sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:68149:13
ධර්මය සරණකොට ගියහ, සංඝයා සරණකොට ගියහ, සතුන් මැරීමෙන්, හොරකම් කිරීමෙන්, කාමයෙහි වරදවා හැසිරීමෙන්, බොරු කීමෙන් රහමෙර පානයෙන් වෙන්වූහ. මම තොපට පෙළ කියවමි. ප්‍රශ්න විසඳා දෙමි, පොහොය කියමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
adacaef99afc1afc41feaba6454352b87de4df7372d9ef835046a17aa4a16379
target:pali-sinhala-parallel:68149:14
නව කර්ම සිහිකරවමි. එසේ නමුත් තෙපි මා ඉක්මවා අන්‍යයන්ට ගරු කරන්නහුද, සත්කාර කරන්නහුද බහුමාන කරන්නහුද? යනුවෙනි මෙසේ තමා උසස් තැන තබන්නේ අන්‍යයා පහත් තැන තබන්නේ බැඳුන සිත් ඇත්තේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
9fa9eab47f0f5619b93ba4a4e5ad773b626f461ac6900a22d2bde222807f9756
target:pali-sinhala-parallel:68149:15
මෙසේ අර්ථය දුරු කරයි. 6.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
76dd97b888bd994cd8e44ab3470fb7e911c5a75134fe0daa5f588787108017e9
target:pali-sinhala-parallel:68149:16
“එක්ව බැඳීමෙහි මේ භය දකින්නේ” යන්නෙහි භය යනු ජාති භය, ජරා භය, ව්‍යාධි භය, මරණ භය, රාජ භය, චොර භය, උදක භය, දණ්ඩ භය, දුර්ගති භය, දියරැල භය, කිඹුල් භය, දියසුළි භය, නපුරු වනසතුන්ගේ භය, අපකීර්ති භය,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
9cc8b9ba19728b436685636fa3f99277a391d8ca40814bbebb604b8a0e20ece8
target:pali-sinhala-parallel:68149:17
භයානකවූ තැති ගැන්ම, රොමහර්ෂය, සිතේ සංවේගය, යනුයි ‘එක්ව බැඳීම’ යනු බැඳීම් දෙකකි. තෘෂ්ණා බැඳීමද දෘෂ්ටි බැඳීමද යනුයි.) (18-2) 3 ‘ස්නේහය’ යනු ‘බැඳීම්’ යයි වෙනස්කොට යෙදිය යුතුයි.) මේ තෘෂ්ණා බැඳීමයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
27b7ccd5e97e856be4afdc2b095180e383c69c1102a6ca85c95ef2e5e80ad0cc
target:pali-sinhala-parallel:68149:18
මේ දෘෂ්ටි බැඳීමයි. මේ භය එක්ව බැඳීමෙහි බලන්නේ, දකින්නේ පරීක්ෂා කර බලන්නේ, කඟවේනෙකුගේ අඟ මෙන් තනිවහැසිරෙන්නේය, යනුයි එහෙයින් ඒ පසේබුදුන් වහන්සේ ප්‍රකාශකළහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
597bc2aa78529dcb84d83ef3545872a64e374e4c00139d8987b384301494660a
target:pali-sinhala-parallel:68149:2
මිත්‍රයා අත් නොහරීද, ජීවිතය පවා මිත්‍රයා පිණිස පරිත්‍යාග කෙරේද, මිත්‍රයා පහත් කොට නොසිතාද මේ ගිහි මිත්‍රයා නම් වේ. 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
9f8165bd5a3a9544aa521a530c7da09fe7793274e6d7bcd54bc45e7cc275773e
target:pali-sinhala-parallel:68149:3
“පැවිදි මිත්‍රයා කවරේද?” මෙහි මහණතෙම ප්‍රියවූයේද, ගරුබව වඩන්නේද යහපත් වචන කියන්නේද, ගැඹුරු අර්ථවත් දේ කථා කරන්නේද, වැරදි මාර්ගයෙහි නොයොදාද, අධිශීලයෙහි සමාදන් කරවාද, සතර සතිපට්ඨාන භාවනාවන් යෙදීමෙහි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
1575a82aba90a85f014ca7c9e1c1daf29b9d9a8cb58c9408ce547e70eaac1d2a
target:pali-sinhala-parallel:68149:4
යොදවාද, සතර සම්‍යක් ප්‍රධානයන් සතර ඍද්ධිපාදයන්, පඤ්චෙන්ද්‍රියයන්, පංචබලයන්, සප්ත බොධ්‍යංගයන්, හා ආර්ය අෂ්ටාංගික මාර්ගයාගේද භාවනාවේ යෙදීමේ යොදවාද, මේ පැවිදි මිත්‍රයා නම් වේ. 3.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
50c35b3a905902b1043a3dc9636030837bd45456279dff413cdcb3779b204022
target:pali-sinhala-parallel:68149:5
සුහද හෙවත් යහළුවා නම් යම් කෙනෙකුන් සමග යාම, ඊම, සිටීම, හිඳගැනීම, නිදීම, කථාකිරීම යහපත් වේද හෙතෙමේයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
8b1b26789b4141ba4f3da1c065f5598e93facef36c5db1f6eb75fcf3a6ccd34b
target:pali-sinhala-parallel:68149:6
මිත්‍රයා කෙරෙහිද සුහද හෙවත් යහලුවා කෙරෙහිද, දැකී, ඇසුරු කළ යහළුවන් කෙරෙහිද අනුකම්පා කරණු ලබන්නේ බලනු ලබන්නේ, අනුග්‍රහ කරණු ලබන්නේ ආත්මාර්ථයද, පරාර්ථයද, උභයාර්ථයද දුරු කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
c2caba605cc76401eb29ed625df4040a05aede0086d69a2ce861890a4e0c9ada
target:pali-sinhala-parallel:68149:7
මෙලොව අර්ථය දුරු කරයි, පරලොව අර්ථය දුරු කරයි, පරමාර්ථය දුරු කරයි, ඉවත් කරයි, අතුරුදන් කරයි. 4. “බැඳුන සිත් ඇත්තේ” යනු කරුණු දෙකකින් බැඳුන සිත් ඇත්තේ යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
535972858fdf014252f12d3fcebe7cf2125769e6e770345e0fd83885960b2f2b
target:pali-sinhala-parallel:68149:8
තමා හෝ පහත් තැන තබන්නේ අනුන් හෝ උසස් තැන තබන්නේ බැඳුන සිත් ඇත්තේ වෙයි, තමා හෝ උසස් තැන තබන්නේ අනුන් හෝ පහත් තැන තබන්නේ බැඳුන සිත් ඇත්තේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
e5117d1dc956c13058ae27d12f9845756ef4704a8ff510e1f1e6c9785f3d9a7c
target:pali-sinhala-parallel:68149:9
කෙසේ තමා පහත්කොට තබන්නේ අන්‍යයා උසස් තැන තබන්නේ බැඳුන සිත් ඇත්තේ වේද ‘තෙපි මට බොහෝ උපකාරීහුය, මම තෙපි නිසා සිවුරුද, පිණ්ඩපාතයද සෙනාසනද, ගිලන්පස බෙහෙත් පිරිකරද ලබමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
f00b8656b754c516da9311ba59d39917089fa2ad5f2c931c887c3e4d4d761657
target:pali-sinhala-parallel:68150:0
(18-4) 1. “උණ පඳුර විශාලවූයේ පළල්වූයේ යන්නෙහි,” වංස යනු උණ පඳුරට කියයි. උණ පඳුරෙහි යම්සේද පෞරාණික වංශයෙහි සත්වයෝ ඇළුනාහ, ලැගුනාහ, එපරිද්දෙන්ම විසත්තිකා යයි තෘෂ්ණාවට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
27734fdca56fb8c0d1f84ef2d90c469d56c95c8f5290dd1ffa873b0cf55b4b25
target:pali-sinhala-parallel:68150:1
යම් රාගයක් ඇද්ද යෙදීමක් ඇද්ද නන්දියක් ඇද්ද, නන්දි රාගයක් ඇද්ද තෘෂ්ණාවගේ යම් ඇලීමක් ආශාවක් ප්‍රශ්න කිරීමක් ඇද්ද, මේ විසත්තිකා නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
30afc54caf8eb3af9a81e89c3ba28e0b135c4a01c4844d1c3c658a938e778a05
target:pali-sinhala-parallel:68150:10
නික්මුනේ, වෙන්වූයේ සීමා නොකළ සිතින් වසයි, එහෙයින් ඒ පසේ බුදුන්වහන්සේ ප්‍රකාශ කළහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
8e0455a35f10341eb28ee50875c7d14e0492804be0cadba417398ca9b3377e6a
target:pali-sinhala-parallel:68150:2
රූපයෙහි, ශබ්දයෙහි, ගන්ධයෙහි, රසයෙහි, ස්පර්ශයෙහි, කුලයෙහි, ගණයෙහි, ආවාසයෙහි, ප්‍රශංසාවෙහි, සැපයෙහි, චීවරයෙහි, පිණ්ඩපාතයෙහි, සෙනාසනයෙහි, ගිලන්පස, බෙහෙත් පිරිකරෙහි, කාම ධාතුවෙහි, රූප ධාතුවෙහි, අරූප
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
974f23d589b4435347255d09af2ad7b419e7b294c6fb1058bdb4dddf8f924ce4
target:pali-sinhala-parallel:68150:3
ධාතුවෙහි, කාම භවයෙහි, රූප භවයෙහි, අරූප භවයෙහි, සඤ්ඤා භවයෙහි, අසඤ්ඤා භවයෙහි, නෙවසඤ්ඤා නාසඤ්ඤා භවයෙහි, එකවොකාර භවයෙහි, චතුවොකාර භවයෙහි, පඤ්ච වොකාර භවයෙහි, අතීතයෙහි, අනාගතයෙහි, පවත්නා කාලයෙහි, දැකි ඇසූ,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
65191aab9b6b275bd7319de27d70d8b908847fd7b48060cf598dbe8a4360a798
target:pali-sinhala-parallel:68150:4
ස්පර්ශ කළ, දැනගත් ධර්මයන්හි මහත්සේ ඇලේනුයි විසත්තිකා නමි. 2. “පුත්‍රයන් කෙරෙහිද අඹුවන් කෙරෙහිද යම් බලාපොරොත්තුවක් ඇද්ද,” යන්නෙහි පුත්‍රයෝ යනු පුත්‍රයෝ, සතර දෙනෙකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
7466fba966322ff3d6329062bf44c20ff5b4f6ef1ef74b1b8487eb4700562336
target:pali-sinhala-parallel:68150:5
(18-5) 3 යෙදිය යුතුයි.) අඹුවෝ යයි භාර්යාවන්ට කියත්. අපෙක්ෂාව යනු තෘෂ්ණාවට කියයි. යම් රාගයක් ඇද්ද, ඇලීමක් ඇද්ද, අභිධ්‍යාවක් ලෝභයක් අකුශල මූලයක් ඇද්ද එයයි. 3.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
0c17fa6e499ffa15ce5b3c3f3ca5f2e5db90d39d4af7f2e92c88579cfac67030
target:pali-sinhala-parallel:68150:6
“හුණ කිළිල (ගොබය) මෙන් නොගැටෙන්නේ” යන්නෙහි වංශයයි හුණ පඳුරට කියයි. යම්සේ හුණ පඳුර තරුණ කාලයෙහි ගොබ කාලයෙහි නොඇළුනේ නොලැගුනේ නොසෙල්වෙන්නේ නික්මේද, එමෙන්ම ඇලීම් දෙකකි. තෘෂ්ණා ඇලීමද දෘෂ්ටි ඇලීමද යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
145800f11a5b8c927988c811a8ab9c72939864e0cf36b7c90bdc0bc9123ea730
target:pali-sinhala-parallel:68150:7
(18-2) 3 යෙදිය යුතුයි.) මේ තෘෂ්ණා ඇලීමයි මේ දෘෂ්ටි ඇලීමයි. ඒ පසේ බුදුන්වහන්සේට තෘෂ්ණා ඇලීම ප්‍රහීනය, දෘෂ්ටි ඇලීම සන්සිඳුනේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
0d99d8bf3f556e7f43801869299b5589a35246ce1937bfb5eabd15a8e7b172f3
target:pali-sinhala-parallel:68150:8
තෘෂ්ණා ඇලීම ප්‍රහීනවූ බැවින් දෘෂ්ටි ඇලීම සන්සිඳුන බැවින් ඒ පසේ බුදුන්වහන්සේ රූපයෙහි නොඇලෙයි. ශබ්දයෙහි නොඇලෙයි. ගන්ධයෙහි නොඇලෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
94423e8f0065d0b0ed817277f84883464977fb82655900a389de0fee3fce179a
target:pali-sinhala-parallel:68150:9
රසයෙහි නොඇලෙයි, ස්පර්ශයෙහි නොඇලෙයි, කුලයෙහි, ගණයා කෙරෙහි, ආවාසයෙහි, ලාභයෙහි කීර්තියෙහි, ප්‍රශංසාවෙහි සැපයෙහි, චීවරයෙහි, පිණ්ඩපාතයෙහි සෙනාසනයෙහි, ගිලන්පස බෙහෙත් පිරිකරෙහි නොඇලෙයි නොගනියි, මුසපත් නොවෙයි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
09789984884311424f0b79c52978cf338514316fb0fb409769db4c525fb0a7c5
target:pali-sinhala-parallel:68151:0
(18-5) 1. “අරණ්‍යයෙහි මුවා නොබැඳුනේ කැමතිසේ ගොදුරු පිණිස යයි” මුවා නම් මුවෝ දෙකොටසකි. ඒනී මුවාද පසද මුවාද යනුයි. වනයෙහි වූ මුවා වනයෙහි වාතාවරණයෙහි හැසිරෙන්නේ නිදහස්ව යයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
c147a3e70cacfb57951eea2856d259998be12ed3768b5866abd91921cc16f5ee
target:pali-sinhala-parallel:68151:1
නිදහස්ව සිටියි, නිදහස්ව ලගියි, නිදහස්ව නිදයි. එයට හේතු කවරේද, මහණෙනි, වැද්දාට ඉදිරිපත් නොවන බැවිනි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
a6bf612d90bd13f02e3d84bbd68a8eaa7f3f4d2b25a6d553cd0a5b1378244114
target:pali-sinhala-parallel:68151:10
මහණෙනි, මෙය ((18-5) 2 යෙදිය යුතුයි.) 6. “මහණෙනි, නැවතද මහණතෙම සර්වප්‍රකාරයෙන් ආකාශානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට සමවැද වාසය කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
5ad1237889c2c9f236fb0d6f9f01dc093554bde78952339140c94035bf7a803f
target:pali-sinhala-parallel:68151:12
සර්වප්‍රකාරයෙන් නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිත නිරෝධයට පැමිණ වාසය කරයි. සංඥාව දැක ආශ්‍රවයෝ ගෙවීගියාහු වෙති. මහණෙනි, මෙය ((18-5) 2 යෙදිය යුතුයි.) ලෝකයෙහි විසත්තිකා නමැති තෘෂ්ණාවෙන් එතර වූයේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
3d544cd90e2fe5fc0fb669c792744733e5e64cb606acaca87d0a3ec6d7b5555a
target:pali-sinhala-parallel:68151:13
7. “යම් ඒ තැනැත්තෙක් නිදහස්ව යේද, සිටීද, හිඳීද, නිදාද, එයට හේතු කවරේද, පාපීවූ මාරයා ඉදිරියේ නොපෙණෙන බැවිනි. 8.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
d26a3cd19f94c67d6dba826e8e75bf59d9bd0385fae7e7c71fe0d6fd7e5ae52f
target:pali-sinhala-parallel:68151:14
“නුවණැති ජනතෙම සේරී ධර්මය බලන්නේ” යන්නෙහි නුවණැති යනු පණ්ඩිතවූ ප්‍රඥා ඇති, බුද්ධිමත්, ඥාන ඇති යනුයි. ‘ජනතෙම’ යනු සත්වයා මානවකයා පුද්ගලයා ජීවයා යනුයි. (ii) ‘සේරී’ යනු සේරී ධර්ම දෙකකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
f89b32e7123b70a92628118dbec7caea723f35dc98f880e0553d713ec5e1c79e
target:pali-sinhala-parallel:68151:15
ධම්ම සේරී පුද්ගල සේරී යනුයි, ධම්ම සේරි (නිදහස් ධර්මය) කවරේද? සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන, සතර ඍද්ධිපාද පඤ්චෙන්ද්‍රිය, පංච බල, සප්තබොධ්‍යංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මේ ධර්ම සේරී නම්වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
d15d497539ae9ebdb75fe31bc67bd0d8ac8a2eb14307714cd6cf5d6dc753f480
target:pali-sinhala-parallel:68151:16
පුද්ගල සේරී (නිදහස් පුද්ගලයා) කවරේද? යමෙක් මේ සේරී ධර්මයන්ගෙන් යුක්තවේද හෙතෙම සේරී පුද්ගලයායයි කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
5731df9df9275b3d1b09f4e8dbf191e80a48de880d2deb58d046b1d89ad1e693
target:pali-sinhala-parallel:68151:17
“නුවණැති පුද්ගලතෙම සේරී ධර්මය බලන්නේ” යනු දකින්නේ, පරීක්ෂා කරන්නේ කඟවේනා මෙන් තනිව හැසිරෙන්නේය එහෙයින් ඒ පසේ බුදුන්වහන්සේ ප්‍රකාශ කළහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
03d238c8595dd80acab145aab1600e02c46755b75596192c558eca7455a43964
target:pali-sinhala-parallel:68151:2
මහණෙනි, එමෙන්ම මහණතෙම කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට සමවැද වාසය කරයි. 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
0166db5dfc01d06ea3f1d5aaa3a94430470e04a6437f71febafb3dcbb2719b8a
target:pali-sinhala-parallel:68151:3
“මහණෙනි, මෙය (ii) මාර පදය (මාරයාට අයත් ප්‍රදෙශය) ඉක්ම වූයේයයිද පාපීවූ මාරයාට පෙණීමෙන් වෙන්වූයේ යයිද කියයි (iii) මහණෙනි, නැවතද මහණතෙම විතර්ක විචාරයන් සන්සිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති, සිතේ එකඟත්වය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
87b3c5f6ed2f7cbebbf389f731b7659081cc130a906f7435821617d4ac7dc0c8
target:pali-sinhala-parallel:68151:4
ඇති විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනි ධ්‍යානයට සමවැද වාසය කරයි. මහණෙනි, මෙය (මෙහි 2 (ii) යෙදිය යුතුයි.) 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
092420f2f57c93707aeb8c6e3674e7fe2fd3454a28accb353111153282fec61c
target:pali-sinhala-parallel:68151:5
“මහණෙනි, නැවත මහණතෙම ප්‍රීතියෙන් නොඇලීමෙන් සිහි ඇත්තේ මනා නුවණැත්තේ උපෙක්ෂා සහිතව වාසය කරයි. සැපයේ පහස කයින් විඳියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
eeed05bbeaae89bac2bf394da207d1f5a4d5b8bfcc38604e80736d65b94b4e4e
target:pali-sinhala-parallel:68151:6
යම් ඒ දෙයක් උපෙක්ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප විහාරීයයි ආර්යයෝ කියද්ද ඒ තෘතීය ධ්‍යානයට සමවැද වාසය කරයි. මහණෙනි, මෙය (මෙහි 2 යෙදිය යුතුයි.) 4.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
1c111b14bafa05279b990326736ee581cc747c20bab4a117fd1abe23679d9d94
target:pali-sinhala-parallel:68151:7
“මහණෙනි, නැවතද මහණතෙම සැපයාගේ ප්‍රහානයෙන්ද දුඃඛයාගේ ප්‍රහානයෙන්ද පූර්වයෙහිම සොම්නස් දොම්නස් දෙදෙනාගේ දුරු කිරීමෙන් දුක් නැති සුව නැති උපෙක්ෂාව හා සිහියෙන්ද පිරිසිදුවූ සතරවන ධ්‍යානයට සමවැද වාසය කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
365c0b460357486372bb5e87c40238a5da4a63c62169a69673bc988acbd88f7c
target:pali-sinhala-parallel:68151:8
මහණෙනි, මෙය (18-5) 2 යෙදිය යුතුයි.) 5.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
f59fbd8e1c2fb47957320252531a22adae87815fe2b53b15a92dc42a41b4844e
target:pali-sinhala-parallel:68151:9
“මහණෙනි, නැවතද මහණතෙම සර්වප්‍රකාරයෙන් රූප සංඥාව ඉක්මවා, ප්‍රතිඝ සංඥාව අස්තයට පමුණුවා, නානත්ත සංඥාව මෙනෙහි නොකිරීමෙන් ආකාශය අනන්තයයි ආකාශානඤ්චායතනයට සමවැද වාසය කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b831
cc7274dcdf0c86fc8113b6815e99a0580f404ecc6a21059405b01cb1908aeac6
target:pali-sinhala-parallel:68177:0
(18-32) 1. “රසයන්හි ගිජුකම නොකරන්නේ ලොල් නොවූයේ” යන්නෙහි ‘රසය’ නම් (මහානිද්දෙසයේ (10-7) 4 යෙදිය යුතුයි.) 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
34458347610f7b8523d52f5a8c6b0ac7675f1fa24181b4766e11000534231041
target:pali-sinhala-parallel:68177:1
“යම්දේ කෙරෙහි ඇළුනාවූ, ගැළුනාවූ, මූර්ඡාවූ, බැස ගත්තාවූ, ඒ රසතෘෂ්ණාව ඒ පසේ බුදුන් වහන්සේගේ ප්‍රහීනය, මුලිනුපුටන ලද්දේය. අගසිඳි තල්ගසක්මෙන් කරණලදී. සම්පූර්ණ අභාවයට පමුණුවන ලදී.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
1c9ab7ff7a37c16ad3e58cb14748d88b7e60edaf736ad0af8b8dc3b06554e7f6
target:pali-sinhala-parallel:68177:10
එබැවින් සපදානචාරීනමි. 5. “කුලයක් පාසා නොබැඳුන සිත් ඇත්තේ” යනු කරුණු දෙකකින් බැඳුන සිත් ඇත්තේවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
46b5dc9dbdb58b46557602311d588dea9f5ca583f11a93f37c7cf7bdc51e6335
target:pali-sinhala-parallel:68177:11
තමා හෝ පහත්තැන තබන්නේ අනුන් හෝ උසස් තැන තබන්නේ බැඳුනසිත් ඇත්තේ වෙයි තමා හෝ උසස් තැන තබන්නේ අනුන් හෝ පහත් තැන තබන්නේ බැඳුන සිත් ඇත්තේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
4ac2a6ce26917bf8429947918b33b38c0d1da913ae9567d2ecf922ed8306f6bf
target:pali-sinhala-parallel:68177:12
කෙසේ තමා පහත් තැන තබන්නේ අන්‍යයා උසස් තැන තබන්නේ බැඳුන සිත් ඇත්තේවේද (මහානිද්දෙසයේ (14-15) 4 ‘නැවත කරුණු දෙකකින්’ යන තැන සිට යොදා ගත යුතුයි.) මෙසේ තමා උසස් තැන තබා අන්‍යයා පහත් තැන තබා බැඳුන සිත්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
530a23987267c549d1e22dda434b3de12e3c0f214fe5a30186102a69b15c6250
target:pali-sinhala-parallel:68177:13
ඇත්තේ වෙයි. 6. “කුලයක් (ගෙදරක්) පාසා නොබැඳුන සිත් ඇත්තේවෙයි” යනු ඒ පසේ බුදුන් වහන්සේ කුලපලි බොධයෙන් නොබැඳුන සිත් ඇත්තේවෙයි ගණ පලිබොධයෙන් නොබැඳුන සිත් ඇත්තේවෙයි. ආවාස පලිබොධයෙන් නොබැඳුන සිත් ඇත්තේවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
cb9efa34b2fec6b6f25790b644e881622d5ce36ce164f4d0bebd3c9c0f6da7ec
target:pali-sinhala-parallel:68177:14
චීවර පලිබොධයෙන් නොබැඳුන සිත් ඇත්තේවෙයි. පිණ්ඩපාත පලිබොධයෙන් නොබැඳුන සිත් ඇත්තේවෙයි. සෙනාසන පලිබොධයෙන් නොබැඳුන සිත් ඇත්තේවෙයි. ගිලන්පස බෙහෙත් පිරිකර පලිබොධයෙන් නොබැඳුන සිත් ඇත්තේ වෙයි, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
ec4151ebbc672086b48fdf798afe3da7da8a1a7e9c1c167862d0bc938a3d199e
target:pali-sinhala-parallel:68177:2
නැවත නූපදනා බවට පමුණුවනලදී. එහෙයින් ඒ පසේ බුදුන් වහන්සේ සිහිනුවණින් විමසා ආහාරය වළඳයි. සෙල්ලම් පිණිස නොවේ, තරුණ මදාදීමද වැඩීමට නොවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
2ecd7a6e62ebb4b5b054fb8f272632be36e70f896572560dfaabd18e943d7290
target:pali-sinhala-parallel:68177:3
සැරසීම පිණිස නොවේ, අලංකාර පිණිස නොවේ, යම්තාක් මේ ශරීරයාගේ පැවැත්ම පිණිස, යැපීම පිණිස බඹසරට පිහිට පිණිස, ‘මෙසේ පුරාණ වේදනාව දුරුකරමි, අළුත් වේදනාව නූපදවන්නෙමි මෙය මාගේ ජීවිත යාත්‍රාව පිණිස වන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
daf5c7b430ff2284b2be4b344ad27b10d5668114bc4fe9304aea297344430f2f
target:pali-sinhala-parallel:68177:4
නිරවද්‍යවූ ඵාසු විහරණය වන්නේයයි’ කියාදවේ. මෙසේ රසතෘෂ්ණාවෙන් ඈත්වූසේක. වෙන්වූසේක, නික්මුනේ, මිදුනේ සීමා නොකළ සිතින් වාසය කරයි. 3.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
08e8a6343c697632ea93fb8099b5c80533f60199bfdcf191ab728fa6743433e4
target:pali-sinhala-parallel:68177:5
“ලොල්නොවූයේ” යනු ‘ලොලුප්ප’ යයි තෘෂ්ණාවට කියයි යම් රාගයක් ඇද්ද ඇලීමක් ඇද්ද අභිධ්‍යාවක් ලෝභයක් අකුශල මූලයක් ඇද්ද එයයි. ඒ ලොලුප්පනම් තෘෂ්ණාව පසේ බුදුන් වහන්සේගේ ප්‍රහීනය, මුලිනුපුටන ලද්දේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
a2e895b0e45067e998797f580225fabfd22efe3dc56b5c5215eca72aff60ebbb
target:pali-sinhala-parallel:68177:6
අගසිඳි තල්ගසක්මෙන් කරණලදී. සම්පූර්ණ අභාවයට පමුණුවනලදී, නැවත නූපදනාබවට පමුණුවන ලදී. එහෙයින් පසේ බුදුන්වහන්සේ තෘෂ්ණාව දුරුකළ සේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
7737144d41c80f902e7beffa4b35a7b787d4521749ac25a6f436bbefefa86d35
target:pali-sinhala-parallel:68177:7
‘අන්‍යයන් පොෂණය නොකරන්නේ සපදාන චාරීවූයේ’ යනු ඒ පසේ බුදුන්වහන්සේ තමන්ම පොෂණය කරයි. හැසිරෙයි. අන්‍යයා පොෂණය නොකරන්නේය ක්ෂීණාශ්‍රවවූයේය. වමාරණ ලද ද්වේෂය ඇත්තේය. ඔහුට මම බ්‍රාහ්මණයායයි කියමි. 4.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
0a8121df39ccc4711330020ca6c2f9c3702911c2101b47a6da38502fcee6070d
target:pali-sinhala-parallel:68177:8
“සපදානචාරීවූයේ” යනු ඒ පසේ බුදුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍රසිවුරුගෙන ගමට හෝ නියම්ගමට හෝ පිඬු පිණිස හැසිරෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
ab19bf63a31654f53d11a1d8f18c403df9b1295281629d601f58b5c3a571984a
target:pali-sinhala-parallel:68177:9
රැකුනාවූ කයින් රැකුනාවූ වචනයෙන් රැකුනාවූ සිතින් මෙනෙහි කළ සිහියෙන්, සංචරණය කරණ ලද ඉන්ද්‍රියයන්ගෙන් යටබලාගත් ඇස් ඇතිව යහපත් ඉරියව්වලින් යුක්තව පිළිවෙලින් කුලයක් පාසා පිඬු පිණිස හැසිරෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
e3a78010954a560b708ce0abf2326fbb9c6186534b7d44a0ed4c5455bf080fc1
target:pali-sinhala-parallel:68178:1
“සිතින් පඤ්චනීවරණයන් හැර” යනු ඒ පසේබුදුන් වහන්සේ කාමච්ඡන්ද නීවරණය (ii) දුරුකොට බැහැර කොට සංසිඳුවා සම්පූර්ණ අභාවයට පමුණුවා (iii) ව්‍යාපාද නීවරණය (මෙහි (ii) යෙදිය යුතුයි) ථිනමිද්ධ නීවරණය (මෙහි (ii)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
184ea93154311f7125361a2be139b2974f2e472e62b34bc52dfe9b26610d6b88
target:pali-sinhala-parallel:68178:10
තෘෂ්ණා ස්නේහයද දෘෂ්ටි ස්නේහයද ද්වේෂයද සිඳ විශේෂයෙන් සිඳ සන්සිඳුවා සම්පූර්ණ අභාවයට පමුණුවා ඇසෙහි නොඇළුනේ, කණෙහි නොඇළුනේ නාසයෙහි, දිවෙහි කයෙහි නොඇළුනේ දැකි, ඇසූ මුතයෙන් ගත් දැනගතයුතු ධර්මයන්හි, නොඇළුනේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
7c0a00dc7a4da0122e4d59cfd2eb10379108a14a5b306f201f72fd6e86dc37d8
target:pali-sinhala-parallel:68178:11
නොපැමිණියේ නොගැළුනේ, නික්මුනේ වෙන්වූයේ සීමානොකළ සිතින් වාසයකරයි යනුයි. එහෙයින් ඒ පසේබුදුන්වහන්සේ ප්‍රකාශ කළහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
3ef9ce77b74ad3afa036e253fb6f915c9b8fbfc507cc70a0f45e8218ce0afeca
target:pali-sinhala-parallel:68178:2
යෙදිය යුතුයි) උද්ධච්ච කුක්කුච්ච නීවරණය (මෙහි (ii) යෙදිය යුතුයි.) විචිකිච්චා නීවරණය (මෙහි (ii) යෙදිය යුතුයි.) කාමයන්ගෙන් වෙන්වූ අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
e3a4239c811c663fd33e0d45ce8c94006d89381d357d864e669e626462a3f941
target:pali-sinhala-parallel:68178:3
ප්‍රීති සුඛය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. 2. “චිත්තොපක්ලේශයන් දුරුකොට” යනු රාගය, සිතට උපක්ලේශයකි. ද්වේෂය සිතට උපක්ලේශයකි. මෝහය සිතට උපක්ලේශයකි ක්‍රෝධය සිතට උපක්ලේශයකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
5780c705ec73f118f6a3d413d693f977dc0448d96150fa1b4ab40bfc98886046
target:pali-sinhala-parallel:68178:4
බද්ධ වෛරය සිතට උපක්ලේශයකි. (උපක්ලේශය යනු යොදා (3-4) 3 ‘ගුණමකුකම’ යන තැන සිට යෙදිය යුතුයි.) සියලු අකුශල රැස්කිරීම් සිතට උපක්ලේශයකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
b0d77f7b90506e21819558d85b8f83565fd19042a88f247c7cae4c4d3bc1ea58
target:pali-sinhala-parallel:68178:5
සියලු චිත්තොපක්ලේශයන් දුරුකොට බැහැරකොට සංසිඳුවා, සම්පූර්ණ අභාවයට පමුණුවා යනුයි. 3. “නොඇළුනේ ස්නේහ දෝෂය සිඳ” යන්නෙහි ‘නොඇළුනේ’ යනු නිශ්‍රය (ඇලීම්) දෙකකි, තෘෂ්ණානිශ්‍රයද, දෘෂ්ටි නිශ්‍රයද යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
0053b2c537174a3b7da9ce1b5574e7136bce50e4ad58a75313dc1d13470938c2
target:pali-sinhala-parallel:68178:6
(මමත්වය යනු ‘නිශ්‍රයයයි’ වෙනස්කොට (මහා නිද්දේශයේ (2-6) 1 (ii) (iii) යෙදිය යුතුයි.) ‘ස්නේහ දෝෂය’ යනු ස්නේහ දෙකකි. තෘෂ්ණා ස්නේහයද දෘෂ්ටිස්නේහයද යනුයි...
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
bb8c013ab8e26ae7d9c504f8d4e17d4c937705d2c337ec844b6ec9de2bd4265c
target:pali-sinhala-parallel:68178:7
(මමත්වය යනු ‘ස්නෙහයයි’ වෙනස් කොට (මහානිද්දේශයේ (2-6) 1 (ii) (iii) යෙදිය යුතුයි) 4.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
caea8dafa7ba1ca3037476f94d65871a9d07a9f7ddd90f29ab72bd9a0ef8973e
target:pali-sinhala-parallel:68178:8
“ද්වේෂ” යනු යම් චිත්තයාගේ ක්‍රෝධයක් ඇද්ද, වෛරයක් ඇද්ද, ප්‍රතිවිරොධයක් ඇද්ද, කෝපයක් ප්‍රකෝපයක් සම් ප්‍රකෝපයක්, ද්වේෂයක්, ප්‍රදෝෂයක්, සම් ප්‍රදෝෂයක්, චිත්තයාගේ නොසන්සුන් බවක්, කෝපයක්, කිපීම් බවක්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
409e3f3c07ebe71a6c26b4365726d1d7cbcc30ec700aa32edc825acfb1aa42af
target:pali-sinhala-parallel:68178:9
ද්වේෂයක් ද්වේෂවීම් බවක්, ව්‍යාපාදයක්, ව්‍යාපාදවීම් බවක් චිත්තයාගේ ක්‍රෝධයක්, බද්ධවෛරයක්, කෝපයක්, විරොධයක්, ප්‍රතිවිරොධයක් චණ්ඩ බවක් කඳුළු නැගීමක්, සිතේ නොසතුටුබවක් ඇද්ද, එයයි ඒ පසේ බුදුන් වහන්සේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
6a4d160019079a8528893cc86eb10d9580fdc066baf59d93ea7cea0c9d11774c
target:pali-sinhala-parallel:68179:1
“මුලින්ම සොම්නස් දොම්නස් දෙකද සැප දුක් දෙකද බහාතබා” යනු ඒ පසේබුදුන් වහන්සේ සැපයාගේද ප්‍රහාණයෙන් දුක්ඛයාගේද ප්‍රහාණයෙන් මුලින්ම සොම්නස් දොම්නස් දෙක අස්තයට පමුණුවා දුක් නොවූ සුව නොවූ උපෙක්ෂාව හා
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
9ef459c979e41523d633dfe33c7de0a5e2cef06915cf0e56dfcbbc5ffe4cad93
target:pali-sinhala-parallel:68179:2
සිහියෙන් පිරිසිදුවූ චතුර්ථධ්‍යානයට සමවැද වාසය කරයි. 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
c93ddc8c2e0ce9ac5192ba84060384776db24904f351f24db15fd0d6ee9da381
target:pali-sinhala-parallel:68179:3
“පිරිසිදුවූ උපෙක්ෂාවද සමථයද ලැබ” යනු යම් සතරවන ධ්‍යානයෙහි උපෙක්ෂාවක් ඇද්ද, චිත්තයාගේ එකඟකමක් ඇද්ද, එක් අරමුණක පිහිටි බවක් ඇද්ද, සිතේ නොවිසුරණ බවක් ඇද්ද, සමාධින්ද්‍රිය, සමාධි බලය, සම්‍යක් සමාධියක් ඇද්ද
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
64006441fc4076778548834d7c3e076d3ff42d87972ab0c34c54504f497d712f
target:pali-sinhala-parallel:68179:4
යනුයි. සතරවන ධ්‍යානයෙහි උපෙක්ෂාව හා එකඟකම පිරිසිදුවූවාහු බබලන්නාහු කෙලෙස් නැතිවූවාහු මෘදුවූවාහු කර්මයට යොග්‍යව සිටියාහු තෘෂ්ණා රහිතවූවාහු පිරිසිදු වූවාහු වෙති.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
0a7b0f4afa29c69d8a654bca8f87b65ca73a76579b93b0509fcc440923a5af23
target:pali-sinhala-parallel:68179:5
පිරිසිදුවූ උපෙක්ෂාවද සමථයද ලැබ යනු චතුර්ථධ්‍යානයෙහි උපෙක්ෂාවද සමථයද ලැබ යනුයි එහෙයින් ඒ පසේ බුදුන් වහන්සේ ප්‍රකාශ කළහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
8414192c33517ed547b64e58b7f1e1bfc2e9109e61ab6a746960a2fb030627af
target:pali-sinhala-parallel:68180:0
(18-35) 1. “පරමාර්ථයට පැමිණීම පිණිස පටන්ගත් වීර්ය ඇත්තේ” යනු පරමාර්ථය යයි අමෘතවූ නිර්වාණයට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
33974e6cf747273b0f6b18b5bf72432472610c31713727d1803270f43e5cd7b5
target:pali-sinhala-parallel:68180:1
යම් ඒ යමක් සියලු සංස්කාරයන් සංසිඳවූයේ සියලු උපධීන් බැහැර කළේ, තෘෂ්ණාව ක්ෂයකළේ විරාගනම්වූ නිරෝධ නම්වූ නිර්වාණය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
cf9c7698b48e5a9a8691cba640c4ec9afecf2ffe563f46396574a98418ea7e14
target:pali-sinhala-parallel:68180:10
මනාකොට ගෙනෙන්නෙමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
bbc68ec3fe67d06dfdcaca91d81c7c3e6af8e4f603e4590c617a18cd3e936ab7
target:pali-sinhala-parallel:68180:11
(මෙහි 3 (ii) යෙදිය යුතුයි.) ප්‍රත්‍යක්ෂ කරන්නෙමියි මේ මධ්‍යාහ්න කාලයෙහි (මෙහි (ii) සවස් කාලයෙහි (මෙහි (ii) (iii) පෙරබත් කාලයෙහි (මෙහි (ii) පසුබත් කාලයෙහි (මෙහි (ii) පූර්ව යාමයෙහි (මෙහි (ii) මධ්‍යම
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
c0b6c40f115f7815fa06cadcbe1a3bb4a81e6d68348d6ce971740b36621b6212
target:pali-sinhala-parallel:68180:12
යාමයෙහි (මෙහි (ii) වර්ෂා කාලයෙහි (මෙහි (ii) ග්‍රීෂ්ම කාලයෙහි (මෙහි (ii) පූර්ව වයස් කොටසෙහි (මෙහි (ii) මධ්‍යම වයස් කොටසෙහි (මෙහි (ii) අන්තිම වයස් කොටසෙහි (මෙහි (ii) දැඩි උත්සාහ ඇත්තේ වීර්ය බලයෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
068d949098dd921e1c9220802b3f48e34f0b3bf33885edd5a693af1ed8f422d9
target:pali-sinhala-parallel:68180:13
යුක්තවූයේ යනු ඒ පසේ බුදුන් වහන්සේ දැඩිව ගැනීම් ඇතිසේක. 6. “කුශල ධර්මයන්හි ස්ථිර ගැනීම් ඇතිසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
9b03eaeafa54c7366751266ce9f13c3c0f0d42fb37998a444cfe816c4c1a9c33
target:pali-sinhala-parallel:68180:14
කාය සුචරිතයෙහි, වචී සුචරිතයෙහි, දාන සංවිභාගයෙහි සීල සමාදානයෙහි උපොසථ වාසයෙහි, මවුන් පිදීමෙහි, පියන් පිදීමෙහි, ශ්‍රමණයන් පිදීමෙහි, බ්‍රාහ්මණ (කෙලෙස් රහිතයන්) පිදීමෙහි, යන එක්තරා අධි කුශල ධර්මයන්හි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
1f8bbe47d922213ecea6faff54ada68f2953d9875dac88c55836d891500175f7
target:pali-sinhala-parallel:68180:15
යුක්තවූයේ යනුයි. 7. “වීර්ය බලයෙන් යුක්තවූයේ” යනු ඒ පසේ බුදුන් වහන්සේ ධෛර්‍ය්‍ය බලයෙන්ද, වීර්ය පරාක්‍රමයෙන්ද ප්‍රඥාවෙන්ද යුක්තවූයේ, පැමිණියේ, උපන්නේ වෙයි යනුයි. එහෙයින් ඒ පසේබුදුන් වහන්සේ ප්‍රකාශ කළහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
e20134b135664415b52d741ea86b22424d36259713e38109cecd9457631f8e64
target:pali-sinhala-parallel:68180:2
පරමාර්ථයට පැමිණීම පිණිස එය ලැබීම පිණිස අධිගමය පිණිස, ස්පර්ශ කිරීම පිණිස ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස, අකුශල ධර්මයන්ගේ ප්‍රහානය පිණිස, කුශල ධර්මයන් ගැනීම පිණිස, උත්සාහයෙන්, දැඩි පරාක්‍රමයෙන් කුශල ධර්මයන්හි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
c838ade2f6bef57c1badf4e1fc0368d5284d03a90ba78ad998ac362f878d2c9f
target:pali-sinhala-parallel:68180:3
බහා නොතැබූ ධෛර්‍ය්‍ය ඇතිව පටන්ගත් වීර්ය ඇතිව වාසය කරයි. 2. “ඒ පසේබුදුවරයා නූපන් ලාමකවූ අකුශල ධර්මයන්ගේ නොඉපදීම පිණිස (ii) කැමැත්ත ඇතිකරයි. වෑයම් කරයි වීර්ය පටන්ගනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
559b0d611effaafa1e5af11870d8c4f7ffe64c2794716b5a5dbd7f8c9456534e
target:pali-sinhala-parallel:68180:4
සිත දැඩිකොට තවයි (iii) උපන් ලාමකවූ අකුශල ධර්මයන්ගේ දුරුකිරීම පිණිස (මෙහි (ii) යෙදිය යුතුයි) නූපන් කුශල ධර්මයන්ගේ ඉපදීම පිණිස (මෙහි (ii) යෙදිය යුතුයි.) කුශලධර්මයන්ගේ පැවැත්ම පිණිස, වෙනස් නොවීම පිණිස,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
683f231021c011c1dde14cc06297786295878307937ac8c7b5f04630b286b1bf
target:pali-sinhala-parallel:68180:5
වැඩිවීම පිණිස, මහත් බව පිණිස භාවනාව සම්පූර්ණ කිරීමෙන් (මෙහි (ii) යෙදිය යුතුයි) මෙසේද නොපසුබට සිත් ඇත්තේ කුසීත නොවූ පැවැත්ම ඇත්තේ වෙයි. 3.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
e8c4c6a7cb33f225b2140ae20f9a063e249e85136771821c828719e481d2107e
target:pali-sinhala-parallel:68180:6
“නැවතද ඒකාන්තයෙන් සමද නහරද ඇටද ඉතිරි වේවා, මස් ලේ (වියලේවා) යම් ඒ පුරුෂ ශක්තියෙන්, පුරුෂ බලයෙන් පුරුෂ පරාක්‍රමයෙන් පැමිණිය යුත්ත එසේ නොපැමිණ වීර්යයේ තැබීම නොවන්නේයයි (ii) සිත දැඩි කොට ගනියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
5eb617e809f9a6c439b9641a42d6b2a0d808513115166835c936122c3ccef27b
target:pali-sinhala-parallel:68180:7
තබයි, මෙසේද නොපසුබස්නා සිත් ඇත්තේ කම්මැලි නොවූ පැවතුම් ඇත්තේ යනුයි. 4.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
cf581e7d9ea03f448f5d174a5ed0e461c91f12710c3fa51affe8cc5164a547d3
target:pali-sinhala-parallel:68180:8
“යම්තාක් මාගේ දැඩිව නොගෙන ආශ්‍රවයන්ගෙන් සිත මිදෙන්නේද, ඒතාක් මේ ආසනයෙන් නොනැගිටින්නෙමියි (මෙහි 3 (ii) යෙදිය යුතුයි.) ඒතාක් මම මේ සක්මනින් නොබසින්නෙමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
ab3d0fb576ca91418241211732aee1afb5d82dc83944d5ec11ca134906e4d3b0
target:pali-sinhala-parallel:68180:9
යම්තාක් දැඩිව නොගෙන ආශ්‍රවයන්ගෙන් සිත නොමිදේද ඒතාක් විහාරයෙන් නොනික්මෙන්නෙමි (මහානිද්දේශයේ (3-3) 3 ‘සක්මනෙන්’ යන තැන සිට යෙදිය යුතුයි. 1576 පිට) 5. “මේ පෙරවරු කාලයෙහි (ii) ආර්ය ධර්මය ලබන්නෙමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
8742c4ad03d52c6fee2005d4d86efe35d3215a682f88e2a20e92f49be537bcb4
target:pali-sinhala-parallel:68181:0
(18-36) 1. “විවේකයෙන් යුක්තව ධ්‍යානයෙහි යෙදෙන්නේ” යනු ඒ පසේබුදුන් වහන්සේ විවේකයෙන් යුක්තවූයේ වෙයි. විවේකයෙහි ඇළුනේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
d4ebe5f045ed6bfe4849afea31be6f88953604bfd400fc69df7d3a1d945a4505
target:pali-sinhala-parallel:68181:1
අධ්‍යාත්මයෙහි චිත්ත සමථයෙහි යෙදුනේ, දුරුනොකළ ධ්‍යාන ඇත්තේ විදර්ශනාවෙන් යුක්තවූයේ ශුන්‍යාගාරයෙහි ධ්‍යානය කරන්නේ, ධ්‍යානයෙහි ඇළුනේ එක් නිශ්චයක යෙදුනේ පදාර්ථය ගරුකළේ විවේකවූ ධ්‍යානය ආශ්‍රය කළේ වෙයි. 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
b5e001ac4ba9dc11b89ce12e7f51c72f35a66b40acf7a9958c90a9c7fe1d4047
target:pali-sinhala-parallel:68181:10
“භවයන්හි ආදීනවය කල්පනා කොට” යනු සියලු සංස්කාරයෝ අනිත්‍යයයි භවයන්හි ආදීනවය කල්පනා කොට, සියලු සංස්කාරයෝ දුක්යයි සියලු ධර්මයෝ අනාත්ම යයි භවයන්හි ආදීනවය කල්පනාකොට යම් කිසි හේතු ප්‍රත්‍යයකින් උපන් ධර්මයක්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
dcb96030115ba0c46a3aabd8f15952851b69d9bc187dd61b05364ba641bf793b
target:pali-sinhala-parallel:68181:11
ඇද්ද ඒ සියල්ල නිරුද්ධි පිණිස පවත්නේයයි භවයන්හි ආදීනවය කල්පනා කරන්නේ යනුයි. එහෙයින් ඒ පසේබුදුන් වහන්සේ ප්‍රකාශ කළහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
f2b25aa8943b547a82873ecf067cb2053255fae0541bc5c9eb10c30252626e88
target:pali-sinhala-parallel:68181:2
“ඒ පසේ බුදුන් වහන්සේ කරුණු දෙකකින් ධ්‍යානයෙහි යෙදෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
58382b29370e2ef3527f6113d1e665b5b8db1276e4900b6808cf037496bd239b
target:pali-sinhala-parallel:68181:3
නූපන් හෝ ප්‍රථම ධ්‍යානයාගේ දැඩිව ගැනීමෙහි යුක්තවූයේ නූපන් හෝ ද්විතීය ධ්‍යානයාගේ දැඩිව ගැනීමෙහි, තෘතීය ධ්‍යානයාගේ චතුර්ථධ්‍යානයාගේ දැඩිව ගැනීමෙහි යුක්තවූයේනුයි. මෙසේද ධ්‍යානයෙහි යෙදෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
0d9e24347a01ffb75cc448ece16bd9d95b36c0b3c91997a1a3b3de2553d80925
target:pali-sinhala-parallel:68181:4
නැවතද උපන් ප්‍රථම ධ්‍යානය ආසෙවනය කරයි, වඩයි, බහුල කරයි, උපන් හෝ ද්විතීයධ්‍යානය, උපන් හෝ තෘතීයධ්‍යානය උපන් හෝ චතුර්ථ ධ්‍යානය ආසේවනය කරයි, වඩයි, බහුල කරයි, මෙසේ ධ්‍යානයෙහි යෙදෙයි. 3.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
1e2980736819e8707a16ded46fe75ba44ddfbc7ed44aee68a0a2adaf56a5f53a
target:pali-sinhala-parallel:68181:5
“ධර්මයන්හි නිතර යෙදෙන්නේ ධර්මයෙහි හැසිරෙන්නේ” යන්නෙහි ධර්මයෝ යනු සතර සතිපට්ඨානයෝ සතර සම්‍යක් ප්‍රධාන පඤ්චෙන්ද්‍රිය පංචබල සප්තබොධ්‍යංග ආර්ය අෂ්ටාංගික මාර්ගය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
9de38393aa119298d2338e7be3b74744506e2e6e3bbcc2a8b24b1275b66fad15
target:pali-sinhala-parallel:68181:6
අනුධර්මයෝ කවරහුද සම්‍යක් ප්‍රතිපදාව අනුලොම ප්‍රතිපදාව, අවිරුද්ධ ප්‍රතිපදාව, අන්වර්ථ ප්‍රතිපදාව, ධර්මානු ධර්ම ප්‍රතිපදාව, ශීලයන් සම්පූර්ණ කිරීම් බව ඉන්ද්‍රියයන්හි වැසුන දොර ඇති බව, භොජනයන්හි ප්‍රමාණය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
56fbbadb60c55eda9837e40b31504c638934e999cf8f0cb010e1e3eae3e2d137
target:pali-sinhala-parallel:68181:7
දන්නා බව නිදිවර්ජිත කිරීමෙහි යෙදීම, සිහිනුවණ යෙදීම, යනු මේ අනු ධර්මයෝ යයි කියත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
fec44cdc643505a6bfcdff7beace60c9b0534a0e09e8b94e0e73d233ccddc344
target:pali-sinhala-parallel:68181:8
‘නිත්‍යයෙන්’ යනු නිත්‍යයෙන් සතතයෙන් නිරන්තරයෙන් ඊතලයෙන්, ඊතලයසේ දිය රැල්ලෙන් දිය රැල්ලසේ අතරක් නැතිසේ පවත්නා, පෙර බත් කාලයෙහි පසුබත් කාලයෙහි, පූර්ව යාමයෙහි, පශ්චිමයාමයෙහි, ආලෝක කාලයෙහි හෝ සඳ රැසෙහි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
ca82f95eb89513e3039cc4c4f154d3e075ee37218e8e208117c160d2d4df3db8