sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:67844:1
සිත් ඇති තීර්ථකයෝ භාග්‍යවතුන් වහන්සේටද භික්ෂු සංඝයාටද බොරුවෙන් යම් යම් දේ කියත්. උපවාද කරත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
8c607713f26ed003a8992d80364aec767e8dff40d0d3f9f958c27ce2c778337b
target:pali-sinhala-parallel:67844:10
ඉපදීමට නුසුදුසු විය. ඥානය නමැති ගින්නෙන් දැවූයේවෙයි. “ කොහිවත්” යනු කොතැනක හෝ යනුයි. අධ්‍යාත්මයෙහි හෝ බාහිරව හෝ අධ්‍යාත්ම බාහිර දෙක්හි හෝ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
fa4d819a5ef953e60053d39cd5d0531fb93fdf5059d99abe1d68e1a678f43e03
target:pali-sinhala-parallel:67844:2
2 “යළිත් සැබෑ සිත් ඇති ඔවුහු කියත්” යන්නෙහි ඒ තීර්ථකයන් අදහන්නාවූ විශ්වාස කරන්නාවූ ඒ වචනය ස්ථිරලෙස සිතා ගන්නාවූ ඒ වචනය සත්‍යයයයි සිතන්නාවූ සත්‍යය යන සංඥා ඇත්තාවූ වූ දෙයක්යයි සිතන්නාවූ එබඳු සංඥා
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
eb964b1e57d1b3662efbe363ff63adfb463c08c2440bdc2cfbde0adb32916e86
target:pali-sinhala-parallel:67844:3
ඇත්තාවූ මෙහි වෙනසක් නැතැයි සිතන්නාවූ එබඳු සංඥා ඇත්තාවූ ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේටද සංඝයාටද බොරුවෙන් යම් යම් දේ කියත් උපවාද කරත්. 3 “මුනි තෙමේ උපන් චොදනාවට පත් නොවේ” යන්නෙහි ඒ වාදය ඇතිවූයේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
67c9939f2345f326744c2a83bf9a03d401db963ca0ede9cbc4b1e736a1748207
target:pali-sinhala-parallel:67844:4
පහළවූයේ භාග්‍යවතුන් වහන්සේටද භික්ෂු සංඝයාටද ආක්‍රොශය බොරුවෙන් උපවාදය ඇතිවූයේ වෙයි. මුනිතෙමේ නොපැමිණේ යන්නෙහි “මුනි” යන තන්හි “මොන” යයි ඥානයට කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
1eb99b1e4bc8106092670bf5230ddb17f925368d8771d9c9ae725f8dd7eca1f9
target:pali-sinhala-parallel:67844:5
යම් ප්‍රඥාවක් මනා දැනීමක් ඇත්තේ අමෝහයයිද ධර්මවිචය යයිද සම්‍යක්දෘෂ්ටියයිද කියනු ලැබේද, ඒ ඥානයෙන් යුක්තවූ තැනැත්තේ මුනිනමි. යමෙක් වාදයට පැමිණියේද හෙතෙම කරුණු දෙකකින් වාදයට පැමිණෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
142e162fc72745478bebe90057e3a46fbb9956eaf387da2acfbf0634272ff0c7
target:pali-sinhala-parallel:67844:6
කාරකයා කාරක බැවින් වාදයට පැමිණෙයි. යලිදු හෝ කියනු ලබන්නේ දොස් පවරනු ලබන්නේ කිපෙයි. ක්‍රෝධයට පැමිණෙයි. නොකරන්නෙක් වෙමියි කෝපයද ද්වේෂයද නොසතුටු බවද අඟවයි. මුනිතෙමේ කරුණු දෙකින්ම වාදයට නොපැමිණෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
b8ebb063ce2cdea13ff8d37f5ca5eb4aea7597a1652e1da7be6cf6c3dde50752
target:pali-sinhala-parallel:67844:7
මුනිතෙමේ නොකරන්නෙකි. නොකරන්නකු බැවින් වාදයට නොපැමිණෙයි. යලිදු හෝ කියනු ලබන්නේ දොස් පවරනු ලබන්නේ නොකිපෙයි. ක්‍රෝධයට නොපැමිණෙයි. නොකරන්නෙක් වෙමි”යි කොපයද ද්වේෂයද නොසතුටු බවද නොඅඟවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
b57cd6618a13dd394e7bc35226500c05be457936b326203492fe8426f4c9730b
target:pali-sinhala-parallel:67844:8
මුනි තෙමේ මේ කරුණු දෙකින්ම වාදයට නොපැමිණෙයි. වාදය නොගනියි. වාදය පරාමර්ශය නොකරයි. 4 “එහෙයින් මුනිහට කොහි හෝ උලක් නැත.” යන්නෙහි “එහෙයින්” යනු ඒ කාරණයෙන් ඒ හේතුවෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
4d32cc403557af3f39193a0cf280d07906bc44d8c384e2641de386f6f0a02f49
target:pali-sinhala-parallel:67844:9
මුනිවරු වඩනලද සිත් ඇති බැවින් “ රාගාදී” හුල් නැත්තේ වෙයි. පඤ්චවිධ චෙතො ඛිලයන් නැත්තේය. රාග, දෝෂ, මොහ, යන තෙවැදෑරුම් හුල් නැත්තේය. නූපදියි. ප්‍රහීන වූයේය. මුලින් උදුරා දැමීය. සංසිඳුනේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
094d85fe1fdd81fcacb559c6c0b9ed5a70bcb844c0eaeb4da854eb975cdabbe3
target:pali-sinhala-parallel:67845:0
(3 - 2) 1 “ස්වකීය දෘෂ්ටිය කෙසේ නම් ඉක්ම වන්නේද” යන්නෙහි යම් ඒ තීර්ථකයෝ සුන්දරී පරිව්‍රාජිකාව මරා ශාක්‍යපුත්‍රවූ ශ්‍රමණයන් වහන්සේලාගේ දොස් ප්‍රකාශ කොට මෙසේ ලාභයක් කීර්තියක් සත්කාරයක් වැඳුම් පිදුම්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
c270637fe9accfdd41b267e1c255780d2004320a491a9e283e7e120883e3cc41
target:pali-sinhala-parallel:67845:1
ආදියක් පසුව ලබා ගන්නෙමුයි” මෙසේ දෘෂ්ටි ඇත්තාහු මෙසේ ආශා ඇත්තාහු මෙසේ ලබ්ධි ඇත්තාහු මෙසේ බලාපොරොත්තු ඇත්තාහු ඔවුහු ස්වකීය දෘෂ්ටිය, ස්වකීය රුචිය, ස්වකීය ලබ්ධිය, ස්වකීය අදහස, ස්වකීය අභිප්‍රාය, ඉක්ම වන්නට
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
3f27a6773dea09a4b3d082328ea3d3227d1d5b00c922731472c99c69b6a016de
target:pali-sinhala-parallel:67845:10
යානයකින් හෝ බැටළු යානයකින් හෝ ඔටු යානයකින් හෝ බැටළු යානයකින් හෝ යේද පැමිණේද, පාවේද, එක් තැන්වේද, මෙසේම ස්වකීය දෘෂ්ටියෙන් ස්වකීය රුචියෙන් ස්වකීය ලබ්ධියෙන් යේද, පැමිණේද, පාවේද, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
9154b61c4b5be1b39d2361bbfecf22c7f38d9af643314ddc41a5989a2a8f62cb
target:pali-sinhala-parallel:67845:11
3 “රුචියෙහි ඇතුළු වූයේ” යනු ස්වකීය දෘෂ්ටියෙන් ස්වකීය රුචියෙන් ස්වකීය ලබ්ධියෙන් ඇළුනේ, පිහිටියේ පැමිණියේ බැස ගන්නේ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
d7eea55d2c5699918fa9cbcaa730f27eb3e5a73a40831d93d92b2fc7e43ec11a
target:pali-sinhala-parallel:67845:12
4 “තෙමේ සම්පූර්ණ වූවන් කරන්නේ” යන්නෙහි කෙසේ අවසන් බව කෙරේද, පිරිපුන් බව කෙරේද උතුම් බව කෙරේද, අග්‍ර බව කෙරේද, ප්‍රමුඛ බව කෙරේද, මේ ධර්මය ස්වාක්ඛාතය, මේ ගණයා සුප්‍රතිපන්නය මේ දෘෂ්ටිය යහපත්ය, මේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
5ae7dd5d8b1e00f55682ec8dc27762d2f78fa01e49b2c5750c449b3522f93e48
target:pali-sinhala-parallel:67845:13
ප්‍රතිපදාව නොකොට පැනවූයේ විය. මේ මාර්ගය නෛර්‍ය්‍යානිකයයි තෙමේ නිශ්චය බවට පැමිණේ අග්‍රයයි ශ්‍රේෂ්ඨයයි විශිෂ්ටයයි ප්‍රමුඛයයි උතුම්යයි ඉදිරිපත් කරයි. උපදවයි. යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
92fc745e1785597804b9954824c3602b05aca3a763a9fa38a4159432308e3164
target:pali-sinhala-parallel:67845:14
5 “යම්සේ දන්නේද එසේ කියන්නේයි.” යනු යම්සේ දන්නේ නම් එසේ කියන්නේය. ප්‍රකාශ කරන්නේය. ව්‍යවහාර කරන්නේය. ලෝකය ශාස්වතය මෙයම සත්‍යය, අනික් දේ හිස්යයි යම්සේ දන්නේ නම් එසේ කියන්නේය. ප්‍රකාශ කරන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
09c2f39bea9643ecce533fca2a4b8c5136c8c70a9dd3ee75b09e3ea890c58e1c
target:pali-sinhala-parallel:67845:15
ව්‍යවහාර කරන්නේය. ලෝකය අශාස්වතය (මෙහි 1 (iv) ඡේදය යෙදිය යුතුයි) සත්වයා මරණින් මතු නොම වෙයි. නොම නොවෙයි. යන මෙයම සත්‍යය අනික් දේ හිස්ය, යම්සේ දන්නේ නම් එසේ කියන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
db2efb53488bddbbaf79daec6dc4b0e744ebbd6567051c1a422f55deb49ab7f5
target:pali-sinhala-parallel:67845:2
නොහැකි වූහ. එසේනමුදු ඒ අයසම ඔවුන්ට ආපසු පැමිණියේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
0e7305e7f0df42088f48aef72bd6f68433e8bedb480c35818b5289435cb6cc5a
target:pali-sinhala-parallel:67845:3
මෙසේද ස්වකීය දෘෂ්ටිය කෙසේ ඉක්මවන්නේද, (ii) යලිදු හෝ ලෝකය ශාස්වතය යන මෙයම සත්‍යය, අනික් දේ හිස්ය, යම් කෙනෙක් මෙසේ වාද ඇත්තේ ස්වකීය දෘෂ්ටිය, ස්වකීය රුචිය, ස්වකීය ලබ්ධිය, ස්වකීය අදහස ස්වකීය අධ්‍යාශය,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
79e3fe1e42290426ed09675708cfb5286cc8266c1a487976cf1a1f727113ce9c
target:pali-sinhala-parallel:67845:4
ස්වකීය අභිප්‍රාය කෙසේ ඉක්මවන්නේද, එයට හේතු කවරේද, ඔහුගේ ඒ දෘෂ්ටිය එසේ සමාප්ත වූයේය. එසේ සමාදන් වූයේය. එසේ පරාමර්ශනය කළේය. එසේ බැස ගත්තේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
3b258bc5f43285a7dc0213cd5c1ee886e794486567d8d4d4e0603d413d45aed8
target:pali-sinhala-parallel:67845:5
මෙසේද ස්වකීය දෘෂ්ටිය කෙසේ හරනේද, යලිදු හෝ (iii) ලෝකය අශාස්වතය, ලෝකය කෙළවරක් හෝ ඇත්තේය. කෙළවරක් හෝ නැත්තේය. එය ජීවය, එය ශරීරය අනිකක් ජීවය, අනිකක් ශරීරය සත්වතෙම මරණින් මතු ඇත්තේද වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
910489f7135a412e3b8295f5c35b7c78a77fad7074956266b9f722d64a6cb7df
target:pali-sinhala-parallel:67845:6
සත්වතෙම මරණින් මතු නැත්තේද වෙයි. සත්වතෙම මරණින් මතු ඇත්තේද නැත්තේද වෙයි (iv) මරණින් මතු සත්වයා නැත්තේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
5cce9f7dac8b9f45273883f48b9a808ed28fd5b0029dd9735a5ab8e32abeab02
target:pali-sinhala-parallel:67845:7
නැත්තේ නොම වෙයි යන මෙයම සත්‍යය, අනික් දේ හිස්ය, යම් ඒ කෙනෙක් මෙසේ වාද ඇත්තේ හෙතෙම ස්වකීය දෘෂ්ටිය ස්වකීය රුචිය, ස්වකීය ලබ්ධිය, ස්වකීය අදහස, ස්වකීය අභිප්‍රාය කෙසේ ඉක්මවන්නේද, එයට හේතු කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
5c310cae83f5de7b203665dd2c019bbaa4a298d3f94285a6601c2026a18f0277
target:pali-sinhala-parallel:67845:8
ඔහුගේ ඒ දෘෂ්ටිය එසේ නිමවූයේය. එසේ සමාදන්වූයේය ගත්තේය. පරාමර්ශවූයේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
0f63acc4343436e44866a55a5a50d6206723de4389bb93b102713e94c6650d70
target:pali-sinhala-parallel:67845:9
බැස ගත්තේය, යනුයි 2 “ඡන්දයෙන් යවන ලද්දේ රුචියෙහි ඇතුළුවූයේ” යනු ස්වකීය දෘෂ්ටියෙන් ස්වකීය රුචියෙන් ස්වකීය ලබ්ධියෙන් යේද, ගෙනයාද, පාවේද, එකතුවේද යම්සේ ඇත් යානයකින් හෝ අස් යානයකින් හෝ රිය යානයකින් හෝ එළු
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
4447d28bf67457a1dd4ce1c6fee4a3500228fa8bd88be1a5ac50069ede27299b
target:pali-sinhala-parallel:67846:0
(3 - 3) 1 “යම් පුද්ගලයෙක්තෙම තමාගේ ශීල ව්‍රතයන්” යන්නෙහි යමෙක් යනු යම්බඳුවූ එබඳුවූ යම් ප්‍රකාරවූ යම් ස්ථානයකට පත්වූ යම් ධර්මයකින් යුක්තවූ ක්ෂත්‍රියයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ගෘහපතියෙක් හෝ ශුද්‍රයෙක් හෝ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
2c6a0042967d363e4b453d4f16ebd6447e8b5e5eaad95d4edba7b93a9233ebab
target:pali-sinhala-parallel:67846:1
ගෘහස්ථයෙක් හෝ ප්‍රව්‍රජිතයෙක් හෝ දෙවියෙක් හෝ මිනිසෙක් හෝ යනුයි. 2 “සිල් හා වත්” යන්නෙහි ශීලයද ව්‍රතයද ඇත්තේය. ව්‍රතය ඇත්තේය. ශීලය නොවේ. සීලයද ව්‍රතයද කවරේද? මේ ශාසනයෙහි මහණතෙම සිල් ඇත්තේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
41703a1ca5363440e3d2f1f7c9feef5b9a358a2dae9890deb0c324f16b41744f
target:pali-sinhala-parallel:67846:10
කුටියෙන් නොනික්මෙන්නෙමි. කුළුගෙයින් නොනික්මෙන්නෙමි. මැස්සෙන් නොනික්මෙන්නෙමි. මළුවෙන් නොනික්මෙන්නෙමි. උපස්ථාන ශාලාවෙන් නොනික්මෙන්නෙමි. මණ්ඩපයෙන් නොනික්මෙන්නෙමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
63bde496a89070d04145f15a2b0a3e07e96c86d2c2b9c58ab99d535beb8904b0
target:pali-sinhala-parallel:67846:11
රුක් මුලින් නොනික්මෙන්නෙමි යන මෙබඳුවූ වීර්‍ය්‍ය සමාදානය ව්‍රතයයි කියනු ලැබේ. ශීලයනොවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
f041dff86551bd5fd376e98770219183ae9a9db4b8d6d45e22b54fbdfb2e54f8
target:pali-sinhala-parallel:67846:12
මේ මධ්‍යාහ්න සමයෙහි සායාන්හ සමයෙහි පෙරවරුයෙහි පස්වරුවෙහි පෙරයමෙහි, මැදුම්යමෙහි පැසුළුයමෙහි, ආලෝක කාලයෙහි, වර්ෂා කාලයෙහි, හිම කාලයෙහි, ග්‍රීෂ්මකාලයෙහි, පළමු වයස් කාලයෙහි මධ්‍යම වයස් කාලයෙහි පශ්චිම
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
f12f14ead417c3a02d40bcae6ea075b477a389520856176f0dbbb2e45101b272
target:pali-sinhala-parallel:67846:13
වයස්කාලයෙහි ආර්‍ය්‍යධර්මය පිළිගන්නෙමි. ස්පර්ශ කරන්නෙම්. ප්‍රත්‍යක්ෂ කරන්නෙමියි දැඩිව සිත ගනි පිහිටුවයි. මෙබඳු වීර්‍ය්‍ය සමාදානය ව්‍රතයයි කියනුලැබේ. ශීලය නොවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
74abbee6684895cf0efa5bddcc4b94f245d8742b2dc2f5ad261630e1d9b5015e
target:pali-sinhala-parallel:67846:14
පුද්ගලයා යනු සත්වයා මිනිසා, මානවයා, පුරුෂයා, පුද්ගලයා, ජීවයා යන යම් තමා සිල්වත්වූ සත්වයා යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
ed8ea6b4e454152597954d71c08478db5c1a8ae7f3c85f6074f3f0cd16b63b21
target:pali-sinhala-parallel:67846:15
4 “නොවිචාරනලද්දේ අනුන්ට ප්‍රකාශකරයි” යන්නෙහි අනුන්ට යනු අන්‍යවූ ක්ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර යන මොවුන්ගෙන් හෝ ගෘහස්ථයන්ගෙන් ප්‍රව්‍රජිතයන්ගෙන් දෙවියන්ගෙන් මිනිසුන්ගෙන් යම්කෙනෙකු යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
93bbce8d8557dce1fc619fd4e845947855d690295e732abb4a9f44b13b13c07b
target:pali-sinhala-parallel:67846:16
නොවිචාරණලද්දේ, නොඉල්වනලද්දේ, ආරාධනා නොකරණ ලද්දේ යනුයි. 5 (i) “ප්‍රකාශ කරන්නේ” යනු තමන්ගේ ශීලය හෝ ව්‍රතය හෝ ශීලව්‍රත දෙකම හෝ කියාද, මම ශීල සම්පන්නයෙක් වෙමි. ව්‍රත සම්පන්නයෙක් වෙමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
61c72fec8b7e468f55207941489c3c00d845bb3fd63d256cfe3883a293a095a9
target:pali-sinhala-parallel:67846:17
ශීලව්‍රත දෙකින්ම හෝ යුක්තවෙමියි ජාතියෙන් හෝ ගොත්‍රයෙන් හෝ කුලයෙන් හෝ ශරීර පැහැයෙන් හෝ ධනයෙන් හෝ (ii) ඉගෙණීමෙන් හෝ කර්මායතනයෙන් හෝ ශීල්පායතනයෙන් හෝ විද්‍යායතනයෙන් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
45d39ef8bd6a8f269a2898c4abc0205d307dcb12a31782cd8acbc22aa153b335
target:pali-sinhala-parallel:67846:18
අනෙක් අනෙක් වස්තූන්ගෙන් හෝ උසස් කුලයකින් පැවිදි වූයේ යයි හෝ මහා කුලයකින් පැවිදිවූයේ යයි හෝ මහා භොග කුලයකින් පැවිදිවූයේයයි හෝ ඉතා උසස් භොග කුලයකින් පැවිදිවූයේයයි හෝ ප්‍රකටවූ කීර්ති ඇති දන්නා ගිහි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
baa93c05d831d832fc63f9c55099061d10f4b6ad103568d001b26fa3eb4185c3
target:pali-sinhala-parallel:67846:19
පැවිද්දන් ඇත කියා හෝ සිවුරු පිණ්ඩාහාර සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ඇත්තේය කියා හෝ සූත්‍රාන්තිකයයි කියා හෝ විනයධරයයි කියා හෝ ධර්මධරය කියා හෝ ආරඤ්ඤිකයයි කියා හෝ රුක්ඛමූලිකයයි කියා හෝ පිණ්ඩපාතිකයයි කියා
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
484a119d44700930930b9d7e419f0d5bd48d85fb1cb4a5e86386f0b551a92d8a
target:pali-sinhala-parallel:67846:2
ප්‍රාතිමොක්ෂ සංවරයෙන් සංවරවූයේ වාසය කරයි. ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තවූයේ ස්වල්ප වරදෙහි භය දක්නාසුළු වූයේ ශික්ෂා පදයන් සමාදන්ව හික්මෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
a6c72e73574e8c978951eb04612bce975ec0b22317e8d28f3b8add7f2b402c6b
target:pali-sinhala-parallel:67846:20
හෝ සපදානචාරිකයයි කියා හෝ ඛලුපච්ඡාභත්තිකයයි කියා හෝ නෙසජ්ජිකයයි කියා හෝ යථාසන්තතිකයයි හෝ ප්‍රථමධ්‍යානය ලැබුයේයයි කියා හෝ ද්විතීයධ්‍යානය ලැබුයේ යයි කියා හෝ තෘතීයධානය ලැබුයේයයි කියා හෝ චතුර්ථධ්‍යානය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
460d051f976fad5bbae38a8a5a0676aa702e24d578498b7267812403ff51b734
target:pali-sinhala-parallel:67846:21
ලැබුයේයයි කියා හෝ ආකාශානඤ්චායතන සමාපත්තිය ලැබුයේ යයි කියා හෝ විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය ලැබුයේ යයි කියා හෝ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ලැබුයේ යයි කියා හෝ නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය ලැබුයේයයි කියා හෝ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
5372a864d6f2373c230c7f5571cb015229a07430f549ba5fe7c1738bbf300f52
target:pali-sinhala-parallel:67846:22
කියයි. ප්‍රකාශ කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
7588dcddb8b44ca58cadb0a94dec1808c3ecf37e33b032c9e43011037861948e
target:pali-sinhala-parallel:67846:23
(iii) අනරිය ධම්මං කුසලා තමාහු යන්නෙහි කුසලා යනු ස්කන්ධයන් නිපුණවූ ධාතූන් නිපුණවූ ආයතනයන් නිපුණවූ ප්‍රතීත්‍ය සමුත්පාදය නිපුණවූ සතිපට්ඨානයන් නිපුණවූ සම්‍යක්ප්‍රධාන නිපුණවූ ඍද්ධිපාද නිපුණවූ ඉන්ද්‍රිය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
4f92ad29d44b2dcf35d322774d2ad3ba545eeee06a82876cf6e6f3082c1230cf
target:pali-sinhala-parallel:67846:24
නිපුණවූ බල නිපුණවූ බොධ්‍යංග නිපුණවූ මාර්ග නිපුණවූ ඵල නිපුණවූ නිර්වාණය නිපුණවූ යන මේ නිපුණයෝ මෙසේ කීහ. මේ ධර්මය අනාර්‍ය්‍යයන්ගේය. මේ ධර්මය ආර්‍ය්‍යයන්ගේ නොවේ. මේ ධර්මය බාලයන්ගේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
91c04cc0b43f924a0242b6b7374ac832f3ba28cab272d6ca12525a4a8392a981
target:pali-sinhala-parallel:67846:25
මේ ධර්මය පණ්ඩිතයන්ගේ නොවේ. මේ ධර්මය අසත්පුරුෂයන්ගේය. මේ ධර්මයසත් පුරුෂයන්ගේ නොවේයයි මෙසේ කීහ. මෙසේ කියත්. මෙසේ ප්‍රකාශ කරත්. මෙසේ ව්‍යවහාර කරත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
b5d9d982ff985eb5965c44224a14d1ed5bd3470933b8c8c4fe2221b3a054fc24
target:pali-sinhala-parallel:67846:26
6 “හෙතෙමේ තෙමේ තමා ගැනම කියයි.” යන්නෙහි “තමාගැන” යනු තමාට කියනු ලැබේ යනු තෙමේම තමාට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
333d2e69da4810febadc8186a51c12b8a4f05649d0f8781d40e1f48003ceee72
target:pali-sinhala-parallel:67846:27
මම ශීලසම්පන්න වෙමියි හෝ ව්‍රත සම්පන්න වෙමියි හෝ ශීල ව්‍රත සම්පන්න වෙමියි හෝ ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලයෙන් හෝ රූපසම්පත්තියෙන් හෝ ධනයෙන් හෝ (මෙහි 5 (ii) යෙදිය යුතුයි කියයි.) ප්‍රකාශ කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
7e8146db900279359996a62fefb79a38a3ff6dbedfe189e559ec3a4f383a3b18
target:pali-sinhala-parallel:67846:3
යමෙක් එහි හික්මුණේ සංවරවූයේ නොඉක්මුණේ මේ ශීලය වෙයි, මේ සමාදානය වෙයි, සංවරාර්ථයෙන් ශීලය නමි. සමාදානාර්ථයෙන් ව්‍රතය නමි. මෙය ශීලයයිද ව්‍රතයයිද කියනු ලැබේ. ව්‍රතය කවරේද? ශීලය නොවේද, අෂ්ටධුතංගයෝ වෙති.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
3dc8709ed0de6fc27ea1313356bd924c66743a0ff5ad6f659b3dd3df2105853d
target:pali-sinhala-parallel:67846:4
“ආරඤ්ඤිකංග” “පිණ්ඩපාතිකංග” “පංසුකූලිකංග” “තෙචීවරිකංග” “සපදාන චාරිකංග” “ඛලු පච්ජාභත්තිකංග” “නෙසජ්ජිකංග” “යථාසන්ථතිකංග” යන අංගයෝ ව්‍රතයයි, කියනු ලැබේ. ශීලය නොවේ. වීර්‍ය්‍ය සමාදානයද ව්‍රතයයි කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
213cdd544c5e5b898fa1d2c02ca41d8440ee1980032398c3c8905603ee4dfe95
target:pali-sinhala-parallel:67846:5
ශීලය නොවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
37c52ca03c6bf9832d2123c1b2ee2977c69b181900b26097a22973a2802b6e39
target:pali-sinhala-parallel:67846:6
“ඒකාන්තයෙන් ශරීරයෙහි සමද නහරද ඇටද ඉතිරිවේවා මස්ලේ වියලේවා යම් ඒ පුරුෂ ශක්තියෙන් පුරුෂ බලයෙන් පුරුෂ වීර්‍ය්‍යයෙන් පුරුෂ පරාක්‍රමයෙන් පැමිණිය යුත්තක් ඇද්ද, එයට නොපැමිණ වීර්‍ය්‍යයාගේ වැළැක්වීම නොවන්නේයයි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
4fca449a1062e60dd6190b6a008804e4ce1f1c58653edcf48490d98ebf190964
target:pali-sinhala-parallel:67846:7
සිත දැඩිව ගනීද, මෙබඳුවූ වීර්‍ය්‍ය සමාදානය ව්‍රතයයි කියනුලැබේ. ශීලය නොවේ. 3 “තෘෂ්ණා නමැති හුල නො ඉදුරුනකල්හි විහාරයෙන් නොනික්මෙමි. බලාපොරොත්තු නොවන්නෙමි. පානය නොකරන්නෙමි. නොලබන්නෙමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
2e4aaba4f3b1e3b29a2b53dd60deb814f247669a64d5571bff6cf1327fb06a85
target:pali-sinhala-parallel:67846:8
වැටෙන්නෙමි.” යනුවෙන් සිත දැඩිව ගනියි. මෙබඳුවූද විරිය සමාදාන ව්‍රතයයි කියනු ලැබේ. ශීලය නොවේ. යම්තාක් මාගේ සිත ආශ්‍රවයන්ගෙන් දැඩිව නොගෙන මිදෙන්නේද ඒතාක් මේ ආසනයෙන් නොනැගිටින්නෙමි. සක්මනෙන් නොබසින්නෙමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
b9610f938197ba4c60c8109136326ccf5a2f119ecabac6d0e369e4b72904f436
target:pali-sinhala-parallel:67846:9
ගුරුළු පියාපත් වැනි සෙවෙනි ඇති ගෘහයෙන් නොනික්මෙන්නෙමි. ප්‍රාසාදයෙන් නොනික්මෙන්නෙමි. ප්‍රාසාද විශේෂයක්වූ හම්මියෙන් නොනික්මෙන්නෙමි. ගුහාවෙන් නොනික්මෙන්නෙමි. ලෙණෙන් නොනික්මෙන්නෙමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
c4e53353e47f5e4805b43c6817ded8947f14d9032a615533f5d5837582cfd75c
target:pali-sinhala-parallel:67847:0
(3 - 4) 1 “මනාව නිවන ලද සිත ඇති සන්සුන් භික්ෂුතෙම” යනු රාගය සංසිඳුන බැවින් ශාන්තය, ද්වේෂය සංසිඳුන බැවින් ශාන්තය, මෝහය සංසිඳුන බැවින් ශාන්තය, ක්‍රෝධය, බද්ධ වෛරය, ගුණමකු කම, අනුන්ගේ දොස් කීම, ඊෂ්‍ය‍යාව,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
4101f2c2770130fab55af018cb052f3aba3d027855e63a03cce1daade985b18c
target:pali-sinhala-parallel:67847:1
මසුරු කම, රැවටිල්ල, කෛරාටික කම, තද ගතිය එකට එක කිරීම, මානය අභිමානය, මදය, ප්‍රමාදය යන මොවුන්ගේ සියලු ක්ලෙශයන්ගේ සියලු දුශ්චරිතයන්ගේ සියලු දාහයන්ගේ සියලු පරිදාහයන්ගේ සියලු සන්තාපයන්ගේ සියලු කුසලාභි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
94431eb513306a75d82bfc0314cd41c32237d57a1cdd9bb39ea630185c1450b8
target:pali-sinhala-parallel:67847:10
(මෙහි (3-5) 5 (ii) ඡේදය යෙදිය යුතුයි.) නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තියෙන් යුක්තයයි පුරසාරම් දොඩයි. (ශාන්ත භික්ෂුතෙම) මෙසේ පුරසාරම් නොදොඩයි. පුරසාරම් දෙඩීමෙන් වෙන්වූයේ සීමා නොකළ සිතින් වාසය කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
91e61a837d575bc3a9a93f073bb771073d3becb4ec3f2f1739d208ed7cdbbd60
target:pali-sinhala-parallel:67847:11
3 “දක්ෂයෝ එය ආර්ය ධර්මයයි කියත්” කුශලා යනු දක්ෂවූ හෝ නිපුණවූ යම් ඒ ස්කන්ධයන්හි (මෙහි (3-3) 5 (vi) ඡේද යෙදිය යුතුයි) 4 “ලොව කොහි හෝ ක්ලෙශයක් යමකුට නැද්ද” යන්නෙහි “යමකුට” යනු අර්හත්වූ ක්ෂීණාශ්‍රවයන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
ebc13cf4be623fcde8192dacbe6cd115f238f0255485aedccba5a1157dd9b195
target:pali-sinhala-parallel:67847:12
වහන්සේට යනුයි “ ක්ලෙශ” යනු ක්ලෙශයෝයි. ඒ ක්ලෙශයෝ සතකි. (ii) රාග ක්ලෙශය, ද්වේෂ, මොහ, මාන, දිට්ඨි කිලෙස කම්ම, යන මේ සතයි. රහතන් වහන්සේට මේ ක්ලෙශයෝ නැත. විද්‍යමාන නොවෙත්. නොලැබෙත් ප්‍රහීණ කළේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
d98e8a3459ed7c03a7acaaba68809a90dbbdbfea2835fb95c299212c5c8c8b3c
target:pali-sinhala-parallel:67847:13
මුලිනුපුටා දැමීය, සංසිඳවූයේය. ඉපදීමට අයොග්‍ය කළේය. ඥානය නමැති ගින්නෙන් දැවීය. 5 “කොහි හෝ යනු කොහිවත් අධ්‍යාත්මික හෝ බාහිර හෝ අධ්‍යාත්මික බාහිරව හෝ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
3bfc16ff4934225636077363d49aa4e300aaed2438505d9a249222a26a715df3
target:pali-sinhala-parallel:67847:14
6 “ලොව” යනු අපාය ලෝකයෙහි මනුෂ්‍ය ලෝකයෙහි දිව්‍යලෝකයෙහි ස්කන්ධලෝකයෙහි ධාතු ලෝකයෙහි ආයතන ලෝකයෙහි යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
ad1ce51e8cc66b118dadfc01d7f8743a58aeae03438354a5bdf889781d255c48
target:pali-sinhala-parallel:67847:2
සංස්කාරයන්ගේ ශාන්තත්වය ඇති බැවින් සංසිඳුන බැවින් නිවුන බැවින් පහවූ බැවින් ශාන්ත වූයේවේ. භික්ෂු යනු සප්ත ධර්මයකගේ බිඳීම ඇති බැවින් “භික්ෂු” නමි. සක්කාය දෘෂ්ටිය බිඳුනේ වෙයි. විචිකිච්ඡාව බිඳුනේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
bd4758566376190dd15e5a911e4c3f0048e2bc4a75bdd5649c0d057cc310a251
target:pali-sinhala-parallel:67847:3
සීලබ්බතපරාමාස බිඳුනේ වෙයි. රාගය බිඳුනේ වෙයි. ද්වේෂය බිඳුනේ වෙයි, මෝහය බිඳුනේ වෙයි. මානය බිඳුනේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
329099f43545881a67daa2e01af4f28178729c14948e4c5140e793db49c5d871
target:pali-sinhala-parallel:67847:4
ඔහුගේ ලාමකවූ ක්ලෙශයන් ඇති කරන්නාවූ නැවත භවයක් ඇති කරන්නාවූ දාහ සහිතවූ දුඃක්ඛ විපාකවූ නැවත ජරා මරණයක් දෙන්නාවූ ලාමක අකුශල ධර්මයෝ බිඳුනාහු වෙති.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
5211cb1cee29ebfabf2efd34464150e4710db46514f376d4ad319badd0bddbd4
target:pali-sinhala-parallel:67847:5
දුරු කරණලද සැක ඇත්තේ සම්පූර්ණ කරණලද කටයුතු ඇත්තේ ක්ෂය කරණලද පුනර්භවය ඇත්තේ විභවයද භවයද දුරුකොට පිරිනිවණට ගියේ වෙයි.” 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
399adca7b504fd109bf39e46f0d845aac2caae789a5282ee71e2bd012982f888
target:pali-sinhala-parallel:67847:6
“මනාව නිවන ලද සිත් ඇත්තේ” යනු රාගය නිවූ බැවින් නිවුනේ, ද්වේෂය නිවුන බැවින් නිවුනේ, මෝහය නිවුන බැවින් නිවුනේ, ක්‍රෝධය, උපනාහය, මක්ඛය, පලාසය, ඉස්සා, මච්ඡරීය, මායා, සාඨෙය්‍ය, ථම්භ, සාරම්භ, මද, පමාද යන
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
6a37f8443494f321c254ad0e6a110838d64e930e6d7979fc2dc206163314f207
target:pali-sinhala-parallel:67847:7
ක්ලෙශයන් නිවූ බැවින් සියලු කෙලෙස් සියලු දුශ්චරිත සියලු දානයන් සියලු පරිදාහයන් සියලු තැවීම් සියලු අකුශලාභි සංස්කාරයන් නිවූ බැවින් යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
a89d29046f6a28d64d6551f988d8d69828801bd7e435f40a8de87e524e5947c5
target:pali-sinhala-parallel:67847:8
“ඉතිහන්ති සීලෙසු අකත්ථමානො” යන්නෙහි ඉතිහ-න්ති යනු පදයන් එකතු කළ සන්ධියකි අකුරු සම කිරීම පිණිස කියවීමේ පහසුව පිණිස කළ පද පූරණයකි මේ ශාසනයෙහි ඇතැමෙක් පුරසාරම් දොඩයි. හෙතෙම ‘මම ශීල සම්පන්නවූයේ වෙමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
24baf06cc42c6eeb2bbed8a68a9090da7fe262dde8b88f88cc3045065d332f66
target:pali-sinhala-parallel:67847:9
ව්‍රත සම්පන්න වූයේ වෙමි’යි පුරසාරම් දොඩයි. ශීල ව්‍රත දෙකින් යුක්තයයි කියා හෝ පුරසාරම් දොඩයි. ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලයෙන් හෝ රූ සපුවෙන් හෝ යුක්තයයි පුරසාරම් දොඩයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
1616346aadcdf5ac2395f62a996323a60deb451d0039dda99ae9a3aeeeae6997
target:pali-sinhala-parallel:67848:0
(3 - 5) 1 “යමකුගේ කල්පනා කළ, සකස්වූ ධර්මයෝ” යන්නෙහි කල්පනා කළ යනු කල්පනා දෙකකි. තෘෂ්ණා කල්පනාවද දෘෂ්ටි කල්පනාවද යනුයි. (මෙහි (2-6) 1 (ii) (iii) ඡේද යෙදිය යුතුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
a04bc86975f941e9239b344d61b8c1d7553cef63a2e07293954a1f6e3a3b9011
target:pali-sinhala-parallel:67848:1
එහි මමත්වය වෙනුවට කල්පනා කියා වෙනස්කර ගන්න) මේ කල්පනාවෝ දෙක වෙති 2 “සකස්වූ” යනු හේතුවෙන් හටගන්නා ලද රැස් කරණ ලද පිහිටුවන ලද්දේනුයි හෝ සංඛත නමි. යලිදු හෝ සකස්වූ ධර්මයෝ අනිත්‍යයහ. හේතුවකින් උපන්නෝය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
67b5c9b2ab8f1b351e2c6b9d3a5aa7d593aad0c4d8a67eaf8f6179cd6585f7a1
target:pali-sinhala-parallel:67848:10
සැළකිළි කරති ඒ හේතුකොට ගෙන සිවුරු පිණ්ඩාහාර සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබයි මේ දෘෂ්ටියෙන් මෙලොව ආනිශංසයයි (iv) දෘෂ්ටියෙන් පරලොව ආනිශංස කවරේද? (v) මේ දෘෂ්ටිය නාගත්වය පිණිස සුදුසුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
a2832ad9a78c40279c982ca327c21ec9b1c2e51f828ba969d76d7eccbc2cb738
target:pali-sinhala-parallel:67848:11
සුපර්ණත්වය පිණිස සුදුසුය ගන්ධර්වත්වය පිණිස සුදුසුය. මහාරාජත්වය පිණිස හෝ ශක්‍රත්වය පිණිස හෝ බ්‍රහ්මත්වය පිණිස හෝ දෙවත්වය පිණිස හෝ සුදුසුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
0f5d16c59d6b0d5f9bf2648b735b38750bdd5211fafa81899522912b65b1c180
target:pali-sinhala-parallel:67848:12
මේ දෘෂ්ටිය ශුද්ධිය පිණිස විශුද්ධිය පිණිස පාරිශුද්ධිය පිණිස විමුක්තිය පිණිස සුදුසුය. මේ දෘෂ්ටියෙන් මිදෙත් පිරිසිදුවෙත්, මේ දෘෂ්ටියෙන් පිරිසිදු වන්නෙමි. මිදෙන්නෙමියි මතුඵලය බලාපොරොත්තුවූයේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
06fb9a0717204d68d3a088c22a2d69383ea6ba97280cbba548f9a222c318ba7f
target:pali-sinhala-parallel:67848:13
මේ දෘෂ්ටියෙන් පරලොව ආනිශංසයයි, (vi) තමන්ගේ දෘෂ්ටියෙන් මේ ආනිශංස දෙක බලාපොරොත්තු වෙයි. 6 “ඒ අස්ථිරවූ සන්සිඳීම ඇසුරු කෙළේය” යන්නෙහි සංසිඳීම් තුනක් වෙති.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
4a2f6d53fc6a0e949e3372ba782a4648d4da526a563863f684f76e864520b896
target:pali-sinhala-parallel:67848:14
අත්‍යන්ත (ඒකාන්ත) සංසිඳීම, තදංග සන්සිඳීම, සම්මුති සන්සිඳීම, යනුයි. අත්‍යන්ත ශාන්තිය කවරේද? (ii) අමෘතවූ නිර්වාණයට ඒකාන්තශාන්ති යයි කියනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
2c77fca26420318265565a825727079d580c71e9820fb739a66c09ed01ddb16e
target:pali-sinhala-parallel:67848:15
යමක් සියලු සංස්කාරයන් සමථයට පත් කළ සියලු කෙළෙස් සංසිඳවූ තෘෂ්ණා ක්ෂය කළ විරාග නම්වූ නිරෝධ නම්වූ නිර්වාණයයි. මේ ඒකාන්ත ශාන්තියයි. (iii) තදංග ශාන්තිය කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
e09e92281ea938988e1a42236b753906e0f11587f6f280ce63994cea53a8b575
target:pali-sinhala-parallel:67848:16
(iv) ප්‍රථමධ්‍යානයට සමවැදුනහුට නීවරණයෝ සංසිඳුනාහු වෙති. ද්විතීයධ්‍යානයට සම වැදුනහුට විතර්ක විචාරයෝ සංසිදුනාහු වෙති. තෘතීයධ්‍යානයට සමවැදුනහුට ප්‍රිතිය සන්සිදුනේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
592fad98dc7c20def6c766ab1d017c04d12189201f8735e98ae23bd35ad67c49
target:pali-sinhala-parallel:67848:17
චතුර්ථධ්‍යානයට සමවැදුනහුට සුවදුක් සංසිදුනාහූ වෙති. ආකාශානඤ්චායතනයට සමවැදුනහුට රූප සංඥාව, පටිඝ සංඥාව නානත්ත සංඥාව සංසිඳුනාහු වෙති. විඤ්ඤාණඤ්චායතනයට සමවැදුනහුට ආකාසාඤ්චායතන සංඥාව සංසිඳුනේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
759ee2fa8642c5d3fd6c5bc6909f28ad565f6780b97e496fb1b24dd4176ec0ce
target:pali-sinhala-parallel:67848:18
ආකිඤ්චඤ්ඤායතනයට සමවැදුනහුට විඤ්ඤාණඤ්ඤායතන සංඥාව සංසිදුනේ වෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සම වැදුනහුට ආකිඤ්චඤ්ඤායතන සංඥාව සංසිඳුනේ වෙයි. මේ තදංග සංසිඳීමයි. සම්මුති සංසිඳීම කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
3ad9756ef46975d2c404b35b4c92ddff69eaecefea48093fbb9103f0ac100812
target:pali-sinhala-parallel:67848:19
දෙසැට මිථ්‍යාදෘෂ්ටීන් සංසිඳීම සම්මුති සංසිඳීමයයි කියනු ලැබේ. මේ දෘෂ්ටි සංසිඳීමයි. නැවතද සම්මුති ශාන්තිය මේ අර්ථයෙහි අඩංගුවූ ශාන්තියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
e882c5c658ade6e1a06615c2a4eca91d6734bc433e0fce6deb3850340f199f5b
target:pali-sinhala-parallel:67848:2
සකස්වූවෝ ක්ෂය ධර්මයෝය. ව්‍යය ධර්මයෝය, විරාග ධර්මයෝය, නිරෝධ ධර්මයෝය. “යමකුගේ” යනු දෘෂ්ටිගතිකයාට යනුයි. ධර්මයයි දෙසැට දෘෂ්ටිගත කල්පනාවෝ සංඛතයෝ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
338c44c756e472ddb2ab87006c7d4c00c22a5f245ed8e229f0de455b35e02db8
target:pali-sinhala-parallel:67848:20
7 “ඒ අස්ථිරවූ සන්සිඳීම ඇසුරු කෙළේ” යනු කලබලවූ ශාන්තිය සෙලවුනාවූ ශාන්තිය ගැටුන ශාන්තිය අනිත්‍යය සංඛතය හේතුවෙන් උපන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
7db16354283056f54f9ff88909bec8358edea456d928d6c1232d44d086286929
target:pali-sinhala-parallel:67848:21
ක්ෂය ධර්මය ව්‍යය ධර්මය විරාග ධර්මය නිරෝධ ධර්මය ශාන්තිය ආශ්‍රයකොට ඇත්තේ ඇලීගත්තේ පැමිණියේ බැසගත්තේ පැමිණියේ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
029aae6712365502ff6372b8f1abdc5e46769359449ae8d6940795c74a8abe4d
target:pali-sinhala-parallel:67848:3
3 “ප්‍රමුඛ කළ අපිරිසුදු දේ වෙත්” යන්නෙහි පෙරටු කිරීම් දෙකකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
c9a4f8df66a5262b97c84a134ffd2d6ec06e245cf3d6158fc846e19033d4918e
target:pali-sinhala-parallel:67848:4
තෘෂ්ණාව පෙරටු කිරීම දෘෂ්ටිය පෙරටුකිරීම (මමත්වය වෙනුවට පෙරටුකිරීම කියා වෙනස්කර (2-6) 1 (ii) (iii) ඡේද යෙදිය යුතුයි) ඔහුට තෘෂ්ණාව පෙරටුකිරීම ප්‍රහීණ නොවූයේද දෘෂ්ටිය පෙරටු කිරීම නොසංසිඳුනේද ඔහුගේ තෘෂ්ණාව
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
0189a2b8d4d4ae5f06fd8a0b9b778077600e5d85c517400201550296a340b0b4
target:pali-sinhala-parallel:67848:5
පෙරටු කිරීම ප්‍රහීණ නොවූ බැවින් දෘෂ්ටිය පෙරටු කිරීම නොසංසිඳුන බැවින් හෙතෙම තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ පෙරටුකොට හැසිරෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
f766151511d563f802c5c71af22d6b4cc88200cca7a7d1a5988ebb55f6a97779
target:pali-sinhala-parallel:67848:6
හෙතෙම තෘෂ්ණාව ධ්වජ කොට ඇත්තේ තෘෂ්ණාව කොඩියකොට ඇත්තේ තෘෂ්ණාව අධිපති කොට ඇත්තේ දෘෂ්ටිය ධ්වජ කොට ඇත්තේ තෘෂ්ණාව කොඩිය කොට ඇත්තේ දෘෂ්ටිය අධිපතිකොට ඇත්තේ තෘෂ්ණාවෙන් හෝ දෘෂ්ටියෙන් හෝ පිරිවරණ ලද්දේ හැසිරෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
2754800a041405c1058a415b4efcc204cd8510896d5ee6b0da095556c0337a1a
target:pali-sinhala-parallel:67848:7
පෙරටු කරණ ලදී “වෙත්” යනු විද්‍යමානවෙත්, ඇත්තේය, ලබත් යනුයි. 4 “අපිරිසිදු දේ” යනු අපිරිසිදුවූයේ කිළුටුවූයේ යනුයි. 5 “යම් ආනිශංසයක් තමාතුළ දකීද” යන්නෙහි “යම්” යනු තමා කෙරෙහි යමක් යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
736faad6aae5d6bb65c636fec862a5bf14b0b881be357b7a013c488779d79852
target:pali-sinhala-parallel:67848:8
“තමා තුළ” යනු තෙමේයයි දෘෂ්ටි ගතයාට කියනු ලැබේ. තමන්ගේ දෘෂ්ටියෙන් ආනිශංස දෙකක් බලයි. මෙලොව ආනිශංසයද පරලොව ආනිශංසයද යනුයි. (ii) මෙලොව ආනිශංසය කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
2b3f528ae4345c71067cd25e764f34c25c3494464b18247a583487a3e1cd08f8
target:pali-sinhala-parallel:67848:9
(iii) ශාස්තෘතෙම යම් දෘෂ්ටියක් ඇත්තේ වෙයිද ශ්‍රාවකයෝද ඒ දෘෂ්ටි ගතුවෝ වෙති. ඒ දෘෂ්ටිය ඇති ශාස්තෘවරයාට ශ්‍රාවකයෝ සත්කාර කෙරෙති. ගරුකාර කෙරෙති. වඳිති පුදති.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
dd433f8d44afc5e9365a67663d742ad5c45d55b7cc6957ccc59b10edd0fa7a29
target:pali-sinhala-parallel:67849:0
(3 - 6) 1 “දෘෂ්ටි වැළඳ සිටීම පහසුවෙන් ඉක්මවනු නොහැක” යන්නෙහි “දෘෂ්ටි වැළඳ සිටීම්” යනු (ii) ලෝකය ශාස්වතය මෙයම සත්‍යය අනික් දේ හිස්යයි දෘෂ්ටියට බැසගැන්ම ඇලීම පරාමර්ශය කොට ඇත්තේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
c08c47cba6368297e9369779973707d006476c425c2e9a516f84d49af7b2b774
target:pali-sinhala-parallel:67849:1
ලෝකය අශාස්වතය ලෝකය කෙළවරක් ඇත්තේය, ලෝකය කෙළවරක් නැත්තේය, ඒ ජීවයයි ඒ ශරීරයයි, අනිකක් ජීවයයි අනිකක් ශරීරයයි සත්වයා මරණින් මතු වෙයි, සත්වයා මරණින් මතු නොවෙයි, සත්වයා මරණින් මතු ඇත්තේද වෙයි නැත්තේද වෙයි,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
988d8ba821c53643e406eeb308a6cb43b5a9964786c2f3c749be1e9c233cfb65
target:pali-sinhala-parallel:67849:10
5 “ධර්මය පිළිගනී” යනු ශාස්තෘවරයා පිළිගනියි. ධර්ම දෙශනය පිළිගනියි. සංඝයා පිළිගනියි. දෘෂ්ටිය පිළිගනියි. ප්‍රතිපදාව පිළිගනියි. මාර්ගය පිළිගනියි. පරාමර්ශය කරයි. ඇතුළු වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
a9ae459fef93ebd9d53c0007a970641c972c86ba81437fcb2603a0fa4478c01e
target:pali-sinhala-parallel:67849:2
සත්වයා මරණින් මතු නොම වෙයි නොම නොවෙයි යන මෙයම සත්‍යයයි අනික් දේ හිස්යයි දෘෂ්ටි වැළඳ සිටීම ඇලීම පරාමර්ශය කොට ඇත්තේවේ. දෘෂ්ටියෙන් ඇතුළු වූවෝ පහසුවෙන් ඉක්ම විය. නොහැක. දුකසේ තරණය කටයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
7273b5c9adf83c664ecaca81228fc46beaee851b33c2850c6b5a7fa8b924bd9d
target:pali-sinhala-parallel:67849:3
2 “ධර්මයන්හි පිළිගන්නා ලද්ද නිශ්චය කරන්නේය” යන්නෙහි ධර්මයන්හි යනු දෙසැට දෘෂ්ටි ගතුවන් කෙරෙහි නිශ්චයකොට කල්පනාකොට සමකොට බලා තීරණය කොට ප්‍රකටකොට යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
138e373425d4dfd6e5615832c2f8ca16a48b0aaf9e1d0a4308217cdb6b7e63f7
target:pali-sinhala-parallel:67849:4
බැස ගැනීම්වල සීමාකොට ගත්තේ ගුහාව කොට ගත්තේ උතුම් කොට ගත්තේ කොටස් කොට ගත්තේ කැටිකොට ගත්තේ මෙය සත්‍යය යථාස්වභාවයයි අවිපරීත ස්වභාවයයි ගත්තේ පරාමර්ශ කරණ ලද්දේ බැසගන්නා ලද්දේ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
3784425deb8591661c093a04f92f1be1fa2e026abb237cd68e460bb4fc29c698
target:pali-sinhala-parallel:67849:5
3 “එහෙයින් මනුෂ්‍යතෙම ඒ වැළඳ ගැනීම්වල” යන්නෙහි තස්මා යනු ඒ කාරණයෙන් ඒ හේතුවෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් මනුෂ්‍යතෙම යනු සත්වයා (මෙහි 7 (ii) ඡේද යෙදිය යුතුයි.) 4 “ඒ වැළඳ ගැනීම්වල” යන්නෙහි ඒ දෘෂ්ටියට
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
2f9af512cb1f910dcedb6b1bd09127ba27b520c25536e7d02d2de7dc53890fe9
target:pali-sinhala-parallel:67849:6
බැස ගැනීම්වල යනුයි. “ධර්මය දුරු කෙරේද, පිළිගනීද” යන්නෙහි කරුණු දෙකකින් ආලය රහිත වෙයි අන්‍යයන්ගේ අදහස් බිඳීම් වශයෙන් හෝ ආලය රහිත වෙයි. නුසුදුසු බැවින් හෝ ආලය නොවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
28edf03ecdc1cadcc816c4085ca9109dcbb20e98ecdec8d68b335cb789097af0
target:pali-sinhala-parallel:67849:7
කෙසේ අනුන්ගේ අදහස් බිඳීම් වශයෙන් ආලය නොවේද, ඒ ශාස්තෘවරයා සර්වඥ නොවේ. ධර්මය ස්වාක්ඛාත නොවේ. සංඝයා සුප්‍රතිපන්න නොවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b812
f3686c963930d49a145d8550fdbdf8fbdbe5d76a764ce1a9ed0ad25084e0c3cb