sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:67979:20
සිහියෙන් යුක්ත බැවින් සිහි ඇත්තේ නමි සංසිඳුවන බැවින් සිහි ඇත්තේ නමි ශාන්ත බැවින් ශාන්ත ධර්මයෙන් යුක්තවූ බැවින් බුද්ධානුස්මෘතියෙන් යුක්ත බැවින් ධර්මානු ස්මෘතියෙන් යුක්ත බැවින්, සංඝානුස්මෘතියෙන් යුක්ත
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
f0309c719eb8446471ab8470800035c1444b574b87f82707bd9a9706eb9e2fd0
target:pali-sinhala-parallel:67979:21
බැවින්, ශීලානුස්මෘතියෙන් යුක්ත බැවින්, ත්‍යාගානුස්මෘතියෙන් යුක්ත බැවින්, දේවතානුස්මෘතියෙන් යුක්ත බැවින්, ආනාපානස්මෘතියෙන් යුක්ත බැවින්, මරණානුස්මෘතියෙන් යුක්ත බැවින්, කාය ගතා සතියෙන් යුක්ත බැවින්,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
be93e1b3ecdbf3a3f5da7db9c037909b333521b838fd9cb4510f6a278998a3a5
target:pali-sinhala-parallel:67979:22
උපමානු ස්මෘතියෙන් යුක්ත බැවින් සිහි ඇත්තේ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
8861abac9543219cbe1adae775bde59e3aa6f049b56aaf260d93c53509d41fa6
target:pali-sinhala-parallel:67979:23
යම් සිහියක් මනාව සිහි කෙරේද නැවත නැවත සිහි කෙරේද සිහි කරණ බැවින් යුක්තද පානොවෙන බැවින් යුක්තද මුලානොවන බැවින් යුක්තද සිහිය නමැති ඉන්ද්‍රිය සිහිය නමැති බලය මනා සිහිය සතිසම්බොජ්ඣංගය, එකායන මාර්ගය යනුයි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
4103321e9236244e3576be7b954b0d88fe579dbd63d2f007715e5136a1282dca
target:pali-sinhala-parallel:67979:24
මෙය සිහියයි කියයි. මේ සිහියෙන් යුක්තවූයේ පැමිණියේනුයි හෙතෙම සිහි ඇත්තේයයි කියයි හික්මෙන්නේ යනු හික්මීම් තුනෙකි. (2-4) 1 (ii) 2 සමාදන්ව වසන්නේය යන තැනට යොදාගත යුතුයි.)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
f30f6e8a40849299c9765693a636632a67c9eb03fc21f16291c5dc21292eaa24
target:pali-sinhala-parallel:67979:3
මූලය, අස්මිමාන මූලය, පවට ලජ්ජා නොවීම් මූලය. පවට බිය නොවීම් මූලයි, සිතේ නොසන්සුන්කම් මූලය, මේ දෘෂ්ටි ප්‍රපඤ්චයාගේ මූලයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
71138c9ae898b3e0f7b6dca5c6ef05fcec51deec0e938ca0a2e519e8e54e21fa
target:pali-sinhala-parallel:67979:4
“භගවත්” යනු, ගෞරව වචනයයි මෙහි (7-2)-1 රාගය බිඳ දැමූ බැවින් යන තැන සිට යොදාගත යුතුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
b1be30b1ab71b29541c6d33ee8c402acfae761abb7bd441c566dd9d01126d167
target:pali-sinhala-parallel:67979:5
2 “අස්මිමානයද දැන සියල්ල සන්සිඳුවන්නේය” යනු “ දැනීම” යයි ප්‍රඥාවට කියයි යම් ප්‍රඥාවක් දැනීමෙන් යුක්තවේද, (2-4) 12 (ii) ඡේදය යෙදිය යුතුයි) අමෝහය, ධම්ම විචය, සම්මාදිට්ඨි යයි කියද්ද එයයි, අස්මි මානය යනු
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
328dacef733ed9d25b02ba576154dd0df48d0c8dfb2520867898c3ad6d60397b
target:pali-sinhala-parallel:67979:6
රූපයෙහි තමා පිළිබඳ මානය, රූපයෙහි තමා පිළිබඳ කැමැත්ත, රූපයෙහි තමාපිළිබඳ අනුසය වේදනාවෙහි සඤ්ඤාවෙහි සංස්කාරයෙහි විඤ්ඤාණයෙහි තමා පිළිබඳ මානය, තමා පිළිබඳ කැමැත්ත, තමා පිළිබඳ අනුසය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
03fe903857b409cee84d6627b8ecccad32f4dc3c3f697a23e44a3dd3fade70be
target:pali-sinhala-parallel:67979:7
ප්‍රපඤ්චයන්ගේ මුලද භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
bccf8bb5ab85c9fe18094817cbbfcc467aa27b30ed48fbf693f2c41b915146c8
target:pali-sinhala-parallel:67979:8
3 “අස්මි මානයද දැන සියල්ල වලක් වන්නේය” යනු ප්‍රපඤ්චයන්ගේ මුලද අස්මිමානයද දැන සියල්ල වළක් වන්නේය, නිරුද්ධ කරන්නේය, සන්සිඳුවන්නේය, අස්තයට පමුණුවන්නේය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
4574843e512c6ea7df425504ee6a1a8730aba9fe5d07546ce5e47655dfa093da
target:pali-sinhala-parallel:67979:9
4 “අධ්‍යාත්මයෙහි යම්කිසි තෘෂ්ණාවක්” යන්නෙහි යම්කිසි යනු සියල්ලෙන් සියල්ල සර්වප්‍රකාරයෙන් සර්ව ප්‍රකාරය හාත්පසින් ගත් වචනයකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
172803f845f28f02afd77143e24d00a9969015f094b29feee1aa9ba762078549
target:pali-sinhala-parallel:67980:0
(14 - 3) 1 “අධ්‍යාත්මයෙහි යම්කිසි ධර්මයක් දැන” යනු යම්කිසි කුශල ධර්මයෙහි හෝ අව්‍යාකෘත ධර්මයෙහි හෝ තමන්ගේ යම්කිසි ගුණයක් දන්නේය. තමන්ගේ ගුණ කවරේද, උසස් කුලයකින් පැවිදිවීමි මහා භොග කුලයකින් පැවිදිවීමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
0cfbd6578849058a47e548b0d9b2e1b12aebe4ecbb4e993d9b6d78f228fcd692
target:pali-sinhala-parallel:67980:1
ඉතා උසස් භොග කුලයකින් පැවිදිවීමි. ගිහි පැවිද්දන් අතර ප්‍රකට වූයේ කීර්ති ඇත්තේ වීමි. චීවර, පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර ලබන්නෙක්වීමි. සූත්‍ර පිටකය දරන්නෙක්වීමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
0c2f50f8d85b1c2abaef67773e6fc690c4c84ebd7f44b1800423de9af9975dbd
target:pali-sinhala-parallel:67980:2
විනය පිටකය දරන්නෙක් වීමි ධර්ම කථිකයෙක්වීමි වනවාසිකයෙක්විමි. පිණ්ඩපාතිකාංග ඇත්තේ වීමි. තෙචිවරිකාංග ඇත්තේවීමි. සපදානචාරිකාංග ඇත්තේවීමි. ඛලුපච්ඡාහත්තිකාංග ඇත්තේවීමි. නෙසජ්ජිකාංග ඇත්තේවීමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
2edcfda40855908b77131d60d201b02a8772832599ee6abecc2f59b3be59a72f
target:pali-sinhala-parallel:67980:3
යථාසන්ථතිකාංග ඇත්තෙක්වීමි. ප්‍රථම ධ්‍යානය ඇත්තෙක්වීමි. දෙවෙනි ධ්‍යානය ඇත්තෙක් වීමි. තුන්වෙනි ධ්‍යානය ඇත්තෙක්විමි. සතරවෙනි ධ්‍යානය ඇත්තෙක්වීමි. ආකාසානඤ්චායතන සමාපත්ති ලාභියෙක් වීමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
aa199ad9d4d6ce988590e12748f1dc4a0818793b0d88514c4edd5200e248533d
target:pali-sinhala-parallel:67980:4
විඤ්ඤාණඤ්චායතන සමාපත්ති ලාභියෙක්වීමි. ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති ලාභියෙක්වීමි. නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්ති ලාභියෙක්වීමි. මේවා තමන්ගේ ගුණයයි කියත්. තමන්ගේ ගුණයක්, යම්කිසි ගුණයක් දැන ගන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
d42acc7c235855668ece65ab4133bf0f0f8b43ad7b83f577b558d2daed173a1a
target:pali-sinhala-parallel:67980:5
විශේෂයෙන් දැනගන්නේය, යනුයි. 2 “නැවත පිටත්හි ගුණ හෝ යනු අවවාද දෙන ගුරුවරයාගේ හෝ පැවිදි කළ ගුරුවරයාගේ හෝ ඒ ගුණයෝ වූහ”යි යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
daaa5ab5b8045d53e191ab17b91912de731b6ad23eee8d7920c1855eec6ad3fa
target:pali-sinhala-parallel:67980:6
එයින් “උත්සාහ නොකරන්නේය” යනු තමන්ගේ ගුණයෙන් හෝ අනුන්ගේ ගුණයෙන් හෝ බලය නොකරන්නේය. තද ගතිය නොකරන්නේය. මානය නොකරන්නේය උසස් ගතිය නොකරන්නේය. උඩඟු කමක් නොකරන්නේය. එයින් මානය නූපදවන්නේය, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
17965ff6b6f8dbb8b3003aa2e5a596f9edf0c6da0b64cbc60620fc5087e12a92
target:pali-sinhala-parallel:67980:7
සත් පුරුෂයන් විසින් ඒ නිවීමයයි නොකියන ලදී. යනු ශාන්තවූවන් විසින් සත්පුරුෂයන් විසින් බුදුවරයන් විසින් බුද්ධ ශ්‍රාවකයන් විසින් පසේ බුදුවරයන් විසින් ඒ නිවීමයයි නොකියනලදී. ප්‍රකාශ නොකරණ ලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
eb6c02452b2b1f0d88d910d914d07d3e051b014f059cb227cf0f83cbcc9a9925
target:pali-sinhala-parallel:67980:8
දේශනා නොකරණ ලදී. නොපනවන ලදී. නොතබන ලදී. විවෘත නොකරණ ලදී. නොබෙදන ලදී. ප්‍රකට නොකරණ ලදී, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
086db2ec260c4cd236320248a3cb59113d120349faad6cc87ab0e65ea15bda57
target:pali-sinhala-parallel:67981:0
(14 - 4) 1 “එයින් ශ්‍රේෂ්ඨයයි නොසිතන්නේය” යනු (ii) ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍ර කමින් හෝ පැහැ සපුවෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්මාන්තයෙන් හෝ ශිල්පායතනයෙන් හෝ විද්‍යා ස්ථානයෙන් හෝ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
f3cb31150ac847e61bd1174f46cff3157099c5732da4840423fe468ed87f4d9d
target:pali-sinhala-parallel:67981:1
ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ වෙනින් අනික් කරුණු වලින් හෝ යනුයී 2 “හීණයයි නොසිතන්නේය. යලිදු හෝ සමානයයි නොසිතන්නේය,” යනු ජාතියෙන් හෝ (මෙහි 1- (ii) යොදා ගත යුතුයි.) හීනයයි අවමානය නූපදවන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
05839b33eac4343b5f6e0963eb40058c81e1b8c356c6b6cc710c33593c66b465
target:pali-sinhala-parallel:67981:2
ජාතියෙන් හෝ (මෙහි 1 (ii) යොදාගත යුතුයි) මානය නූපදවන්නේය, යනුයි. 3 “නොයෙක් ආකාරයෙන් විචාරණ ලද්දේ” යනු නොයෙක් ආකාරයෙන් ස්පර්ශ කරණලද්දේ යුක්තවූයේ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
e22f269f72c8733874af1c905c292fd0f3bbf0563144ad81d773434c467744c3
target:pali-sinhala-parallel:67981:3
4 “තමා වෙනස්ව නොසිටින්නේය” යන්නෙහි තෙමේ යයි තමාට කියයි. තමා කල්පනා නොකරන්නේ වෙනසකට නොපැමිණෙන්නේ සිටින්නේය යනුයි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
217792ff562a3386780517da6de5afd408c791698ab059bb10ad010929a61a50
target:pali-sinhala-parallel:67982:0
(14 - 5) 1 “ඇතුළත සංසිඳුවන්නේය,” යනු ඇතුළත රාගය සන්සිඳුවන්නේය. ද්වේෂය සන්සිඳුවන්නේය. මෝහය සන්සිඳුවන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
1337cbba00418f18108251ad16f33f43ccea49b3912c9699d21ce83e527d69c2
target:pali-sinhala-parallel:67982:1
ක්‍රෝධය, බද්ධ වෛරය, ගුණමකුකම, උතුමන් තමා හා සම කිරීම, ඊෂ්‍ය_ාව, මසුරු කම, රැවටිල්ල, කෛරාටික කම, තද ගතිය, එකට එක කිරීම, මානය, අතිමානය, මදය, ප්‍රමාදය, සියලු ක්ලෙශයන් සියලු දුශ්චරිතයන්, සියලු පීඩා, සියලු
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
4ed3d39a6556c2816623886d04ee87df77f0f7f028dfbda1b7d14d9a96056538
target:pali-sinhala-parallel:67982:2
දාහ, සියලු තැවිලි, සියලු අකුශල රැස්කිරීම්, සන්සිඳුවන්නේය, නිවන්නේය, දුරු කරන්නේය, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
c6b9be63b8467506a0508a8d3b92e5b15c606ffa9eaf2397424b2733ee693bec
target:pali-sinhala-parallel:67982:3
2 “භික්ෂුතෙමේ අන්‍ය මාර්ගයකින් ශාන්තිය නොසොයන්නේය.” යනු අන්‍යවූ අශුද්ධි මාර්ගයකින් මිථ්‍යා ප්‍රතිපදාවකින් අනෛර්‍ය්‍යානික මාර්ගයකින් එනම්, සතිපට්ඨානයන් ගෙන් හැර, සම්‍යක් ප්‍රධානයන්ගෙන් හැර ඍද්ධිපාදයන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
633517a98b4b8f740f9629de101d5df5180e9f976c96402a65d7b16d352670a9
target:pali-sinhala-parallel:67982:4
ගෙන් හැර, ඉන්ද්‍රියයන් ගෙන් හැර බලයන් ගෙන් හැර බොධ්‍යංගයන්ගෙන් හැර ආර්‍ය්‍ය අෂ්ටාගංගික මාර්ගයෙන් හැර ශාන්තිය නිවීම දුරුකිරීම නොසොයන්නේය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
9f52f39fb0b6df5b1f0a99a538be3d9f6d5f87db59433a32e26f35c9fb3444e7
target:pali-sinhala-parallel:67982:5
“ඇතුළත ශාන්තවූවහුට” යනු ඇතුළත රාගය ශාන්තවූවහුට, ද්වේෂය ශාන්තවූවහුට, මෝහය ශාන්තවූවහුට, ක්‍රෝධය ශාන්තවූවහුට, බද්ධවෛරය, ගුණමකුකම, උතුමන් තමා හා සමකිරීම, ඊෂ්‍ය_ාව, මසුරුකම, රැවටිල්ල, කෛරාටික කම.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
30ce4363c9e9a46d971e1f381227cc04b9451958bf50050784c3cb2c515c3425
target:pali-sinhala-parallel:67982:6
තද ගතිය, එකට එක කිරීම, මානය, අතිමානය, මදය ප්‍රමාදය, සියලු කෙලෙස් සියලු දුශ්චරිත, සියලු පීඩා, සියලු දාහ සියලු තැවිලි සියලු අකුශල රැස්කිරීම්, ශාන්තවූවහුට, නිවුනහුට, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
c8a2cc77b68cb471ed39065110371a520cd26667fd55de0a6b902cee3238adb1
target:pali-sinhala-parallel:67982:7
3 “ආත්මයක් හෝ ආත්ම නොවන දෙයක් හෝ නැත.” යන්නෙහි “නැත” යනු ප්‍රතික්ෂෙපයයි ආත්මය යනු ආත්ම දෘෂ්ටියක් නැත. ආත්මය නොවන දෙයක් යනු උච්ඡෙද දෘෂ්ටියක් නැත. තමායයි ගැනීමක් නැත. ආත්මය නොවේ යයි බැහැරකළ යුත්තක් නැත.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
0b70b6a62a8e93e71ab47ac4f4a8378f7ff06ca4207548c6ef690fc4d49bd163
target:pali-sinhala-parallel:67982:8
යමෙකුට ගැනීමක් ඇද්ද, ඔහුට මිදිය යුත්තක්ද වෙයි. රහතුන් වහන්සේ වැඩීම හා හානිය නැවැත්වූසේක. උන්වහන්සේට ගැනීමක් මිදීමක් නැත.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
621875656d1f96bcb4c31daf7643827030e14c187b40534e9717fbab61d87337
target:pali-sinhala-parallel:67982:9
උන්වහන්සේ වැස නිමවූයේ පුරුදු කළ ගමන් (චරණ ධර්ම) ඇත්තේ (10-2) (i) මිදු රාග ඇත්තේ යන තැන සිට යෙදිය යුතුයි.) ජාති මරණ සංසාරය නැත උන්වහන්සේට නැවත භවයක් නැත යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
6d8bace04280dcad50b716aaf4b1c9fbf35d32f4cef98481fc741ca9e030c11e
target:pali-sinhala-parallel:67983:0
(14 - 6) 1 “යම්සේ මුහුද මැද රැළ හටනොගනීද නිශ්චලවූයේ වේද,” යන්නෙහි සමුද්‍රය ගැඹුරෙන් යොදුන් අසූහාරදහසෙක යට යොදුන් හතලිස් දාහක් මස් කැස්බන්ගෙන් කම්පාවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
d459b87cdf079d77675eedce860ccd315c2c86fe64ed0292dcaf5d088f5b5526
target:pali-sinhala-parallel:67983:1
එයට මත්තෙහි යොදුන් සතලිස්දාහක දිය වාතයෙන් කම්පා වෙයි. මුහුද මැද යොදුන් හතලිස්දාහක දිය කම්පා නොවෙයි. නොකැළඹෙයි නොසෙලවෙයි. නොයෙදුනේ නොගැටුනේ චංචල නොවූයේ ශාන්තවූයේ වෙයි. එහි රැල හටනොගනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
f657a85fae4d01aa2802bdf1c9a41ffa3f269f7aab9c1dbf32373c8a5971c3b3
target:pali-sinhala-parallel:67983:2
නිශ්චලවූයේ වෙයි. යලිදු හෝ සප්තකුල පර්වතයන් අතරෙහි සප්ත සීදන්ත මහා සමුද්‍රයෝ වෙති. එහි ජලය කම්පා නොවෙයි. නොකැළඹෙයි. නොසෙලවෙයි. නොසෙලුනේ නොගැටුනේ චංචල නොවූයේ ශාන්තවූයේ වෙයි. එහි රැල හටනොගනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
a8e26fa0e527194519a4be18439923db127ab6d232a11582b4603475b622d017
target:pali-sinhala-parallel:67983:3
නිශ්චලවූයේ වෙයි. 2 “එජාව (තෘෂ්ණාව) නැත්තහුද මෙසේ කම්පා නොවෙයි.” යන්නෙහි මෙසේ යනු උපමා වචනයයි. සිටියේ වෙයි. යනු ලාභයෙහිද කම්පා නොවෙයි. අලාභයෙහිද කම්පා නොවෙයි. කීර්තියෙහිද කම්පා නොවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
f6053bcbbf2a8a433573c980ca3daf9318f36ccb1abb1f9a27e1199ceabf650e
target:pali-sinhala-parallel:67983:4
අපකීර්තියෙහිද කම්පා නොවෙයි. ප්‍රශංසාවෙහි කම්පා නොවෙයි. නින්දාවෙහිද කම්පා නොවෙයි. සැපයෙහිද කම්පා නොවෙයි. දුකෙහිද කම්පා නොවෙයි, නොකැළඹෙයි. නොසෙලවෙයි. මෙසේ සිටියේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
e69bf0058c2920735674904c6210e2a21ef3c39cd8ee2615487973b590c347d7
target:pali-sinhala-parallel:67983:5
“එජාව නැත්තහු යන්නෙහි” එජාව නැත්තහු යන්නෙහි” එජා යයි තෘෂ්ණාවට කියයි. යම් රාගයක් ඇද්ද, ඇලීමක් ඇද්ද දැඩි ලෝභයක් අකුශල මූලයක් ඇද්ද එයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
2788b0ae52b15a0d8d569dbbb93b2d337eb99cebdeae7dd1adc206001a9c07b5
target:pali-sinhala-parallel:67983:6
යමෙකුගේ මේ තෘෂ්ණාව ප්‍රහීණවූයේ වේද, සිඳ දැමුයේද, මුලින් සන්සිඳේද සන්සිඳුනේද, ඉපදීමට අයොග්‍යවූයේද, ඥානය නමැති ගින්නෙන් දැවුනේද හෙතෙම අනේජයයි කියයි තෘෂ්ණාව ප්‍රහීණවූ බැවින් අනේජ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
7fb9eace7ffb774ca0b31d2a9ce8ed0176a46bcdb937f143430d7628750f07d8
target:pali-sinhala-parallel:67983:7
හෙතෙම ලාභයෙහිද කම්පා නොවෙයි. අලාභයෙහිද කම්පානොවෙයි. කීර්තියෙහිද කම්පා නොවෙයි. අපකීර්තියෙහිද කම්පා නොවෙයි. ප්‍රශංසාවෙහිද කම්පා නොවෙයි. නින්දාවෙහිද කම්පා නොවෙයි. සැපයෙහිද කම්පා නොවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
65502683c7d1e48c96889dd187e5a1a710edbdbe0b210a54283e1ef7c949e19b
target:pali-sinhala-parallel:67983:8
දුකෙහිද කම්පා නොවෙයි. නොසෙල්වෙයි යනුයි. 3 “භික්ෂුතෙම කොතැනකදීවත් රැස්කිරීමක් නොකරන්නේය” යන්නෙහි උස්සදයෝ (කෙලෙස්) සතෙකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
037aa937d8cf3bef00e10c2d9bbd3dee1363e930d9ef97c9e438f4f681481088
target:pali-sinhala-parallel:67983:9
එනම් රාගුස්සදය, වෙසුස්සදය මොහුස්සදය, මානුස්සදය, දිට්ඨුස්සදය, කම්මුස්සදය යන මේවා නොකරන්නේය, නූපදවන්නේය. ඇති නොකරන්නේය, කොතැනකදීවත් යනු කොතැනක හෝ ඇතුළතදී හෝ පිටතදී යනු යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
910f3f9eddb5b0b3c9e36bf37a81bcca3fd1952050690997ac615539b98f0aaa
target:pali-sinhala-parallel:67984:0
(14 - 7) 1 “විවෘතවූ ඇස් ඇති (බුදුරජාණන් වහන්සේ) දේශනා කළසේක” යන්නෙහි දේශනා කළසේක යනු කියනලදී. ප්‍රකාශ කරණලදී. දේශනා කරණලදී. පණවනලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
22646a82ff07cc7312cbd95da2878e50f75eb76f0237b4e478c98a0d79c2796a
target:pali-sinhala-parallel:67984:1
තබන ලදී විවෘත කරණලදී බෙදනලදී යනුයි විවෘතවූ ඇස් ඇති යනු භාග්‍යවතුන් වහන්සේ පසැස්වලින් විවෘත ඇස් ඇති සේක. මසැසින්ද විවෘත ඇස් ඇතිසේක. දිවැසින්ද විවෘතවූ ඇස් ඇතිසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
67f464fc47707827e92ae7ce34fd2b76adc911e75bd0b6731e146ae49e066534
target:pali-sinhala-parallel:67984:10
එක තල ඇටයක් නිසා තල කරත්තයක් බහාලන්නේ නම් ඒ තල ඇටයම සොයන්නේද මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රකෘති මසැස පිරිසිදු වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
797857d47c61846cc204b1041140ef6ca838ae990544eb16e5f237e349a8b3ed
target:pali-sinhala-parallel:67984:11
මෙසේ භාග්‍යවතුන් වහන්සේ මසැසින්ද විවෘතවූ ඇස් ඇතිසේක 3 “කෙසේ භාග්‍යවතුන් වහන්සේ දිවැසින්ද විවෘතවූ ඇස් ඇතිසේක්ද, භාග්‍යවතුන් වහන්සේ මිනිස් ගතිය ඉක්මවූ පිරිසිදු (ii) දිවැසින් චුත වෙන්නාවූද උපදින්නාවූද,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
9b8618206f2d4c2764cbda6b5d53d19a723318dae10c34f23632a590a50e38a2
target:pali-sinhala-parallel:67984:12
හීනවූද, ප්‍රණීතවූද, මනා වර්ණවූද දුර්වර්ණ වූද කර්මය අනුව සුගතියට යන්නාවූද දුගතියට යන්නාවූද සත්වයන් දකියි මේ පින්වත් සත්වයෝ ඒකාන්තයෙන් කාය දුශ්චරිතයෙන් යුක්තවූවෝ වාග් දුශ්චරිතයෙන් යුක්තවූවෝ මනස්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
6866b02b79a9bcd9087f8e36fb86a0a2a2ee050f9a48a40e1c8f717576cacbb1
target:pali-sinhala-parallel:67984:13
දුශ්චරිතයෙන් යුක්තවූවෝ ආර්‍ය්‍යයන්ට උපවාද කළෝ, මිථ්‍යාදෘෂ්ටිවූවෝ මිථ්‍යා දෘෂ්ටි කර්මයෙන් යුක්තවූවෝ, ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොර, නපුරු ගති ඇති නපුරුසේ වැටෙන නරකයෙහි උපන්නෝ වෙති (iii)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
d17aa05972c82e953065250e7c8a64a1ca0fd3819e9f0392aa1100820a7c39e7
target:pali-sinhala-parallel:67984:14
මේ පින්වත්හු කාය සුචරිතයෙන් යුක්තවූවෝ වෙති. වචී සුචරිතයෙන් යුක්ත නුවූවෝ වෙති. මනස් දුශ්චරිතයෙන් යුක්තවූවෝ වෙති. ආර්‍ය්‍යයන්ට උපවාද නොකළෝ වෙති. සම්‍යක් දෘෂ්ටි ඇත්තෝ සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන්වූවෝ වෙති.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
937281296b7cdab4b8ccbc67bcfcf88417b2c709e26fc2aa9af595227493c49f
target:pali-sinhala-parallel:67984:15
ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපන්නාහු වෙති’යි (ii) මෙසේ මිනිස් ගතිය ඉක්මවූ පිරිසිදුවූ දිවැසින් චුත වන්නාවූද උපදින්නාවූද හීනවූද ප්‍රණීතවූද මනා වර්ණ ඇත්තාවූද දුර්වර්ණ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
28cef7832bfa8b26d6a73a6052964c740026c3b7449e7bc000ba45fc90860ea8
target:pali-sinhala-parallel:67984:16
ඇත්තාවූද කර්මය පරිදි සුගතියට යන්නාවූද දුගතියට යන්නාවූද සත්වයන් දනියි භාග්‍යවතුන් වහන්සේ කැමති වන්නේ නම් එකම ලොක ධාතුවක් දක්නාසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
c03ef95c00b22dc6500b93234ab0bdc7e1dcf1d65c8d6a885c8a9d2cda7df571
target:pali-sinhala-parallel:67984:17
ලොක ධාතු දෙකක්, ලොක ධාතු තුනක්, ලොක ධාතු සතරක් දක්නා සේක, ලොක ධාතු පසක් දක්නා සේක. ලෝක ධාතු දශයක් දක්නා සේක. ලෝක ධාතු විස්සක් දක්නා සේක. ලෝක ධාතු තිසක් දක්නාසේක. ලෝක ධාතු සතලිසක් දක්නා සේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
a425a24cdfc7293f95d83b34def0bbfcee6a73e8292d8d86307933524e406783
target:pali-sinhala-parallel:67984:18
ලෝක ධාතු පණසක් දක්නාසේක ලෝක ධාතු සියයක් දක්නාසේක. දහසක් කුඩා ලෝක ධාතු දක්නාසේක. දෙදහසක් මධ්‍යම ලොක ධාතු දක්නාසේක. ත්‍රි සහශ්‍රී මහා සහශ්‍රී ලෝක ධාතුව දක්නාසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
372567c51c9d3cf4fb1a9f3198f81cb5c7f16b0943e3afb69232e9d3bb91c3dc
target:pali-sinhala-parallel:67984:19
යම් පමණ බලාපොරොත්තු වන්නේ නම් එපමණම දක්නා සේක. භාග්‍යවතුන් වහන්සේගේ දිවැස මෙසේ පිරිසිදුය මෙසේ භාග්‍යවතුන් වහන්සේ දිවැසින්ද විවෘතවූ ඇස් ඇති සේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
3efbf8cbf8f40d969b91611b6b9f8d3b12198932234872de337b411e810ecadc
target:pali-sinhala-parallel:67984:2
පැණැසින්ද විවෘතවූ ඇස් ඇතිසේක බුදු ඇසින්ද විවෘතවූ ඇස් ඇතිසේක. හාත්පස බලන ඇසින්ද විවෘතවූ ඇස් ඇතිසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
b97803d1c0fd93238981a7bd5cdd65342f5af092dd94e2e3b2f45447850fc084
target:pali-sinhala-parallel:67984:20
කෙසේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥා චක්ෂුසින්ද විවෘත ඇස් ඇති සේක්ද, භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රඥා ඇතිසේක පළල් ප්‍රඥා ඇතිසේක භාසු ප්‍රඥා ඇතිසේක. වෙගවත් ප්‍රඥා ඇතිසේක තියුණු ප්‍රඥා ඇති සේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
d5be0263b63dd84d6e0639ab940dab45fd004fc47bd3018e335de2a5364e7e88
target:pali-sinhala-parallel:67984:21
උතුම් ප්‍රඥා ඇතිසේක. ඒ ඒ ප්‍රඥාවන් දැනීමේ දක්ෂසේක. වෙන් වෙන් ප්‍රඥා ඇතිසේක. ලැබූ පටිසම්භිදා ඇතිසේක. සතර විශාරද භාවයෙන් යුක්තසේක. දශබලයන් දරණසේක. පුරුෂ ශ්‍රේෂ්ඨ සේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
11f7dd13935af73ae25ef0f94d1715c15bac9788e38ee315a79c2b36ac0c397e
target:pali-sinhala-parallel:67984:22
පුරුෂ සීහ (ඉතා උතුම්) සේක පුරුෂ නාගසේක. ආජානීය පුරුෂවූසේක. පුරුෂ නායකසේක. අනන්ත ඥාන ඇතිසේක. අනන්ත තෙද ඇති සේක. අනන්ත කීර්ති ඇතිසේක. ආඪ්‍ය සේක. මහත් ධන ඇති සේක ධනවත් සේක. නායකවන සේක. හික්මවන සේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
4921d88c3e4b4428d4a90d5f2506d4b6e055be1fd5342612baf53c9516a3d616
target:pali-sinhala-parallel:67984:23
අනුව පමුණුවන සේක. පණවන සේක. මෙනෙහි කරවන සේක. බලවන සේක පහදවන සේක ඒ භාග්‍යවතුන් වහන්සේ නූපන් මග උපදවන සේක. නොහටගත් මග හටගන්වන සේක. ප්‍රකාශ නොකළ මාර්ගය ප්‍රකාශ කරණසේක. මාර්ගය දන්නා සේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
3bdd029c687488fcc9cb71bd8c887cdeddd4e1d9bb029abf81bfb8d2043a9c2f
target:pali-sinhala-parallel:67984:24
මාර්ගයෙහි නුවණැති සේක. මාර්ගයෙහි දක්ෂ සේක පසුව ඇතිවූ දැන් ශ්‍රාවකයෝ මාර්ගානුගතව වාසය කරත්. ඒ භාග්‍යවතුන් වහන්සේ දතයුත්ත දන්නා සේක දැක්ක යුත්ත දක්නා සේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
1d8c2b5c59948788ed7654765de49b806ee16645d176c9892f37f5a88fff7a96
target:pali-sinhala-parallel:67984:25
ඇස් ඇත්තේ ඥානවූයේ ධර්මය වූයේ බ්‍රහ්මයා වූයේ කියන සේක් පවත්වනසේක් අර්ථය තීරණය කරණසේක් ධර්ම ස්වාමි වූයේ තථාගත සේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
99576d0d9abb62f1ecf34569eb4551a5956ab03782345c88d19e9bf4b10e87ab
target:pali-sinhala-parallel:67984:26
භාග්‍යවතුන් වහන්සේ විසින් නොදන්නා දෙයක් නොදක්නා දෙයක් ප්‍රත්‍යක්ෂ නොකළ දෙයක් නුවණින් අවබෝධ නොකළ දෙයක් නැත.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
fa8c703ef32adbe7070339336f52dd642c55f2bd462cfc0d2e3b8dc069b3bb55
target:pali-sinhala-parallel:67984:27
අතීතය, අනාගතය, වර්තමානය පටන් සියලු ධර්මයෝ සියලු ආකාරයෙන් බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේගේ ඥාන මුඛයෙහි ඉදිරියට පැමිණෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
1f5cb7292805155e6596612dbfeb3fc006cf738ed18455264bf9cba7b72cd7e3
target:pali-sinhala-parallel:67984:28
(8-11) 4 “භාග්‍යවතුන් වහන්සේගේ ඥාන මුඛය” යන තැන සිට ඡේදය අවසානයට යොදාගත යුතුයි.) 4 කෙසේ භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින්ද විවෘත ඇස් ඇති සේක්ද, භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලොව බලනසේක් ස්වල්ප කෙලෙස් ඇති
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
5fee95f705d4359f184968599d093b1080e264aad8e1343c0fdedc07ef19b661
target:pali-sinhala-parallel:67984:29
මහා කෙලෙස් ඇති තියුණු ඉන්ද්‍රිය ඇති මෘදු ඉන්ද්‍රිය ඇති යහපත් ආකාර ඇති අයහපත් ආකාර ඇති මනා අවබෝධ ඇති මනා අවබෝධය නැති පරලොව බිය දක්නා සුළුව වාසය කරණ ඇතැම් කෙනෙක් දුටු සේක යම්සේ වනාහි උපුල් විලක හෝ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
172a8501a55b07427f5c208680191b720f13b073ab6412529891f68d05635b3b
target:pali-sinhala-parallel:67984:3
2 කෙසේ භාග්‍යවතුන් වහන්සේ මසැසින් විවෘතවූ ඇස් ඇතිසේක්ද, භාග්‍යවතුන් වහන්සේගේ මසැසෙහි (ප්‍රකෘති ඇසෙහි) වර්ණ පසක් විද්‍යමාන වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
32df74631bfeccc080e3a68c74a12d5b0cb2a2e0e669f6b8f0e223b0dc50f779
target:pali-sinhala-parallel:67984:30
පියුම් විලක හෝ සුදු පියුම් විලක හෝ ඇතැම් උපුල් හෝ පියුම් හෝ සුදු පියුම් හෝ ජලයෙහි හටගන්නාහුද ජලයෙහි වැඩුනාහුද ජලය අනුව ගියාහුද ඒවා ජලය ඇතුළත පොෂණය වන්නාහුද වෙති.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
51099417107180ec4209e991bebe96b6ede0e49ff0b99873f6a3dbeb2e137319
target:pali-sinhala-parallel:67984:31
ඇතැම් උපුල් හෝ පියුම් හෝ සුදු පියුම හෝ ජලයෙහි හටගන්නාහුද ජලයෙහි වැඩුනාහුද ජලය හා සමව සිටියාහු වෙති.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
e2f88956b937a22983292390919bdeb47a59885b9bf123c0378f7520368cc419
target:pali-sinhala-parallel:67984:32
ඇතැම් උපුල් හෝ පියුම් හෝ සුදු පියුම් හෝ ජලයෙහි හටගන්නාහුද ජලයෙහි වැඩුනාහුද දිය හා නොගැටෙමින් ජලයෙන් උඩට නැගී සිටිත්ද, එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලොව බලන්නේ ස්වල්ප කෙලෙස් ඇත්තාවූද, මහා
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
be5ac3441b82897d3c361b748d49e69c9f005ec105a92556f51d7edd05e64a1e
target:pali-sinhala-parallel:67984:33
කෙලෙස් ඇත්තාවූද තියුණු ඉන්ද්‍රිය ඇත්තාවූද මෘදුවූ ඉන්ද්‍රිය ඇත්තාවූද, යහපත් ආකාර ඇත්තාවූද අයහපත් ආකාර ඇත්තාවූද මනාව අවබෝධ කටහැකිවූද දුෂ්කරව අවබෝධකට හැක්කාවූද පරලොව බිය දක්නාසුළුව වසන ඇතැම් අයද පරලොව
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
990d3778806273b17e1ac3bce5163248d0ba765601c60302d5770c871ebcb063
target:pali-sinhala-parallel:67984:34
බිය නොදක්නා සුළුව වසන ඇතැම් අයද යන සත්වයින් දුටු සේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
a1caa7203594beae99f24be53d606afd5601b794d6bfbd91a54e3aea0342dbac
target:pali-sinhala-parallel:67984:35
මේ පුද්ගලතෙම රාග චරිත ඇත්තේය මේ පුද්ගලතෙම ද්වේෂ චරිත ඇත්තේය, මේ පුද්ගලතෙම මෝහ චරිත ඇත්තේය, මේ තැනැත්තේ විතර්ක චරිතයෙක මේ තැනැත්තේ ශ්‍රද්ධා චරිතයෙක, මේ බුද්ධිචරිතයෙකැයි භාග්‍යවතුන් වහන්සේ දන්නාසේක,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
cf6d0ab65da6fed671ae4636de85c99e1fbfd3827cf92d06468837b6adff4f60
target:pali-sinhala-parallel:67984:36
භාග්‍යවතුන් වහන්සේ රාග චරිත ඇති පුද්ගලයාට අශුභ කථාව දේශනා කරණ සේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
f1b24dd6867db5456a35513bac369369949ee18c9fbebed189896b56bfe8657c
target:pali-sinhala-parallel:67984:37
භාග්‍යවතුන් වහන්සේ ද්වේෂ චරිත ඇත්තහුට මෛත්‍රී භාවනාව දේශනා කරණසේක, භාග්‍යවතුන් වහන්සේ මෝහ චරිත පුද්ගලයා ඉගෙණීමෙහි ප්‍රගුන කිරීමෙහි ගුරුවරුන් ආශ්‍රය කිරීමෙහි යොදවනසේක, භාග්‍යවතුන් වහන්සේ විතර්ක චරිත
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
fdd497157a010413e5a8de768d9a6bb1e2db2f64f550555fba692f65ca9ea1a3
target:pali-sinhala-parallel:67984:38
ඇති පුද්ගලයාට ආනාපාන සතිය දේශනාකරණ සේක, භාග්‍යවතුන් වහන්සේ ශ්‍රද්ධා චරිත ඇති පුද්ගලයාට බුදුන් කෙරෙහිවූ මනා බුද්ධත්වයද ධර්මය කෙරෙහි යහපත් ධර්මත්වයද සංඝයාගේ සුපිළිපන් බවද තමන්ගේ ශීලයන්ද දේශනා කරණ සේක,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
14fdd149949b967f3385044fae3f75a31e9e7a3c5d30c14d0e050c6789518b56
target:pali-sinhala-parallel:67984:39
භාග්‍යවතුන් වහන්සේ බුද්ධි චරිත ඇත්තාහට අනිත්‍යාකාරවූ දුක්ඛාකාරවූ අනාත්මාකාරවූ විදර්ශනා නිමිත්ත දේශනා කරණ සේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
f00299cb103e833d6f82042cd64cbccd3d2e7eba6fb6766c918d962d36a110ef
target:pali-sinhala-parallel:67984:4
නීලවර්ණය, කහවර්ණය, රතුවර්ණය, කළුවර්ණය, සුදුවර්ණය, යනුයි යම් තැනක ඇසේ ලෝම පිහිටියේවේද එය නීලවර්ණ වෙයි. පහදවන දැකුම්කළු “උම්මා” නම් නිල්මල මෙන් වෙයි. එයට එහා කහපාට වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
84c908fded8794a0b3210ebed8a9ee7558c6bf92f38889f1870a0891ef9097d8
target:pali-sinhala-parallel:67984:40
5 “යම්සේ පර්වතයක් මුදුනෙහි සිටියෙක් හත්පස ජනයාට පෙණෙන්නේද සුමෙධය, මේ සමතැස් ඇති පහවූ ශොක ඇති බුදුරදුන් වහන්සේ එවැනි උපමා ඇති ධර්මයට නැමැති ප්‍රාසාදයට නැගී ජාති ජරාවෙන් මඩනාලද ශෝකයට බැසගත් ජනසමූහය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
a67f7b1c022abf1f4ef17f9a194196d587bb26f01db7d194f95a42ef8205d303
target:pali-sinhala-parallel:67984:41
දක්නා සේක.” මෙසේ භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින්ද විවෘත ඇස් ඇති සේක, කෙසේ භාග්‍යවතුන් වහන්සේ සමතැසින් විවෘත ඇස් ඇති සේක්ද, “සමතැස” යයි සර්වඥතා ඥානයට කියයි භාග්‍යවතුන් වහන්සේ සර්වඥතාඥානයෙන් යුක්තවූ සේක 6
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
81d2a3574e9ed78c3f3fbbd7322def219be75bdc85cc8ab5f56402566cf1c7f8
target:pali-sinhala-parallel:67984:42
“මේ ලොව උන්වහන්සේ නොදුටු කිසිවක් නැත. දතයුතුවූ නොදත් දෙයක් නැත. යම්කිසි දැනගතයුතු ධර්මයක් ඇද්ද සියල්ල දැන ගත්සේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
72207c3a38bd0939b8a8f512346d325945fd62534099d9526c44ff64092183d4
target:pali-sinhala-parallel:67984:43
එහෙයින් තථාගතයන් වහන්සේ සමන්තචක්ඛු නමි” මෙසේ භාග්‍යවතුන් වහන්සේ සමතැසින්ද විවෘත ඇස් ඇති සේක, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
9caf258cdd7ed3fded473e7d05a1155aca8066a0758f346d7627ceee3ebabe61
target:pali-sinhala-parallel:67984:44
7 “උවදුරු නැති කරණ ප්‍රත්‍යක්ෂ ධර්මය” යන්නෙහි මෙය මෙසේමයයි ගත් ධර්මයක් නොවේ පරම්පරාවෙන් ගත් ධර්මයක් නොවේ. කොටස් කොටගත් ධර්මයක් නොවේ. තර්ක හේතුවෙන් ගත් ධර්මයක් නොවේ. න්‍යාය හේතුවෙන් ගත් ධර්මයක් නොවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
5318cdbb0f5181d23cba8ccf8dbfd3b32cbfb433fc4509af75aaab5ed49ee531
target:pali-sinhala-parallel:67984:45
ආකාරයෙන් සිතාබලාගත් ධර්මයක් නොවේ. දාෂ්ටියෙන් බලාගත් ධර්මයක් නොවේ තනිව තෙමේ මනාකොට දැන තමාට ප්‍රත්‍යක්ෂ ධර්මයක්නුයි ප්‍රත්‍යක්ෂ ධර්මය නමි. 8 “උවදුරු නැතිකරණ” යන්නෙහි උවදුරු දෙකක් වෙති.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
1d8a0f9ec36b2a6bf6dc83ea1cab0f04bfb19765c5fca6ee4b3ea9e79dd642cd
target:pali-sinhala-parallel:67984:46
ප්‍රකට උවදුරුද වැසුන උවදුරුද යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
e5dca0dd46d848205f5c53858095f10b4dda3efc25c2959cda80a27fe0036ed0
target:pali-sinhala-parallel:67984:47
ප්‍රකට උවදුරු කවරේද, සිංහයෝය, ව්‍යාඝ්‍රයෝය, දිවියෝය, වලස්සුය, කලුහිස් වලස්සුය, ව්‍යාඝ්‍රයෝය, මීම්මුය, සර්පයෝය, ගෝනුස්සෝය, පත්තෑයෝය, කරණ ලද හෝ නොකරණ ලද වැඩ ඇති සොරුන් හෝ මිනිස්සු වෙද්ද ඔවුහුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
e744702a10118306bc2bd9df2c1b7a9772c2b6ba523ca5708d7f910f86dc103f
target:pali-sinhala-parallel:67984:48
ඇස් රෝගය, කන්රෝගය, නාසේ රෝගය දිවේ රෝගය, කයේ රෝගය, හිසේ රෝගය, කණේ රෝගය, මුඛයේ රෝගය, දත්රෝගය, කාශය, ක්ෂය, පීනසය, දාහය උණය, කුසෙහි රෝගය, මූර්ඡාවය, රක්ත අතීසාරය, ඇඟ විදින්නාමෙන් ඇතිවන රෝගය, මහා අතීසාරය,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
f79355e9c15a80f8ee4a0fd0dbc4273649c447eede78452fc6561285494b5993
target:pali-sinhala-parallel:67984:49
කුෂ්ටය, ගඩුය, කිලාසය, ස්වාශ රෝගය, අපස්මාරය, දදය, කැසීමය, කුඩා බිබිලිය, නියෙන් කැසූ තැන වණවන රෝගය, මහ කැසීම්ය, රත්පිතය, මධුමෙහය, අංශභාග නම් රෝගය, පිළිකාය, භගන්දරාය, පිතින්වන රෝගය, සෙමින්වන රෝගය,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
9adcb1fd52780d335a51c2b66e0c251e6965caefbba487c9e56db0c76394413b
target:pali-sinhala-parallel:67984:5
රන්වන්වූයේ මනා පහදවන්නේ කිණිහිරි මලසේ වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ඇස් ගෝල දෙක රතුවෙත්. මනා රතුවෙත් පහදවන්නාහු වෙත්. දැකුම් කළුවෙත්. ඉන්දගොපක නම් පණු වර්ගයේ පැහැය මෙන් වෙත්. මැද කළුපාට වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
d31f7ec583d0932b229c324d1b0a9c6c8eab4314c921f94ff1406bf384d94391
target:pali-sinhala-parallel:67984:50
වාතයෙන්වන රෝගය, තුන්දොසින්වන රෝගය ඍතු විපර්‍ය්‍යාසයෙන් වන රෝගය, විෂම පැවැත්මෙන්වන රෝගය, උපක්‍රමයෙන් උපන් රෝගය, කර්ම විපාකයෙන් වන රෝගය ශීත, උෂ්ණ, බඩසාය, පිපාසය මලමුත්‍ර කෘත්‍ය දැයි යන මේ රෝගද ඩැහැලේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
63cd318758eb334824561df0f0c2087482c7f871b5b0b65a7dc20e7532afdbee
target:pali-sinhala-parallel:67984:51
බොන මැස්සෝය මදුරුවෝය වාතය අව්වය දීර්ඝ ජාතීහුය යන මොවුන්ගේ ස්පර්ශයෙන් හෝ ඇතිවන උවදුරුද යන මෙය ප්‍රකට උවදුරුවෙත් වැසුන උවදුරු කවරහුද කාය දුශ්චරිතය වාග් දුශ්චරිතය, මනස් දුශ්චරිතය කාමච්ඡන්ද නීවරණය,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
21ae6560299425fdc41531016617f4a4d6dec0cb4b0a6923f8df08437dda0711
target:pali-sinhala-parallel:67984:52
ව්‍යාපාද නීවරණය ථින මිද්ධ නීවරණය උද්ධච්ච කුක්කුච්ච නීවරණය විචිකිච්ඡා නීවරණය, රාගය ද්වේෂය මෝහය ක්‍රෝධය බද්ධ වෛරය, ගුණමකුකම උතුමන් තමන් හා සම කිරීම ඊර්‍ෂ්‍යාව මසුරුකම රැවටිල්ල කෛරාටිකකම තදගතිය එකට එක
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
8117a3f441d03b21c95365d09c8c21cf3dc5d2186899e0a484d562ea4508878f
target:pali-sinhala-parallel:67984:53
කිරීම මානය ඇති මානය මදය ප්‍රමාදය සියලු කෙලෙස් සියලු පීඩා සියලු දැවිලි සියලු තැවිලි සියුම් අකුශල රැස්කිරීම් මොවුහු වැසුන උවදුරු යයි කියත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
e145c9f6e969235a8a04afea4cd9dd42d347c195589f962a86707f92dc18d1fa
target:pali-sinhala-parallel:67984:54
“උවදුරු” යනු කවරාර්ථයකින් උවදුරු නම්, වෙත්ද මැඩ පවත්වානුයි’ උවදුරු නම් පරිහානියට පැමිණේනුයි උවදුරුනමි, එහි වාසය වෙනුයි උවදුරුනමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
14fabc2267d475ab1891266d8f497ac94a0855c618e2f80e3f3c41d513b89bb7
target:pali-sinhala-parallel:67984:55
9 කෙසේ මැඩපවත්වානුයි උවදුරු නම් වෙත්ද ඒ උවදුරු ඒ පුද්ගලයා මැඩපවත්වත් යටකරත් මඩිත් පරිහානිය පැමිණේනුයි කෙසේ උවදුරු නම් වෙද්ද, ඒ උවදුරු කුශල ධර්මයන්ගේ අන්තරාය පිණිස පිරිහීම පිණිස පවතිත් කවර කුශල
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
42f8895678b272d4eed6c3f5c41d3fcac990522f4da7fa8c59d08228ef511770
target:pali-sinhala-parallel:67984:56
ධර්මයන්ගේද සම්‍යක් ප්‍රතිපදාව පිණිස අනුලොම ප්‍රතිපදාව පිණිස නිවැරදි ප්‍රතිපදාව පිණිස අන්වර්ථ ප්‍රතිපදාව පිණිස ධර්මානු ධර්ම ප්‍රතිපදාව පිණිස ශීලයන් සම්පූර්ණ කිරීම පිණිස ඉන්ද්‍රියයන්හි වැසූ දොර ඇතිවීම
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
3e00ba0516e2ce64d7ecbb867907a777fde688fb7bca8ba8580f530bd975b627
target:pali-sinhala-parallel:67984:57
පිණිස භොජනයන්හි පමණ දැනීම පිණිස නිදිදුරු කිරීම් පිණිස සිහිනුවණ පිණිස සතර සතිපට්ඨානයන් වැඩීම පිණිස සතර සම්‍යක් ප්‍රධානයන්ගේ සතර ඍද්ධිපාදයන්ගේ පඤ්චෙන්ද්‍රියයන්ගේ පඤ්ච බලයන්ගේ සප්ත බොධ්‍යංගයන්ගේ ආර්‍ය්‍ය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
a74e323db1da87461773606102011faea0eb598f3019b6e97af1df8684406a6b
target:pali-sinhala-parallel:67984:58
අෂ්ටාංගික මාර්ගයේ වැඩීම පිණිසද යන මේ කුශල ධර්මයන්ගේ වැඩීම පිණිස යනුයි උවදුරු යනු (1-4) 4 (ii) උවදුරු යන තැන සිට යොදාගත යුතුයි.) 10 “උවදුරු හික්මීම” යනු උවදුරු දුරු කිරීම, උවදුරු සංසිඳීම, උවදුරු
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b817
962c5ec7296c1b4801aeb0604b7f8a088ffe84c319a1e070760c126f6a73da22