sample_id stringlengths 18 38 | text stringlengths 5 200 | label stringclasses 3
values | source stringclasses 5
values | subcorpus stringclasses 59
values | doc_id stringclasses 691
values | block_id stringlengths 15 101 | text_sha256 stringlengths 64 64 |
|---|---|---|---|---|---|---|---|
target:pali-sinhala-parallel:67849:8 | දෘෂ්ටිය යහපත් නොවේ ප්රතිපදාව මනාව පනවන ලද එකක් නොවේ මාර්ගය නෛර්ය්යානික නොවේ මෙහි ශුද්ධියක් හෝ විශුද්ධියක් හෝ පාරිශුද්ධියක් හෝ මිදීමක් හෝ නැත. හීනය, නිහීනය ලාමකය. මෙසේ අන්ය අදහස් බිඳ දමයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 58bfaee72b1b3c621e47b6e7560225ac68eb784b9c834b4e96197ddaa75125ea |
target:pali-sinhala-parallel:67849:9 | මෙසේ සිඳ දමනු ලබන්නේ ශාස්තෘවරයා කෙරෙහි නොඇලෙයි. ධර්මය කෙරෙහි නොඇලෙයි. සංඝයා කෙරෙහි නොඇලෙයි. ශීලය නුසුදුසු බැවින් ආලය නොවෙයි ව්රතය නුසුදුසු බැවින් ආලය නොවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 9e101f983b034d488c77a7617afabd853f2353ae69bf434b79d5422bc5a10c23 |
target:pali-sinhala-parallel:67850:0 | (3 - 7) 1 “ශුද්ධ පුරුෂයාට වනාහි භවාභවයන්හි කල්පනා කළ දෘෂ්ටියක් ලොව කොහි හෝ නැත” යන්නෙහි “ශුද්ධ පුරුෂ” යන මෙහි ශුද්ධ යනු ප්රඥාවට කියනු ලැබේ යම් ප්රඥාවක් මනාදැනීමක් ඇත්තේ අමොහ යයිද, ධර්ම විචයයයිද, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | e651248bf42781ffe62eb3fed1e204eef93a5651a4f5b087d51930c2661f762c |
target:pali-sinhala-parallel:67850:1 | දෘෂ්ටියයිද කියනුලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 98c422809617562bff2648ed431b041970e26f8bb417799796ca8f6621102afc |
target:pali-sinhala-parallel:67850:10 | ක්ලෙශයන් සෝදා හරින ලද්දේය සියලු පරිදාහයන් ඉවත්කරණ ලද්දේය. සෝදා හරිනලද්දේය එබැවින් “ශුද්ධ” නමි. 2 “ශුද්ධ පුරුෂතෙමේ මායාද මානයද හැර” යන්නෙහි රැවටිලි හැසිරීම මායාවයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 2228b169a8e7a75f1188c23ff26b685fac717a0021a71e8210021f3cc4c0d9c8 |
target:pali-sinhala-parallel:67850:11 | (ii) මේ ලෝකයෙහි ඇතමෙක් කයින් දුසිරිතෙහි හැසිර වචනයෙන් දුසිරිතෙහි හැසිර එය වැසීමේ හේතුවෙන් ලාමක කල්පනාවට බැස ගනියි. මා අන්යයෝ නොදනිත්වා නොපෙණෙත්වායි බලාපොරොත්තු වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | b72941d8cb66661e1a7e15648b4e07e5dbe04563d2bef54e32e8efa840e46774 |
target:pali-sinhala-parallel:67850:12 | මා අන්යයෝ නොදනිත්වා නොපෙණෙත්වායි කල්පනා කරයි. මා අන්යයෝ නොදනිත්වා නොපෙණෙත්වායි කයින් ඉක්මවයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | add768caab78eddca22020b1fcc46f92edb37bc14e72d1ff0be6229bb8cbb6d9 |
target:pali-sinhala-parallel:67850:13 | මෙබඳුවූ යම් රැවටිල්ලක් රැවටිලි බවක් වරදක් කෛරාටික කමක් සැඟවීමක් වැසීමක් අප්රකට කිරීමක් පාප ක්රියාවක් ඇද්ද මෙය රැවටිල්ලයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 2d3c01c5b34d12656624d4640311a27246bb9b2a844025f070bb26f28510ee8a |
target:pali-sinhala-parallel:67850:14 | “මාන” යනු (iii) යම් චිත්තයාගේ උන්නති භාවයක් ඇද්ද එක් ආකාරයකින් මාන්නයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 166aff107b0dcda28402fc9b15cffabe475c0ac2b2e309d19cc9d4491375d270 |
target:pali-sinhala-parallel:67850:15 | තමා උසස් කොට සැලකීම අනුන්ට නින්දා කිරීම යනු දෙආකාරයකින් මාන්නයයි ශ්රේෂ්ඨ වෙමියි සිතන මානය, සමාන වෙමියි සිතන මානය පහත් වෙමියි සිතන මානය යනු තුන් ආකාරයකින් මානයයි. (iv) ලාභයෙන් මානය උපදවයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 262adee7bd8e1fc1aeaa29755eea0b4bf0ddd22a9682876f4dc877abde844ec4 |
target:pali-sinhala-parallel:67850:16 | කීර්තියෙන් මානය උපදවයි. ප්රශංසාවෙන් මානය උපදවයි. සැපයෙන් මානය උපදවයි. යනු කරුණු සතරකින් මානය උපදවීමයි. මනවඩන්නාවූ රූපයන් ලැබුවේ වෙමියි මාන්නය උපදවයි මනවඩන්නාවූ ශබ්දයන් ලැබුවේ වෙමියි මාන්නය උපදවයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 3a9ce9ff8b1d35f86fb9c98e0209c6ae085ce842c683aae45e6f132a2e794848 |
target:pali-sinhala-parallel:67850:17 | මනවඩන්නාවූ ගන්ධයන් රශයෙන් ස්පර්ශයන් ලැබුවේ වෙමියි මානය උපදවයි යනු පස් ආකාරයකින් මාන්නය උපදවයි (v) ඇස් ලැබීම නිසා මානය උපදවයි. කන් ලැබීම නිසා මානය උපදවයි. නාසය ලැබීම නිසා මානය උපදවයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 1ea9349597e3d4c3771879c8425dcd1abd5eef0fcad6e34d03dcd150a2aa313b |
target:pali-sinhala-parallel:67850:18 | දිව ලැබීම නිසා කායයන් ලැබීම නිසා මානය උපදවයි යනු සය ආකාරයකින් මාන්නය උපදවීමයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | afbb4905aff42f5d301492187267786f2334ffa9def7e246cce7f1021cd9f364 |
target:pali-sinhala-parallel:67850:19 | මානය අතිමානය මානාතිමානය අවමානය අධිමානය අස්මි මානය මිථ්යා මානය යනු සත් ආකාරයකින් මාන්නය ඉපදවීමයි (vi) ලාභයෙන් මාන්නය උපදවයි. අලාභයෙන් අවමානය උපදවයි. කීර්තියෙන් මානය උපදවයි අපකීර්තියෙන් අවමානය උපදවයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 6de8994fc4f6a46913b6bceea4df9b8307b48cd7b2811940d2ddb16774f875d5 |
target:pali-sinhala-parallel:67850:2 | කවර කරුණකින් ප්රඥාවට ධොතයයි කියනු ලැබේද, (ii) ඒ ප්රඥාවෙන් කාය දුශ්චරිතය ඉවත්කරණ ලද්දේද, සෝදා හරින ලද්දේද, වාග් දුශ්චරිතය ඉවත් කරණ ලද්දේද සෝදා හරින ලද්දේද මනස් දුශ්චරිතය ඉවත් කරණ ලද්දේද සෝදා හරින | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | ac945956b02019e38ce2551244a4e2cefd2460c22fda5a77dc22132103b420e6 |
target:pali-sinhala-parallel:67850:20 | ප්රශංසාවෙන් මානය උපදවයි. නින්දාවෙන් අවමානය උපදවයි. සැපයෙන් මානය උපදවයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | ad3adb8d38cc7a9b4401c4d7f8f3c6ec977ef576f61af3c3fb0996f26b12d6db |
target:pali-sinhala-parallel:67850:21 | දුකෙන් අවමානය උපදවයි නවවැදෑරුම් මානයෙන් එනම් ශ්රේෂ්ඨයාට ශ්රේෂ්ඨවෙමියි ඇතිවන මානය, ශ්රේෂ්ඨයාට සමානවෙමියි ශ්රේෂ්ඨයාට හීනවෙමියි. සමානයාට ශ්රේෂ්ඨවෙමි. සමානයාට සමාන වෙමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | f7b27d65904e349c79a7609592235b464e46fc228986d614a29cc2dc60a179bf |
target:pali-sinhala-parallel:67850:22 | සමානයාට හින වෙමියි ඇතිවන මානය යනු නවවැදෑරුම් මානයයි, දශවැදෑරුම් මානය නම්, (vii) මේ ලෝකයෙහි ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්රයෙන් හෝ කුලයෙන් හෝ පැහැසපුවෙන් හෝ ධනයෙන් හෝ ඉගෙණීමෙන් හෝ කර්මාන්තයෙන් හෝ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | a0d5fd4180dfadce2e966a17ca16506213eafe37534a620db4317573b6882eb9 |
target:pali-sinhala-parallel:67850:23 | ශිල්පායතනයෙන් හෝ විද්යායතනයෙන් හෝ බොහෝ දේ දැනීමෙන් හෝ වැටහීමෙන් හෝ වෙන යම් කරුණකින් හෝ යමෙක් මෙබඳු මානයක් සිතේ උසස් බවක් උසස්යයි හැඟීමක් කොඩියක්සේ ඉදිරිපත් කරගත් මානයක් වේනම් එයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 7f26ffb5def2d426c28ec00107202077e670a63e34e1735646f5c61c2f38a3b0 |
target:pali-sinhala-parallel:67850:24 | මෙය මානයයි කියනු ලැබේ “ශුද්ධ පුරුෂයා මායාවද මානයද හැරදමා’ යනු නුවණැත්තා රැවටිල්ලද මානයද හැර දුරුකොට පහකොට නූපදනා බවට පමුණුවා වාසය කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 21774c0c0d3a22ba4e7feaf89816efe0e94e49bde3cbd6beae34ae95c46e703a |
target:pali-sinhala-parallel:67850:25 | 3 “රැස්කිරීමක් නැති තැනැත්තේ කවර මඟකින් යන්නේද යනු පැමිණීම් දෙකක් වෙති. තෘෂ්ණාව රැස්කිරීම දෘෂ්ටිය රැස්කිරීම යන දෙකයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | a11485c0b38686081f07659eac853cc1a9529cf856813d753343dda06c476b8b |
target:pali-sinhala-parallel:67850:26 | (ii) මෙහි (2-6) 1 (ii) (iii) ඡේදවල “මමත්වය” වෙනුවට “රැස්කිරීමයි” වෙනස්කොට යොදාගත යුතුයි) (iii) ඔහුගෙ තෘෂ්ණාව රැස්කිරීම ප්රහීණවූයේ වෙයි. දෘෂ්ටිය රැස්කිරීම දුරු කරණ ලද්දේ වේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 2f34d5f661bc194fd77fc1c6e4929c7c88c56b64f7a8e652ac930ea13b0fc708 |
target:pali-sinhala-parallel:67850:27 | තෘෂ්ණාව රැස්කිරීම ප්රහීණවූ බැවින් දෘෂ්ටිය රැස්කිරීම දුරු කළ බැවින් රැස්කිරීම් රහිතවූ පුද්ගලතෙම කවර කරුණකින් (iv) රාගයට පැමිණෙන්නේද කවර කරුණකින් ද්වේෂයට පැමිණෙන්නේද කවර කරුණකින් මෝහයට පැමිණෙන්නේද කවර | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | fd81669b37a4657d18db7d9393d29d7ce92ad8fc47c220e9b00da9e0fd3255bd |
target:pali-sinhala-parallel:67850:28 | දෘෂ්ටියකට පැමිණෙන්නේද කවර තැන්පත් ක්ලෙශයකින් (v) රාගය ඇත්තෙකැයි ද්වේෂය ඇත්තෙකැයි මුලාවට පැමිණියෙකැයි හෝ එකට බැඳුනේයයි කියා හෝ පරාමර්ශය කළේයයි කියා හෝ අවුලට පත්වූයේයයි කියා හෝ නිමාවට නොපැමිණියේයයි කියා | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | f432587df91f083763c6aa0e0781c300de0252bc485c918d85609483b5732adf |
target:pali-sinhala-parallel:67850:29 | හෝ උත්සාහයට පැමිණියේයයි කියා හෝ කියද්ද, ඔව්හු රැස්කිරීම් ප්රහීණ කළහ රැස්කිරීම් ප්රහීණ කළ බැවින් ගතියකට කවරකින් යන්නේද, නිරිසතෙක කියා හෝ තිරිසන් සතෙක කියා හෝ ප්රෙතාත්මයට පැමිණියෙකැයි කියා හෝ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 774c44855e3b3bd8cea4a2364337e947757300f0cf4feb441dddf5c118506f15 |
target:pali-sinhala-parallel:67850:3 | ලද්දේද, රාගය, ද්වේෂය, මෝහය, ක්රෝධය, බද්ධවෛරය, ගුණමකුකම, අනුන්ට දොස්කීම ඉවත් කරණ ලද්දේද සෝදා හරින ලද්දේද, එකට එක කිරීම, මානය අතිමානය, මදය, ප්රමාදය ඉවත් කරණ ලද්දේද සෝදා හරින ලද්දේද, සියලු කෙලෙස්, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | de680f878a8fe7105a87bc2175dafe868d9f71f83cab29a580f089c07f7c6c42 |
target:pali-sinhala-parallel:67850:30 | මිනිසෙකැයි කියා හෝ දෙවියෙකැයි කියා හෝ රූපී බ්රහ්මයෙකැයි කියා හෝ අරූපී බ්රහ්මයෙකැයි කියා හෝ සඤ්ඤීයයි කියා හෝ අසඤ්ඤීයයි කියා හෝ නෙවසඤ්ඤිනාසඤ්ඤියයි කියා හෝ කියන්නට හේතුවක් නැත. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 43814bee67644ab384325fee69aba621a673a73437a79a283950674d8bb4d88c |
target:pali-sinhala-parallel:67850:31 | ප්රත්යයයක් නැත, කාරණයක් නැත. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 633db487cc6b779012ad749c9cf3263a94e2ed52d0161ec7d8bf1105062907ff |
target:pali-sinhala-parallel:67850:4 | සියලු දුසිරිත්, සියලු දානයෝ සියලු පරිදාහයෝ සියලු තැවිලි සියලු අකුසලාභි සංස්කාරයෝ ඉවත් කරණ ලද්දේද, සෝදා හරින ලද්දේද, ඒ කාරණයෙන් (iii) “ශුද්ධ” යයි ප්රඥාවට කියනුලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | eeda7339f5e66295bf99b51e8e9a5d2a2f31fc185239f0516b24ec901640b42c |
target:pali-sinhala-parallel:67850:5 | (iv) යලිදු හෝ සම්යක් දෘෂ්ටියෙන් මිථ්යාදෘෂ්ටිය, ඉවත් කරණ ලද්දේද සෝදා හරින ලද්දේද, සම්යක් සංකල්පයෙන් මිථ්යා සංකල්පය ඉවත් කරණ ලද්දේද සෝදා හරින ලද්දේද, සම්යක් වචනයෙන් මිථ්යා වචනය ඉවත් කරණ ලද්දේද, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | c623726dae330c67298efbe6504add1dc8fc10f811396255a517557ff559bfa4 |
target:pali-sinhala-parallel:67850:6 | සෝදා හරින ලද්දේද, සම්යක් කර්මාන්තයෙන් මිථ්යා කර්මාන්තය ඉවත් කරණ ලද්දේද සෝදා හරින ලද්දේද සම්යක් ආජීවයෙන් මිථ්යා ආජීවය, සම්යක් ව්යායාමයෙන් මිථ්යා ව්යායාමය, සම්යක් සති (සිහි) යෙන් මිථ්යා | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | f510ff3b305ffa07a64963bbc29cd97d7abe0fdd090d1172cbfee95a39e4cee0 |
target:pali-sinhala-parallel:67850:7 | (වැරදි) සතිය, සම්යක් සමාධියෙන් මිථ්යා සමාධිය, සම්යක් ඥානයෙන් මිථ්යා ඥානය ඉවත් කරණ ලද්දේද සෝදා හරින ලද්දේද, සම්යක් විමුක්තියෙන් මිථ්යා විමුක්තිය ඉවත් කරණ ලද්දේද, සෝදා හරින ලද්දේද, යලිදු හෝ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 1a657e9c602d2a46e364a363e6c7c43067a451106deb7c9bdfffa88cbc5d6749 |
target:pali-sinhala-parallel:67850:8 | ආර්ය්ය අෂ්ඨාංගික මාර්ගයෙන් සියලු කෙළෙස් සියලු දාහයෝ සියලු පරිදාහයෝ සියලු සන්තාපයෝ සියලු කුශලභි සංස්කාරයෝ ඉවත් කරණ ලද්දේද සෝදා හරින ලද්දේද රහතන් වහන්සේ මේ “ශුද්ධ” ධර්මයන්ගෙන් යුක්තවූයේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 7f3975758cc4c2810909ecec6e9fe456dcb266ebd1b77db8c8ffbf5c519970e4 |
target:pali-sinhala-parallel:67850:9 | විශේෂයෙන් යුක්තවූයේ වෙයි. (v) එබැවින් උන්වහන්සේට “ශුද්ධ” යයි කියනු ලැබේ. එබැවින් ඒ රහතන් වහන්සේ විසින් රාගය සෝදා හරින ලද්දේය පාපය සෝදා හරින ලද්දේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 1f1b768a775b8ac80a5869b4e60f4b06bd863ea950c8c0a155aba4faae0ca3da |
target:pali-sinhala-parallel:67851:0 | 4 “රැස්කිරීම් ඇත්තේම ධර්මයන්හි වාදයට එයි” යනු තෘෂ්ණාව රැස්කිරීමද දෘෂ්ටිය රැස්කිරීමද යන දෙකයි (මෙහි 3 (iii) ඡේදය යෙදිය යුතුයි) මේ තෘෂ්ණාව රැස්කිරීමයි මේ දෘෂ්ටිය රැස්කිරීමයි ඔහුගේ තෘෂ්ණාව රැස්කිරීම | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | f6b24b7d7ebbd41135acd0615e57cda6697658bda0666fd802b87a63badc1b5c |
target:pali-sinhala-parallel:67851:1 | ප්රහීණ නොවූයේය. දෘෂ්ටිය රැස්කිරීම දුරුනොකරණ ලද්දේවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | e398967c1b21fd9567dc37d2ac110f919133599c31e28f35a9ec6d85346fd943 |
target:pali-sinhala-parallel:67851:10 | යමකින් කරුණු කියන්නේද ප්රකාශ කරන්නේද (එයට හේතුවක් නැත) 6 “ඔහුට ආත්මය නිරාත්මයයි යමක් නැත” යන්නෙහි ආත්ම යන්නෙන් දක්වන දෘෂ්ටිය නැත. “නිරත්ත” යන්නෙන් දක්වන උච්ඡෙද දෘෂ්ටිය නැත. ආත්මයයි ගන්නා ලද්දක් නැත. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 87ad759c6ce1417ffcbd81b0589cfdec638f5fbcd91a6787d27403ee71eac551 |
target:pali-sinhala-parallel:67851:11 | ආත්මය නොවේයයි මිදියයුත්තක් නැත. යමෙකුට ගැණීමක් ඇත්නම් මිදිය යුත්තකුත් ඇත. යමෙකුට මිදිය යුත්තක් ඇත්නම් ගැණීමකුත් ඇත ගැණීමද මිදීමද ඉක්මවූ රහතුන් වහන්සේ වැඩීමද පරිහානියද නැවැත්වූසේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | c3cfed7a1b3b2633aa521a77b11c10beff423fe563db4c5f88b491c452e2ce8a |
target:pali-sinhala-parallel:67851:12 | (ii) උන්වහන්සේ වැස නිමවනලද වාස ඇත්තේ පුරුදු කළ පැවැත්ම ඇත්තේ ඈත්කළ ජාති ජරා මරණ සංසාර ඇත්තේ උන්වහන්සේට නැවත උත්පත්තියක් නැත. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 515e948869632862d9912e3af4021e483bceba3f7a69b3272f36485f3370b200 |
target:pali-sinhala-parallel:67851:13 | “හෙතෙම මෙහිම සියලු දෘෂ්ටිය නැසීය” යන්නෙහි ඔහුගේ දෙසැටක් වැරදි දෘෂ්ටීහු ප්රහීණවූහ. සිඳුනාහ. සංසිඳුනාහ. ඉපදීමට අයොග්යවූහ. ඥානය නමැති ගින්නෙන් දැවුනාහ. හෙතෙම ගන්නා ලද සියලු දෘෂ්ටීහු මෙහිදිම දුරු කළේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 30b21e58b6df16c8f11f14b335b6c02be6c7abc3f566d2881b9810a1d203af53 |
target:pali-sinhala-parallel:67851:14 | නූපදින බවට පැමිණවිය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 7a7445b1d8f04ec970d1fc031553b3673a156efc94cfe3486505b02309cbd341 |
target:pali-sinhala-parallel:67851:2 | තෘෂ්ණාව රැස්කිරීම ප්රහීණ නොකළබැවින් දෘෂ්ටිය රැස්කිරීම දුරුනොකළ බැවින් රාගය ඇත්තේය කියා හෝ ද්වේෂය ඇත්තේය කියා හෝ මෝහය ඇත්තේය කියා හෝ බැඳුනේය කියා හෝ පරාමර්ශය කළේයයි කියා හෝ අවුලට පත්වූයේයයි කියා හෝ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | dc87950f51c37dc016fec62ba757823ecb6352ca9b688697a33c73a9f0ca65b0 |
target:pali-sinhala-parallel:67851:3 | අනිටු දෙයට ගියේයයි හෝ උත්සාහවත්වූයේය කියා හෝ ධර්මයන්හි වාදයට පැමිණෙයි. ඔව්හු රැස්කිරීම් ප්රහීණ නොකළෝය. රැ ස්කිරීම් ප්රහීණ නොකළ බැවින් උත්පත්තිය පිළිබඳ වාදයට පැමිණෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 2e6105a02ef9e22f7c5f6ab5ec9f7312c41ae92f7bc2d3e65d501a1e12392a78 |
target:pali-sinhala-parallel:67851:4 | නිරිසතෙක කියා හෝ තිරිසන් සතෙක කියා හෝ ප්රෙතගති ඇත්තෙකැයි කියා හෝ මිනිසෙක කියා හෝ දෙවියෙක කියා හෝ රූපී බ්රහ්මයෙක කියා හෝ අරූපී බ්රහ්මයෙක කියා හෝ සඤ්ඤීයයි කියා හෝ අසඤ්ඤියයි කියා හෝ නෙවසඤ්ඤිනාසඤ්ඤියයි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | c838ad38f9ed924f4ef6e7ed46f64180019f75b5e19c445538253726d10ca054 |
target:pali-sinhala-parallel:67851:5 | කියා හෝ වාදයට පැමිණෙයි, එළඹෙයි, ගනියි. 5 “රැස් නොකරන්නේ කුමකින් කෙසේ කියන්නේද” යන්නෙහි පැමිණීම් දෙකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | bcd6d87d8cb73c55c027195e973788cd79eb7efaac30b7f815db08b64aadf701 |
target:pali-sinhala-parallel:67851:6 | තෘෂ්ණාවට පැමිණීම දෘෂ්ටියට පැමිණීම යන දෙකයි ‘තෘෂ්ණා මමත්වය” වෙනුවට “තෘෂ්ණාවට පැමිණීම” කියා වෙනස්කර (2-6) 1 (ii) (iii) ඡේද යෙදිය යුතුයි.) ඔහුගේ තෘෂ්ණාව ප්රහීණවූයේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 5a2a8a04ecc771bdea9f2a4cd9c88ee91d66befa3d1cfdd60016803a2dbd3a66 |
target:pali-sinhala-parallel:67851:7 | දෘෂ්ටිය දුරුවූයේය තෘෂ්ණාව ප්රහීණවූ බැවින් දෘෂ්ටිය දුරු කරණ ලද බැවින් රැස් නොකළ පුද්ගලයාට කවර රාගයෙන් කරුණු කියන්නේද, කවර ද්වේෂයෙන් කරුණු කියන්නේද, කවර මෝහයෙන් කරුණු කියන්නේද, කවර මානයෙන් කරුණු | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 5eb6b35f1262bb044336f2a380cbf2e9027a3c8058c3c51cc992b60459a60db1 |
target:pali-sinhala-parallel:67851:8 | කියන්නේද, කවර දෘෂ්ටියෙන් කියන්නේද, කවර සිතේ නොසන්සුන්කමින් කරුණු කියන්නේද කවර විචිකිච්ඡාවෙන් කියන්නේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | dd5287d4a9cf8210edbedc8c38b0ff359bb41a21c5d224413d4d4cda1aed7e48 |
target:pali-sinhala-parallel:67851:9 | කවර තැන්පත්වූ රාගයන්ගෙන් කියන්නේද රාගය ඇත්තෙකැයි කියා හෝ (මෙහි 3 (v) ඡේදය යෙදිය යුතුයි.) එබඳු හේතුවක් නැත. එබඳු ප්රත්යයක් නැත, කාරණයක් නැත. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 42747d9c194ab05925c868fdff9d65fc04f37ec05feaa1e71b0cc7f83c08ee27 |
target:pali-sinhala-parallel:67852:0 | (4 - 1) 1 “ශුද්ධවූ උතුම්වූ රොග නැත්තහු දකිමි” පිරිසිදුවූවහු දකිමි පිරිසිදුවූවහු බලමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 1baf04aa34d606beace9d93bd8026a8da1191e95629d2538de1bcfa16023e994 |
target:pali-sinhala-parallel:67852:1 | පිරිසිදුවූවහු මනාකොට බලන්නෙමි.” 2 “උතුම් නිරොගී බව” යනු උතුම්වූ නිරොග බවට පැමිණි ආරක්ෂා බවට පැමිණි, පිහිට බවට පැමිණි, අභය බවට පැමිණි ච්යුත නොවන බවට පැමිණි අමෘත බවට පැමිණි නිර්වාණයට පැමිණියාහු බලමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | e140e538c04bcd2be06db7ba962c46c133b784c5d4c99bf0bd82db35f9f74c3a |
target:pali-sinhala-parallel:67852:2 | 3 “ඉදින් දෘෂ්ටිය කරණ කොට මනුෂ්යයාගේ ශුද්ධිය වේද” චක්ෂුර්විඥානයෙන් රූප ද දර්ශනයෙන් මිනිසාගේ ශුද්ධියද විශුද්ධියද පරිශුද්ධියද මුක්තියද විමුක්තියද පරිමුක්තියද වෙයි. මිනිසා පිරිසිදුවේ මනාකොට පිරිසිදුවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 3babdb1e79d45f405a65c7bc430507d127273b402174e3ede652d535452d0d13 |
target:pali-sinhala-parallel:67852:3 | මිදේ මනාකොට මිදේ මෙසේ මනාව දන්නේ උතුම්යයි දැන මෙසේ දන්නේ අවබෝධ කරන්නේ මෙය පරමය, අග්රය, ශ්රේෂ්ඨය, උතුම්යයි දැන තීරණයකොට, ප්රකටකොට, යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 39a82c442ed064d783c410d7ec1306c48bfd66a782829bcd0766cf423fbac8dc |
target:pali-sinhala-parallel:67852:4 | 4 “ශුද්ධි භාවය බලන්නේ නුවණට පැමිණේ” යනු හෙතෙම පිරිසිදුවූවහු දකියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 254c321eda6d8c94731504df7a8b7fc851990858eb04925113da50d648c62151 |
target:pali-sinhala-parallel:67852:5 | හෙතෙම පිරිසිදුවූවහු අනුව බලන්නේ නුවණට පැමිණේ” යනු චක්ඛු විඤ්ඤාණය රූප දර්ශනයෙන් ඥානයයි හඟියි, මාර්ගයයි හඟයි, පාරයයි හඟියි පැමිණීමයයි හඟියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | ba20ec277241afa238fb4985ee7a403d90144ee8a4693acbec62f04956c9ea0a |
target:pali-sinhala-parallel:67853:0 | (4 - 2) 1 “දැකීමෙන් ඉදින් මනූෂ්යයාට ශුද්ධිය වේද” යන්නෙහි චක්ෂුර් විඥානයෙන් රූප දර්ශනයෙන් ඉදින් සත්වයාගේ ශුද්ධිය විශුද්ධිය පාරිශුද්ධිය මුක්තිය විමුක්තිය උසස් විමුක්තිය වෙයි. සත්වයා පිරිසිදු වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 80b75e09f45d6b31b324d2338534170e234f92dfbb4624a014f74fdafc37529e |
target:pali-sinhala-parallel:67853:1 | මිදෙයි. 2 “හෙතෙම නුවණින් හෝ දුක යටත් කරයි” චක්ෂුර් විඥානයෙන් රූප දර්ශනයෙන් සත්වතෙම ජාතිදුක දුරු කරයි ජරාදුක දුරු කරයි. ව්යාධි දුක දුරු කරයි මරණ දුක දුරු කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 9a5b7557f5e43c5d98d64fa53586d7842ce5a478e4e07d2c20bd74f538270130 |
target:pali-sinhala-parallel:67853:2 | ශොක පරිදෙව (වැළපීම) දුක්ඛ (කායික දුක) දොමනස්ස, උපායාස දුක්ඛයෝ දුරු කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 2f0e93792f98f9660a6ae63a9bba2695540f93ab84f8b8c1606d74556a6e849a |
target:pali-sinhala-parallel:67853:3 | පව් සහිතවූයේ හෙතෙම අනෙකකින් ශුද්ධවේ” යන්නෙහි අනික් අශුද්ධි මාර්ගයකින් මිථ්යා ප්රතිපදාවකින් අනෛර්ය්යානික මාර්ගයකින් එනම් සතර සතිපට්ඨානයන් හැර සතර සම්යක් ප්රධානයන් හැර සතර ඍද්ධිපාදයන් හැර | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 887cc67e797bae80bf20834743edd38666942affce106c82a0f1aad5018c4e06 |
target:pali-sinhala-parallel:67853:4 | ඉන්ද්රිය ධර්මයන් හැර බල ධර්මයන් හැර බොධ්යංග ධර්මයන් හැර ආර්ය්ය අෂ්ටාංගික මාර්ගය හැර පිරිසිදුවේයයි මිදේයයි, “පව් සහිතවූයේ යනු රාග සහිතයා ද්වේෂ සහිතයා මෝහ සහිතයා තෘෂ්ණාව සහිතයා දෘෂ්ටි සහිතයා ක්ලෙශ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 1c035818df81a370ee2e0c50ef33b7fb0b74e3d231930fb4986a62488b3f313b |
target:pali-sinhala-parallel:67853:5 | සහිතයා උපාදාන සහිතයා යනුයි. දෘෂ්ටීහු එසේ කියන ඔහු ප්රකාශ කරති.” යනු ඒ දෘෂ්ටිය ඒ පුද්ගලයා ප්රකාශ කරයි. මෙසේ මේ පුද්ගලතෙම මිථ්යාදෘෂ්ටි ඇත්තේ විපරීත දර්ශන ඇත්තේය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 558a5b6e8980912577f6d07c8599b5aa52035cf659a2cd173f08b77b125880d6 |
target:pali-sinhala-parallel:67853:6 | “එසේ එසේ කියන” යනු එසේ කියන්නාවූ එසේ ප්රකාශ කරන්නාවූ “ලෝකය ශාස්වතය මෙයම සත්යය අනික හිස්යයි” එසේ කියන්නාවූ එසේ ප්රකාශ කරන්නාවූ ලෝකය අශාස්වතය ලෝකය කෙළවරක් ඇත්තේය. ලෝකය කෙළවරක් නැත්තේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 42d8f57d61889b513697791c66c43a2b58b0cddffe2285400e49b74c376cf842 |
target:pali-sinhala-parallel:67853:7 | එය ජීවයයි එය ශරීරයයි අනිකක් ජීවය අනිකක් ශරීරයයි සත්වයා මරණින් මතුවෙයි සත්වයා මරණින් මතුනොවෙයි සත්වයා මරණින් මතු ඇත්තේද නැත්තේද වෙයි. සත්වයා මරණින්මතු නොම ඇත්තේද නොම නැත්තේද වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 1c02ce665df61ff3cd04340333021d2561753115d72352b742f4358dc7d6475a |
target:pali-sinhala-parallel:67853:8 | මෙයම සත්යය අනිකක් හිස්යයි එසේ කියන්නාවූ එසේ ප්රකාශ කරන්නාවූ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 7620d03462ca0944b0246f4b90f611f919a363a593b8f3861decee6e5414da58 |
target:pali-sinhala-parallel:67854:0 | (4 - 3) 1 “දුටුවෙහි ඇසූවෙහි සිල් හා වත්හි මූතයෙහි ශුද්ධිය බ්රාහ්මණතෙමේ වෙනස් කොට නොකියයි.” යන්නෙහි “නො” යනු ප්රතික්ෂෙපයයි, බ්රාහ්මණ යනු ධර්ම සතක් මැඩ පැවැත්වූ බැවින් බ්රාහ්මණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | da248a09ec68a79a8d504dc3609904bb8896825f99d15d0510ceb99341abd563 |
target:pali-sinhala-parallel:67854:1 | එනම් සත්කාය දෘෂ්ටිය මැඩ පවත්වන ලද්දේ වෙයි. විචිකිච්ඡාව (-බුද්ධාදී අට තැන සැකය) මැඩපවත්වන ලද්දේ වෙයි. ශීලව්රත පරාමාශය මැඩපවත්වන ලද්දේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | e5e0adf99571e79f312ffaf6cb068271c625d8416142cc634cc8974a87b6d72e |
target:pali-sinhala-parallel:67854:10 | (iv) පිදුරු ගොඩක්, ගිතෙල් කලයක්, නැට්ටුවකු, නිර්වස්ත්ර ශ්රමණයකු, කොටලුවකු යෙදූ රථයක්, එක් කෙනෙකුගෙන් යුත් යානයක්, කණෙකු, අත් කොරවූ අයකු, අත්පා කොර වූවකු, පිලෙකු පක්ෂයක් අවසඟවූවකු, මහල්ලකු, ලෙඩවූවකු, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 520e6b679013931426acc81fb8999306e2254ca81bba3c516c4a43f4197c20ba |
target:pali-sinhala-parallel:67854:11 | මෘතශරීරයක්, මෙබඳු දේ දැකීම අමංගලයයි සිතත් (v) ඒ මේ ශ්රමණ බ්රාහ්මණයෝ දෘෂ්ටියෙන් විශුද්ධිය බලාපොරොත්තු වන්නෝ වෙති. ඇසූ දේ ශුද්ධිය කොට ඇති ඇතැම් ශ්රමණ බ්රාහ්මණයෝ ඇත්තාහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 80e227886f107857e767c8fe075a78e822e8fdd6abe3f5b97dedc3bc0d6f6c5d |
target:pali-sinhala-parallel:67854:12 | ඔව්හු ඇතැම් ශබ්දයන්ගේ ශ්රවණය මංගලයයි සිතත්. කවර ශබ්දයන්ගේ ශ්රවණය මංගලයයි සිතත්ද? (vi) ඔවුහු උදයෙන්ම නැගිට අභිමංගලයයි සම්මත ශබ්දයන අසත් වැඩෙයි. වැඩෙනු ලබන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 73c775a22146e611881e966699d04570a634c61088fc032c75e81ab15488f073 |
target:pali-sinhala-parallel:67854:13 | පිරෙයි යනු හෝ ශොක නැත්තේය යහපත් සිත් ඇත්තේය. යහපත් නැකතය, යහපත් මංගලය, ශ්රීය, ශ්රීය ඇතිකිරීම යන මේ ශබ්දයන්ගේ ඇසීම මංගලයක් වෙයි. (vii) කවර ශබ්දයන්ගේ ඇසීම අමංගලයක්යයි සිතත්ද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 60328e0c3c2dca8913c22292a2b41aa869683dc28a0d45f5dd90e8e4d4f81401 |
target:pali-sinhala-parallel:67854:14 | (viii) කණෙක, අත කොර වූවෙක, පය කොරවූවෙක, අත්පා කොරවූවෙක, පක්ෂයක් අවසඟ වූවෙක, මහලු වූවෙක, ලෙඩවූවෙක, මළේය, සිඳුනේය, බිඳුනේය, දැවුනේය, නැසුනේය, නැත, මෙබඳු ශබ්දයන්ගේ ශ්රවණය අමංගලයයි සිතත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | c114e28e85fd6b77612ce85720de2102d112db7e354606c6869fbf289f553c8f |
target:pali-sinhala-parallel:67854:15 | (සං) මෙසේ ඒ ශ්රමණ බ්රාහ්මණයෝ ඇසීමෙන් ශුද්ධිය විශුද්ධිය පාරිශුද්ධිය මුක්තිය විමුක්තිය වේයයි සිතත් ශීලය ශුද්ධිය කොටගත් ඇතැම් ශ්රමණ බ්රාහ්මණයෝ ඇත්තාහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | e552cdde248bb9cdfab4cf7ccc65fe8d4032cb4ec87ecab59b56bdf3b529235f |
target:pali-sinhala-parallel:67854:16 | ඔවුහු ශීල මාත්රයෙන් හික්මීම් මාත්රයෙන් සංවර මාත්රයෙන් යමක් ඉක්මවූ මාත්රයෙන් ශුද්ධිය විශුද්ධිය පාරිශුද්ධිය මුක්තිය, විමුක්තිය බලාපොරොත්තු වෙත්. මණ්ඩිකා පුත්ර ශ්රමණතෙම මෙසේ කීය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 9e152ceab343625f09c22f8f1817429d42599302a08c4fdec1b4abc3d4a1584d |
target:pali-sinhala-parallel:67854:17 | 4 “ථපතිය, මම ධර්ම සතරකින් යුක්ත පුද්ගලයා කුසල් ඇති උතුම් කුසල් ඇති උතුම් පැමිණීමට පැමිණි ශ්රමණයායයි යොදමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 3daaef8e0c39273abbf10c070b0e1c2a6520a7d70885ccf4f02ce63e669cf212 |
target:pali-sinhala-parallel:67854:18 | කවර සතරකින්ද යත්, ථපතිය, (ii) මෙහි කයින් පව්කම් නොකෙරේද, පාපිවූ වචන නොකියාද, පාපිවූ වචන නොකියාද, පාපිවූ කල්පනාවන් කල්පනා නොකෙරේද ලාමකවූ දිවිපැවැත්ම නොකෙරේද, ථපතිය, මේ ධර්ම සතරින් යුක්තවූ පුද්ගලයා | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 34e08dccd1fbc88c19d64027981b67bae7d527780ef24bfd782527e8ef1215a2 |
target:pali-sinhala-parallel:67854:19 | කුසල් ඇති උතුම් කුසල් ඇති උතුම් පැමිණීමට පැමිණි ශ්රමයාණයයි යොදමි (iii) එමෙන්ම ශීලය පිරිසිදුකොට ඇතැම් ශ්රමණ බ්රාහ්මණයෝ ඇත්තාහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 73061f89996b2f8295cd19e2382cf896bd87ad99489b76ffb5832ec11450afc0 |
target:pali-sinhala-parallel:67854:2 | රාගය මැඩ පත්වන ලද්දේ වෙයි ද්වේෂය මැඩ පවත්වන ලද්දේ වෙයි, මෝහය මැඩපවත්වන ලද්දේ වෙයි මානය මැඩපවත්වන ලද්දේ වෙයි, දාහය ඇති කරන්නාවූ නපුරු විපාක ඇති අනික් භවයක් ඇති කරවන්නාවූ කෙලෙස් සහිතවූ ලාමකවූ නැවත ජරා | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 40271d5d0a76e1d6162109aa204b9158c3f353184b19429c33e4cb89027494c4 |
target:pali-sinhala-parallel:67854:20 | ඔවුහු ශීල මාත්රයෙන් හික්මීම් මාත්රයෙන් ඉක්මවීම් මාත්රයෙන් ශුද්ධිය පාරිශුද්ධිය මිදීම බලාපොරොත්තු වෙත්. ව්රතය පිරිසිදු කොට ඇති ඇතැම් ශ්රමණ බ්රාහ්මණයෝ ඇත්තාහ. ඔවුහු හස්තිව්රත ඇත්තෝ හෝ වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 34b2ea5814abb9c397da77611a182a43902a0c57f85d92e353082b420e0f3d8e |
target:pali-sinhala-parallel:67854:21 | අශ්ව ව්රත ඇත්තෝ වෙත්. ගවව්රත ඇත්තෝ වෙත් ශුනඛ ව්රත ඇත්තෝ වෙත්, කාක ව්රත ඇත්තෝ හෝ වෙත්. වාසුදේව ව්රත ඇත්තෝ හෝ වෙත්. බලදේව ව්රත ඇත්තෝ හෝ වෙත්. පූර්ණභද්ර ව්රත ඇත්තෝ හෝ වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 9fac91a990c82c5ca22ee922221e0ac07fc82de262339b5ae990f15f59c1ba80 |
target:pali-sinhala-parallel:67854:22 | මණිභද්රව්රත ඇත්තෝ හෝ වෙත්. අග්නි ව්රත ඇත්තෝ හෝ වෙත්. නාගව්රත ඇත්තෝ හෝ වෙත්. සුපර්ණව්රත ඇත්තෝ හෝ වෙත්. යක්ෂව්රත ඇත්තෝ හෝ වෙත්. අසුර ව්රත ඇත්තෝ හෝ වෙත්. ගාන්ධර්වව්රත ඇත්තෝ හෝ වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 39cbbd313bdecaad6a93feba7501ee2f10350177866e9d4e5b61defdf0131f63 |
target:pali-sinhala-parallel:67854:23 | මහාරාජව්රත ඇත්තෝ හෝ වෙත්. චන්ද්රව්රත ඇත්තෝ හෝ වෙත් සූර්යව්රත ඇත්තෝ හෝ වෙත්. ඉන්ද්රව්රත ඇත්තෝ හෝ වෙත්. බ්රහ්මව්රත, දෙවව්රත, දිශාව්රත, ඇත්තෝ හෝ වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 014fdae1e55c96c355eccbc9e83f6a5e6b1a7cb16c8b0c8986a0c078fe22ceb3 |
target:pali-sinhala-parallel:67854:24 | ඒ ශ්රමණ බ්රාහ්මණයෝ මේ ව්රතයන් ශුද්ධිය කොට ඇත්තෝ වෙත්. සදොරින් ස්පර්ශය ශුද්ධිය කොට ඇති ඇතැම් ශ්රමණ බ්රාහ්මණයෝ ඇත්තාහ. ඔවුහු උදයෙන් නැගිට පොළොව ස්පර්ශ කරත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | d974be446a3005274ac1e435d4eda8eeab637b10d467b7dbb288ead82cf91868 |
target:pali-sinhala-parallel:67854:25 | පලාවන් දේ, ගොම, කැස්බෙකු, නගුල්තලය පාගත්. කරත්තයක් බලති, අතගාති, ස්පර්ශ කළ තල කති. ස්පර්ශ කළ තෙල් ගා ගණිත්. ස්පර්ශ කළ දැහැටි විකති. ස්පර්ශකළ මැටි ඇඟ ගා නාති. ස්පර්ශ කළ රෙදි අඳිති. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 9cb07ca72c7b8c66d9e7b107bb1217ab056a3e4319951f5092edfdea48ec176a |
target:pali-sinhala-parallel:67854:26 | ස්පර්ශකළ සළුවක් පොරවති. ස්පර්ශකළ හිස් වෙළුමක් වෙලාගනිති. මේ ශ්රමණ බ්රාහ්මණයෝ සදොරින් ස්පර්ශය ශුද්ධිය කොට ඇත්තෝ වෙත්. ඔවුහු ව්රතයෙන් ශුද්ධිය විශුද්ධිය පාරිශුද්ධිය මුක්තිය විමුක්තිය බලාපොරොත්තු වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 7e895c6e9e6e96f941ebf6d15be8dc7a275448a8c8f6c1ddca7e85a9dee96768 |
target:pali-sinhala-parallel:67854:27 | 5 “දුටුවෙහි ඇසූවෙහි සිල්හි හා වත්හි, මුතයෙහි ශුද්ධිය බ්රාහ්මණතෙමේ නොකියයි. යනු බ්රාහ්මණතෙම දැකීමේ ශුද්ධියෙන්ද ශුද්ධිය නොකීවේය. ඇසීමේ ශුද්ධියෙන්ද ශුද්ධිය නොකීවේය. ශීල ශුද්ධියෙන්ද ශුද්ධිය නොකීවේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 1fff589b6c86d9d10a9a68516c761fb23f31cba11054c14274ad3b22c48356f4 |
target:pali-sinhala-parallel:67854:28 | මුත ශුද්ධියෙන්ද, ව්රතශුද්ධියෙන්ද නොකීවේය. පඤ්චෙන්ද්රියෙන්ද ස්පර්ශයෙන් වන ශුද්ධියද නොකීවේය නොකියයි ප්රකාශ නොකරයි. ව්යවහාර නොකරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 44a202c326912f29b3a31c46d7ffa66baf2a5b89a6e67bf63dfbab8a96393409 |
target:pali-sinhala-parallel:67854:29 | 6 “පිනෙහි ද පවෙහිද, නොඇලුණේ” යනුවෙන් යම් කිසි ත්රෛධාතූකවූ කුශලාභිසංස්කාරයක් ඇත්නම් එය පින යයි කියනු ලැබේ. සියලු අකුශල් අකුසලය යයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 5bdce9e41425f46c1325d70e4da4b3103105c3d030ee636ce7b46d79a2bd37d1 |
target:pali-sinhala-parallel:67854:3 | මරණ ඇති කරවන්නාවූ අකුශල ධර්ම මැඩ පවත්වන ලද්දේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 6ae1c38ebaaeafbc2def39948e2a92813b60913428ff8d0ac32c82aafae59698 |
target:pali-sinhala-parallel:67854:30 | යම් හෙයකින් පුණ්යාභි සංස්කාරයද, අපුණ්යාභිසංස්කාරයද අනෙඤ්ජාභි සංස්කාරයද ප්රහීණවූවාහු වෙද්ද, උදුරනලද කෙලෙස් මුල් ඇති අග හෝ මුල සිඳින ලද තල් ගසක් මෙන් ඇති නොවනබවට පැමිණෙව්වාහු වෙති. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | d1179833a54caaf412838ea9fb98a0a811749e6e72e49238f613b59dfe6a8315 |
target:pali-sinhala-parallel:67854:31 | මෙපමණකින් පිනෙහිද, පවෙහිද, නොඇලෙයි. නොඇළුනේ නික්මුනේ වෙන්වූයේ සීමානොකරණ ලද සිතින් වාසය කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | fbbb211b57bf75429ed6aa3e860f9193029ae654a70cd55e815dff63a37852aa |
target:pali-sinhala-parallel:67854:32 | 7 “ආත්මදෘෂ්ටිය හළෝ මෙහි නොකරන්නේ” යන්නෙහි “ආත්මදෘෂ්ටිය හළෝ” යනු ආත්මදෘෂ්ටිය දුරු කළේ අල්වාගැනීම දුරුකළේ, තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් ගන්නාලද පරාමර්ශකළ බැසගන්නාලද, ඇතුලුවූ ඒ සියල්ල දුරුකළේ වමාරා දැමුයේ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 044bc73e8d46b033a96f91437af243d544982fa3c491449a8bcb2ecb8f8e2a2f |
target:pali-sinhala-parallel:67854:33 | මිදුයේ ප්රහීනවූයේ වෙයි. 8 (i) “මෙහි නොකරන්නේ” යනු පුණ්යාභිසංස්කාරය හෝ අපුණ්යාභි සංස්කාරය හෝ අනෙඤ්ජාභි සංස්කාරය හෝ නොකරන්නේ නූපදවන්නේය යනූයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 2c1856603fa779b4ff82cc95bb7f480ee90580ef74d085c69fae44d910e2869d |
target:pali-sinhala-parallel:67854:4 | 2 “බ්රාහ්මණතෙමේ අන් පරිද්දකින් ශුද්ධිය නොකියයි” යන්නෙහි බ්රාහ්මණතෙම අන්යවූ මාර්ගයකින් මිථ්යා ප්රතිපදාවකින් නෛර්ය්යානික නොවූ මාර්ගයකින් එනම් සතර සතිපට්ඨානයන් හැර සතර සම්යක් ප්රධානයන් හැර | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 601db2b6a1f20108a34329e8322cb6dba9f889bc6c21a8167e9f04f6720b9351 |
target:pali-sinhala-parallel:67854:5 | ඉන්ද්රිය ධර්මයන් හැර බල ධර්මයන් හැර බොධ්යංග ධර්මයන් හැර යම් ඒ ආර්ය්ය අෂ්ටාංගික මාර්ගය හැර ශුද්ධිය විශුද්ධිය පාරිශුද්ධිය මුක්තිය විමුක්තිය නොකියයි. ප්රකාශ නොකරයි ව්යවහාර නොකරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 58ba9ca6ef993e9b5d9a2c0a42529fd37abc09f21e5251e6ff9c6ccd42c79e7d |
target:pali-sinhala-parallel:67854:6 | 3 “දුටුවෙහි ඇසූවෙහි සිල් හා වත්හි මුතයෙහි” යන්නෙහි සමහර සමහර මහණ බමුණෝ දෘෂ්ටියෙන් විශුද්ධිය බලාපොරොත්තු වන්නෝ ඇත්තාහ. ඔවුහු ඇතැම් රූපයන්ගේ දර්ශනය මංගලයයි සිතයි. ඇතැම් රුපයන්ගේ දර්ශනය අවමංගලයයි සිතයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | b69de1664f21f1445ff65ecd44fdb5a08358ac41a910fefaf47d5b290bb6b6a7 |
target:pali-sinhala-parallel:67854:7 | කවර රූපයන්ගේ දර්ශනය මංගලයයි සිතත්ද? (ii) ඔවුහු උදයෙන්ම නැගිට මංගලයයි ඔවුන් සම්මත කළ රූපයන් බලත්. ගේ කුරුල්ලන් බලත්. ශුභයයි සම්මත තරුණ බෙලිගෙඩි බලත්. ගැබිනි ස්ත්රිය දකිත්. ළමයකු වඩාගෙන යන්නෙකු බලත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 79f789a873bfa91555cc48ad97251b354a0cbd267826cbfd17c651c1f369ad7a |
target:pali-sinhala-parallel:67854:8 | පුන්කලස බලත්. ලුල් මත්ස්යයකු බලත්. ආජානීය සත්වයකු බලත්. ආජානීය සතුන් යෙදූ රථයක් බලත්. ගොනකු බලත්. නිල් රන්වන් පැහැති ගොනකු බලත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 4b5fdb065856aa1d393572e7409a68f7e56ed6f93df2c3350f8a80b3764aac8c |
target:pali-sinhala-parallel:67854:9 | මෙබඳු රූපයන්ගේ දැකීම මංගලයයි සිතත් (iii) කවර රූපයන්ගේ දැකීම අවමංගලයයි සිතත්ද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 4f3ba8ed32dbfdc483f856ce1f53492fad203c3eaca07df641ef0e43851893c8 |
target:pali-sinhala-parallel:67855:0 | (4 - 4) 1 “පළමුවැන්නා හැර අනෙකා ඇසුරුකළාහු” යන්නෙහි පෙර ශාස්තෘවරයා හැර අනික් ශාස්තෘවරයකු ඇසුරු කළේ පෙර කියාදුන් ධර්මය හැර අනික් ධර්මයක් ඇසුරු කළේ පෙර ඇසුරුකළ සමූහය අත්හැර අනික් සමූහය ඇසුරුකළේ පෙර | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | 4c75b77e60e921cc6f27aac50112eeb746b993422434c07284e1eb8713b80bbc |
target:pali-sinhala-parallel:67855:1 | දෘෂ්ටිය අත්හැර අනික් දෘෂ්ටියක් ඇසුරු කළේ පෙර ප්රතිපදාව අත්හැර අනික් ප්රතිපදාවක් ඇසුරුකළේ පෙර මාර්ගය අත්හැර අනික් මාර්ගයක් ඇසුරුකළේ ඇලුනේ එළඹියේ බැසගත්තේ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b812 | cddf651a66ab21801ded3a247c1f2bd457f48de36ea94bab733640dc92138530 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.