sample_id stringlengths 18 38 | text stringlengths 5 200 | label stringclasses 3
values | source stringclasses 5
values | subcorpus stringclasses 59
values | doc_id stringclasses 691
values | block_id stringlengths 15 101 | text_sha256 stringlengths 64 64 |
|---|---|---|---|---|---|---|---|
target:pali-sinhala-parallel:68363:4 | පූර්ව දිශාවෙහි ශබ්දයන්ගේද ශබ්ද නිමිත්ත මෙනෙහි කරයි. පශ්චිම දිශාවෙහි ශබ්දයන්ගේද ශබ්ද නිමිත්ත මෙනෙහි කරයි. උතුරු දිශාවෙහි ශබ්දයන්ගේ ශබ්ද නිමිත්ත මෙනෙහි කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | d049279cfaa83f82dbe3ba77d63ab200a1b64018ac737e6a4a0f7841e9325530 |
target:pali-sinhala-parallel:68363:5 | දකුණු දිශාවෙහි ශබ්දයන්ගේද ශබ්ද නිමිත්තද මෙනෙහි කරයි. පූර්ව අනුදිශාවෙහි ශබ්දයන්ගේද ශබ්ද නිමිත්ත මෙනෙහි කරයි. පශ්චිම අනුදිශාවෙහි ශබ්දයන්ගේද ශබ්ද නිමිත්ත මෙනෙහි කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | e28d8a11cf3d9a992c023604b40ad5b39b4ecf1a0a1242542fdf92b1ef4c2f0e |
target:pali-sinhala-parallel:68363:6 | දකුණු අනුදිශාවෙහි ශබ්දයන්ගේද ශබ්ද නිමිත්ත මෙනෙහි කරයි. යට දිශාවෙහි ශබ්දයන්ගේද ශබ්ද නිමිත්ත මෙනෙහිකරයි. උඩදිශාවෙහිද ශබ්දයන්ගේ ශබ්ද නිමිත්ත මෙනෙහි කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 985b87c1f510a12221584136962911f9ccc28f04bff5983bf43a54aa2d9f6c2d |
target:pali-sinhala-parallel:68363:7 | හෙතෙම එසේ පුරුදු කරන ලද පිරිසිදුවූ හාත්පස පිරිසිදුවූ සිතින් සොත ධාතු විසුද්ධිඤාණය පිණිස සිත එළවයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 1c55820efa5c75f216719d3574e248184408f19d438afe2c38a29a149f58bac9 |
target:pali-sinhala-parallel:68363:8 | නමයි හෙතෙම මිනිස් බව ඉක්මවූ පිරිසිදුවූ දිව්ය ශ්රොත ධාතුවෙන් දිව්යවූද, මනුෂ්යවූද, දුරවූද, සමීපවූද, දෙවදෑරුම් ශබ්දයන් අසයි. එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්රඥා නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 6e151af434a39a0655781921a395196a18cec674cfd4d9878b96cb4fab4cc9d8 |
target:pali-sinhala-parallel:68363:9 | එහෙයින් විතර්ක වශයෙන් නොයෙක් ස්වභාව ඇත්තාවූද එක් ස්වභාවයක් ඇත්තාවූද ශබ්ද නිමිතිවලට බැස ගැන්මෙහි ප්රඥාව සොතධාතු විසුද්ධි ඤාණයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 2a04defe7768305e2bad1a9555285a66abb3264ea15a4750c3e95e6d93dc13ae |
target:pali-sinhala-parallel:68364:0 | [212] කෙසේ නම් (සොමනස්ස සහගත දොමනස්ස සහගත උපෙක්ඛා සහගත යන) ත්රිවිධ චිත්තයන් පිළිබඳ වෙගයන්ගේ වශයෙන් ඉන්ද්රියයන්ගේ පැහැදීමට අනුව නොයෙක් ස්වභාව ඇත්තාවූද සමාන ස්වභාව ඇත්තාවූද චිත්තයන්ගේ පැවැත්ම බැස | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 59610355782bfa70d7a5bb380c9fc638d759eec00e4a59ba6496d6e24beadfaa |
target:pali-sinhala-parallel:68364:1 | ගැනීමෙහි ප්රඥාව චෙතො පරිය ඤාණ නම් වේද? මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන්ද (ii) සම්යක් ප්රධාන වීර්යයෙන්ද යුත් ඍද්ධිපාදය වඩයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | be2f652a73adcb8332309b1b60a66145ee7127c5b0f1df7a237f76ef99b269e8 |
target:pali-sinhala-parallel:68364:2 | වීර්ය අධිපතිකොට ඇති සමාධියෙන්ද මෙහි (ii) යොදන්න.) සිත අධිපතිකොට ඇති සමාධියෙන්ද (මෙහි (ii) යොදන්න) විමංසය අධිපතිකොට ඇති සමාධියෙන්ද සම්යක් ප්රධාන වීර්යයෙන්ද යුත් ඍද්ධිපාදය වඩයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 11fa722915fd555012fc3f751b4694d805909cca676323c2cb03dd27c675c09f |
target:pali-sinhala-parallel:68364:3 | හෙතෙම ඒ ඍද්ධිපාදයන්හි සිත පුරුදු කරයි. දමනය කරයි, මෘදුකරයි, කර්මන්යය කරයි. හෙතෙම මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුරුදුකොට දමනයකොට මෘදුකොට කර්මාන්ය කොට මේ රූපය සොමනස්සින්ද්රියයෙන් හටගත්තේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | cca9a28067e1a63082d4fe0286b280d6d2941b03b551792a8bfc63840e2106d6 |
target:pali-sinhala-parallel:68364:4 | මේ රූපය දොමනස්සින්ද්රියයෙන් හටගත්තේය. මේ රූපය උපෙක්ඛින්ද්රියයෙන් හටගත්තේයයි මෙසේ දැන ගනියි. හෙතෙම එසේ පුරුදු කරන ලද පිරිසිදු කරන ලද හාත්පස පිරිසිදු කරන ලද සිතින් චෙතොපරිය ඤාණය පිණිස සිත එළවයි, නමයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | e75222b12deb20c377646b4c0cb466ef737e03844f752a697609a3d164386b84 |
target:pali-sinhala-parallel:68364:5 | හෙතෙම අන්ය සත්වයන්ගේ අන්ය පුද්ගලයන්ගේ සිත තමාගේ සිතින් පිරිසිඳ දනියි. රාග සහිත සිත රාග සහිත සිතයයි දනියි. රාග සහිත සිත හෝ රාග රහිත සිතයයි දනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 1ee63f931134d26e80474e20deb62af502f2d7565a171d2b08a1c3a86bf35ef7 |
target:pali-sinhala-parallel:68364:6 | දොස සහිත සිත හෝ දොස රහිත සිත හෝ මෝහ සහිත සිත හෝ මෝහ රහිත සිත හෝ හැකුළුණු සිත හෝ විහිදුණු සිත හෝ මහද්ගත සිත හෝ අමහද්ගත සිත හෝ සඋත්තර සිත හෝ අනුත්තර සිත හෝ සමාහිත සිත හෝ අසමාහිත සිත හෝ විමුත්ත සිත හෝ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 2b75f08b8769968c1be2be0809c53a8a2413ba8b1af4550cdb83bb819edf5a5d |
target:pali-sinhala-parallel:68364:7 | අවිමුත්ත සිත හෝ අවිමුත්ත සිතයයි දැනගනියි. එය දැනීම් අර්ථයෙන් ඤාණය නමි. ප්රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්රඥා නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 67b1d67042223b88d986b62e2fcf70c57d5d6b6fc3db0cd426b8165f752e0aac |
target:pali-sinhala-parallel:68364:8 | එහෙයින් ත්රිවිධ වේගයෙන් ඉදුරන්ගේ පැහැදීම් වශයෙන් නොයෙක් ස්වභාවයන් ඇත්තාවූ එක ස්වභාවය ඇත්තාවූ චිත්තයන්ට බැස ගැන්මෙහි ප්රඥාව චෙතොපරිය ඤාණයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 60bcb52a1b18a8d3b3529c5f48bb0511a32838e4a872acc34363d4f97042f231 |
target:pali-sinhala-parallel:68365:0 | [213] කෙසේ නම් නොයෙක් ස්වභාව හා එක ස්වභාව ඇති කර්මයන්ගේ වෙගයෙන් ප්රත්යයන්ට අනුව පවත්නා ධර්මයන්ට බැස ගැන්මෙහි ප්රඥාව පුබ්බේ නිවාසානුස්සති ඤාණය නම් වේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 284eece0ce0c500a835d4f8d36b61df742aa386b3baa8e29a6e694a846ac1b99 |
target:pali-sinhala-parallel:68365:1 | මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපතිකෙට ඇති (මෙහි 210 ඡේදයේ (ii) යොදන්න.) වීර්ය අධිපතිකොට ඇති (210 යේ ii) සිත අධිපතිකොට ඇති (210 යේ (ii) විමංසාව අධිපතිකොට ඇති (210 යේ ii) මෘදුකොට කර්මන්යකොට මෙසේ දැනගනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 96d5eb6c63c623b9b188e0066e2f356e76dfae1c1736951d21827d874530ba0f |
target:pali-sinhala-parallel:68365:10 | කරයි. එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි, ප්රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්රඥා නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | d73e68c87665aabf3fc13d2fe65733b29a5855ef3fcf093a20ce03da76ea8a8d |
target:pali-sinhala-parallel:68365:11 | එහෙයින් නොයෙක් ස්වභාව ඇත්තාවූද, එක ස්වභාව ඇත්තාවූද කය වෙගයෙන් ප්රත්යයන් නිසා පවත්නා ධර්මයන්ට බැස ගැන්මෙහි ප්රඥාව පුබ්බෙනිවාසානුස්සති ඤාණයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 986af81921f1b397c3f76a547ff12ca012b7982f0dbee9953212484bf5aed83d |
target:pali-sinhala-parallel:68365:2 | කෙසේද? මේ හේතුව ඇති කල්හි මේ ඵලය වෙයි. මේ හේතුව ඉපදීම හේතුකොට ගෙන මේ ඵලය උපදියි. එනම් අවිද්යාව නිසා සංස්කාරයෝ උපදිත් සංස්කාරය නිසා විඤ්ඤාණය උපදියි. විඤ්ඤාණය නිසා නාම රූපය උපදියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | e914bcc3e3f668248106641be8407fee4ecec1300d70668e022277c1cb0f6452 |
target:pali-sinhala-parallel:68365:3 | නාම රූපය නිසා සළායතනය උපදියි. සළායතනය නිසා ඵස්සය උපදියි. ඵස්සය නිසා වේදනාව උපදියි වේදනාව නිසා තණ්හාව උපදියි. තණ්හාව නිසා උපාදානය උපදියි. උපාදානය නිසා භවය උපදියි, භවය නිසා ජාතිය පහළවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 44405829e3904bc6cbb4174bb471de57075aa4775171c5c5536fc9b7e8c004be |
target:pali-sinhala-parallel:68365:4 | ජාතිය නිසා ජරා මරණ පහළවෙයි. සොක පරිදේව දුක්ඛ දොමනස්ස උපායාසයෝ පහළවෙත්. මෙසේ සැපයෙන් අමිශ්ර වූ හුදු දුක්ඛස්කන්ධයාගේ පහළවීම වෙයි යනුවෙනි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | df7d167f6acf7c7397f002c22124ab230535ef62b52eaebd60cedf0869190df5 |
target:pali-sinhala-parallel:68365:5 | හෙතෙම එසේ පුරුදු කරනලද පිරිසිදු කරන ලද හාත්පස පිරිසිදු කරන ලද සිතෙන් පුබ්බෙනිවාසානුසස්ති ඤාණය පිණිස සිත එළවයි. නමයි හෙතෙම නොයෙක් පෙර විසීම් සිහි කරයි. ඒ කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 12b52ed75b96311ecc04d27070482db0d4a0297854baec2b7ef07f43efeadcda |
target:pali-sinhala-parallel:68365:6 | එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද ජාති දසයක්ද, විසි ජාතියක්ද, තිස් ජාතියක්ද, සතළිස් ජාතියක්ද, පණස් ජාතියක්ද, සියක් ජාතියක්ද දහස් ජාතියක්ද ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 74611b6f7ee2015cf47d64ee4140356f79282eca9c616d1d93056bf0d7b209ea |
target:pali-sinhala-parallel:68365:7 | කල්පයන්ද, නොයෙක් විවර්ත කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද, අසවල් තැන වූයෙමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | d8d6d48d5b45a6933e490e8ac72e6460be036c32d8aad2afb65cb0a4da1cdd8e |
target:pali-sinhala-parallel:68365:8 | මෙනම් ඇත්තෙක් මෙනම් ගොත්ර ඇත්තෙක් මෙනම් වර්ණ ඇත්තෙක් මෙනම් ආහාර ඇත්තෙක් මෙනම් සැප දුක් විඳින්නෙක් මෙනම් ආයුෂ ඇත්තෙක් වීමි. හෙතෙම එයින් චුතව අසවල් තැන උපන්නේය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 6da2501218554d161718fc9e75e5259cac43d57eab144bb55f5947c82e6bdee3 |
target:pali-sinhala-parallel:68365:9 | එහිදී මෙනම් ඇතිවිය මෙනම් ගොත්ර ඇත්තේ මෙනම් ආහාර ඇත්තේ මෙසේ සැප දුක් විඳින්නේ මෙනම් ආයුෂ ඇත්තේ විය හෙතෙම එයින් චුතව මෙහි උපන්නේ යයි මෙසේ ආකාර සහිතව උදෙසීම් සහිතව නොයෙක් ප්රභෙද ඇති පෙර විසීම් සිහි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | a7cc25b82505725c8a3623ac15c03103a38757cef652e385ece1773214145192 |
target:pali-sinhala-parallel:68366:0 | [214] කෙසේ නම් කසිණාලෝකයාගේ වශයෙන් නොයෙක් ස්වභාවයන් ඇත්තාවූද, එක ස්වභාවය ඇත්තාවූද රූප සටහන් දැක්මෙහි ප්රඥාව දිබ්බ චක්ඛුඤාණ නම් වේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | eb1deafba049d8dc3e77806bcf1c1b75754599f986e356c358cc17678b72d922 |
target:pali-sinhala-parallel:68366:1 | මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපතිකොට ඇත්තාවූ සමාධියෙන්ද, (ii) සම්යක් ප්රධාන වීර්යයෙන්ද යුත් ඍද්ධිපාදය වඩයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 60847292617131edc9e240541d7a987cc3c5768a3bd9844ff6e687d70378318c |
target:pali-sinhala-parallel:68366:10 | සම්යක් දෘෂ්ටි ඇත්තාහුය, සම්යක් දෘෂ්ටි කර්ම සමාදන්වූවාහුය, ඔව්හු කායයාගේ බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි උපන්නාහු යයි මෙසේ මිනිසත් බව ඉක්මවූ පිරිසිදුවූ දිව්ය චක්ෂුසින් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 43c48e902d8af3e3691a221c5e46c578039377c935a14395f41ca3f6fd4dff30 |
target:pali-sinhala-parallel:68366:11 | චුතවන්නාවූද උපදින්නාවූද හීනවූද ප්රණීතවූද යහපත් වර්ණ ඇත්තාවූද අයහපත් වර්ණ ඇත්තාවූද කර්මානුකූලව යන්නාවූ සත්වයන් දනියි. එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්රඥා නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 386f34ac76fa83c06bca7ed23daab7d48f8b125e7c9f671dbef233693b1fc26c |
target:pali-sinhala-parallel:68366:12 | එහෙයින් කසිණා ලෝකයෙන් නොයෙක් ස්වභාවයන් ඇත්තාවූද එක ස්වභාවය ඇත්තාවූද රූප සටහන් දැක්මෙහි ප්රඥාව දිබ්බචක්ඛු ඤාණයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 2eb7c4e10bf94b076ea07fb8d553d3e82af8c383081bcf7babdec50c60cb008f |
target:pali-sinhala-parallel:68366:2 | වීර්ය අධිපතිකොට ඇති සමාධියෙන්ද, (මෙහි (ii) යොදන්න) චිත්තය අධිපතිකොට ඇති සමාධියෙන්ද, (මෙහි (ii) යොදන්න) විමංසාව අධිපතිකොට ඇති සමාධියෙන්ද, සම්යක් ප්රධාන වීර්යයෙන්ද යුත් ඍද්ධිපාදය වඩයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 869e5c227e76079f1dd21868c24f988c5060fb9b35d570e3dc79b972863be322 |
target:pali-sinhala-parallel:68366:3 | හෙතෙම මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුරුදු කරයි. හික්මවයි මෘදු කරයි. කර්මන්ය කරයි හෙතෙම මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුරුදුකොට හික්මවා මෘදු කොට කර්මන්ය කොට ආලෝක සඤ්ඤාව මෙනෙහි කරයි. දවල් යන සඤ්ඤාව උපදවයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 85c5c8cc230adbc5cd262fd5d6e44429318890483dbfb5f8bca4044b24c64da6 |
target:pali-sinhala-parallel:68366:4 | දවල් යම්සේද රාත්රියද එසේම වෙයි. රාත්රිය යම්සේද දවල්ද එසේම වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 8a31e5a45ec17472726ff2db4a4eed5b63f49a76487f9b97e872a656583a703d |
target:pali-sinhala-parallel:68366:5 | මෙසේ විවෘතවූ නොවැසුණාවූ ආලෝක සහිතවූ සිත වඩයි හෙතෙම එසේ පුරුදු කරනලද පිරිසිදුවූ හාත්පස පිරිසිදුවූ සිතින් සත්වයන්ගේ චුති උත්පත්ති දැනගැනීම පිණිස සිත එළවයි නමයි හෙතෙම මිනිස් බව ඉක්ම ගියාවූ දිව්ය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | e1968158c7e3c053108d43a19a04dae06ea124741dceef59910cbfd87ad789d5 |
target:pali-sinhala-parallel:68366:6 | චක්ෂුසින් චුත වන්නාවූද උපදින්නාවූද හීනවූද ප්රණීතවූ යහපත්වර්ණ ඇත්තාවූද අයහපත් වර්ණ ඇත්තාවූද සත්වයන් දකියි. කර්මානුකූලව උපදින්නාවූ සත්වයන් දැනගනියි. කෙසේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | d30f3dc8f2fe0b41e4722c4a1e82112d4244e5d4624839f413a636e679fab037 |
target:pali-sinhala-parallel:68366:7 | පින්වත්නි, මේ සත්වයන් එකාන්තයෙන් කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහුය, වාක්දුශ්චරිතයෙන් යුක්තවූවාහුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 0be05d5ada0255697aab4da7f5e33754fb0add47c0e15dc7a428e75b92bcbbaa |
target:pali-sinhala-parallel:68366:8 | මනො දුශ්චරිතයෙන් යුක්තවූවාහුය, ආර්යයන්ට ගර්හා කළාහුය, මිථ්යාදෘෂ්ටි ගත්තාහුය, මිථ්යාදෘෂ්ටි කර්ම සමාදන්වූවාහුය, ඔව්හු කය බිඳීමෙන් මරණින් පසු සැපයෙන් පහවූ විනාශව වැටෙන්නාවූ නපුරු ගති ඇත්තාවූ නිරයෙහි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 666871895f710356e6f57d55e771390a26544507d12a8f456f4bdcedcc56ebd4 |
target:pali-sinhala-parallel:68366:9 | උපන්නාහුය, පින්වත්නි, මේ සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තවුවාහුය, වාක් සුචරිතයෙන් යුක්තවූවාහුය මනො සුචරිතයෙන් යුක්තවූවාහුය, ආර්යයන්ට නින්දා නොකළාහුය. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 524540911a67527c87bd1abf791c3d94ec85b6a357803ead53593e196b7a63ff |
target:pali-sinhala-parallel:68367:0 | [215] කෙසේ නම් සූසැට ආකාරයකින් ත්රිවිධ ඉන්ද්රියන්ගේ පුරුදු කිරීමෙහි ප්රඥාව ආසවක්ඛය ඤාණ නම් වේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | a1e35524b6f681d7c557688c50e63ce0ff4d187be7a60f86b2d36b29813ef477 |
target:pali-sinhala-parallel:68367:1 | කවර නම් ඉන්ද්රිය තුනක්හුගේද අනඤ්ඤතඤ්ඤස්ස්සාමිතින්ද්රියගේද අඤ්ඤින්ද්රියගේද අඤ්ඤතාවින්ද්රියගේද වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 45a06c5630a185f3b8a6d037ca0e779c4d02c552f86b48cea63a8424adeb031a |
target:pali-sinhala-parallel:68367:10 | සොතාපත්ති ඵලක්ෂණයෙහි අඤ්ඤින්ද්රියට සද්ධින්ද්රිය (ii) (මෙහි 216 (ii) යොදන්න) [218] සොතාපත්ති ඵලක්ෂණයෙහි හටගත් චිත්තජ රූප හැර සියලු ධර්මයෝ අව්යාකෘත වෙත්, සියලු ධර්මයෝම ආශ්රව රහිත වෙත්, සියලු ධර්මයෝම | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 0e66080362a9e48f4e5368438df0089912009734d8085f8a51b074a9bee18bab |
target:pali-sinhala-parallel:68367:11 | ලොකොත්තර වෙත්, සියලු ධර්මයෝම නිවන් අරමුණුකොට ඇත්තාහු වෙත්. සොතාපත්ති ඵලක්ෂණයෙහි අඤ්ඤින්ද්රියට මේ ඉන්ද්රියයෝ අට දෙන සහජාත පරිවාරවෙත්. අඤ්ඤමඤ්ඤ පරිවාර වෙත්. නිස්සය පරිවාර වෙත්, සම්පයුත්ත පරිවාර වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 978e80d229df1d6fd48e2803821aede107a86209860685e8d4e7ee422732a9af |
target:pali-sinhala-parallel:68367:12 | සහගත වෙත්, සහජාත වෙත්, සංසට්ඨ වෙත්, සම්පයුත්ත වෙත්. ඒ ඉන්ද්රියයෝම ඒ අඤ්ඤින්ද්රියයාගේ කොටස්ද පිරිවරද වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | d1fcbd8144290ab026f2c44e4106c620556362d9d2fe9eeae3d2048cbd161e08 |
target:pali-sinhala-parallel:68367:13 | [219] සකෘදාකාමි මාර්ගක්ෂණයෙහි (මෙහි 216, 217, 218 ඡේදයෙහි “සොතාපත්ති” වෙනුවට “සකෘදාගාමි” යෙදිය යුතුයි.) අනාගාමි මාර්ගක්ෂණයෙහි (මෙහි 216, 217, 218 ඡේදයෙහි “සොතාපත්ති” වෙනුවට “අනාගාමි” යෙදිය යුතුයි.) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | a279aef3314ff8fcba188f67fc82a214b1345c903a238b8ae05a95fc3fec749d |
target:pali-sinhala-parallel:68367:14 | අර්හත් ඵලක්ෂණයෙහි සද්ධින්ද්රිය (මෙහි 216 (ii) යොදන්න) අර්හත්මාර්ග ක්ෂණයෙහි උපන් චිත්තජරූප හැර සියලු ධර්මයෝ කුසලයෝ වෙත්. සියලු ධර්මයෝම ආශ්රව රහිත වෙත්. සියලු ධර්මයෝම වාතයෙන් එතර කරන්නාහු වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 18ab4e4c8b44a2f2b4bc262d85af32dbd47480edac0606f19f32aeb496357839 |
target:pali-sinhala-parallel:68367:15 | සියලු ධර්මයෝම නිවනට පමුණුවන්නාහු වෙත්. සියලු ධර්මයෝම ලොකොත්තර වෙත්. සියලු ධර්මයෝම නිවන් අරමුණුකොට ඇත්තාහු වෙත්. අර්හත්මාර්ග ක්ෂණයෙහි අඤ්ඤින්ද්රියාට මේ ඉන්ද්රියයෝ අටදෙන සහජාත පරිවාර වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | a441935402eff736c98cd2d3eb8a6b1cab3af40e613826bd0d6fab9222b7b0bf |
target:pali-sinhala-parallel:68367:16 | අඤ්ඤමඤ්ඤ පරිවාරවෙත්. නිස්සය පරිවාරවෙත්. සම්පයුත්ත පරිවාර වෙත්, සහගන වෙත් සහජාත වෙත්, සංසට්ඨවෙත්, සම්පයුත්ත වෙත්, ඒ ඉන්ද්රියයෝම ඒ අඤ්ඤින්ද්රියාගේ කොටස්ද පිරිවරද වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 9f3f37feee4451ae0e7d8ad1a53650a7dc348519f755881670cac81a0d26cf87 |
target:pali-sinhala-parallel:68367:17 | අර්හත් ඵල ක්ෂණයෙහි අඤ්ඤතාවිපස්සනාව සද්ධින්ද්රිය (මෙහි 216 (ii) යොදන්න) අර්හත්ඵල ක්ෂණයෙහි හටගත් චිත්තජ රූප හැර සියලු ධර්මයෝ අව්යාකෘතවෙත්. සියලු ධර්මයෝම ආශ්රව රහිත වෙත්. සියලු ධර්මයෝම ලොකොත්තර වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | a0cab95af927507829087c2412a6c6b58a0441a0351d263532fc55da450d4807 |
target:pali-sinhala-parallel:68367:18 | සියලු ධර්මයෝම නිවන් අරමුණු කොට ඇත්තාහු වෙත්. අර්හත්ඵල ක්ෂණයෙහි අඤ්ඤාතාවින්ද්රියට මේ ඉන්ද්රියයෝ අටදෙන සහජාතපරිවාර වෙත්. අඤ්ඤමඤ්ඤ පරිවාරවෙත්, නිස්සයපරිවාරවෙත්. සම්පයුත්ත පරිවාරවෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 366e03367fb593003b749cc50d50ec50ca85cf1b6295dab1387c8b5776566dfb |
target:pali-sinhala-parallel:68367:19 | සහගන වෙත්, සහජාත වෙත්, සංසට්ඨවෙත්. සම්යයුත්ත වෙත් ඒ ඉන්ද්රියෝම ඒ අඤ්ඤතාවින්ද්රියගේ කොටස්ද පිරිවරද වෙත්, මෙසේ අටවරක් අට සූසැටක් වෙත්. ආසවයන මෙහි ආශ්රවයෝ නම් කවරහුද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 26bbe07f642fcecff412fa1d7fff976cf9830037e63fa5ee9b56f75884d4941f |
target:pali-sinhala-parallel:68367:2 | අන්ඤඤාතඤ්ඤාස්සාමිතින්ද්රිය කෙතෙක් ස්ථානයන්ට පැමිණෙයිද අඤ්ඤන්ද්රිය කෙතෙක් ස්ථානයන්ට පැමිණෙයිද, අඤ්ඤාතාවින්ද්රිය කෙතෙක් ස්ථානයන්ට පැමිණෙයිද? අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රිය එක් ස්ථානයකට පැමිණෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | c3c7539e9a3d73fb14b0045694ed1226e0e2f5cb0a1b7be34b4f1902eebe4d1b |
target:pali-sinhala-parallel:68367:20 | කාමාශ්රවයද භවාශ්රවය, දෘෂ්ටි ආශ්රවය, අවිද්යා ආශ්රවයද වෙත්. ඒ ආශ්රවයෝ කොතැන්හි ක්ෂය වෙත්ද? [220] සොතාපත්ති මාර්ගයෙන් ඉතිරි නොවූ දෘෂ්ටි ආශ්රවය ක්ෂයවෙයි. අපායෙහි හෙළන කාමාශ්රවය ක්ෂයවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | e42c928f3baedd14447308d442158b7d9bbce1e8da20c5ddc222c4571a4f9b79 |
target:pali-sinhala-parallel:68367:21 | අපායෙහි හෙළන භවාශ්රවය ක්ෂයවෙයි. අපායෙහි හෙළන ද්විද්යාශ්රවය ක්ෂය වෙයි. මෙහි මේ ආශ්රවයෝ ක්ෂය වෙත්. සකෘදාගාමි මාර්ගයෙන් ඖදාරික කාමාශ්රවය ක්ෂය වෙයි. ඒ හා එක්ව පවත්නා භවාශ්රවය ක්ෂය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 1ee7b962a682cc0800f070ae213a28c2820206f82b477ca23a21c3f1f1bfc9ee |
target:pali-sinhala-parallel:68367:22 | ඒ හා එක්ව පවත්නා අවිද්යාශ්රවය ක්ෂය වෙයි. මෙහි මේ ආශ්රවයෝ ක්ෂය වෙත්. අනාගාමි මාර්ගයෙන් ඉතිරිනොවූ කාමාශ්රවය ක්ෂය වෙයි. ඒහා එක්ව පවත්නා භවාශ්රවය ක්ෂය වෙයි. ඒ හා එක්ව පවත්නා අවිද්යාශ්රවය ක්ෂය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 6d8d0ff71015c130f83962aaf6ab23087931403bef4005bd85ac572d8488cd70 |
target:pali-sinhala-parallel:68367:23 | මෙහි මේ ආශ්රවයෝ ක්ෂය වෙත්. අර්හත්මාර්ගයෙන් ඉතිරි නොවූ භවාශ්රය ක්ෂය වෙයි. ඉතිරිනොවූ අවිද්යාශ්රවය ක්ෂය වෙයි. මෙහි මේ ආශ්රවයෝ ක්ෂය වෙත්. එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 88c8e9d955304c55576b9ee506d6fa3bd977c630ea5ba6af5b73382358c0cc26 |
target:pali-sinhala-parallel:68367:24 | ප්රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්රඥා නමි. එහෙයින් සූසැට ආකාරයකින් ත්රිවිධ ඉන්ද්රියන්ගේ පුරුදු කිරීම් වශයෙන් පවත්නා ප්රඥාව ආශ්රව ක්ෂය ඥානයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | a05e8938c10a573c10fb1fed6f967e8d66389840f846e2e0bc0a47e271ea7095 |
target:pali-sinhala-parallel:68367:3 | සොතාපත්ති මාර්ගයයි අඤ්ඤින්ද්රිය ස්ථාන සයකට පැමිණෙයි. සොතාපත්තිඵලයද සකෘදාගාමි මාර්ගයද, සකෘදාගාමි ඵලයද, අනාගාමි මාර්ගයද, අනාගාමි ඵලයද අර්හත් මාර්ගයද වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 199c891f317587380d551fdb18b908227e3f2ca8da420ee03bc5185b8d745fae |
target:pali-sinhala-parallel:68367:4 | අඤ්ඤාතාවින්ද්රිය එක් ස්ථානයකට පැමිණෙයි අර්හත් ඵලයයි. [216] සොතාපත්ති මාර්ගක්ෂණයෙහි අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රියට සද්ධින්ද්රිය (ii) නිසැක ඇදහීම් වශයෙන් පිරිවරවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 24279308e08f90f9b1b87f36f32444383922dc62d9b3392954bde3792a0a52c1 |
target:pali-sinhala-parallel:68367:5 | විරින්ද්රිය සිත එසවීම් වශයෙන් පිරිවර වෙයි. සතින්ද්රිය එළඹ සිටීම් වශයෙන් පිරිවර වෙයි. සමාධින්ද්රිය නොවිසිරයාම් වශයෙන් පිරිවර වෙයි. පඤ්ඤින්ද්රිය දැකීම් වශයෙන් පිරිවර වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | a342ad2d71175c3dba8f6c593d7b969b3db9fc0d06774d64f63aa2cbab40b66f |
target:pali-sinhala-parallel:68367:6 | මනින්ද්රිය දැනීම් වශයෙන් පිරිවරවෙයි සොමනස්සින්ද්රිය පිනවීම් වශයෙන් පිරිවර වෙයි. ජිවිතින්ද්රිය වර්තමාන සන්තතියට අධිපතිවීම් වශයෙන් පිරවර වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | fd8c4b5f8bc4b9c2899a8ab02ceaedc3fa7dc15d8b2b84f95b633b83a6f3c393 |
target:pali-sinhala-parallel:68367:7 | [217] සොතාපත්ති මාර්ගක්ෂණයෙහි (ii) හටගත් චිත්තජ රූප හැර සියලු ධර්මයෝ කුසලයෝ වෙත්. සියලු ධර්මයෝම ආශ්රව රහිත වෙත්. සියලු ධර්මයෝම වෘත්තයෙන් එතර කරන්නාහු වෙත්. සියලු ධර්මයෝම නිවනට පමුණුවන්නාහු වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 7303542c699e73b4a249030dd8aae88d5993c272c3fb3058687d48bdef97145a |
target:pali-sinhala-parallel:68367:8 | සියලු ධර්මයෝම ලොකොත්තර වෙත්. සියලු ධර්මයෝම නිවන් අරමුණුකොට ඇත්තාහු වෙත්. සොතාපත්ති මාර්ගක්ෂණයෙහි අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රියට මේ ඉන්ද්රියයෝ අට දෙන එක්ව පහළවන පිරිවර වෙත්. ඔවුනොවුන්ට පිරිවර වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | a94cc92180df2c6a0193549f1edee579c5342839430d382da6e2b260a0dc6d07 |
target:pali-sinhala-parallel:68367:9 | නිශ්රය වශයෙන් පිරිවර වෙත්. සම්ප්රයුත්ත වශයෙන් පිරිවර වෙත්. සහගත වශයෙන් පිරිවර වෙත්. එක්ව උපදිත්. මිශ්රවෙත් එකට යෙදෙත්. ඒ ඉන්ද්රිය ධර්මයෝම ඒ අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රියගේ කොටස්ද වෙත්. පිරිවරද වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | e30f733e0d93d6c161ff11e6d849921b03172684b1ad06f7581d1e9a08f5db79 |
target:pali-sinhala-parallel:68368:0 | [221] කෙසේ නම් පිරිසිඳ දැකීමෙහි ප්රඥාව දුක්ඛයෙහි ඤාණය පහ කිරීමෙහි ප්රඥාව සමුදයයෙහි ඤාණයවේද, වැඩීමෙහි ප්රඥාව මාර්ගයෙහි ඤාණය ප්රත්යක්ෂ කිරීමෙහි නිරෝධයෙහි ඤාණය නම් වේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 52900cc1701fe06cc6e9d086557a577ebfcd65659033e349ead606df8299c6cd |
target:pali-sinhala-parallel:68368:1 | දුක්ඛ සත්යයාගේ ෂීළනාර්ථය සංඛතාර්ථය සන්තාපාර්ථය විපරිණාමාර්ථය පිරිසිඳ දතයුතු අර්ථය වෙයි. සමුදය සත්යයාගේ ආයුහනාර්ථය නිදානාර්ථය සංයොශාර්ථය පලිබොධාර්ථය ප්රහාණය කළයුතු අර්ථය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 187771ea4d18485a306c1bfc0c898c58912dca85ecc6ca200bc9fd84c2d40ae8 |
target:pali-sinhala-parallel:68368:2 | නිරෝධ සත්යයාගේ නිශ්ශරණාර්ථය විවේකාර්ථය අසංස්කෘතාර්ථය අමෘතාර්ථය ප්රත්යක්ෂ කළ යුතු අර්ථය වෙයි. මාර්ග සත්යයාගේ නෛයර්යානාර්ථය හෙත්වර්ථය දර්ශනාර්ථය ආධිපත්යාර්ථය වැඩිය යුතු අර්ථය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | cc5ce4bf43a3550965e027cc8df44e3232a74d6f420dafd64eef3104562bc2f4 |
target:pali-sinhala-parallel:68368:3 | එය දැනීම අර්ථයෙන් ඤාණ නම් වෙයි. ප්රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්රඥා නමි. එහෙයින් පිරිසිඳ දතයුතු අර්ථයෙහි ප්රඥාව දුක්ඛයෙහි ඤාණ නමි. ප්රහාණාර්ථයෙහි ප්රඥාව සමුදයෙහි ඤාණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | e323119dfd3ea953465c7f5fd2f440e47a970de0203fae3ee28a97806f4dcab0 |
target:pali-sinhala-parallel:68368:4 | ප්රත්යක්ෂ කටයුතු අර්ථයෙහි ප්රඥාව නිරෝධයෙහි ඤාණ නමි. වැඩීමෙහි ප්රඥාව මාර්ගයෙහි ප්රඥානමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 62d6b9bad08ebedaceeb56c73502e893be41d56645caa8fc31060bd31dacb80c |
target:pali-sinhala-parallel:68369:0 | [222] කෙසේ නම් දුක්ඛයෙහි ඤාණය දුක්ඛ සමුදයයෙහි ඤාණය දුක්ඛනිරෝධයෙහි ඤාණය දුක්ඛනිරෝධගාමිනි ප්රතිපදාවෙහි ඤාණය වේද? මාර්ගයෙන් යුක්තවූවහුගේ යම් ඤාණයක් වේ නම් එය දුක්ඛයෙහි ඤාණයද වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 9ab7a4d7709f020a6dd9f9f975e88b3b88e305dcbd0ae7208ae3d7cd840b164d |
target:pali-sinhala-parallel:68369:1 | දුක්ඛ සමුදයෙහි ඤාණයද වෙයි දුක්ඛනිරෝධයෙහි ඤාණයද වෙයි. දුක්ඛනිරෝධගාමිනී ප්රතිපදායෙහි ඤාණයද වෙයි. එහි දුක්ඛයෙහි ඤාණය නම් කවරේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 37f3bf9dac41ddd4b51c265bb290d669c47f3a2dcc064724b03aa6a58f31317d |
target:pali-sinhala-parallel:68369:2 | දුක්ඛ සත්යය අරමුණුකොට (ii) යම් ප්රඥාවක් දැනීමක් අනිත්යාදි ලක්ෂණ සෙවීමක් මනාකොට සෙවීමක් චතුස්සත්ය ධර්මය සෙවීමක් සැලකීමක් මනාකොට සැළකීමක් නැවත නැවත සැලකීමක් පණ්ඩිත බවක් දක්ෂ බවක් නිපුණ බවක් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 219332e23ad227e78bd07d4e1aeee12bc2d36da76090cc087bb4921b0ccc2d40 |
target:pali-sinhala-parallel:68369:3 | අනිත්යාදිය ප්රකට කිරීමක් අනිත්යාදිය සිතීමක් එළඹ පරික්ෂා කිරීමක් පැතුරුණු නුවණක් කෙලෙස් පහකරන නුවණක් යහපත් ධර්මයන් කරා පමුණුවන නුවණක් විවිධාකාරයෙන් දැකීමක් මනා කොට දැනීමක් නිසිමගට හරවන හෙයින් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 606db2a1697061e2dbf8878fb799dbc2fc9866834bd6220e139a4c68db786250 |
target:pali-sinhala-parallel:68369:4 | කෙවිටකට බඳු නුවණක් ප්රඥාවක් ප්රඥෙන්ද්රියයක් ප්රඥාබලයක් ප්රඥා ආයුධයක් ප්රඥා ප්රාසාදයක් ප්රඥා ආලෝකයක් ප්රඥා රශ්මියක් ප්රඥා බැබලීමක් ප්රඥා රත්නයක් නුමුළාවක් ධර්මයන් සෙවීමක් සම්යක් දෘෂ්ටියක් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | fbfdaefaf5cb3e8fc2c3799edb4960cf34f21d1a5601da36a58d52f27450cd5f |
target:pali-sinhala-parallel:68369:5 | ඇත්තේද, මෙය දුඃඛසත්යයෙහි ඤාණයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 7e3be0500a955397d689b9bc6b39b8424460c498fa248c4ea35f9008722133a9 |
target:pali-sinhala-parallel:68369:6 | (iii) දුක්ඛ සමුදය සත්යය අරමුණුකොට (මෙහි (ii) යොදන්න) දුක්ඛ නිරෝධ සත්යය අරමුණුකොට (මෙහි (ii) යොදන්න) දුක්ඛ නිරෝධාගමිනී ප්රතිපදාර්ය සත්යය අරමුණුකොට (මෙහි (ii) යොදන්න) නුමුළාවක් ධර්මයන්, සෙවීමක් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 49a3cfb61948cd8318028e8056448b125a61cf104c0dc60b199bc28aea8413a1 |
target:pali-sinhala-parallel:68369:7 | සම්යක් දෘෂ්ටියක් පවත්නේද, මෙය දුක්ඛ නිරෝධගාමිනී ප්රතිපදාර්ය සත්යයයි කියනු ලැබේ. එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්රකාරයෙන් දැකීම් අර්ථයෙන් ප්රඥා නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 77b9597bc70ebe43a4a19d64f5c6539709ac656d66b1840bd9f00d4373d97698 |
target:pali-sinhala-parallel:68369:8 | එහෙයින් දුක්ඛයෙහි ඤාණය දුක්ඛසමුදයෙහි ඤාණය දුක්ඛ නිරෝධයෙහි ඤාණය දුක්ඛ නිරෝධගාමිනි ප්රතිපදායෙහි ඤාණයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | e064eb2c60bb7c063a32f598b0cdd4e7edd61048490c81a494ea9dc00d18cd21 |
target:pali-sinhala-parallel:68370:0 | [223] කෙසේ අර්ථ ප්රතිසම්භිදාවෙහි ඤාණය ධර්ම ප්රතිසම්භිදාවෙහි ඤාණය නිරුක්ති ප්රතිසම්භිදාවෙහි ඤාණය ප්රතිභාණ ප්රතිසම්භිදාවෙහි ඤාණය වේද? අර්ථයන්හි ඤාණය අර්ථ ප්රතිසම්භිදා නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | c6e0f8718ea8c3c029802b2f45be657a141116954686ee118965a95f03ceee97 |
target:pali-sinhala-parallel:68370:1 | ධර්මයන්හි ඤාණය ධර්ම ප්රතිසම්භිදා නමි. නිරුක්තීන්හි ඤාණය නිරුක්ති ප්රතිසම්භිදා නමි. ඤාණයන්හි ඤාණය ප්රතිභාන ප්රතිසම්භිදා නමි. අර්ථ නානත්වයෙහි ප්රඥාව අර්ථ ප්රතිසම්භිදාවෙහි ඤාණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 01ba54263549f6788b80e0242cbd0ef60771cde2fc977ff90a969b55cf7e6f35 |
target:pali-sinhala-parallel:68370:10 | අර්ථ දැක්වීමෙහි ප්රඥාව අර්ථ ප්රතිසම්භිදාවෙහි ඤාණ නමි. ධර්මයන් දැක්වීමෙහි ප්රඥාව ධර්ම ප්රතිම්භිදාවෙහි ඤාණ නමි. නිරුක්ති දැක්වීමෙහි ප්රඥාව නිරුක්ති ප්රතිසම්භිදාවෙහි ඤාණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 8e884abfa7cc3b4d905c61389f86d1d389eb1252f3055065ef7323bfd32a4466 |
target:pali-sinhala-parallel:68370:11 | ප්රඥා දැක්වීමෙහි ප්රඥාව ප්රතිභාන ප්රතිසම්භිදාවෙහි ඤාණ නමි. අර්ථයන් විවිධාකාරයෙන් දැක්වීමෙහි ප්රඥාව අර්ථ ප්රතිසම්භිදාවෙහි ඤාණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 798b5e27acc6bc5800f78e8483c2db5d158f1103bcdeef0b70c01e8a1c43ebb2 |
target:pali-sinhala-parallel:68370:12 | ධර්මයන් විවිධාකාරයෙන් දැක්වීමෙහි ප්රඥාව ධර්ම ප්රතිසම්භිදාවෙහි ඤාණ නමි. නිරුක්ති විවිධාකාරයෙන් දැක්වීමෙහි ප්රඥාව නිරුක්ති ප්රතිසම්භිදාවෙහි ඤාණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 25d7502a72a956cf0abc171849da2b86ae94de58bc968ae53311b5607a6fd321 |
target:pali-sinhala-parallel:68370:13 | ප්රඥා විවිධාකාරයෙන් දැක්වීමෙහි ප්රඥාව ප්රතිභාන ප්රතිසම්භිදාවෙහි ප්රඥා නමි. අර්ථ ප්රකාශ කිරීමෙහි ප්රඥාව අර්ථ ප්රතිසම්භිදාවෙහි ඤාණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | daa66ac21e027925a93be27870074991df8a86eee7a822b255550f4705b19b40 |
target:pali-sinhala-parallel:68370:14 | ධර්ම ප්රකාශ කිරීමෙහි ප්රඥාව ධර්ම ප්රතිසම්භිදාවෙහි ඤාණ නමි. නිරුක්ති ප්රකාශ කිරීමෙහි ප්රඥාව නිරුක්ති ප්රතිසම්භිදාවෙහි ඤාණ නමි. ප්රඥා ප්රකාශ කිරීමෙහි ප්රඥාව ප්රතිභාන ප්රතිසම්භිදාවෙහි ඤාණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 91007e0f938a5628b0a6b31d6c467ad0f1e670b90cf72de578d3fb4e46d4faaa |
target:pali-sinhala-parallel:68370:15 | එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්රඥා නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 635d73955e17cf2dad290f31762ff50d66ebe4d8a8260e45a8ff2dd4e933ab49 |
target:pali-sinhala-parallel:68370:16 | එහෙයින් අර්ථ ප්රතිසම්භිදාවෙහි ඤාණය ධර්ම ප්රතිසම්භිදාවෙහි ඤාණය නිරුක්ති ප්රතිසම්භිදාවෙහි ඤාණය ප්රතිභාන ප්රතිසම්භිදාවෙහි ඤාණයයි කියනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | e85ae90a883a089a28be59f8c73cef9b554ad745f60ac29d91443059634109f0 |
target:pali-sinhala-parallel:68370:2 | ධර්ම නානත්වයෙහි ප්රඥාව ධර්ම ප්රතිසම්භිදාවෙහි ඤාණ නමි. නිරුක්ති නානත්වයෙහි ප්රඥාව නිරුක්ති ප්රතිසම්භිදාවෙහි ඤාණ නමි. ප්රඥා නානත්වයෙහි ප්රඥාව ප්රතිභාන ප්රතිසම්භිදාවෙහි ඤාණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 0270d0bd098bbca99242f36259ba44f50b226001694f9eb1dc16e5d139c9139b |
target:pali-sinhala-parallel:68370:3 | අර්ථයන් පිරිසිඳ දැනීමෙහි ප්රඥාව අර්ථ ප්රතිසම්භිදාවෙහි ඤාණ නමි. ධර්මයන් පිරිසිඳ දැනීමෙහි ප්රඥාව ධර්ම ප්රතිසම්භිදාවෙහි ඤාණ නමි. නිරුක්ති පිරිසිඳ දැනීමෙහි ප්රඥාව නිරුක්ති ප්රතිසම්භිදාවෙහි ඤාණනමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 6c35f9c20b75553f55ba6a7ed8e514f861bde1f02753597529c80017aee739aa |
target:pali-sinhala-parallel:68370:4 | ප්රඥා පිරිසිඳ දැනීමෙහි ප්රඥාව ප්රතිභාන ප්රතිසම්භිදාවෙහි ඤාණ නමි. අර්ථයන් සැලකීමෙහි ප්රඥාව අර්ථ ප්රතිසම්භිදාවෙහි ඤාණ නමි. ධර්මයන් සැලකීමෙහි ප්රඥාව ධර්ම ප්රතිසම්භිදාවෙහි ඤාණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | ad8b5e4352f15db8d431deca4d38e7485dbb97daa0f7b8600891bdd35ab5261c |
target:pali-sinhala-parallel:68370:5 | නිරුක්ති සැලකීමෙහි ප්රඥාව නිරුක්ති ප්රතිසම්භිදාවෙහි ඤාණනමි. ප්රඥා සැලකීමෙහි ප්රඥාව ප්රතිභාන ප්රතිසම්භිදාවෙහි ඤාණ නමි. අර්ථයන් මනාකොට සැලකීමෙහි ප්රඥාව අර්ථ ප්රතිසම්භිදාවෙහි ඤාණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | ad4a979d3ac47efdd75d411715a4ffd5d23d09e5f3afe9a01680ed6b257f7bc0 |
target:pali-sinhala-parallel:68370:6 | ධර්මයන් මනාකොට සැලකීමෙහි ප්රඥාව ධර්ම ප්රතිසම්භිදාවෙහි ඤාණ නමි. නිරුක්තීන් මනාකොට සැලකීමෙහි ප්රඥාව නිරුක්ති ප්රතිසම්භිදාවෙහි ඤාණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 3639fc4f6a1eca8fe66a3a2a06c162b51bed0b10dc685f9b24daae1e97d8567a |
target:pali-sinhala-parallel:68370:7 | ප්රඥා මනාකොට සැලකීමෙහි ප්රඥාව ප්රතිභාන ප්රතිසම්භිදාවෙහි ඤාණ නමි. අර්ථ ප්රභෙදයන්හි ප්රඥාව අර්ථ ප්රතිසම්භිදාවෙහි ඤාණ නමි. ධර්ම ප්රභෙදයන්හි ප්රඥාව ධර්ම ප්රතිසම්භිදාවෙහි ඤාණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | fe497cdbbecc308538c09f14ed46dcbb0b46ae21509ce4b744572a27dc79ca49 |
target:pali-sinhala-parallel:68370:8 | නිරුක්ති ප්රභෙදයන්හි ප්රඥාව නිරුක්ති ප්රතිසම්භිදාවෙහි ඤාණ නමි. ප්රඥා ප්රභෙදයන්හි ප්රඥාව ප්රතිභාන ප්රතිසම්භිදාවෙහි ඤාණ නමි. අර්ථ ප්රකට කිරීමෙහි ප්රඥාව අර්ථ ප්රතිසම්භිදාවෙහි ඤාණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 5a410983460523e6f6b751a6cc2bf4cc6f6ba11470df0ed147f0743792888280 |
target:pali-sinhala-parallel:68370:9 | ධර්මයන් ප්රකට කිරීමෙහි ප්රඥාව ධර්ම ප්රතිසම්භිදාවෙහි ඤාණ නමි. නිරුක්ති ප්රකට කිරීමෙහි ප්රඥාව නිරුක්ති ප්රතිසම්භිදාවෙහි ඤාණ නමි. ප්රඥා ප්රකට කිරීමෙහි ප්රඥාව නිරුක්ති ප්රතිසම්භිදාවෙහි ඤාණ නමි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 4d649f2cbd3a139922f196310db5665dfdae526042b2757877748018926a2543 |
target:pali-sinhala-parallel:68371:0 | [224] කෙසේ නම් තථාගතයන් වහන්සේ සත්වයන් තුළ ඉන්ද්රියන්ගේ උතුම්බව හීන බව දැනගන්නා ඤාණය වේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 31f5f0b8373bfac57e54a9a1136774c084333a39200c8c20512d494d806839ca |
target:pali-sinhala-parallel:68371:1 | තථාගතයන් වහන්සේ ස්වල්ප රාගාදිරජස් ඇත්තාවූද මහත් රාගාදි රජස් ඇත්තාවූද තියුණු ඉන්ද්රිය ඇත්තාවූද මෘදු ඉන්ද්රිය ඇත්තාවූද යහපත් ආකාර ඇත්තාවූද අයහපත් ආකාර ඇත්තාවූද පහසුවෙන් අවබෝධ කළහැක්කාවූද, පහසුවෙන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | bd533a1ca7f401c86875da519bad465542cb41b3a0dd7a1b8e28465ff8e470ff |
target:pali-sinhala-parallel:68371:10 | යහපත් ආකාර ඇති යහපත් ආකාර නැති යන මෙහි ශ්රද්ධාවත් පුද්ගලයා යහපත් ආකාර ඇත්තේ වෙයි. අශ්රද්ධාවත් පුද්ගලයා අයහපත් ආකාර ඇත්තේ වෙයි. පටන් ගත් වීර්ය ඇති පුද්ගලයා යහපත් ආකාර ඇත්තේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | b91b60044b3a665041d4a5df7f4f798cee6585955ebdfc75617b455d893d59d4 |
target:pali-sinhala-parallel:68371:11 | කුසීත පුද්ගලයා අයහපත් ආකාර ඇත්තේ වෙයි. එළඹ සිටි සිහි ඇති පුද්ගලයා යහපත් ආකාර ඇත්තේවෙයි. මුළාවූ සිහි ඇති පුද්ගලයා අයහපත් ආකාර ඇත්තේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta435 | pali-sinhala-parallel:sutta435:b840 | 66b7ea96557945d15647496dc516a920842760689977f66cb058cfad6e003a9e |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.