sample_id stringlengths 18 38 | text stringlengths 5 200 | label stringclasses 3
values | source stringclasses 5
values | subcorpus stringclasses 59
values | doc_id stringclasses 691
values | block_id stringlengths 15 101 | text_sha256 stringlengths 64 64 |
|---|---|---|---|---|---|---|---|
target:pali-sinhala-parallel:67892:0 | (8 - 6) 1 “එහි ප්රශංසා කරන ලද්දේ හෝ වේද” යන්නෙහි එහි යනු ස්වකීය දෘෂ්ටියෙන් ස්වකීය කැමැත්තෙන්, ස්වකීය රුචියෙන් ස්වකිය ලබ්ධියෙන් ප්රශංසා කරණ ලද්දේ ස්තුති කරණ ලද්දේ කීර්තිය ඇත්තේ වර්ණනා කරණ ලද්දේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 9055e9a71fc02019c0eae150c19d3e243bba0e13c5a5f70985d2e1b94b1c79e7 |
target:pali-sinhala-parallel:67892:1 | 2 “පිරිස් මැද වාද කථා කොට” යන්නෙහි ක්ෂත්රිය පිරිසෙහි හෝ බ්රාහ්මණ පිරිසෙහි හෝ ගෘහපති පිරිසෙහි හෝ ශ්රමණ පිරිසෙහි හෝ මධ්යයෙහි තමන්ගේ වාදය කියා අනුවාදය කියා දැඩිකොට ප්රකාශ කොට බබුළුවා ව්යවහාර කොට | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | c067d1ee4b4a77f17ae1154c925f0f05bf5ed52b7c3a74def103b0a1675a6bb7 |
target:pali-sinhala-parallel:67892:2 | වටකොට යනුයි 3 “හෙතෙම එයින් ඒ ආඩම්බරය ඉක්මවා සිනාසෙයි යන්නෙහි හෙතෙම ඒ ජය ලැබීමෙන් සතුටුවූයේ වෙයි. ප්රහර්ෂවූයේ සම්පූර්ණවූ මනදොළ ඇත්තේ වෙයි. යලිදු හෝ හෙතෙම දත් විදහාගෙන සිනහ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | fdeb9842e9abb022c97c58c9922ec658c0aed477a2c70d20c49cbf3319d19229 |
target:pali-sinhala-parallel:67892:3 | “එයින් ආඩම්බරය ඉක්මවා යනු හෙතෙම ඒ ජයෙන් උදමවූයේ වෙයි ධජයක් මෙන් කොඩියක් මෙන් ඉදිරි සිත් ඇත්තේ වෙයි. “සිතවූ පරිද්දෙන් ඒ අර්ථයට පැමිණෙන්නේය” යනු ඒ ජයට පැමිණ ජය ලැබ විඳ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 3ad635b9b3fb4a99ec03d5f2dfb81b794142bcfab1623cef7af69602561cb105 |
target:pali-sinhala-parallel:67892:4 | “සිතවූ පරිද්දෙන්” යනු සිත පරිදි විය. කල්පනාව පරිදි විය. විඤ්ඤාණය පරිදි විය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 8227ea5d5422bcda241b97a1be1b65e4889f92858cba08c1f8469ede55c12e33 |
target:pali-sinhala-parallel:67893:0 | (8 - 7) 1 “යම් උන්නතියක් වේද, ඒ ඔහුට විනාශ කාරණයයි. “ යම්” යනු යම් උඩඟු බවක් ධජයක් මෙන් දැඩිව ඉදිරි ගැන්මක් වේද, එය ඔහුගේ විපත් භූමියයි පීඩා භූමියයි. ඝට්ටන භූමියයි. උපද්රව භූමියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | a8449c94402c7cbcc7a409622495b582892d5d0329980ca8b12e1c103d8a8424 |
target:pali-sinhala-parallel:67893:1 | 2 “මේ තෙමේ මානයද අතිමානයද ප්රකාශ කරයි.” යන්නෙහි ඒ පුද්ගලතෙම මානයද කියයි. අතිමානයද කියයි. යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | b896c4bd751efb40c281cba46640e230237182447b34eec3479a1b6bc1593204 |
target:pali-sinhala-parallel:67893:2 | “මෙයද දැක විවාද නොකරන්නේය.” යනු මේ ආදීනවය දැක බලා සමකොට බලා තීරණය කොට ප්රකට කොට දෘෂ්ටි කලහයන්හි දෘෂ්ටි ඝට්ටනයන්හි දෘෂ්ටි විග්රහයන්හි දෘෂ්ටි විවාදයන්හි “විවාද නොකරන්නේය.” යනු කෝළාහල නොකරන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 7ba1e70de85d2b766903ca5f82615d4cba5aa8c150a3aa5e4053c65ad8a05bfd |
target:pali-sinhala-parallel:67893:3 | විග්රහ නොකරන්නේය. විවාද නොකරන්නේය කලහ ඩබර විග්රහ විවාද හැප්පීම් දුරු කරන්නේය. සංසිඳුවන්නේය. නූපදනා බවට පමුණුවන්නේය. ඔහුගේ කලහ ඩබර විග්රහ විවාද හැප්පීම් දුරු වූයේය. වෙන්වූයේය. නික්මුනේය. මිදුනේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | c89840a95b3cacdd8719f71332134b3bbfc5591dbce0f2f2abed93e861fd5de7 |
target:pali-sinhala-parallel:67893:4 | සීමා රහිත සිතින් වසන්නේය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | d572234991b0dd5edb2fbbc896f2bf33b95c159e894029b0875fecb7d6fc910c |
target:pali-sinhala-parallel:67893:5 | 3 “එයින් ශුද්ධියක් යනු නොවේයයි දක්ෂයෝ කියත්.” යන්නෙහි දක්ෂයෝයනු යම් ඒ ස්කන්ධයන්හි දක්ෂයෝ ධාතු ධර්මයන්හි දක්ෂයෝ ආයතන ධර්මයන්හි දක්ෂයෝ ප්රතීත්ය සමුත්පාද ධර්මයන්හි දක්ෂයෝ සතිපට්ඨානයන්හි දක්ෂයෝ සම්යක් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | b597a2fed9102bae38ece3748082d04ef1bbb226562df1b30c18ea2258f37943 |
target:pali-sinhala-parallel:67893:6 | ප්රධානයන්හි දක්ෂයෝ ඍද්ධි පාදයන්හි දක්ෂයෝ ඉන්ද්රිය ධර්මයන්හි දක්ෂයෝ බල ධර්මයන්හි දක්ෂයෝ බොධ්යංග ධර්මයන්හි දක්ෂයෝ මාර්ග ධර්මයන්හි දක්ෂයෝ ඵල ධර්මයන්හි දක්ෂයෝ නිර්වාණ ධර්මයන්හි දක්ෂයෝ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | fd290a44704fbaf12abb10e543969b4fa5ec1dbf1e9399aa94bb191cd1f7b851 |
target:pali-sinhala-parallel:67893:7 | ඒ දක්ෂයෝ දෘෂ්ටි කලහයෙන් දෘෂ්ටි ඩබරයෙන් දෘෂ්ටි විග්රහයෙන් දෘෂ්ටි විවාදයෙන් දෘෂ්ටි හැප්පීමෙන් ශුද්ධිය විශුද්ධිය පාරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය නොකියත්, ප්රකාශ නොකරත්. ව්යවහාර නොකරත් යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 680b229884e9ff388b38e6451a9c5eb4fc2e17c9430c7fe1161962d780153511 |
target:pali-sinhala-parallel:67894:0 | (8 - 8) 1 “ශූරයා යම්සේ රාජ භොජනයෙන් විචාළේ” යන්නෙහි ශූරයනු ශූරවූ වීරවූ වික්රම ඇති බිය නැති ලොමු ඩැහැ නොගන්නා ත්රාස නැති පලා නොයන ගති ඇති යනුයි “ ගර්ජනය කරමින් ශූරයා කැමතිවේ.” යන්නෙහි හෙතෙම ගර්ජනා | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | fa6a7cbc90d2a9981c2f0b9a2e66bbdce4a78d0d0b271775f5ecd1ec3f483351 |
target:pali-sinhala-parallel:67894:1 | කරන්නේ උසස්ව ගර්ජනා, විශේෂයෙන් ගර්ජනා කරන්නේ විරුද්ධ ශූරයා වෙත පැමිණෙයි. විරුද්ධ පුරුෂයා වෙත පැමිණෙයි. විරුද්ධ සතුරා වෙත පැමිණෙයි. ඔහු බලාපොරොත්තු වන්නේ ගර්ජනා කරන්නේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 226c70c59c8a14a27bf85c3d9e083c9335e3db994615424d9c76d3f14a005168 |
target:pali-sinhala-parallel:67894:2 | 2 “ඒතෙම යමකින් පලායේද ශූරයා, එයින් පලායව” ඒ දෘෂ්ටි ගතිකයා යමකින් යුක්ත නම් එයින් යව එයින් ඉදිරියට යව. හෙතෙම ඔබගේ විරුද්ධ ශූරයා වෙයි. විරුද්ධ පුරුෂයා වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 9f4ccf9fb18d2bacc18bb0557f4794daf3a9dee8bf603c8a8aead2e54cceed9d |
target:pali-sinhala-parallel:67894:3 | සතුරා වෙයි යනුයි “පෙර යම් මේ යුද්ධයක් පිණිස යමක් නැත.” යන්නෙහි මුලින්ම බොධි මූලයෙහි දීම විරුද්ධවූ කෙලෙස් නොසමවූ කෙලෙස් ප්රතිපක්ෂවූ කෙලෙස් නැත. විද්යමාන නොවෙත්, නොලැබෙත්, ප්රහීණය, මුලින් සින්දේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | adb09375e001e12708d873d8f0f206b883cc83753a5726d095ffc3435b668f2c |
target:pali-sinhala-parallel:67894:4 | සංසිඳුනේය. ඉපදීමට අයොග්ය වූයේය. ඥානය නමැති ගින්නෙන් දැවුනේය යනුයි. “යම් මේ යුද්ධය පිණිස” යනු යම් ඒ යුද්ධය පිණිස කලහය පිණිස ඩබරය පිණිස විග්රහය පිණිස, විවාදය පිණිස හැප්පීම පිණිස යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | d1cdbe59c581d01767808a680fb3330e5e4bcf58b9f920759c9fb655bfc8d68f |
target:pali-sinhala-parallel:67895:0 | (8 - 9) 1 “යමෙක් දෘෂ්ටිය උගෙණ විවාද කරත්ද” යමෙක් දෙසැට දෘෂ්ටිගතවූ එක් එක්තරා දෘෂ්ටියක් ගෙන ඉගෙණ පරාමර්ශකොට බැසගෙන වාද කරත්. කෝලාහළ කරත්. භණ්ඩන කරත්. විග්රහ කරත්. විවාද කරත්. මෙධග කරත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | b807c50e9c335b2c7610cd07071db3dbcdaa0ec71bc4c2b009f1320318eca564 |
target:pali-sinhala-parallel:67895:1 | ඔබ මේ ධර්ම විනය නොදන්නෙහිය. මම මේ ධර්ම විනය දනිමි. කිමෙක්ද, ඔබ මේ ධර්ම විනය දන්නෙහිද, ඔබ වැරදි මගක් ගත්තෙහිය. මම යහපත් මග ගත්තෙමි. මා ධර්මයෙන් යුක්තය තා ධර්මයෙන් වෙන්ය. මුලින් කියයුත්ත පසුව නොකියව. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 6e9b4378c7286ef471ee00bf8e70875aeabdf7482560eb857f8e78a93feaa286 |
target:pali-sinhala-parallel:67895:2 | පසුව කියයුත්ත මුලින් නොකියව. වැරදිසේ පෙරලීම ඔබට බොහෝ පුරුදුය. ඔබ විසින් වාදය නගන ලදී. ඔබ නිග්රහ ලද්දේවෙහිය. වාදයෙන් මිදීම පිණිස හැසිරෙව. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 1ddf4ebb1eec59c7ad45ad784fe58050d79d501aed038cecbd2c6a963bcf3b89 |
target:pali-sinhala-parallel:67895:3 | ඉදින් හැකිනම් ගැටළු ඉවත් කරව, 2 “මෙයම ඇත්ත යයිද වාද කරත්.” යන්නෙහි, ලෝකය ශාස්වතය. මෙයම සත්යය. අනික් ධර්ම හිස්ය. වාද කරත්. කථා කරත්. කියත්. ප්රකාශ කරත්. ව්යවහාර කරත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 8f0e5ae07a4fc058088759bdbd0aa0010c3bae52fbdf257a5567207e3d17215e |
target:pali-sinhala-parallel:67895:4 | “ඔබ ඔවුන් කියව, ඔබට මෙහි වාදයක් හටගත් කල විරුද්ධ පිරිස මෙහෙය වන්නෙක් නැත්මය.” ඒ දෘෂ්ටි ගතිකයෝ ඔබට වාදයෙන් වාදය විග්රහයෙන් විග්රහය ප්රතිකර්මයෙන් ප්රතිකර්මය විශේෂයෙන් විශේෂය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | b3708e72b856efcfecb77d71f6db0cb68e118c511fa7100b6298eff5fb8b75e2 |
target:pali-sinhala-parallel:67895:5 | ප්රතිවිශේෂයෙන් ප්රතිවිශේෂය වෙලීමෙන් වෙලීම ලිහීමෙන් ලිහීම සිඳීමෙන් සිඳීම කියත් නම් හෝ ඔවුහු ඔබට විරුද්ධ ශූරය, විරුද්ධ පුරුෂය, විරුද්ධ සතුරුය. ප්රතිමල්ලයයි කියත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 6c3de1061c17b61cc3bb3b3192c2221ca008e1bd53f28ca06fb3d09b5611d0c4 |
target:pali-sinhala-parallel:67895:6 | 3 “මෙහි ඔබට වාදයක් හටගත් කල්හි විරුද්ධ පිරිස මෙහෙයවන්නෙක් නොවේමය.” වාදය උපන් කල්හි ඇතිවූ කල්හි පහළවූ කල්හි කළහ කරන්නේය. ඩබර කරන්නේය. විග්රහ කරන්නේය. විවාද කරන්නේය. තොපට එය නැත. විද්යමාන නොවෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | a25fded7d9e52f2b115d402625e336c3602eceb063e41c268216232884f45660 |
target:pali-sinhala-parallel:67895:7 | නොලැබෙත් ප්රහීණය සින්දේය. ඉපදීමට නුසුදුසුය. ඥානය නැමැති ගින්නෙන් දවනලදී. ඉපදීමට අයොග්ය කෙළේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 05755e51ea2c14239a0c83518e298159c2fd0952606dfe94ceff70c12a1295cd |
target:pali-sinhala-parallel:67896:0 | (8 - 10) 1 “යමෙක් විරුද්ධ පිරිස් දුරුකොට හැසිරෙත්” යන්නෙහි සේනා යනු මාර සේනාවට කියයි. කාය දුශ්චරිතය මාර සේනාවකි. වචී දුශ්චරිතය මාර සේනාවකි. මනො දුශ්චරිතය මාර සේනාවකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | bb47c2fdeab1ebb53b3850d58a58aba8b24c6b082c7504725e7de74554a4699f |
target:pali-sinhala-parallel:67896:1 | ලෝභය, ද්වේෂයත මෝහය, ගුණමකුකම දොස්කීම, ඊර්ෂ්යාව, මසුරුකම, රැවටිල්ල, කෛරාටිකකම තද ගතිය, එකට එක කිරීම, මානය, අතිමානය, මදය ප්රමාදය සියලු කෙලෙස්, සියලු දුශ්චරිත, සියලු විවාද, සියලු දැවීම්, සියලු තැවීම්, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 58fed6de46d5f5ebe6a0d19cb20574d86fcb8d7ebac2cbd13ccbae94b2fbfcef |
target:pali-sinhala-parallel:67896:2 | සියලු අකුශල් රැස්කිරීම් මාර සේනාවෝය මෙය භාග්යවතුන් වහන්සේ විසින් දේශනා කරණලදී. කාමයෝ ඔබගේ ප්රථම සේනාවෝය. කුශල ධර්මයන්හි නොඇල්ම දෙවන සේනාවය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 09cf83ea8f1d9a61790c29a95b49264e68b830dad0a666b17e441b1a1035f27a |
target:pali-sinhala-parallel:67896:3 | 4-6 (1 අග කොටස හා එහි 2 ඡේදය යෙදිය යුතුයි.) දිනා සැපත ලබයි. යම්හෙයකින් සතර ආර්ය්ය මාර්ගයෙන් සියලු මාරසේනාවෝ සියලු විරුද්ධ කෙලෙස් දිනන ලදී. බිඳිනලදී. පිටු දක්නාලදී. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 8a018d1218cb3aa5b04d8819ff42152e71c98a3ba1d57c64fe0850adbb3dcdff |
target:pali-sinhala-parallel:67896:4 | එහෙයින් විරුද්ධ සේනා දුරුකොට යයි කියයි. යම් කෙනෙක් යනු අර්හත් ක්ෂීණාශ්රවයෝ යනුයි. 2 “හැසිරෙත්” යනු හැසිරෙත්. වාසය කරත්, ඉරියව් පවත්වත්. පාලනය කරත්. යැපෙත් යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | ae2b691f4914cb44813e504850168c71c4d16165d6217e8caa578282fc59020e |
target:pali-sinhala-parallel:67896:5 | “දෘෂ්ටීන්ගෙන් දෘෂ්ටිය වරද්දා නොගත්තාහු” යනු යම් කෙනෙකුගේ දෙසැට දෘෂ්ටීහු ප්රහීණවූවාහුද බිඳුනාහු සංසිඳුනාහු ඉපදීමට අයොග්ය කළාහු ඥානය නමැති ගින්නෙන් දැවුවාහු වෙත්ද, ඔවුහු දෘෂ්ටීන්ගෙන් දෘෂ්ටිය විරුද්ධව | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | d3e2922a0e28962dfb41c8409524be88399b64e0e1e667f384e5f12d5fdcc29e |
target:pali-sinhala-parallel:67896:6 | නොගන්නාහු ප්රතිවිරුද්ධව නොගන්නාහු දෘෂ්ටියෙන් දෘෂ්ටිය නොඋපන්නාහු වෙත් යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | dd1af59bad13d77134905b034cd50439f024f9c8132abc19cd9831ba9889274f |
target:pali-sinhala-parallel:67896:7 | පසුරය ඔබ, ඔවුන් අතර කිසිවක් ලබන්නේද යනු ඒ අර්හත්වූ ක්ෂීණාශ්රවයන් වහන්සේලා කෙරෙහි විරුද්ධ ශූරයෙකු විරුද්ධ පුරුෂයකු විරුද්ධ සතුරකු ප්රතිමල්ලවයකු කිම ලැබේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 0a250696eef1a1a5f120fe355693d9f6e5350852022db7059142cc624c64f83b |
target:pali-sinhala-parallel:67896:8 | 3 “යමකුන්ට මෙහි උතුම්යයි ගන්නා ලද්දක් නැද්ද” යම් ඒ අර්හත්වූ ක්ෂීණාශ්රවයන් වහන්සේලාට මෙය උතුම්ය, අග්රය, ශ්රේෂ්ඨය ඉතා උතුම්ය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 14d85bd520b6f7e91a7021daa19df641a91376bb8a0c63013efc73297af62dc1 |
target:pali-sinhala-parallel:67896:9 | ප්රමුඛයයි පිළිගන්නා ලද්දක් පරාමර්ශවූවක් බැසගන්නා ලද්දක් ඇලීම ඇති දෙයක් නැත. විද්යමාන නොවෙත්. නොලැබෙත්. ප්රහීණවූයේය, සිඳුනේය, සංසිඳුනේය, ඉපදීමට අයොග්යවූයේය. ඥානය නමැති ගින්නෙන් දැවුනේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | fcf4fc74ea07979e219f6334e8a9a725f0328757fba82a7fd0f4d5f2c9cf9a5f |
target:pali-sinhala-parallel:67897:0 | (8 - 11) 1 “ඉක්බිති ඔබ තද විතර්කයට පැමිණියෙහිය” යන්නෙහි ‘ඉක්බිති’ යනු පද සන්ධියකි. පද ගැලපීමකි පදපූරණයකි. සුඛොච්චාරණය පිණිස යෙදූවකි. තද විතර්කයට පැමිණියෙහිය” යනු කල්පනා කරන්නේ විතර්ක කරන්නේ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | ce2f2694a5bac4826b9eec1f828099121e0a8da0eb15b533baccc734d3c3ced2 |
target:pali-sinhala-parallel:67897:1 | (කෙසේද) මට ජය අත්වන්නේද, මට පරාජය අත්වන්නේද, කෙසේ නිග්රහ කරන්නෙම්ද, කෙසේ ප්රතිකර්ම කරන්නෙම්ද, කෙසේ විශේෂයක් කරන්නෙම්ද කෙසේ අවුල් කරන්නෙම්ද, කෙසේ නිරවුල් කරන්නෙම්ද, කෙසේ සිඳින්නෙම්ද, කෙසේ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 01b5ecded6bbe5fc427888f49ee3a68e5dcd039422fbe4841e18baa9a070ed1d |
target:pali-sinhala-parallel:67897:10 | උන්වහන්සේ දුරුකළ රාග ඇත්තේ දුරුකළ පාප ඇත්තේ දුරුකළ ක්ලේශ ඇත්තේ දුරුකළ දොස ඇත්තේද වෙති එබැවින් ධොන නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | e65aa6300a5c7aaf36791d03eaf3a963546d59a319ce95d3b4a27ceb10e4e7e3 |
target:pali-sinhala-parallel:67897:11 | 3 “පිරිසුදු වූවහු හා තරඟයට එක්වෙව, ඔබ තරඟ කරන්නට අසමර්ථවෙහිය” යනු පසුර පරිබ්රාජකතෙම ධොනයෙන් යුත් බුද්ධවූ භාග්යවතුන් වහන්සේ සමග දෙපිළක්ව තරඟකිරීමට සාකච්ඡා කිරීමට සුදුසු නොවේ. එයට හේතු කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 39caaa3dd9511a3163abf6eba67e3b8178025f14d2c2d70afd98b6f5eaae2c48 |
target:pali-sinhala-parallel:67897:12 | පසුර පරිබ්රාජකතෙම (ii) හීනය, නිහීනය, ලාමකය. ඒ භාග්යවතුන් වහන්සේ අග්රවූයේද ශ්රේෂ්ඨ වූයේද ප්රමුඛවූයේද උත්තම වූයේද ප්රවර වූයේද වෙයි. යම්සේ හාවා මතැ’තකු සමග දෙපිළක්ව තරඟ කරන්නට ශක්ති ඇත්තේ නොවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | c9d056dfbcb5f092011ca407443464d3949152c753089115f8ed41dfb9ec379c |
target:pali-sinhala-parallel:67897:13 | යම්සේ හිවලා මෘගරාජවූ සිංහයා සමග දෙපිළක්ව තරඟ කරන්නට ශක්ති ඇත්තේ නොවේ. යම්සේ දෙන අනුව යන ළමා වස්සා ලොකු ගොනෙකු සමග දෙපිළක්ව තරඟ කරන්නට ශක්ති ඇත්තේ නොවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 595e1b5270704bc73cc74dffa93e1701f23250d3620214c349d125c6f0cb4009 |
target:pali-sinhala-parallel:67897:14 | යම්සේ කවුඩා විනතාවගේ දරුවූ ගුරුළා සමග දෙපිළක්ව තරඟකරන්නට ශක්ති ඇත්තේ නොවේ. යම්සේ චණ්ඩාලයා චක්රවර්ති රජු සමග දෙපිළක්ව තරඟ කරන්නට ශක්ති ඇත්තේ නොවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 9141976fb34824c3364884359142378a8dd5edae311a6e6da364e6a4616bb60f |
target:pali-sinhala-parallel:67897:15 | යම්සේ පාංශු පිසාචයා සක්දෙව් රජු සමග දෙපිළක්ව තරඟ කරන්නට ශක්ති ඇත්තේ නොවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | a26c4e8de3a5b94a2ace1bfbb89b86929227124da2d0e5c124f892ba6e285eac |
target:pali-sinhala-parallel:67897:16 | මෙපරිද්දෙන්ම පසුර පරිබ්රාජකයා ධොනයෙන් යුත් චතුරාර්ය්ය සත්යය අවබෝධ කළ භාග්යවතුන් වහන්සේ සමග දෙපිළක්ව තරඟ කරන්නට සාකච්ඡා කරන්නට හිඳින්නට ශක්තියක් ඇත්තේ නොවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 5ac6d4b7a782e511329655306e239e993aabed12437ee75e96ef2137d8f1efea |
target:pali-sinhala-parallel:67897:17 | එයට හේතුකවරේද පසුර පරිබ්රාජකයා හීන ප්රඥා ඇත්තෙකි. නිහීන ප්රඥා ඇත්තෙකි. පහත් ප්රඥා ඇත්තෙකි. ලාමක ප්රඥා ඇත්තෙකි. ස්වල්ප ප්රඥා ඇත්තෙකි. ඒ භාග්යවතුන් වහන්සේ මහා ප්රඥා ඇත්තෙකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 18783868f1942f9be43c1d55c7e81f7a666011698c9b6d7d31f52156a83d1f06 |
target:pali-sinhala-parallel:67897:18 | බොහෝ ප්රඥා ඇත්තෙකි හාසු ප්රඥා ඇත්තෙකි. ජවන ප්රඥා ඇත්තෙකි. තීක්ෂණ ප්රඥා ඇත්තෙකි. නිබ්බෙධික ප්රඥා ඇත්තෙකි. ප්රඥා ප්රභෙදයන්හි දක්ෂයෙකි. ප්රභෙදගතවූ ඥාන ඇත්තෙකි. ලැබූ ප්රතිසම්භිදා ඇත්තෙකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | c3480642103f7ee9ad444baff29834d5c597f48a21279077c44a80111c2f5d9e |
target:pali-sinhala-parallel:67897:19 | සතර විශාරද භාවයට පැමිණි උතුමෙකි. දශ වැදෑරුම් බල දරණ කෙනෙකි. ශ්රේෂ්ඨ පුරුෂයෙකි. පුරුෂ සිංහයෙකි. පුරුෂ නාගයෙකි. ආජානීය පුරුෂයෙකි. ප්රධානත්වය ඉසිලීමට සුදුසු පුරුෂයෙකි. අනන්තවූ ඥාන ඇත්තෙකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 90fd413fa0aa378a2746a66b1db73acdeece4abfb1f4b0567cf78a492c5403a7 |
target:pali-sinhala-parallel:67897:2 | වටකරන්නෙම්දැයි මෙසේ තර්ක කරන්නේ විතර්ක කරන්නේ කල්පනා කරන්නේ මා සමග ආවෙහිය, එළෙඹියෙහිය, පැමිණියෙහිය යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 388bc02baccb7c59a9fc5a5394a32937b6bb6555786a6634de8abdd85fd8b8e8 |
target:pali-sinhala-parallel:67897:20 | අනන්තවූ තේජස් ඇත්තෙකි ආඪ්යවූ සප්තාර්ය්ය ධනය ඇති කෙනෙකි. නායකයෙකි. හික්මවන්නෙකි. අනුව හික්මවන්නෙකි. පනවන්නෙකි. වැටහීම් ඇති කරවන්නෙකි. බලවන්නෙකි. පහදවන්නෙකි. ඒ භාග්යවතුන් වහන්සේ නූපන් මග උපදවන්නෙකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 3a98410b8fea50d3208853d320460fec71723af085b6328e853379e36902a443 |
target:pali-sinhala-parallel:67897:21 | නොදන්නාවූ මාර්ගය හඳුන්වන්නෙකි නොකී මාර්ගය කියන්නෙකි මාර්ගය දත්සේක, මාර්ගයෙහි දක්ෂසේක. උන්වහන්සේගේ මාර්ගය අනුව පශ්චාත් ශ්රමණවූ දැන් ශ්රාවකයෝ වාසය කරත්. ඒ භාග්යවතුන් වහන්සේ දතයුත්ත දන්නාසේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 1ed26741b74718527291a47337b472d5c84d10b01c044a3461afb00354929c69 |
target:pali-sinhala-parallel:67897:22 | දැකියයුත්ත දක්නාසේක. පසැස් ඇත්තේ ඥානයෙන් යුක්තවූයේ බ්රහ්මනාමයෙන් යුක්තවූයේ වක්තෘවූයේ අර්ථය දැක්වූයේ අමෘතය දෙන්නේ ධර්මයට ස්වාමිවූයේනුයි උන්වහන්සේ තථාගත නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | db0c6e56fd32ad9f35d8186102f585eae847d0c215c196d0828e8bfed7071605 |
target:pali-sinhala-parallel:67897:23 | 4 ඒ භාග්යවතුන් වහන්සේගේ ප්රඥාවෙන් නොදැනගත් දෙයක් නොහැකි දෙයක් ප්රත්යක්ෂ නොකළ දෙයක් ස්පර්ශ නොකළ දෙයක් නැත. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | b44e83434787e0daf285f415d48568437d691461742700bd4d7665a0b5ba041d |
target:pali-sinhala-parallel:67897:24 | අතීතය, අනාගතය වර්තමානය පටන් සියලු ධර්මයෝ සියලු ආකාරයෙන් චතුරාර්ය්ය සත්යය අවබෝධ කරගත් භාග්යවතුන් වහන්සේගේ ඥානමුඛය හමුවට පැමිණෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | d0bed830a1028fd28bd5aa98da5d18f1c164675f9be4d71ab36470f8bfff1bb3 |
target:pali-sinhala-parallel:67897:25 | යම්කිසි දැනගතයුතු ධර්මයක් දැනගත යුතුව ඇද්ද අත්වැඩ පිණිස හෝ පරවැඩ පිණිස අත්වැඩ පරවැඩ දෙකම පිණිස හෝ මෙලොව අර්ථය පිණීස හෝ පරලොව අර්ථය පිණිස හෝ නොගැඹුරු අර්ථය පිණිස හෝ ගැඹුරු අර්ථය පිණිස හෝ සැඟවූ අර්ථය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 4ae45c3c0f8f12f1f02bc0bb62cef705f7f4cc87581f35822d661b5717670a0e |
target:pali-sinhala-parallel:67897:26 | පිණිස හෝ වැසුන අර්ථය පිණිස හෝ පැමිණීය යුතු අර්ථය පිණිස හෝ පැමිණෙනලද අර්ථය පිණිස හෝ වැරදි නොවන අර්ථය පිණිස හෝ කෙලෙස් නැති අර්ථය පිණිස හෝ පිරිසිදු අර්ථය පිණිස හෝ පරමාර්ථය පිණිස හෝ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 4a8535e664adb5bac1b6cf793af95965b12fe0448c276dacb49aafa8bc2031fb |
target:pali-sinhala-parallel:67897:27 | ඒ සියල්ල බුද්ධ ඥානයෙහි ඇතුළත්වෙයි. බුද්ධවූ භාග්යවතුන් වහන්සේගේ සියලු කාය කර්මය ඥානයෙහි ඇතුළත්වෙයි. සියලු වාක්කර්මය ඥානයෙහි ඇතුළත් වෙයි සියලු මනස් කර්මය ඥානයෙහි ඇතුලත්වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | ceb2e352c2071c65b734031f262c3e5ca6b9f90e5a475c065e2e20f8e473e086 |
target:pali-sinhala-parallel:67897:28 | බුද්ධවූ භාග්යවතුන් වහන්සේගේ අතීතයෙහි ඥානය නොමඩිනලදී. අනාගතයෙහි ඥානය නොමඩිනලදී. පවත්නා කාලයෙහි ඥානය නොමඩිනලදී. දතයුතු දෙය යම් පමණද ඥානයත් එපමණය ඥානය යම් පමණක්ද දතයුතු දෙයත් එපමණය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 8d75c65b9b09f7043a8d45b2f88fec1753cc2fbeb77205a01a76e0d52b363a29 |
target:pali-sinhala-parallel:67897:29 | ඥානය දතයුතු දෙය කෙළවරකොට ඇත්තේය. දතයුතුදෙය ඥානය කෙළවර කොට ඇත්තේය. දතයුතු දෙය ඉක්මවා ඥානය නොපවතියි. ඥානය ඉක්මවා දතයුතු දෙයක් නැත. ඒ ධර්මයෝ ඔවුනොවුන් සමසේ කෙළවරෙහි සිටියෝ වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | a291aa7a82454bd158630d8e1d5e4f4d51950b484291d9dc15bc840fe563707e |
target:pali-sinhala-parallel:67897:3 | “සිතින් දෘෂ්ටි විශේෂයන් සිතන්නේ” යන්නෙහි යම් සිතක් ‘මන’ ‘මනායතන’ ‘මනින්ද්රිය’ ‘විඤ්ඤාණ’ ‘විඤ්ඤාණක්ඛන්ධ’ ‘තජ්ජා’ මනො විඤ්ඤාණ ධාතු යන නම් වේද ඒ සිතින් දෘෂ්ටිය සිතන්නේ කල්පනා කරන්නේ කෙසේද, ලෝකය හැමදා | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | bbbad34a44de4a30e890eae422371e7f7e6d352da23f385fff722b1e033129f9 |
target:pali-sinhala-parallel:67897:30 | යම්සේ පෙට්ටියක මනාකොට එකට සිටි පියන් දෙක යටි පියන උඩු පියන නොඉක්මවාද උඩුපියන යටිපියන නොඉක්මවාද ඔවුනොවුන් කෙළවරකොට ඇත්තේවේද, එපරිද්දෙන්ම බුද්ධවූ භාග්යවතුන් වහන්සේගේ දතයුතු දෙයද ඥානයද ඔවුනොවුන් සමසේ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | e2b58b9cf6399ee78b432ad72267dc5e44b751d44b8930031f7085ff16919c03 |
target:pali-sinhala-parallel:67897:31 | කෙළවර ඇත්තේවේ. දතයුතු දෙය යම් පමණද ඥානයද එපමණය. ඥානය යම්පමණද දතයුතු දෙයත් එපමණය. ඥානය දතයුතු දෙය කෙළවරකොට ඇත්තේය. දතයුතු දෙය ඥානය කෙළවරකොට ඇත්තේය. දතයුතු දෙය ඉක්මවා ඥානය නොපවතියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | eef14251d43dcc07359a8202bf65b320c2efdd086248b01a6349630d7ef1402e |
target:pali-sinhala-parallel:67897:32 | ඥානය ඉක්මවා දතයුතු දෙය නොපවතියි. ඒ ධර්මයෝ ඔවුනොවුන් සමසේ කෙළවර ඇත්තෝ වෙත්. 5 බුද්ධවූ භාග්යවතුන් වහන්සේගේ ඥානය සියලු ධර්මයන්හි පවතියි. සියලු ධර්මයෝ බුද්ධවූ භාග්යවතුන් වහන්සේගේ ආවර්ජනයට බැඳුනේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 66dc1c37a827b109fcf6196952130a27f28805e8d4bf7064bbedc46947ee5744 |
target:pali-sinhala-parallel:67897:33 | බලාපොරොත්තුවට බැඳුනේ වෙයි. සිහි කිරීමට බැඳුනේ වෙයි. චිත්තොත්පාදයට බැඳුනේ වෙයි. සියලු සත්වයන් කෙරෙහි බුද්ධවූ භාග්යවතුන් වහන්සේගේ ඥානය වෙයි බුද්ධවූ භාග්යවතුන් වහන්සේ සියලු සත්වයන්ගේ වාසස්ථාන දනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 8396caa841ae2b51ba362239989a4ff825d12bbfb66cd47db0553bf06850dde9 |
target:pali-sinhala-parallel:67897:34 | අප්රකටව පවත්නා රාග ද්වේෂාදිය දන්නාසේක. චරිත දනියි මිදීම දනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 929c7d584db70ad1f9a125290010460e335e30a8fca3deb9a2c7444bc18d5911 |
target:pali-sinhala-parallel:67897:35 | ස්වල්ප කෙලෙස් ඇති මහා කෙලෙස් ඇති තීක්ෂණවූ ඉන්ද්රිය ඇති, මෘදු ඉන්ද්රිය ඇති, යහපත් ආකාර ඇති නපුරු ආකාර ඇති මනාකොට හඳුන්වන සුදුසු නුසුදුසු සත්වයන් දන්නාසේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 93e43e986f88ad6e6177d47969f3b0914f1f7f74381d533c2ca2ab3a0eac223a |
target:pali-sinhala-parallel:67897:36 | දෙවියන් සහිත මරුන් සහිත, බඹුන් සහිත ලෝකයෙහි ශ්රමණ බ්රාහ්මණයන් සහිත ප්රජාව දෙවි මිනිස්සු බුද්ධ ඥානය ඇතුලත පරිවර්තනය වෙයි යම්සේ මහා සමුද්රය ඇතුළත තිමිංගලයන්ගේ පටන් යටත්පිරිසෙයින් මස් කැස්බෝ පවා | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 0107dd943cb39685c41b184bf7beb34621a8ea0ef6c25b62a834a5b3e35aacd2 |
target:pali-sinhala-parallel:67897:37 | පරිවර්තනය වෙත්ද, එපරිද්දෙන්ම දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකය, ශ්රමණ බ්රාහ්මණයන් සහිත ප්රජාව දෙවි මිනිස්සු බුද්ධ ඥානය ඇතුළත පරිවර්තනය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 73c6aa5ff04ede09c52af4d1c0d2b33b90e82fe923dc22e91cc180ee7a78080a |
target:pali-sinhala-parallel:67897:38 | යම්සේ ගුරුලාගේ පටන් යටත්පිරිසෙයින් කුඩාපක්ෂීහුපවා අහසේ පෙදෙසක පරිවර්තනය වෙත්ද එපරිද්දෙන්ම යම් බඳුවූ ශාරීපුත්රයන්වහන්සේ සමාන ඥානයෙන් යුක්තවූ ඔවුහුද ඒ බුද්ධ ඥානයාගේ ප්රදෙශයක පරිවර්තනය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | f20f6e8073296ec1fb1481d9ab54c4c6ec19a917c32b660dc4b71c9d4e56676f |
target:pali-sinhala-parallel:67897:39 | බුද්ධ ඥානය දෙවිමිනිසුන්ගේ නුවණ පැතිර මැඩසිටීමය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 9295bfd9530ecff5554cd5b5ee0c4da5ceac60720a5a54da44e355ba8307773c |
target:pali-sinhala-parallel:67897:4 | පවත්නේය, හැමදා නොපවත්නේය. ඒ ජීවයයි, ඒ ශරීරයයි. අනිකෙක් ජීවයය අනිකක් ශරීරයයි. සත්වයා මරණින් මතු නොමවෙයි. නොම නොවෙයි යනුවෙනි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | a57d7b125ad34c5765d608b4fcc2b8dcc00303a73e1080d425ccaea241e38a97 |
target:pali-sinhala-parallel:67897:40 | යම් ඒ නිපුණවූ කරණ ලද පරප්රවාද ඇති ඒ පරප්රවාදයන් විදීමෙන් ඇස් ලොම් අග පැලීම සේ විදින සියුම් නුවණ ඇති යම් ඒ ක්ෂත්රිය පණ්ඩිතයෝ වෙද්ද, බ්රාහ්මණ පණ්ඩිතයෝ වෙත්ද, ගෘහපති පණ්ඩිතයෝ වෙද්ද, ඔවුහු සැඟවුනාවූද, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | e1d96f871252cae60d33fed3df1ea7a3fb20fd8d5f0f935d1a27deeeb6ff2076 |
target:pali-sinhala-parallel:67897:41 | වැසුනාවූද, ප්රශ්නයන් නිපදවාගෙන තථාගතයන් වහන්සේ වෙත පැමිණ විචාරත්. ඒ ප්රශ්නයෝ භාග්යවතුන් වහන්සේ විසින් දක්නාලද කරුණු වෙත්. කියනලද්දේ විචාරණ ලද්දේමය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 9fdf06dde491d68e87b5b29aa225c697e39971f8fa8ed0a5f59c80210f2469e3 |
target:pali-sinhala-parallel:67897:42 | ඒ අදහස් බහා තබා ඔවුහු භාග්යවතුන් වහන්සේ වෙත පැමිණෙත්. ඉක්බිති භාග්යවතුන් වහන්සේ එහි යම් ඒ ප්රඥාවෙන් අතිශයින් බබළයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | f981feb81815aa1e8710cc2133ba2b47adb041f3271ebc314b9010bfdeb90a21 |
target:pali-sinhala-parallel:67897:5 | 2 “පිරිසිදු වූවහු හා තරඟයට පැමිණෙව, ඔබ තරඟ කරන්නට අසමර්ථ වෙහිය” යන්නෙහි පිරිසිදුවූවහුයයි ප්රඥාවටකියයි. (ii) යම්ප්රඥාවක් පජානන මනා දැනීමක් ඇත්තේ අමෝහය, ධම්මවිචය, සම්යක් දෘෂ්ටියයි කියත්ද එයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 503cd858b4dc645255c93a071628dccda8ff88c9f62c8de0cc246076101449a5 |
target:pali-sinhala-parallel:67897:6 | කවර කරුණකින් ප්රඥාවට ධොන (පිරිසුදුකම) කියත්ද, ඒ ප්රඥාවෙන් (iv) කාය දුශ්චරිතය දුරුකරණ ලද්දේද සෝදන ලද්දේද (v) වාග් දුශ්චරිතය (මෙහි (iv) යොදන්න) සියලු අකුශල් රැස් කිරීම් දුරුකරණ ලද්දේද සෝදන ලද්දේද | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | f640b787c3015a4f18d94ad686db6bac602123779d34866f380f5fe0b8d8147b |
target:pali-sinhala-parallel:67897:7 | යලිදු (vi) සම්යක් දෘෂ්ටියෙන් මිථ්යාදෘෂ්ටිය සම්යක් සංකල්පයෙන් මිථ්යා සංකල්ප (3-7) (1 සම්යක් සංකල්පයෙන් යනතැන සිට විමුක්තිය යන තැනට යොදාගත යුතුයි) සම්යක් විමුක්තියෙන් මිථ්යා විමුක්තිය දුරුකරණ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 108a4c449a84e58f46dc9e250e17ba8d0273ab23c429ed30f2367f753e61cef0 |
target:pali-sinhala-parallel:67897:8 | ලද්දේද සෝදන ලද්දේද යලිදු ආර්ය්ය අෂ්ටාංගික මාර්ගයෙන් සියලු කෙලෙස් සියලු දුසිරිත් සියලු පීඩා සියලු දැවිලි, සියලු තැවිලි සියලු අකුශල රැස්කිරීම් දුරුකරණ ලද්දේද සෝදන ලද්දේද වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 910a826a114a130fad0289be6c70edb2da31c8e2af6a05992fd1121f9f795e12 |
target:pali-sinhala-parallel:67897:9 | භාග්යවතුන් වහන්සේ මේ සියලු ධොන ධර්මයන්ගෙන් යුක්තවූසේක. එබැවින් භාග්යවතුන් වහන්සේ ‘ධොන’ නම් වන සේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | a8f239ad6b499e99ba91d838192198b8a2a716f8440760d862860d8b9e703f98 |
target:pali-sinhala-parallel:67898:0 | (9 - 1) 1 “තෘෂ්ණා, අරතී, රගා, යන මුන් දැකද මෛථුනයෙහි ආශාමාත්රයකුදු නොවීද” යනු තණ්හා, අරතී, රගා යන මාර දූවරු දැක මෛථුන ධර්මයෙහි ආශාවක් හෝ රාගයක් හෝ ප්රේමයක් හෝ නොවීය” මළ මුත්රයෙන් පිරුණු මෙය කිමෙක්ද | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 35388959c6adc3670054bbdc10c5657bf8a44fc17ab242ea1ecfa9d734558049 |
target:pali-sinhala-parallel:67898:1 | පයින්වත් ස්පර්ශ කරන්නට හෝ නොකැමැත්තෙමි.” යන්නෙහි කිමෙක්ද, මේ ශරීරය මුත්රයෙන් පිරුණේය. අශුචියෙන් පිරුණේය. සෙම්වලින් පිරුණේය. ලෙයින් පිරුණේය. ඇටවලින් ගැලපුනේය. නහරවලින් සම්බන්ධ වූයේය. ලේ මසින් ආලොපිතය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 4af9da17285eaaccfb381f409aeea153851783536e1f97e92147d57aaa39d7f0 |
target:pali-sinhala-parallel:67898:2 | සමින් වැසුනේය. සිදුරුවලින් යුක්තය, වැගිරෙණ පණු සමූහයාගෙන් ගැවසුනේය. නොයෙක් කසලවලින් පිරුණේය. පයින් ස්පර්ශ කරන්නට නොකැමැත්තෙමි යනුයි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | e286f7a23b186eb0380b806b040a5f4635a5a56460b555c62d10d7d71531142d |
target:pali-sinhala-parallel:67899:0 | (9 - 2) 1 “බොහෝ රජුන් විසින් පතනලද මෙබඳු ස්ත්රීරත්නය නොකැමැත්තෙහිද, ජීවිතය විශ්වාසයක් සහිතද, සිල්වත්ද, සසර උත්පත්තියද කොහොමදැයි කියන්න. (මේ ගාථාවට නිර්දෙශයක් දක්වා නැත. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 00fc802c7fa46d9352ec1a810de8a95a0b72cd3f7c1bdeabf47ee4c2e78a7556 |
target:pali-sinhala-parallel:67899:1 | මෙයට මුලින් ගාථා නිර්දෙශයේ අග කොටසෙහි පෙණෙන ඡේදයක් පමණක් මෙහි පෙණේ.) 2 “මිනිසා යම්දිව්යවූ කාමයක් ප්රාර්ථනා කරන්නේ මිනිසුන්ට අයත් කාමයන් නොකැමැති වන්නේ නම් එය පුදුමයක් නොවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | f22545525aac8fe816a6fe63b593c1a6c6cf004777cf709d4b354b70bbf03405 |
target:pali-sinhala-parallel:67899:2 | ඔබ යම්බඳු ඒ දෙකම නොකැමැත්තෙහිය. ප්රාර්ථනා නොකරන්නෙහිය. කැමති නොවන්නෙහිය. ඔබගේ දර්ශනය කුමක්ද, කවර දෘෂ්ටියකින් යුක්ත වූයෙහිද?’ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 6304f88de206c9cb4c5f73f9fe06c07f6013412ca549f1b689235765113009d5 |
target:pali-sinhala-parallel:67900:0 | (9 - 3) 1 “මෙය කියමියි ඔහුට සිතක් නැත” යන්නෙහි ‘ඉදං වදාමි’ යනු මෙය කියමි. මෙපමණ කියමි, මෙපමණකින් කියමි මේ දෘෂ්ටි ග්රහණය කියමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | bb24b1426baef2e79f053dea90a7baa9939abd75587c9500c98e0098cf222361 |
target:pali-sinhala-parallel:67900:1 | ලෝකය ශාස්වතයයි කියා හෝ (3-2) 1 (iii) ඡේදය යෙදිය යුතුයි) සත්වයා මරණින් මතු නොමවෙයි, නොම නොවෙයි. “ඔහුට නොවේ යනු මට නොවෙයි, ඔහුට නොවේයයි” මෙපමණකින් කියමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 0b4c6c392ad13b7e41479dc21f23a3ce66b4f7fac185e057530157cccae08ee6 |
target:pali-sinhala-parallel:67900:10 | පරාමර්ශ නොකට යුතුය, ඇතුළු නොවිය යුතුය. යලිදු ලෝකය අශාස්වතය, ලෝකය කෙළවරක් ඇත්තක, ලෝකය කෙළවරක් නැත්තක, ඒ ජීවයයි ඒ ශරීරයයි, අනිකක් ජීවය අනිකක් ශරීරයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 6ad90d07e1754fac1f43f92b3b9892522e34dc4565af4e51cb58863f7d8c234f |
target:pali-sinhala-parallel:67900:11 | සත්වයා මරණින් මතු වෙයි, සත්වයා මරණින් මතු නොවෙයි, සත්වයා මරණින් මතු නොමවෙයි, නොම නොවෙයි මෙයම සත්යය, අනික් දේ හිස්යයි මේ දෘෂ්ටිගැන්ම අවබෝධය, දෘෂ්ටිකාන්තාරය, නපුරු කටුව, දෘෂ්ටිකම්පාව, දෘෂ්ටිබන්ධනය, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | f121eef4f5f357d2c9fda642628f09d733abaf89d81e3c06949edb7f445d611d |
target:pali-sinhala-parallel:67900:12 | දුක් සහිතය, කරදර සහිතය, දැවිලි සහිතය, කළකිරීම පිණිස නොවේ විරාගය පිණිස නොවේ. විශේෂ දැනීම පිණිස නොවේ සංසිඳීම පිණිස නොවේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 911b39107b568f770692100128c74ce4253a6e9361364aad64ddd43bd024eee9 |
target:pali-sinhala-parallel:67900:13 | අවබෝධය පිණිස නොවේ නිර්වාණය පිණිස නොපවතීයයි දෘෂ්ටීන්හි ආදීනව දක්නේනම් දෘෂ්ටිය නොගනිමි, පරාමර්ශ නොකරමි, ඇතුළු නොවෙමි, යලිදු නොගත යුතුය. පරාමර්ශ නොකට යුතුය. ඇතුළු නොවිය යුතුයයි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 1fe3c0bd1c1a43bdc13c6958c9162ea3414d1ee0c6f6b3b977cf6f99677d8939 |
target:pali-sinhala-parallel:67900:14 | යලිදු මේ දෘෂ්ටීහු නිරයට හේතුය, තිරිසන් යෝනියට හේතුය, ප්රෙත විෂයට හේතුයයි මෙසේ දෘෂ්ටීන්හි ආදීනවයන් දක්නේ දෘෂ්ටීන් නොගනිමි, පරාමර්ශ නොකරමි, ඇතුළු නොවෙමි, යලිදු නොගත යුතුය, පරාමර්ශ නොකට යුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 658d4f24ea6cc633a2e9cb832319905de9796f01d2569442c45a6bde82ddefe0 |
target:pali-sinhala-parallel:67900:15 | ඇතුළු නොවිය යුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | a7b93be4ea7476cd5a9006e9258e47dd8a6e70b485fc63cc1316fc147710a09c |
target:pali-sinhala-parallel:67900:16 | යලිදු මේ දෘෂ්ටීහු අනිත්යය, සංඛතය, හේතුවකින් උපන්නේය, ක්ෂය ධර්මයෙක, ව්යය ධර්මයක, විරාග ධර්මයක, නිරෝධ ධර්මයෙකැයි දෘෂ්ටීන්හි ආදීනව දක්නේ දෘෂ්ටීන් නොගනිමි, පරාමර්ශ නොකරමි, ඇතුළු නොවෙමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | c1695f12dfc63b17323bbae6fd882ae31328653e3065486ddfde93b56f90963b |
target:pali-sinhala-parallel:67900:17 | යලිදු නොගත යුතුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | eb183cca17b216908208838de5ea84e355e2cbdfe534fbea2b224c71656a95c6 |
target:pali-sinhala-parallel:67900:18 | පරාමර්ශ නොකට යුතුය, ඇතුල් නොවිය යුතුය යනුයි 3 “සිතේ සැනසීම සොයන්නේ නොදිටිමි” යන්නෙහි සිතේ සැනසීම යනු අධ්යාත්මයෙහිවූ රාගයාගේ ශන්තිය, ද්වේෂයාගේ ශාන්තිය, මෝහයාගේ ශාන්තිය, ක්රෝධයේ බද්ධ වෛරයේ, ගුණමකුකමේ, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 1baf12d81e295f6e65cd1e7d4a12793e2d776800db56860b519ca6fc513b6eb9 |
target:pali-sinhala-parallel:67900:19 | දොස්කීමේ, ඊෂ්ය_ාවේ, මසුරුකමේ රැවටිල්ලේ කෛරාටිකකමේ, තදකමේ, එකට එක කිරීමේ, මානයේ අති මානයේ, මදයේ ප්රමාදයේ සියලු කෙලෙස්වල, සියලු දුශ්චරිතවල, සියලු පීඩාවන්හි, සියලු දාහයන්හි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 31c25013eab83136cee9baa3bcffca89d6e7e8d53418b6184c4ce21b838350e0 |
target:pali-sinhala-parallel:67900:2 | 2 “මාගන්දියයි භාග්යවත්තෙමේ වදාළේය” යනු ඒ බ්රාහ්මණයාට නාමයෙන් ආමන්ත්රණය කරයි. “භාග්යවත්” යනු ගෞරව වචනයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 08c3244c9d5d8895d273a25f213250ce14ba5d9e7f0518657c2f59c5452e7a74 |
target:pali-sinhala-parallel:67900:20 | සියලු සන්තාපයන්හි සියලු අකුශල රැස්කිරීම්වල ශාන්තිය, ව්යප සමනය, මිදීම, සංසිඳීම යනුයි. “සොයත්” යනු සොයන්නේ සමකොට බලන්නේ, තීරණය කරන්නේ කිරන්නේ ප්රකට කරන්නේ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | 69c144d23e98cff9da2bc00c852bba7f76e0cdea22594ce9f68143612f8e67ba |
target:pali-sinhala-parallel:67900:21 | “නොදිටිමි” යනු නොදැකීමි, නොබැලුවෙමි, ප්රතිවෙධ නොකළෙමි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b814 | ec2968e64bc1928d9940de100f65792a6439833e19a3b180d8284621bb6d91a1 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.