sample_id stringlengths 18 38 | text stringlengths 5 200 | label stringclasses 3
values | source stringclasses 5
values | subcorpus stringclasses 59
values | doc_id stringclasses 691
values | block_id stringlengths 15 101 | text_sha256 stringlengths 64 64 |
|---|---|---|---|---|---|---|---|
target:pali-sinhala-parallel:68124:4 | “එබැවින් ඒ දහසය දෙනා යනු මෙසේද පිරිවරවූ බමුණන් දහසය දෙනාට යනුයි. නැවතද බමුණෝ දහසය දෙනා භාග්යවත් බුදුරදුන්ගේ ශිෂ්යයෝ වන්නාහ. පරිචාරිකයෝ වන්නාහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 4bf8c34e7c58fb8ea6d6fa44652f6586d61af4e1a416cef7349c9d6fadc3d9bc |
target:pali-sinhala-parallel:68124:5 | මෙසේද පරිචාරිකා සොළොස් බමුණන් විසින් ආරාධනා කරණ ලද්දේ විචාරණ විචාරණ ලද ප්රශ්නයන් විසඳා වදාළ සේක. එහෙයින් මෙය කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | b0b2f003e01e9786d67bb7fd008d5ad980933a20d3d4952492ddb2321c52257a |
target:pali-sinhala-parallel:68124:6 | එනම්, භාග්යවතුන් වහන්සේ මගධ රට වාසය කරණ සේක් පාෂානක චෛත්යයෙහිදී පරිචාරික සොළොස් බමුණන් විසින් විචාරණ විචාරණ ලද ප්රශ්නයන් විසඳා වදාළ සේක යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 061dfee24725a709d4260ae1153a32bead03b2183daea3206292c329a515e7ad |
target:pali-sinhala-parallel:68125:0 | 4. “එක එකම ප්රශ්නයාගේ අර්ථය දැන ධර්මය දැන ධර්මානුධර්මය, පිළිපදනේය.” යන්නෙහි මේ ධර්මයෝ ජරා මරණයේ පරතෙරට යනු සුළුය. මේ ධර්ම ක්රමයට පාරායන යයි අනික් නමකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 5a61dd55b532e3b128e5f86051efeb4913539fc78a341a7518b2e155ce64b440 |
target:pali-sinhala-parallel:68125:1 | “එක එක ප්රශ්නයකගේ” යනු එක එක අජිත ප්රශ්නයකගේ එක එක තිස්ස මෙත්තෙය්ය ප්රශ්නයකගේ එක එක පුණ්ණක ප්රශ්නයකගේ එක එක මෙත්තෙගු ප්රශ්නයකගේ එක එක ධොතක ප්රශ්නයකගේ එක එක උපසීව ප්රශ්නයකගේ එක එක නන්දක | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 944d958cd44c7232e409d3a1624fce37485d38f4527d461daea9acab45ef36b4 |
target:pali-sinhala-parallel:68125:2 | ප්රශ්නයකගේ එක එක හෙමක ප්රශ්නයකගේ එක එක තොදෙය්ය ප්රශ්නයකගේ එක එක කප්ප ප්රශ්නයකගේ එක එක ජතුකණ්ණ ප්රශ්නයකගේ එක එක භද්රාවුධ ප්රශ්නයකගේ එක එක උදය ප්රශ්නයකගේ එක එක පොසාල ප්රශ්නයකගේ එක එක මොඝ රාජ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 537d1cf52fdd65d1e638db218f316216f7df220a510569138879dab35c992fba |
target:pali-sinhala-parallel:68125:3 | ප්රශ්නයකගේ එක එක පිංගිය ප්රශ්නයකගේ අර්ථය දැන ධර්මය දැන ඒ ප්රශ්නය ධර්මය විසඳීම යනුයි. ‘අර්ථය දැන’ යනු අර්ථය දැන සමකොට බලා තීරණයකොට ප්රකටකොට යනුයි. ‘ධර්මය දැන’ යනු දැන තීරණයකොට ප්රකටකොට යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 2ad1652c38bc92e56fdf26d0f6df45939c05806f8c1b29a3181a2c542c1b38f4 |
target:pali-sinhala-parallel:68125:4 | ‘ධර්මානුධර්මයෙහි පිළිපදනේ’ යනු සම්යක් ප්රතිපදාව’ අනුලොම ප්රතිපදාව, යහපත් ප්රතිපදාව යනුයි. පිළිපදනේ යනු ධර්මානුධර්මයෙහි පිළිපදනේය යනුයි. 5. “ජරාමරණයාගේ පරතෙර” යනු අමෘතවූ නිර්වාණ යයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 6a8f57805c15f1d5e3a8b471f3f737282f0baeb36347a5f3b4c6b0ed1841ecd0 |
target:pali-sinhala-parallel:68125:5 | යම් ඒ සියලු සංස්කාරයන්ගේ සන්සිඳීමක් ඇද්ද, සියලු උපධීන්ගේ බහා තැබීමක් ඇද්ද, තෘෂ්ණාක්ෂය නම්වූ නිරෝධනම්වූ විරාගනම්වූ නිර්වාණයයි ජරාමරණයාගේ පරතෙරට යන්නේය” යනු ජරාමරණයාගේ පරතෙරට පැමිණෙන්නේය, පරතෙර | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | c5c474511a0769a72dd6fed73148e803cc08e377573c8bbf85d9f548d823c73b |
target:pali-sinhala-parallel:68125:6 | දකින්නේය, පරතෙර ප්රත්යක්ෂ කරන්නේය, යනුයි. 6. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | df844d691c5c262d5f2059492195f04aafff7cac8ef92f36c6314b8b3d96fcfe |
target:pali-sinhala-parallel:68125:7 | “මේ ධර්මයෝ පරතෙර පමුණුවන ධර්මයෝ වෙත්” යනු මේ ධර්මයෝ පරතෙරට පමුණුවත් පරතෙරට විශේෂයෙන් පමුණුවත්, ජරාමරණයන් තරණය කිරීම පිණිස පමුණුවත්නුයි මේ ධර්මයෝ පරතෙරට පමුණුවත් යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 49c900f9c7c6eb2e790403e816248c69845ffe4ee59d93b092bc7b5367ca68a7 |
target:pali-sinhala-parallel:68125:8 | එහෙයින් ධර්ම ක්රමයට යන්නෙහි එහෙයින් යනු එහෙයින් ඒ කාරණයෙන් ඒ හේතුවෙන් ඒ ප්රත්යයෙන්, ඒ නිදානයෙන්, මේ ධර්මක්රමයට යනු මේ පාරායනයට යනුයි ‘පාර’ යනු අමෘතවූ නිර්වාණයට කියයි. මේ මාර්ගයයයි කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 60cb94e326acf365b57c028215f720f6c1bc673ea3255f1c9dfd9a38c61ae090 |
target:pali-sinhala-parallel:68125:9 | “නමකි” යනු ප්රඥප්තිය යනුයි, ව්යවහාරය යනුයි නාමයයි නිරුක්තියයි කථාව්යවහාරයයි මේ එක එක ප්රශ්නයකගේද අර්ථය දැන ධර්මය දැන ධර්මානුධර්මයෙහි පිළිපදනේ නම් ජරාමරණයාගේ පරතෙරට පමුණුවත් එහෙයින් පාරායන යයි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 6d05e986965ccb355be5dabba5a6798203ded9764e3e5c697eab1c0f1edde97b |
target:pali-sinhala-parallel:68126:0 | (17-2) 1. “මොවුහු බුදුන් වෙත පැමිණියහ” යන්නෙහි ‘මොවුහු’ යනු මේ සොළොස් පාරායණික බ්රාහ්මණයෝ යනුයි. ‘බුදුන්’ යනු යම් ඒ භාග්යවතුන් වහන්සේයි. තමන්ම චතුරාර්ය සත්යය අවබෝධ කළ සේක’ ආචාර්යවරයෙක් නැත්තේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 769b0c33417da993002e24d30b69c5befb190fb8c17935995e95c168218660dd |
target:pali-sinhala-parallel:68126:1 | පෙර අවබෝධ නොකළ ධර්මයන් තෙමේ සත්යය අවබෝධ කළ සේක. එහිද සර්වඥ බවට පැමිණිසේක, ඵලයන්හිද වසඟ බවට පැමිණි සේක, බුද්ධ යනු කවර අර්ථයකින් බුද්ධ නම් වේද? සත්යයන් අවබෝධ කෙළේනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 9c8bbb8482f7ec1a49a763b94371fb73ae3c80be11ea4686568b398de5f326f5 |
target:pali-sinhala-parallel:68126:10 | ‘නිපුනවූ ප්රශ්නයක්’ යනු ගැඹුරුවූ දැකීමට දුෂ්කරවූ, දුකසේ අවබෝධ කටයුතුවූ ශාන්තවූ, ප්රණීතවූ අතක්කාවචරවූ නිපුනවූ, පණ්ඩිත වෙදනීයවූ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | d34fa1a3386630e89770572e86de65cb559826c829c4894870ef17fc01510bc9 |
target:pali-sinhala-parallel:68126:11 | ‘බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේ වෙතට’ යන්නෙහි ‘බුද්ධ’ නම් යම් ඒ භාග්යවතුන් වහන්සේයි. (17-3) 1 (i) බුදුන් යන තැන සිට යොදාගත යුතුයි.) 3. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 9478d072156c02b787f1cb75619528ecb17c1da1c188496fecf8c717cba1cbf7 |
target:pali-sinhala-parallel:68126:12 | “ශ්රේෂ්ඨ’ යනු අග්ර, ශ්රේෂ්ඨ ප්රමුඛ උතුම්, ඉතා උතුම් බුදුරදුන් වෙත පැමිණියහ. පයිරුපාසනය කළහ. විචාළහ, ප්රගුන කළහ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 32815070e91736dc13078cafff186f438d423008bd27db5279f280e3ce3310e9 |
target:pali-sinhala-parallel:68126:2 | බුද්ධ නමි, ප්රජාව කෙරෙහි අවබෝධ කරවන ලද්දේනුයි බුද්ධ නමි. සියල්ල දත් බැවින් බුද්ධ නමි. සියල්ල දක්නා බැවින් බුද්ධ නමි කෙලෙස් නැති කළ බැවින් බුද්ධනමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 110bbe079b2bef2c5ef5d0e2bea95d2947d6af43e8269e69249197594d764ed7 |
target:pali-sinhala-parallel:68126:3 | කිළුටු හෙවත් බාධා දුරුකළ බැවින් බුද්ධ නමි ඒකාන්ත වීතරාග බැවින් බුද්ධ නමි. ඒකාන්ත වීතදෝෂ බැවින් බුද්ධ නමි. ඒකාන්ත වීතමොහ බැවින් බුද්ධ නමි. ඒකාන්ත නික්කීලෙස (කෙලෙස් නැති බැවින්) බුද්ධ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | b687903b9e190a18acedeb6c0277972ab4fcb5adb060d1c85dadb4fbc95b192e |
target:pali-sinhala-parallel:68126:4 | ඒකායන මාර්ගයට ගියේනුයි බුද්ධ නමි. තනිව නිරුත්තරවූ සම්යක් සම්බොධියට පැමිණියේනුයි බුද්ධ නමි. බුද්ධි ප්රතිලාභයෙන් අබුද්ධිය බෙදන ලදනුයි බුද්ධ නමි. බුද්ධ යන මේ නාමය මව විසින් නොකරණ ලදී. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | fffeb9fc38a95bd1062a9aff7b339bbb0af23cde247437f1e111c016b0d10fb8 |
target:pali-sinhala-parallel:68126:5 | පියා විසින් නොකරණ ලදී. සහෝදරයා විසින් සහෝදරිය විසින්, මිත්රාමාත්යයන් විසින්, නෑ සහලේ නෑයන් විසින් ශ්රමණ බ්රාහ්මණයන් විසින් නොකරණ ලදී. දෙවතාවන් විසින් නොකරණ ලදී. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 89aa8fc0282abefa65f241b27f24cfaba5164cba238f32fc36bc95a7a30583e6 |
target:pali-sinhala-parallel:68126:6 | විමොක්ෂය කෙළවරකොට ඇති භාග්යවත් බුදුරජාණන් වහන්සේලාට සර්වඥතා ඥානය ලැබීම සමගම ඇතිවන ප්රත්යක්ෂ වශයෙන් ඇති කළ පැනවීමකි. මේ බුද්ධ යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 993f25489c48c4e848b013a52d0f283047e4587adeb4d2b9f362e644929e4b2b |
target:pali-sinhala-parallel:68126:7 | “මොව්හු බුදුන් වෙත පැමිණියහ, පයිරුපාසනය කළහ, පිරිවැරූහ, චරණ ධර්මයෙන් යුක්ත ඍෂීන්” යන්නෙහි චරණ නම් ශීලය හා ආචාරය ඇතිවීමයි ශීලසංවරයද චරණයයි, ඉන්ද්රිය සංවරයද චරණයයි, භොජනයෙහි පමණ දැනීමද චරණයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 325e2aa9f47be473d710c76ddd877a31b14160828c50b61c2a1fc90c134d4745 |
target:pali-sinhala-parallel:68126:8 | නිදි වර්ජිත කිරීමෙහි යෙදීමද චරණයයි. ධර්ම සතක් චරණයෝයයි භාග්යවතුන් වහන්සේ විසින් දේශනාකරණ ලදහ. චරණයෙන් යුක්ත යනු ශ්රේෂ්ඨ චරණයයි. ඉතා උතුම් චරණයයි ප්රමුඛ චරණයයි. ඉතා උතුම් චරණයයි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 7a07c8f8651590af7104f552c1d4a21e7feef0abbc1498cc51086a6303008b78 |
target:pali-sinhala-parallel:68126:9 | ‘ඍෂි’ යනු භාග්යවතුන් වහන්සේ ඍෂි සේක. මහත්වූ ශීල සමූහයක් සෙවීනුයි ඍෂි සේක. (4-6) 1 යොදාගත යුතුයි.) 2. “විචාරන්නාහු” යනු ප්රශ්න කරන්නාහු ඉල්ලන්නාහු යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | a2b43de3eb438763e76065a7fd84e695bfe5edca46b5d3537589b8df150aaf39 |
target:pali-sinhala-parallel:68127:0 | (17-3) 1. “ඔවුන්ට බුදුරජාණන් වහන්සේ ප්රකාශ කළසේක’ යන්නෙහි “ඔවුන්ට” යනු සොළොස් පාරායනීය බ්රාහ්මණයන්ට යනුයි. ‘බුද්ධ’ යනු යම් ඒ භාග්යවතුන් වහන්සේයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 7c273f398c53689a08e6317dab198f2abf1aaae105b30cee49d8132560aa56c2 |
target:pali-sinhala-parallel:68127:1 | (17-2) 1 බුදුන් යන තැන සිට යෙදිය යුතුයි.) ඔවුන්ට බුදුරජාණන් වහන්සේ ප්රකාශ කළසේක. කීසේක, දේශනා කළසේක, පැනවූසේක, තැබූසේක, විවෘත කළසේක, බෙදූසේක, යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | fa7a60fc92aee36d8ef23961301084e6cec8686c406f1b5419c21864c22caf5c |
target:pali-sinhala-parallel:68127:2 | ප්රශ්න විචාරණ ලද්දේ යනු ඉල්ලන ලද්දේ ආරාධනා කරණ ලද්දේ යනුයි. 2. “කීම පරිදි” යනු යම්සේ කිය යුතුද, එසේ කීසේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 927488bb28f2a6bf636969ebb5da07f2282cb54c40003013f555ea31f80afdc2 |
target:pali-sinhala-parallel:68127:3 | යම්සේ දෙසිය යුතුද එසේ දෙසූ සේක, යම්සේ පැනවිය යුතු නම් එසේ පැනවූසේක, යම්සේ තැබිය යුතු නම් එසේ තැබූ සේක, යම්සේ බෙදිය යුතු නම් එසේ බෙදූසේක. යම්සේ ප්රකට කළ යුතු නම් එසේ ප්රකට කළ සේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | ec695eb69cd08a4fd3f441764c4019365c7b81c1014a6d1f489cac7c7fa9d351 |
target:pali-sinhala-parallel:68127:4 | යම්සේ ප්රකාශ කළ යුතු නම් එසේ ප්රකාශ කළ සේක. ‘ප්රශ්නයන්ගේ විස්තර ප්රකාශ කිරීමෙන්’ යනු ප්රශ්නයන්ගේ ව්යාකරණයෙන් යනු කීමෙන්, දේශනා කිරීමෙන්, දැක්වීමෙන්, විවෘත කිරීමෙන්, බෙදීමෙන් ප්රකාශනයෙන් යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | bf531ceaeffe885a6dea64e8176a0c7ce999a097a42a36c01e0ff05564acb219 |
target:pali-sinhala-parallel:68127:5 | 3. “සතුටු කළසේක” යනු පැහැදවූසේක යනුයි. ‘බ්රාහ්මණයින්’ යනු සොළොස් පාරායනීය බ්රාහ්මණයින් යනුයි. 4. “මොන” යයි ඥානයට කියයි. (මහා නිද්දේසයේ (3-1) 3 යෙදිය යුතුයි. 1572 පිට) 5. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 69e4a818237d7d8b87db599b7d18557993ef7f6c0fb630189e0cc9a362edb3b6 |
target:pali-sinhala-parallel:68127:6 | “පංච චක්ෂූන් වහන්සේ විසින් ඔවුහු සතුටු කරවන ලදහ” යන්නෙහි ඔවුහු යනු සොළොස් පාරායන බ්රාහ්මණයෝ සතුටු කරවන ලදහ, ප්රශංසා කරවන ලදහ, ආරාධනය කරවන ලදහ. සතුටු කරවන ලදහ, යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 0e04c4d2a996dae98e6d194660f70cac9240f9944ab45c6d0c39375302a23cb9 |
target:pali-sinhala-parallel:68128:0 | 6. “භාග්යවතුන් වහන්සේ ඇස් පසක් ඇති බැවින් ඇස් ඇත්තේනමි (මහානිද්දෙසයේ (14-7) 1 ‘පසැස්වලින්’ යන තැන සිට යෙදිය යුතුයි.) මෙසේ භාග්යවතුන් වහන්සේ සර්වඥතාඥානය ඇති බැවින්ද ඇස් ඇත්තේ නම් ‘බුද්ධ’ යනු යම් ඒ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 1c17fe6a76e0bf7c1c4128057968eb08c6ea62488c675cf70f576fe7d47d4554 |
target:pali-sinhala-parallel:68128:1 | භාග්යවතුන් වහන්සේයි. (17-2) 1 ‘බුදුන්’ යන තැන සිට යෙදිය යුතුයි.) ආදිච්ච බන්ධු යන්නෙහි ආදිච්ච යනු සූර්යයාට කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 3bb9c4e55e983bea8f23fa4198e14483c4001e0cc16a389a9735b01ac34322ea |
target:pali-sinhala-parallel:68128:2 | සූර්යයාද ගෝත්රයෙන් ගෞතමය, භාග්යවතුන් වහන්සේද ගොත්රයෙන් ගෞතමය, භාග්යවතුන් වහන්සේ සූර්යයාගේ ගොත්ර බන්ධුවරයෙකි. ගොත්ර ඥාතිවරයෙකි. එහෙයින් බුදුරජතෙම ආදිච්ච බන්ධු නම් වේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | de42f3b34ce41b12976ff9abe8321fd8bb9a62b2c8534a0430f243bcf2095e2d |
target:pali-sinhala-parallel:68128:3 | ‘බ්රහ්මචරියාවෙහි හැසුරුනහ’ යන්නෙහි බ්රහ්මචරියාව නම් අසද්ධර්මචරියාවෙන් හෝ වෙන්වීමයි එය නොකිරීමයි යනුයි. නැවතද සමානාර්ථයෙන් බ්රහ්මචරියාව යයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියයි. 7. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 757d042de461c57ea96460c64fd6d8293bc9c348b59b12b164b77ee2042a1e02 |
target:pali-sinhala-parallel:68128:5 | ‘බ්රහ්මචරියාවෙහි හැසුරුණහ’ යනු බ්රහ්මචරියාවෙහි හැසුරුනහ, සමාදන්ව සිටියහ යනුයි. 8. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 0442f78cc941fd54a7d7df195191a9be8003a3680b6d2a78214eceb20abefbbb |
target:pali-sinhala-parallel:68128:6 | “උතුම් ප්රඥා ඇත්තවුන් වහන්සේ සමීපයෙහි” යනු අග්ර ප්රඥා ඇති ශ්රේෂ්ඨප්රඥා ඇති, ප්රමුඛ ප්රඥා ඇත්තවුන් සමීපයෙහි යනුයි. “සමීපයෙහි” යනු ආසන්නයෙහි, නුදුරෙහි, යනුයි. මෙය ඒ සඳහා කියන ලදී. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 4407c85f1bba3aa01a5d2ae44ad55ece3d5c2375e5abaf6abd8ca49fcb353689 |
target:pali-sinhala-parallel:68129:1 | “එක එකම ප්රශ්නයකගේද” යනු එක එකද අජිත ප්රශ්නයකගේ තිස්ස මෙත්තෙය්ය, පුණ්ණ මානවක, මෙත්තගු ධොතක, උපසීව, නන්ද, හෙමක, තොදෙය්ය, කප්ප මානවක, ජතුකණ්ණි, භද්රාවුධ, උදය, පොසාල, මොඝරාජ යන මොවුන්ගේ එක එක ද | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 3408c417654fda2668a17bb474750f11935eff116ec6ca16a8fa46225b511f02 |
target:pali-sinhala-parallel:68129:2 | ප්රශ්නයකගේ යම්සේ බුදුන් විසින් දේශනා කරණලද’ යන්නෙහි, 2. “බුද්ධ” යනු යම් ඒ භාග්යවතුන් වහන්සේයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 142fe1b1eb9a518c3e930b7d64281f45eb6782eb935b41c6a61960bf6ab29f02 |
target:pali-sinhala-parallel:68129:3 | “යම්සේ බුදුන් විසින් දේශනා කරණ ලද,” යනු යම්සේ බුදුන් විසින් දේශනා කරණලද පනවන ලද තබන ලද, විවෘත කරණ ලද, බෙදන ලද ප්රකට කරණ ලද, ප්රකාශ කරණ ලද යනුයි. 3. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 0d43ca7d0e10ec1fbbd5deb8ab11a5cd7a93a3b7d04bb73bded206d445ac77a1 |
target:pali-sinhala-parallel:68129:4 | “එසේ යමෙක් පිළිපදනේ නම්,” යනු සම්යක් ප්රතිපදාව, අනුලොම ප්රතිපදාව, නොවෙනස් ප්රතිපදාව, අන්වර්ථ ප්රතිපදාව, ධර්මානුධර්ම ප්රතිපදාව, පිළිපදනේය, “යමෙක් එසේ පිළිපදනේ නම් මෙතෙරින් එතරට යන්නේය.” යන්නෙහි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 7d1c029c185ec235ee4f4f6defd65437f7c3df9d59412376219938047b62a594 |
target:pali-sinhala-parallel:68129:5 | පාර (එතර) යයි අමෘතවූ නිර්වාණයට කියයි. මෙතර යයි ක්ලේශයෝද, ස්කන්ධයෝද, අභිසංස්කාරයෝද කියයි. 4. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 3196ff79f628ebb45d92a35cc80e052105166395d2da8d61091369e30337ae28 |
target:pali-sinhala-parallel:68129:6 | “පරතෙරට යන්නේය” යනු පරතෙරට පැමිණෙන්නේය, පරතෙර දක්නේය, පරතෙර ප්රත්යක්ෂ කරන්නේය, පරතෙරට පමුණු වන්නේය, පරතෙර ප්රත්යක්ෂ කරන්නේය මෙතරින් එතරට යන්නේය යනුයි. එහෙයින් මෙය කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b830 | 0c8978d5aa0e4491ffa2a891484172e3983740bdbff3aa1bb1ebd718b25656ab |
target:pali-sinhala-parallel:68130:0 | (17-5) 1. “මෙතරින් එතරට යන්නේය” යනු ක්ලේශයෝද ස්කන්ධයෝද, අභිසංස්කාරයෝද මෙතර නමි. එතෙරයයි අමෘතවූ නිර්වාණයට කියයි. තෘෂ්ණා ක්ෂය නම්වූ විරාග නම්වූ නිරෝධ නම් වූ නිර්වාණයයි. 2. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 42fd9a1df30a3d5174cffa1e20253ddd6d527b71df5cbfcf724a7f0b824b2de7 |
target:pali-sinhala-parallel:68130:1 | “උතුම් මාර්ගය” යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියයි. (මෙහි 17-3) 7 ඡේදය යෙදිය යුතුයි.) “උතුම්” යනු, අග්රවූ, ශ්රේෂ්ඨවූ ප්රමුඛවූ යනුයි. වඩන්නේ යනු වඩන්නේ ආසෙවනය කරන්නේ, යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | c3919fb9b8d1b246c75c07895d560f781beee6dafa9aaaf2252853d858f1002a |
target:pali-sinhala-parallel:68130:2 | ‘එය පරතෙරට යන මාර්ගය” යන්නෙහි ‘මාර්ගය’ යනු මාර්ගය, පන්ථය, පථය, අද්ධය අඤ්ජසය, වටුමය, අයනය, නැව, එතරවන ඒදණ්ඩ පසුර යනුයි පරතෙරට පැමිණීම පිණිස, පරතෙරට සම්ප්රාප්තය පිණිස, ජරා මරණයාගේ තරණය පිණිස, මාර්ගයයි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 379a2dba6f31f86cf71dd5e3d3aa96ea8a578ffb8bd958b13178653605a03e34 |
target:pali-sinhala-parallel:68130:3 | යනුයි. 3. “එහෙයින් පාරායනයයි” යන්නෙහි ‘එහෙයින්’ යනු ඒ ප්රත්යයෙන් ඒ කාරණයෙන් ඒ හේතුවෙන් ඒ නිදානයෙන් යනුයි. පරතෙර යනු අමෘතවූ නිර්වාණයට කියයි ‘අයන’ යනු මාර්ගයට කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 52e8370fe7bdf031503f0d52268fedca4486c9fa7aeddd9844a655aceba3417f |
target:pali-sinhala-parallel:68130:4 | ‘ඉති’ (මෙය) යනු ස්වරයන්ගේ ගැලපීමයි. පදයන්ගේ පිළිවෙල දැක්වීමයි යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 38e44b19c5b1b172f297e8cb9067247bfd27055a56f0a01d002a9c110c4fa9ef |
target:pali-sinhala-parallel:68131:0 | 4. “පාරායනය අනුව ගායනා කළෙමි.” යනු ගායනයට අනුව ගායනා කළෙමි. කීමට අනුව කීවෙමි යනුයි. “මෙසේ ආයුෂ්මත් පිංගිය” යන්නෙහි (ඉති ආයස්මා) යනු පද ගැලපීමයි. පදයන්ගේ පිළිවෙල දැක්වීමයි මේ ඉති යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | ae7a9bc56466b5561a7daa6a94e5140b736634d42936f8d0ee94f507f925e998 |
target:pali-sinhala-parallel:68131:1 | “ආයුෂ්මත්” යනු ප්රිය වචනයයි, ගරු වචනයයි ගරු කටයුතු සැලකියයුතු වචනයයි, මේ ආයුෂ්මත් යනුයි. ‘ආයුෂ්මත් පිංගිය’ යනු ඒ තෙරුන් වහන්සේගේ නාමයයි. පැනවීමයි, ව්යවහාරයයි, යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 8c4fb2ad06b96762a0e41e45edbbeedb767141c974ab88d5c612a99a7c5549e4 |
target:pali-sinhala-parallel:68131:10 | ක්ලේශ කාමයෝ ප්රහීන කරණලදහ. වස්තුකාමයෝ දැනගන්නාලද බැවින් භාග්යවතුන් වහන්සේ කාමයන් ප්රාර්ථනා නොකරයි. කාමයන් බලාපොරොත්තු නොවෙයි. එහෙයින් බුදුරදතෙම කාමරහිතසේක. කාමයන්ගෙන් නික්මුනුසේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 69049be011f1c1af19061335aecf3bb9b6b3d65a0cd74159af1bf78ef75a9270 |
target:pali-sinhala-parallel:68131:11 | එහෙයින් භාග්යවතුන් වහන්සේ කාමයන් ප්රාර්ථනා නොකරයි. ආශා නොකරයි. මිදූකාම ඇතිසේක. ප්රහීන කාම ඇතිසේක. සංසිදූකාම ඇතිසේක. පහවූරාග ඇතිසේක. ඉවත් කළ රාග ඇතිසේක. වමාරාදැමූ රාග ඇතිසේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | bc69bbfe92eff64184ca262508d3d3f8409141dbc21447b0ee80ece686281e1c |
target:pali-sinhala-parallel:68131:12 | තෘෂ්ණා රහිත වූයේ නිවුනේ සිහිල්වූයේ සැපත විඳින්නේ බ්රහ්මයා බඳු ආත්මභාවයෙන් වාසය කරයි. 8. “කාම රහිතවූයේ වන රහිතවූයේ” යන්නෙහි රාගය වනයකි. ද්වේෂය, මෝහය, ක්රෝධය බද්ධවෛරය, වනයෝ වෙති. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 0ce5c7ff3f757c1cd096b979ba35118ea69af6a438e8afe8e9c4ec7d3f8cbd66 |
target:pali-sinhala-parallel:68131:13 | සියලු අකුශල රැස්කිරීම වනයෝවෙති. භාග්යවත් බුදුන්වහන්සේගේ ඒ වනයෝ ප්රහීනයහ. මුලින් සිඳුනේය. අගසිඳි තල්ගසක්මෙන් කරණලදී. සම්පූර්ණ අභාවයට පමුණුවනලදී. නැවත නූපදනා බවට පමුණුවනලදී. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 79a0bb0d34a61c13bd49bd25b3410f14b45eb85b3b6f5a7ca61318aee6e373b7 |
target:pali-sinhala-parallel:68131:14 | එහෙයින් බුදුරදතෙම අවන නම් වනසේක. වනයෙන් ඉවත්වූ සේක. වනයෙන් මිදුනසේක. 9. “නාග” යනු භාග්යවතුන් වහන්සේයි. වරද නොකරණ බැවින් නාගසේක. (4-10) 1 නාගයන තැන සිට යෙදිය යුතුයි.) 10. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 2a22b3abcb7a9a74dd9703f6225f4002cb6fa9d0ce162ed45b2f320ab297f238 |
target:pali-sinhala-parallel:68131:15 | “ඒනාගයන් වහන්සේ කවර හේතුවකින් බොරු කියන්නේද?” යන්නෙහි ‘කවර හේතුවකින්’ යනු කවර කාරණයකින්, කවර නිදානයකින්, කවර ප්රත්යයකින් යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 1a484bcc96e31572a5344d8d8137117b64eb797e3893d200fc0e5ab0691ad970 |
target:pali-sinhala-parallel:68131:16 | ‘බොරුකියන්නේද,’ යනු මුසාකියන්නේද, ප්රකාශ කරන්නේද, ව්යවහාර කරන්නේද, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සභාවට ගියේ හෝ පිරිසකට ගියේ හෝ නෑයින් මැදට ගියේ හෝ ගම්මැදට ගියේ හෝ රාජකුල මධ්යයට ගියේ හෝ විනීත නොවූයේ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 2b11074caf077a205a6170bf3e6d856e8483c03faf62cb7496dc17137ba92307 |
target:pali-sinhala-parallel:68131:17 | ශාක්ෂි විභාග කරණ ලද්දේ ‘එම්බා පුරුෂය, මෙහි එව. යමක් දන්නේ නම් කියවයි’ කී කල්හි හෙතෙම දන්නාදෙය හෝ නොදන්නෙමියි නොදන්නාදෙය හෝ දන්නෙමියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | c7d15cf984e9ed9d7f5bfb5265f2aafb364fe19a3ce4c064cdb92ab1166b2a6d |
target:pali-sinhala-parallel:68131:18 | නොදැකිදෙය මම දැක්කෙමියි හෝ දැකිදෙය මම නොදැක්කෙමියි තමා හේතුවෙන් හෝ අනුන් හේතුවෙන් හෝ ආමිසාදී කිසියම් හේතුවකින් හෝ දැන දැන බොරු කියයිද මෙය මුසාවාදය යයි කියයි. 11. “නැවතද කරුණු තුනකින් මුසාවාදය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 3072f72bf0e146043f26cfbe8637bdaed5c58d4f2f9b921b7e52647965001140 |
target:pali-sinhala-parallel:68131:19 | මුසා කියන්නෙමියි පෙරම ඔහුට අදහසක් වෙයි. මුසාකියන කල්හි මුසා කියමියි ඔහුට අදහසක් වෙයි. මුසා කී කල්හි ඔහුට මුසා කීවෙමියි. අදහසක් වෙයි. මේ තුන් ආකාරයෙන් මුසාවාදය වෙයි. නැවතද සතරාකාරයකින් මුසාවාදය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | fda64e2c8ee74e127251f8d750cf81e031421e3571b44fe47b1135411a803057 |
target:pali-sinhala-parallel:68131:2 | ‘ආයුෂ්මත් පිංගිය තෙම මෙසේ කීයේය.’ යනුයි. යම්සේ දැක්කේද එසේ කීයේය” යනු (ii) දේශනා කළේය, පැනවූයේය, තැබීය, විවෘත කළේය, බෙදීය, ප්රකට කළේය, ප්රකාශ කළේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | e7a5a0c8c2ae646f527a9bf8c3a696065c6f712a2df19fb36c130df354b356ca |
target:pali-sinhala-parallel:68131:20 | නැවතද කරුණු පසකින්, කරුණු සයකින් කරුණු සතකින් මුසාවාදය වෙයි. නැවතද අටාකාරයකින් මුසාවාදය වෙයි. කවර හේතුවකින් මුසාවකියන්නේද, ව්යවහාර කරන්නේද, යනුයි. එහෙයින් පිංගියතෙම මෙසේ කීය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 555952dd7f2f2a7120f65111b7af1bcfe78047bde6f9a9a53c61f16530af9ddf |
target:pali-sinhala-parallel:68131:3 | සියලු සංස්කාරයෝ අනිත්යයයි (iii) යම්සේ දැක්කේද එසේ කීයේය. සියලු සංස්කාරයෝ දුක්යයි (මෙහි (ii) යෙදිය යුතුයි.) සියලු ධර්මයෝ අනාත්මයයි (මෙහි (ii) යෙදිය යුතුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 0ec060e1743ec5d391d83e08afe4174921051f160db93bca09cdd561ccd3b442 |
target:pali-sinhala-parallel:68131:4 | යම්කිසි ප්රත්යයකින් උපන් ධර්මයක් ඇද්ද, ඒ සියල්ල නිරුද්ධිය පිණිස පවත්නේයයි යම්සේ දැක්කේද එසේ කීයේය. (මෙහි (ii) යෙදිය යුතුයි.) 5. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | b500932ee95e2001ab9e6f2732b4b8cfb61f740106e911e088784b003849c5d4 |
target:pali-sinhala-parallel:68131:5 | “නිර්මලවූ බොහෝ නුවණැති” යන්නෙහි ‘නිර්මලවූ’ යනු රාගයමලය, ද්වේෂය මලය මෝහ මලය, ක්රෝධය බද්ධ වෛරය (3-4) 3 ‘මානය’ යන තැන සිට යොදාගත යුතුයි.) සියලු අකුශල සංස්කාර මලයෝ භාග්යවත් බුදුරදුන්ගේ ප්රහීනය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 4afdb791f1dc5b1dfb1f80c77da6c5448ecc044ae667a78e5a27878fd83c75dc |
target:pali-sinhala-parallel:68131:6 | මුලින් උපුටන ලද්දේය. අගසිඳි තල්ගසක් මෙන් කරණ ලදී. සම්පූර්ණ අභාවයට පමුණුවන ලදී. බුදුරදතෙම විමලය, නිර්මලය, මලයන්ගෙන් පහවූයේය. සියලු මලයන්ගෙන් වෙන්වූයේය. 6. “භූරි” යයි පෘථිවියට කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | bf13e3fae785277a5998c1312acc7e4f382adbc7d967ad5f7f4c13e23111285e |
target:pali-sinhala-parallel:68131:7 | ඒ පෘථිවියට සමාන ප්රඥාවෙන් නිර්මල වූයේ පළල් වූයේ යුක්තවූයේ යනුයි. “මෙධා” යනු ප්රඥාවට කියයි. යම් ප්රඥාවක් ඇද්ද (මහානිද්දෙසයේ (3-1) 3 යෙදිය යුතුයි.) අමෝහයක් ධම්මවිචයක් සම්මාදිට්ඨියක් ඇද්ද එයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | d6476f3743d833aeb0e6130d8f871250e3789b5582e2b13c3c14e2f5a52e2cae |
target:pali-sinhala-parallel:68131:8 | භාග්යවතුන් වහන්සේ මේ මෙධා නම් ප්රඥාවෙන් යුක්ත සේක. 7. “කාමයෙන් වෙන්වූයේ නිවනට පැමිණියේ” යන්නෙහි කාමයෝ නම් ප්රකට වශයෙන් කාම දෙකොටසෙකි. වස්තුකාමද ක්ලේශකාමද යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 1be2acd4f05af9938adce964ebe6602f7a84e28ada639b15e59d05eb108ff357 |
target:pali-sinhala-parallel:68131:9 | (මහානිද්දේසයේ (1) 1 (ii) 2-3 ඡේද යෙදිය යුතුයි) මොව්හු වස්තු කාමයෝයයි කියත්, මොව්හු ක්ලේශ කාමයෝයයි කියත්, භාග්යවත් බුදුන් වහන්සේ විසින් වස්තු කාමයෝ සම්පූර්ණයෙන් දැනගන්න ලදහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | abffc12dc607d88c27006ac029617601ab423574d8a0dc44b4c0f1f6a56321e3 |
target:pali-sinhala-parallel:68132:1 | “ප්රහීන කෙලෙස්මල හා මෝහය ඇති බුදුරජාණන් වහන්සේගේ” යන්නෙහි මලය නම් රාගමලය, ද්වේෂමලය, මොහමලය, මානමලය දෘෂ්ටිමලය, ක්ලේශමලය, සියලු දුශ්චරිතමලය, සියලු භවගාමී කර්මමලය, යනුයි මෝහය නම් යම්දුකෙහි නොදැනීමක් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | cd602003c1bff6316498042a1066ae302815251b422b88bd40259163cf0b805c |
target:pali-sinhala-parallel:68132:10 | යන අටආකාරයෙන් මානය උපදවයි. 6. “ශ්රේෂ්ඨයාට ශ්රේෂ්ඨවූයේ වෙමියි මානය, උපදියි. ශ්රේෂ්ඨයාට සමානවූයේ වෙමියි මානය උපදියි. ශ්රේෂ්ඨයාට හීනවූයේ වෙමියි මානය උපදියි. සමානයාට ශ්රේෂ්ඨවූයේ වෙමියි මානය උපදියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 53573e3b1c01c9ccf1851e289e705f9f6ccefe8b738eb57201a0d23149386cd6 |
target:pali-sinhala-parallel:68132:11 | සමානයාට සමානවූයේ වෙමියි මානය උපදියි. සමානයාට හීනවූයේ වෙමියි මානය උපදයි. හීනයාට ශ්රේෂ්ඨවූයේ වෙමියි මානය උපදියි. හීනයාට සමානවූයේ වෙමියි මානය උපදියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | d9889ce1f7cd89d73ee86a27cb1ae997d6bbbb23d3b2916cae32a50a94d93d78 |
target:pali-sinhala-parallel:68132:12 | හීනයාට හීනවූයේ වෙමියි මානය උපදියි, යන නව ආකාරයෙන් මානය උපදියි. 7. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 71e4137b4e0ac2b2e79494805ba1287bf9729dadf601764729a2a7e812d6e2e0 |
target:pali-sinhala-parallel:68132:13 | “මෙහි ඇතැම් කෙනෙක් ජාතියෙන් හෝ ගොත්රයෙන් හෝ කුලපුත්රත්වයෙන් හෝ හැඩහුරුකමින් හෝ, ධනයෙන් හෝ ඉගෙණීමෙන් හෝ කර්මායතනයෙන් හෝ ශිල්පායතනයෙන් හෝ විද්යාස්ථානයෙන් හෝ ශ්රැතයෙන් හෝ ප්රතිභානයෙන් හෝ යන | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 08da37eb24f3b3c005842cf05aa90ad3004e4f14cc3618e69cefbfc1180a8502 |
target:pali-sinhala-parallel:68132:14 | දශාකාරයෙන් මානය උපදවයි. 8. “වෙනින් අනික් කරුණුවලින් හෝ යම් මෙබඳුවූ මානයක් සිතීමක් සිතීම් බවක් උසස්යයි සිතීමක් ධජයක්සේ මනාකොට ගැනීමක්, කොඩියක් සේ සිත උසස්කර ගැනීමක් ඇද්ද, මේ මානයයි. 9. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 94f06ddd9177a6a1a757821853213560792b436ac601892a7e7af2d29ed83d05 |
target:pali-sinhala-parallel:68132:15 | “මක්ඛය” නම් යම් මකුගතියක් ඇද්ද, මකුවීම් බවක් ඇද්ද, මේ මක්ඛයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 5871b1d84244fc836d01066d917558fea752e8cf5f14b7bdfe4cfc081aa29fb8 |
target:pali-sinhala-parallel:68132:16 | භාග්යවතුන් වහන්සේගේ මානයද මක්ඛයද ප්රහීනය, මුලින් සිඳුනේය, නැවත නූපදනා බවට පැමිණවූයේය, එහෙයින් බුදුරජතෙම මානයද මකු ගුණයද ප්රහීන කළසේක, යනුයි. 10. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 82c208793905d0843d4e897e5b9cdff346df096b52cafd59f086dbc2880b0f5b |
target:pali-sinhala-parallel:68132:17 | “එහෙයින් මම ගුණවර්ණනාවෙන් යුත් වචනය කියන්නෙමි” යන්නෙහි ‘එහෙයින්’ යනු පදසන්ධියයි පද ගැලපීමයි, පදපිරවීමයි අකුරු සමකිරීමයි. මේ එහෙයින් යනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 70aaea2e1927b12ffba1c491c3f22bcab0905cf6f396076b87ca36a3b14ec4ec |
target:pali-sinhala-parallel:68132:18 | “ගුණවර්ණනාවෙන් යුක්තවූ” යනු වර්ණනාවෙන් සමන්නාගතවූ වචනය ප්රකාශ කරන්නෙමි, දේශනා කරන්නෙමි, පනවන්නෙමි, තබන්නෙමි, විවෘත කරන්නෙමි, බෙදන්නෙමි, යනුයි. එහෙයින් පිංගිය ස්ථවිර තෙම ප්රකාශ කළේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 27e1055fee04f2deda3475e8e79a815bdc281147b60def71791fc745ca63064c |
target:pali-sinhala-parallel:68132:2 | ඇද්ද, දුක් හේතුවෙහි, දුක්ඛ නිරෝධයෙහි දුක්ඛ නිරෝධගාමිනී ප්රතිපදාවෙහි, ප්රතීත්ය සමුත්පාදයෙහි නොදැනීමක් ඇද්ද, අවිද්යාව, ලංගිය (අගුල) මෝහය, අකුසල මූලය යනුයි. මේ මෝහයයයි කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 10e7a787d05a281761b4118316a8d010dca578280990f1aeba15d96b7b7b2d50 |
target:pali-sinhala-parallel:68132:3 | මෝහ මලයද භාග්යවත් බුදුරදුන්ගේ ප්රහීනය, මුලින් උදුරන ලද්දේය. මුලින් සිඳි තල් ගසක් මෙන් කරණ ලද්දේය. සම්පූර්ණයෙන් අභාවයට පමුණුවන ලද්දේය. නැවත නූපදනා බවට පමුණුවන ලදී. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 2206344d526353b05a91dab6a0640a87cacbe61ec299e7153adcb97eb7767f4d |
target:pali-sinhala-parallel:68132:4 | එහෙයින් බුදුරදතෙම කෙලෙස් මලයන් හා මෝහය ප්රහීන කළසේක. 2. “මානය හා මක්ඛය ප්රහීන කළ” යන්නෙහි මානය යනු සිතෙහි යම් නැගීම් බවක් වේද එක් ආකාරයෙන් මානයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | a27d34cac68439de7fef408edf7dd410c53be0c3fe35824d7dc014cc49b62522 |
target:pali-sinhala-parallel:68132:5 | තමා උසස් කොට තැබීම හා අනුන් පහත්කොට තැබීම යන දෙයාකාරයෙන් මානයයි. ශ්රේෂ්ඨවූයේ වෙමි. සමාන වූයේ වෙමි. හීනවූයේ වෙමියි යන තුන් ආකාරයකින් මානයයි. ලාභයෙන් මානය උපදවයි. කීර්තියෙන් මානය උපදවයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 83f8115f66778fb832f0657463c603cc91d464ba5c2160942dcb9587e5ec5278 |
target:pali-sinhala-parallel:68132:6 | ප්රශංසාවෙන් මානය උපදවයි. සැපයෙන් මානය උපදවයි. යන සතරාකාරයෙන් මානය උපදවයි. 3. “රූපයන් ලැබුවේවෙමියි සිහිකරන්නේ මානය උපදවයි. ශබ්දයන් ලැබුවේවෙමියි සිහිකරන්නේ, මානය උපදවයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 32d799ec0206adbe97e95781d5450fc0187674d4a066b39f850c5f697b3105f8 |
target:pali-sinhala-parallel:68132:7 | ගන්ධයන්, රසයන් ස්පර්ශයන්, ලැබුවේ වෙමියි සිහිකරන්නේ මානය උපදවයි යන පස් ආකාරයෙන් මානය උපදවයි. 4. “ඇස ලැබීමෙන් මානය උපදවයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | dd4bc8ffde3cc3ea34511ebba0c347c3297569405fb1bd26e4a80e9fd1807aa8 |
target:pali-sinhala-parallel:68132:8 | කණ ලැබීමෙන්, නාශය ලැබීමෙන්, දිව ලැබීමෙන් ශරීරය ලැබීමෙන්, මනස ලැබීමෙන් යන සයාකාරයෙන් මානය උපදවයි. මානය, අති මානය, මානාතිමානය, බහුමානය, අතිමානය, අස්මිමානය, මිච්ඡාමානය, යන සත් ආකාරයෙන් මානය උපදවයි. 5. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | e118ada26c0950c601ad6aec0c8a7ce99329006f825d03121af87b281d0b1896 |
target:pali-sinhala-parallel:68132:9 | “ලාභයෙන් මානය උපදවයි. අලාභයෙන් අවමානය උපදවයි. කීර්තියෙන් මානය උපදවයි. අපකීර්තියෙන් අවමානය උපදවයි. ප්රශංසාවෙන් මානය උපදවයි. නින්දාවෙන් අවමානය උපදවයි. සැපතින් මානය උපදවයි. දුකින් අවමානය උපදවයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 5cbc7c9a0736256088dad1b517c7ef06483b12893562e9643daf986738ab19d6 |
target:pali-sinhala-parallel:68133:0 | (17-7) 1. “අන්ධකාරය දුරුකරන්නාවූ,” යනු රාග අන්ධකාරය ද්වේෂ අන්ධකාරය, මෝහ අන්ධකාරය, මාන අන්ධකාරය දෘෂ්ටි අන්ධකාරය, ක්ලෙශ අන්ධකාරය, දුශ්චරිත අන්ධකාරය, අඥාන කරණය, ප්රඥානිරුද්ධිය, විනාශපක්ෂය, දුරුකළේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 1532b4ece542cca7ea1844f3e0bcab9991da52481a28d1b32be5d50d51895c00 |
target:pali-sinhala-parallel:68133:1 | සම්පූර්ණ අභාවයට පැමිණවූයේය. 2. “බුද්ධ” යනු යම් ඒ භාග්යවතුන් වහන්සේයි. (17-2) 1 ‘බුදුන්’ යන තැන සිට යෙදිය යුතුයි.) ප්රත්යක්ෂ කළ පැනවීමයි. සමන්තචක්ඛුයයි සර්වඥතාඥානයට කියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 95d064d92494f8fb72a59ee361c9ce92d54152dac43433d913a22cd66144ad95 |
target:pali-sinhala-parallel:68133:10 | එහෙයින් බුදුරද තෙම කෙලෙස් රහිත සේක. 7. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 2074fa368738cd7cdf6509e97f1175696c144f49ca89ac250a7ea557e72e5a0e |
target:pali-sinhala-parallel:68133:11 | “සියලු දුක් ප්රහීනවූයේය” යන්නෙහි දුක් නම් ප්රතිසන්ධිකවූ ජාති දුක, ජරාදුක, ව්යාධිදුක, මරණදුක ශෝකය, වැළපීම් දුකය, උපායාස දුකය, (4-2) 3 යොදාගත යුතුයි.) දෘෂ්ටි ව්යසන දුක ප්රහීනය, මුලින් සිඳුනේය, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 4dd1ee75200f98387f7d4d5b72634c6cc1d2d87fd2b5bdcd0ba1e5351856365f |
target:pali-sinhala-parallel:68133:12 | සන්සිඳුනේය, ඉපදීමට අයොග්යය, ඥානය නැමැති ගින්නෙන් දැවුනේය, එහෙයින් බුදුරදතෙම සියලු දුක් ප්රහීන කළ බැවින් අනාශ්රව සේක. සියලු දුක් ප්රහීන කළ සේක. 8. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | bca28d00f07a2c0f9d2387abef8517931b54a6f48c1c4edeaa3fe33cd964cf3a |
target:pali-sinhala-parallel:68133:13 | “බ්රාහ්මණයා ආශ්රය කළ පච්චය යන නමින් යුක්ත වූයේ” යනු සිරි යන නමින් යුක්තවූයේ විපස්සී භාග්යවතුන් වහන්සේ සිඛී භාග්යවතුන් වහන්සේ වෙස්සභු භාග්යවතුන් වහන්සේ කකුසඳ භාග්යවතුන් වහන්සේ කොනාගම භාග්යවතුන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 6ac8ac0bf9d58af7567258dcfb5f1f5351be79cb7cbd9b86aa4208d044fa0284 |
target:pali-sinhala-parallel:68133:14 | වහන්සේ කාශ්යප භාග්යවතුන් වහන්සේ යන ඒ බුදුවරු සිරියන නමින් යුක්තයහ. ‘සිරියයි’ ආමන්ත්රණය ඇති සේක. ශාක්යමුනිවූ භාග්යවතුන් වහන්සේද ඒ භාග්යවත් බුදුවරුන්ගේ සිරි නාමය ඇති සේක. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | a668b166162b3d71b0ef0d28e861c089f528bad0d50610a42d22e6ce04635f9c |
target:pali-sinhala-parallel:68133:15 | සිරි යන ආමන්ත්රණය ඇති සේක, යනුයි. “ආශ්රය කරණ ලදී” යනු මා විසින් ඒ බුදු රජතෙම ආශ්රය කරණ ලදී. පයිරුපාසනය කරණ ලදී. ප්රශ්න අසන ලදී. විචාරණ ලදී යනුයි. එහෙයින් පිංගිය ස්ථවිරතෙම මෙසේ කීහ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | 31b6857cd0c08e622541828e7adda0d82beb9140ba66e25949850be3937149b4 |
target:pali-sinhala-parallel:68133:2 | (මහානිද්දේසයේ (14-7) 4 ‘බුදු ඇසින්’ යන තැන සිට යෙදිය යුතුයි.) එහෙයින් තථාගතතෙම සමන්ත චක්ඛු නම්වේ. 3. “ලෝකයාගේ කෙළවරට ගියේ සියලු භවයන් ඉක්ම වූයේ” යන්නෙහි එක් ලෝකය නම් එක් භවලෝකයයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | b74e9507d81430b359bd20339bbe2a1a83a7748912b75f3424bb4fc0641963bb |
target:pali-sinhala-parallel:68133:3 | ලොක දෙකකි භවලෝකයද සම්භව ලෝකයද යනුයි. සම්පත්ති ලෝකයද විපත්ති සම්භව ලෝකයද යනුයි. ලොකතුනකි. වේදනාතුනයි. ලොක සතරකි. සතර ආහාරයයි. ලොක පසකි උපාදාන පසයි. ලොකසයකි. සවැදෑරුම් ආධ්යාත්මික ආයතනයෝයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | f33ec2fae816930b66c57b26546b83f47fa93c6973cb3711d5b767c23a233c3f |
target:pali-sinhala-parallel:68133:4 | ලොකසතකි සප්ත විඤ්ඤාණස්ථිතීහුයි. ලොක අටකි. අෂ්ටලොක ධර්මයෝයි ලොක නවයකි. නවසත්තාවාසයෝයි ලොක දශයකි. දශ ආයතනයෝයි. ලොක දොළසකි. ආයතන දොළසයි. ලොක දහඅටකි අෂ්ටාරසධාතුහුවෙති. 4. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b831 | ab00d712e46a40ad5c7411240695cb79b9520094808fc9547641c3abff84d368 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.