sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:67999:17
කරයි, සහෝදරිය සහෝදරිය සමග විවාද කරයි, සහෝදරයාද සහෝදරිය සමග විවාද කරයි සහෝදරියද සහෝදරයා සමග විවාද කරයි, යහලුවාද යහලුවා සමග විවාද කරයි, ඔවුහු එහි කලහ විග්‍රහ විවාදයට පැමිණියාහු ඔවුනොවුන් පහර දෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
239ad307b4775a3b958d318d0d3805fbd90c0fd8a42bdada04f275dddac6ad7b
target:pali-sinhala-parallel:67999:18
කැට කැබලිති වලින්ද පහර දෙත්. දඬුවලින්ද පහර දෙත්, ආවුධ වලින්ද පහර දෙත්. ඔවුහු එහි මරණයටද පැමිණෙත්. මරණය සමාන දුකටද පැමිණෙත් යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
9f395cfe0014e97dadbdc83955a290814f2f34ebf76a9a9755af47645f9dbb34
target:pali-sinhala-parallel:67999:19
5 “දැක මට බිය පැමිණියේය” යනු දැක බලා සමකොට බලා තීරණය කොට ප්‍රකට කොට භය, පීඩාව, ඝට්ටනය, උපද්‍රවය පැමිණියේය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
0068fabc4ac71cb49adc67e89a513b9a3ba414b4edb6fa79b33fd49ccef0190a
target:pali-sinhala-parallel:67999:2
මානයෙන් බැඳී කම්පාවන උද්ධච්චයෙන් සිහි මුලාවට පැමිණ කම්පාවන නිමාවට නොපැමිණි විචිකිච්ඡාවෙන් කම්පාවන උත්සාහවත් බවට පත් අනුසය යන්ගෙන් කම්පාවන, ලාභයෙන් කම්පාවන, අලාභයෙන් කම්පාවන, කීර්තියෙන් කම්පාවන,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
4dbe97827e47fd6cd2171366250c83ce419cb5e4028dfe185c573a5b4b0611e5
target:pali-sinhala-parallel:67999:3
අපකීර්තියෙන් කම්පාවන, ප්‍රශංසාවෙන් කම්පාවන නින්දාවෙන් කම්පාවන, සැපතින් කම්පාවන, දුකින් කම්පාවන, ඉපදීමෙන් කම්පාවන, ජරාවෙන් කම්පාවන වන, මරණයෙන් කම්පාවන, ශොක වැළපීම් කායක දුක් දොම්නස් උපායාසයන්ගෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
e75b140ce7648d50300f28dd100edbe59c65aacf2378d86a6566ecf8a95ff3c2
target:pali-sinhala-parallel:67999:4
කම්පාවන නරක දුකින් කම්පාවන, තිරිසන් යොනි දුකින් කම්පාවන, ප්‍රෙතවිෂයික දුකින් කම්පාවන, මානුසික දුකින් කම්පාවන මවුගැබට බැසගැන්ම මුල්කොට ඇති දුකින්, ගර්භයෙහි වාසය මුල්කොට ඇති දුකින් ගැබින් නික්මීමේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
dd53b10bdd2fa9f5d012a0e7db2f146c59bd2a759c68e7cd28a9e5f60440b419
target:pali-sinhala-parallel:67999:5
දුකින්, උපන්නහුට බන්ධනාදියෙන් ඇති වන දුකින් උපන්නහුට අනුන්ගෙන් ඇතිවන දුකින් තමාගේ උපක්‍රමයෙන් ඇතිවන දුකින් අනුන්ගේ උපක්‍රමයෙන් ඇතිවන දුකින් කායික දුක්ඛයෙන් සංසාර දුකින් විපරිනාම දුක ඇස්රෝග දුක කන්රෝග
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
debfa5bcf5627636a18754a5ab27c9c9362cec29010e5152f93f451806f2266f
target:pali-sinhala-parallel:67999:6
දුක නාසික රෝග දුක, දිවේ රෝග දුක, කාය රෝග දුක, හිසේ රෝග දුක, කණේ රෝග දුක, මුඛ රෝග දුක, දත් රෝග දුක, කැසි රෝග දුක, ක්ෂය රෝග දුක, පීනැස්රෝග දුක, දාහරෝග දුක, උණ රෝග දුක, කුසේ රෝග දුක, මුර්ඡා දුක, ලේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
626fbab3c8c31df0a00bc0968af66077b2a7d6c4406d2763aa20501df99601e9
target:pali-sinhala-parallel:67999:7
අතීසාර රෝග දුක, සුල රෝග දුක, අතීසාර රෝග දුක, කුෂ්ටරෝග දුක, ගඩරෝග දුක, කඩුවේගන් නම් කුෂ්ටරෝග දුක, ස්වාශ රෝග දුක, අපස්මාර රෝග දුක, දද රොග දුක, කැසීම් රෝග දුක, කුෂ්ට රෝග දුක, නියමුල වනවීමේ රෝග දුක,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
6555f7f560c37019f601f2b73216bd139571faabb1359b230b1afe84b8070fa3
target:pali-sinhala-parallel:67999:8
වීතච්ඡිකා නම් කුෂ්ට රෝග දුක, ලේ පිළිබඳ රෝග දුක, පිත් රෝග දුක මධුමෙහ දුක, අංසානම් රෝගදුක, පිළිකා නම් රෝග දුක, භගන්දලානම් රෝග දුක, පිතින් උපන් ආබාධ දුක, සෙමින් උපන් ආබාධ දුක, වාතයෙන් උපන් ආබාධ දුක,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
51d0a56bd8ea690f4d056aa09805397c3577415b29e52a153a1bcd6992721fed
target:pali-sinhala-parallel:67999:9
සන්නිපාතික ආබාධ දුක, ඍතු වෙනස්වීමේ රෝග දුක, විෂම පැවැත්මෙන් ඇතිවන රෝග දුක, උපක්‍රමයෙන් ඇතිවන රෝග දුක, කර්ම විපාකයෙන් ඇතිවන රෝග දුක, ශීතයෙන් උෂ්ණයෙන්, බඩගින්නෙන්, පිපාසයෙන් ඇතිවන දුක, මලපහකිරීම පිළිබඳ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
34c6c993edeea22cee6bc02528be2f38577f051a9140f813f531ff0833ded2fc
target:pali-sinhala-parallel:68000:0
(15 - 3) 1 “ලෝකය හාත්පසින් අසාරය” යන්නෙහි ‘ලෝකය’ නම් නිරය ලෝකය තිරිසන් යෝනි ලෝකය, ප්‍රෙතවිෂයික ලෝකය, මිනිස් ලෝකය, දිව්‍ය ලෝකය, ස්කන්ධ ලෝකය, ධාතු ලෝකය, ආයතන ලෝකය, මේ ලෝකය, පරලෝකය, බ්‍රහ්මලෝකය, දිව්‍ය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
89a3e66add4198bfb4edec99c15cc171afc36839b2ec2b4fd5c41729602bc44e
target:pali-sinhala-parallel:68000:1
ලෝකය, යන මෙය ලෝකය යයි කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
1d11da386a9cb8ef5a6457f33a2d4ae6aedeb721794f9e6917b62063fe328663
target:pali-sinhala-parallel:68000:10
නිස්සාරය සාරයෙන් ඉවත්වූයේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
de40ca3c7a01915a33a15ebb64f6c2aa4db0547561e77f2dd18fcca3c18c6283
target:pali-sinhala-parallel:68000:11
ස්කන්ධ ලෝකය, ධාතු ලෝකය, ආයතන ලෝකය, මේ ලෝකය, පරලෝකය, බ්‍රහ්ම ලෝකය, දිව්‍යලෝකය, නිත්‍යසාර සාරයෙන් හෝ සුඛසාර සාරයෙන් හෝ ආත්මසාර සාරයෙන් හෝ නිත්‍යයෙන් හෝ ධ්‍රැවයෙන් හෝ ශාස්වතයෙන් හෝ නොවෙනස් ධර්මවශයෙන් හෝ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
68414ec93161a73736410f98603b15b055d9070119591b27cee29b1153d1a10a
target:pali-sinhala-parallel:68000:12
අසාරය නිශ්ශාරය සාරයෙන් ඉවත්වූයේය යනුයි. 2 “සියලු දිශාවෝ කම්පිතයහ” යනු පෙරදිග යම් සංස්කාරයෝ වෙත්ද ඒ වාද අන්‍යොන්‍යයන් කම්පිතයහ සැලෙන්නාහ ගැටුනාහ. ජාතිය අනුව ගියේය. ජරාවෙන් විසුරුවන ලද්දේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
35f42df5e1a5495a28abc00e4e8116db0d2c0aca3dcf26640cb245e0aebdd879
target:pali-sinhala-parallel:68000:13
ව්‍යාධියෙන් මඩනා ලද්දේය. මරණයෙන් මඩනා ලද්දේය. දුකෙහි පිහිටියේය. ආරක්ෂා ස්ථානයක් නැත. පිහිටක් නැත. පිහිටක් නැති බැවින් යුක්තය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
e6f870375e5dd636ab3008d00a68d524d1fd28a36e03eaaba417245fa700fb37
target:pali-sinhala-parallel:68000:14
යම් පෙරදිශාවෙහි සංස්කාරයෝ වෙද්ද, යම් අපර දිශාවෙහි සංස්කාරයෝ වෙද්ද, යම් උතුරු දිශාවෙහි සංස්කාරයෝ වෙද්ද, යම් දකුණු දිශාවෙහි සංස්කාරයෝ වෙද්ද, යම් පෙරදිග අනුදිග සංස්කාරයෝ වෙද්ද, යම් අවරදිග අනුදිග
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
05a11d1ff95c43fcef28ff5a924fd7419796a331d0c8f84fc76a4dc77542f4d5
target:pali-sinhala-parallel:68000:15
සංස්කාරයෝ වෙද්ද, යම් උතුරු අනුදිගෙහි සංස්කාරයෝ වෙද්ද, යම් දකුණු අනුදිග සංස්කාරයෝ වෙද්ද, යම් යට දිශාවෙහි සංස්කාරයෝ වෙද්ද, යම් උඩ දිශාවෙහි සංස්කාරයෝ වෙද්ද, යම් දශ දිශාවෙහි සංස්කාරයෝ වෙද්ද, ඒ සංස්කාරයෝද
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
94118d61403c64102a21ce1a4cb24600a9c78ea74590c30426faceffc3af9d17
target:pali-sinhala-parallel:68000:16
අනිත්‍යයෝ කම්පිතයහ. සැලෙන්නාහ. ගැටුනාහ. ජාතිය අනුව ගියේය. ජරාවෙන් විසුරු වන ලද්දේය. ව්‍යාධියෙන් මඩනා ලද්දේය. මරණයෙන් මඩනා ලද්දේය. දුකෙහි පිහිටියේය. ආරක්ෂා ස්ථානයක් නැත. පිහිටක් නැත.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
ec17cce0051efd4d57f6aa8101d327a8fbc8368edd921ff3655cc82c3ce7a19a
target:pali-sinhala-parallel:68000:17
පිහිටක් නැති බැවින් යුක්තය මෙයද කියන ලද්දේය. 3 “හුදෙක් උතුරුදිශාවෙහි බබලන්නාවූ දිලිසෙන්නාවූ විමානයක් වෙයි. හැමකල්හි වෙවුලන්නාවූ රූපයෙහි යුද්ධය දැක එහෙයින් යහපත් නුවණැත්තේ රූපයෙහි නොඇලෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
74feb002ba83e3768878cfd85f96c6c45fd07c040e6649838a1da6b959b14f76
target:pali-sinhala-parallel:68000:18
“ලෝකය මරුවා විසින් මැඩගන්නා ලදී. ජරාවෙන් පිරිවරණ ලද්දේය ආශා හුලින් බැසගත්තේය. ආශාවෙන් දුම් දමන ලද්දේ වෙයි.” “සියලු ලෝකය දැල්වුනේ වෙයි. සියලු ලෝකය දුමින් වැසුනේය. සියලු ලෝකය දිලිසෙන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
67598c459fd1653406cac0c62eea00b01aa3a6cd2b696a2dca91d1830e2fef94
target:pali-sinhala-parallel:68000:19
සියලු ලෝකය කම්පාවන්නේය” යනූයි. “තමාගේ ආරක්ෂාව කැමතිවන්නේ” යනු තමාගේ පිහිට ආරක්ෂාව, ගතිය, පරායනය, කැමතිවන්නේ බලාපොරොත්තු වන්නේ, ආශාකරන්නේ යනුයි 4 “ගිලන් නොවූවකු නොදකිමි” යනු ගිලන්නහුම දකිමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
d6d8992810ffeb5de77d377c88bd4cf5c78567caa613a8601aa9cb8566c46d33
target:pali-sinhala-parallel:68000:2
නිරය ලෝකය නිත්‍ය සාර සාරයෙන් හෝ සුඛසාර සාරයෙන් හෝ ආත්මසාර සාරයෙන් හෝ නිත්‍ය වශයෙන් හෝ ධ්‍රැව වශයෙන් හෝ ශාස්වත වශයෙන් හෝ නොවෙනස්වන ධර්මයෙන් හෝ අසාරය නිස්සාරය සාරයෙන් පහවූවක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
72f01590f08f5fba2381803593c02166af235c96856ccc33f4c6e1b7f9292714
target:pali-sinhala-parallel:68000:20
නොගැලුනෙකු නොදකිමි. සියලු තරුණකම ජරාවෙන් වසාගන්නාලදී. සියලු නිරොගකම ලෙඩෙන් වසාගන්නාලදී. සියලු ජීවිතය මරණයෙන් වසාගන්නා ලදී. සියලු ලාභය අලාභයෙන් වසාගන්නා ලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
e1ba87db3d310a6a6452179e8e6aee9701881ae4539f1a42e03d8f3c279b463e
target:pali-sinhala-parallel:68000:21
සියලු කීර්තිය අපකීර්තියෙන් වසාගන්නාලදී, සියලු ප්‍රශංසාව නින්දාවෙන් වසාගන්නාලදී. සියලු සැපය දුකින් වසාගන්නා ලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
86c80bc50edc3d50f15956d2e6c6cdae676692f8b45634e2cc11a416d4ba9162
target:pali-sinhala-parallel:68000:22
5 “ලාභයද, අලාභයද, කීර්තියද, අපකීර්තියද, නින්දාවද, ප්‍රශංසාවද, සැපයද, දුකද යන මනුෂ්‍යයන් පිළිබඳ ධර්මයෝ හැමදා නොපවත්නාහ. වෙනස්වන ධර්මයෝ වෙති” නොගිලුන කෙනෙකු නොදකිමි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
8daf9fa30f88fa8444d4852fa339fe5ec785e3edf4b6bb3a324a082fa7170f3c
target:pali-sinhala-parallel:68000:23
“සියලු ලෝකය හාත්පසින් අසාරය. සියලු දිශාවෝ කම්පිතයහ. ජරාදියෙහි බැසනොගත් තමන්ගේ පිහිට බලාපොරොත්තු වන්නෙකු නොදකිමි” යනුයි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
1c82de878f9687ed382c6f5d6ba78717586842bd41cb181e8eb8eb4b0fcedd54
target:pali-sinhala-parallel:68000:3
තිරිසන් යෝනි ලෝකය, ප්‍රෙතවිෂයික ලෝකය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය, ස්කන්ධලෝකය, ධාතු ලෝකය, ආයතන ලෝකය, මේ ලෝකය, පරලෝකය, බ්‍රහ්ම ලෝකය, දිව්‍ය ලෝකය, නිත්‍යසාර සාරයෙන් හෝ සුඛ සාර සාරයෙන් හෝ ආත්මසාර සාරයෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
8df1c42c63a65ff4f7e435977b4226f2a8e82d6679168859f50303c1045daf42
target:pali-sinhala-parallel:68000:4
හෝ නිත්‍ය වශයෙන් හෝ ධ්‍රැව වශයෙන් හෝ නොවෙනස්වන ධර්මයෙන් හෝ අසාරය නිස්සාරය සාරයෙන් පහවූවෙක. යම්සේ වනාහි බට ගස අසාරය නිස්සාරය ඉවත්වූ හරය ඇත්තේය. යම්සේ එරඬු ගස අසාරය නිස්සාරය හරයෙන් ඉවත්වූයේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
3778dc7e6349f20dfd2c1996c56e1b23fe655edc02344c8207d0861e6be3f33b
target:pali-sinhala-parallel:68000:5
යම්සේ අට්ටික්කා ගස අසාරය නිස්සාරය හරයෙන් ඉවත්වූයේය. යම්සේ සෙත කච්ඡ නම් ගස අසාරය නිස්සාරය, ඉවත්වූ හරය ඇත්තේය. යම්සේ එරබඳු නම් ගස අසාරය නිස්සාරය, හරයෙන් ඉවත්වූයේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
d2c7c15005c90c72fb6cac4bbaa024e95763c696d7d31e8e9a18f887ba5c14c7
target:pali-sinhala-parallel:68000:6
යම්සේ පෙනපිඩ අසාරය නිස්සාරය, හරයෙන් ඉවත්වූයේය. යම්සේ දිය බුබුල අසාරය නිස්සාරය හරයෙන් ඉවත්වූයේය. යම්සේ මිරිඟුව අසාරය නිස්සාරය හරයෙන් ඉවත්වූයේය. යම්සේ කෙහෙල් කඳ අසාරය, නිස්සාරය හරයෙන් ඉවත්වූයේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
13c801ff1b3456284429ea5701a2ba2665ba9db1587ec9ea0090d2cb4961d838
target:pali-sinhala-parallel:68000:7
යම්සේ මායාව අසාරය නිස්සාරය හරයෙන් ඉවත්ය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
a5cc7c6627cbf32516e02ba536d53b0144076985b201573f04475a790aa1dbce
target:pali-sinhala-parallel:68000:8
එපරිද්දෙන්ම නිරය ලෝකය නිත්‍යසාර සාරයෙන් හෝ සුඛසාර සාරයෙන් හෝ ආත්මසාර සාරයෙන් හෝ නිත්‍යවශයෙන් හෝ ධ්‍රැව වශයෙන් හෝ ශාස්වත වශයෙන් හෝ වෙනස් නොවන ධර්මයෙන් හෝ අසාරය නිස්සාරය සාරයෙන් ඉවත්වූයේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
a0d0b5ae26cbaa84addcadaeb33be62419b105500e9c8925a30d686afaec3a33
target:pali-sinhala-parallel:68000:9
තිරිසන් යොනි ලෝකය, ප්‍රෙතවිෂයික ලෝකය, මනුෂ්‍යලෝකය, දිව්‍යලෝකය නිත්‍යසාර සාරයෙන් හෝ සුඛසාර සාරයෙන් හෝ ආත්මසාර සාරයෙන් හෝ නිත්‍යයෙන් හෝ ධ්‍රැවයෙන් හෝ ශාස්වත වශයෙන් හෝ වෙනස් නොවන ධර්මයෙන් හෝ අසාරය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
bad42c40791219bd11aa01c14070d2323e3160ab84237d19d379f7d20c85807f
target:pali-sinhala-parallel:68001:0
(15 - 4) 1 “අවසන්කොට විරුද්ධවූ සත්වයන් යන්නෙහි සියලු යෞවනත්වය ජරාවෙන් විනාශවෙයි. සියලු නිරෝගීකම ව්‍යාධියෙන් විනාශවෙයි. සියලු ජීවිතය මරණයෙන් විනාශවෙයි. සියලු ලාභය අලාභයෙන් විනාශවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
e077ac818530af9d5b949f83a24e254fba0d3e161d19bdeef2068980b4ed1999
target:pali-sinhala-parallel:68001:1
සියලු කීර්තිය අපකීර්තියෙන් විනාශවෙයි. සියලු ප්‍රශංසාව නින්දාවෙන් විනාශවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
b6df3c072da207635f09759ff6673fec3ba8fa5be2a93d0cee0cfcd08d18b0f4
target:pali-sinhala-parallel:68001:2
සියලු සැපත දුකින් විනාශවෙයි ‘විරුද්ධවූවන්’ යනු යෞවනය කැමති සත්වයෝ ජරාවට විරුද්ධයහ, නිරෝගිකම කැමති සත්වයෝ ව්‍යාධියට විරුද්ධයහ. ජීවත්වනු කැමැත්තෝ මරණයට විරුද්ධයහ. ලාභය කැමැත්තෝ අලාභයට විරුද්ධයහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
c47e004a33a2f0ca13ed85571f4ad24b393a7475ac9e68b095573e89227a929f
target:pali-sinhala-parallel:68001:3
කීර්තියට කැමැත්තෝ අපකීර්තියට විරුද්ධයහ. ප්‍රශංසාව කැමැත්තෝ නින්දාවට විරුද්ධයහ. සැප කැමැත්තෝ දුකට විරුද්ධයහ. ගැටුනේය. වෛරයෙන් යුක්තය යනුයි. 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
3541d59f51dcd78408848a4158579eda5b125d9f9e2b5585e900d9771a8d31d6
target:pali-sinhala-parallel:68001:4
“දැක මාගේ කළකිරීම විය” යන්නෙහි දැක යනු බලා සමකොට තීරණයකොට ප්‍රකටකොට යනුයි. ‘මාගේ නො ඇල්ම යනු යම් නොඇල්මක් ඇද්ද, ආශාරහිත බවක් ඇද්ද යම් කළකිරීමක් ඇද්ද එයයි යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
eb7e4f5456c98e0e9870b160ef15403019ae46173a6dd12a326ede4db5f86f27
target:pali-sinhala-parallel:68001:5
3 “ඉක්බිති මෙහි රාගාදී හුල් දැක්කෙමි” යන්නෙහි ඉක්බිති යනු පදසන්ධියයි. පද ගැලපීමයි. පද පූරණයකි. පහසුවෙන් කියවීම පිණිස යෙදුවකි. මේ පද පිළිවෙළයි. “මෙහි” යනු සත්වයන් කෙරෙහි යනුයි. “හුල්” යනු හුල් සතකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
eaa1d63b1958165087d9e988ae98e77178683d2d033107043f5b7964a2aa3f23
target:pali-sinhala-parallel:68001:6
රාග හුල ද්වේෂ, මොහ, මාන, දෘෂ්ටි, ශෝක, සැකය යන හුල්වෙති. “දැකීම්” යනු දැක්කෙමි. දිටිමි අවබෝධකර ගතිමි යනුයි 4 “හෘදයෙහි ඇති දර්ශනයට දුෂ්කර” යන්නෙහි දුෂ්කරසේ දක්නා යනු අවබෝධයට දුෂ්කර යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
ae6a0742aa80ff341f7626d4a54cb3b4a16a6873d6c951397330e0f55bfb761c
target:pali-sinhala-parallel:68001:7
“හෘදයෙහි ඇති” යන්නෙහි සිතට හෘදයයයි කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
22154597a7bb4996677a11b4f95a291a1e1554ec282f26b225cee014829045e4
target:pali-sinhala-parallel:68001:8
යම් සිතක් මන නම් වේද, මානස නම් වේද, හදය, පණ්ඩර මන මනායතන, මනින්ද්‍රිය, විඤ්ඤාණ, විඤ්ඤාණස්කන්ධ, තජ්ජා මනොවිඤ්ඤාණ ධාතු නම් වේද, හෘදය ආශ්‍රයකොට ඇති සිත ආශ්‍රයකොට ඇති සිත හා එක්වූ එකට උපන් එකට නිරුද්ධ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
a98a5b9861eedd08696fe44ed2e59a17932013afb38d6a14f0cb9c2ae7fd6e5a
target:pali-sinhala-parallel:68001:9
වන්නාවූ එක වස්තුකවූ එකම අරමුණක් ඇති, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
6d394408396cd597f89d568ac1d5dd2405a9cb909a97e93e4a63a638f8e45d24
target:pali-sinhala-parallel:68002:0
(15 - 5) 1 “යම් හුලකින් විදි තැනැත්තේ සියලු දිසාවන්හි දුවයි.” යන්නෙහි හුල් යනු හුල් සතෙකි රාග හුල, ද්වේෂහුල, මොහ, මාන, දෘෂ්ටි, ශොක, සැකය නමැති හුල යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
6f2eb674e9f2edb27f35270c669896b894a251c1225cfd821fd0792750ccf266
target:pali-sinhala-parallel:68002:1
රාග හුල කවරේද, යම් සිතේ ඇලීමක් ඇද්ද බැඳීමක් ඇද්ද, ((2-2) 1 හා (1-3) සස ඡේදය යෙදිය යුතුයි) අභිධ්‍යාව, ලෝභය, අකුශල මූලය යනුයි. මේ රාග හුලයි. 2 ද්වේෂය නමැති හුල කවරේද? මට අවැඩක් කළේයයි වෛරය හටගනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
d3342d015edd721ec0658e35567c8f7e3b2aeef80b447eaf6dbcc8de3bb6001a
target:pali-sinhala-parallel:68002:10
ඇද්ද, දෘෂ්ටි බන්ධනයක් ඇද්ද, පිළිගැනීමක් ඇද්ද බැසගැන්මක් ඇද්ද, වැරදි මාර්ගයක් ඇද්ද, තීර්ථායතනයක් ඇද්ද, මේ දෘෂ්ටි හුලයි 6 ශෝකය නමැති හුල කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
b166646007fe25b998d168b94dd5e3c8c452430eca86a8b8fc947e7475d89daa
target:pali-sinhala-parallel:68002:11
ඥාති ව්‍යසනයෙන් හෝ ස්පර්ශකළහුගේ භොග ව්‍යසනයෙන් හෝ ස්පර්ශවූවහුගේ ශීල ව්‍යසනයෙන් හෝ ස්පර්ශවූවහුගේ දෘෂ්ටි ව්‍යසනයෙන් හෝ ස්පර්ශවූවහුගේ වෙනින් අනික් ව්‍යසනයන්ගෙන් හෝ යුත්තවූවහුගේ ශෝකයක් ඇද්ද, ශෝක කිරීමක්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
78e78ab04c3d7b9173b00799f679e630f7147e7e20cf6bc5abd028d5d805d442
target:pali-sinhala-parallel:68002:12
ඇද්ද ඇතුළත දාහයක් ඇද්ද, සිතේ දොම්නස් ගතියක් ඇද්ද, මේ ශෝකය නමැති හුලයි. 7 සැකය නමැති හුල කවරේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
06319708cbad302c8811e7c73e317cad2065864cdb783fb603e70887bbf6b520
target:pali-sinhala-parallel:68002:13
දුකෙහි සැකය, දුක ඇතිවීමේ හේතුවේ සැකය, දුක්ඛ නිරෝධයේ සැකය, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සැකය, පෙර කාලය පිළිබඳ සැකය, පසුකාලය පිළිබඳ සැකය, පූර්වාපරාන්තය පිළිබඳ සැකය, ප්‍රතිත්‍යසමුත්පාදය පිළිබඳ සැකය,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
049c254a6c7537ee894c55e7d3c87a3a04ad7dfe94202696eea8844c41db00bc
target:pali-sinhala-parallel:68002:14
යම් එබඳුවූ සැකයක්, සැකකිරීම් බවක්, විමතියක් විචිකිච්ඡාවක් අදහස් දෙකක් ඇති බවක් සිතේ පෙරලියක්, ලොමුඩැහැගැන්මක් ඇද්ද මේ සැකය නමැති හුලයි, 8 “යම් හුලකින් විදි තැනැත්තේ සියලු දිශාවන්හි දුවයි.” යනු රාග
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
0dc9ba8bad693a61aa5b48c1a7f2894db11743ec60e452bcaa41e8c06807f4e6
target:pali-sinhala-parallel:68002:15
හුලින් බැසගත් විදි ස්පර්ශවූ යුක්තවූ තැනැත්තේ කයින් දුසිරිත් කරයි. වචනයෙන් දුසිරිත් කරයි. සිතින් දුසිරිත් කරයි. සතුන්ද මරයි. හොරකම්ද කරයි. ගෙවල්ද බිඳියි. කොල්ල කෑමද කරයි. උවදුරෙහිද සිටියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
a206247384291d7e3bf6b60bba18a4bd1995de62920cc60361865db25417ced5
target:pali-sinhala-parallel:68002:16
පරදාර කර්මය පිණිසද යයි. බොරුද කියයි මෙසේද රාගහුලින් බැසගත් විදි තැනැත්තේ ස්පර්ශවූ යුක්තවූ තැනැත්තේ දුවයි. හැසිරෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
f03829b3a1c5e50373f9977d49395db5d58aa4520928729c5368bd592f44a9cf
target:pali-sinhala-parallel:68002:17
යලිදු හෝ රාගය නමැති හුලින් බැසගත් විදි ස්පර්ශ කළ යුක්තවූ තැනැත්තේ භෝගයක් සොයමින් නැවෙන් මහ සමුදුරයට බැස ගනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
57390b0c21d7d74bd931d69234eb1875344036ca852c7cb1c7371b768766f4ee
target:pali-sinhala-parallel:68002:18
ශීතය පෙරටුකොට උෂ්ණය පෙරටුකොට ඩැහැලේ බොන මැස්සෝය මදුරුවෝය වාව් දීර්ඝජාතිහුය යන මොවුන්ගේ ස්පර්ශය විඳිමින් පිපාසයෙන් හා බඩසයින් පෙළෙමින් කැලෑ රොදටද යයි තක්කොල නම් පෙදෙසට යයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
d9b2ce21a3cf2062cbfd448b503a16cfac381775bfdcc9cae01f02790b8c9393
target:pali-sinhala-parallel:68002:19
තක්සලාවට යයි කාලමුඛ නම් ප්‍රදෙශයට යයි. මරණ පාර නම් පෙදෙසට යයි. වෙසුංග නම් පෙදෙසට යයි වෙරාපථ නම් පෙදෙසට යයි. ජව නම් පෙදෙසට යයි. තමසි නම් පෙදෙසට යයි වංග නම් පෙදෙසට යයි එළ බන්ධන නම් පෙදෙසට යයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
6ece35e6f25972c606ada67cb5525cb581c870c0a7d2fce28d871c939f75d9fd
target:pali-sinhala-parallel:68002:2
මට අවැඩ දැන් කෙරේයයි වෛරය හට ගනියි. මට මතු අනර්ථයක් කරන්නේයි. වෛරයහට ගනියයි. (10-3) 1 යෙදිය යුතුයි) චණ්ඩ ගතියක් කඳුළු හෙළීමක් සිතේ නොසතුටු බවක්වේද එයයි 3 මෝහය නමැති හුල කවරේද? දුකෙහි නොදැනීම.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
b39f30499d1685ee1916b00bfa8b3511f4167185cfd5a7ce184f5f675341e792
target:pali-sinhala-parallel:68002:20
සුවණ්ණකූට නම් පෙදෙසට යයි. සුවර්ණභූමි නම් පෙදෙසට යයි. තාමුපර්ණි නම් පෙදෙසට යයි. සුප්පාරක නම් පෙදෙසට යයි. භරුකච්ඡා නම් පෙදෙසට යයි. සූරට්ඨ නම් පෙදෙසට යයි. අංගලොක නම් පෙදෙසට යයි. ගංගන නම් පෙදෙසට යයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
3494fe6725d24a5d7c300e7cd7bb79202f3f82b8b07349ad6ca325020feecb9d
target:pali-sinhala-parallel:68002:21
පරම ගංගන නම් පෙදෙසට යයි. යොන් රටට යයි. පරමයොන් රටට යයි වීතක නම් පෙදෙසට යයි මූලපද නම් පෙදෙසට යයි. මරුකන්තාර නම් පෙදෙසට යයි. ජන්නුපථ නම් පෙදෙසට යයි අජපථ නම් පෙදෙසට යයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
7214145b12abf3847f94b1a00ab88ad028ae3d626245f270e2833a2b336c9c72
target:pali-sinhala-parallel:68002:22
මෙණ්ඩක නම් පෙදෙසට යයි සංකුපථ නම් පෙදෙසට යයි. ඡත්තපථ නම් පෙදෙසට යයි වංසපථ නම් පෙදෙසට යයි සකුණපථ නම් පෙදෙසට යයි. මූසික පථ නම් පෙදෙසට යයි. දරීපථ නම් පෙදෙසට යයි. වෙත්තාධාර නම් පෙදෙසට යයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
cdc4694b8971324f0dd5b7d2d437962037fde97dc8fc59523f3a5f972050bc55
target:pali-sinhala-parallel:68002:23
සොයන්නේ නොලැබෙයි නොලැබීම මුල්කොට දුකක් දොම්නසක් ඇති වෙයි සොයන්නේ ලැබෙයි. ලැබරැකීම මුල්කොට දුකක් දොම්නසක් ඇති වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
280eea7e392b6048989bb2e1d0919b48339c732033b9a576e0577fa78122a2d9
target:pali-sinhala-parallel:68002:24
කෙසේ නම් මාගේ භෝගයෝ රජවරු නොගන්නාහුද, සොරු නොගන්නාහුද, ජලයට ගසා නොයන්නාහුද, තමාට අප්‍රිය දූදරු ආදිහු නොගන්නාහු දැයි මෙසේ ආරක්ෂා කරන්නේ ඔහුගේ භොගයෝ බිඳීයත්, විනාශවීයත්, හෙතෙම වෙනස්වීම මුල්කොට දුකක්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
8487a8ed6b99676a6a5a397509c384629e9a0ecb4af47a79a638f0b56acb4228
target:pali-sinhala-parallel:68002:25
දොම්නසක් විඳියි. මෙසේද රාගය නැමැති හුලින් විදියේ ස්පර්ශවූයේ යුක්තවූයේ දුවයි. හැසිරෙයි යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
b01225afe157899ed31034e9e9f6356ce97398b419ef66826edf20326139e418
target:pali-sinhala-parallel:68002:26
9 “ද්වේෂය නැමැති හුලින් මෝහය නමැති හුලින් මානය නමැති හුලින් බැසගත්තේ විදියේ ස්පර්ශවූයේ යුක්තවූයේ කයින් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි සිතින් දුසිරිතෙහි හැසිරෙයි. සතුන්ද මරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
826cf6453aeeaedd87419fe5864c11a31f92b92124a7ead380d634a7100598e6
target:pali-sinhala-parallel:68002:27
හොරකම්ද කරයි. ගෙවල්ද බිඳියි. කොල්ල කෑම කරයි. එකම ගෙයක් වටකොට උවදුරු කරයි. උවදුරෙහිද සිටියි. පරදාර කර්මය පිණිසද යයි. බොරුද කියයි. මෙසේ මාන සල්ලයෙන් බැසගත්තේ විදියේ ස්පර්ශකළේ යුක්තවූයේ දුවයි, හැසිරෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
4a0af01e168a36cfedcc1e0e8007be96eca03dd143a7e7db22433acf8d03a3ce
target:pali-sinhala-parallel:68002:28
10 දෘෂ්ටි හුලින් බැසගත්තේ විදියේ ස්පර්ශ කළේ යුක්ත වූයේ නිර්වස්ත්‍ර නිඝණ්ඨයෙක් වෙයි. පහකරණ ලද හොඳ සිරිත් ඇත්තේ වෙයි. කෑම කා අත ලෙවන්නේ වෙයි. කැඳවූ කල නොඑන්නේ වෙයි සිටින්නට කී කල නොසිටින්නේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
6ad6958f81a80d3e1e2ee30d8959f5e4eaf503ccc25146f55bbf51c4c59a6419
target:pali-sinhala-parallel:68002:29
කාලයට පළමු ගෙනා කෑම නොගනියි. තමන් උදෙසා තැනූ කෑම නොගනියි. ආරාධනාකොට දුන් කෑම නොගනියි. සැලියේ කටින් ගෙනත් දුන් කෑම නොගනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
0538922d97580ef49f59d4eb09e0ff92a3cb0573b774052f25f2cb967ef50706
target:pali-sinhala-parallel:68002:3
දුක් ඇතිවීමේ හේතුව නොදැනීම, දුක්ඛ නිරෝධය නොදැනීම, දුක් නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව ගැන නොදැනීම, පූර්වාන්තය නොදැනීම, අපරාන්තය නොදැනීම, පූර්ව පරාන්තය නොදැනීම, හේතු ප්‍රත්‍ය ධර්මයවූ ප්‍රතීත්‍ය සමුත්පාදයන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
94b802ff9a233aa5260791ab728d181c7e96b06b7125564e2b3d41f38ddf43d0
target:pali-sinhala-parallel:68002:30
කූඩයේ කටින් ගෙනත් දෙන කෑම නොගනියි එලිපත අතරකොට දෙනදේ දණ්ඩක් අතර කොට දෙනදේ මෝලක් අතර කොට දෙන දේ නොගනියි කෑම කන දෙදෙනෙක් අතුරෙන් එක්කෙනෙක් නැගිට දෙන දේ නොගනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
7196555384bfdb5f94cf23d423a634fa9817e81c717435f96c999c84d42e9205
target:pali-sinhala-parallel:68002:31
ගර්භණියගෙන්, කිරිපොවන්නියගෙන් පුරුෂයෙකු අතරට පැමිණි ස්ත්‍රියගෙන් නොගනියි. සම්මාදම්කොට පිසූකල එයින් නොගනියි. බල්ලෙකුට දීමට අදහස් කල කෑම නොගනියි මැස්සන් වැසූ කෑමද මස් මාංශ මත්පැන් නොගනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
513b01cba645dad1c53dd974b466b7dbd94c2e8dd86d85b4f65fc93f4af383a8
target:pali-sinhala-parallel:68002:32
කාඩි බීම නොකරයි. ඔහු එක් ගෙයකම කෑම ලැබ නවතින්නේ හෝ එක් පිඩකින් හෝ ගෙවල් දෙකක හෝ පිඩු දෙකක් හෝ ලැබ නවතින්නේ වෙයි. ගෙවල් හතක කෑම ලැබ නවතින්නේ හෝ පිඩු හතකින් නවතින්නේ හෝ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
8fd4f4633043fc7a4dacf036d6a5275b7d91bf3a4f86f82f79090f8bf7810fd5
target:pali-sinhala-parallel:68002:33
පිණ්ඩ පාත්‍ර හතකින්ද යැපෙයි. දන්ති නම් පාත්‍ර දෙකක බතින්ද යැපෙති. දවසක් හැර දවසක් කෑම කයි, දවස් දෙකක් හැර දවසක් කෑම කයි. දවස් හතක් හැර දවසක් කෑම කයි. මෙසේ මාස බාගයක් හැර දිනක් බත් කයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
41ef9c20ccbafbcb48611af97655ed055a457018b78d750613767d5ac90ff089
target:pali-sinhala-parallel:68002:34
මෙබඳු වූවන් බත් කෑමෙහි යෙදුනේ වාසය කරයි. මෙසේද දෘෂ්ටි නමැති හුලින් බැසගත්තේ විදියේ දුවයි හැසිරෙයි. 11 යලිදු හෝ දෘස්ටි හුලින් බැසගත්තේ විදියේ නොපිසූ පලා කන්නේ වෙයි. බඩහමු නම් තණ ධාන්‍ය කන්නේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
12998cff6de6bd95b2130cdf23849c6bf9e975781fddbb3652b51dca279272b7
target:pali-sinhala-parallel:68002:35
ඉබේ හටගත් ධාන්‍ය කන්නේ හෝ වෙයි. සම් කැබලි කන්නේ හෝ වෙයි මැලියම් කන්නේ හෝ වෙයි කුඩු කන්නේ හෝ වෙයි. දම්කුඩ කන්නේ හෝ වෙයි. පුනක්කු කන්නේ හෝ වෙයි. තණ කන්නේ හෝ වෙයි ගොමකන්නේ හෝ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
4098a3aeb0de392ff3de7695681c8dd77d15f058f8865a158f7d20f93d5f0d55
target:pali-sinhala-parallel:68002:36
කැලෑ මුල් ගෙඩි කෑම ඇත්තේ ඉබේ වැටුන ගෙඩි කෑමෙන් හෝ යැපෙයි. හෙතෙම හණ රෙදිද දරයි. හන පතුරු මිශ්‍ර රෙදිද දරයි. එරුතණ ආදියෙන් කළ රෙදිද දරයි. බිම ලු රෙදි මාලුද දරයි. ගස් පතුරුද දරයි. අඳුන්දිවිසම් දරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
054781b00254916c2ad6764d3f50dc400faa472fdf7ad087fdc3cd2018703cda
target:pali-sinhala-parallel:68002:37
මැදපැලු ඇඳුම් දිවිසම් දරයි. කුසවැහැරිද දරයි. නියඳ වැහැරිද දරයි. මෑලි වැහැරිද දරයි. ඉස කෙසින් කළ කම්බිළිද දරයි. අස් ලොමින් කළ කම්බිලිද දරයි. බකමුහුණු පිහාටු වලින් කළ ශරීරයේ යටකොටස් ඇඳුම් අඳියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
29ab363cf0a9e5e6eea660990deacabcd909f192652e1952fd7ed21b7f99694f
target:pali-sinhala-parallel:68002:38
ඉසකේ රැවුල් ඉදිරීමේ යෙදුනේ වෙයි. ආසන ඉවත්කොට නැගිට සිටින්නේ වෙයි. උක්කුටිකව හිඳීමේ වීර්‍ය්‍යයෙහි යෙදුනේ වෙයි. කටු උඩ නිදාගන්නේ වෙයි. කටු උඩ හැසීරීම, කරන්නේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
1b90b2a6f554ba16cf209d326df7361e1a4a4627921877c7ba7641ba9a02c1b6
target:pali-sinhala-parallel:68002:39
ලෑලි උඩ නිදාගන්නේ කුඩා තාප්පය උඩ නිදාගන්නේ වෙයි. එක පැත්තකට හැරී නිදාගන්නේ වෙයි. දූවිලි දැලි දරන්නේ වෙයි. එලියේ වසන්නේද වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
5338d4f6f99d4d46c8699ac67de682e6c3dc2b08c916e72e616a01e6f432e4bc
target:pali-sinhala-parallel:68002:4
ගැන නොදැනීම යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
ad81554e8f30aab9af09aa14bc084b222bf80ae345b1028bdf19d3b98526bb62
target:pali-sinhala-parallel:68002:40
පළමු එලු ආකාරයටම වෙනස් නොකොට ආසනයක හිඳිනේ වෙයි, අසූචි අනුභවයෙහි යෙදුනේ වෙයි. ඇල්වතුර නොබොන්නේ ඇල්වතුර නොබීමෙහි යෙදුනේ වෙයි. උදය දවල් සහ සවස පවු පාකර හරින්නෙමැයි දියේ ගිලී වාසය කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
42e2c91d9a045544540023a0aa3c037e8ac38371d56995111fcb047324ebd358
target:pali-sinhala-parallel:68002:41
මෙසේද දෘෂ්ටි හුලින් බැසගත්තේ විදියේ ස්පර්ශ කළේ යුක්තවූයේ දුවයි හැසිරෙයි 12 “ශෝකය නමැති හුලින් බැසගත්තේ විදිසේ ස්පර්ශ කළේ යුක්තවූයේ ශොකකරයි. ක්ලාන්තවෙයි, වැළපියි, පපුවේ අතගසා අඬයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
95e1ac7ae17c22824f563e285b2d5d5db30731fad39e945c7d9ecf2d2d6432a0
target:pali-sinhala-parallel:68002:42
සිහිමුලාවට පැමිණෙයි, මෙය භාග්‍යවතුන්වහන්සේ විසින් වදාරණ ලදී. බ්‍රාහ්මණය පෙරකාලයෙහි මේ සැවැත්නුවර එක්තරා ස්ත්‍රියකගේ මව මළාය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
7cb365d657e3de73fd1faa882fbbec54d7dd865919cbc07075ea467af2d2676f
target:pali-sinhala-parallel:68002:43
ඇය ඇයගේ කාලක්‍රියාවෙන් උමතු සිත් ඇත්තී වික්ෂිප්ත සිත් ඇත්තී වීථියෙන් වීථියට මංසන්දියෙන් මංසන්දියට යමින් මෙසේ කීවාය. “මාගේ මව දැක්කහුද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
d38910eec7c483746d87c390e8a4bcecaa12ce18c2a86746543ab78d3b60a4ca
target:pali-sinhala-parallel:68002:44
මාගේ මව දැක්කහුද?” යනු වෙනි, බ්‍රාහ්මණය, පෙර මේ සැවැත් නුවරම එක්තරා ස්ත්‍රියකගේ පියා මළේය. සහෝදරයා මළේය, සහෝදරී මළාය. පුත්‍රයා මළේය, දුව මළාය, හිමියා මළේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
65ed61263599e048df85c37f19b3e55f85f6fa10d10427b34d8d49cca3981b98
target:pali-sinhala-parallel:68002:45
ඇය ඔහුගේ කාලක්‍රියාවෙන් උමතු සිත් ඇත්තී වික්ෂිප්ත සිත් ඇත්තී වීථියෙන් වීථියට මංසන්දියෙන් මංසන්දියට පැමිණ මෙසේ කීවාය. “මාගේ ස්වාමියා දැක්කහුද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
8714d7984abfcb7b0d006cfcd0718ca1b452e5f1b53c60b8e7a2e377be8672dc
target:pali-sinhala-parallel:68002:46
මාගේ ස්වාමියා දැක්කහුද?” යනුයි බ්‍රාහ්මණය, මේ සැවැත් නුවරම එක්තරා පුරුෂයෙකුගේ මව මළාය, හෙතෙම ඇයගේ මරණයෙන් උමතු සිත් ඇත්තී වික්ෂිප්ත සිත් ඇත්තී වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට පැමිණ මෙසේ කිවේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
fee295b6a4a1d2fda3c326a972ab0d0379b667825c41bb05c96ff7bae4371625
target:pali-sinhala-parallel:68002:47
“මගේ මව දැක්කහුද? මගේ මව දැක්කහුද” යනුවෙනි. බ්‍රාහ්මණය, පෙර මේ සැවැත්නුවර එක්තරා පුරුෂයෙකුගේ පියා කළුරිය කළේය, සහෝදරයා කළුරිය කළේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
14093ee54f723ad83a6eadc994248c8c1a23ffb212cf25c24a19b7e2f9a17c3f
target:pali-sinhala-parallel:68002:48
සහෝදරිය කළුරිය කළාය, පුත්‍රයා කළුරිය කළේය දුව කළුරිය කළාය, භාර්‍ය්‍යාව කළුරිය කළාය. හෙතෙම ඇයගේ කළුරිය කිරීමෙන් උමතු සිත් ඇත්තී වික්ෂිප්ත සිත් ඇත්තී වීථියෙන් වීථියට මංසන්ධියෙන් මංසන්ධියට ගොස් මෙසේ කීය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
c08b334f29fc8f33b445f70fa1cf79c6b571f3347d6d8f3071b2d54dde2c3d65
target:pali-sinhala-parallel:68002:49
“මාගේ භාර්‍ය්‍යාව දැක්කහුද? මාගේ භාර්‍ය්‍යාව දැක්කහුද?” යනුවෙනි. බ්‍රාහ්මණය, පෙර මේ සැවැත්නුවරම එක්තරා ස්ත්‍රියක් ඥාති කුලයට ගියාය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
db88b57ce6a49b3fddb9c2de2cc4b4c7484feed807b7118c42cab3e378a3aaa7
target:pali-sinhala-parallel:68002:5
මෙබඳුවූ යම් නොදැනීමක් අනවබොධයක් ප්‍රතිවෙධ නොකිරීමක් නොගැනීමක් සිහි නොකිරීමක් මෝහයක් නොදැනීමක් අවිද්‍යාවක් අවිද්‍යාවක යෙදීමක් අවිද්‍යාවක බැසගැන්මක් අකුශල මූලයක් ඇද්ද, මේ මෝහය නමැති හුලයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
619d6147b124f0de803286692d8c15f576c9590110a47a671e69699da6065d9b
target:pali-sinhala-parallel:68002:50
ඇයගේ ඒ නෑයෝ ඇය ස්වාමියාගෙන් පැහැරගෙන අන්‍යයෙකුට දෙනු කැමැත්තෝ ඇයද එයට නොකැමැති වෙයි. ඉක්බිති ඒ ස්ත්‍රීය හිමියාට මෙසේ කීවාය. ආර්‍ය්‍යපුත්‍රය මේ නෑයෝ ඔබගෙන් මා පැහැර කරගෙන අනිකෙකුට දෙනු කැමැත්තෝය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
27dce0645ec263344c229a973e68dae0e420f459db3b044b51dbcd5f54fecd68
target:pali-sinhala-parallel:68002:51
“අපි දෙදෙනම මැරෙන්නෙමුයි” යනුවෙනි. ඉක්බිති පුරුෂතෙම ඒ ස්ත්‍රිය දෙපලුකොට තමා අතරෙහි හෙළයි. දෙදෙනාම පරලොව එකතුවන්නෙමු කියායි මෙසේ ශොක නමැති හුලින් බැසගන්නේ විදියේ ස්පර්ශකළේ දුවයි, හැසිරෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
9f551252f83d5ce9b72be66136cbfeb98e12802860b5094d386e3a84857e04b6
target:pali-sinhala-parallel:68002:52
13 “සැකය නමැති හුලින් විදියේ ස්පර්ශ කළේ යුක්ත වූයේ සැකයට පත්වූයේ වෙයි විමතියට පත්වූයේ අදහස් දෙකක් දරන්නේ වෙයි. “මම අතීත කාලයෙහිවීම්ද, මම අතීත කාලයෙහි නොවීම්ද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
501d61c02366d2803da8afe669af838fb3790bf0cf7773979e132c217aa109f4
target:pali-sinhala-parallel:68002:53
අතීත කාලයෙහි කවරකුවීම්ද, අතීත කාලයෙහි කෙසේ හෝ වන්නෙම්ද? අතීත කාලයෙහි කවරෙකුට කෙසේ හෝ වීම්ද, අනාගත කාලයෙහි මම වන්නෙම්ද අනාගත කාලයෙහි මම නොවන්නෙම්ද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
13bf0f94557ff7a0cefd41a9d4eb7416e5306e6709d3933d8b74714cc5091b25
target:pali-sinhala-parallel:68002:54
අනාගත කාලයෙහි මම කවරෙකු හෝ වන්නෙම්ද, අනාගත කාලයෙහි මම කවරෙකුවී කෙසේ වන්නෙම්ද, දැන් හෝ පවත්නා කාලය නිසා සැක ඇත්තේ වෙයි මම වීම්ද, මම නොවීම්ද, කවරෙකු වීම්ද, කෙසේ වීම්ද, මේ සත්වතෙම කොහින් පැමිණියේද, හෙතෙම
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
4f21724a51db75e938d55986184b568541721f24a726452875c8ebcaf8249a74
target:pali-sinhala-parallel:68002:55
කොහි යන්නේද? මෙසේ සැකය නමැති හුලින් විදියේ ස්පර්ශකළේ යුක්තවූයේ දුවයි, හැසිරෙයි, ඒ හුල් රැස් කරයි, ඒ හුල් රැස්කරන්නේ හුල් රැස් කිරීම් වශයෙන් පෙරදිගට දුවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
d4a95cd32f6654c60fad26e74b93c7c0563bc1ff82cbb5ae41317fd173966e5c
target:pali-sinhala-parallel:68002:56
අවරදිගට දුවයි, උතුරු දිගට දුවයි, දකුණු දිගට දුවයි, ඒ හුල් රැස්කිරීම ප්‍රහීණ නොවූයේය, හුල් රැස්කිරීම ප්‍රහීණ නොවූ බැවින් ඒ ඒ ගතිවල දුවයි, නිරයෙහි දුවයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
5e4e2c8689e233ae80b3f1343b208b116a8be3766136a75aac6e15ab3697a88f
target:pali-sinhala-parallel:68002:57
තිරිසන් යොනියෙහි දුවයි, පෙත්‍ර විෂයෙහි දුවයි, මිනිස්ලොව දුවයි, දෙව්ලොව දුවයි, ගතියෙන් ගතියට ඉපදිමෙන් ඉපදීමට ප්‍රතිසන්ධියෙන් ප්‍රතිසන්ධියට භවයෙන් භවයට සංසාරයෙන් සංසාරයට වට්ටයෙන් වට්ටයට දුවයි, හැසිරෙයි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
6e85e0283a6d608852886f46bf12c8293f9daa84bb5d9418772542cc2f81a57b
target:pali-sinhala-parallel:68002:58
14 “ඒ හුලම උදුරා නොදුවයි නොකිඳයි” යනු ඒ රාග නැමති හුලම ද්වේෂ නමැති හුලම, මෝහ නමැති හුලම මාන හුලම දෘෂ්ටි හුලම ශොක හුල සැකය නමැති හුල උගුලා දුරුකොට සන්සිඳුවා නූපදනා බවට පමුණුවා පෙරදිගට නුදුවයි අවරදිගට
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b818
70efef404facf01f6f4bb928146914af5565b809039b7f6ef00c2907c59e1ab2