sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:68181:9
හේමන්තයෙහි, ග්‍රීෂ්මයෙහි පෙර වයස්කොටසෙහි, මධ්‍යම වයස් කොටසෙහි, පශ්චිම වයස් කොටසෙහි හැසිරෙයි, ඉරියව් පවත්වයි, පාලනය කරයි, යැපෙයි. 4.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
06d0ed91c3bc8b47c6a5924697b32d4cf4087b1f98c8cd1fa0cb1396d7b72f77
target:pali-sinhala-parallel:68182:0
(18-37) 1. “අප්‍රමාදවූයේ තෘෂ්ණාක්ෂය ප්‍රාර්ථනා කරන්නේ” යන්නෙහි තෘෂ්ණා නම් රූප තෘෂ්ණා ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම තෘෂ්ණා යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
9dabca37c87f0a0cc71553e67209fb23b3638935aaff284b7b541b8e779b02ba
target:pali-sinhala-parallel:68182:1
‘තෘෂ්ණාක්ෂය’ යනු රාගක්ෂය, ද්වේෂක්ෂය, මොහක්ෂය, ගතික්ෂය, උත්පත්තික්ෂය, ප්‍රතිසන්ධික්ෂය, භවක්ෂය, සංසාරක්ෂය වට්ටක්ෂය, කැමතිවන්නේ බලාපොරොත්තුවන්නේ, ආශාකරන්නේ, යනුයි. 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
b74c23c423e2352628258edbb022ee3512c4d03e0537fe7a4ee2f042138e9596
target:pali-sinhala-parallel:68182:10
යම්කිසි හේතු ප්‍රත්‍යයකින් උපන් ධර්මයක් ඇද්ද ඒ සියල්ල නිරුද්ධිය පිණිස පවත්නේයයි සංඛාත ධර්ම ඇත්තේ (මෙහි (ii) යොදාගත යුතුයි.) 6. “නැවතද, ඒ පසේබුදුන් වහන්සේගේ ස්කන්ධයෝ කෙටි වූහ. ධාතු කෙටිවූහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
66ddda9484d260ecab68aeae2f8cf3ecad425767abe13348063d9bba209b3a72
target:pali-sinhala-parallel:68182:11
ආයතනයෝ කෙටිවූහ. ගතීහු කෙටිවූහ. උත්පත්තීහු කෙටි වූහ. ප්‍රතිසන්ධීහු කෙටිවූහ. භවයෝ කෙටිවූහ. සංසාරයෝ කෙටිවූහ. වට්ටයෝ කෙටිවූහ. 7. “නැවතද ඒ පසේබුදුන් වහන්සේ ස්කන්ධයන්ගේ කෙළවර සිටි සේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
22ff8b275b4b0929ae31a5356391de31379973ab9e9e732d1b7d388cdcf96af8
target:pali-sinhala-parallel:68182:12
ධාතු කෙළවර සිටි සේක, ආයතන කෙළවර සිටි සේක, ගති කෙළවර සිටි සේක, උත්පත්ති කෙළවර සිටි සේක, ප්‍රතිසන්ධි කෙළවර සිටි සේක, භව කෙළවර සිටි සේක, සංසාර කෙළවර සිටිසේක, වට්ටය කෙළවර සිටිසේක, සංස්කාර කෙළවර සිටි සේක,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
24d94ab853f45bf5cd0ee7905c13349b7641d19835fcfda18b7f969b5a4497e3
target:pali-sinhala-parallel:68182:13
අන්තිම භවයෙහි සිටිසේක. පසේ බුදුන් වහන්සේට ජාති මරණ සංසාරයක් නැත, පුනර්භවයක් නැත, ඒ කාරණයෙන් පසේබුදුන්වහන්සේ සංඛාත ධර්මයෙන් (ඥානයෙන්) යුක්තසේක. 8. “නිශ්චය ඇත්තේ” යනු නියමයයි සතර ආර්ය මාර්ගයට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
3603c0870280257859efdd297b17a359a17731d774e8f4090bfe428ac6f249ff
target:pali-sinhala-parallel:68182:14
සතර ආර්ය මාර්ගයෙන් යුක්තවූයේනුයි නියත නමි. නියාමයට පැමිණියේ සම්ප්‍රාප්තවූයේ අධිගත වූයේ දැක්කේ ප්‍රත්‍යක්ෂ කළේ යනුයි. 9. “පධානයෙන් යුක්තවූයේ” යනු පධානයයි වීර්යයට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
1e26e1deeb7a0293cc9f5ca58a51b3a0442070e15dab7163aa11a1b06b1623b7
target:pali-sinhala-parallel:68182:15
යම් චිත්තයාගේ වීර්යාරම්භයක් ඇද්ද නික්මීමක් පරාක්‍රමයක් උද්‍යෝගයක් උත්සාහයක් උත්සාහ බවක් ඇද්ද ශක්තියක් ලිහිල් නොවූ උත්සාහයක් ඇද්ද බහා නොතැබූ කැමැත්තක් ඇද්ද බහා නොතැබූ වීර්යයක් ඇද්ද, ධෛර්‍ය්‍ය දැඩිව
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
7ca440e106d48ec455219f709a8d612993bfff56e6f732307a695b84d2a82033
target:pali-sinhala-parallel:68182:16
ගැණීමක් ඇද්ද, වීර්ය විරියින්ද්‍රිය විරිය බලය, සම්මාවායාමය, යන මෙයද යනුයි. ඒ පසේ බුදුන් වහන්සේ මේ වීර්යයෙන් යුක්තවූයේ පැමිණියේ වෙයි එහෙයින් ඒ පසේ බුදුන් වහන්සේ වීර්යයෙන් යුක්ත සේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
f577c594674f436c88d0c00c99f8100ee6ff67b4a564b8ac06ec9f9fa5049b65
target:pali-sinhala-parallel:68182:2
ඒ පසේබුදුන් වහන්සේ සකස්ව කටයුතු කරණ සේක. නිතර කටයුතු කරණ සේක. කුශල ධර්මයන්හි අප්‍රමාදවූ සේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
7d373cb36c2342b0bb2e1a17719a1312ebe0524f5bcb22c8f2ac6f93aacb1a8b
target:pali-sinhala-parallel:68182:3
කෙලතොළු නොවුයේ ඇසූ පිරූ තැන් ඇත්තේ සිහි ඇත්තේ යන තන්හි කෙළතොළු නොවූයේ යනු ඒ පසේ බුදුන්වහන්සේ පණ්ඩිතවූයේ නුවණැත්තේ, බුද්ධි ඇත්තේ ඥාන ඇත්තේ විභාවීවූයේ, මෙධාවීවූයේ යනුයි. 3.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
25062e9c2dbb39bafc82bfc21bcd34f28e781dd05e8bb043855036b38c906a35
target:pali-sinhala-parallel:68182:4
“ඇසූ පිරූ තැන් ඇත්තේ” යනු ඒ පසේබුදුන් වහන්සේ ශ්‍රැතවත් වූයේ ශ්‍රැතධරවූයේ, රැස්කළ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
71e6f6fc40d0fcdf96ea9e8690cc847af6f9d2b9c44cb2486d2ce27ba158f5fe
target:pali-sinhala-parallel:68182:5
යම් ඒ ධර්මයෝ මුල පිරිසිදුද, මැද පිරිසිදුද, අග පිරිසිදුද, අර්ථසහිත, ව්‍යඤ්ජන සහිත, සියල්ල සම්පූර්ණවූ පිරිසිදුවූ, බ්‍රහ්මචරියාව ප්‍රකාශ කෙරෙද්ද, එබඳු ධර්මයෝ බොහෝකොට අසන ලද්දේ වෙයි, දරණ ලද්දේ වචනයෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
db86e04bcad8af6266c7b04d1b9282dc05bc14e1f546fa6602f21059c19613df
target:pali-sinhala-parallel:68182:6
පුරුදු කරණ ලද්දේ සිතින් විමසා බලන ලද්දේ දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දේ වෙයි. 4. “සිහි ඇත්තේ” යනු ඒ පසේ බුදුන් වහන්සේ සිහි ඇත්තේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
1249a24b4b0ba7ebf0db1713f20f31499045dcdd69d832f0fba92da93dcf8b9f
target:pali-sinhala-parallel:68182:7
උතුම්වූ සිහියෙන් හා නුවණින් යුක්තවූ බැවින් කොට බොහෝ කල්වූ දේද කියා බොහෝ කල්වූ දේද, සිහිකරයි. 5. “සංඛාත ධර්ම හෙවත් ඥානයෙන් නියමය දන්නේ ප්‍රධන්වීර්ය ඇත්තේ” යන්නෙහි සංඛාත ධර්මයෝයයි ඥානයට කියත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
e70f40919748fd2b4cc611cba1262d5182289ecadc74b740c87917f7e501d170
target:pali-sinhala-parallel:68182:8
යම් ප්‍රඥාවක් ඇද්ද දැනීමක් (මහා නිද්දේසයේ (3-1) 3 යොදාගත යුතුයි.) අමෝහය ධම්මවිචය, සම්‍යක් දෘෂ්ටිය නම් වේද එයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
6427e0be000db8ffc8cc390e62019ca9183006f3ffc6cc8472db25a38b8c19af
target:pali-sinhala-parallel:68182:9
ඒ පසේබුදුන් වහන්සේ සංඛාත ධර්මයෙන් යුක්තවූයේ (ii) ඥානධර්මයෙන් යුක්තවූයේ තුලින ධර්මයෙන් යුක්තවූයේ විභූත ධර්මයෙන් යුක්තවූයේ සියලු සංස්කාරයෝ අනිත්‍යයයි සංඛාත ධර්මයෙන් යුක්තවූයේ (මෙහි (ii) යොදාගත යුතුයි)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
7ebf4dac36b7b6bbf817024edabc5ee44de57755ed48f1bff0a1d17f34685af7
target:pali-sinhala-parallel:68183:0
(18-38) 1. “ශබ්දයන්හි සන්ත්‍රාස නොවූ සිංහයා මෙන්” යනු යම්සේ මෘගරාජවූ සිංහයා ශබ්දයන්හි සන්ත්‍රාස නොවූයේ උත්‍රාස නොවූයේ, බිය නොවූයේ, පලා නොයන්නේවේද, 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
1154b2f5532047042ab91236cbbef37d75b05f9cc702dc3e4072d0f1a75cde6c
target:pali-sinhala-parallel:68183:1
“දැලෙහි නොබැඳෙන වාතය මෙන්” යන්නෙහි වාතය නම් පෙරදිග, වාතය බටහිර දිග වාතය, උතුරුදිග වාතය, දකුණු දිග වාතය, ධූලි සහිත වාතය, ධූලි රහිත වාතය, ශීතල වාතය, උෂ්ණ වාතය, ස්වල්ප වාතය, මහත් වාතය, පක්ෂ වාතය තල්පතින්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
4f474c5f566fd4735171f0391123dd2a6143a74ab0f414afb12bb608de06223c
target:pali-sinhala-parallel:68183:2
ඇතිකරවන වාතය, විජිනිපතේ වාතය යනුයි. “දැල” යනු නූල් දැලට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
814d1f62bead3c5ba5390072fa46e56c0e22501b2b82fcead3cb22dba9a9c136
target:pali-sinhala-parallel:68183:3
යම්සේ වාතය දැලෙහි නොබැඳේද නොගැටේද, නොදනීද, එමෙන් තෘෂ්ණා ජාලයද දෘෂ්ටි ජාලයද යන මේ දැල් දෙක (මමත්වය යනු දැල යයි වෙනස්කොට (මහානිද්දේශයේ (2-6) 1 (ii) (iii) යොදාගත යුතුයි) ඒ පසේ බුදුන් වහන්සේගේ තෘෂ්ණා දැල
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
dbce724054e54f6f3f84d9e5fc4440a950bb0525a8a57385fb187c10b94e8a6c
target:pali-sinhala-parallel:68183:4
ප්‍රහීනය, දෘෂ්ටි දැල සංසිඳුනේය, තෘෂ්ණා දැල ප්‍රහීනවූ බැවින් දෘෂ්ටි දැල සංසිඳුන බැවින් ඒ පසේ බුදුන් වහන්සේ (ii) රූපයෙහි නොගැටෙයි. ශබ්දයෙහි නොගැටෙයි, ගන්ධයෙහි රසයෙහි ස්පර්ශයෙහි නොගැටෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
3684468306ba1ac2663ba1a359f6f31f703adf296c2a57defabf963fb55c2390
target:pali-sinhala-parallel:68183:5
දැකි ඇසූ මුත වශයෙන් ගත් දැනගත යුතු ධර්මයන්හි නොගැටෙයි, නොගනියි. නොබඳියි. නික්මුනේ, වෙන්වුනේ, සීමා නොකළ සිතින් වාසය කරයි. 3. “ජලය හා නොගැටෙන පියුම මෙන්” යන්නෙහි පියුමයයි නෙළුම් මලට කියයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
88a49ff9d523e1523ecf3e7b90df33f83ecba6711941817c797ac26202c7ce27
target:pali-sinhala-parallel:68183:6
තොයයයි ජලයට කියයි. යම්සේ නෙළුම් මල දිය හා නොගැටෙද, එමෙන්ම ඇලීම් දෙක එනම් තෘෂ්ණා ඇලීම්ද දෘෂ්ටි ඇලීම්ද නොඇළුනේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
1c07f9b94808a65bde8505e6f9e588112a19037b509b09f75f391822914ea79c
target:pali-sinhala-parallel:68183:7
(මමත්වය යනු ඇලීමයයි වෙනස්කොට (මහා නිද්දෙසයේ (2-6) 1 (ii) (iii) යොදාගත යුතුයි.) ඒ පසේ බුදුන් වහන්සේගේ තෘෂ්ණාලෙපය ප්‍රහීනය දෘෂ්ටිලෙපය සන්සිඳුනේය තෘෂ්ණාලෙපය ප්‍රහීනවූ බැවින් දෘෂ්ටිලෙපය සන්සිඳුන බැවින් ඒ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
f0d058bdee08728186fdf87c70fb52bc35cbfb71270ff17afcad5b3531f85b28
target:pali-sinhala-parallel:68183:8
පසේබුදුන් වහන්සේ රූපයෙහි නොඇලෙයි (මෙහි 2 (ii) යෙදිය යුතුයි) දැකි, ඇසූ මුත වශයෙන් ගත්, දැනගත යුතු ධර්මයන්හි නොඇලෙයි නොඇළුනේ, නොඑරුනේ, නික්මුනේ, වෙන්වූයේ මිදුනේ, සීමානොකළ සිතින් වාසයකරයි, යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
052adf3b350cdd0cf67421bdc70482e36b7ef763d5cf6511d2afa308ca4178c4
target:pali-sinhala-parallel:68183:9
එහෙයින් ඒ පසේබුදුන් වහන්සේ ප්‍රකාශකළහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
351c44b2c249606f2c29a45bb7eea02d3b117fff20551402cad3fc9b2fc0f1c2
target:pali-sinhala-parallel:68184:1
“දළ බලයකොට ඇති සිංහතෙම (තිරිසනුන්) මැඩ හැසිරේද” යනු යම්සේ මෘග රාජවූ සිංහයා දළ බලයකොට ඇත්තේ දළ ආයුධකොට ඇත්තේ සියලු තිරිසන් ගත ප්‍රාණීන් මැඩපවත්වා යටපත්කොට වාසය කෙරේද, ඉරියව් පවත්වාද, පාලනය කෙරේද යැපේද,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
963ea9148bf81335f1cf036c25d2318a64b41982e0ac777fe1d6530d943fe445
target:pali-sinhala-parallel:68184:2
පසේබුදුන් වහන්සේද, ප්‍රඥාව බලයකොට ඇත්තේ ප්‍රඥාව ආයුධකොට ඇත්තේ බලයකොට ඇත්තේ සියලු ප්‍රාණය ඇති පුද්ගලයන් ප්‍රඥාවෙන් මැඩපවත්වා යටපත් කොට හැසිරෙයි, ඉරියව් පවත්වයි, පාලනය කරයි, යැපෙයි. 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
6fc2be32081682b5f8cccbea991b49d57b695d1705cfb1fee0f9b408826a2981
target:pali-sinhala-parallel:68184:3
“වනයෙහි දුර සෙනසුන් සේවනයකරයි” යනු යම්සේ මෘග රාජවූ සිංහයා මහ වනයෙහි වනය මැද හැසිරේද, වාසය කෙරේද, ඉරියව් පවත්වාද, පවතීද, පාලනය කෙරේද, යැපේද, පසේබුදුන් වහන්සේද වනයෙහි දුරවූ අල්ප ශබ්ද ඇති අල්ප ඝෝෂා ඇති,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
33d5d9f5e09a3a39fb8c5ce88dfe8bc359e5c3f54a741a1c5403115d652b95db
target:pali-sinhala-parallel:68184:4
මිනිසුන්ගෙන් තොර මිනිසුන්ගේ රහස් කටයුතුවලට යොග්‍ය විවේකයට සුදුසු සෙනසුන් සේවනය කරයි. 3. හෙතෙම තනිව යයි, තනිව සිටියි, තනිව හිඳියි, තනිව සයනය කරයි, තනිව ගමට පිඬු පිණිස හැසිරෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
a15a4de57bf44a630e9f6820b101eed2724603fffdc803cb11873110d5a94b03
target:pali-sinhala-parallel:68184:5
තනිව ආපසු එයි, තනිව රහසිගතව වැඩහිඳියි, තනිව සක්මනට බැස ගනියි තනිව හැසිරෙයි. වාසය කරයි. ඉරියව් පවත්වයි. පවතියි. පාලනය කරයි. යැපෙයි යනුයි. එහෙයින් පසේබුදුන් වහන්සේ ප්‍රකාශ කළසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
9e289e1ce2d2f411d35424892a62bdacdfa7271caab3cda66f1af3c934f3f514
target:pali-sinhala-parallel:68185:0
(18-40) 1. “මෛත්‍රීයද, කරුණාවද, මුදිතාවද, උපෙක්ෂාවද සුදුසු කාලයෙහි වඩන්නේ” යනු ඒ පසේබුදුන් වහන්සේ මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසයකරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
8663aa9b9eecff8293eb4ed98c53b855680240897fec082b3e1fe36a40b58140
target:pali-sinhala-parallel:68185:1
එසේ දෙවන දිශාවද, එසේ තුන්වන දිශාවද, එසේ සතරවන දිශාවද මෙසේ උඩද යටද සරසද යන සියලු ලෝකය පතුරුවා වාසය කරයි, උපෙක්ෂා සහගත සිතින් විපුලවූ මහද්ගතවූ අප්‍රමාණවූ අවෛරයෙන් අව්‍යාපාදයෙන්, පතුරුවා වාසය කරයි. 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
fb620829e9e6a6c3e6039f281efbd0dcd27600a5460277c5ba77f94505a99a42
target:pali-sinhala-parallel:68185:2
“සියලු ලෝකයා විසින් විරුද්ධ නොවනු ලබන්නේ” යනු මෛත්‍රීය වඩනලද බැවින් (ii) යම් ඒ පෙරදිග වැසි සත්වයෝ වෙද්ද ඔව්හු විරුද්ධ නොවූවාහු වෙති.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
69bbcd0d92bfce00b960e6daad69982ce73ea2e4f5add4c49ebb29e90060839b
target:pali-sinhala-parallel:68185:3
යම් ඒ බටහිර දිග වැසි සත්වයෝ වෙද්ද, යම් ඒ උතුරුදිග වැසි සත්වයෝ වෙද්ද, යම් ඒ දකුණුදිග වැසි සත්වයෝ වෙද්ද, යම් පූර්ව අනුදිග සත්වයෝවෙද්ද, යම් බටහිර අනුදිග සත්වයෝ වෙද්ද යම් උතුරු අනුදිග සත්වයෝ වෙද්ද, යම්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
43c2e0815bead452f93d3383231c5c9d23d4202d653e5a5d882a02b87c8a726c
target:pali-sinhala-parallel:68185:4
දකුණු අනුදිග සත්වයෝ වෙද්ද, යම් යටදිශාවෙහි සත්වයෝ වෙද්ද, යම් මතු දිශාවෙහි සත්වයෝ වෙද්ද, යම් දශදිසාවෙහි සත්වයෝ වෙද්ද, ඔව්හු අවිරුද්ධවූවාහු වෙති.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
4e2abf6bead8f302d410b1526f6a7596d7ccb04befadfefa20b2f184d58a7725
target:pali-sinhala-parallel:68185:5
කරුණාව වඩනලද බැවින්, මුදිතාව වඩනලද බැවින්, උපෙක්ෂාව වඩනලද බැවින් පෙරදිග සත්වයෝ (මෙහි (ii) යෙදිය යුතුයි) යම් ඒ දශ දිශාවෙහි සත්වයෝ වෙද්ද, ඔව්හු අවිරුද්ධ වූවාහු වෙති. 3.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
625d01cae93ca644ac18e767663df7786c9c52d0a16763199b088daadada3678
target:pali-sinhala-parallel:68185:6
“සියලු ලෝකයා විසින් විරුද්ධ නොවනු ලබන්නේ” යනු සියලු ලෝකයා විසින් විරුද්ධ නොවනු ලබන්නේ, වෛර නොවනු ලබන්නේ, නොගැටෙනු ලබන්නේ යනුයි. එහෙයින් ඒ පසේබුදුන් වහන්සේ ප්‍රකාශ කළහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
c15ce99aeca5f1cbf239679b353a79132501ea50ea2103be7f5f9c56ef611a57
target:pali-sinhala-parallel:68186:0
(18-41) 1. “රාගයද, ද්වේෂයද, මෝහයද දුරුකොට” යනු රාගය නම් යම් රාගයක් ඇද්ද, ඇලීමක් ඇද්ද, අභිධ්‍යාවක් ලෝභයක් අකුශල මූලයක් ඇද්ද එයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
c64ae937d7c3cb7c08522451df604c5a7c91af7a5d397cfc9dbc50bcabfeb77b
target:pali-sinhala-parallel:68186:1
ද්වේෂ යනු යම් චිත්තයාගේ වෛරයක් චණ්ඩ ගතියක් කඳුළුහෙලීමක් නොසතුටු බවක් ඇද්ද එයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
af177ff26a7e2ed63ac0970990622ec3a4269dcc3fd8123ace50de9e882e1016
target:pali-sinhala-parallel:68186:2
මෝහය යනු දුකෙහි නොදැනීම, දුක් හේතුව නොදැනීම, නිරෝධයේ නොදැනීම, නිරෝධගාමිනී ප්‍රතිපදාවේ නොදැනීම, අවිද්‍යාව, ඉදිරුව, මෝහය, අකුශල මූලය යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
f61a102b928f00d567303adac9e200747a4fcf314f6587cc1b909cbaa3349701
target:pali-sinhala-parallel:68186:3
ඒ පසේබුදුන් වහන්සේ රාගයද, ද්වේෂයද, මෝහයද දුරුකොට, බැහැරකොට, සන්සිඳුවා, සම්පූර්ණ අභාවයට පමුණුවා යනුයි. 2.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
8c7b45e848d02da3996e876be92bc245a839404717a571ecda8ac7be431d03e8
target:pali-sinhala-parallel:68186:4
“සංයෝජනයන් (බැමි) කඩාදමා” යනු කාම රාග සංයෝජනය ප්‍රතිඝ සංයෝජනය, මෝහ, දෘෂ්ටි, විචිකිච්ඡා භවරාග, මාන උද්ධච්ච අවිද්‍යා සංයෝජනය යනුයි. කඩාදමා යනු දශසංයෝජනයන් කඩාදමා.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
9ebbeb3355232f3c5880568c76939c570cf9d696cfd5580c801c6c396c65be50
target:pali-sinhala-parallel:68186:5
පලාදමා, බැහැරකොට සංසිඳුවා සම්පූර්ණ අභාවයට පමුණුවා යනුයි. 3.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
50b290ab4226b7d20804521ebfdf1a34a4f223ddda5821b92315fb4830cda474
target:pali-sinhala-parallel:68186:6
“ජීවිත කෙළවරද සන්ත්‍රාසයට නොපැමිණේ” යනු ජීවිතාවසානයෙහිද තැතිනොගන්නේ, නොසැලෙන්නේ, භය නොවන්නේ, පලා නොයන්නේ ප්‍රහීනකළ භය හා භයට හේතු ඇත්තේ, පහකළ ලොමුඩැහැගැනුම් ඇත්තේ වාසය කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
ecca5b187c2403902976a74a5bc70e0d0ef7abe0bf84dc615ca7fe4b9d5f6fb1
target:pali-sinhala-parallel:68187:1
“ආත්මාර්ථ කාරණයෙන් භජනය කරත් සේවනය කරත්” යනු ආත්මාර්ථ කාරණයෙන් පරාර්ථ කාරණයන් උභයාර්ථ කාරණයෙන් මෙලොව අර්ථය පිළිබඳ කාරණයෙන් පරලොව අර්ථය පිළිබඳ කාරණයෙන් පරමාර්ථය පිළිබඳ කාරණයෙන් සේවනය කරත්, භජනය කරත්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
3b24467c886785b6f0410eebaf0a952314894d420cdf7085b7e65ce21e094c26
target:pali-sinhala-parallel:68187:2
යනුයි. 2. “කරුණක් නැති මිත්‍රයෝ අද දුර්ලභයහ. යනු මිත්‍රයෝ දෙදෙනෙකි. ගිහි මිත්‍රයාය පැවිදි මිත්‍රයාය යනුයි. හේතුවක් නැති, කාරණයක් නැති, මේ මිත්‍රයෝ දෙදෙන දුර්ලභයහ. දුකසේ ලැබිය යුත්තාහ. 3.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
d5ffdc244c0d683cb008c29f124bac6f9e50b7fbaa650032a915766daf21123b
target:pali-sinhala-parallel:68187:3
“අපිරිසිදු මිනිස්සු” යනු ආත්මාර්ථ” සංඥාවෙන් යුක්තවූවෝ යනුයි. ආත්මාර්ථ සංඥාව නම් තමන්ගේ ප්‍රයෝජනය පිණිස, භජනයකරත්, සේවනය කරත්, හැසිරෙත්, පයිරුපාසනය කරත්, ප්‍රශ්න විචාරත් යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
0a22f78a88a21a9db0d44d1df0f63b066ff41d800785f925a2b26c769bde9dc9
target:pali-sinhala-parallel:68187:4
‘අපිරිසිදු මිනිස්සු’ යනු අපිරිසිදු කාය කර්මයෙන් යුත් මිනිස්සු, අපිරිසිදු වාග් කර්මයෙන් යුත් මිනිස්සු, අපිරිසිදු මනඃකර්මයෙන් යුත් මිනිස්සු යනුයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
5daf7821f7be437f432279fdf91b57e740d42186980955f50b1a97693fcdf524
target:pali-sinhala-parallel:68187:5
අපිරිසිදු අදත්තාදානයෙන්, අපිරිසිදු කාමමිත්ථ්‍යාචාරයෙන් අපිරිසිදු මුසාවාදයෙන්, අපිරිසිදු කේළාම් කීමෙන්, අපිරිසිදු නපුරු වචනකීමෙන්, අපිරිසිදු හිස්වචන කීමෙන්, අපිරිසිදු දැඩි ලෝභයෙන්, අපිරිසිදු අනුන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
2f7390bea6aa0b8d183fe6e34544894f31397c15942de25a5e357baa65376889
target:pali-sinhala-parallel:68187:6
විනාශකරණ සිතිවිල්ලෙන්, යුක්තවූ යනුයි. නැවතද අපිරිසිදු මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත බැවින් අපිරිසිදු මිනිස්සු නමි. අපිරිසිදු චෙතනාවෙන් යුක්තවූවෝ අපිරිසිදු මිනිස්සු නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
0d84e0fd956d505d98b8feebf17a91b3b7aad4c5e479987bdc119386817a7815
target:pali-sinhala-parallel:68187:7
අපිරිසිදු ප්‍රාර්ථනාවෙන් යුක්තවූවෝ අපිරිසිදු මිනිස්සු නමි. අපිරිසිදු නොයෙක් ආකාර ලාමකවූ පහත්වූ, ස්වල්පවූ යනුයි. එහෙයින් ඒ පසේ බුදුන්වහන්සේ ‘ආත්මාර්ථ කාරණයෙන් භජනය කරත්, සේවනය කරත්යයි’ ප්‍රකාශ කළහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
eb268e01d8f759ad60d11a76f9debaff1ee39b5b51de714b5d50cc1363514a56
target:pali-sinhala-parallel:68188:0
සොතද්වාරානුසාරයෙන් (කණින් අසා) දැනගන්නාලද ධර්ම සමූහයෙහිවූ ප්‍රඥාව සුතමය ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
a11ba080bb0cad60b6f11871b79695cb30fcf3a3ff65c520a013f9c87e9b3ee7
target:pali-sinhala-parallel:68189:0
සුතමය ඤාණයෙහි වදාළාවූ ධර්ම සමූහය අසා සතර සංවර සීලයෙහි පවත්නා ප්‍රඥාව සීලමය ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
413c9735359854724a06abe0fa39c3e04e904762ac72228a5bf1ee3b690a9ea3
target:pali-sinhala-parallel:68190:0
සීලමය ඤාණයෙන් සංවරයෙහි පිහිටා එක් අරමුණක සිත මනාකොට පිහිටුවීමෙහි ප්‍රඥාව සමාධි භාවනාමය ඤාණනමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
0108c49975c4a2b38df29e89f014b40b1e618871d8dc33669f268b2447168ea1
target:pali-sinhala-parallel:68191:0
අවිද්‍යාදීප්‍රත්‍ය සංස්කාරාදි ප්‍රත්‍යුත්පන්න ධර්මයන් පිරිසිඳ දැන ගැනීමෙහි ප්‍රඥාව ධම්මට්ඨිති ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
bc6899437fbffabe0627b116acdea275d146af5b5b11455926cbb23e5229ec72
target:pali-sinhala-parallel:68192:0
අතීතානාගත, දැන් පවත්නා පඤ්චස්කන්ධයන් අතුරෙන් එකි එකී ස්කන්ධයක්හුගේ ලක්ෂණ හකුළුවා පිරිසිඳ දැනීමෙහි ප්‍රඥාව සම්මසන ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
92c2c93ebb29c860ba7808da18d344f51273fbf20ab06e48daf1072af32237df
target:pali-sinhala-parallel:68193:0
දැන් පවත්නා පඤ්චස්කන්ධයන්ගේ වෙනස්වන ස්වභාවය නැවත නැවත බැලීමෙහි ප්‍රඥාව උදයබ්බයානුපස්සනාඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
7c60778cba2c91c9c528b21ba8e9a3e8981f971d1cee94a6b0494c22cb8f520d
target:pali-sinhala-parallel:68194:0
ඒ ඒ ආරම්මණයන්හි පවත්නා ධර්මසමූහය මෙනෙහි කොට ඉපදීම හා නැතිවීම නැවත නැවත බැලීමෙහිවූ ප්‍රඥාව විපස්සනා ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
c3e7a468fba78d70d95c5b2334c14c1453077b82997cd94448127ceb321215b7
target:pali-sinhala-parallel:68195:0
භය වශයෙන් දක්නා අරමුණෙහි පවත්නා ප්‍රඥාව ආදීනව ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
debd07d641bc2b736419e88d6030f34fc34c8298004df6ea4797c548ab4a185f
target:pali-sinhala-parallel:68196:0
වෘත්තයෙන් මිදෙනු කැමති බව ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීම, ත්‍රිලක්ෂණයෙහි මනාව පිහිටීම යන මෙහි පවත්නා ප්‍රඥාව සංඛාරුපෙක්ඛා ඤාණ නමි,
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
17b19cdab41ed338fb01d1f48f3469c4265534a3ea72a9249fe33175622a07ba
target:pali-sinhala-parallel:68197:0
බාහිරවූ සංඛාර නිමිත්තෙන් නැගිටීමෙහි හා පෙරළීමෙහි වූ ප්‍රඥාව ගොත්‍රභූ ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
71d56ced849646be48f4e4e6a5d3614660ec133257c6e16d0ada31fb3f62c874
target:pali-sinhala-parallel:68198:0
දෙයාකාරයකින් සංස්කාරයන් කෙරෙන් නැගිටීමෙහි හා පෙරළීමෙහි පවත්නා ප්‍රඥාව මග්ගඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
f09f31c705970a11e60d80b5a12b1d3065d192379bb51c879fa1b89c1d5086b1
target:pali-sinhala-parallel:68199:0
ප්‍රයොගයයි කියන ලද වුට්ඨානයාගේ සංසිඳීම් වශයෙන් පවත්නාවූ ප්‍රඥාව ඵලඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
be427db8b107bc3f758a24b000036fda7310ad995dc89d45ab7bcafa32662e91
target:pali-sinhala-parallel:68200:0
ඒ ඒ මාර්ගයෙන් සිඳිනලද ක්ලෙශ සමූහය නැවත බැලීමෙහි වූ ප්‍රඥාව විමුක්තිඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
c90180e7c198574290c4104615e7600fee799707d7edb47143f375087daa274a
target:pali-sinhala-parallel:68201:0
ඒ ඒ මාර්ගඵල ක්ෂණයන්හි අවබෝධ කරන ලද්දාවූ චතුස්සත්‍ය ධර්මයන් මෙනෙහි කිරීමෙහිවූ ප්‍රඥාව පච්ච වෙක්ඛණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b833
5c0ab59b57a36edf43db7c66be3066735ed9182908f1162c3655d4395ff9fa51
target:pali-sinhala-parallel:68202:0
ආධ්‍යාත්මිකවූ චක්ඛායතනාදිය පිරිසිඳ දැනීමෙහිවූ ප්‍රඥාව වත්ථුනානත්තඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b834
d16b3bbb22cb0ae14406f9daee4badea79c088ba526f2c6362a08432e30dd7e3
target:pali-sinhala-parallel:68203:0
පිටත්හිවූ රූපායතනාදිය පිරිසිඳ දැනීමෙහිවූ ප්‍රඥාව ගොචරනානත්තඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b834
690ff60504e39bcb8535f0cbb7b2942b08e044158565602969b46e3f6c68a4e7
target:pali-sinhala-parallel:68204:0
ත්‍රිවිධචර්යා අටවැදෑරුම් චර්යාවන්ගේ විශේෂ දැනගන්නාවූ ප්‍රඥාව චරියානානත්තඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b834
1c16dc8e317de8b4220b7c2dae5c084c686fbae47959f8e7b6a7f8ebc9d38218
target:pali-sinhala-parallel:68205:0
සතර ධර්මයන් පිරිසිඳ දැන ගැනීමෙහි ප්‍රඥාව භූමිනානත්තඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b834
5d31930f2e8a3132e37f04e7be29c53c3fa586b3b378dd773db273c47d62c74e
target:pali-sinhala-parallel:68206:0
නවවිධ ධර්මයන් පිරිසිඳ දැනීමෙහිවූ ප්‍රඥාව ධම්ම නානත්තඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b834
56166b5d5d60079107419f3172ad205ec3c5893595187169f10ad8f28798c647
target:pali-sinhala-parallel:68207:0
විශේෂ ඤාණයෙන් දැනගන්නාවූ ප්‍රඥාව ඤානට්ඨ ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b834
1d08355269656f0aff03cbbd12c7cb4ef7932244df7ad3ccc2f2e33ffa8d30e1
target:pali-sinhala-parallel:68208:0
පිරිසිඳ දැනගත්තාවූ ප්‍රඥාව තීරණට්ඨ ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b834
45af7a9446457551b71001eb3e5075fde944c4c364afe6a52ca6c1ccff1aa362
target:pali-sinhala-parallel:68209:0
නිත්‍යසංඥා සුඛසංඥාදිය ප්‍රහාණය කිරීමෙහි ප්‍රඥාව පරිච්චාගට්ඨ ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b834
1bde120f0f90fcbe9c1c4c4e51cf7f0a9b90af8ed0d93d12e5a01bce6bb696e0
target:pali-sinhala-parallel:68210:0
ඒ ඒ ආකාරයෙන් වැඩියයුතුවූ ප්‍රඥාව එකරසට්ඨ ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b834
eaffff07e0bc9f41e2e5b78dbac6e3626d258f7491f9d1f48c96b566ca210d47
target:pali-sinhala-parallel:68211:0
පටිවෙධ පටිලාභ වශයෙන් ප්‍රත්‍යක්ෂ කරන්නාවූ ප්‍රඥාව ඵුසනට්ඨඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b834
dc5ea7a6222628933cde97d540e9aca9bd7789158392a02759f480c78b5bb8dd
target:pali-sinhala-parallel:68212:0
නොයෙක් අර්ථයන්හි හා නොයෙක් ඵලයන්හි පවත්නා ප්‍රඥාව අත්ථපටිසම්භිදාඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b834
e3f26a374ca7d7e5a912798f01d6cdb1cf212994ab2c49ec8cd17b6870c1b343
target:pali-sinhala-parallel:68213:0
පෙළ ධර්මයෙහි නානත්වය හා නානා හෙතූන් දක්නා ප්‍රඥාව ධම්මපටිසම්භිදාඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b834
83b558df357ee1b2f6b82c221f122dc16d374748ee1d6fcb09be6358118f5c62
target:pali-sinhala-parallel:68214:0
වචන වචනාර්ථයන්ගේ නානත්වය දක්නාවූ ප්‍රඥාව නිරුත්ති පටිසම්භිදා ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b834
e4e8d72546fe8568b0a4cfd3c104eb95a21b7d6974f90b4204afb02b812ab537
target:pali-sinhala-parallel:68215:0
පටිභාන නානත්වය දන්නාවූ ප්‍රඥාව පටිභාන පටිසම්භිදා ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b834
6a35030a8cd3021165f9f68884223fb4a661eaef03da332832e1de0bec3f0c71
target:pali-sinhala-parallel:68216:0
විදර්ශනා විහාරයන්ගේ නොයෙක් ස්වභාවයන් දන්නාවූ ප්‍රඥාව විහාරට්ඨඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b834
a6670489ef3d1e36ed08fb43009e42a7dbb2aa0be88255a8028af0745709c675
target:pali-sinhala-parallel:68217:0
නොයෙක් සමාපත්ති විශේෂයන් දන්නාවූ ප්‍රඥාව සමාපත්තට්ටඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b834
b8faaf8b154a1aeb92911b2e675a00d9ccdc21459f2233079f35c661e620e7af
target:pali-sinhala-parallel:68218:0
විපස්සනා විහාර නානත්වයන් හා සමාපත්තීන්ගේ විශේෂ දන්නාවූ ප්‍රඥාව විහාර සමාපත්තට්ඨඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b834
10554b0ae732f69f1d7ec989cb2ea33450f6f6f2e898f1e68b93d1bf2473cfef
target:pali-sinhala-parallel:68219:0
වික්ෂෙපයෙන් තොරවූ පිරිසිදු සමාධියට අනතුරුව ආශ්‍රව ධර්මයන් ක්ෂය කිරීමෙහි ප්‍රඥාව ආනන්තරික සමාධි ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b834
95fedd298aed5d5c5ea1418b36acbc757757f6b0fafcc8bb26a15f1ed552488e
target:pali-sinhala-parallel:68220:0
විදර්ශනා ඥානය අධිපතිකොට ඇත්තාවූද ශාන්තවූ විදර්ශනා විහාරයට පැමිණියාවූද ප්‍රණීතයයි මෙනෙහි කිරීම ඇත්තාවූද ප්‍රඥාව අරණවිහාර ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b834
83d05f8ae0f003fe2a6e0540e86daef35a9e6f5bcc99ee60374d6f01ea228960
target:pali-sinhala-parallel:68221:0
දෙවැදෑරුම්වූ සමථබල විපස්සනා බලයන්ගෙන් සම්පූර්ණවීම හේතුකොට ගෙනද කායසංඛාර වචීසංඛාර චිත්ත සංඛාර යන ත්‍රිවිධ සංස්කාරයන්ගේ සංසිඳීම හේතුකොට ගෙනද සොළොස්වැදෑරුම් ඤාණයන්ගෙන් යුක්තවීම හේතුකොට ගෙනද, නවවැදෑරුම්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b834
804ef6ee93796b13df34481915f0b5958c6bb0026c3aa5f16a82430cb73aaf9a
target:pali-sinhala-parallel:68221:1
සමාධීන්ගෙන් යුක්තවීම හේතුකොට ගෙනද වසී බවට පැමිණියහුගේ බවයයි කියනලද ප්‍රඥාව නිරෝධ සමාපත්ති ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b834
4fe4a1869ecb16f91b7cdbdb2b5f8de4bf2a443105e0872ebd975aefcfe62f2a
target:pali-sinhala-parallel:68222:0
මනාව ප්‍රකාරයෙන් දන්නහුගේ ක්ලේශයන්ගේද ස්කන්ධයන්ගේද පැවැත්ම අවසාන කිරීමෙහිවූ ප්‍රඥාව පරිනිබ්බාණ ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b834
aaf7a553f65565038bf8229fcdecbb842cb6319b7247e84f082480fe9a2dd90a
target:pali-sinhala-parallel:68223:0
සියලු ත්‍රෛභූමික ධර්මයන් මනාකොට සිඳීමෙහිද නිරුද්ධ කිරීමෙහිද නැවත නොඉපදීමෙහිද ප්‍රඥාව සමසීසට්ඨ ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b834
ac96275f82bdbbac372587e9f6123cc4ea243083d63d9dfc5ce34104c165618b
target:pali-sinhala-parallel:68224:0
බොහෝවූද නොයෙක් ස්වභාව ඇත්තාවුද එක ස්වභාවය ඇත්තාවූද ගිනියයි කියනලද දුශ්ශීල්‍යාදීය කෙළවර කිරීමෙහිවූ ප්‍රඥාව සල්ලෙඛඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b834
cfe02b8f0aa90f0fb972f86b5f94bd40078fbad3e7bbdc7a5c620dc9221ef5f1
target:pali-sinhala-parallel:68225:0
නොමැලි බව කාය ජීවිත නිරපෙක්ෂතාවය සම්ප්‍රයුක්ත ධර්මයන් එසවීම යන මෙහි පවත්නාවූ ප්‍රඥාව විරියාරම්භ ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b834
b695db8c0ab28076804878185eab32b85dfcf058b7f77a9657edfee08888bd6c
target:pali-sinhala-parallel:68226:0
නොයෙක් ධර්මයන් ප්‍රකාශ කරන්නාවූ ප්‍රඥාව අත්ථසන්දස්සන ඤාණ නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b834
cddb589e66bfd9bd0a8fb47890380785335ed2c53e6fbd37608b55c1d763fcc7
target:pali-sinhala-parallel:68277:0
[14] දුක්ඛ යන අර්ථය දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
ae17852051b0fa18fe7dadb15c4bf9b6503c0934c965c6f35023467a7053f6d5
target:pali-sinhala-parallel:68277:1
දුක්ඛයාගේ පෙළීම්, -දුක්ඛයාගේ ප්‍රත්‍යයන් විසින් එක්ව කරනලද, - දුක්ඛයාගේ හාත්පස තැවීම්, - දුක්ඛයාගේ වෙනස්වීම්, - සමුදය යන, -සමුදයාගේ රැස්කිරීම්, - සමුදයාගේ නිදාන, - සමුදයාගේ බැඳීම්, -සමුදයාගේ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
d90b6c0f45122d78d8faf5782191f1e3259c777f8d23b05a459506dc3cb5cb47
target:pali-sinhala-parallel:68277:2
පලිබොධාර්ථය දත යුතුය. [15] නිරෝධය යන අර්ථය දතයුතුය. නිරෝධයාගේ නිස්සරණ - නිරෝධයාගේ විවේක - නිරෝධයාගේ ප්‍රත්‍යයන් විසින් සකස් නොකිරීම්, - නිරෝධයාගේ අමෘතාර්ථය දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
abec1afa79899c2f9c3d19fa34d496f7e30507549ce9200e3eb31c3ca5f27774
target:pali-sinhala-parallel:68277:3
[16] මාර්ගය යන අර්ථය දතයුතුය, මාර්ගයාගේ නෛර්ය්‍යාන මාර්ගයාගේ හේතු - මාර්ගයාගේ දර්ශන, -මාර්ගයාගේ අධිපති, - වෙනස් නොවීම්, - අනාත්මසත්‍ය, -ප්‍රතිවෙධ, - විශේෂයෙන් දැනීම්, - හාත්පස දැනීම්, - ධර්මය යන, -
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
4cd7e190e49cbf66f0b65a62d2d617fa80795180198e6edfcd14ef2d586a8ad1
target:pali-sinhala-parallel:68277:4
ධාතු යන - දතයුතු - ප්‍රත්‍යක්ෂ කළයුතු, - ස්පර්ශ කල යුතු, - අවබෝධ කළ යුතු අර්ථය දතයුතුය. (17 ඡේදයේ සිට ඒ ඒ වාක්‍ය අගට “දතයුතුය” යන්න එකතුකළ යුතුයි.)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
416d2b5f0949e0dada034367e32e58325d816b5bb98a775b5a8cce2f069a70ec
target:pali-sinhala-parallel:68278:0
[17] ධ්‍යානය දතයුතුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b837
32ffb7f20d80f0565ab2371cbc6c022e1d42ebd9b7d6c3870cffd88ef45d5ac1