sample_id stringlengths 18 38 | text stringlengths 5 200 | label stringclasses 3
values | source stringclasses 5
values | subcorpus stringclasses 59
values | doc_id stringclasses 691
values | block_id stringlengths 15 101 | text_sha256 stringlengths 64 64 |
|---|---|---|---|---|---|---|---|
target:pali-sinhala-parallel:68334:3 | [149] දුක් වශයෙන් නුවණින් මෙනෙහි කරන්නාහට (ii) දුර්වල ප්‍රීතිය උපදී, දුර්වල ප්‍රීතිය උපන්නහුට බලවත් ප්‍රීතිය උපදී, බලවත් ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇත්තේ සැපය ලබයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 1530cedab40c23509e5636b795419b1ce4c3c0589448903f83977e76e8485d37 |
target:pali-sinhala-parallel:68334:4 | සැප ඇත්තහුගේ සිත සමාධියට පැමිණෙයි. සමාධියට පැමිණි සිතින් මේ දුකයයි, ඇතිසැටියෙන් දනියි. මේ දුකට හේතුවයයි, ඇතිසැටියෙන් දනියි, මේ දුක නැතිකිරීම යයි ඇතිසැටියෙන් දනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | e0d096b9b198450aafb93d580925c3b28609d73998e35503479381fd33a0e03c |
target:pali-sinhala-parallel:68334:5 | මේ දුක නැතිකිරීමට පැමිණෙන පිළිවෙත යයි ඇති සැටියෙන් දනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 912b6299c5e10d02fc7ffc9f011a030c04617a3a170b12f8212801f6b07135a1 |
target:pali-sinhala-parallel:68334:6 | [150] අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කරන්නා හට (මෙහි 149 (ii) යොදන්න.) රූපය අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට (149 (ii) යොදන්න.) වේදනාව අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට (149 (ii) යොදන්න.) සංඥාව අනිත්‍ය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | b659ced38f49dc4f3e711ddb0f4503c477735cde610c810ba4b3f9a001636926 |
target:pali-sinhala-parallel:68334:7 | වශයෙන් මෙනෙහි කරන්නාහට (149 (ii) යොදන්න.) සංඛාරයන් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට (149 (ii) යොදන්න.) විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට (149 (ii) යොදන්න.) ඇස අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට (149 | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 2947c7a1966b1b46c24cbfe1164dbf6dea03a69c58b56a928e72c733622b0172 |
target:pali-sinhala-parallel:68334:8 | (ii) යොදන්න.) කණ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට (149 (ii) යොදන්න.) නාසය අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට (149 (ii) යොදන්න.) දිව අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට (149 (ii) යොදන්න.) කය අනිත්‍ය වශයෙන් මෙනෙහි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 1e939685052c83fe91e6ab1e80717b74c22661fa8ee005a39cb0c88dc81fd0f8 |
target:pali-sinhala-parallel:68334:9 | කරන්නාහට (149 (ii) යොදන්න.) සිත අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට (149 (ii) යොදන්න.) ජරාමරණය අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට (149 (ii) යොදන්න.) [151] දුක් වශයෙන් මෙනෙහි කරන්නාහට (149 (ii) යොදන්න. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 1082b33f4517179a52d806eab96754b1028750958f275b603618f2a205108cb1 |
target:pali-sinhala-parallel:68335:0 | [154] කෙසේනම් විශේෂ ඥානයෙන් දන්නාවූ ප්‍රඥාව ඤාතට්ඨ ඤාණය නම්වේද පිරිසිඳ දැනගන්නා ප්‍රඥාව තීරණට්ඨ ඤාණය නම්වේද, ප්‍රහාණය කරණ ප්‍රඥාව පරිච්චාගට්ඨ ඤාණ නම්වේද භාවනා ප්‍රඥාව එකරසට්ඨ ඤාණය නම්වේද ප්‍රත්‍යක්ෂ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 62912dd8afa5c0c9858920dfffe4bc70772cdad44a7283ae67205ba06ef45385 |
target:pali-sinhala-parallel:68335:1 | කරන්නාවූ ප්‍රඥාව ඵුසනට්ඨ ඤාණය නම්වේද? යම් යම් ධර්ම කෙනෙක් විශේෂ ඥානයෙන් දන්නා ලද්දාහුද, ඒ ඒ ධර්මයෝ දැනගන්නා ලද්දාහු නම්වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | a3b4c77bf4be68c52f9380aa8c5d04fd4e7d59255991bcd5ab3723fb8b6b58f1 |
target:pali-sinhala-parallel:68335:2 | යම් යම් ධර්ම කෙනෙක් පිරිසිඳ දැනගන්නා ලද්දාහුද ඒ ඒ ධර්මයෝ තීරණය කරන ලද්දාහු වෙති. යම් යම් ධර්ම කෙනෙක් පහකරන ලද්දාහුද ඒ ඒ ධර්මයෝ දුරු කරන ලද්දාහු වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | fb47b9c596b7bbbc28b4a170c32ddd5efa3adab4800621d7bf23557402e79ec6 |
target:pali-sinhala-parallel:68335:3 | යම් යම් ධර්ම කෙනෙක් වඩන ලද්දාහු වෙත්ද ඒ ඒ ධර්මයෝ සමාන කෘත්‍ය ඇත්තාහු වෙත්. යම් යම් ධර්ම කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරන ලද්දාහු වෙත්ද, ඒ ඒ ධර්මයෝ ඤාණයෙන් ස්පර්ශ කරන ලද්දාහු වෙත්. එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 4c97ca10dcae36c483f21ac744e5e9fdb0fe72160e673802a9b2cc683ec11141 |
target:pali-sinhala-parallel:68335:4 | ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | ef1357bae2343b3eca78df7663a850020898c73c839646d0a56cd640b75aa526 |
target:pali-sinhala-parallel:68335:5 | එහෙයින් විශේෂයෙන් දැනගන්නා ප්‍රඥාව ඤාතට්ඨ ඤාණයයිද පිරිසිඳ දන්නා ප්‍රඥාව තීරණට්ඨ ඤාණයයිද ප්‍රහාණ ප්‍රඥාව පරිච්චාගට්ඨ ඤාණ යයිද භාවනා ප්‍රඥාව එකරසට්ඨ ඤාණයයිද ප්‍රත්‍යක්ෂ කරන්නාවූ ප්‍රඥාව ඵුසනට්ඨ ඤාණයයිද | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 00d353f76baddbd881fa6687f217aec835832a298a4956c396f014f81978ad15 |
target:pali-sinhala-parallel:68336:0 | [155] කෙසේනම් අර්ථනානත්වයෙහි (අර්ථයන් වෙනස් බවෙහි) පවත්නා අර්ථ පටිසම්භිදා ඤාණ නම්වේද ධර්ම නානත්වයෙහි (ධර්මයන්ගේ වෙනස් බවෙහි) පවත්නා ප්‍රඥාව ධම්ම පටිසම්භිදා ඤාණය නම්වේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | cab830a88cdeda55bb59b0b0afa3bf61fc9ef03b63dad14e6da4f618380f0803 |
target:pali-sinhala-parallel:68336:1 | නිරුත්ති නානත්වයෙහි (වචනයන්ගේ වෙනස් බවෙහි) පවත්නා ප්‍රඥාව නිරුත්ති පටිසම්භිදා ඤාණ නම්වේද, පටිභාන නානත්වයෙහි (ඤාණයන්ගේ වෙනස් බවෙහි) පවත්නා ප්‍රඥාව පටිභාන පටිසම්භිදා ඤාණ නම්වේද, සද්ධින්ද්‍රිය ධර්ම නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 9c78a89db78d5b061963d7cab731e052a4ed6e65df5b33af90a4e5f904d20c50 |
target:pali-sinhala-parallel:68336:10 | යම් ඤාණයකින් මේ වෙන් වෙන්වූ ඤාණයන් දැනගන්නා ලද්දාහුද එම ඤාණයෙන්ම මේ වෙන් වෙන්වූ ඤාණයන් ප්‍රකටකොට දැනගන්නා ලද්දාහුනුයි. එහෙයින් වෙන් වෙන්වූ ඤාණයන් දැනගන්නා ප්‍රඥාව පටිභාන පටිසම්භිදා ඤාණයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | c4069bcad338f09234f8ea3182b6a8bc190a0ee5c09625c01d8ea291def0c842 |
target:pali-sinhala-parallel:68336:2 | විරියින්ද්‍රිය ධර්ම නම් සතින්ද්‍රිය ධර්ම නමි. සමාධින්ද්‍රිය ධර්ම නමි. පඤ්ඤින්ද්‍රිය ධර්ම නමි. සද්ධින්ද්‍රිය ධර්මය අනිකකි. විරියින්ද්‍රිය ධර්මය අනිකකි. සතින්ද්‍රිය ධර්මය අනිකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | d192687bed3e9b4b0a9fe287603021b8f6b4190517abe3bf773c19f88846cd73 |
target:pali-sinhala-parallel:68336:3 | සමාධින්ද්‍රිය ධර්මය අනිකකි. පඤ්ඤින්ද්‍රිය ධර්මය අනිකකි. යම් ඤාණයකින් වෙන් වෙන්වූ ධර්මයෝ දැනගන්නා ලද්දාහුද එම ඤාණයෙන්ම මේ වෙන් වෙන්වූ ධර්මයෝ ප්‍රකට කොට දැනගන්නා ලද්දාහුනුයි ධම්ම පටිසම්භිදා නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 7ddbdbb3385bfdd99b89b1b7724d22ad1e783ab1deff3355539d17b2efc3cd89 |
target:pali-sinhala-parallel:68336:4 | එහෙයින් ධර්මයන්ගේ වෙනස දන්නා ප්‍රඥාව ධම්මපටිසම්භිදා ඤාණයයි කියනු ලැබේ. නිශ්චයට බැසගැනීම් ස්වභාවය අර්ථ නමි. එසවීම් ස්වභාවය අර්ථ නමි. එළඹ සිටීම් ස්වභාවය අර්ථ නමි. නොවිසිරයාම් ස්වභාවය අර්ථ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | dda546dcc555364c349fb72f5b5774ce15aa6f769608bfa30a195f93668cbacc |
target:pali-sinhala-parallel:68336:5 | දැකීම් ස්වභාවය අර්ථ නමි. නිශ්චය කිරීම් ස්වභාවයවූ අර්ථය අනිකකි. එසවීම් ස්වභාවයවූ අර්ථය අනිකකි. එළඹ සිටීම් ස්වභාවයවූ අර්ථය අනිකකි. නොවිසිරයාම් ස්වභාවයවූ අර්ථය අනිකකි. දැකීම් ස්වභාවයවූ අර්ථය අනිකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 9143d53a35b181995b259145df7e1a9eb9a929c5ef32c0021dd70d6ad83c9df5 |
target:pali-sinhala-parallel:68336:6 | යම් ඤාණයකින් මේ වෙන් වෙන්වූ අර්ථය දැනගන්නා ලද්දාහුද එම ඤාණයෙන්ම මේ වෙන් වෙන්වූ අර්ථයෝ ප්‍රකට කොට දැනගන්නා ලද්දාහුනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 65756aa81b28ff329ea0ca0f21a4e7d78ef73bff847909754ff9f2363935001f |
target:pali-sinhala-parallel:68336:7 | එහෙයින් වෙන් වෙන් වූ අර්ථයන් දැනගැන්මෙහි ප්‍රඥාව අත්ථ පටිසම්භිදා ඤාණයයි කියනු ලැබේ. ධර්ම පස දැක්වීම පිණිස ව්‍යවහාර වචන වෙත්. අර්ථ පස දැක්වීම පිණිස ව්‍යවහාර වචන වෙත්. ධර්මයන් දක්වන වචන අනෙක් වචනයෝයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | f0015ba234197bf76f5cd80131f7d4b3ad071f52482352fecb403e426e4724d5 |
target:pali-sinhala-parallel:68336:8 | අර්ථයන් දක්වන වචන අනෙක් වචනයෝයි. යම් ඤාණයකින් මේ වෙන් වෙන්වූ වචන දැගනන්නා ලද්දාහුද එම ඤාණයෙන්ම ඒ වෙන් වෙන්වූ වචන ප්‍රකට කොට දැනගන්නා ලද්දාහුනුයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | b047d38f8645e56ee8b0b7dc96398e488ce5de0dc23ddc919eab29d24dce10d3 |
target:pali-sinhala-parallel:68336:9 | එහෙයින් වෙන් වෙන්වූ වචන දැනගන්නා ප්‍රඥාව නිරුත්ති පටිසම්භිදා ඤාණයයි කියනු ලැබේ. ධර්ම පසෙහි ඤාණ පසකි. අර්ථ පසෙහි ඤාණ පසකි. වචන දසයෙහි ඤාණ දසයකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | ac549446892de36e2589361cb5902ae262247119c90dace9791ac86afec219b9 |
target:pali-sinhala-parallel:68337:0 | [156] සද්ධා බලය ධම්ම නමි. විරිය බලය ධම්ම නමි. සති බලය ධම්ම නමි. සමාධි බලය ධම්ම නමි. පඤ්ඤා බලය ධම්ම නමි. සද්ධා බල ධර්මය අනිකකි. විරිය බල ධර්මය අනිකකි. සතිබල ධර්මය අනිකකි. පඤ්ඤාබල ධර්මය අනිකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 92c0787c10ae27ca1be756fda34481cf41e0408bfb12e9143145303f8a5d566d |
target:pali-sinhala-parallel:68337:1 | [157] යම් ඤාණයකින් මේ වෙන් වෙන්වූ ධර්මයෝ දන්නා ලද්දාහුද එම ඤාණයෙන්ම ඒ වෙන් වෙන්වූ ධර්මයෝ ප්‍රකට කොට දැනගන්නා ලද්දාහුනුයි එහෙයින් වෙන් වෙන්වූ ධර්මයන් දැනගන්නා ප්‍රඥාව ධම්මපටිසම්භිදා ඤාණයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 534e4ddca6268881aa07616239bb81b5147c03ff686f5f4afb22e3f3fb9aa266 |
target:pali-sinhala-parallel:68337:10 | [162] සතිසම්බොජ්ක්ධංගය ධම්ම නමි. ධම්ම විචය සම්බොජ්ක්ධංගය ධම්ම නමි. විරිය සම්බොජ්ක්ධංගය ධම්ම නමි. පීතිසම්බොජ්ක්ධංගය ධම්ම නමි. පස්සද්ධි සම්බොජ්ක්ධංගය ධම්ම නමි. සමාධි සම්බොජ්ක්ධංගය ධම්ම නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | efbdea1a8d719f5d574008b1822830b13f989d2189fbdb7300b02f7651fb0351 |
target:pali-sinhala-parallel:68337:11 | උපෙක්ඛා සම්බොජ්ක්ධංගය ධම්ම නමි. සතිසම්බොජ්ක්ධංග ධර්මය අනිකකි. ධම්මවිචය සම්බොජ්ක්ධංග ධර්මය අනිකකි. විරිය සම්බොජ්ක්ධංග ධර්මය අනිකකි. පීති සම්බොජ්ක්ධංගය ධර්ම අනිකකි. පස්සද්ධි සම්බොජ්ක්ධංගය ධර්මය අනිකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 8b34b865a99bdbc60860309c359fe6d9a0bbbe5a6666ccfc2eb33f8be35adc05 |
target:pali-sinhala-parallel:68337:12 | සමාධි සම්බොජ්ක්ධංගය අනිකකි. (මෙහි 157 ඡේදය යොදන්න.) [163] එළඹ සිටීම් ස්වභාවය අර්ථ නමි. විමසීම් ස්වභාව අර්ථ නමි. එසවීම් ස්වභාවය අර්ථ නමි. පැතිරීම් ස්වභාවය අර්ථ නමි. සංසිඳීම් ස්වභාවය අර්ථ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 3bd0b38417a6d30281e2f62ca07a22afe879516c601ad3b2b37c1681b4f9527f |
target:pali-sinhala-parallel:68337:13 | නොවිසිරයාම් ස්වභාවය අර්ථ නමි. මැදහත්ව බැලීම් ස්වභාවය අර්ථ නමි. එළඹසිටීම් ස්වභාවය වූ අර්ථය අනිකකි. විමසීම් ස්වභාවය වූ අර්ථය අනිකකි. එසවීම් ස්වභාවය වූ අර්ථය අනිකකි. පැතිරීම් ස්වභාවය වූ අර්ථය අනිකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 27dfce83c72e3d296bf2c1378eb5b07949826d999c042923a6c9a936ca6c9d60 |
target:pali-sinhala-parallel:68337:14 | සංසිඳීම් ස්වභාවය වූ අර්ථය අනිකකි. නොවිසිරීම් ස්වභාවයවූ අර්ථය අනිකකි. මැදහත්ව බැලීම් ස්වභාවයවූ අර්ථය අනිකකි. (මෙහි 159 ඡේදය යොදන්න.) [164] ධර්ම සත දක්වනු පිණිස වචන වෙත්. අර්ථ සත දක්වනු පිණිස වචන වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | a585057f666ddc91ad7bb4e5204e5f7c79a37bde075bc3d32b59eda162c56a12 |
target:pali-sinhala-parallel:68337:15 | ධර්ම සත දක්වන වචන අන්‍යයෝය. අර්ථ සත දක්වන වචන අන්‍යයෝය. (මෙහි 160 (ii) යොදන්න.) [165] ධර්ම සතෙහි ඤාණ සතකි. අර්ථ සතෙහි ඤාණ සතකි. තුදුස් වචනයන්හි ඤාණ තුදුසකි. ධර්මයන්හි ඤාණ අන්‍යයෝය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 54278059eff18c4e5a6de8847e1e339cd10e4f6b5c2646964a0f4d6cf09bdb95 |
target:pali-sinhala-parallel:68337:16 | අර්ථයන්හි ඤාණ අන්‍යයෝය. වචනයන්හි ඤාණ අන්‍යයෝය. (මෙහි 161 (ii) යොදන්න.) [166] සම්‍යක්දෘෂ්ටිය ධර්ම නමි. සම්‍යක් සංකල්පය ධර්ම නමි. සම්‍යක් වචනය ධර්ම නමි. සම්‍යක් කර්මාන්තය ධර්ම නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 77cd2a8614b48232fbf4b1546b30c3fcfc41da323774634601a06d6efb9f94c3 |
target:pali-sinhala-parallel:68337:17 | සම්‍යක් ආජීවය ධර්ම නමි. සම්‍යක් ව්‍යායාමය ධර්ම නමි. සම්‍යක් ස්මෘතිය ධර්ම නමි. සම්‍යක් සමාධිය ධර්ම නමි. සම්‍යක් දෘෂ්ටි ධර්මය අනිකකි. සම්‍යක් සංකල්ප ධර්මය අනිකකි. සම්‍යක් වචන ධර්මය අනිකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 125935055707f75f5bd31e1fa8abc27bea87536edfaeebf067c423329f111518 |
target:pali-sinhala-parallel:68337:18 | සම්‍යක් කර්මාන්ත ධර්මය අනිකකි. සම්‍යක් ව්‍යායාම ධර්මය අනිකකි. සම්‍යක් ආජීව ධර්මය අනිකකි. සම්‍යක් ව්‍යායාම ධර්මය අනිකකි. සම්‍යක් ස්මෘති ධර්මය අනිකකි. සම්‍යක් සමාධි ධර්මය අනිකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | d7cf58b3a920ba3268cab4dfdb71e651ef4435c0f6676165b64f31899f50c066 |
target:pali-sinhala-parallel:68337:19 | (මෙහි 157 ඡේදය යොදන්න.) [167] දැකීම් ස්වභාවය අර්ථ නමි. අරමුණට නැංවීම් ස්වභාවය අර්ථ නමි. වැළඳගැනීම් ස්වභාවය අර්ථනමි. මනාකොට පිහිටුවීම් ස්වභාවය අර්ථනමි. පිරිසිදුවීම් ස්වභාවය අර්ථනමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | a63f020319e0761e2fe6fa23e8cdbb8d8dabee5bb48ab73686c688fa0e8a943a |
target:pali-sinhala-parallel:68337:2 | [158] අශ්‍රද්ධාවෙන් කම්පා නොවන ස්වභාවය අර්ථ නමි. කුසීත බවෙන් කම්පා නොවන ස්වභාවය අර්ථ නමි. ප්‍රමාදයෙන් කම්පා නොවන ස්වභාවය අර්ථ නමි. උද්ධච්චයෙන් කම්පා නොවන ස්වභාවය අර්ථ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 972d13b2a78f9250ed9dd94a802f69471afc047a8e3e737531ebd32aa6b7427f |
target:pali-sinhala-parallel:68337:20 | එසවීම් ස්වභාවය අර්ථ නමි. එළඹ සිටීම් ස්වභාවය අර්ථ නමි. නොවිසිරයාම් ස්වභාවය අර්ථ නමි. දැකීම් ස්වභාවය වූ අර්ථය අනිකකි. අරමුණට නැංවීම් ස්වභාවයවූ අර්ථය අනිකකි. වැළඳගැනීම් ස්වභාවයවූ අර්ථය අනිකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 21fa4cb8f97b5c14a77d63f8957823a62b3511e2299642449081c518b225f6b5 |
target:pali-sinhala-parallel:68337:21 | මනා කොට පිහිටුවීම් ස්වභාවයවූ අර්ථය අනිකකි. පිරිසිදුවීම් ස්වභාවයවූ අර්ථය අනිකකි. එසවීම් ස්වභාවයවූ අර්ථය අනිකකි. එළඹ සිටීම් ස්වභාවයවූ අර්ථය අනිකකි. නොවිසිරයාම් ස්වභාවයවූ අර්ථය අනිකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 80a800c5ec17eeb460872bf7cdf23a48b8c43e66fe0428bc33e6db6a0f7c6b4a |
target:pali-sinhala-parallel:68337:22 | (මෙහි 159 ඡේදය යොදන්න.) [168] ධර්ම අට දක්වනු පිණිස වචන වෙත්. අර්ථ අට දක්වනු පිණිස වචන වෙත්. ධර්මයන් දක්වන වචන අභ්‍යයෝය. අර්ථයන් දක්වන වචන අන්‍යයෝය. (මෙහි 160 (ii) යොදන්න.) [169] ධර්ම අටෙහි ඤාණ අටකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 4af47e4574a9d15d5607bd3c084e32887de8958b9b7758499e88bf79edf273b7 |
target:pali-sinhala-parallel:68337:23 | අර්ථ අටෙහි ඤාණ අටකි. වචන සොළසෙහි ඤාණ සොළසකි. ධර්මයන්හි ඤාණයෝ අන්‍යයෝය. අර්ථයන්හි ඤාණයෝ අන්‍යයෝය. වචනයන්හි ඤාණ අන්‍යයෝය. (මෙහි 161 (ii) යොදන්න) එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | a362b403c262dc3b7f65c015e7143803a1051625796d3d26d0d141ff980e93c0 |
target:pali-sinhala-parallel:68337:25 | එහෙයින් වෙන්වූයේ අර්ථයෙන් දැනීමෙහි ප්‍රඥාව අර්ථ පටිසම්භිදා ඤාණයයිද වෙන් වෙන්වූ ධර්මයන් දැනීමෙහි ප්‍රඥාව ධම්මපටිසම්භිදා ඤාණයයිද වෙන් වෙන්වූ වචන දැනීමෙහි ප්‍රඥාව නිරුත්තිපටිසම්භිදා ඤාණයයිද වෙන් වෙන්වූ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 4b4f925c1df548aa6198cb5af39b1dc3f20d3d12edd1ef8fdac778680c245e52 |
target:pali-sinhala-parallel:68337:26 | ඤාණයන් දැනීමෙහි ප්‍රඥාව පටිභාන පටිසම්භිදාඤාණ යයිද කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | a5a9538e1329c342b19ef85889a8fa9a9644e5085c4a3699227c4b39ff7c6956 |
target:pali-sinhala-parallel:68337:3 | අවිද්‍යාවෙන් කම්පා නොවන ස්වභාවය අර්ථ නමි. අශ්‍රද්ධාවෙන් කම්පා නොවන ස්වභාවයවූ අර්ථය අනිකකි. කුසීත බවෙන් කම්පා නොවන ස්වභාවයවූ අර්ථය අනිකකි. ප්‍රමාදයෙන් කම්පා නොවන ස්වභාවයවූ අර්ථය අනිකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 542f2e48e881c982eae23e62fdd143deb8f5dbd9e790199783be68911f008f35 |
target:pali-sinhala-parallel:68337:4 | උද්ධච්චයෙන් කම්පා නොවන ස්වභාවයවූ අර්ථය අනිකකි. අවිද්‍යාවෙන් කම්පා නොවන ස්වභාවයවූ අර්ථය අනිකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 6e802eef5044de268438e23a1c29d3c7361fe9854e087ce46302142c44c2aab4 |
target:pali-sinhala-parallel:68337:5 | [159] යම් ඤාණයකින් මේ වෙන් වෙන් අර්ථයෝ දැනගන්නා ලද්දාහුද එම ඤාණයෙන්ම ඒ වෙන් වෙන් අර්ථයෝ ප්‍රකට කොට දැනගන්නා ලද්දාහුනුයි අත්ථ පටිසම්භිදා ඤාණයයි කියනු ලැබේ. [160] ධර්ම පස දැක්වීම පිණිස වචන වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | b1373022d8c3e7f2be1f7636a01fd2eb3db8f250a0fca94230fc0708ce340f59 |
target:pali-sinhala-parallel:68337:6 | අර්ථ පස දක්වනු පිණිස වචන වෙත්. ධර්මයන් දක්වන වචන අන්‍යයෝය. අර්ථයන් දක්වන වචන අන්‍යයෝය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | df04d18ccfc4309d9b625fc27301ef384d13b4f9aca6325da0eaee3706b744b9 |
target:pali-sinhala-parallel:68337:7 | (ii) යම් ඤාණයකින් මේ වෙන්වෙන්වූ වචන දැනගන්නා ලද්දාහුද ඒ ඤාණයෙන්ම මේ වෙන් වෙන්වූ වචන ප්‍රකට කොට දැනගන්නා ලද්දාහුනුයි. එහෙයින් වෙන් වෙන්වූ වචන දැනීමෙහි ප්‍රඥාව නිරුත්ති පටිසම්භිදායි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 9bec55debd80880caf8b17f343bd0de39c6346b5716225d3e043c9371e1fa5f6 |
target:pali-sinhala-parallel:68337:8 | [161] ධර්ම පසෙහි ඤාණ පසකි. අර්ථ පසෙහි ඤාණ පසකි. වචන දසයෙහි ඤාණ දසයකි. ධර්මයන්හි ඤාණ අන්‍යයෝය. අර්ථයන්හි ඤාණ අන්‍යයෝය. වචනයන්හි ඤාණ අන්‍යයෝය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | ae5fef313ee24cb86986ee42ddecde1c9f0ab19f532402c00d2e3fc7165b506c |
target:pali-sinhala-parallel:68337:9 | (ii) යම් ඤාණයකින් මේ වෙන් වෙන්වූ ඤාණ දැනගන්නා ලද්දාහුද එම ඤාණයෙන්ම මේ වෙන් වෙන්වූ ප්‍රකට කොට දැනගන්නා ලද්දාහුනුයි. එහෙයින් වෙන් වෙන්වූ ඤාණයන්හි ඤාණය පටිභාන පටිසම්භිදා ඤාණයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 55888643ae7749881a2f1c14ced00da2ef67fe389d40e870dfb0c76be5c848ac |
target:pali-sinhala-parallel:68338:0 | [170] කෙසේ නම් වෙන් වෙන්වූ විසුම්හි ප්‍රඥාව විහාරට්ඨ ඤාණය නම් වේද? වෙන් වෙන්වූ සමවැදුම්හි ප්‍රඥාව සමාපත්තට්ඨඤාණය නම් වේද, වෙන් වෙන්වූ විසුම් සමවැදුම්හි ප්‍රඥාව විහාර සමාපත්තට්ඨ ඤාණය නම් වේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 994d0223e414dd45d04cb821c591535f8784b3aaba9fa22e7c29d260bf5e4173 |
target:pali-sinhala-parallel:68338:1 | සංස්කාර නිමිත්ත භය වශයෙන් දක්නේ අනිමිත්තයයි කියනලද නිර්වාණයෙහි නැමුණු සිත් ඇතිහෙයින් (සංස්කාර නිමිත්ත නුවණින්) ස්පර්ශකොට අනිත්‍යය බලයි. මෙය අනිමිත්ත විහාර නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 088deb86be3900b255c2309b35fe19fa0139307adeb7835caceb4d6a3a4f2baf |
target:pali-sinhala-parallel:68338:10 | විහාර සමාපත්ති නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 36f9959bddc6b1e33f321189db9769fee9017d8689f9486d69132db94f2abcf0 |
target:pali-sinhala-parallel:68338:11 | ආත්ම වශයෙන් ගැන්ම භයවශයෙන් දක්නේ සුඤ්ඤත නිර්වාණයෙහි නැමුණු සිත් ඇති බැවින් (නුවණින් සංස්කාරයන්) ස්පර්ශකොට අනිත්‍යය බලයිද, පැවැත්මෙහි මැදහත්ව සුඤ්ඤතවූ නිරෝධයවූ නිර්වාණය ආවර්ජනාකොට (ඵලයට) සමවදියිද මෙය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | bdf672c90e7ce1a93af0c85c10fabadc039f284d304e73992853562c110e2df4 |
target:pali-sinhala-parallel:68338:12 | සුඤ්ඤත විහාර සමාපත්ති නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 8a85b7bccea591880c320f853a9c82c35f29da33df7608318a6561d28fc610b8 |
target:pali-sinhala-parallel:68338:2 | තෘෂ්ණා ප්‍රණිධිය භය වශයෙන් දක්නේ අප්පණිහිත යයි කියනලද නිර්වාණයෙහි නැමුණු සිත් ඇති හෙයින් (සංස්කාර ධර්මය නුවණින්) ස්පර්ශකොට අනිත්‍යය බලයි. මෙය අප්පණිහිත විහාර නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | ac3aec1052743533d23bd9fd954f98ab2cbf57f9f5defee1635da2e8848afe99 |
target:pali-sinhala-parallel:68338:3 | ආත්මවසයෙන් ගැනීම භය වශයෙන් දක්නේ සුඤ්ඤතයයි කියනලද නිර්වාණයෙහි නැමුණු සිත් ඇති බැවින් (සංස්කාර ධර්මය නුවණින්) ස්පර්ශකොට බලයි. මෙය සුඤ්ඤත විහාර නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 120aa925dce639e75e8cd11883fb12ebeb3ac3282e13a628952ffbd30573f85a |
target:pali-sinhala-parallel:68338:4 | [171] සංස්කාර නිමිත්ත භය වශයෙන් දක්නේ අනිමිත්ත සංඛ්‍යාත නිර්වාණයෙහි නැමුණු සිත් ඇති බැවින් පැවැත්මෙහි මැදහත්ව අනිමිත්තවූ නිර්වාණය ආවර්ජනා කොට (ඵලයට) සමවදියි. මෙය අනිමිත්ත සමාපත්ති නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 4e6f0f1f4afca19dddc5e66eee2d41bad6cf14eee8d839b172066834a6d78ed5 |
target:pali-sinhala-parallel:68338:5 | තෘෂ්ණා ප්‍රණිධිය භය වශයෙන් දක්නේ අප්පණිහිත සංඛ්‍යාත නිර්වාණයෙහි නැමුණු සිත් ඇති බැවින් පැවැත්මෙහි මැදහත් බව අප්පණිහිතවූ නිරෝධයවූ නිර්වාණය ආවර්ජනාකොට (ඵලයට) සමවදියි. මෙය අප්පණිහිත සමාපත්ති නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | a4ce22fb032e5c57bb82d9ff6ed3d82f7d31ddb37fa62698a9b4e881e779f7f9 |
target:pali-sinhala-parallel:68338:6 | ආත්ම වශයෙන් ගැනීම භය වශයෙන් දක්නේ සුඤ්ඤතයයි කියනලද නිර්වාණයෙහි නැමුණුහෙයින් පැවැත්මෙහි මැදහත්ව සුඤ්ඤතවූ නිරෝධයවූ නිර්වාණය ආවර්ජනාකොට (ඵලයට) සමවදියි. මෙය සුඤ්ඤත සමාපත්ති නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 5b9ec12338393f507fa20d74d6488ef0e85d7079b2914f18cca94ca2bfe395bb |
target:pali-sinhala-parallel:68338:7 | [172] සංස්කාර නිමිත්ත භව වශයෙන් දක්නේ අනිමිත්තෙහි නැමුණු සිත් ඇති බැවින් (සංස්කාරයන් නුවණින් ස්පර්ශකොට අනිත්‍යය බලයිද පැවැත්මෙහි මැදහත්ව අනිමිත්තවූ නිරෝධයවූ නිර්වාණය ආවර්ජනාකොට (ඵලයට) සමවදියිද මෙය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 58b59699ffc22acaf441662ae55327c093a950b8e6c7b8a8069f07fc07d96607 |
target:pali-sinhala-parallel:68338:8 | අනිමිත්තවිහාර සමාපත්ති නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 70f01d88ab1b9ff4ebe0e5677db7603efe99208d17502bdffcdb391170acf060 |
target:pali-sinhala-parallel:68338:9 | ප්‍රණිධිය භව වශයෙන් දක්නේ අප්පණිහිත නිර්වාණයෙහි නැමුණු සිත් ඇති හෙයින් (නුවණින් සංස්කාරයන්) ස්පර්ශ කොට බලයිද පැවැත්මෙහි මැදහත්ව අප්පණිහිතවූ නිරෝධයවූ නිර්වාණය ආවර්ජනාකොට (ඵලයට) සමවදියිද මෙය අප්පණිහිත | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | a18e69a156dafaf32487bfeba0b203cb21b94c08eda900c664ce74674a646597 |
target:pali-sinhala-parallel:68339:0 | [173] රූප නිමිත්ත භය වශයෙන් දක්නේ අනිමිත්ත නිර්වාණයෙහි නැමුණු බැවින් (නුවණින් රූප සංස්කාරය) ස්පර්ශකොට ස්පර්ශකොට අනිත්‍යය බලයි. මෙය අනිමිත්ත විහාර නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | c852fed5ea149883e156d1a41565b8fa7abba25ddefdd6219dd516befafcc6f9 |
target:pali-sinhala-parallel:68339:1 | රූප ප්‍රණිධිය භය වශයෙන් දක්නේ අප්පණි හිත නිර්වාණයෙහි නැමුණු බැවින් (රූප සංස්කාරයන් නුවණින්) ස්පර්ශකොට ස්පර්ශකොට අනිත්‍ය බලයි. මෙය අප්පණිහිත විහාර නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 0e0631f24676fbc0a89c3be7d3fe631c3453bb2ae3a5f9459febb81d3b60f0d9 |
target:pali-sinhala-parallel:68339:11 | [174] වේදනා නිමිත්ත (මෙහි 173 ඡේදයේ ‘රූප’ වෙනුවට ‘වේදනාව’ ආදී මෙහි දක්වන වචන යොදා ඒ ඡේදය ඒ වචන අගට යෙදිය යුතුයි.) ‘සඤ්ඤා නිමිත්ත’ - ‘සංඛාර නිමිත්ත’-‘විඤ්ඤාණ නිමිත්ත’- ‘ඇසනිමිත්ත’ - ‘කණ නිමිත්ත’ - | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 541ca9b0843cb4a58c373f89c220215c1379d5fcf7d5ee063b3fc16f864739fb |
target:pali-sinhala-parallel:68339:12 | ‘නාසය නිමිත්ත’- ‘දිව නිමිත්ත’- ‘කය නිමිත්ත’ - ‘සිත නිමිත්ත’-ජරාමරණ නිමිත්ත භය වශයෙන් දක්නේ අනිමිත්ත නිර්වාණයෙහි නැමුණු බැවින් ස්පර්ශකොට ස්පර්ශකොට බලයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 5afaf5dc98f4fa35395cbb5850995cf98405c8a7f4384f6cbb1fbfab7b1839cb |
target:pali-sinhala-parallel:68339:13 | (මෙහි 173 ඡේදයේ ‘රූප’ වෙනුවට ‘ජරාමරණය’ නිමිත්ත යොදනු.) අනිමිත්ත විහාරය අනිකකි. අප්පණිහිත විහාරය අනිකකි. සුඤ්ඤත විහාර අනිකකි. අප්පණිහිත විහාර සමාපත්තිය අනිකකි. අනිමිත්ත සමාපත්තිය අනිකකි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | dc67a8f3db19846ee899b618b52fe807e1b746f18c6a991306e07aca8f8d2cd1 |
target:pali-sinhala-parallel:68339:14 | අප්පණිහිත සමාපත්තිය අනිකකි. සුඤ්ඤත සමාපත්තිය අනිකකි. අනිමිත්ත විහාර සමාපත්තිය අනිකකි. සුඤ්ඤත විහාර සමාපත්තිය අනිකකි. එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | f540d805c2c2cef1b3ccf5e217e798e5e510a56810c8a6b69e9bb8ce486c201d |
target:pali-sinhala-parallel:68339:15 | එහෙයින් වෙන් වෙන්වූ විසුම්හි ප්‍රඥාව විහාරට්ඨ ඤාණයයි ද වෙන් වෙන්වූ සමවැදුම්හි ප්‍රඥාව සමාපත්තට්ඨ ඤාණයයිද වෙන් වෙන්වූ විසුම් හා සමවැදුම්හි ප්‍රඥාව විහාර සමාපත්තට්ඨ ඤාණයයිද කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | e827ac631f2619ef03035c284ab784edf4074a28d610bbd2c3541c3595f914e1 |
target:pali-sinhala-parallel:68339:2 | රූපය ආත්ම වශයෙන් ගැනීම භය වශයෙන් දක්නේ සුඤ්ඤත නිර්වාණයෙහි නැමුණු බැවින් (රූප සංස්කාරයන් නුවණින්) ස්පර්ශකොට ස්පර්ශකොට අනිත්‍යය බලයි. මෙය සුඤ්ඤත විහාරනමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 4673a34f4723e0c393b73ebedfed591b08fb555f72a695ec83768ed59950193d |
target:pali-sinhala-parallel:68339:3 | රූප නිමිත්ත භය වශයෙන් දක්නේ අනිමිත්ත නිර්වාණයෙහි නැමුණු බැවින් පැවැත්මෙහි මැදහත්ව නිරෝධයවූ අනිමිත්ත නිර්වාණය ආවර්ජනාකොට (ඵලයට) සමවදියි. මෙය අනිමිත්ත සමාපත්ති නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 1685bec5c423dcbe7b47d1630e5fcd427e93e4f0bd4e0169db5a07167afc8b8f |
target:pali-sinhala-parallel:68339:4 | රූප ප්‍රණිධිය භය වශයෙන් දක්නේ අප්පණිහිත නිර්වාණයෙහි නැමුණු බැවින් පැවැත්මෙහි මැදහත්ව නිරෝධයවූ අප්පණිහිත නිර්වාණය ආවර්ජනාකොට (ඵලයට) සමවදියි. මෙය අප්පණිහිත සමාපත්ති නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 8089ef999d2b97c0e9dfd046c18a58de91198eee79b0b1c8ce9548b89f1c7c59 |
target:pali-sinhala-parallel:68339:5 | රූපය ආත්ම වශයෙන් ගැනීම භය වශයෙන් දක්නේ සුඤ්ඤත නිර්වාණයෙහි නැමුණු බැවින් පැවැත්මෙහි මැදහත්ව නිරෝධය වූ සුඤ්ඤත නිර්වාණය ආවර්ජනාකොට (ඵලයට) සමවදියි. මෙය සුඤ්ඤත සමාපත්ති නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 3d0e3944129f8f335d5d97e50eafcbd87179a704d673b45e6ad47697030d0607 |
target:pali-sinhala-parallel:68339:6 | රූප නිමිත්ත භය වශයෙන් දක්නේ අනිමිත්ත නිර්වාණයෙහි නැමුණු බැවින් සංස්කාරය ස්පර්ශකොට ස්පර්ශකොට අනිත්‍යය බලයිද, පැවැත්මෙහි මැදහත්ව නිරෝධයවූ අනිමිත්ත නිර්වාණය ආවර්ජනාකොට සමවදියිද මෙය අනිමිත්ත විහාර | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 8c657783e1af258ce0515dad63fd1931866754c50fb1f9c5beba4700608cf278 |
target:pali-sinhala-parallel:68339:7 | සමාපත්ති නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | a17a6b3902da567fa61e3940f78bdf25e010c1080829fb8237e7fd00aadbb65a |
target:pali-sinhala-parallel:68339:8 | රූප ප්‍රණිධිය භය වශයෙන් දක්නේ අප්පණිහිත නිර්වාණයෙහි නැමුණු බැවින් ස්පර්ශකොට ස්පර්ශකොට අනිත්‍යය බලයිද, පැවැත්මෙහි මැදහත්ව නිරෝධයවූ අප්පණිහිත නිර්වාණය ආවර්ජනාකොට සමවදියිද මෙය අප්පණිහිත විහාර සමාපත්ති | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 416d8dac5dadfd9af1c523f2fbb2eb92c8b3ca4f05bb403b7522404c3cc06981 |
target:pali-sinhala-parallel:68339:9 | නමි. රූපය ආත්ම වශයෙන් ගැනීම භය වශයෙන් දත්තේ සුඤ්ඤත නිර්වාණයෙහි නැමුණු බැවින් ස්පර්ශකොට ස්පර්ශකොට අනිත්‍යය බලයිද, පැවැත්මෙහි මැදහත්ව නිරෝධය වූ සුඤ්ඤත නිර්වාණය ආවර්ජනාකොට සමවදියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | bc4135d173017f004d4d8a2db77ef2aa82599902db52bb3bef9a757f44c1e755 |
target:pali-sinhala-parallel:68340:0 | [175] කෙසේ නම් සමාධියගේ පිරිසිදු බව හේතුකොට ගෙන ආශ්‍රවයන් ක්ෂය කිරීමෙහි ප්‍රඥාව ආනන්තරික සමාධියෙහි (අනතුරුවම ඵලය උපදවන මාර්ග සමාධියෙහි ඤාණය නම් වේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 903dcc9971a903402f956c2a15e2c1e194bc1baed2fd50043306d8ec4540e29e |
target:pali-sinhala-parallel:68340:1 | කාමයන් කෙරෙන් නික්මීම් වශයෙන් සිතේ එකඟ බව නොවිසිරයාම සමාධි නමි. ඒ සමාධිහුගේ වශයෙන් මාර්ග ඥානය උපදියි. ඒ ඤාණයෙන් ආශ්‍රවයෝ ක්ෂය වෙත්. මෙසේ සමථය පළමු උපදියි. ඤාණය පසුව උපදියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 5a3350487de6627410ceff8f240af3956000a978de0928ec1151cca121ef70cf |
target:pali-sinhala-parallel:68340:10 | වශයෙන් දෙවතානුස්සති වශයෙන් ආනාපාන වශයෙන් මරණ සති වශයෙන් කායගතාසති වශයෙන් උපසමානුස්සති වශයෙන් උද්ධුමාතක සඤ්ඤා වශයෙන් විනීලක සඤ්ඤා වශයෙන් විපුබ්බක සඤ්ඤා වශයෙන් විච්ඡිද්දක වශයෙන් වික්ඛාසිතක සඤ්ඤා වශයෙන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 88301b32c83c14335b3fdcffbc66152ab750db869b22700e38554e237d588c23 |
target:pali-sinhala-parallel:68340:11 | වික්ඛිත්තක සඤ්ඤා වශයෙන් හතවික්ඛිත්තක සඤ්ඤා වශයෙන් ලොහිතක සඤ්ඤා වශයෙන් පුළවක සඤ්ඤා වශයෙන් අට්ඨික සඤ්ඤා වශයෙන් ... | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | f04218ebeda90cc22c44a2fc6f7d8187f786aae8dc588acb4997b23996124cf1 |
target:pali-sinhala-parallel:68340:2 | ඒ ඤාණයෙන් ආශ්‍රවයන්ගේ ක්ෂයවීම වෙයි. එහෙයින් සමාධියෙන් පිරිසිදුබව හේතුකොට ගෙන ආශ්‍රවයෝ ක්ෂය කිරීමෙහි ප්‍රඥාව අනන්තරික සමාධියෙහි (අනතුරුවම ඵලය උපදවන මාර්ග සමාධියෙහි ඤාණයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | f0a3d76bf06420a34202660412926f9719358adf39e442bcc231298dcc342645 |
target:pali-sinhala-parallel:68340:3 | [176] ආශ්‍රව යන මෙහි ඒ ආශ්‍රවයෝ නම් කවරහුද? කාමාසවයද, භවාසවයද, දිට්ඨි ආසවයද, අවිජ්ජාසවයද වෙත්. ඒ ආශ්‍රවයෝ කොතැන්හි ක්ෂය වෙත්ද? සොතාපත්ති මාර්ගයෙන් නිරවශෙෂ (ඉතිරි නොවූ) දිට්ඨි ආශ්‍රවය ක්ෂයවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 03a8d8d52da11eecda2e1cec435e6dbd9d185e726c8ab65fd17d40748bf24333 |
target:pali-sinhala-parallel:68340:4 | අපායෙහි හෙළන කාමාසවය ක්ෂය වෙයි. අපායෙහි හෙළන භවාසවය ක්ෂය වෙයි. අපායෙහි හෙළන අවිජ්ජාසවය ක්ෂය වෙයි. මෙහි මේ ආශ්‍රවයෝ ක්ෂය වෙත්. සකෘදාගාමි මාර්ගයෙන් ඖදාරික කාමාශ්‍රවය ක්ෂය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | fcc520dfc98ecf033a3ef1a3e0c5efaa239aad7974bb912ae949e0a9c0b6fa71 |
target:pali-sinhala-parallel:68340:5 | ඒ හා සමග පවත්නා භවාසවය ක්ෂය වෙයි. ඒ හා සමග පවත්නා අවිජ්ජාසවය ක්ෂය වෙයි. මෙහි මේ ආශ්‍රවයෝ ක්ෂය වෙත්. අනාගාමි මාර්ගයෙන් ඉතිරිවූ කාමාශ්‍රවය ක්ෂයවෙයි. ඒ හා සමග පවත්නා භවාසවය ක්ෂයවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 1f60b839b380e5e933500bd3fc20be66b484975b9aa908606b6c34d002a9a603 |
target:pali-sinhala-parallel:68340:6 | ඒ හා සමග පවත්නා අවිජ්ජාසවය ක්ෂය වෙයි. මෙහි මේ ආශ්‍රවයෝ ක්ෂයවෙත් අර්හත් මාර්ගයෙන් ඉතිරි නොකොට භවාසවය ක්ෂය වෙයි. ඉතිරි නොකොට අවිජ්ජාසවය ක්ෂයවෙයි. මෙහි මේ ආශ්‍රවයෝ ක්ෂය වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | ac3241f0d143752c8aadf03cadfbea26d28638fa722c261d8d54646022cf846c |
target:pali-sinhala-parallel:68340:7 | [177] ව්‍යාපාදයෙන් වෙන්වීම් වශයෙන් ආලෝක සංඥාවගේ වශයෙන් සමාධි වශයෙන් ධර්මයන් පිරිසිඳීම් වශයෙන් ඤාණයාගේ වශයෙන් ප්‍රමොද්‍යයාගේ වශයෙන් පඨමජ්ක්ධාන වශයෙන් දුතියජ්ක්ධාන වශයෙන් තතියජ්ක්ධාන වශයෙන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 36d9f752f254e3b9ed32070a124e966dadecb677b1ad22fe39fd6f57d1333de0 |
target:pali-sinhala-parallel:68340:8 | චතුත්ථජ්ක්ධාන වශයෙන් ආකානඤ්චායතන සමාපත්ති වශයෙන් විඤ්ඤාණඤ්චායතන සමාපත්ති වශයෙන් ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති වශයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්ති වශයෙන් පඨවිකසිණ වශයෙන් ආපොකසිණ වශයෙන් තෙජොකසිණ වශයෙන් වායොකසිණ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | cb9f6005ce089f785c6c8038e207411782a68c6c91cfe154bbab32b9f9d618ec |
target:pali-sinhala-parallel:68340:9 | වශයෙන් නීලකසිණ වශයෙන් පීතකසිණ වශයෙන් ලොහිත කසිණ වශයෙන් ඔදාතකසිණ වශයෙන් ආකාසකසිණ වශයෙන් විඤ්ඤාණකසිණ වශයෙන් බුද්ධානුස්සති වශයෙන් ධම්මානුස්සති වශයෙන් සංඝානුස්සති වශයෙන් සීලානුස්සති වශයෙන් චාගානුස්සති | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 5bb79c42f4183cb36b25140a359c0c68e1e45065d55c095810fd21f35784fc19 |
target:pali-sinhala-parallel:68341:0 | දීර්ඝ ආශ්වාසයාගේ දීර්ඝ ප්‍රශ්වාසයාගේ වශයෙන් හ්‍රස්ව ආශ්වාසයාගේ වශයෙන් හ්‍රශ්ව ප්‍රශ්වාසයාගේ වශයෙන් සියලු ආශ්වාස කය දැන ගනිමින් කරන ආශ්වාසයාගේ වශයෙන් සියලු ප්‍රශ්වාසකය දැනගනිමින් කරන ප්‍රශ්වාසයාගේ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | c861852550d0ba44689853aab950eb74e41313d74f03ab0a827e04bd52cde1c6 |
target:pali-sinhala-parallel:68341:1 | වශයෙන් කාය සංඛාරය සංසිඳවමින් කරන ආශ්වාසයාගේ වශයෙන් කාය සංඛාරය සංසිඳවමින් කරන ප්‍රශ්වාසයාගේ වශයෙන් ප්‍රීතිය දැනගනිමින් පවත්නා අශ්වාසයාගේ වශයෙන් ප්‍රීතිය දැනගනිමින් පවත්නා ප්‍රශ්වාසයාගේ වශයෙන් සුඛය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | c764147d56bbb0317003a9bada2789ea2dbf1927f4c3c50a6948ababd1e99f11 |
target:pali-sinhala-parallel:68341:2 | දැනගනිමින් පවත්නා ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්ත සංඛාරයන් දැනගනිමින් පවත්නා ආශ්වාසයාගේ වශයෙන් චිත්ත සංඛාරය දැනගනිමින් පවත්නා ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තසංඛාරය සංසිඳවමින් පවත්නා ආශ්වාසයාගේ වශයෙන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | fde2aa77ad6404e2e7708ee3bf4e66783d2d1d2f27a9406fb12e56c729c831db |
target:pali-sinhala-parallel:68341:3 | චිත්තසංඛාරය සංසිඳවමින් පවත්නා ආශ්වාසයාගේ වශයෙන් චිත්තසංඛාරය සංසිඳවමින් පවත්නා ප්‍රශ්වාසයාගේ වශයෙන් සිත ප්‍රකට කරන්නාවූ ආශ්වාසයාගේ වශයෙන් සිත ප්‍රකට කරන්නාවූ ප්‍රශ්වාසයාගේ වශයෙන් සිත සතුටු කරමින් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 25e92161a1c2ea354dbcc806956e2ec187e5b58056d17d81fcd2a977102e12d0 |
target:pali-sinhala-parallel:68341:4 | පවත්නා ආශ්වාසයාගේ වශයෙන් සිත සතුටු කරමින් පවත්නා ප්‍රශ්වාසයාගේ වශයෙන් සිත සමාධියට පමුණුවමින් පවත්නා ආශ්වාසයාගේ වශයෙන් සිත සමාධියට පමුණුවමින් පවත්නා ප්‍රශ්වාසයාගේ වශයෙන් සිත නීවරණය කෙරෙන් මුදවමින් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | ebeb4241d8b3a1b7c2485f16382f4af18bf5cb456579219f0d5cc04caf69948f |
target:pali-sinhala-parallel:68341:5 | අනිත්‍ය වශයෙන් බලමින් කලකිරීම් වශයෙන් භංග වශයෙන් බලමින් (ii) අත්හැරීම් වශයෙන් (වුට්ඨානගාමිනී විදර්ශනා වශයෙන්) පවත්නා ආශ්වාසයාගේ වශයෙන් අත්හැරීම් වශයෙන් පවත්නා ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ එකඟ බව | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 267d09afa35d8fb6195c834383eaa77809f13bded0b941ad0a54a8e928361db4 |
target:pali-sinhala-parallel:68341:6 | නොවිසිරයාම සමාධි නමි. ඒ සමාධියගේ වශයෙන් මාර්ගඥානය උපදියි. ඒ ඤාණයෙන් ආශ්‍රවයෝ ක්ෂයවෙත්. මෙසේ පළමු සමථයවේ. පසුව ඤාණය වෙයි. ඒ ඤාණයෝ ආශ්‍රවයන්ගේ ක්ෂයවීම පිණිස වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | f7ec9717e5473135ff7f9be6a52c363ef2fe7abb0fbb409c920f0fc38624e30e |
target:pali-sinhala-parallel:68341:7 | එහෙයින් සමාධියගේ පිරිසිදුබව හේතුකොට ගෙන ආශ්‍රවයන් ක්ෂය කිරීමෙහි ප්‍රඥාව ආනන්තරිය සමාධියෙහි ඤාණයයි කියනු ලැබේ. (මෙහි 176 ඡේදය යොදාගත යුතුයි.) එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 9aeb13077b2c3a1c8283c9415f9fbb4ae56c3babceae3dcfc2fcf3667813fa14 |
target:pali-sinhala-parallel:68341:8 | ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි. එහෙයින් සමාධියගේ පිරිසිදු බව නිසා ආශ්‍රවයන් ක්ෂය කිරීමෙහි ප්‍රඥාව ආනන්තරිය සමාධියෙහි ඤාණයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | c32568dc360cb35b72296bee7c42e63e29fa2f497f26bfbf2af14a6c2810a932 |
target:pali-sinhala-parallel:68342:0 | [178] කෙසේ නම් දැකීම් (විදර්ශනා ඥානය) අධිපති කොට ඇත්තාවූද ශාන්තවූ විදර්ශනා විහාරයට පැමිණීමවූද ප්‍රණීතවූ ඵල සමාපත්තියට නැමී පවත්නාවූද ප්‍රඥාව අරණ විහාර ඤාණය නම් වේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b839 | 68f9ae1bebdedddf2ec1b6cc0f3b1a35d348aaf940a7a286acb1ca84aa04cb6f |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.