sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:68371:12
සමාධියෙන් යුත් පුද්ගලයා යහපත් ආකාර ඇත්තේ වෙයි සමාධිය නැති පුද්ගලයා අයහපත් ආකාර ඇත්තේ වෙයි. ප්‍රඥාවත් පුද්ගලයා යහපත් ආකාර ඇත්තේ වෙයි. ප්‍රඥාව නැති පුද්ගලයා අයහපත් ආකාර ඇත්තේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
f7b52b3b14419b310d797b933484f91dc00a43451f81431453abae0140fb1b3a
target:pali-sinhala-parallel:68371:13
[226] පහසුවෙන් අවබෝධ කටහැකි පහසුවෙන් අවබෝධ නොනටහැකි යන මෙහි ශ්‍රද්ධාවත් පුද්ගලයා පහසුවෙන් අවබෝධ කටහැකි වෙයි. අශ්‍රද්ධාවත් පුද්ගලයා පහසුවෙන් අවබෝධ කළ නොහැකිවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
48fd0eebfdffb273cd0470a761a497666a0df3f2363d58186806ef6077322e30
target:pali-sinhala-parallel:68371:14
පටන්ගත් වීර්ය ඇති පුද්ගලයා පහසුවෙන් අවබෝධ කටහැකි වෙයි. කුසීත පුද්ගලයා පහසුවෙන් අවබෝධ නොකළ හැකිවෙයි. එළඹ සිටි සිහිය ඇති පුද්ගලයා පහසුවෙන් අවබෝධ කළ හැකි වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
2720c7cb42e87ef13393bdc511fd496fc6ab712cb129ebb494b77fa4428f48c5
target:pali-sinhala-parallel:68371:15
මුළාවූ සිහිය ඇති පුද්ගලයා පහසුවෙන් අවබෝධ නොකළ හැකි වෙයි. සමාධියෙන් යුත් පුද්ගලයා පහසුවෙන් අවබෝධ කළහැකි වෙයි. සමාධිය නැති පුද්ගලයා පහසුවෙන් අවබෝධ නොකළහැකි වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
535b98d13178681bc44bd46f5958512be881bfc880b17a48b7af0d02951d6c60
target:pali-sinhala-parallel:68371:16
ප්‍රඥාවත් පුද්ගලයා පහසුවෙන් අවබෝධ කළ හැකි වෙයි. දුෂ්ප්‍රාඥ පුද්ගලයා පහසුවෙන් අවබෝධ නොකළහැකි වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
17d3793c8424773ecab351b976c54653981dde25baafcb9c11d7f5b4febd8f2e
target:pali-sinhala-parallel:68371:17
[227] ඇතැම් පරලොව හා වරදෙහි භය දක්නා පුද්ගලයන් ඇතැම් පරලොව හා වරදෙහි භය නොදක්නා පුද්ගලයන් යන මෙහි ශ්‍රද්ධාවත් පුද්ගලයා පරලොව හා වරදෙහි භය දක්නේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
2ce75e33751b9c99f1ded27f70d2070b7792f2ef66ab71b633eadb936a8c510e
target:pali-sinhala-parallel:68371:18
අශ්‍රද්ධාවත් පුද්ගලයා පරලොව හා වරදෙහි භය නොදක්නේ වෙයි. පටන්ගත් වීර්ය ඇති පුද්ගලයා පරලොව හා වරදෙහි භය දක්නේ වෙයි. කුසීත පුද්ගලයා පරලොව හා වරදෙහි භය නොදක්නේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
5e0159490b47f4b9e8cca33c0f8f6859c808ccaed52fcd637983d22cfd76ca26
target:pali-sinhala-parallel:68371:19
එළඹ සිටි සිහිය ඇති පුද්ගලයා පරලොව හා වරදෙහි භය දක්නේ වෙයි. සිහිමුළාවූ පුද්ගලයා පරලොව හා වරදෙහි භය නොදක්නේ වෙයි. සමාධියෙන් යුත් පුද්ගලයා පරලොව හා වරදෙහි භය දක්නේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
e927633037820e00394a307bd418aeb16d2331b287ce6c02854076a7b2e138b7
target:pali-sinhala-parallel:68371:2
අවබෝධ නොකළහැක්කාවූද, ඇතැම් පරලොව සහ වරදෙහි භය දක්නාවූද, ඇතැම් පරලොව සහ වරදෙහි භය නොදක්නාවූද, සත්වයන් දක්නාහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
25904a553676f7932686710f0a3f5ba4edd73b78640d21f679d838eee3600688
target:pali-sinhala-parallel:68371:20
සමාධිය නැති පුද්ගලයා පරලොව හා වරදෙහි භය නොදක්නේ වෙයි. ප්‍රඥාවත් පුද්ගලයා පරලොව හා වරදෙහි භය දක්නේ වෙයි. දුෂ්ප්‍රාඥ පුද්ගලයා පරලොව හා වරදෙහි භය නොදක්නේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
3923e8b0fb833fad250b140f7021d08dc340f0d39d91238aad7602c33f0c72fe
target:pali-sinhala-parallel:68371:3
ස්වල්ප රාගාදී රජස් ඇති මහත් රාගාදී රජස් ඇති සත්වයන් යන මෙහි සැදැහැවත් පුද්ගලතෙම ස්වල්ප රාගාදි රජස් ඇත්තේ වෙයි. නොසැදැහවත් පුද්ගලතෙමේ මත් රාගාදි රජස් ඇත්තේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
c45f8c84db4137140129cf5a4703d8b8d5f261dbe2112f6c707cb76e038045e3
target:pali-sinhala-parallel:68371:4
පටන්ගත් වීර්ය ඇති පුද්ගලතෙම ස්වල්ප කෙලෙස් ඇත්තේ වෙයි. කුසීත පුද්ගල තෙම මහත් කෙලෙස් ඇත්තේ වෙයි. එළඹ සිටි සිහි ඇති පුද්ගලතෙම ස්වල්ප කෙලෙස් ඇත්තේ වෙයි. මුළාවූ සිහිය ඇති පුද්ගලතෙම මහත් කෙලෙස් ඇත්තේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
933e32b043734297417ea9f6e8e911b48715b7847bafe77e08a407469fae7ccf
target:pali-sinhala-parallel:68371:5
සමාධියෙන් යුත් පුද්ගලතෙම ස්වල්ප කෙලෙස් ඇත්තේ වෙයි. සමාධිය නැති පුද්ගලතෙම මහත් කෙලෙස් ඇත්තේවෙයි. ප්‍රඥාවත් පුද්ගලතෙම ස්වල්ප කෙලෙස් ඇත්තේ වෙයි. දුෂ්ප්‍රාඥ පුද්ගල තෙම මහත් කෙලෙස් ඇත්තේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
05e6840edf292e394ebd8ca75aae41663e9b1d072b4ecb4cc9bbd2238fd59b6a
target:pali-sinhala-parallel:68371:6
[225] තියුණු ඉන්ද්‍රිය ඇති මෘදු ඉන්ද්‍රිය ඇති යන මෙහි ශ්‍රද්ධාවත් පුද්ගලයා තියුණු ඉන්ද්‍රිය ඇත්තේ වෙයි. අශ්‍රද්ධාවත් පුද්ගලයා මෘදු ඉන්ද්‍රිය ඇත්තේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
a7eb7c578fc7d8587daad39b8b5c630ac327829c80316d355c38028f03d1ca73
target:pali-sinhala-parallel:68371:7
පටන්ගත් වීර්ය ඇති පුද්ගලයා තියුණු ඉන්ද්‍රිය ඇත්තේ වෙයි. කුසීත පුද්ගලයා මෘදු ඉන්ද්‍රිය ඇත්තේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
3082d40a3d55644d41d99953e6bbbac8e0a858f21897d9b11b6fb54449dc7892
target:pali-sinhala-parallel:68371:8
එළඹ සිටි සිහි ඇති පුද්ගලයා තියුණු ඉන්ද්‍රිය ඇත්තේ වෙයි මුළාවූ සිහි ඇති පුද්ගලයා මෘදු ඉන්ද්‍රිය ඇත්තේ වෙයි සමාධිය ඇති පුද්ගලයා තියුණු ඉන්ද්‍රිය ඇත්තේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
a774b9b79e51b317393db8d46b2dd89829f10f261c4e3c9bf47101901d186b3d
target:pali-sinhala-parallel:68371:9
සමාධිය නැති පුද්ගලයා මෘදු ඉන්ද්‍රිය ඇත්තේ වෙයි. ප්‍රඥාවත් පුද්ගලයා තියුණු ඉන්ද්‍රිය ඇත්තේ වෙයි. දුෂ්ප්‍රාඥ පුද්ගලයා මෘදුඉන්ද්‍රිය ඇත්තේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
2fb78e5d818a91252e59893bb0057636e5d6de20a8388ef2e4979d45625db9d7
target:pali-sinhala-parallel:68372:0
[228] ලොක යන මෙහි ලොක නම් ස්කන්ධ ලෝකයද ධාතු ලෝකයද ආයතන ලෝකයද විපත්ති භව ලෝකයද (අපාය ලෝකය) විපත්ති සම්භව ලෝකයද (අපායෙහි උපදවන කර්මය) සම්පත්ති ලෝකයද (සුගති ලෝකය) සම්පත්ති සම්භව ලෝකයද (සුගති ලෝකයෙහි
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
e8b432e67e51d274f67a75deadb675e3588caa6cede2766d5ff5dc0205738fbe
target:pali-sinhala-parallel:68372:1
උපදවන කර්මය) එක් ලෝකයකි. සියලු සත්වයෝ ආහාරය නිසා පවත්නාහ. ලොක දෙකකි. නාමයද රූපයද වෙයි. ලොක තුනකි ත්‍රිවිධ වේදනාවෝයි ලොක සතරකි. සතර ආහාරයෝයි. ලොක පසකි. උපාදානස්කන්ධ පහයි. ලොක සයකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
eac08f8ae4a2c3c81ab3bd12add6f271a453b4decb193ee77e1a90aae8685a3e
target:pali-sinhala-parallel:68372:2
ආධ්‍යාත්මිකායතන සයයි. ලොක සතකි. විඥානස්ථිති සතය. ලොක අටකි. අෂ්ටලොක ධර්මයෝයි. ලොක නවයකි. සත්වාවාස නවයයි ලොක දසයකි. ආයතන දසයයි. ලොක දොළොසකි. දොළොස් ආයතනයෝයි, ලොක දහඅටෙකි දහඅටක්වූ ධාතූහුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
cfe88a7e56743e598fe80e732400c057f098b57dd7f9008862b88d157449eca7
target:pali-sinhala-parallel:68372:3
වරද යන මෙහි වරද නම් සියලු ක්ලේශයෝ වරද වෙති. සියලු දුශ්චරිතයෝ වරද වෙති. සියලු කර්මයෝ වරද වෙති. සියලු භවගාමි කර්මයෝ වරද වෙති.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
d57d0a278d8f8ddf4d038086cae0d9d8f0cda4ec84bfce80d46d23d74496e48b
target:pali-sinhala-parallel:68372:4
මෙසේ මේ ලෝකයෙහිද මේ වරදෙහිද අමෝරාගත් කඩුවක් ඇති වධකයෙකු කෙරෙහි මෙන් තියුණු භය සඤ්ඤාව එළඹ සිටියේ වෙයි. මේ පණස් ආකාරයෙන් මේ පඤ්ච ඉන්ද්‍රියයන් දන්නේද දක්නේද අවබෝධ කරන්නේද ප්‍රතිවේධ කරන්නේද වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
1b4103eb2fd0caca19d26a644b1db86fa4a20fbd71ce110b5109ad88482bd477
target:pali-sinhala-parallel:68372:5
මෙය තථාගතයන් වහන්සේගේ සත්වයන්ගේ ඉන්ද්‍රියයන් උසස් බව හීන බව දැනගන්නා ඤාණ නම් වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
8c3197fdcb73679f64e1efa2204a5f041d45d4e480f9f909437115b5cfb4ccb1
target:pali-sinhala-parallel:68373:0
[229] කුමක් නම් තථාගතයන් වහන්සේගේ සත්වයන්ගේ ආසය අනුසය දන්නා ඤාණය වේද? තථාගතයන් වහන්සේ මේ ලෝකයෙහි සත්වයන්ගේ ආසය (පුරුද්ද) දන්නාහ. අනුසයද සිත්හි ලැගගෙන පවත්නා (බලවත් කෙලෙස්) දන්නාහ. චරිතයද දන්නාහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
d375422412dff8a3ab0a436272e5e151c58477ee9c7f029d10a062f3d8e3ff94
target:pali-sinhala-parallel:68373:1
බලවත් කැමැත්තද දන්නාහ. සුදුසු නුසුදුසු සත්වයන්ද දන්නාහ. සත්වයන්ගේ ආසය නම් කුමක්ද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
4479196acb59d8c24a16f9401892c1c756640006811bb151f6966544e1bdc144
target:pali-sinhala-parallel:68373:10
අව්‍යාපාදය සේවනය කරන්නහුම මේ පුද්ගලතෙම ව්‍යාපාදය ගරු කරන්නෙක ව්‍යාපාද ආසය ඇත්තෙක. ව්‍යාපාදයෙහි බලවත් කැමැත්ත ඇත්තෙකැයි දන්නාහ. [232] ථිනමිද්ධය සෙවනය කරන්නහුට මේ පුද්ගලතෙම ථිනමිද්ධය ගරුකරන්නෙක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
d8eb5368da646c6f59bd696bf8eb9f3dcd39254095ebff3d9fe483307aaf6898
target:pali-sinhala-parallel:68373:11
ථිනමිද්ධ ආසය ඇත්තෙකි. ථිනමිද්ධයෙහි බලවත් කැමැත්ත ඇත්තෙකැයි දන්නාහ. ථිනමිද්ධය සෙවනය කරන්නහුම මේ පුද්ගලතෙම ආලෝක සඤ්ඤාව ගරුකරන්නෙක. ආලෝක සඤ්ඤා ආසය ඇත්තෙක. ආලෝක සඤ්ඤාවෙහි බලවත් කැමැත්ත ඇත්තෙකැයි දන්නාහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
f48576430424f0d662d3940ee4895f6c03667384f6d6bc499e59ea72f3198f05
target:pali-sinhala-parallel:68373:12
[233] ආලෝක සඤ්ඤාව සෙවනය කරන්නාහු මේ පුද්ගල තෙම ආලෝක සඤ්ඤාව ගරුකරන්නෙක. ආලෝක සඤ්ඤා ආසය ඇත්තෙක, ආලෝක සඤ්ඤාවෙහි බලවත් කැමැත්ත ඇත්තෙකැයි දන්නාහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
5fc080785f28edd93cb47dca516377f93369e63ec2f816eebe82aec245c57e86
target:pali-sinhala-parallel:68373:13
ආලෝක සඤ්ඤාව සෙවනය කරන්නහුම මේ පුද්ගලතෙම ථිනමිද්ධය ගරු කරන්නෙක, ථිනමිද්ධ ආසය ඇත්තෙක ථිනමිද්ධයෙහි බලවත් කැමැත්ත ඇත්තෙකැයි දන්නාහ. මෙය සත්වයන්ගේ ආසය නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
626c5b8d73db26beb0c620f9cbf54d50cf63133548b716e505b8939168685eef
target:pali-sinhala-parallel:68373:2
ලෝකය (ආත්මය) නිත්‍යයයි හෝ ලෝකය නිත්‍ය නොවේයයි කියා හෝ ලෝකය කෙළවර සහිතයයි හෝ ලෝකය කෙළවර රහිතයයි හෝ ජීවයත් එයමය, ශරීරයත් එයමයයි හෝ සත්වතෙම (ආත්මය) මරණින් පසු ඇතැයි කියා හෝ සත්වයා මරණින් පසු නැතැයි කියා
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
6538902d121c496a43c5c646564b0644728c6121ec6a8d627f4493039de542de
target:pali-sinhala-parallel:68373:3
හෝ සත්වයා මරණින් පසු ඇත්තේද වෙයි, නැත්තේද වෙයි. කියා හෝ සත්වයා මරණින් පසු නැත්තේද නැත්තේ නොවන්නේද වෙයි, කියා හෝ මෙසේ සත්වයෝ භව දෘෂ්ටිය ඇසුරුකළාහු හෝ වෙත්) විභව දෘෂ්ටිය ඇසුරුකළාහු හෝ වෙත්.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
679a7d65669c25c8ca2f06074b4d4329eed38445b78b83b92aa0a6ed23ffb300
target:pali-sinhala-parallel:68373:4
මේ දෙයාන්තයට නොබැස මේ හේතුව නිසා මේ ඵලය ඇතිවේය යන පටිච්ච සමුප්පාද ධර්මයට අනුකූලවූ නුවණ හෝ ලද්දේ හෝ වෙයි. යථාභූත ඥානය හෝ ලද්දේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
cb0e413109f70d59a30fcdaa187c25c002a80aa55bff1d6c325e758076084465
target:pali-sinhala-parallel:68373:5
කම්සැප විඳින්නහුම මේ පුද්ගලයා කාමය ගරු කරන්නෙක කාමාසය ඇත්තෙක, කාමයෙහි බලවත් කැමැත්ත ඇත්තෙකැයි දන්නාහ. කම්සැප විඳින්නහුම මේ පුද්ගලතෙම කාමයෙන් වෙන්වීම ගරු කරන්නෙක. කාමයෙන් වෙන්වීමේ ආසය ඇත්තෙකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
97e2b269f9c520b46d3729048e378649f81cc55e7073bbc96ff368186b5a22d1
target:pali-sinhala-parallel:68373:6
කාමයෙන් වෙන්වීමේ බලවත් කැමැත්ත ඇත්තෙකැයි දන්නාහ. [230] කාමයෙන් වෙන්ව වසන්නහුම මේ පුද්ගලතෙමේ නෛෂ්ක්‍රම්‍ය ගරු කරන්නෙකි. නෛෂ්ක්‍රම්‍ය ආසය ඇත්තෙකි. නෛෂ්ක්‍රම්‍යයෙහි බලවත් කැමැත්ත ඇත්තෙකැයි දන්නාහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
332955b134d3f146faf65c947c8d6ba7dff47972094d1f99a4433bf347f3d489
target:pali-sinhala-parallel:68373:7
නෛෂ්ක්‍රම්‍ය සේවනය කරන්නහුම මේ පුද්ගලතෙම කාමය ගරු කරන්නෙකි. කාම ආසය ඇත්තෙකි. කාමයෙහි බලවත් කැමැත්ත ඇත්තෙකැයි දන්නාහ. [231] ව්‍යාපාදය (ක්‍රෝධය) සේවනය කරන්නහුම මේ පුද්ගලතෙම ව්‍යාපාදය ගරු කරන්නෙකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
eff8cc2fafbf51f409e48ae7b19dca3edaaa1a064885a1074e0d37590ecd583f
target:pali-sinhala-parallel:68373:8
ව්‍යාපාද ආසය ඇත්තෙකි. ව්‍යාපාදයෙහි බලවත් කැමැත්ත ඇත්තෙකියි දන්නාහ. ව්‍යාපාදය සේවනය කරන්නහුම මේ පුද්ගලයා අව්‍යාපාදය ගරු කරන්නෙක. අව්‍යාපාද අදහස් ඇත්තෙක. අව්‍යාපාදයෙහි අධික කැමැත්ත ඇත්තෙකැයි දන්නාහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
8b52dcdbd2298da57b60a0f35904a2e1d1fb9797d4cee615a85331b44494b139
target:pali-sinhala-parallel:68373:9
අව්‍යාපාදය සේවනය කරන්නහුම මේ පුද්ගලතෙම අව්‍යාපාදය ගරු කරන්නෙක. අව්‍යාපාදය ආසය ඇත්තෙක, අව්‍යාපාදයෙහි කැමැත්ත ඇත්තෙකැයි දන්නාහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
fc711cda5235386bfc19bd4415641373ed80a2bd95d6453ee66f628bbd604dda
target:pali-sinhala-parallel:68374:0
[234] සත්වයන්ගේ අනුසය නම් කවරේද? කාමරාගානුසය පටිඝානුසය, මානානුසය, දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, භවරාගානුසය, අවිජ්ජානුසයයයි අනුසය සතකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
a86025dd6a7f727ceb0014fc42f6265fef2f90f781c79dfb277f76ef653eebfc
target:pali-sinhala-parallel:68374:1
[235] ලෝකයෙහි යම් ප්‍රිය රූපයක් මිහිරි රූපයක් වෙයිද මෙහි සත්වයන්ගේ කාමරාගානුසය (ඉපදීමට සුදුසු කරුණු ලැබ) උපදියි. ලෝකයෙහි යම් අප්‍රිය රූපයක් අමිහිරි රූපයක් වෙයිද මෙහි සත්වයන්ගේ පටිඝානුසය උපදියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
6734601355767be4240868bd17f72e2aadf368df7e6e55a5146af9e140aec601
target:pali-sinhala-parallel:68374:2
මේ දෙවැදෑරුම් ධර්මයන්හිම අවිද්‍යාව අනුව යන්නේ වෙයි. ඒ හා එක්ව පවත්නාවූ මානයද දිට්ඨියද, විචිකිච්ඡාවද දතයුත්තාහ. මේ සත්වයන්ගේ අනුසය නම් වෙයි. [236] සත්වයන්ගේ චරිතය නම් කුමක්ද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
a6d0a3cb8d70f7bd213ddef96937227fa786ffbad11f8ce5b432e4cc1fac6803
target:pali-sinhala-parallel:68374:3
ස්වල්ප විපාක ඇත්තාවූ හෝ මහා විපාක ඇත්තාවූ හෝ පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභිසංඛාර අනෙඤ්ජාභිසංඛාර යන කුශලාකුශල කර්මයෝ වෙත්ද, මෙය සත්වයන්ගේ චරිත නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
d14caf7e3ea6db54f976bc45c8c3334671e855bf3260b362b4eec4e866386fc9
target:pali-sinhala-parallel:68375:0
සත්වයන්ගේ අධිමුක්ති (අදහස) නම් කවරේද? හීන අදහස් ඇති සත්වයෝද ඇත්තාහ. උතුම් අදහස් ඇති සත්වයෝද ඇත්තාහ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
620d5aa849f651d2468807de15815d3846aee44f374be97301fb337117023403
target:pali-sinhala-parallel:68375:1
හීන අදහස් ඇති සත්වයෝ හීන අදහස් ඇති සත්වයන් සෙවනය කරත්, භජනය කරත්, පයිරුපාසනය කරත්, උතුම් අදහස් ඇති සත්වයෝ උතුම් අදහස් ඇති සත්වයන් සෙවනය කරත්, භජනය කරත්, පයිරුපාසනය කරත්, අතීත කාලයෙහිදු හීන අදහස් ඇති
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
348f2bb3f6bdb375e7b0cc8ab4f4cfebf6fc04d09c8fccdc238ff9ad8f729dea
target:pali-sinhala-parallel:68375:2
සත්වයෝ හීන අදහස් ඇති සත්වයන් සේවනය කළාහුය, භජනය කළාහුය, පයිරුපාසනය කළාහුය, උතුම් අදහස් ඇති සත්වයෝ උතුම් අදහස් ඇති සත්වයන් සේවනය කළාහුය, භජනය කළාහුය, පයිරුපාසනය කළාහුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
2237038f9e98b982b028b4b49b460695c5c52443518dfc654a2b5da595386750
target:pali-sinhala-parallel:68375:3
අනාගත කාලයෙහිදු හීන අදහස් ඇති සත්වයෝ හීන අදහස් ඇති සත්වයන් සෙවනය කරන්නාහුය, භජනය කරන්නාහුය. පයිරුපාසනය කරන්නාහුය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
7bbdc4fd474ccc597905abd640ca97c122ea07d375f45df71d6da6e4c5ab5ff4
target:pali-sinhala-parallel:68375:4
උසස් අදහස් ඇති සත්වයෝ උසස් අදහස් ඇති සත්වයන් සෙවනය කරන්නාහුය, භජනය කරන්නාහුය පයිරුපාසනය කරන්නාහුය. මෙය සත්වයන්ගේ අදහස නමි. [237] නුසුදුසු සත්වයෝ නම් කවරහුද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
80a1024298ea7f6ee7e678b960245f342a3d283c5da7871146827491d3630707
target:pali-sinhala-parallel:68375:5
යම් ඒ සත්ව කෙනෙක් කර්මාවරණයෙන් යුක්තවූවාහුද ක්ලෙසාවරණයෙන් යුක්තවූවාහුද විපාක ආවරණයෙන් යුක්තවූවාහුද ශ්‍රද්ධානැත්තාහුද කැමැත්ත නැත්තාහුද නුවණ නැත්තාහුද කුශල ධර්මයන් අතුරෙන් අනතුරුව ඵලයගෙන දෙනහෙයින්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
2b8277db96331c2aae407cc8e14aba12a7f8b9231fb761afa9fb55332c86248c
target:pali-sinhala-parallel:68375:6
යහපත් ස්වභාවය ඇත්තාවූ මාර්ග කුශලයට පැමිණීමට නුසුදුස්සාහුද, මේ සත්වයෝ නුසුදුස්සෝ වෙත්. කවර සත්වයෝ සුදුස්සෝ වෙත්ද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
62461c3e49bc2d7b08b8b8fb1e5ffadc63d6ac9549ae40249337f47cbb382c7a
target:pali-sinhala-parallel:68375:7
යම් ඒ සත්ව කෙනෙක් කර්මාවරණයෙන් යුක්ත නොවූවාහුද, ක්ලේශාවරණයෙන් යුක්ත නොවූවාහුද, විපාකාවරණයෙන් යුක්ත නොවූවාහුද, ශ්‍රද්ධා ඇත්තාහුද කැමැත්ත ඇත්තාහුද නුවණ ඇත්තාහුද කුශල ධර්මයන් අතුරෙන් (අනතුරුව ඵලදෙන
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
cf9ed9f3b2dd6eb154d0dea31f755180c7537f7e733cd188a793d829fc710c71
target:pali-sinhala-parallel:68375:8
හෙයින්) යහපත් ස්වභාවය ඇත්තාවූ මාර්ග කුශලයට පැමිණීමට සුදුසුවූවාහුද මේ සත්වයෝ සුදුස්සෝ වෙත්. මේ තථාගතයන් වහන්සේගේ ආසයානුසය ඤාණයයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
6e0d899afa7e31063d323cd3f773823e9367636653573ae62d047718b402eff8
target:pali-sinhala-parallel:68376:0
[238] කුමක් නම් තථාගතයන් වහන්සේගේ යමක ප්‍රාතිහාර්ය ඥානය වේද? මේ ලෝකයෙහි තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට අසාධාරණවූ යමක ප්‍රාතිහාර්ය දක්වයි. උඩුකයින් ගිනිකඳ පවතියි. යටිකයින් දිය දහර පවතියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
dbb79bdaa78e15715d440351b9f15cffb7e8792ae9f3ac49ece540b852c69948
target:pali-sinhala-parallel:68376:1
යටිකයින් ගිනිකඳ පවතියි. උඩුකයින් දිය දහර පවතියි. පෙර කයින් ගිනිකඳ පවතියි. පසුකයින් දිය දහර පවතියි. පසු කයින් ගිනිකඳ පවතියි. පෙර කයින් ගිනිකඳ පවතියි. දකුණු ඇසින් ගිනිකඳ පවතියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
d421a2c80ca809c5ad94a3d99b08d40145b50ba0b1225f6055a86fe2646fe48f
target:pali-sinhala-parallel:68376:10
භාග්‍යවතුන් වහන්සේ සිටිනසේක් හෝ වැඩහිඳිනසේක් හෝ සයනය කරනසේක් හෝ වෙති. නිර්මිත බුදු රජතෙම සිටින්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරණසේක් හෝ වැඩහිඳිනේ හෝ සයනය කරණසේක් හෝ වෙති.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
3c1978462f534dc2060eea2dc4a9cdac2722ca02738b654e40f818f9d1df6829
target:pali-sinhala-parallel:68376:11
නිර්මිත බුදුරජ තෙම හිඳින්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරණසේක් හෝ සිටිනසේක් හෝ සයනය කරණසේක් හෝ වෙති. නිර්මිත බුදුරජතෙම සයනය කරන්නේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
bec56d201a2708e12fc120414b4cc21c1f284784557e27d62e325e6bf7aed60d
target:pali-sinhala-parallel:68376:12
භාග්‍ය වතුන්වහන්සේ සක්මන් කරණ සේක් හෝ සිටිනසේක් හෝ හිඳිනසේක් හෝ වෙත්. මෙය භාග්‍යවතුන් වහන්සේගේ යමක ප්‍රාතිහාර්ය ඤාණ නම් වේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
beb38e6df6bc628b923d9f7c9fd25ba193b083b3796ba90547b5710bc3052f32
target:pali-sinhala-parallel:68376:2
වම් ඇසින් දිය දහර පවතියි. වම් ඇසින් දිය දහර පවතියි. දකුණු ඇසින් ගිනිකඳ පවතියි. දකුණු කණින් ගිනිකඳ පවතියි. වම් කණින් දිය දහර පවතියි. වම් කණින් ගිනිකඳ පවතියි දකුණු කණින් දිය දහර පවතියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
7f3e897dbc667476582dff54e33e9aa7c24599fb57759417b4dcc662a2723dd5
target:pali-sinhala-parallel:68376:3
දකුණු නාස් පුඩුවෙන් ගිනි කඳ පවතියි. වම්නාස් පුඩුවෙන් දිය දහර පවතියි. වම් නාස් පුඩුවෙන් ගිනිකඳ පවතියි. දකුණු නාස් පුඩුවෙන් දිය දහර පවතියි. දකුණු උරහිසින් ගිනිකඳ පවතියි. වම් උරහිසින් දියදහර පවතියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
aeff4d33f2327a9359be95d74224f01c75239234d7d3ec0912688354fd238637
target:pali-sinhala-parallel:68376:4
වම් උරහිසින් ගිනිකඳ පවතියි. දකුණු උරහිසින් දියකඳ පවතියි. දකුණු අතින් ගිනිකඳ පවතියි. වම් අතින් දියකඳ පවතියි. වම් අතින් ගිනිකඳ පවතියි. දකුණු අතින් දියදහර පවතියි. දකුණු අංසයෙන් ගිනිකඳ පවතියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
1e3bfb7e52b3b2f246cac27e5cb9561a2be2a9567cc3c7610305f3ad83b2d16d
target:pali-sinhala-parallel:68376:5
වම් අංසයෙන් දිය දහර පවතියි. වම් අංසයෙන් ගිනිකඳ පවතියි. දකුණු අංසයෙන් දිය දහර පවතියි. දකුණු පාදයෙන් ගිනිකඳ පවතියි. වම් පාදයෙන් දිය දහර පවතියි වම් පාදයෙන් ගිනිකඳ පවතියි. දකුණු පාදයෙන් දිය දහර පවතියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
783ca3794adcdf5ea2eb49990bd450890aa6ae635b87fda600aaa40f70eb5841
target:pali-sinhala-parallel:68376:6
ඇඟිල්ලකින් ඇඟිල්ලකින් ගිනිකඳ පවතියි. ඇඟිලි අතරින් දිය දහර පවතියි. ඇඟිලි අතරින් ගිනිකඳ පවතියි. ඇඟිල්ලකින් ඇඟිල්ලකින් දිය දහර පවතියි. එක් එක් රෝමයකින් ගිනිකඳ පවතියි. එක් එක් රෝමයකින් දිය කඳ පවතියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
6427664b6c6a8465e9ac3f8ac6a6ebd253e16e04ce809fd012f80d674973887a
target:pali-sinhala-parallel:68376:7
රෝම කූපයකින් රෝම කූපයකින් ගිනිකඳ පවතියි රෝම කූපයකින් රෝම කූපයකින් දිය දහර පවතියි. සකල ශරීරයෙන් නීල පීත ලොහිත ඔදාත මංජ්‍යෙෂ්ට ප්‍රභාස්වර යන සවණක් රැස් පවතියි. භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරනසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
017c8ae4bf195e8216d1c8749cc6ebbe97d556744a440a637ddb9e69b17db25d
target:pali-sinhala-parallel:68376:8
නිර්මිත බුදුරජතෙම සිටින්නේ හෝ හිඳින්නේ හෝ සයනය කරන්නේ හෝ වෙයි. භාග්‍යවතුන් වහන්සේ වැඩසිටිනසේක. නිර්මිත බුදුරජතෙම සක්මන් කරන්නේ හෝ හිඳින්නේ හෝ සයනය කරන්නේ හෝ වෙයි. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳිනසේක.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
95e64d2edc456671910b1ba48c5f66532094c9e6e4134d1c6eefde8e0265a4f4
target:pali-sinhala-parallel:68376:9
නිර්මිත බුදුරජතෙම සක්මන් කරන්නේ හෝ සිටින්නේ හෝ සයනය කරන්නේ හෝ වෙයි. භාග්‍යවතුන් වහන්සේ සයනය කරන සේක. නිර්මිත බුදුරජතෙම සක්මන් කරන්නේ හෝ සිටින්නේ හෝ සයනය කරන්නේ හෝ වෙයි. නිර්මිත බුදුරජ තෙම සක්මන් කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b840
a731a5cb5ba170da3e9cfd655859072596e4a895b0744c440e428f0480747c84
target:pali-sinhala-parallel:68377:0
තථාගතයන් වහන්සේගේ මහා කරුණා සමාපත්තියෙහි ඤාණය නම් කවරේද? නොයෙක් ආකාරයෙන් ලොව දක්නාවූ භාග්‍යවත් බුදුවරයන් වහන්සේලාට සත්වයන් කෙරෙහි මහා කරුණාව පහළ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
a5b344cad3c1523e74b7b0f24fb2fbc242c4aa6f361d9adeff1bba1faaeaab60
target:pali-sinhala-parallel:68377:1
ලොක සන්නිවාසය (රාගාදි ගිනි වලින්) ගිනිගෙන දන්නේයයි දක්නාවූ (ii) භාග්‍යවත් බුදුවරයන් වහන්සේලාට සත්වයන් කෙරෙහි මහා කරුණාව පහළ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
6194eec6862ff0cb78d16eae3aae32e74e8268938db242f40511ec4888cba6fd
target:pali-sinhala-parallel:68377:10
මා හැර ඔහුගේ ඒ හුල් උදුරා දමන්නාවූ අනිකෙකු නැතැයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න.) ලොකසන්නිවාසය අවිද්‍යාන්ධකාරයෙන් වැසුණේය. ක්ලේශයන් නැමති කූඩුවෙහි දමනලදුව අන්ධවූයේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
688a6f40f6288a0ec95729231e60a70632730fc8ba2d713c37a7efce10be612d
target:pali-sinhala-parallel:68377:11
ඔහුට මා හැර ආලෝකය දන්නාවූ අනිකෙකු නැතැයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න.) ලොකසන්නිවාසය අවිද්‍යාවෙන් යුක්තවූයේය, බිත්තරය තුළ උපන් සත්වයෙකු මෙන් අවිද්‍යාව නමැති බිත්තර කටුවෙන් හාත්පස වැසුණේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
dcd83caa7729dbdb12b02d981751c15bb29f8ae0b90c46cdf7306bbecb5d3ddd
target:pali-sinhala-parallel:68377:12
නූල් කැරැල්ලක් මෙන් අවුල් වූයේය. රෙදි වියන්නන්ගේ කැඳ දැමූ නූල් පොදියක් මෙන් පැටලුම් සහිත වූයේය. මුදුස්තෘණ බබුස්තෘණ වලින් ගොතන ලද ලණු කැබැල්ලක මෙන් අගක් මුලක් නැත්තේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
359772d2e8baeff2bce41ab51d5a2568faa8f693478fe95b9719594034678294
target:pali-sinhala-parallel:68377:13
දුර්ගතියවූ සැපයෙන් විනාශවූ අපාය සංසාරය නොඉක්මවන්නේ යයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න.) ලොක සන්නිවාසය අවිද්‍යාව නමැති විෂ දෝෂයෙන් ආලේපනය කරණ ලද්දේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
37bd454a4d43f7a3aef8518c930a8eb549f136626cdbbfe012ba590ac1c7ad5d
target:pali-sinhala-parallel:68377:14
කෙලෙස් මඩ සහිතවූයේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න.) ලෝවැසිතෙම රාග දෝෂ මෝහ අවුලෙන් අවුල් වූයේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
91fd5f5d70afd8edb6c95c19edf76b2930927db531ee9aff44aaa3e0b514316c
target:pali-sinhala-parallel:68377:15
මා හැර ඔහුගේ අවුල අවුල් හරින්නාවූ අන්කිසිවෙකු නැතැයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න.) ලොක සන්නිවාසය තෙම තෘෂ්ණා බන්ධනයෙන් බැඳුණේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න.) ලොක සන්නිවාසය තෙම තෘෂ්ණා දැලෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
b770feab581cbb2f0acfbafb1797d419ecb92a3f01c1a437edf0738d617572e2
target:pali-sinhala-parallel:68377:16
පැටලුණේයයි (මෙහි 238 (ii) යොදන්න.) ලොක සන්නිවාසය තෙම තෘෂ්ණා සැඩ පහරින් ගසාගෙන යනු ලබන්නේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොක සන්නිවාසය තෙම තෘෂ්ණා රැහැණින් බැඳුණේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
d24c8e8c1fdc8f2a60067aca7b59a9e3cfaee571bfe8d2460d7245e6c1265cbb
target:pali-sinhala-parallel:68377:17
ලොක සන්නිවාසයතෙම තෘෂ්ණානුසයයෙන් ශක්තිමත් බවට පැමිණියේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොක සන්නිවාසය තෙම තෘෂ්ණා සන්තාපයෙන් තැවේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොක සන්නිවාසය තෙම තෘෂ්ණාදාහයෙන්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
a83dbdeb6f660449dd8baa3c6056bf854f2587a70a0b51659d40bbbd799a9c6d
target:pali-sinhala-parallel:68377:18
දැවේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොක සන්නිවාසය තෙම දෘෂ්ටි බන්ධනයෙන් බැඳුණේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොක සන්නිවාසය තෙම දෘෂ්ටි දැලෙන් පැටලුණේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොක
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
c00ad52272ce1647e818436861c662ea693671c86cc8a9e4569581d958c6e7f6
target:pali-sinhala-parallel:68377:19
සන්නිවාසය තෙම දෘෂ්ටි සැඩපහරින් ගසායනු ලැබේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොක සන්නිවාසය තෙම දෘෂ්ටි රැහණින් බැඳුණේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න.) [240] ලොක සන්නිවාසය දෘෂ්ටි අනුසයයෙන් ශක්තිමත්
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
43b7be824f23a1799139e2892e41d2b7438530bbfb86fa36b04b68bdd7d8a014
target:pali-sinhala-parallel:68377:2
(iii) ලෝක සන්නිවාසය නිතර කටයුතුවල යෙදී වාසය කරන්නේයයි භාග්‍යවත් බුදුවරයන් වහන්සේලාට සත්වයන් කෙරෙහි මහා කරුණාව පහළ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
b622c20b6bbe21547003efe3a1bf535fe64e36cf4c048e93a6b596a0d6175a3a
target:pali-sinhala-parallel:68377:20
වූයේ යයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොක සන්නිවාසය තෙම දෘෂ්ටි සන්තාපයෙන් තැවේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොක සන්නිවාසය තෙම දෘෂ්ටි දාහයෙන් දැවේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොක සන්නිවාසය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
1f5198502afb3938665066137c5f363ac12bfaf889c6b387b86157db09ff27ba
target:pali-sinhala-parallel:68377:21
තෙම ජාතියට පිවිසෙන ලද්දේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොකසන්නිවාසය තෙම ජරාවෙන් දුවන ලද්දේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොක සන්නිවාසය තෙම ව්‍යාධියෙන් මඩනා ලද්දේයයි දක්නාවූ (මෙහි 238 (ii)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
292243bbac3b378dff703a8bb0ecefb14cf8f79c221557837fa7174177b0ce29
target:pali-sinhala-parallel:68377:22
යොදන්න) ලොකසන්නිවාසය තෙම මරණයෙන් විනාශවන ලද්දේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොක සන්නිවාසය තෙම දුකෙහි පිහිටියේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොක සන්නිවාසය තෙම තෘෂ්ණාවෙන් එල්වන ලද්දේයයි දක්නාවූ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
bf4cd08e8727268fc5f6d679bc861bf632c93f190a384fdfab2cd2d06ea9465e
target:pali-sinhala-parallel:68377:23
(මෙහි 238 (ii) යොදන්න) ලොක සන්නිවාසය තෙම ජරා ප්‍රාකාරයෙන් වටකරන ලද්දේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොක සන්නිවාසය මරණය නැමැති මළ පුඩුවෙන් බඳනා ලද්දේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොක සන්නිවාසය
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
4a443ed42b2c3b3a62b782dd68396059e467712affe5076e91ca362b5178d45e
target:pali-sinhala-parallel:68377:24
තෙම රාග බන්ධනයෙන්ද දොස බන්ධනයෙන්ද මෝහ බන්ධනයෙන්ද දිට්ඨි බන්ධනයෙන්ද කීලෙස බන්ධනයෙන්ද දුශ්චරිත බන්ධනයෙන්ද යන මහා බන්ධනයෙන් බැඳුණේය, මාහැර ඔහු බන්ධනායන් මුදවන්නාවූ අන් කෙනෙකු නැතැයි දක්නාවූ (මෙහි 238
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
750a957f2ce50ef402103ded2073f93524e0bfa96b41baa4d77a59c818e80ce9
target:pali-sinhala-parallel:68377:25
(ii) යොදන්න.) [241] ලොක සන්නිවාසය තෙම මහත් සම්බන්ධයට පැමිණියේය. මාහැර ඔහුට කිසි අවකාශයක් පෙන්වන්නාවූ අන් කෙනෙකු නැතැයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොක සන්නිවාසය තෙම මහත් වැළැක්මෙන් වළක්වන ලද්දේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
0930dc85dcd1d933ae4e3edfb640a187744dc9530ff6bd36191b6fc69e35e1d6
target:pali-sinhala-parallel:68377:26
මාහැර ඔහුගේ වැළැක්වූ සිඳින්නාවූ අන්කෙනෙකු නැතැයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොක සන්නිවාසය තෙම මහත් ප්‍රපාතයෙහි වැටුණේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
aa111f83fba601fdfc85f758a39d9590ead2058c3b4ae3402c0df6a1c91d41f1
target:pali-sinhala-parallel:68377:27
මා හැර ඔහු ප්‍රපාතයෙන් ගොඩ ගන්නා අන්කෙනෙකු නැතැයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොක සන්නිවාසය තෙම මහත් කාන්තාරයට පිළිපන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
b761e8a7d4166b7cdffbd69f856e50575adc50dadcfba027c151adb720abbcf0
target:pali-sinhala-parallel:68377:28
මා හැර ඔහු කාන්තාරයෙන් එතර කරන්නාවූ අන්කෙනෙකු නැතැයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොක සන්නිවාසය තෙම මහත් සංසාරයට පිළිපන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
4c3d3c055045703a018cc55239f02a036ed1af83e3d7a869e5e228f7e8366811
target:pali-sinhala-parallel:68377:29
මා හැර ඔහු සංසාරයෙන් මුදවන්නාවූ අන් කෙනෙකු නැතැයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොක සන්නිවාසය තෙම මහත් දුක් සහිත මාර්ගයෙහි ඔබ මොබ ගමන් කරයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
8ea292e13baa560a4b74328e4a045fd78efab61b46b4f4ef81af492036b908cd
target:pali-sinhala-parallel:68377:3
ලොක සන්නිවාසය මරණය කරා නොනැවත ගමන් කරන්නේයයි දක්නාවූ භාග්‍යවතුන් වහන්සේලාට සත්වයන් කෙරෙහි මහා කරුණාව පහළ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
c7371a222cf843f4f278973effafb68d7160e178f2c76bc04d1eb5f5a398e2bc
target:pali-sinhala-parallel:68377:30
මා හැර ඔහු දුර්ග මාර්ගයෙන් මුදාලන අන්කෙනෙකු නැතැයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොක සන්නිවාසය තෙම සියලු උවදුරුවලින් මඩනා ලද්දේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොක සන්නිවාසය තෙම රාග ගින්නෙන් දොස
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
0945dd6b976f5052dbf9bfa0451ee9dece48ddad54c0d90ed89f7ee74a2e5914
target:pali-sinhala-parallel:68377:31
ගින්නෙන් මෝහ ගින්නෙන් ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයන්ගෙන් පරිදෙවයන්ගෙන් දුක්ඛයන්ගෙන් දොමනස්සයන්ගෙන් උපායාසයන්ගෙන් ගිනිගෙන ඇවිලෙන ලද්දේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
f81a2ddb8cc62dc4246884ed18b35ca2388d1477eaa030e80d95223b7a6b5200
target:pali-sinhala-parallel:68377:32
මා හැර ඔහු නිවන්නාවූ අන්කෙනෙකු නැතැයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න.) [242] ලොක සන්නිවාසයතෙම ජාතියෙන් උදුරා ජරාදී උවදුරුවලට පමුණුවන ලද්දේ නිරතුරු පිහිටක් නැත්තේ දඬුවමට පැමිණි සොරෙක් මෙනැයි දක්නාවූ
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
aedabb9eb33cd7b3b00644df7a2d94853edbddfb8d86b8e8f2702fe5984ab926
target:pali-sinhala-parallel:68377:33
(මෙහි 238 (ii) යොදන්න) ලොක සන්නිවාසයතෙම වරදට අසුවී බැඳුණ දංගෙඩියට එළඹ සිටියේය. මා හැර ඔහු බන්ධනයෙන් මුදවන්නාවූ අන්කෙනෙකු නැතැයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොක සන්නිවාසය තෙම අනාථය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
d9b78fc157d1ddf3189fcb225ea47d58eb13e044dd2571e3f1d0f8d31c9ce787
target:pali-sinhala-parallel:68377:34
පරම දිලිඳු බවට පැමිණියේය. මා හැර ඔහුට පිහිටවන්නාවූ අන් කෙනෙකු නැතැයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න.) ලොක සන්නිවාසයතෙම දුකින් මිරිකෙන ලද්දේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
958805f6aa60fae505afa4bb9da5ca30514985ded2f5b9f98ee1ea772b3e72e1
target:pali-sinhala-parallel:68377:35
බොහෝ කලක් මුළුල්ලෙහි පෙළෙන ලද්දේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොක සන්නිවාසයතෙම තණ්හාවෙන් ගිජු වූයේය, නිතර තෘෂ්ණා පිපාසයෙන් යුක්තවූයේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොක සන්නිවාසයතෙම අඳය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
7be2db41f0738aafd004dd6c8900fd1dd4276a1a0bf3fd340b4ee6c7d0f88390
target:pali-sinhala-parallel:68377:36
ඇස් නැත්තේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොකසන්නිවාසයතෙම නැසුණු නෙත් ඇත්තේය. මග පෙන්වන්නෙක් නැත්තේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොකසන්නිවාසයතෙම වැරදි මගට බැස්සේය. හරිමග වැරදුනේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
26d9e8e1f688f9c3464b4eaecf59739439cbb021f1f11f683625a9bf291dd849
target:pali-sinhala-parallel:68377:37
මා හැර ඔහු ආර්යමාර්ගයට පමුණුවන්නාවූ අන්කෙනෙකු නැත්තේයයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න) ලොකසන්නිවාසයතෙම මහ වතුරට බැසගත්තේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
c1e939841e1a4004cc4afeb736d137ad6d5a1e12b12d6771750dd3256abb7ac2
target:pali-sinhala-parallel:68377:38
මා හැර ඔහු මහ වතුරෙන් ගොඩගන්නාවූ අන්කෙනෙකු නැතැයි දක්නාවූ (මෙහි 238 (ii) යොදන්න.)
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
bb45ce834d24017d126c93659dbae1496e64d45b588a7edda0a7b5084f221b42
target:pali-sinhala-parallel:68377:4
ලොක සන්නිවාසය නොමග පිළිපන්නේයයි දක්නාවූ භාග්‍යවත් බුදුවරයන් වහන්සේලාට සත්වයන් කෙරෙහි මහා කරුණාව පහළ වෙයි. ලෝකයතෙම ජරාවෙන් මරණයට පමුණුවනු ලැබේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
6990ba8c42fb8929c7eeab6f6c9d552ab57592f61f7725fbed0b67d7153234b7
target:pali-sinhala-parallel:68377:5
අස්ථිරයයි දක්නාවූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලාට සත්වයන් කෙරෙහි මහා කරුණාව පහළ වෙයි. ලෝකය අසරණය සහාය වන්නෙකු නැතැයි සත්වයන් කෙරෙහි භාග්‍යවත් බුදුවරයන් වහන්සේලාට සත්වයන් කෙරෙහි මහා කරුණාව පහළ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
e9aca9838f429e0f1764c847d355f98d0e919fefb27cbeead06263da6730c374
target:pali-sinhala-parallel:68377:6
[239] ලෝකයතෙම තමා සතු දෙයක් නැත. සියල්ල අත්හැර යායුතුයයි දක්නා භාග්‍යවත් බුදුවරයන් වහන්සේලාට සත්වයන් කෙරෙහි මහා කරුණාව පහළ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
4bb6b3a97158fd3d14f468321884f0bcd9db67637991af8b460428c29a26e296
target:pali-sinhala-parallel:68377:7
ලෝවැසිතෙම අඩුපාඩු සහිතය, ඇතිවීමක් නැත, තෘෂ්ණාවගේ දාසයෝයයි දක්නාවූ භාග්‍යවත් බුදුවරයන් වහන්සේලාට සත්වයන් කෙරෙහි මහා කරුණාව පහළවෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
1dcf32d652df473bafff4ebc6800a069beed1a10e71cb450ff1422894758b57e