sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:67882:13
(මෙහි (ii) යෙදිය යුතුයි) (iii) දෘෂ්ටිය වැරදිසේ ගෙන කැමැත්ත වැරදිසේ ගෙන රුචිය වැරදිසේ ගෙන සංඥාව වැරදිසේ ගෙන ස්වභාවය වැරදිසේ ගෙන, මේ අටාකාරයෙන් මුසාවාදය වෙයි මුසාවාදය ගනියි, මුසාවාදය දැඩිසේ ගනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
8fcdb6e8341af275b11b95b7887198b99601cc4050a8cc3b46b12bd8ee7c4103
target:pali-sinhala-parallel:67882:14
මුසාවාදයට බැස ගනියි. ප්‍රවිෂ්ට වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
e909035f5f47b5f502b5a0d35bf755c6830d293961ff0f8627d34d1c9226cd6f
target:pali-sinhala-parallel:67882:2
“අනුන්ගේ කතාවලින් මෙහෙයවන ලද්දේ” යනු උපාධ්‍යායන් විසින් හෝ ආචාර්‍ය්‍යවරයන් විසින් හෝ සමාන උපාධ්‍යායන් විසින් හෝ ආශ්‍රය කළ අය විසින් හෝ යහලුවන් විසින් හෝ චෝදනා කරණලද්දේ දැන දැන බොරු කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
6d6fd57c7abd242a82da4a7e5f553ceacfe83305a244a538e1c99733c4c00e39
target:pali-sinhala-parallel:67882:3
ස්වාමීනි, මම පැවිද්දට ඇළුනෙ වෙමි. මවිසින් මව පොෂණය කටයුතුය. එහෙයින් සිවුරු හළෙමියි කියයි. මවිසින් පියා පොෂණය කටයුතුය. එහෙයින් සිවුරු හළෙමි. මවිසින් සහෝදරයා පොෂණය කටයුතුය යයි කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
953266436a2e038b5c28e7e09db0a41d608efc12d8d91a6ba8c00f06a9be407c
target:pali-sinhala-parallel:67882:4
මවිසින් සහෝදරිය පොෂණය කටයුතු යයි කියයි. මවිසින් පුතා පොෂණය කටයුතුය. මවිසින් දුව පොෂණය කටයුතුය. මවිසින් මිත්‍රයෝ පොෂණය කටයුතුය. මවිසින් යහලුවෝ පොෂණය කටයුතුය. මවිසින් නෑයෝ පොෂණය කටයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
acfdb2b365ceb90bbabf0655adaaba39aef04c389c5972d139c115a8fa5f169b
target:pali-sinhala-parallel:67882:5
මවිසින් සහලේ නෑයෝ පොෂණය කටයුතුය. එහෙයින් සිවුරු හළේවීමියි කියයි. වචන නමැති ආයුධය ඉදිරිපත් කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
29624a77a6be33896a974c354beefcd36d33925afb09ca40c100fe33e17652ad
target:pali-sinhala-parallel:67882:6
2 “ඔහුගේ මේ මහා ගිජුකම වනාහි” යනු ඔහුගේ මේ මහා ගිජුකම මහා වනය මහා ගැන්ම, මහා කාන්තාරය මහා විෂමය මහා ඇකිලීම, මහා මඩ, මහා එරීම, මහා පළිබොධය යම් ඒ දැන දැන බොරු කීම යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
ddd63889d318c503cad0714e815c0dc66995b8842b300cf8ce97b3dce796793d
target:pali-sinhala-parallel:67882:7
3 “බොරු කීම දුරු කරයි.” යන්නෙහි “බොරු කීම” යයි මුසාවාදයට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
405395fe08e3e5c1f82fc7538959a56281b2c004e3a15706e024e05e19477415
target:pali-sinhala-parallel:67882:8
මේ ලොව ඇතැමෙක් (ii) සභාවක ගියේ හෝ පිරිසකට ගියේ හෝ නෑයන් මැදට ගියේ හෝ ගම් මැදට ගියේ හෝ රාජ කුලය මැදට ගියේ හෝ ඉදිරියට පැමිණ එම්බා පුරුෂය ‘මෙහි එව’ යමක් දන්නේ නම් එය කියවයි ශාක්ෂි අසනලද්දේ හෙතෙම නොදන්නා
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
7a20c7e4d88d238aa8449b0bae800940a95bcbbbb66ca98bec2e7952ea8960f4
target:pali-sinhala-parallel:67882:9
දෙය දනිමියි කියයි. නොදැකි දෙය දැකීමියි කියයි. දැකි දෙය නොදැකීමියි කියයි. මෙසේ තමා හේතුවෙන් හෝ අනුන් හේතුවෙන් හෝ ධන හේතුවෙන් හෝ ආමිෂ කිසිවක් නිසා හෝ දැන දැන බොරු කියයි. මෙය මුසාවාදයයි කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
d78d3fe80a8ca396162fd11cdab9b4896dce3cd0b80431bfc15b9ae28860454e
target:pali-sinhala-parallel:67883:0
(7 - 7) 1 “පණ්ඩිතය කියා දන්නා ලද්දේ” යන්නෙහි මේ ලොව ඇතැම් කෙනෙක් පෙර ශ්‍රමණ භාවයෙහිදී (මෙහි (7-4) (ii) ඡේදය යෙදිය යුතුයි) එක හැසිරීමෙහි යෙදුණේ’ යනු කරුණු දෙකකින් තනිව හැසිරීම අධිෂ්ඨාන කොට ඇත්තේ එනම්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
4461f4a6cb9e6e2f59fd92f98d7b9ff903868423d9bf74bc9635e8f97ff1dacc
target:pali-sinhala-parallel:67883:1
පැවිද්ද වශයෙන් හෝ ගණයාගෙන් වෙන්වීම් වශයෙන් හෝ යනුයි. කෙසේ පැවිද්ද වශයෙන් තනිව හැසිරීම ඉටාගත්තේද කළේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
7539fe25281be104cb7be3a78ace4b155dcd4c4e58759cd39232508408d5c066
target:pali-sinhala-parallel:67883:10
පිදුරුවලින් ඔතා පිලිස්සීම නමැති පලාලපිට්ඨික කර්මය කරත්. රත්වූ තෙල්වලින් ඉසිත්. බල්ලන් ලවා කවවත්. පණඇති කල්හිම උල හිඳුවත්. කඩුවෙන් හිස සිඳිත්. මෙසේද හීන බවට පැමිණේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
d90786b9c66bdf390f61b3fdedd6c728f9e7da020de6dee85cbdd94dbefdbf2f
target:pali-sinhala-parallel:67883:11
යලිදු කාම තෘෂ්ණාවෙන් මඩනාලද්දේ හාත්පසින් ගන්නාලද්දේ භොගයන් සොයන්නේ නැවෙන් මහසමුදුරට හෝ යයි. ශීතය හෝ පෙරටුකොට උෂ්ණය හෝ පෙරටුකොට ඩැහැලේ බොන මැස්සෝය, මදුරුවෝය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
2d6dba9e3eb9fcf555dc57f150b0bccb3631a427a068a3358253f1b3fec87889
target:pali-sinhala-parallel:67883:12
වා අව් හා සර්පාදීන්ගේ ස්පර්ශයෙන් පීඩිතවන්නේ බඩසයින් මැරෙනු ලබන්නේ තිගූම්බ නම් ප්‍රදෙශයට යයි, තක්කෝල නම් ප්‍රදෙශයට යයි, තක්සලා නම් ප්‍රදෙශයටයයි. කාලමුඛ නම් ප්‍රදෙශයටයයි, පරම්මුඛනම් ප්‍රදෙශයට යයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
8637a3f62b78b170af17802087a9ca75a8ef6ff3753d393b2f59bf16b8b4d614
target:pali-sinhala-parallel:67883:13
වෙසුංග නම් ප්‍රදෙශයට යයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
18c390bc94a07500be64ece8dbbdbb3b53f76ff4d1d615ee9d687c14a928702a
target:pali-sinhala-parallel:67883:14
වෙරාපථ, ජව, තාමලී, වංග, විලවන, සුවණ්ණකූට, සුවණ්ණභූමි, තම්බපණ්ණි, සුප්පාරක, භාරුකච්ඡ, සූරට්ඨ, සංගලොක, සකුණපථ, සංගන, පදපතංග, යොනපරම, යොන, නවක, මූලපද, මරුකන්තාර, ජණ්ණුපථ, අප්පථ, මෙණ්ඩපථ, සංකුපථ, ඡත්තපථ,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
bb9c9b2dc39adb0db62efe40531f2ce2433b2b73ea05301b8dd994082b157c42
target:pali-sinhala-parallel:67883:15
වංශපථ, මූසිකපථ, දරීපථ, වෙත්තාචාර යන ප්‍රදෙශ වලටද යයි. මෙසේද දුකට පැමිණේ. ධනය සොයන්නේ නොලැබෙයි, ලැබුනේද ආරක්ෂා කිරීම පිණිස දුකක් දොම්නසක් විඳියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
d483afe9fa992302246aeca3b198cdf6b885437bae02137098ebe9949e92896b
target:pali-sinhala-parallel:67883:16
කෙසේද කෙසේනම් මාගේ භොගයෝ රජවරු නොගනිත්ද, සොරු නොගනිත්ද, ගින්නට හෝ අසු නොවෙත්ද, වතුරට ගසා නොයත්ද, ප්‍රිය නොවූ දූ දරු ආදිහු දායාද වශයෙන් ගනිත්ද මෙසේ ආරක්ෂා කරන්නාවූ රකින්නාවූ ඔහුගේ ඒ භොගයෝ විනාශ වෙත්ද.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
329cf9a2094c5d9d8bda58bad61d59c4b3bf97f2fb32ba0e4cf07d6a4e73b791
target:pali-sinhala-parallel:67883:17
ඒ විනාශ හේතුවෙන් දුකක් දොම්නසක් විඳියි, මෙසේද දුකට පැමිණේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
a83584d254369577a94a79b3388abb6809ec4027ca3dee9e3ac914b249d8a8a0
target:pali-sinhala-parallel:67883:2
සියලු ගෘහවාස පලිබොධය සිඳ (7-3) 1 (ii) ඡේදය යෙදිය යුතුයි) මෙසේ පැවිද්ද වශයෙන් තනිව හැසිරීම ඉටාගත්තේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
787545ecbeccd3fa54b2718df4aa20e1ab101ba2b138c9cc0e9c2ec8d4a6d4de
target:pali-sinhala-parallel:67883:3
කෙසේ ගණයාගෙන් වෙන්වීම් වශයෙන් තනිව හැසිරීම ඉටාගත්තේද, මෙසේ හෙතෙම (iii) පැවිදිවූයේ තනිව ආරණ්‍යයෙහි මහාවනයෙහි (7-3) 1 (iii) ඡේදය යෙදිය යුතුය) මෙසේ’ ගණයාගෙන් වෙන්ව තනිව හැසිරීම ඉටාගත්තේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
9d711514cc930c975f5a1d7b70a3446fc14bfbac1934bb6ebdf6a19562ff9912
target:pali-sinhala-parallel:67883:4
2 “හෙතෙමේද මෛථූනයෙහි යෙදුණේ” යන්නෙහි මෛථුන ධර්මය නම් යම් ඒ අයහපත් ධර්මය ග්‍රාම ධර්මය නීච ධර්මය රහස්දෙය දෙදෙනෙකුගේ එක්වීම යන ඒ කාරණයෙන් මෛථූන ධර්මය යයි කියත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
4cceeb9623a70c11176066decbbba3c83545439a69d1b98fc0860d7604438cd4
target:pali-sinhala-parallel:67883:5
හෙතෙම මෑත කාලයක බුදුන් දහම් සඟුන් ශික්ෂාව අත්හැර පහත් බවට පැමිණ මෛථුන ධර්මයෙහි යෙදුනේ යනුයි. “මෝඩයෙකු මෙන් කෙලෙසෙයි.” යනු දිළින්දෙකුමෙන් මෝඩයෙකු මෙන් හීනබවට පැමිණේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
05ca5c915baa1401be324a9c6f72c8261b7f480aa7215f8c1b8bd56edf6212a2
target:pali-sinhala-parallel:67883:6
සතුන්ද මරයි, හොරකම්ද කරයි, ගෘහසන්ධිද බිඳියි, කොල්ලකෑමද කරයි. එක් ගෙයක් බිඳීමද කරයි, උවදුරෙහිද සිටියි. පරදාර කර්මයද කරයි, බොරුද කියයි, මෙසේ කිළිටි වෙයි. ඒ මොහු රජවරු අල්ලා නොයෙක් කම්කටුළු කරවත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
14d6af609ce2189ffaa7942cdc6930b2b1a0af3a90b7ef0a19c059207971f2b3
target:pali-sinhala-parallel:67883:7
කසවලින් තලවත්. වේවැල් වලින් තලවත්. අඩක් පැලු දණ්ඩකින් තලවත්. අත කපයි පය කපයි අත්පා දෙකම කපයි. කණ නාසය හා කන්නාසා දෙකම කපයි. බිලංගථාලික නම් කර්මය කරත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
6201b5b5606a7b0071568057a707b338c9008ef230cc12bc19c46aab0611629b
target:pali-sinhala-parallel:67883:8
හිස සකක්සේ සුදුවනතුරු රළු දෙයකින් ඉලීමේ කර්මයවූ සංඛමුණ්ඩික කර්මය කරත්. කටෙහි උළක් ගසා තබන රාහු මුඛ නම් කර්මය කරත්. ජොතිමාලික නම් කර්මය කරත්. හත්ථපජ්ජෝතීක නම් කර්මය කරත්. එරකවත්තික නම් කර්මය කරත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
1762a5a5156c3d583b1dffc4fa13666ee403da969661ddf7c1f6df17d775f544
target:pali-sinhala-parallel:67883:9
චීරකවාසික නම් කර්මය කරවත්. එණෙය්‍යකනම් කර්මය කරවත්. බලිසමංසික නම් කර්මය කරත්. කහාපණික නම් කර්මය කරත්. ඛාරාපතච්ඡික නම් කර්මය කරත්. පලිඝ පරිවත්තික නම් කර්මය කරත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
487303a390fe55386ea339f333b5e6766d70f128bb0a5fa602bd3e1d0aa53186
target:pali-sinhala-parallel:67884:0
3 “මුනිතෙමේ පෙරත් පසුත් මෙහි මේ ආදීනවය දැන” යනු පෙර ශ්‍රමණ භාවයෙහි යශසද කීර්තියද මෑතකාලයෙහි බුදුන්, දහම්, සඟුන් ගික්ෂාව අත්හැර සිවුරුහළහුගේ අයශද අපකීර්තියද මේ සම්පත්තියද විපත්තියද දැන සමකොට බලා තීරණය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
e43ec81e2513e729fc3d2a82b567e46320717ee7c83a78974165329ebbde6217
target:pali-sinhala-parallel:67884:1
කොට ප්‍රකට කොට යනුයි. මුනි යන්නෙහි මොනයයි ඥානයට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
3aed3150e2d9bf43e2d1b232787b0e24d13c28c1e7adc6b4af47aba9feba3c6c
target:pali-sinhala-parallel:67884:2
යම් ප්‍රඥාවක් දැනීමෙන් යුක්තද (මෙහි (2-4) 12 (ii) සිට 14 ඡේදය දක්වා යෙදිය යුතුයි) මෙහි යනු මේ දෘෂ්ටියෙහි මේ කැමැත්තෙහි මේ රුචියෙහි මේ ගැන්මෙහි මේ ධර්මයෙහි මේ විනයෙහි මේ පාවචනය නම් ධර්මයෙහි මේ ශාස්තෘ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
8495351127e28a1c3bfa38686cc56f50b65d02e5a08888e36a10ed0733614648
target:pali-sinhala-parallel:67884:3
ශාසනයෙහි මේ බ්‍රහ්මචරියාවෙහි මේ ආත්මභාවයෙහි මේ මනුෂ්‍ය ලෝකයෙහි යනුයි. 4 “තනිව හැසිරීම තදින් කරන්නේය” යනු කරුණු දෙකකින් තනිව හැසිරීම දැඩිකොට ගන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
9aa97f2a8bce354e2e9661755fb60f0329b0f13db3b00dfb6e2d2ec62b112dab
target:pali-sinhala-parallel:67884:4
සියලු ගෘහවාස පලිබොධය සිඳ අඹුදරු පලිබොධය සිඳ ඥාති පලිබොධය සිඳ මිත්‍ර පලිබොධය සිඳ යහලු පලිබොධය සිඳ දැලි රැවුල් කපා හැර කසටවත් හැඳ ගිහිගෙයින් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිදිව කිසිවක ආශාවක් නැති බවට
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
4744d6d4fb2a2e3755621933e1ee18e61d680a60f1258265139a38e51bbea093
target:pali-sinhala-parallel:67884:5
පැමිණ තනිව හැසිරෙන්නේය. වසන්නේය. මෙසේ පැවිදි වශයෙන් තනිව හැසිරෙන්නේය. වසන්නේය, යැපෙන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
653bec1c72254a8a577b3308d65476ca4c084c6077fdab96a46a9254fea298e5
target:pali-sinhala-parallel:67884:6
කෙසේ ගණයාගෙන් වෙන්වීම දැඩිව ගෙන හැසිරෙන්නේද, හෙතෙම මෙසේ (මෙහි (7-1) 1 (iii) ඡේදය යෙදිය යුතුයි) “මෛථුනය සේවනය නොකරන්නේය” යන්නෙහි මෛථුන ධර්මය නම් යම් ඒ අයහපත් ධර්මය ග්‍රාම ධර්මය (මෙහි (7-1) 1 (ii) යෙදිය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
353f2c3e0943898f39c716d1a089705cc336f221ae055a13aee5dc1e369a94bc
target:pali-sinhala-parallel:67884:7
යුතුයි) ඒ කාරණයෙන් මෛථුන ධර්මයයි කියනු ලැබේ. මෛථූන ධර්මය සේවනය නොකරන්නේය. මෛථුන ධර්මයෙහි නොහැසිරෙන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
b706d69180e3af7dd6b8a6af8427698d80a4c791cde5e7a5fdc7fa837ba59f17
target:pali-sinhala-parallel:67885:0
(7 - 9) 1 “විවේකයෙහිම හික්මෙන්නේය” යනු විවේකය නම් තුන් විවේකයෝයි. කාය විවේකය, චිත්ත විවේකය, උපධි විවේකය යනුයි. කාය විවේකය කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
c1bf11deaec4e1843be0503e2e8ebccea4cd282dc11e616a650e8987d0b1fa61
target:pali-sinhala-parallel:67885:1
(මෙහි (1-4) 36 ඡේද ‘මේ ශාසනයෙහි යන තැන් සිට 38 ඡේදය අවසානය දක්වා යෙදිය යුතුයි) “ශික්ෂා” යනු හික්මීම් තුනකි අධිශීල ශික්ෂා, අධිචිත්ත ශික්ෂා, අධිපඤ්ඤා ශික්ෂා යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
26b7c08fc1c6e37fd2b8afb6b1f08590be9ef503752a7c2e21bbfe8b5bae673e
target:pali-sinhala-parallel:67885:2
(මෙහි (2-4) 1 (ii) සිට 2 ඡේදය අවසානය දක්වා යෙදිය යුතුයි) 2 “මෙය ආර්යයන්ගේ උත්තම දෙයයි” යන්නෙහි බුදුවරයෝද බුද්ධ ශ්‍රාවකයෝද පසේ බුදුවරයෝද ආර්‍ය්‍යයෝයයි කියත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
5d443f621d55e2802c19d5d5937f4e4d528211bf724a949a2ff4bb34e4265d4d
target:pali-sinhala-parallel:67885:3
යම් ඒ විවේකව හැසිරීමක් ඇද්ද, එය ආර්‍ය්‍යයන් වහන්සේලාට අග්‍රය, ශ්‍රේෂ්ඨය, විශේෂයෙන් ශ්‍රේෂ්ඨය, ප්‍රමුඛය, උත්තමය යනුයි. “ශ්‍රේෂ්ඨතෙමේ ඒ කරණකොට නොසිතන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
729a43d6ff07415b9d29cf340fe9e947f81e5da70e2bbcd7e6a17bd89cd98048
target:pali-sinhala-parallel:67885:4
යනු කාය විවේකයෙහි හැසිරීම ගැන උනන්දුවක් නොකරන්නේය. මානය නොකරන්නේය. උත්සාහ නොකරන්නේය, දැඩිබවක් නොකරන්නේය. එයින් මානයක් නූපදවන්නේය. එයින් තද බවක් නොගන්නේය, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
7866d75b067230f5b852e7686c815a9641481417ae5248cb9ae87c15b523ea67
target:pali-sinhala-parallel:67885:5
“හෙතෙම එකාන්තයෙන් නිවන් හමුවෙහි වේ” යනු හෙතෙම නිර්වාණයාගේ සමීපයෙහි ලඟ ආසන්නයෙහි නුදුරෙහිමවේ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
2fc394effa2ef826b94f8961cdfed85b2f0e4db40baf787abb263cfdc6772eaf
target:pali-sinhala-parallel:67886:0
(7 - 10) 1 “කිසිත් නැති හැසිරෙන මුනිවරයාට” යන්නෙහි කිසිවක් නැති යනු විවේකයෙන් යුක්තවූවහුට කාය දුශ්චරිතයෙන් විවේකවූවහුට වචී දුශ්චරිතයෙන් විවේකවූවහුට මනොදුශ්චරිතයෙන් වෙන්වූවහුට රාගයෙන් ද්වේෂයෙන්,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
591b3bf4de76238c5ba229c94526c357e22c289e3168059ae89849659c72c426
target:pali-sinhala-parallel:67886:1
මෝහයෙන්, ක්‍රෝධයෙන්, උපනාහයෙන්, මකුකමින් පළාසයෙන් ඊර්‍ෂ්‍යාවෙන්, මසුරුකමින්, මායාවෙන්, කෛරාටිකකමින්, තදගතියෙන්, සාරම්භයෙන් මානයෙන් අතිමානයෙන් මදයෙන් ප්‍රමාදයෙන්, සියලු කෙලෙස් වලින් සියලු
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
19e5be5ccc6a657edc95446320d221ebc6afdd5e42ad4d52d237864846c46057
target:pali-sinhala-parallel:67886:10
ප්‍රාර්ථනා කරත්. බලාපොරොත්තු වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
07dfba845b0c2ac5d89e77a3a7b9424087e91638114be0860528bdeb20d838ed
target:pali-sinhala-parallel:67886:2
දුශ්චරිතවලින්, සියලු විඩාවලින් සියලු දාහවලින්, සියලු තැවිලිවලින් සියලු අකුසල් රැස්කිරීමෙන් විවේකවූවහුට, “මුනිහුට” යන්නෙහි මොනයයි ඥානයට කියයි (2-4) 12 (ii) සිට 14 දක්වා යෙදිය යුතුයි) “හැසිරෙන්නාට” යනු
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
1837f26f0976b8194384e5f8b6ba2f98aa93c3fcaceecc87486c45307965dc44
target:pali-sinhala-parallel:67886:3
හැසිරෙන්නේ වාසය කරන්නේ ඉරියව් පවත්වන්නේ වෙයි, යනුයි. 2 “කාමයන්හි බලාපොරොත්තු රහිත වූයේ” යන්නෙහි කාමයෝ නම් ප්‍රධාන වශයෙන් කාම දෙකකි වස්තුකාමද ක්ලෙශකාමද යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
9701fc24b1e78f439d9963dc5bc4182fadcbf53a3c54b35a20432bb58c4962f2
target:pali-sinhala-parallel:67886:4
(1, 1 (ii) සිට 3 (ii) දක්වා යෙදිය යුතුයි.) වස්තුකාමයන් දැන ක්ලෙශකාමයන් හැර දුරු කොට නූපදනා බවට පමුණුවා කාමයෙහි අපෙක්ෂා නැත්තේ කාමය හළේ දුරුකළේ කාමය මිදුයේ ප්‍රහීණ කළේ සංසිඳවූ කාමය ඇත්තේ නිවුනේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
a445dba596f81331365bb316e7b0c12dc1dfaa6bb6fca79d665586ff9add823f
target:pali-sinhala-parallel:67886:5
සිහිල්වූයේ සැප විඳින්නේ බ්‍රහ්මයා බඳු කයින් වාසය කරයි. 3 “කාමයන්හි ගෙතුණු ප්‍රජාව ඕඝය එතරවූවහුට ප්‍රිය කරත්” යන්නෙහි ප්‍රජාව යනු සත්වයින්ට නමකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
044b9c996d0df28ec1d7a8a17b241ea44d957eedbc0aa7b3ac8e41bf29b444b0
target:pali-sinhala-parallel:67886:6
කාමයන්හි, ඇලුන, ගිජුවූ, ගැටුන, මුර්ච්ඡාවූ, ගැළුන සත්වයෝ (ii) කාමොඝයෙන් එතරවූ භවොඝයෙන් එතරවූ දෘෂ්ටි ඕඝයෙන් එතරවූ අවිද්‍යා ඕඝයෙන් එතරවූ සියලු සංසාර මාර්ගයෙන් එතරවූ ඉක්මවූ වෙන්වූ, කෙළවරට ගියාවූ අවසානයට
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
baa15c3af6c6cd8415f68f2b76d265912e01ff2f9da61a9165a9a8fef751f08b
target:pali-sinhala-parallel:67886:7
ගියාවූ පිහිටට ගියාවූ බියනැති බවට ගියාවූ චුත නොවන බවට පැමිණියාවූ අමෘත බවට ගියාවූ නිවණට පැමිණියහුට ඔවුහු කැමතිවෙති.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
09e9f56de3405d5d72155d3e88be63aee73d1e15871c0614bdd6c5f6b889368d
target:pali-sinhala-parallel:67886:8
(iii) යම්සේ ණයගත්තෝ ණය නැති බව කැමති වෙත්ද, බලාපොරොත්තු වෙත්ද, ලෙඩ ඇත්තෝ ලෙඩ නැති බව බලාපොරොත්තු වෙත්ද, බැම්මෙන් බැඳුනෝ බැම්මෙන් මිදීම බලාපොරොත්තු වෙත්ද, දාසයෝ දාසකමින් මිදීම බලාපොරොත්තු වෙත්ද, දුරු
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
b4e3f2cd1ef860cfeb0a542c328fd7e8a5bb5c1e42bf703039b6a1b85f149065
target:pali-sinhala-parallel:67886:9
කතරකට පැමිණියහු යහපත් බිමක් බලාපොරොත්තු වේද, එපරිද්දෙන්ම කාමයෙහි ගිජුවූ කාමයෙහි ඇළුන ගැටුන මූර්ච්ඡාවූ ගැලුන සත්වයෝ කාමොඝයෙන් එතරවූ භවොඝයෙන් එතරවූ (මෙහි (ii) යෙදිය යුතුයි) නිර්වාණයට පැමිණියාහු
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
d4d8adc8a2d3e26a7eaa67a58db5a9a55a8ef549a4796ee244559c7e425ffb3c
target:pali-sinhala-parallel:67887:0
(8 - 1) 1 “මෙහිම ශුද්ධියවේ යයි කියත්” යන්නෙහි මෙහිම ශුද්ධිය, විශුද්ධිය, පාරිශුද්ධිය, මුක්තිය, විමුක්තිය, කියත්. ප්‍රකාශ කරත්. ව්‍යවහාර කරත්. කෙසේද (ii) ලෝකය, හැමදා පවත්නේය. ලෝකය හැමදා නොපවත්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
49b036fb2f8947860eea79878249869d3caea627e274721ecba1892fb6eec5e2
target:pali-sinhala-parallel:67887:1
ලෝකය කෙළවරක් ඇත. ලෝකය කෙළවරක් නැත. ඒ ජීවය ඒ ශරීරයයි. අනිකක් ජීවය අනිකක් ශරීරයයි. සත්වයා මරණින් මතුවෙයි සත්වයා මරණින් මතු නොමවෙයි. නොමනොවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
60c2a986a052220d2aa77878c191111862760947174f5d4e8e3a98db1d6bb17c
target:pali-sinhala-parallel:67887:2
මෙයම සත්‍යය අනික හිස්යයි (iii) ශුද්ධිය විශුද්ධිය, පාරිශුද්ධිය, මුක්තිය, විමුක්තිය, පරිමුක්තිය කියත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
10fe685e4fc5a8cc842a556dd95fa78f0dbac648c5af7c741a99d94d35de3b77
target:pali-sinhala-parallel:67887:3
(iv) අනෙක් ධර්මයන්හි විශුද්ධිය නොකීහ” යන්නෙහි තමන්ගේ ශාස්තෘවරයා, ධර්මදේශනාව, ශ්‍රාවක ගණයා දෘෂ්ටිය, ප්‍රතිපදාව, මාර්ගය, හැර සියලු අන්‍යවාදයෝ දුරු කරත්. හෙතෙම ශාස්තෘ නොවේ. සර්වඥ නොවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
b3668e08185546148a3c4babfe60d954a0c5711edb239ee30c07cfab623c1e09
target:pali-sinhala-parallel:67887:4
ධර්මය යහපත්ව දේශනා කළේ නොවේ, ශ්‍රාවක ගණය මනාව පිළිපන්නේ නොවේ. දෘෂ්ටිය යහපත් නොවේ. ප්‍රතිපදාව මනාකොට පණවන ලද්දේ නොවේ. මාර්ගය යහපත් නොවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
86b8a01f3cfa4360ff9c3480ed8279f8cdd7838018ed078ae77081e130c8b9d7
target:pali-sinhala-parallel:67887:5
එහි ශුද්ධියක් හෝ විශුද්ධියක් හෝ පාරිශුද්ධියක් හෝ මිදීමක් හෝ නැත හීනය ලාමකය ස්වල්පයයි මෙසේ කියත් ප්‍රකාශ කරත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
c1a166aa985adaa0c2f6635ae6e56da482d7040f7ea28c869fdf19d0dcc47275
target:pali-sinhala-parallel:67887:6
2 “යමක් අල්ලාසිටි උසස් වාද ඇති” යන්නෙහි “යමක් අල්ලා සිටි” යනු යම් ශාස්තෘවරයකු ධර්මයක් ශ්‍රාවක ගණයක් දෘෂ්ටියක් ප්‍රතිපදාවක් මාර්ගයක් ඇසුරු කළේද, එහි පිහිටියේද ඇළුනේද, එළඹුනේද, ගැළුනේද යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
4183847ab9ccaa9c86c97089466d6d8c11465d61cf733e48453073147569efa2
target:pali-sinhala-parallel:67887:7
තත්වයනු ස්වකීය දෘෂ්ටියෙන් ස්වකීය කැමැත්තෙන් ස්වකීය රුචියෙන් ස්වකීය ලබ්ධියෙන් යනුයි 3 “වෙන් වෙන් සත්‍යයන්හි බෙහෙවින් ඇළුණෝ” යන්නෙහි බොහෝ ශ්‍රමණබ්‍රාහ්මණයෝ බොහෝ වෙනවෙනම ධර්මයන්හි යෙදුනාහු ඇළුනාහු
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
3dd4d7f71291accfd423e7ac5c2dd5d18b7e74b855e3a6385f605e3428b953c6
target:pali-sinhala-parallel:67887:8
එළඹුනාහු ගැළුනාහු ලෝකය සදාකාලිකය, මෙයම සත්‍යය අනික හිස්යයි තීරණය කළාහු පිහිටියාහු ඇළුනාහු එළඹුනාහු ගැළුනාහු ලෝකය සදාකල් නොපවත්නේය. (මෙහි 1 (ii) යෙදිය යුතුයි.) සත්වයා මරණින් මතු නොමවෙයි නොම නොවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
7c7a87e5af1463d53854a6d90931bdc538821d3d7f6142360e1af8292eff1b02
target:pali-sinhala-parallel:67887:9
මෙයම සත්‍යය අනික් දේ හිස්යයි තීරණය කළාහු පිහිටියාහු ඇලුනාහු පැමිණියාහු යෙදුනාහු යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b813
263151907d63960ea739e6735876d2969df207127d531e005a02feb2dd97307f
target:pali-sinhala-parallel:67888:0
(8 - 2) 1 “ඔවුහු වාදකැමැත්තෝ පිරිසට වැද” යන්නෙහි ‘වාද කැමති ඔහු’ යනු ඒ වාදය කැමතිවන්නෝ බලාපොරොත්තු වන්නෝ වාදය පෙරටුකරන්නෝ වාදය සොයමින් හැසිරෙන්නෝ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
fca0ef56786046a528cabd48030fa762cb1915dd1b55f5aff908898b404f9410
target:pali-sinhala-parallel:67888:1
‘පිරිසට බැස’ යනු ක්ෂත්‍රිය පිරිසට, බ්‍රාහ්මණ පිරිසටත ගෘහපති පිරිසට, ශ්‍රමණ පිරිසට බැසගෙන පිවිස යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
18cbab81596a044f20d6afd42de32777fb59a8454398830122fd4ce6a9a59eb9
target:pali-sinhala-parallel:67888:2
‘දෙදෙනා උනුන් බාලයන් වශයෙන් දකිත්.’ ‘දෙදෙනා’ යනු දෙදෙනෙක් කළහකරුවෝ දෙදෙනෙක් කථාකරගන්නෝ, දෙදෙනෙක් වාදකරගන්නෝ දෙදෙනෙක් නඩු කියාගන්නෝ, දෙදෙනෙක් වාදකාරයෝ, දෙදෙනෙක් සාකච්ඡා කරන්නෝ, දෙදෙනෙක් ඔවුහු ඔවුනොවුන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
16878aaede9f8c0d7043f0d1a84a01fb387f74ee4af7256883de5a78ba54a0b9
target:pali-sinhala-parallel:67888:3
හීනවශයෙන් නිහීනවශයෙන් ලාමකවශයෙන් කුඩා වශයෙන් දකිද්ද, බලත්ද, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
6a992c78a0328954c2028d5a87e0f21674fe20b44698b0e5860c20b1845e38b3
target:pali-sinhala-parallel:67888:4
2 “ඔවුහු අනෙක් ශාස්තෘකෙනෙකු අසුරුකළාහු විරුද්ධ කථාවන් කරත්” යනු ඔවුහු අන්‍ය ශාස්තෘවරයෙකු ධර්මයක්, ශ්‍රාවක සමූහයක්, දෘෂ්ටියක් ප්‍රතිපදාවක් මාර්ගයක් යන මේවායේ යෙදුනාහු ඇලුනාහු පිහිටියාහු යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
bf566a8ac8abf0145ce7c73d7383c1b41073abbea315f88105267bcde47210c9
target:pali-sinhala-parallel:67888:5
‘කථොජ්ජං’ යනු කළහය ඩබරය, විග්‍රහයට කියයි. යලිදු “විරුද්ධ කථා” යනු හරයක් නැති කථාව යමක්ද එය විරුද්ධ කථා යයි කියත්. කළහයයි කියත් භණ්ඩනයයි කියත්. විග්‍රහයයි කියත්. විවාදයයි කියත්. ප්‍රකාශ කරත් 3.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
2f2683a706a1c21124bd40bb383bd99348255282862468cda4fd2974f86f3b38
target:pali-sinhala-parallel:67888:6
“ප්‍රශංසා කැමැත්තෝ උගත් කථා ඇත්තෝ” යන්නෙහි ‘ප්‍රශංසා’ කැමැත්තෝ යනු ප්‍රශංසා කැමැත්තාහු ප්‍රශංසාව බලාපොරොත්තුවන්නාහු ප්‍රශංසාව පෙරටූකොට ඇත්තාහු ප්‍රශංසාව සොයමින් ඇවිදින්නාහු “උගත් කථා ඇත්තෝ” යනු දක්ෂ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
a9d7dd4447bd38826f652fa7c19f4abe8a7d0a185032f7141588c0088c6d9363
target:pali-sinhala-parallel:67888:7
වාදයෙන් පණ්ඩිත වාදයෙන් ස්ථිර වාදයෙන්, න්‍යාය වාදයෙන්, ලක්ෂණ වාදයෙන්, කාරණ වාදයෙන් ස්ථානවාදයෙන් ස්වකීය ලබ්ධියෙන් ප්‍රශංසාව කැමැත්තෝ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
8eb83b442ecb751aabeefaf722f2a82ed060ef5298b855e3711db3a9078e0d3a
target:pali-sinhala-parallel:67889:0
(8 - 3) 1 “පිරිස් මැද කථාවෙහි යෙදුණේ” යනු ක්ෂත්‍රිය පිරිසෙහි හෝ බ්‍රාහ්මණ පිරිසෙහි හෝ ගෘහපති පිරිසෙහි හෝ ශ්‍රමණ පිරිසෙහි හෝ මැද තමන්ගේ කථාවෙහි යෙදුනේ කියන්ට යෙදුනේ 2 “ප්‍රශංසා කැමැත්තේ සැක ඇත්තේවේ.”
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
b153eaadc041ff8951ae056b682a0200f980b499f7261f7be71f4f07346843cc
target:pali-sinhala-parallel:67889:1
යන්නෙහි ප්‍රශංසාව ස්තුතිය, කීර්තිය, වර්ණනාව, කැමතිවන්නේ ඉවසන්නේ ප්‍රාර්ථනා කරන්නේ, යනුයි “සැක ඇත්තේවේ. යනු කථාවට මුලින්ම සැක ඇතිව යම් යම් දේ සිතන්නේ වෙයි. මට ජය අත්වන්නේද? මට පරාජය අත්වන්නේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
f4523ea4a2fae17b55ddad5bcf70ea14e6f9d0dd61c27967e2c985a763761722
target:pali-sinhala-parallel:67889:2
කෙසේ නිග්‍රහ කරන්නෙම්ද? කෙසේ ප්‍රතිකර්ම කරන්නෙම්ද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
47cd1f6731803b2a8284c7fd3726a3aa2116eed389dea79951dcb85e305251b6
target:pali-sinhala-parallel:67889:3
කෙසේ විශේෂයක් කරන්නෙම්ද, කෙසේ වැඩි විශේෂයක් කරන්නෙම්ද, කෙසේ අවුල්කිරීමක් කරන්නෙම්ද, කෙසේ අවුල් ලිහීමක් කරන්නෙම්ද, කෙසේ සිඳදැමීමක් කරන්නෙම්ද, කෙසේ වටකිරීමක් කරන්නෙම්දැයි කථාවට පෙරම සැක ඇත්තේ නොයෙක් දේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
733cac0cbeddc2ca988b98df494287629272929091c224b871bdf6b37ec56f01
target:pali-sinhala-parallel:67889:4
සිතයි. 3 “බැහැරකළ කල්හි වනාහි දොම්නස්වේ” යනු යම් ඒ ප්‍රශ්න විමසා බලන්නෝ පිරිසෙහි වූවෝ විදහන්නෝ බැහැරයත්. කෙසේද, අර්ථයෙන් තොරවූවක් කියනලද්දේ යයි අර්ථවශයෙන් පහවයත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
301e60879adde24cf7ea5a8e6ade7cdb91052fd2bcc58bcc43a3301dac3e4f95
target:pali-sinhala-parallel:67889:5
පදයෙන් තොරවූවක් කියන ලද්දේයයි පද වශයෙන් පහවයත්. ඔබ විසින් අර්ථය නපුරු කොට යොදනලදී. ඔබ විසින් පද නපුරුසේ යොදනලදී. අර්ථය හා පදය නපුරුසේ යොදනලදී. ඔබ විසින් නිග්‍රහයක් කරණලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
ef1943d3ecae18b46b2b6a038223d60fc22014bfe4b6e6337e829c12b4424935
target:pali-sinhala-parallel:67889:6
ඔබ විසින් ප්‍රතිකර්මය නපුරුසේ කරණලදී. ඔබ විසින් විශේෂයක් නොකරණ ලදී. ප්‍රතිවිශේෂය ඔබ විසින් නපුරුසේ කරණලදී. අවුල් කිරීම නොකරණලදී. අවුල් ලිහීම නරකසේ කරණලදී. ඔබ විසින් සිඳීමක් නොකරණලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
8661fa12780448560f6ab07b5869031de1b84bfe5598c72a8cbbf15f92298605
target:pali-sinhala-parallel:67889:7
වටකිරීම නපුරුසේ කරණලදී. විෂම කථා නපුරුසේ කියනලදීයයි පහවයත්. පහවගියකල්හි දොම්නස් වූයේවෙයි. 4 “ඒ සිදුරු සොයන්නා නින්දාවෙන් කිපේ” යනු නින්දාවෙන් ගර්හාවෙන් අපකීර්තියෙන් දොස්කීමෙන් කිපෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
565a9d68d49a75b4772b5551ba3e036c06b4180184aed2765a1ebb75e4cfa7a6
target:pali-sinhala-parallel:67889:8
ව්‍යාපාදය ඇතිවෙයි. කොපයද, ද්වේෂයද, නොසතුටද පහළකරයි. නින්දාවෙන් හෙතෙම කිපෙයි. සිදුරු සොයන්නේ වෙයි. වැරදි සොයන්නේ වෙයි. දූෂිත ස්ථාන සොයන්නේ වෙයි. අඩුතැන් සොයන්නේ වෙයි. ගැටුනතැන් සොයන්නේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
81ce67c65c02a71f8fe5202977010656f25f3cd88475b71215e5fcc3259bf7ea
target:pali-sinhala-parallel:67889:9
විවෘත තැන් සොයන්නේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
61e1c6575e76253af06283f9abcf2cdd29933aeb6a4ae2c2aecc71045c149629
target:pali-sinhala-parallel:67890:0
(8 - 4) 1 “ඔහුගේ ඒ වාදය අසම්පූර්ණ එකකැයි කීහ.” යන්නෙහි ඔහුගේ යම් ඒ වාදය හීනය, නිහීනය, සම්පූර්ණ නොවේයයි මෙසේ කියත්. මෙසේ ප්‍රකාශ කරත්. ව්‍යවහාර කරත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
db9a04343ac3d93d81d6810c49531d6843660634de330f1c64a19f32c614dbf6
target:pali-sinhala-parallel:67890:1
“ප්‍රශ්න විමසන්නෝ බැහැරකළ” යනු යම් ඒ ප්‍රශ්න පරීක්ෂාකරන්නෝ වෙද්ද, ඒ පිරිස පහවයත් යනුයි. 2 “ලාමක කථා ඇත්තෝ වැළපෙත්. ශොකකරත්” යන්නෙහි මවිසින් අනිකක් ආවර්ජනා කරණලදී. අනිකක් සිතනලදී. අනිකෙක හික්මෙනලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
93e82108f5eb2af1ce4e45b9b48a4b0815c9b5eb7be32f3a6fc5a4a1ba272409
target:pali-sinhala-parallel:67890:2
අනිකක් බලනලදී. හෙතෙම මහා පක්ෂයක් ඇත්තේ මහා පිරිසක් ඇත්තේ මහා පිරිවර ඇත්තේ මේ පිරිස වෙන් වෙන්වූයේය. සමගි නැත. කථා සල්ලාපය පිරිසට සමගිවීමට හේතුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
83425a5de90d84ca2b0e5dde2f9bf864f37c460a441c754a12b9cd08a05e5780
target:pali-sinhala-parallel:67890:3
“නැවත නසන්නෙමි”යි මෙබඳුවූ යම් වචනයක් ප්‍රලාපයක් විකාර කථාවක් ඇතිව වළපියි. ශොක කරයි. යනු ඔහුට ජයවේයයි ශෝක කරයි. මට පරාජය වූයේයයි ශෝක කරයි. ඔහුට ලාභයක් වූයේ යයි ශෝක කරයි. මට අලාභවූයේයයි ශෝක කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
d6badbb8bea01902ecea6b7b7063a63dee057a71189946b483f48b89d24bfcf1
target:pali-sinhala-parallel:67890:4
ඔහුට කීර්තිය ඇතිවූයේයයි ශෝක කරයි. ඔහුට ප්‍රශංසාවූයේයයි, ශෝක කරයි. මට නින්දාවූයේයයි ශෝකකරයි. ඔහුට සැප වූයේයයි ශෝක කරයි. මට දුක්වූයේයයි ශෝකකරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
987984782879452e188b20d141554ab4363e6a9c05d94aec93258af9ac9df942
target:pali-sinhala-parallel:67890:5
හෙතෙම සත්කාර ඇත්තේත ගරුකාර ඇත්තේ, බහුමාන ඇත්තේ පූජා ඇත්තේ, සත්කාර ඇත්තේ, සිවුරු පිණ්ඩාහාර සෙනසුන්, ගිලන්පස බෙහෙත් පිරිකර ලැබුයේයයි ශෝක කරයි. කල්පනාවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
cd682c9edd393ef7b8d181cc388f45086d93a37b24313537dcc979b6d2cdecf3
target:pali-sinhala-parallel:67890:6
මම සත්කාර නැත්තෙම් ගරුකාර නැත්තෙම් බහුමාන නැත්තෙම්, පූජා නැත්තෙම්, සත්කාර නැත්තෙම් සිවුරු පිණ්ඩාහාර සෙනාසන ගිලන්පස බෙහෙත් පිරිකර නොලැබීමියි ශෝක කරයි. කල්පනා වෙයි. ලයෙහි අත තබා හඬයි වළපියි. ශෝක කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
1df6917b5d3dc3d6a0c2a2f34ec90f8bed9cc3d45fdafd61ceed3f6ac116cca7
target:pali-sinhala-parallel:67890:7
‘අසම්පූර්ණ කථා ඇත්තේ, යනු හීන වාද ඇත්තේ පරිහීන වාද ඇත්තේ මාගේ වාදය සම්පූර්ණ නොවේයයි හඬයි වළපියි. 3 “මා ජය ගත්තේයයි කියත්” යනු හේ මා වාදයෙන් වාදය ඉක්මවූයේය. මෙසේද මා ඉක්මවූයේයයි සිතයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
eca771042c45453655df5aa3bb53ba01cbc02cc6ee4576bcc0043b92bfe57999
target:pali-sinhala-parallel:67890:8
යලිදු හෝ මා වාදයෙන් වාදය මැඩපවත්වා යටකොට මැඩ හැසිරෙයි. වාසය කරයි. පාලනය කරයි. යැපෙයි. මෙසේද මා මැඩපැවැත්වූයේයයි සිතයි. ‘කියයි’ යනු වචනය කියයි. ප්‍රලාප විප්‍රලාප දෙඩිවිලි වචනයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
f4a0a6e3d5e6f55871e9b10495fcd317a7a383201631b07e5c4affe518b8c4c4
target:pali-sinhala-parallel:67891:0
(8 - 5) 1 “ශ්‍රමණයන් අතර ඇතැම් විවාදයක් වීය” යන්නෙහි ශ්‍රමණයෝ නම් යම්කිසි මේ ශාසනයෙන් පිටත පරිබ්‍රාජක බවට පැමිණියෝයි. මොවුහු දෘෂ්ටි කලහ ඇත්තෝ වෙති. මේ ශ්‍රමණයන් කෙරෙහි දෘෂ්ටි භණ්ඩනය ඇත.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
f15cff91fceec3c99f143442a024873af3cfe6acd2cbe2d52c54b5edd41d395a
target:pali-sinhala-parallel:67891:1
දෘෂ්ටි විග්‍රහය දෘෂ්ටි විවාදය පහළව ඇත. 2 “මෙහිදී උසස් වෙයි. පහත් වෙයි.” යනු ජය පරාජය වෙයි. ලාභාලාභවෙයි. යස අයස වෙයි. නින්දා ප්‍රශංසා වෙයි. සැපදුක් වෙයි. සොම්නස් දොම්නස් වෙයි. ඉටු අනිටු වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
b7dd01a1983cbc59b11a9fe2b262ae7f3ac8f4f958b84895719a0c32576f3e7c
target:pali-sinhala-parallel:67891:2
අනුකූල බව හා ක්‍රොධ බව වෙයි උසස්වීම හා පහත්වීම වෙයි. අනුරොධය හා විරොධය වෙයි. ජයෙන් සිත උසස් වෙයි. පරාජයෙන් සිත පහත්වෙයි. ලාභයෙන් සිත උසස් වෙයි. අලාභයෙන් සිත පහත් වෙයි. කීර්තියෙන් සිත උසස් වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
29fbc9c25210651d1aea9a348ef14ca7b9e515b4266ebe58b38309a5f5891dd3
target:pali-sinhala-parallel:67891:3
අපකීර්තියෙන් සිත පහත් වෙයි. ප්‍රශංසාවෙන් සිත උසස් වෙයි. නින්දාවෙන් සිත පහත් වෙයි. සැපයෙන් සිත උසස් වෙයි. දුකින් සිත පහත් වෙයි. සොම්නසින් සිත උසස් වෙයි. දොම්නසින් සිත පහත් වෙයි. නැගීමෙන් සිත උසස් වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
b9e88096f64349eb26dbe3cecad664411f48c03bba5c994201b527174f952a3c
target:pali-sinhala-parallel:67891:4
බැසීමෙන් සිත පහත් වෙයි. 3 “මෙයත් දැක විරුද්ධ කථාවෙහි නොඇලෙන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
c51c6ac95ac7a6636f7e4abb1dbdc350c04ed3d12001e69edb40595872563adf
target:pali-sinhala-parallel:67891:5
දෘෂ්ටි කලහයන්හි විවාදයන්හි භණ්ඩනයන්හි මෙයද මේ ආදීනවයද දැක සමකොට බලා තීරණය කොට ප්‍රකටකොට බලා “විරුද්ධ කථාවෙහි නොඇලෙන්නේය” යන්නෙහි ‘විරුද්ධ කථාව’ යනු කළහය, ඩබරය, විග්‍රහය, විවාදය, යනුයි යලිදු හෝ හරය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
5a4c772c2a8b26b2af23ff8771fe2a944277bc0ca744a8c172316e0f05807bd7
target:pali-sinhala-parallel:67891:6
නැති ඒ කථාව ‘විරුද්ධ කථා, නමි. කොළාහල නොකරන්නේය. විවාදය නොකරන්නේය, අඩ දබර විවාද විග්‍රහ හැප්පීම් දුරු කරන්නේය, සංසිඳු වන්නේය. ඔහුගේ අඩදබර විවාදය විග්‍රහ මෙධගයන් දුරු විය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
277d54f96de81a8c81684cf146c8465cb84b2f4ca5d1d6cb098e476317352ac8
target:pali-sinhala-parallel:67891:7
නොඉපදීම් බවට පැමුණුනේය සීමානොකළ සිතින් වාසය, කරන්නේය. 4 “ප්‍රශංසා ලාභයෙන් අනෙක් අර්ථයක් නැත” යන්නෙහි ප්‍රශංසා ලාභයෙන් අන්‍යවූ වැඩක් නැත.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
7763fd347503d4a96e1195e5cbffdad2b1e917e9a5ba0e30e9a544e56cb8b74c
target:pali-sinhala-parallel:67891:8
ආත්මාර්ථයක් හෝ පරාර්ථයක් හෝ උභයාර්ථයක් හෝ මෙලොව අර්ථයක් හෝ පරලොව අර්ථයක් හෝ නොගැඹුරු අර්ථයක් හෝ ගැඹුරු අර්ථයක් හෝ ගුල්හාර්ථයක් හෝ වැසුන අර්ථයක් හෝ පැමිණිය යුතු අර්ථයක් හෝ පැමිණෙන ලද අර්ථයක් හෝ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
adab4af6841144f79965dc52c9bac10c388dcbbd6b9e7d1e1039730be543ee2e
target:pali-sinhala-parallel:67891:9
නිරවද්‍ය අර්ථයක් හෝ නික්ලේශ අර්ථයක් හෝ පිරිසිදු අර්ථයක් හෝ පරමාර්ථයක් හෝ නැත. විද්‍යමාන නොවෙත්. නොලැබෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b814
4834be572417b3bfd3023d76a188876a992b5df4884f72fc2a798a7bd270c809