෙන් නොකියන ධර්මයෙහි” යනු දුටු ධර්මයෙහි දැනගත් ධර්මයෙහි සමකොට බැලු ධර්මයෙහි තීරණය කළ ධර්මයෙහි ප්‍රකට කළ ධර්මයෙහි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
18c28166fcdbc7867af2f0cb130e38bd7a6fbae657a65180b60c8dcb79b70d46
target:pali-sinhala-parallel:68060:3
(ii) සියලු සංස්කරයෝ අනිත්‍යයයි සියලු සංස්කාරයෝ දුක්යයි සියලු ධර්මයෝ අනාත්මයයි. යම්කිසි ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයක් ඇද්ද, ඒ සියල්ල නිරුද්ධිය පිණිස පවත්නේයයි දුටු ධර්මයෙහි දැනගත් ධර්මයෙහි යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
a49e7fa04b34e513a95f1bcb574e82f809541775d1c9b6d21febf9b36abef27a
target:pali-sinhala-parallel:68060:4
මෙසේද දුටු ධර්මයෙහි “මෙසේ වූයේයයි ආරංචියෙන් දැනගත්තක් නොව යනු මෙසේ වූයේයයි අසා හෝ ආරංචි මාත්‍රයෙන් හෝ කොටස් වශයෙන් ගෙන හෝ තර්ක වශයෙන් හෝ ආකාර වශයෙන් විතර්ක කොට හෝ දෘෂ්ටිය විනිවිද බැලීමෙන් හෝ නොව තෙමේම
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
8199ece3b7390d1a4d8e76978edfcdc4118871c6aa369a8689a3478c570074f4
target:pali-sinhala-parallel:68060:5
අවබෝධකොට ගත් තමාට ප්‍රත්‍යක්ෂවූ ධර්මය තට දේශනා කරන්නෙමි. 3.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
65e10d363f8e2972abf9789c91519cc5e5dafd52cfaf288e905438363dcbd6cf
target:pali-sinhala-parallel:68060:6
“යම් හෙයකින් උතුම් යයි යමක් දැනගන්නා ලදද යනු යමක් දැන සමකොට බලා තීරණයකොට ප්‍රකටකොට, සියලු සංස්කාරයෝ අනිත්‍යයයි දැනීම ඇතිකොට තීරණය කොට ප්‍රකටකොට සියලු සංස්කාරයෝ දුක්යයි සියලු ධර්මයෝ අනාත්මයයි දැනීම
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
54cef96e60dd1f071266aa6448457be0302b4d2c854376f187003e217635a3ee
target:pali-sinhala-parallel:68060:7
ඇතිකොට තීරණයකොට ප්‍රකටකොට යම්කිසි හේතු ප්‍රත්‍යයකින් උපන් ධර්මයක් ඇද්ද, ඒ සියල්ල නිරුද්ධිය පිණිස පවත්නේයයි දැනීම ඇතිකොට සම කොට බලා තීරණයකොට ප්‍රකටකොට යනුයි ‘සිහි ඇත්තේ යනු කරුණු සතරකින් සිහි ඇත්තේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
96703cdc638f57b1d2d3ba144304be5cfb71ebf3c34384dd47c6a765c348dd90
target:pali-sinhala-parallel:68060:8
යනුයි, 4. කයෙහි කය අනුව බලන සිහි ඇත්තේනුයි සිහි ඇත්තේ නමි. (1-8) 4 (ii) යෙදිය යුතුයි) හෙතෙම සිහි ඇත්තේ නමි. හැසිරෙත් යනු ඉරියව් පවත්වන්නේ, පාලනය කරන්නේ යැපෙන්නේ යනුයි. 5.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
4cdcbe6f535d7217882e17592bea6af4b9c26915c8732aa29e0e8cfdbe70b525
target:pali-sinhala-parallel:68060:9
“යමක් දැන සිහි ඇත්තේ හැසිරෙන්නේ ලෝකයෙහි විසත්තිකා නම් තෘෂ්ණාව තරණය කරන්නේය යන්නෙහි විසත්තිකා නම් තෘෂ්ණාවයි යම් රාගයක් ඇද්ද ඇලීමක් ඇද්ද (මහා නිද්දෙසයේ (1-3) 4 යෙදිය යුතුයි.) විශේෂයෙන් ඇතුළුවේනුයි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
e51a9eff8fd918857f02364bc9ea08cdcc4efbe96fc8a0b77a995ae364a372e0
target:pali-sinhala-parallel:68061:0
(4-6) 1. “එයට මම සතුටු වෙමි” යන්නෙහි එයට යනු ඔබගේ වචනයට ගැලපූ දෙශනයට සතුටුවෙමි. අනූමෝදන් වෙමි. කැමති වෙමි. යනුයි. ‘මහර්ෂි’ යනු කුමක් හෙයින් භාග්‍යවතුන් වහන්සේ මහර්ෂි නම් වේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
74f465b0e28dc8e37db52018cf3bac685d41e1e830f4e959a3fc6ddcbd130396
target:pali-sinhala-parallel:68061:1
මහත්වූ ශීල සමූහයක් සෙවීය, ගවෙෂණය කළේය, පර්යේෂණය කළේය. එබැවින් මහර්ෂී නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
580e089dbcabffa04c638fa94ea01ef7875cb9a70a0cfede6d1eff38467b0c11
target:pali-sinhala-parallel:68061:10
“දැන සිහි ඇතිව හැසිරෙත් යනු” දැන සමකොට බලා තීරණයකොට ප්‍රකට කොට සියලු සංස්කාරයන් අනිත්‍යයයි දැන සමකොට බලා තීරණයකොට ප්‍රකටකොට සියලු සංස්කාරයෝ දුක්යයි සියලු ධර්මයෝ අනාත්මයයි දැන සම කොට බලා ප්‍රත්‍යක්ෂකොට
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
44c3d496cd86c583691f477351e8ac2fda701215b70a61d1b7fe520db372b608
target:pali-sinhala-parallel:68061:11
යම්කිසි හේතු ප්‍රත්‍ය ධර්මයක් ඇද්ද ඒ සියල්ල නිරුද්ධිය පිණිස පවත්නේයයි දැන සමකොට බලා තීරණයකොට සිහි ඇත්තේ යනු කරුණු සතරකින් සිහි ඇත්තේනමි. කයෙහි කය අනුව බලන සිහිය වඩන්නේනුයි සිහි ඇත්තේ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
a21daa8add8624ad0668e4ad12d8ba40271ddaab620f3ee5087a0d10debf1cfc
target:pali-sinhala-parallel:68061:12
සිතෙහි සිත අනුව බලන සිහිය වඩන්නේනුයි. වේදනාවන්හි වේදනාවන් අනුව බලන සිහිය වඩන්නේනුයි. ධර්මයෙහි ධර්මය අනුව බලන සිහිය වඩන්නේනුයි සිහි ඇත්තේනමි. (1-8) 4 (ii) යෙදිය යුතුයි.) හෙතෙම සිහි ඇත්තේයයි කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
0eda5ac39db08650144962933ac564e9936be32738881a2e0812197de802d49c
target:pali-sinhala-parallel:68061:13
හැසිරෙත් යනු හැසිරෙන්නේ වාසය කරන්නේ ඉරියව් පවත්වන්නේ යැපෙන්නේ යනුයි. යමක් දැන සිහි ඇතිව හැසිරෙන්නේ ලෝකයෙහි විසත්තිකානම් තෘෂ්ණාව තීරණය කරන්නේය යන්නෙහි විසත්තිකා යනු තෘෂ්ණාවට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
b444ada42134e16ee8a9aec5af211bc5e3da1c94c6c884e25e02b0e05c16910a
target:pali-sinhala-parallel:68061:14
යම් රාගයක් ඇද්ද ඇලීමක් අභිධ්‍යාවක් ලෝභයක් අකුශල මූලයක් ඇද්ද එයයි. 3.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
b625fe78d22ee3d0f5d80bb36bce196878b3c59b10e81da55e3230121d50b9b4
target:pali-sinhala-parallel:68061:15
“විසත්තිකා යනු කවර අර්ථයකින් විසත්තිකා නම් වේද, (මහා නිද්දෙසයේ (10-12) 3 යෙදිය යුතුයි.) ලෝකයෙහි යනු අපාය ලෝකයෙහි (1-1) 1 (i) යෙදිය යුතුයි) ලෝකයෙහි විසත්තිකාව තරණය කරන්නේය යනු ලෝකයෙහි විසත්තිකාව තරණය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
d29ccc249d95a86393ea3d74981f93191765718c1f96b11f65d131ff8b176b8d
target:pali-sinhala-parallel:68061:16
කරන්නේය. ඉක්මවන්නේය යනුයි. එහෙයින් ඒ බ්‍රාහ්මණතෙම මෙසේ කීය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
e4b1be0e916f7ec43a2aa80659eefb11ef977b4303f5127bcc04931357cbf65b
target:pali-sinhala-parallel:68061:2
මහත්වූ සමාධි ස්කන්ධයක් මහත්වූ විමුක්ති ස්කන්ධයක්, මහත්වූ විමුක්ති ඥාන දර්ශන ස්කන්ධයක් සෙවීය, ගවේෂණය කළේය, පර්යේෂණය කළේය, එබැවින් මහර්ෂී නමි. මහත්වූ අන්ධකාර සමූහය බිඳ දැමීම සෙවීය. ගවේෂණය කළේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
fa69f07d196d8d269d3c668a582fd303803c7151dcdf02b81a19f78c2e1582fa
target:pali-sinhala-parallel:68061:3
පර්යේෂණය කළේය. එබැවින් මහර්ෂී නමි. මහත්වූ විපර්යාසයාගේ (වෙනස්වීමේ) බිඳීම සෙවූයේය. පර්යේෂණය කළේය. එබැවින් මහර්ෂී නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
abe56157faf198ccd6425efd066bb1027b91a80268f49e467b93dc9761bfed6d
target:pali-sinhala-parallel:68061:4
මහත්වූ තෘෂ්ණා උල උදුරා දැමීම සෙවූයේය, ගවෙෂණය කළේය, පර්යේෂණ කළේය, එබැවින් මහර්ෂී නමි. මහත්වූ දෘෂ්ටි රැස්වීම ලිහා දැමීම සෙවූයේය. ගවෙෂණ කළේය. පර්යේෂණය කළේය, එබැවින් මහර්ෂී නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
c42115b7f4a57d7f74c4f7b1dc670fad3b5d8dbb94bf2dde5ff43b3ec611dd73
target:pali-sinhala-parallel:68061:5
මහත්වූ මාන ධජය පහත දැමීම සෙවූයේය. ගවෙෂණය කළේය, පර්යේෂණය කළේය. එබැවින් මහර්ෂී නමි. මහත්වූ ඕඝයාගේ එතරවීම සෙවීය. ගවෙෂණය කළේය. පර්යේෂණය කළේය. එබැවින් මහර්ෂි නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
cd2a746689590129e2dc6eb737afbdabfd4defffdde4f07e35e389ecefbe30c7
target:pali-sinhala-parallel:68061:6
මහත්වූ භාරයාගේ බහා තැබීම මහත්වූ සංසාර වෘත්තයාගේ සිඳීම, මහත්වූ තැවීමේ නිවීම මහත්වූ දැවිල්ල සංසිඳීම මහත්වූ ධර්මද්‍ධධ්වජයාගේ එසවීම මහත්වූ සතිපට්ඨානයෙහි මහත්වූ සම්‍යක් ප්‍රධානයෙහි මහත්වූ ඍද්ධි පාදයෙහි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
bc7e52aa92270d5ead4478e5ad4ec60ac7c5899b199455d9b9d54cd1ca12b897
target:pali-sinhala-parallel:68061:7
මහත්වූ ඉන්ද්‍රියයන් මහත්වූ බලයන් මහත්වූ බොධ්‍යංගයන් මහත්වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය මහත්වූ පරමාර්ථය මහත්වූ නිර්වාණය සෙවීය, පර්යේෂණය කළේය. සෙවීය. එබැවින් මහර්ෂි නමි. බුදුරජතෙම කොහිද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
c66ce4d8e8d4c6f34c3a9215c16b09138db5161210d368788262fdb149bc327b
target:pali-sinhala-parallel:68061:8
භාග්‍යවතුන් වහන්සේ කොහිද? දෙවාති දෙවයන් වහන්සේ කොහිද? නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කොහිද කියා මහෙශාක්‍යවූ සත්වයන් විසින් සොයන ලද්දේය. ගවේෂණය කරණ ලද්දේය, පර්යේෂණය කරණ ලද්දේය, එබැවින් මහර්ෂී නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
5531da085df427817e2d02b074a9c07db483dc90b8db3c0bd6bb291f6e24f4d8
target:pali-sinhala-parallel:68061:9
මහර්ෂි ධර්මය උතුම්යයි කියත්. යම් ඒ සියලු සංස්කාරයන් සංසිඳවූ සියලු උපධීන් බහාතැබූ තෘෂ්ණාව දුරුකළ විරාගවූ නිරෝධවූ නිර්වාණය උත්තමය අග්‍රය, ශ්‍රේෂ්ඨය, ප්‍රමුඛයයි උතුම් ධර්මයයි මහෙසී නමි. 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
e7c0b34340fd0c686b7ea3bd583e6c68eebdddbd2b55c7022bbfacf2cc4463fd
target:pali-sinhala-parallel:68062:0
(4-7) 1. “යම් කිසිවක් දැනගනිම්ද අවබෝධ කෙරෙම්ද යනුයි. “මෙත්තගු” යනු භාග්‍යවතුන් වහන්සේ බ්‍රාහ්මණයාට නාමයෙන් ආමන්ත්‍රණය කරති. “භාග්‍යවත්” යනු ගෞරව වචනයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
bc2af9cdc3780fab3bcc8e18f38dea0692648c028c705d1121c3cebdface2349
target:pali-sinhala-parallel:68062:1
(මහා නිද්දෙසයේ (7-2) 4 යෙදිය යුතුයි.) ප්‍රත්‍යක්ෂ කරණලද ප්‍රඥප්තියයි. මේ භගවත් යනුයි. භාග්‍යවතුන් වහන්සේ ‘මෙත්තගු’ මානවකයෙනි, උඩද, යටද සරසද මැදද යන්නෙහි උඩයයි අනාගතයට කියයි. යට යයි අතීතයට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
ed15186477cb4bb923e21d560fd9bbbb74109ba6ebd752269bdc5cbc5509b6be
target:pali-sinhala-parallel:68062:2
සරස හා මැද යයි වර්තමානයට කියයි. උඩයනු දිව්‍ය ලෝකයයි යට යනු නරකයයි. සරස හා මැදයයි මනුෂ්‍ය ලෝකයයි උඩ යනු කුශල ධර්මයෝයි. යට යනු අකුශල ධර්මයෝයි. සරස හා මැද යනු අව්‍යාකෘත ධර්මයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
28c7aa26cbae0900f6b29d81f78aa8d746ec097213d51c6cb5237f8a5006d261
target:pali-sinhala-parallel:68062:3
උඩ යනු අරූප ධාතුයි යට යනු කාම ධාතුයි. සරස හා මැද යනු රූප ධාතුයි. උඩ යනු සැප වේදනාවයි. යට යනු දුක්ඛ වේදනාවයි. සරස හා මැද යනු අදුක්ඛමසුඛ වේදනාවයි. උඩ යනු පාතාලයෙන් උඩයි. යටයනු හිසකේ වලින් යට යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
fc0b0baa94971d811ce2780a7a27c6b893014a30ee61f3b1ddc3a5a71d875352
target:pali-sinhala-parallel:68062:4
මේ යනු කියනලද පනවන ලද තබනලද යනුයි. ‘නන්දි’ යනු තෘෂ්ණාවට කියයි. යම් රාගයක් ඇද්ද ඇලීමක් ඇද්ද, අභිධ්‍යාවක් ලෝභයක් අකුශල මූලයක් ඇද්ද එයයි. ‘නිවෙසන’ යනු නිවෙසන දෙකකි. තෘෂ්ණා නිවෙසනයද දෘෂ්ටි නිවෙසනයද යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
b572015d5755c09c7290d91224102b508f4db99d89356bba3909ce2212af04d9
target:pali-sinhala-parallel:68062:5
(මහා නිද්දෙසයේ (2-6) 1 (ii) (iii) ඡේද ‘මමත්වය වෙනුවට’ නිවෙසනයයි වෙනස්කර යොදා ගත යුතුයි.) 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
a70e9454fa71064315f0354d5e8914ef30f7179a05e39dbee8e807ed342764e5
target:pali-sinhala-parallel:68062:6
“විඤ්ඤාණය දුරුකරව” යනු පුණ්‍යාභි සංස්කාර සහගත විඤ්ඤාණය, අපුණ්‍යාභි සංස්කාර සහගත විඤ්ඤාණය, ආනෙඤ්ජාභි සංස්කාර සහගත විඤ්ඤාණය, යන මේවාහි නන්දියද, නිවෙසනයද අභිසංස්කාර සහගත විඤ්ඤාණයද දුරුකරව, සංසිඳව
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
d69e75ef1944b7af6a976d7d22c344a76768d11e9ed9f58de2c7f3bf75b2f234
target:pali-sinhala-parallel:68062:7
සම්පූර්ණ අභාවයට පමුණුවව යනුයි. “භවයෙහි විඤ්ඤාණය නොසිටින්නේය” යන්නෙහි භවයෝ නම් භව දෙකකි. කර්ම භවයද ප්‍රතිසන්ධි භවයද යනුයි. පුනර්භවය හෝ වෙයි. 3. කර්මභවය කුමක්ද, පුණ්‍යාභි සංස්කාරය?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
0190cf0d028a3e39b9e357363b2e4cdc545da8f6184de2946fdc2b6d59e324f9
target:pali-sinhala-parallel:68062:8
අපුණ්‍යාභි සංස්කාරය, ආනෙඤ්ජාභි සංස්කාරය, මේ කර්ම භවයයි. ප්‍රතිසන්ධිකවූ පුනර්භවය කවරේද? ප්‍රතිසන්ධිකවූ රූප වේදනා සඤ්ඤා, සංඛාර විඤ්ඤාණ යන මොවුහුයි. මේ ප්‍රතිසන්ධිකවූ පුනර්භවයෙහි නොසිටින්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
090396f69d9add47b669c04db6fe14966f0f58d58b8f8fa78d5a152c20a39c80
target:pali-sinhala-parallel:68062:9
විඤ්ඤාණය හැර භවයෙහි නොසිටින්නේය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
f38c93a58a4ac369cadcf54c9cb92ec30fd8b6dd5969098578b48867638ce907
target:pali-sinhala-parallel:68063:1
“මෙසේ වසන්නාවූ සිහි ඇති අප්‍රමාදවූ තැනැත්තේ” යන්නෙහි ‘මෙසේ වාසයකරන්නාවූ’ යනු නන්දියද නිවෙසනයද අභිසංස්කාර විඤ්ඤාණයද කර්ම භවයද ප්‍රතිසන්ධිකවූ පුනර්භවයද දුරුකරන්නේ සංසිඳුවන්නේ සම්පූර්ණයෙන් අභාවයට
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
c2c7c1da997e416600efef939f65e56c564f6a4407ebbc8381d9bf26cd1510bf
target:pali-sinhala-parallel:68063:10
තෘෂ්ණා මමත්වයද දෘෂ්ටි මමත්වයද යනුයි. (මෙහි (2-6) 1 (ii) (iii) ඡේද යෙදිය යුතුයි.) තෘෂ්ණා මමත්වය දුරුකොට දෘෂ්ටි මමත්වය බැහැර කොට මමත්වයන් හැර සංසිඳවා අත්හැර සම්පූර්ණයෙන් අභාවයට පමුණුවා යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
13f72fa993cd9b6c086db1d4597ae6e5cf364d6e91a6e17e973bf551d05611c4
target:pali-sinhala-parallel:68063:11
නුවණැති භික්ෂුතෙම මමත්ව කටයුතු දේ දුරුකොට, ජාති ජරා ශොක වැළපීම් මෙහිම දුරුකරන්නේය දුක යන්නෙහි ‘ජාති’ යනු ඒ ඒ සත්වයන්ගේ (4-4) 2 (ii) යෙදිය යුතුයි.) මමත්වය නම් (මහා නිද්දෙසයෙහි (2-6) 1 (ii) (iii) ඡේදය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
1feab655203e02a973d6a6592c863a6ff728f6dd3a9a0f50a95973f755317baa
target:pali-sinhala-parallel:68063:12
යෙදිය යුතුයි.) මෙහි යනු මේ දෘෂ්ටියෙහි (මහා නිද්දෙසයෙහි (2-6) 1 (ii) (iii) ඡේදය යෙදිය යුතුයි. මේ මනුෂ්‍ය ලෝකයෙහි නුවණැත්තේ යනු දන්නා තැනැත්තේ ප්‍රඥාවත් තැනැත්තේ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
c66aa3c4e2293fb392f0d9cc55b15ffb1541554b29571bfd631e2c65bd0cc74d
target:pali-sinhala-parallel:68063:13
දුක යනු ජාති දුක (4-3) 4 ඡේදයේ “දුක්ඛ” යන තැන සිට යෙදිය යුතුයි.) ජාති ජරා ශෝක පරිදේව දුක් මෙහිදීම නුවණැත්තේ දුරුකරන්නේය යනු ‘විද්‍යාවෙන් යුක්ත තැනැත්තේ නුවණැත්තේ, ප්‍රඥාවත් තැනැත්තේ මෙහිදීම ඉපදීමද,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
0404f9ca8ebdd7c1e8c7ed9cb918d4a082d29ab7ffbffdb04c3b524546c0919c
target:pali-sinhala-parallel:68063:14
ජරාවද, ශෝක වැළපීම් දුක්ද දුරුකරන්නේය, සංසිඳවන්නේය. සම්පූර්ණ අභාවයට පමුණුවන්නේය. ජාති ජරා ශොක වැළපීම් යනු නුවණැත්තේ මෙහිදීම දුරුකරන්නේය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
24fa5213f56496973726c2b2285a81a1007c6f3041b2f67df1755791acfa9ffb
target:pali-sinhala-parallel:68063:2
පමුණුවන්නේද වෙති. ‘සිහි ඇති යනු’ කරුණු සතරකින් සිහි ඇත්තේ නමි. කයෙහි කය අනුව බලන සිහිය පිහිටුවීම වඩන්නේ (1-8) 4 (ii) ඡේදය යෙදිය යුතුයි.) හෙතෙම සිහි ඇත්තේයයි කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
6c6ce02b5c073cfa00c970892a7c8429e230bc432d016294e1e3d20ebf57606c
target:pali-sinhala-parallel:68063:3
‘අප්‍රමාදවූයේ’ යනු සකස්ව කරන්නේ, නිතර ක්‍රියා කරන්නේ නොනවත්වා ක්‍රියාකරන්නේ කම්මැලි නොවී ක්‍රියාකරන්නේ බහා නොතැබූ කැමැත්ත ඇත්තේ බහා නොතැබූ ධුර ඇත්තේ කුසලයන්හි අප්‍රමාදවූයේ කෙසේ මම නොපුරණලද හෝ ශීල
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
613cdffe085ac99fe31905812a88b2c679d0460fa5ea156606730c226ec094dc
target:pali-sinhala-parallel:68063:4
සමූහය ඒ ඒ තන්හි ප්‍රඥාවෙන් උත්සාහවත් කෙරෙම්දැයි යමෙක් එහි කැමැත්තද ව්‍යායාමයද උත්සාහයද නොපසුබස්නා බවද සිහියද මනා නුවණැතිබවද යෙදීමද කුශල ධර්මයන්හි අප්‍රමාදයද කෙරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
6ebc1a2fdbff0f3b6d006d4005960ec767d0538047e62bfd5428745b1f57dd3d
target:pali-sinhala-parallel:68063:5
කෙසේ මම නොපුරණලද හෝ ශීල සමූහය සමාධි සමූහය ප්‍රඥා සමූහය, විමුක්ති ස්කන්ධය විමුක්ති ඥාන දර්ශන ස්කන්ධය පුරන්නෙම්ද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
7f1d7a2b91f08c83ca9bb285da0da43e7c013de64c4c5e723cd25e97d2c519cb
target:pali-sinhala-parallel:68063:6
පුරණලද හෝ විමුක්ති ඥාන දර්ශන ස්කන්ධය ඒ ඒ තන්හි නුවණින් උත්සාහවත් කෙරෙම්දැයි යමෙක් එහි කැමැත්තද ව්‍යායාමයද උත්සාහයද, නොපසුබස්නා බවද, සිහියද මනා නුවණැතිබවද සිහියද බලවත් උත්සාහයද පටන්ගත් වීර්ය ඇති බවද
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
9a6dc10ffac9bde698ea356cb5cb97aa7c399b88babdff39f1aeb26096d01eb4
target:pali-sinhala-parallel:68063:7
අධිෂ්ඨානයද යෙදීමද කුශල ධර්මයන්හි අප්‍රමාදයද කෙසේ මම නොදන්නාලද දුක හෝ දැනගන්නෙම්ද, ප්‍රහීන නොකරණ ලද කෙලෙස් හෝ දුරුකරන්නෙම්ද, නොවඩන ලද මාර්ගය හෝ මඩන්නෙම්ද ප්‍රත්‍යක්ෂ නොකරණලද නිරෝධය හෝ ප්‍රත්‍යක්ෂ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
6b7559d5de36620ecdcb7c5c4555f567937904b87799dbb634f71ad82d68a3e5
target:pali-sinhala-parallel:68063:8
කරන්නෙම්දැයි එහි කැමැත්තද, උත්සාහයද, යෙදීමද, නොපසුබැසීමද, සිහියද පටන්ගන්නා ලද වීර්ය ඇතිබවද, සිහියද නුවණද ප්‍රධන් වීර්යයද, අධිෂ්ඨානයද කුශලධර්මයන්හි යෙදීමදැයි මෙසේ වාසය කරන්නේ යනුයි. 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
9d6992401c3e60851c69a7c9857482dd0e7cb92ab3530d175216da6e044feab2
target:pali-sinhala-parallel:68063:9
“භික්ඛු” යනු පෘථග්ජන කල්‍යාණක හෝ භික්ෂුවයි ශෛක්ෂ්‍ය (හික්මෙන) හෝ භික්ෂුවයි. හැසිරෙත් යනු හැසිරෙන්නේ වාසයකරන්නේ ඉරියව් පවත්වන්නේ පාලනය කරන්නේ යැපෙන්නේ යනුයි. 3. “මමත්වය” නම් මමත්ව දෙකකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b827
005808e8579969d6755b391fe40f7ff08a1d843a377485f904d483d9bfb4b2cb
target:pali-sinhala-parallel:68089:1
“(භාග්‍යවතුන් වහන්සේ) නන්දයෙනි මම සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ජාති ජරා වැළඳ ගත්තාහුයයි නොකියමි” යනු නන්දය සියලුම ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ජාති ජරාවෙන් ගැවසී ගත්තාහු වැසුනාහු වැළඳ ගත්තාහුයයි මම නොකියමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
95621b02bb733c7c10f5236c33cde8491de1677726c8c2d67027c6932d87e665
target:pali-sinhala-parallel:68089:10
යමෙකුන්ගේ මේ ආශ්‍රවයෝ ප්‍රහීනද මුලින් උදුරන ලද්දේද, අග සිඳි තල්ගසක් මෙන් කරණ ලද්දේද, නැවත නූපදනා බවට පමුණුවන ලද්දේද ඔවුහු ආශ්‍රව රහිතයෝයයි කියත්. 4. “යම් කෙනෙක්” යනු අර්හත් ක්ෂීණාශ්‍රවයෝයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
bd4da3597d92f8ce124b0ea82c716ec6ea06d90d051971b5488e038457b696d5
target:pali-sinhala-parallel:68089:11
“තෘෂ්ණාව දැන අනාශ්‍රවවූවෝ ඇත්ද ඔවුහු කාමාදී සැඩ වතුරෙන් එතරවූයේ යයි කියමි” යනු යමෙක් තෘෂ්ණාව දැන ආශ්‍රව රහිතවූවෝද මමද ඔවුහු කාමොඝය, භවොඝය, දිට්ඨොඝය, අවිජ්ජොඝය එතර කළාහුයයි සියලු සංසාර පථය එතර කළාහුයයි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
e01b54d1723f135df9a9ebb8237a4e828a715fb774f33e5b5da178e7a66dc65e
target:pali-sinhala-parallel:68089:12
කියමි. යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
6eac7b2f06f60b0dc70cc84b1ab477ac53bbe3f45bec2658d3983ccc8c5d400e
target:pali-sinhala-parallel:68089:2
ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ප්‍රතිසන්ධියද ජාති ජරා මරණයන්ද ප්‍රහීනකළාහු මුලින් සින්දාහු අග සිඳිනලද තල් ගසක් මෙන්කළාහු සම්පූර්ණ අභාවයට පැමිණවූවාහු නැවත ඉපදීමට අයොග්‍ය කළාහු ඇත්තාහයි කියමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
4ad72e8a123048df6c051140293a01863c054c71a55655345f53eadf555694d3
target:pali-sinhala-parallel:68089:3
දේශනා කරමි, පනවමි, තබමි, විවෘත කරමි, බෙදමි, ප්‍රකට කරමි, යනුයි. 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
95c4d5ffec29edbebcf9579768b450661695dc1f00e7d1038548817d304dc36b
target:pali-sinhala-parallel:68089:4
“නන්දය, මම සියලු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ජාති ජරාවෙන් වෙළුනාහුයයි නොකියමි” යනු යම් කෙනෙක් මේ ලෝකයෙහි දැකි, ඇසූ, ස්පර්ශ කළ දේ හෝ ශීල ව්‍රතයන් හෝ සියල්ල දුරුකොට යන්නෙහි “සියල්ල” යනු යම් ඒ සියලු දෘෂ්ටි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
d47afce8a9dd15d1ede21ae267224954621f1a19fae53fa914b310ebc973aa65
target:pali-sinhala-parallel:68089:5
ශුද්ධීන් දුරුකොට, බැහැරකොට සම්පූර්ණ අභාවයට පමුණුවා යම් ඒ සියලු ශ්‍රැත ශුද්ධීන් යම් ඒ සියලු මූත ශුද්ධීන්, යම් ඒ සියලු ස්පර්ශ ශුද්ධීන් දුරුකොට යම් ඒ දැකි, ඇසූ ඉන්ද්‍රිය තුණකින් ස්පර්ශ කළ ශුද්ධීන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
6187a6407c16e64de7ba506d26cfedf6a032f26969a249847f7f634fe8eac830
target:pali-sinhala-parallel:68089:6
දුරුකොට යම් ඒ සියලු ශීල ශුද්ධීන් දුරුකොට, චුත ශුද්ධීන් දුරුකොට, ශීල ව්‍රත ශුද්ධීන් දුරුකොට, බැහැරකොට සම්පූර්ණ අභාවයට පමුණුවා යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
7790eceb352687e188481100141104a9fb26601112dac24c0cc088efb64b946d
target:pali-sinhala-parallel:68089:7
නොයෙක් ආකාර දෘෂ්ටි යනු නොයෙක් ආකාර මංගලයයි සම්මත මිථ්‍යා මතවලින් ශුද්ධිය, විශුද්ධිය, පාරිශුද්ධිය, මුක්තිය, විමුක්තිය, පරිමුක්තිය දුරුකොට යනුයි. 3.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
cbe36a29d61975d4443af69b0acd38a4ed1fe9ecd2ad985fb19c7dcf6e0264ca
target:pali-sinhala-parallel:68089:8
“තෘෂ්ණාව මනාකොට දැන ආශ්‍රව රහිතවූ ඒ මනුෂ්‍යයෝ කාමාදී සැඩ වතුරෙන් එතරවූහයි කියමි,” යන්නෙහි තෘෂ්ණා නම් රූප තෘෂ්ණා, ශබ්ද තෘෂ්ණා, ගන්ධ තෘෂ්ණා, රශ තෘෂ්ණා, ස්පර්ශ තෘෂ්ණා, ධර්ම තෘෂ්ණා යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
6a2d67b2c00957a8cfa62718e3a9fd295819449d84b5ed0c40899940da5daf69
target:pali-sinhala-parallel:68089:9
“තෘෂ්ණාව දැන” යනු තෘෂ්ණාව ඥාත, තීරණ, පහාන යන දැනීම් තුනින් දැනයනුයි. “ආශ්‍රව රහිතවූවෝ” යන්නෙහි ආශ්‍රව සතරෙකි. කාමාසව, භවාසව, දිට්ඨාසව, අවිජ්ජාසව යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
6e668715fbbe538d297550fdb1e6b01006b05e0e19def910341750e35a9442ec
target:pali-sinhala-parallel:68091:1
“යම් ඒ මොව්හු ප්‍රකාශ කළාහුද” යනු බවාරි බ්‍රාහ්මණයා සහ ඔහුගේ ආචාර්යවරු ස්වකීය දෘෂ්ටිය, ස්වකීය කැමැත්ත, ස්වකීය ලබ්ධිය, ස්වකීය අධ්‍යාශය, ස්වකීය අභිප්‍රාය ප්‍රකාශ කළහ, කීහ, දේශනා කළහ, පැනවූහ, තැබූහ,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b829
feef7c228be779b9a23fab11b7d979193bc509ebb1f29866a5ba1de20f110732