sample_id stringlengths 18 38 | text stringlengths 5 200 | label stringclasses 3
values | source stringclasses 5
values | subcorpus stringclasses 59
values | doc_id stringclasses 691
values | block_id stringlengths 15 101 | text_sha256 stringlengths 64 64 |
|---|---|---|---|---|---|---|---|
target:pali-sinhala-parallel:67876:5 | නොහොත් සම්යක් දෘෂ්ටියෙන් මිථ්යාදෘෂ්ටිය ඉවත්කරණ ලද්දේ සෝදන ලද්දේ සම්යක් සංකල්පයෙන් මිථ්යා සංකල්පය, සම්යක් වචනයෙන් මිථ්යාවචනය, සම්යක් කර්මාන්තයෙන් මිථ්යා කර්මාන්තය, සම්යක් ආජීවයෙන් මිථ්යා | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 96a54d204c5604abad241897a1628219b0a369e4917e9abccffbefa74efe4cb2 |
target:pali-sinhala-parallel:67876:6 | ආජීවය, සම්යක් සිහියෙන් මිථ්යා සිහිය, සම්යක් සමාධියෙන් මිථ්යා සමාධිය සම්යක් ඥානයෙන් මිථ්යා ඥානය සම්යක් විමුක්තියෙන් මිථ්යා විමුක්තිය බැහැරකරණ ලද්දේද සෝදන ලද්දේද වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | f127355109b6736226381586e731b05a0f5332fcacc89f24f854206a44243a20 |
target:pali-sinhala-parallel:67876:7 | නොහොත් ආර්ය්ය අෂ්ටාංගික මාර්ගයෙන් සියලු කෙලෙස් සියලු දුසිරිත් සියලු දාහගති සියලු දැවිලි සියලු තැවීම් සියලු අකුශල් රැස්කිරීම්, බැහැරකරණ ලද්දේද සෝදන ලද්දේද වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | f3511523c2aa115ec6387c4f5f0a62d812ab0c522da897bf6966521253da6572 |
target:pali-sinhala-parallel:67876:8 | රහතන් වහන්සේ මේ ධොන ධර්මයන්ගෙන් යුක්තවූයේ වෙයි. උන්වහන්සේ රාගය බැහැර කළේ පාපය බැහැරකළේ කෙළෙස් බැහැරකළේ දාහයන් දුරුකළේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | eb0a5a62a0b921b4549b533b76324966efc176913dd63fd853c1ff0bb18f9bf3 |
target:pali-sinhala-parallel:67876:9 | 2 “යම් මේ ඇසූ දුටු සිතූ දෙයෙහි ඒ කරණකොට නොසිතයි” රහතන් වහන්සේ දැකිදේ (තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන්) නොසිතයි. දැකිදෙයෙහි නොසිතයි. දැකිදෙය වශයෙන් නොසිතයි. මා විසින් දක්නා ලද්දේයයි නොසිතයි. ඇසූ දේ නොසිතයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | e13f8eb87323c486e4411688541ddb4eb2fda36f7729001eda927b265a869ea1 |
target:pali-sinhala-parallel:67877:0 | (7 - 1) 1 “මෛථුනයෙහි යෙදුනහුට යන්නෙහි මෛථුන ධර්මය නම් (i) යම් ඒ අසද්ධර්මයක් ග්රාමධර්මයක් වසල ධර්මයක් නරක ධර්මයක් රහස් දෙයක් දෙදෙනෙකුගේ එක්වීමක් ඇද්ද එයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 971579b80bad89f4b3227383c9c94b8865ec6a73b042a5a2a7cc502f4deab74a |
target:pali-sinhala-parallel:67877:1 | කවර කරුණකින් මෛථුන ධර්මයයි කියද්ද (ii) යම්සේ කලහකාර දෙදෙනෙකුට ‘මෙථුනක’ යයි කියද්ද දබර කරගන්නා දෙදෙනෙකුට ‘මෙථුනක’ යයි කියද්ද බැණගන්නා දෙදෙනෙකුට ‘මෙථුනක’ යයි කියද්ද, විවාද කරගන්නා දෙදෙනෙකුට ‘මෙථුනක’ යයි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 8c941987a9273ce32ecacf20e1110c6c407a4e0801e8447a2004d9a762383b44 |
target:pali-sinhala-parallel:67877:10 | චතුර්ථධ්යානයට සමවැදුනහුට සැප හා දුක්වලින් සිත විවේකවූයේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | da5a3c031af7f63446bf1010fff4cd9a9eda61168c3c66dfd34bb8c74751901b |
target:pali-sinhala-parallel:67877:11 | ආකාශානඤ්චායතනයට සමවැදුනහුට රූපසංඥාවෙන් පටිඝසංඥාවෙන් නානත්ත සංඥාවෙන් සිත විවේකවූයේ වෙයි විඤ්ඤාණඤ්චායතනයට සමවැදුනහුට ආකාශානඤ්චායතනයෙන් සිත වෙන්වූයේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 20e6d60c6b8ba97fc4cc6486258af0d7649fa899ae785a6e9b7b61cd921777dd |
target:pali-sinhala-parallel:67877:12 | ආකිඤ්ඤායතනයට සමවැදුනහුට විඤ්ඤාණඤ්චායතනයෙන් සිත වෙන්වූයේ වෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැදුනහුට ආකිඤ්චඤ්ඤායතනයෙන් සිත මිදුනේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 0a09946f6ba989c760263476c9e1912b64118b3194db8b6a3104e39f7f60053b |
target:pali-sinhala-parallel:67877:13 | සෝවාන්වූවහුට සත්කායදෘෂ්ටියෙන් විචිකිච්ඡාවෙන් (සැකයෙන්) ‘සීලබ්බත පරාමාසයෙන් දෘෂ්ටානුසයෙන් විචිකිච්ඡානුසයෙන් තවත් එයට එකතුවූ ක්ලේශයන්ගෙන්ද සිත විවේකවූයේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 2653d4f42f5c3a7f6c5e8b26a279c6ca18d6ab1b429c3edc3d7e66865b175c0a |
target:pali-sinhala-parallel:67877:14 | රහතන් වහන්සේට රූප රාගයෙන්ද අරූප රාගයෙන්ද මානයෙන්ද, උද්ධච්චයෙන්ද අවිද්යාවෙන්ද මානානුශයෙන්ද, භවරාගානුශයෙන්ද අවිද්යානුශයෙන්ද එයට එකතුවූ තවත් කෙලෙස්වලින්ද පිටත සියලු නිමිතිවලින්ද සිත විවේකවූයේවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 950de7c7c36e331c929126f0d295bfb285b49d6187eae504c7cd9522eb9e7203 |
target:pali-sinhala-parallel:67877:15 | මේ චිත්ත විවේකයයි. 6 උපධි විවේකය කවරේද? ක්ලේශයෝද ස්කන්ධයෝද අභිසංස්කාරයෝද උපධියයි කියත්. අමෘතවූ නිර්වාණයට උපධි විවේකයයි කියත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 56d81145c1c8a51eeefcb72d153b19886c1d1b0928177215c6267ef3118c2c5a |
target:pali-sinhala-parallel:67877:16 | යම් ඒ කෙනෙක් සියලු සංස්කාරයන් සංසිඳවූයේ සියලු කෙලෙස් බැහැරකළේ තෘෂ්ණාව ක්ෂය කළේ නොඇළුනේ බැඳුම් සින්දේ යම් අවස්ථාවකද ඒ නිර්වාණයයි මේ උපධි විවේකයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 0042bc93a9a35e9b1beafe639bec9addf10b6072266fe6d8a5f40718c002e63e |
target:pali-sinhala-parallel:67877:17 | 7 නෛෂ්ක්රම්යයෙහි ඇලුනවුන්ට විවේකය ඇත්තන්ට කාය විවේකයද, පිරිසිදු සිත් ඇත්තන්ට ඉතා පිරිසිදුබව ඇත්තන්ට චිත්ත විවේකයද සිත අරමුණු කිරීම් වශයෙන් නිවනට පැමිණියන්ට කෙලෙස් නැත්තන්ට උපධි විවේකයද වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 488c159f49fde4b2b4f8d3e9dd70ecb79f86f9eb2f2eafbd943c29d6f1bdd386 |
target:pali-sinhala-parallel:67877:18 | 8 “විවේකයෙහි හික්මෙන්නමු.” යනු ඒ තෙරුන් වහන්සේ ප්රකෘතියෙන් හික්මුනාවූ ශික්ෂා ඇත්තෙකි. ධර්ම දේශනාව දැඩි සේ ගෙන ධර්මදේශනාවට ආරාධනා කරන්නේ මෙසේ කීයේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 9babe9cc4a1f4b9fa6b65a5ea61d1bc95889680e3d02581404e11b977ef380d1 |
target:pali-sinhala-parallel:67877:19 | විවේකයෙහි හික්මෙන්නෙමුයි තිස්ස මෙත්තෙය්ය තෙරුන් වහන්සේ එහෙයින් කීහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | cbf6f16e10d2712799b0d3ab3fb5a023d1855c43226898a2fd79cef87c1d196d |
target:pali-sinhala-parallel:67877:2 | කියද්ද නඩු කියා ගන්නා දෙදෙනෙකුට මෙථුනකයයි කියද්ද වාදයට බැසගන්නා දෙදෙනෙකුට ‘මෙථුනකයයි කියද්ද, සල්ලාපයට බැසගත් දෙදෙනකුට ‘මෙථුනක යයි කියද්ද එමෙන්ම රාගයෙන් රත්වූ එක්වූ වැළඳගත් දෙදෙනෙකුන්ගේ සමාන ධර්මයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 277a22390c32f8d6356803f3d0a06feff43ba3d98535cd8e05788b1f5bb9d074 |
target:pali-sinhala-parallel:67877:3 | ඒ කාරණයෙන් මෛථුන ධර්මයයි කියත්. (iii) “මෙථුන මනුයුත්තස්ස’ යන්නෙහි මෛථුන ධර්මයෙහි යුක්තවූ යෙදුනාවූ එය චරිතකොට ඇත්තාවූ එය බහුලකොට ඇත්තාවූ එයට නැමුනාවූ එයට බරවූ එහි ඇළුනාවූ එය අධිපතිකොට ඇත්තාවූ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 823342627db0ce7325dd8632f7b255dcf5eca3f270592095fcf43eedfb25af1c |
target:pali-sinhala-parallel:67877:4 | 2 මෙසේ ආයුෂ්මත් තිස්ස මෙත්තෙය්යතෙමේ” යන්නෙහි ඉති යනු පද සන්ධියයි. පදපූරණයයි. “ආයුෂ්මත්” යනු ප්රිය වචනයයි ගරු වචනයයි. ‘තිස්ස යනු ඒ තෙරුන්ගේ නාමයයි. පැනවීම්යි. ව්යවහාරයයි. නිරුක්ති වචනයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | e9c95bf232c4a9e51ea7167ee60a6f48c6cf4ef9de0c141ae6978950be10de24 |
target:pali-sinhala-parallel:67877:5 | කථා ව්යවහාරයයි. “මෙත්තෙය්ය” යනු ඒ තෙරුන්ගේ ගෝත්රයයි. ප්රඥාප්තියයි ව්යවහාරයයි. 3 “නිදුකානන් වහන්ස, කරදරය කියනුමැනව” යන්නෙහි විඝාත නම් කරදරය, පීඩාව, ඝට්ටනය, උපද්රවය, යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 63f8ed8141108760dcd223b599fdf880db1a91bb843e7c3507c869153986622d |
target:pali-sinhala-parallel:67877:6 | 4 “ඔබගේ පනිවුඩය අසා” යනු ඔබගේ වචනය දෙශනය, අනුශාසනය අසා ඉගෙණ සලකා යනුයි. 5 “විවේකයෙහි හික්මෙන්නෙමු.” යන්නෙහි විවේක යනු විවේක තුනකි. කාය විවේකය, චිත්ත විවේකය, උපධි විවේකය යනුයි. කාය විවේකය කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | f73e22ece71d77a38109c146a0af882180eca6d92adcc826b76a201e19b05a3f |
target:pali-sinhala-parallel:67877:7 | (ii) මේ ශාසනයෙහි මහණ අරණ්යය රුක්මුල, පර්වතය, කඳුබෑවුම් පර්වත ගුහාව, ඈත වනයෙහි සයනය, ඉඩපහසු ඇති තැන, පිදුරුගොඩ, සොහොන යන විවේක සේනාසන භජනය කෙරේද, හෙතෙම කයින් විවේකව හැසිරෙයි. වචනයෙන් විවේකව හැසිරෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 572b5c7c38e3a5d5213f713627e3fbdbc0d082bfa9ebfba3d3f71dd8ff488f9e |
target:pali-sinhala-parallel:67877:8 | හෙතෙම තනිව යයි. තනිව සිටියි. තනිව වාඩිවෙයි. තනිව නිදයි. තනිව ගමට පිඩු පිණිස හැසිරෙයී. තනිව ආපසු එයි. මේ කාය විවේකයයි (iii) චිත්තවිවේකය කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 6e071067a38bf23b10ae297b77e114a6764ad8a602b5d36eb7a45f379bc1a73d |
target:pali-sinhala-parallel:67877:9 | (iv) ප්රථමධ්යානයට සමවැදුනහුට නීවරණයන්ගෙන් සිත විවේක වෙයි. ද්විතීය ධ්යානයට සමවැදුනහුට විතර්ක විචාරයන්ගෙන් සිත විවේක වූයේ වෙයි. තෘතිය ධ්යානයට සමවැදුනහුට ප්රීතියෙන් සිත විවේකවූයේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 74577d7178eb7993ac65f2e1fd533cb7b66986ed5ba2e84a708fb0f22a9a2524 |
target:pali-sinhala-parallel:67878:0 | (7 - 2) 1 මෛථුනයෙහි යෙදුනහුට යනු (7-1) 1 (iii) ඡේද යෙදිය යුතුයි. මෙත්තෙය්ය යනු භාග්යවතුන් වහන්සේ ඒ තෙරුන්ට ගොත්රයෙන් කථාකරයි. භාග්යවතුන් වහන්සේ යනු ගෞරව වචනයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 5d96b53a35846994978de95f1d80ffff0736c83d4491d3e810c4651208134655 |
target:pali-sinhala-parallel:67878:1 | නැවතද රාගය බිඳදැමූ බැවින්, “භාග්යවතුන් වහන්සේ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 7cf6996596b5640de0ca7757bba86aba6b835d22afe1f4ebc866d8a2d2bf5676 |
target:pali-sinhala-parallel:67878:10 | මිත්රයන් විසින් නොතබන ලදී. යහළුවන් විසින් නොතබනලදී. නෑ සහලේ නෑයන් විසින් නොතබනලදී. ශ්රමණ බ්රාහ්මණයන් විසින් නොතබනලදී. දෙවතාවන් විසින් නොතබනලදී. යම් ඒ භගවා යන වචනය විමොක්ෂය කෙළවර කොට ඇත්තකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 23f9b3472db728ecab15ed99eb9c507ddb3b24570660316c332829a5bf10d835 |
target:pali-sinhala-parallel:67878:11 | භාග්යවත්වූ බුදුවරයන් වහන්සේලාට බොධිමූලයෙහි සර්වඥතාඥානය ලැබීම සමගම පැනවීමකි. 2 “ධර්ම පණිවුඩය අමතක කරයි.” යනු කරුණු දෙකකින් ශාසනය අමතක වෙයි. පර්ය්යාප්ති ශාසනයද අමතක වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | ba1c7b873b804df9956455a6e35c9728591738b1fcec2619ec2180029c05e26b |
target:pali-sinhala-parallel:67878:12 | ප්රතිපත්ති ශාසනයද අමතක වෙයි. පර්ය්යාප්ති ශාසනය කවරේද? (ii) සූත්රය, ගෙය්යය, වෙය්යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අබ්භූත ධර්මය, වෙදල්ලය යන ප්රගුණ කළයුතු ධර්මය පර්ය්යාප්ති ශාසනය නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 1941ab7eadcf4c5d12c664f7e7a3289c5d4e146d49cf38e4df4fe66e991c1194 |
target:pali-sinhala-parallel:67878:13 | එයද අමතක වෙයි. වෙන්වූයේ වෙයි. මෙසේද ශාසනය අමතක වූයේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 9a792badc18ce89c83b82a18b6767e9ce21f1aede272a9e9a7822db759aad2f5 |
target:pali-sinhala-parallel:67878:14 | ප්රතිපත්ති ශාසනය කවරේද, සම්යක් ප්රතිපදාව, අනුලොම ප්රතිපදාව, උසස් ප්රතිපදාව, අන්වර්ථ ප්රතිපදාව, ධර්මානු ධර්ම ප්රතිපදාව සිල් පිරීම, ඉන්ද්රියයන්හි වැසුන දොර ඇති බවත භොජනයෙහි පමණ දැනීම, නිදි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 1998557ad2e7f0304bf453c5058a11844b9080a9fe27ac4c01be61e2f1132a53 |
target:pali-sinhala-parallel:67878:15 | දුරුකිරීම, සිහි නුවණ ඇතිබව, සතර සතිපට්ඨාන, සතර සම්යක් ප්රධාන, සතර ඍද්ධිපාද, පඤ්චෙන්ද්රිය, පඤ්ච බල, සප්ත බොධ්යංග, ආර්ය්ය අෂ්ටාංගික මාර්ගය යන මේ ධර්මයෝ ප්රතිපත්ති ශාසනයයි. එය ද අමතක වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 391246eaaaa4aba2431afdd2e0fe223a173edf7a45331ef8f039da0f5c70712a |
target:pali-sinhala-parallel:67878:16 | බැහැරවූයේ වෙයි. “මිච්ඡාව පටිපජ්ජති” යනු සතුන්ද මරයි. හොරකම් කරයි. ගෘහයන්ද බිඳියි. කොල්ලකෑමද කරයි. එක් ගෙයක් බිඳීමද කරයි. අනුන්ට උවදුරු කරමින් සිටියි පරදාර කර්මයද කරයි. බොරුද කියයි. වැරදි මගට බසියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 8f31416b51bfbe72274fad0a1f14b83d599c5f61a7696c64b619685c7d15a6e6 |
target:pali-sinhala-parallel:67878:17 | 3 “ඔහු කෙරෙහිවූ මෙය අනාර්යයයි.” යනු පුද්ගලයා කෙරෙහි මෙය අනාර්ය්ය ධර්මයකි. බාල ධර්මයකි. මුලා ධර්මයකි. අඥාන ධර්මයකි. අමරාවික්ඛෙප නම් මිථ්යා ධර්මයයි. යම් ඒ මිථ්යා ධර්මයක් ඇද්ද එයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 39107bdda0e099c5d9192f12ee993e5c7bf610273af07b84025b4b64555f69e7 |
target:pali-sinhala-parallel:67878:18 | එය ඔහු කෙරෙහි අනාර්ය්ය ධර්මයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 60e45f50206c0838b94ae0462d6f77980c40c5ff869e65934e8d2d106a01fb08 |
target:pali-sinhala-parallel:67878:2 | ද්වේෂය බිඳදැමූ බැවින්, මෝහය බිඳ දැමූ බැවින්, මානය බිඳදැමූ බැවින් දෘෂ්ටිය බිඳ දැමූ බැවින් කෙලෙස් කටු බිඳදැමූ බැවින් සියලු කෙලෙස් බිඳ දැමූ බැවින් දහම් රුවන බෙදූ බැවින් භවයන්ගේ කෙළවරට ගිය බැවින් වඩනලද කය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 37893f0eb787857c559516da8d60e877232aa0ad457f17064693f6791326e5e4 |
target:pali-sinhala-parallel:67878:3 | ඇති බැවින් වඩනලද ශීලය ඇති බැවින් වඩනලද සිත ඇතිබැවින් වඩනලද ප්රඥාව ඇතිබැවින් බෙදනලද බැවින් ‘භාග්යවතුන් වහන්සේ’ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 5f2b0465ff3ba25b71ee8285ef9c72df9d1da4e5a3648a73de21ef01bef3a3c8 |
target:pali-sinhala-parallel:67878:4 | අල්පශබ්ද ඇති, අල්පඝොෂාව ඇති මිනිසුන්ගේ ශබ්දනැති මිනිසුන්ගේ රහස් කටයුතුවලට යොග්ය විවේකයට සුදුසු වනයෙහිවූ ඈත සෙනසුන් භජනය කරණබැවින් භාග්යවතුන් වහන්සේ භාග්යවත් නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 7b90c08990da90ceaebbf6ba361d974feac2d806ca49a4d3d0e8b3161a057729 |
target:pali-sinhala-parallel:67878:5 | සිවුරු පිණ්ඩාහාර සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන බැවින් භාග්යවත් නමි. අර්ථ රශය විමුක්ති රසය, අධිශීලය අධිචිත්තය අධිප්රඥාව යන මෙයින් යුක්ත බැවින් ‘භාග්යවත්’ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 73d4d9599be74b852b5ee4cb5a13b9a9ad1858102ca43728cc819193194cf2f0 |
target:pali-sinhala-parallel:67878:6 | ධ්යාන සතර අප්රමාණය ධර්මසතර අරූප සමාපත්ති සතර බෙදූ බැවින් භගවා නමි. අෂ්ටවිමොක්ෂ අෂ්ට අභිභායතන අනුපුබ්බ විහාර සමාපත්ති නවය බෙදූ බැවින් භගවා නමි. සංඥා භාවනා දශය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 4c8ba8902d7712397d373e438e68d7bc6f3c9cd2b30238e4f71afb25b3518efa |
target:pali-sinhala-parallel:67878:7 | කසින සමාපත්ති දශය, අනාපානසතිය අශුභ සමාපත්තිය යන මොවුන්ගෙන් යුක්තබැවින් භගවා නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | fb46da6d0c226d463a5daf82e8988cad95a83618cf5d04d53ca40188e039e6d9 |
target:pali-sinhala-parallel:67878:8 | සතර සතිපට්ඨාන සතර සම්යක්ප්රධාන සතර ඍද්ධිපාද පඤ්චෙන්ද්රිය, පඤ්චබලය, සප්තබොධ්යංග, ආර්ය්ය අෂ්ටාංගික මාර්ගය යන මේ ධර්මයන් කොටස් කළ බැවින් භාග්යවත් නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 82cbe6b638458a6bb1ccf663f72e7ccc8aa153799eec95e8f84d532bf78ef281 |
target:pali-sinhala-parallel:67878:9 | දශ තථාගත බල සතර වෛශාරද්ය, ප්රති සම්භිදා සතර අභිඥාසය, බුද්ධ ධර්මසය, කොටස් කළ බැවින් භාග්යවත්’ නමි. ‘භාග්යවත්’ යන මේ වචනය මව විසින් නොතබන ලදී. පියා විසින් නොතබනලදී. සහෝදරයා විසින් නොතබන ලදී. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | d7e6dfb2585ef4aa52d0a1de081b18ea3c23434844e701e98305583b81bded7e |
target:pali-sinhala-parallel:67879:0 | (7 - 3) 1 “එකෙක් පෙර හැසිර” යනු කරුණු දෙකකින් පෙර තනිව හැසිර පැවිදි වශයෙන් හෝ ගණයාගෙන් වෙන්වීම් වශයෙන් හෝ යනුයි පැවිදි වශයෙන් පෙර කෙසේ තනිව හැසිරද සියලු ගෘහවාස (ii) පළිබොධය සිඳ අඹුදරු පළිබොධය සිඳ ඥාති | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | c863ff82700300f2abbf15c94f0bfafa678cc2ca057e705e607a5db108e8d372 |
target:pali-sinhala-parallel:67879:1 | පළිබොධය සිඳ මිත්ර යහලු පළිබොධයන් සිඳ රැස් කිරීමේ පළිබොධයන් සිඳ දැලි රැවුල් කපා කසට වත් හැඳ ගිහිගෙයින් නික්ම අනගාරිය නම් ශාසනයෙහි මහණව පළිබොධ රහිත බවට පැමිණ තනිව හැසිරෙයි. ඉරියව් පවත්වයි. යැපෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | dc5d31ecddeb2ed01f4a21e05e3d4cef632daddd3167a935f7b75017a87dec96 |
target:pali-sinhala-parallel:67879:10 | මිථ්යාකල්පනාවක්, වචනයක් කර්මාන්තයක් දිවිපැවැත්මක් වෑයමක් සිහියත් මිථ්යා සමාධියක් ගනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 96b9375d5c5dc0af3681a8f4e27d311de8a4ad5e71ae8a68fab2b42754e44284 |
target:pali-sinhala-parallel:67879:11 | ගම්සේ අදාන්තවූ අකාරිතවූ කැඩුන ඒ යානය විෂමවූ කනුවක හෝ ගලක හෝ නැග ගනීද එපරිද්දෙන්ම සිවුරුහළ පුද්ගලයා කැඩුන කැරකෙන යානයක් සමානව විෂමවූ කාය කර්මයට නැග ගනියි. විෂමවූ මනස්කර්මයට නැගගනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | f635325bf4418da935b25aa700cc1b1084d5d570b7da2b803ed38d6bca52631d |
target:pali-sinhala-parallel:67879:12 | විෂමවූ ප්රාණ ඝාතයට නැග ගනියි. විෂමවූ අදින්නාදානයට නැග ගනියි. විෂමවූ කාම මිථ්යාචාරයට නැග ගනියි. විෂමවූ මුසාවාදයට නැග ගනියි. විෂමවූ පිසුණවාචාවට (කේලාම්කීමට) නැග ගනියි. විෂමවූ පරුෂ වචනයට නැග ගනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 1add2f4fb2bfa34b45b796dc8c1f119d6c5c28ca93c00142ef6304ed64f8577d |
target:pali-sinhala-parallel:67879:13 | විෂමවූ සම්ඵප්රලාපයට නැග ගනියි. විෂමවූ දැඩිලෝභයට නැග ගනියි. විෂමවූ ව්යාපාදයට නැග ගනියි. විෂමවූ මිථ්යා දෘෂ්ටියට නැග ගනියි. විෂමවූ සංස්කාරයන්ට නැග ගනියි. විෂමවූ පඤ්චකාම ගුණයන්ට නැග ගනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | eb21eb59ec8d6e617018e1795bdab2f17999944b67b741e1411a878d08378886 |
target:pali-sinhala-parallel:67879:14 | විෂමවූ පඤ්චනීවරණයට නැග ගනියි. මෙසේ නොදැමුන හොඳට වැඩ නොකරණ නොහික්මුන කැඩුන ඒ යානය යානයද බිඳියි. නැගෙන්නාටද තුවාල කරයි. එපරිද්දෙන්ම කැඩුන යානයක් බඳු සිවුරු හළ පුද්ගලයා නිරයෙහි තෙමේ බිඳෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 80f7347f3fc5eddb8c9fbb066aca0ecbefbe35d3bae14172d5da51e59997aa41 |
target:pali-sinhala-parallel:67879:15 | තිරිසන් යෝනියෙහි තෙමේ බිඳෙයි. ප්රෙත විෂයෙහි තෙමේ බිඳෙයි. මිනිස්ලොව තෙමේ බිඳෙයි. දෙව්ලොව තෙමේ බිඳෙයි. යම්සේ නොදැමුන හොඳට වැඩ නොකරණ කැඩුන ඒ යානය ප්රපාතයහි හෝ වැටෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | c9612eb9d914bd7c33bc607a8625dba5b6d565e80e100866684e729bb9aebfb1 |
target:pali-sinhala-parallel:67879:16 | එපරිද්දෙන්ම ඒ කැඩුන යානයක් බඳු සිවුරුහළ පුද්ගලයා ජාති ප්රපාතයටද වැටෙයි. ව්යාධි ප්රපාතයටද වැටෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 79ce9bbb4a09646f9ac013061c219f28826054ae32601960bdf34241894b2378 |
target:pali-sinhala-parallel:67879:17 | මරණ ප්රපාතයටද වැටෙයි, ශොක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස, උපායාස ප්රපාතයටද වැටෙයි, “ලොවෙහි” යනු අපාය ලෝකයෙහි, මනුෂ්ය ලෝකයෙහි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 559294c40eeba4b7f88105729287d2a7519ee1f2b27494cfc5c3e80349edfce7 |
target:pali-sinhala-parallel:67879:18 | 4 “පෘථග්ජනයා හීනයකැයි කියත්” යනු කවර අර්ථයකින් පෘථග්ජන නම් වේද, බොහෝ කෙලෙස් උපදවානුයි පෘථග්ජන නම් බොහෝ දුරු නොකළ ආත්ම දෘෂ්ටිය ඇති බැවින් පෘථග්ජන නමි. බොහෝ ශාස්තෘවරයන්ගේ මුහුණ බලන බැවින් පෘථග්ජන නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 4fc4037d5fb26d2e4d41eb27e23b579dfdd0af8a7eda1910b6db740481ecfca0 |
target:pali-sinhala-parallel:67879:19 | බොහෝ සියලු ගතිවලින් නොනැගිටි බැවින් පෘථග්ජනනමි. බොහෝ නානාභි සංස්කාරයන් රැස් කෙරේනුයි පෘථග්ජන නමි. බොහෝ නොයෙක් ඕඝයන්ගෙන් පාවේනුයි පෘථග්ජන නමි. බොහෝ නොයෙක් තැවීම් වලින් තැවේනුයි පෘථග්ජන නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 8265ac436ee85a4000e013b3efdc6a2c08804c5a4fdfd7aa2596d93fd27607a1 |
target:pali-sinhala-parallel:67879:2 | මෙසේ පැවිදි වශයෙන් තනිව පෙර හැසිර යනුයි. කෙසේ ගණයාගෙන් වෙන්වීම් වශයෙන් තනිව හැසිරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | c22a25d0965a367831edd1d0946979a27b0cba6f2376d01440f51dfdaaf26e11 |
target:pali-sinhala-parallel:67879:20 | බොහෝ නොයෙක් දැවිලි වලින් දැවේනුයි පෘථග්ජන නමි. බොහෝ නොයෙක් පඤ්චකාම ගුණයන් ගෙන් ඇලුනු ගිජුවූ එරීම ඇතිබැවින් පෘථග්ජන නමි. බොහෝ පඤ්චනීවරණයන්ගෙන් ඇවුරුන වැසුන බැවින් පෘථග්ජන නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | ddb7b3fa96972bc313cb00741e278cef58ad915d2709bff2cae0bfe7aff73fb4 |
target:pali-sinhala-parallel:67879:21 | හීනමාහු පුථුජ්ජනං යනු පෘථග්ජනයා හීනය නිහීනය ලාමකයයි මෙසේ කීහ. මෙසේ කියත්. ප්රකාශ කරත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 05e87104ca402826b3d9917dc63b9b6b76e628b20514aed5e71e23ab77d1f179 |
target:pali-sinhala-parallel:67879:3 | හෙතෙම මෙසේ පැවිදිවූයේ (iii) තනිවූයේ වනයෙහි ඈත අල්ප ශබ්ද ඇති අල්ප ඝොෂාව ඇති මිනිසුන්ගෙන් වෙන්වූ මිනිසුන්ගේ රහස් කටයුතුවලට යොග්ය විවේකයට සුදුසුවූ සේනාසනයන් සේවනය කෙරේද, හෙතෙම තනිව යයි. තනිව සිටියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | b0f8356d18e6559d76759a8953e0e9bcf08621162f22adfb7f4f8f0b32d6ae94 |
target:pali-sinhala-parallel:67879:4 | තනිව නිදයි. තනිව ගමට පිඬු පිණිස හැසිරෙයි. තනිව ආපසු එයි. තනිව රහසිගතව හිඳගනියි. තනිව සක්මනට බැස ගනියි. තනිව හැසිරෙයි. ඉරියව් පවත්වයි. මෙසේ ගණයාගෙන් වෙන්ව හැසිරෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 3ad89da57ff4dfbc5d3068aa3717d022514e0eafb9c40e1516f00af1dc960ad7 |
target:pali-sinhala-parallel:67879:5 | 2 “යමෙක් මෛථුනය ඇසුරු කරයිද” මෛථුන ධර්මය නම් යම් ඒ අයහපත් ධර්මය (7-1) 1 (i) (ii) ඡේද යෙදිය යුතුයි) දෙදෙනෙකුගේ එක්වීම ඒ කාරණයෙන් මෛථුන ධර්මයයි කියත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 2037c740083bf8f9723d2a13ebd33619427211d75ddee96888cdc304cd2f651f |
target:pali-sinhala-parallel:67879:6 | “යමෙක් මෛථුනය ඇසුරු කරයිද” යනු මෑත කාලයක බුදුන්, දහම්, සඟුන්, ශික්ෂාව අත්හැර පහත්බවට පැමිණ. මෛථූන ධර්මය සේවනය කෙරේද, යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 5e340a3fa4facd29f6eba573f0855afcc240e78d2035769e81663c057b67e83c |
target:pali-sinhala-parallel:67879:7 | 3 “ලෝකයෙහි ඔහු කැරකෙන යානයක් මෙන්” යන්නෙහි “යාන යනු හස්තියානය, අශ්වයානය, ගොයානය, එළුයානය, බැටලුයානය, ඔටුයානය, කොටලුයානය යනුයි “කැරකෙන” යනු නොදැමුන අකාරිතවූ අවිනීතවූ බිඳුන ඒ යානය වැරදි මාර්ගයක් ගනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 33273fc9a1ac28789ad5272d5a2d78231814fb9bef377430588a9a0ff025d4ad |
target:pali-sinhala-parallel:67879:8 | විෂමවූ කනුවකට හෝ ගසකට හෝ නැග ගනියි. වාහයනද කඩයි. නැගෙන්නාටද තුවාල කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 82b1233f2818159d82a63d096e4ae96fec1f98232ffe71c35030e15952c08867 |
target:pali-sinhala-parallel:67879:9 | ප්රපාතයෙහි හෝ වැටෙයි යම්සේ ඒ කැඩුන යානය නොදැමුන අකාරිතවූ අවිනීතවූ නපුරු මාර්ගයක් හෝ ගනීද එපරීද්දෙන්ම ඒ සිවුරුහළ පුද්ගලයා බිඳෙන යානයකට නැගුනාක් වැනි වැරදි මාර්ගයක් ගනියි. මිථ්යාදෘෂ්ටියක් ගනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | bbea28e8e6a4c25c1eb5d9e44d27db60d38bea288c93d28fbcdcbe0ae3f27cbc |
target:pali-sinhala-parallel:67880:0 | (7 - 4) 1 “ඔහුට ඒ පෙරවූ යශස් කීර්තිද ගෙවීයයි” යන්නෙහි සම්පත කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | f7cb82bd8f664aba572046420ab472bf9e4ec3fa848907c7739e037b35953e52 |
target:pali-sinhala-parallel:67880:1 | මේ ලොව ඇතමෙක් පෙර ශ්රමණ භාවයෙහි (ii) සත්කාර කරණ ලද්දේවේද ගරුකාර කරණ ලද්දේවේද බහුමාන කරණ ලද්දේවේද සලකන ලද්දේවේද සිවුරු පිණ්ඩාහාර ගිලන්පස බෙහෙත් පිරිකර ලබන්නේවේද මේ සම්පතයි. (iii) කීර්තිය කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 33f1464ba61d2f783ea9f0b2fabf5ce5b620efb5656347270199baf76ba2b54d |
target:pali-sinhala-parallel:67880:10 | (v) මේ ශාසනයෙහි මහණතෙම ((2-4) 1 (iii) සිට ඡේදය යොදාගත යුතුයි) අධිපඤ්ඤා ශික්ෂාව කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 3df29f009fd32bc0c81b62f65c1463fb8dfeddfa8038b455db7a7543f96cfde4 |
target:pali-sinhala-parallel:67880:11 | (v) මේ ශාසනයෙහි මහණ වැඩීම් ඇතිකරවන ප්රඥාවෙන් යුක්ත වේද මනාකොට දුක් කෙළවර කරන්නාවූ උතුම් ප්රඥාවෙන් යුක්ත වේද, හෙතෙම මේ දුකයයි මනාසේ දනීද, මේ දුක් ඇති වීමේ හේතුවයයි මනාසේ දනීද, මේ දුක්ඛ නිරෝධයයි මනාසේ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 452852cb6bca6136abf1c0d6195a706d345f8bf15b1330aab5db2d767afe8bc9 |
target:pali-sinhala-parallel:67880:12 | දනීද, මේ දුක් නිරුද්ධ කිරීමේ ප්රතිපදාවයයි මනාසේ දනීද මේ ආශ්රවයෝයයි මනාසේ දනීද, මේ ආශ්රව ඇතිවීමේ හේතුවයයි මනාසේ දනීද, මේ ආශ්රවනිරෝධයයි මනාසේ දනීද මේ ආශ්රව නිරෝධගාමිනී ප්රතිපදාවයයි මනාසේ දනීද, මේ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | f08eaba03e57e265ca334a2c0830c891cd7744f17da29f18df35bbb691e43df0 |
target:pali-sinhala-parallel:67880:13 | අධිප්රඥා ශික්ෂාවයි. මෛථුන ධර්මය නම් යම් ඒ අයහපත් ධර්මයක් ග්රාම ධර්මයක් වසල ධර්මයක් නරක ධර්මයක් රහස් දෙයක් දෙදෙනෙකුගේ එකතුවීමක් ඇද්ද. ඒ කාරණයෙන් මෙථූන ධර්මයයි කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 99e8f4bca5c6b8c4b212af805b83a583dd6349ee3f2dfa3e463b2ca7d2ff0810 |
target:pali-sinhala-parallel:67880:14 | මෙයද දැක මෛථුනය දුරුකිරීමෙහි යෙදෙව්. මෛථුන ධර්මය දුරුකිරීම පිණිස සංසිඳවීම පිණිස බැහැර කිරීම පිණිස අධිශීලයෙහිද හික්මෙන්නේය. අධි චිත්තයෙහිද හික්මෙන්නේය. අධිප්රඥාවෙහිද හික්මෙන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 175c83d243cc0a3641eeea4297fe78377a448b01ed44359e7a5013c56dc27d9b |
target:pali-sinhala-parallel:67880:15 | යම් හික්මීම් තුන ආවර්ජනා කරන්නේ හික්මෙන්නේය. සිත පිහිටුවන්නේ හික්මෙන්නේය. දැන ගන්නේ හික්මෙන්නේය බලන්නේ හික්මෙන්නේය. ප්රත්යවෙක්ෂා කරන්නේ හික්මෙන්නේය. ස්ථිරසේ පිහිටුවමින් හික්මෙන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 396e0ba1fe3bf5fcb1c05f8aeb1a5509c81d5bd682ce50d0bf3fccaa5fac50bf |
target:pali-sinhala-parallel:67880:16 | වීර්ය්යය දැඩිසේ ගන්නේ හික්මෙන්නේය. සිහිය යොදන්නේ හික්මෙන්නේය. සිත එකඟ කරන්නේ හික්මෙන්නේය ශ්රද්ධාව යොදන්නේ හික්මෙන්නේය. වීර්ය්යය දැඩිකොට ගන්නේ හික්මෙන්නේය. නුවණින් දැන ගන්නේ හික්මෙන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 37808b836187ee6118efa575df9cfa3403e52ae21b8e3ad3277580460bfabde5 |
target:pali-sinhala-parallel:67880:17 | දැනගත යුත්ත දැනගන්නේ හික්මෙන්නේය. විශේෂයෙන් දැනගත යුත්ත දැන ගන්නේ හික්මෙන්නේය. බැහැර කටයුත්ත බැහැර කරන්නේ හික්මෙන්නේය. වැඩිය යුත්ත වඩන්නේ හික්මෙන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 48787445b2ef503e027fb426a3d2304fba090fb341e6089a5855102f22cb7f92 |
target:pali-sinhala-parallel:67880:18 | ප්රත්යක්ෂ කළ යුත්ත ප්රත්යක්ෂ කරන්නේ හික්මෙන්නේය. හැසිරෙන්නේය. මනාකොට හැසිරෙන්නේය. සමාදන්ව සිටින්නේය, යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 0bf78b783eaf0f8c36e3a88758106d46afee9068d3258e53e509d043e1c06750 |
target:pali-sinhala-parallel:67880:2 | (iv) මේ ලොව ඇතමෙක් පණ්ඩිතද, ව්යක්තද නුවණැත්තේද බහුශ්රැතද විචිත්රකථිකද යහපත් වැටහීමක් තිබුනේද සූත්රාන්තිකයයි කියා හෝ විනය ධරයයි කියා හෝ ධර්ම කථිකයයි කියා හෝ “ආරඤ්ඤික” යයි කියා හෝ “පිණ්ඩපාතිකයයි” | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | edd23f8c085ca5326cc22b62e54675bb9b15f14fd3e148eda843065de87873d9 |
target:pali-sinhala-parallel:67880:3 | කියා හෝ “පංශුකූලික” යයි කියා හෝ “තෙචීවරික” යයි කියා හෝ “සපදාන චාරික” යයි කියා හෝ “ඛලුපච්ඡාභත්තික” යයි කියා හෝ “නෙසජ්ජිකයයි” කියා හෝ “යථාසන්තතිකයයි” ප්රථමධ්යානය ලැබුයේයයි කියා හෝ ද්විතීයධ්යානය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 8ade9650bf86298cc1aa59b7185fedb8d4f52947d3ec6aa5ecb88ebef81084ed |
target:pali-sinhala-parallel:67880:4 | ලැබුයේ යයි කියා හෝ ආකාසානඤ්චායතන සමාපත්තිය ලැබුයේය කියා හෝ විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය ලැබුයේය කියා හෝ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ලැබුයේය කියා හෝ නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය ලැබුයේය කියා හෝ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | a80be49a88d86c470567fb666cb735802273aa8b560dbd08eda0800fa2aec7af |
target:pali-sinhala-parallel:67880:5 | මේ කීර්තියයි. “ඔහුට එය ගෙවීයයි.” යනු බුදුන්, දහම්, සඟුන්, ශික්ෂාව අත්හැර ගිහිවූ ඔහුගේ ඒ සම්පතද ඒ කීර්තියද පිරිහෙයි දුරුවෙයි. ඇදවැටෙයි අතුරුදහන් වෙයි. බිඳීයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | b2b2b7c62664fe4673c39a229f2f5ba3453b775cad4da21d7d8caf2294fcf29f |
target:pali-sinhala-parallel:67880:6 | 2 “මෙයද දැක මෛථුනය නැතිකිරීමට හික්මෙන්නේය” යන්නෙහි, මෙයද යනු පෙර (ii) ශ්රමණ භාවයෙහි සම්පතද කීර්තියද මෑත භාගයෙහි බුදුන්, දහම්, සඟුන්, ශික්ෂාව දුරුකොට ගිහිවූවහුගේ අයසද අපකීර්තියද යන මේ සම්පතද විපතද | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 553228a9ecbe9566a10db73db1e9021936daa2c6c11cd3d057a070811b1cbbb3 |
target:pali-sinhala-parallel:67880:7 | “දැක යනු දැක සමකොට තීරණයකොට, ප්රකාශ කොට ප්රකටකොට බලා, හික්මෙන්නේයයි” යනු ශික්ෂා තුනකි. (iii) අධිශීල, අධිචිත්ත, අධිපඤ්ඤායනුයි.” අධිශීල ශික්ෂාව කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | bd60d2dc6e1c120f95ff78d1844f835d0f49c54193840c1ecbed5a7949a7df13 |
target:pali-sinhala-parallel:67880:8 | මේ ශාසනයෙහි මහණ තෙම සිල් ඇත්තේ වේද, ප්රාතිමොක්ෂ සංවරයෙන් හික්මුනේ වේද, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තවූයේ ස්වල්පවූ වරදෙහි පවා භය දකිමින් වාසය කරන්නේ ශික්ෂාපදයන් සමාදන්ව හික්මේද, කුඩා ශීලස්කන්ධය, මහත් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 42c4636e2a0ee67806590bfab48af9a3c73fcd53df93ae48c836d277d993a34a |
target:pali-sinhala-parallel:67880:9 | ශීලස්කන්ධය සිල් පිහිටීම මුල් හැසිරීම, සංයමය කුශල ධර්මයන්ගේ ඇතිවීමෙන් ඇතිවන සංවරය යනුයි. මේ අධිශීල ශික්ෂාවයි (iv) අධිචිත්ත ශික්ෂාව කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 489c7a24eb7a00f391b541b6b99a6f1dece5bb2a1b6cf398bf5fc686f6c5b368 |
target:pali-sinhala-parallel:67881:0 | (7 - 5) 1 “සංකල්පනාවලින් යුක්තවූ හෙතෙම මුළාවූවකුමෙන් සිත සිතා සිටියි.” යන්නෙහි (ii) කාම සංකල්පනාවෙන්, ව්යාපාද සංකල්පනාවෙන්, විහිංසා සංකල්පනාවෙන්, දෘෂ්ටි සංකල්පනාවෙන් ස්පර්ශ කරණලද්දේ යුක්තවූයේ වැසුයේ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 6de3229c6f590988d29a7be27ffbe6007d744e297552cf08bfbb370a6eb5cabb |
target:pali-sinhala-parallel:67881:1 | යනුයි. මෝඩයකු මෙන් මුලාවූවකු මෙන් දැවෙයි. කල්පනාකරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 03ecf97e12d081a51b5cad7d9965a970081c692a4896b9822d615e997922e1c9 |
target:pali-sinhala-parallel:67881:2 | යම්සේ බකමුහුණා ගසේ අත්තක මීයකු සොයමින් කල්පනා කරයිද දැවේද යම්සේ කොකා ගංතෙර මසෙකු සොයමින් කල්පනා කරයිද දැවේද යම්සේ බළලා මංසන්ධියක කුණු ගොඩක මීයකු සොයමින් කල්පනා කරයිද, දැවේද, යම්සේ කොටලුවා බර මුදා | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 9ef486aa1db2836ff742adbcad9446a94685ec308208f750fb0081ca5ff5bb99 |
target:pali-sinhala-parallel:67881:3 | හැරියේ මංසන්ධියක කුණු ගොඩක ලැග කල්පනා කෙරේද දැවේද එපරිද්දෙන්ම ඒ සිවුරු හළ තැනැත්තේ කාම සංකල්පනාවෙන් ව්යාපාද සංකල්පනාවෙන් විහිංසා සංකල්පනාවෙන් දෘෂ්ටි සංකල්පනාවෙන් ස්පර්ශ කරණලද්දේ මෝඩයකු මෙන් මුලාවූවකු | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | c8ac43f588c787b1a458e404daf9e368d1292a4e55c6c8f6afdcf76046023b6f |
target:pali-sinhala-parallel:67881:4 | මෙන් කල්පනා කරයි. දැවෙයි. 2 “එබන්දා අනුන්ගේ චොදනා අසා දොම්නස් වූයේවේ. උපාධ්යායවරු හෝ ගුරුවරු හෝ සමාන උපාධ්යායවරු හෝ සමාන ආචාර්ය්යවරු හෝ මිත්රයෝ හෝ ආශ්රය කළ අය හෝ යහලුවෝ හෝ චෝදනා කරත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 5a8ed14670e77dec9a513ab6d3955b412050652dcdc99bce0bc55e43bb9a205c |
target:pali-sinhala-parallel:67881:5 | ඇවැත්නි ඔබට අලාභයකි ඔබට නපුරු ලැබීමකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | bf906e6601867150a61603172553fbf3cfa2d56112e8dfd92ab160685fef76e0 |
target:pali-sinhala-parallel:67881:6 | යම් ඒ මෙබඳුවූ මහත්වූ ශාස්තෘවරයකු ලැබ මෙසේ මනාකොට ප්රකාශ කළ ශාසනයෙහි පැවිදිව මෙබඳු ආර්ය්ය ධනයක් ලැබ ඒ මෛථුන ධර්මය නිසා බුදුන් දහම් සඟුන් ශික්ෂාව අත්හැර සිවුරු හළෙහිද, කුශල ධර්මයන්හි ශ්රද්ධාවක් ඔබට | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | f0163e98945ce8ad24c4494bc576b006c7f0f90023c9e1ccdb459581d2515615 |
target:pali-sinhala-parallel:67881:7 | නැතිවීද, ඔබට සිහිය නැති වීද, කුශල ධර්මයන්හි ලජ්ජාවක් ඔබට නැතිවීද කුශල ධර්මයන්හි භයක් ඔබට නැතිවීද, කුශල ධර්මයන්හි වීර්ය්යයක් ඔබට නැතිවීද කුශල ධර්මයන්හි සිහියක් ඔබට නැතිවීද කුශල ධර්මයන්හි ප්රඥාවක් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | fb6dd828c71bf2af3a6521029763320cd1dba5408db817d00014f07716fba06e |
target:pali-sinhala-parallel:67881:8 | ඔබට නැතිවීද යනුවෙනි. ඔවුන්ගේ වචනය දෙශනය අනුශාසනය අසා උගෙණ සිහි කොට සලකා බලා “දොම්නස් වේ” යනු පීඩාවට පැමිණියේ ගැටුනේ රෝග ඇත්තෙක්වූයේ දොම්නස්වූයේ නැසුනේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 19ad3e0e0e6a0ef2da1cd8e41c2fd0676e6978bf823c24fa3304463e08f0409a |
target:pali-sinhala-parallel:67881:9 | තථා විධො යනු එබඳුවූ එසේ සිටියාවූ එවැනි ප්රකාර ඇති යම් ඒ සිවුරු හළ කෙනෙක් යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 93feabf067f5c181007319d966ac2738797e94682500637321e2a240cd395bc3 |
target:pali-sinhala-parallel:67882:0 | (7 - 6) 1 “අනුන් කතාවලින් මෙහෙයවන ලද්දේ වනාහි ආයුධ යොදයි.” යන තැන්හි “වනාහි” යනු පද පූරණය පිණිස සුඛොච්චාරණය පිණිස යෙදූවකි. “ආයුධ” යනු ආයුධ තුනක් වෙති. කාය ශස්ත්රය, වාග් ශස්ත්රය, මනස් ශස්ත්රය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 5741e509bca2028ccc63f5844d4703000cbfd152124ca9855a7e34bdab1a1fcd |
target:pali-sinhala-parallel:67882:1 | ත්රිවිධවූ කාය දුශ්චරිතය කාය ශස්ත්රය නමි. ත්රිවිධවූ වාග් දුශ්චරිතය වාග් ශස්ත්රය නමි. ත්රිවිධවූ මනස් දුශ්චරිතය මනස් ශස්ත්රය නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 8ef7f8ed409b537e1d28d6b9f2ccc743215ded7589900a5a9bb8dcf15a27833e |
target:pali-sinhala-parallel:67882:10 | නැවතද කරුණු තුනකින් මුසාවාදය වෙයි. පෙරම ඔහුට බොරු කියන්නෙමියි. අදහසක් වෙයි. කියන්නාවූ ඔහුට බොරු කියන්නෙමියි අදහස් වෙයි. කීකල්හි ඔහුට මවිසින් බොරු කියන ලද්දේයයි සිතෙයි. මේ තුන් ආකාරයෙන් මුසාවාදය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | e48059f23ef53b94ea3dc627301c822acd9d8916c67c4a1574a51d83083d0699 |
target:pali-sinhala-parallel:67882:11 | නැවතද සතරාකාරයකින් මුසාවාදය වෙයි. (ii) පෙරම ඔහුට බොරු කියන්නෙමියි අදහස් වෙයි. කියද්දී ඔහුට බොරු කියන්නෙමියි අදහස් වෙයි. කීකල්හි ඔහුට මවිසින් බොරු කියනලද්දේ යයි සිතෙයි. දෘෂ්ටිය වැරදිසේ ගෙන යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | 0f04f3d619fbc37ed56ad4d75bcd3c0bab6fdfc558f488f5da8947c0fc52a1ad |
target:pali-sinhala-parallel:67882:12 | මේ සතරාකාරයෙන් මුසාවාදය වෙයි. නැවතද පස් ආකාරයකින් මුසාවාදය වෙයි සයාකාරයකින් සත් ආකාරයකින් අටාකාරයකින් මුසාවාදය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b813 | b66a8be4c2ebb61a27f5810c55f0b6bfa810e14b66b3c3824d43a912d18063c3 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.