sample_id
stringlengths
18
38
text
stringlengths
5
200
label
stringclasses
3 values
source
stringclasses
5 values
subcorpus
stringclasses
59 values
doc_id
stringclasses
691 values
block_id
stringlengths
15
101
text_sha256
stringlengths
64
64
target:pali-sinhala-parallel:68392:1
මේ ලෝකයෙහි ඇතමෙක් චක්ඛුසම්ඵස්සජ වේදනාව සොත සම්ඵස්සජ වේදනාව ඝානසම්ඵස්සජ වේදනාව ජිව්හා සම්ඵස්සජ වේදනාව කාය සම්ඵස්සජ වේදනාව (ii) මනො සම්ඵස්සජ වේදනාව ආත්මය වශයෙන් දකියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
10f9a099fccd34caf2db60d31ad97b9dd0d183eaeef560af0c2ded19dfa2dbed
target:pali-sinhala-parallel:68392:10
(මෙහි 29 ඡේදයේ (ii) කාමරාග සංයෝජනය යන තැන සිට එහි අවසානය දක්වා යොදන්න.) මොහු සංයෝජනයෝ වෙති. දෘෂ්ටීහු නොවෙත්. මෙසේ වේදනාවෙහි ආත්මය දකියි. [39] කෙසේ ආත්මය කෙරෙහි වේදනාව ඇතැයි දකීද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
f34042907459132d566092042c611b7274a7a34ac25757a7cb90cc80999a6ec0
target:pali-sinhala-parallel:68392:11
ලෝකයෙහි ඇතමෙක් (ii) සඤ්ඤාව සංඛාරයන් විඤ්ඤාණය රූපය, ආත්මය වශයෙන් දකියි. ඔහුට මෙසේ සිතෙයි. මේ මගේ ආත්මය වෙයි. මේ ආත්මය කෙරෙහි මේ වේදනාව ඇතැයි ආත්මය කෙරෙහි වේදනාව පිහිටියේයි දකියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
4fde4a196eb54c7d33bc6e3e2fc931fbfff7b10a4ff0e44a38bac1403dc5d72f
target:pali-sinhala-parallel:68392:12
(iii) යම්සේ සුවඳැති මලක්වේද ඊට පුරුෂයෙක් මෙසේ කියන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
cc5445cb114395b94937a2bdc66ae08d0ed2b3199adb0dfa8668f15271a09e33
target:pali-sinhala-parallel:68392:13
මේ මලය, මේ සුවඳය, මල අනිකකි, සුවඳ අනිකකි, මේ සුවඳ වනාහි මලෙහි වේයයි, මලෙහි සුවඳ පිහිටියේයයි දකියිද, එමෙන් ලෝකයෙහි ඇතමෙක් (මෙහි (ii) යොදන්න) [40] දැඩිව වරදවාගැනීම දිට්ඨිනමි. දෘෂ්ටිය වස්තුව නොවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
8aae2e17e4245eccace89a5490350552d3dc8441e34ea288614edec9babf3d4c
target:pali-sinhala-parallel:68392:14
වස්තුව දෘෂ්ටිය නොවේ. දෘෂ්ටිය අනිකකි. වස්තුව අනිකකි. යම් දෘෂ්ටියක්වේද, යම් වස්තුවක්වේද, මෙය තුන් වැනි වේදනාව වස්තුකොට ඇති අත්තානුදිට්ඨිය අත්තානු දිට්ඨිය මිච්ඡා දිට්ඨිනමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
f82d8dc40b09fc74d4a8c992eab231495ea8b8c178168b8a8302fe5725d5d1a3
target:pali-sinhala-parallel:68392:15
මිච්ඡාදිට්ඨිය දිට්ඨි විපත්තිනමි. (මෙහි 29 වන ඡේදයේ (ii) කාමරාග සංයෝජනය යන තැන සිට එහි අවසානය දක්වා යොදන්න.) මොව්හු සංයෝජනයෝ වෙති. දෘෂ්ටීහු නොවෙත්, මෙසේ ආත්මය කෙරෙහි වේදනාව පිහිටියේයි දක්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
2a8a4fd48dac3ad6f82a8bb818906c7b37410b8ad391182254b202baac34da5b
target:pali-sinhala-parallel:68392:16
[41] කෙසේ වේදනාව කෙරෙහි ආත්මය ඇතැයි දක්නේද? ලෝකයෙහි ඇතමෙක් (ii) සඤ්ඤාව සංඛාරයන් විඤ්ඤාණය රූපය, ආත්මය වශයෙන් දකීද, ඔහුට මෙසේ සිතෙයි. මේ වනාහි මගේ ආත්මය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
7a83511afb7a6f7bc75dae08d6b47ca938c983ff8604f0d4fe93739f933b4bf4
target:pali-sinhala-parallel:68392:17
ඒ මගේ ආත්මය වනාහි මේ වේදනාවෙහි වේයයි වේදනාව කෙරෙහි ආත්මය පිහිටියේ යයි දකියි. (iii) යම්සේ මැණිකක් කරඬුවෙහි දමනලද්දේ වෙයිද, ඊට පුරුෂයෙක් මෙසේ කියන්නේය, මේ මැණිකය මේ කරඬුවය, මැණික අනිකකි. කරඬුව අනිකකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
2805481f55b68d40a5a57496ff5183e8d1fe8ad64fee089329652a708e28c949
target:pali-sinhala-parallel:68392:18
ඒ මැණික වනාහි මේ කරඬුවෙහි යයි කරඬුවෙහි මැණික පිහිටියේයයිද කියයිද එමෙන් මේ ලෝකයෙහි ඇතමෙක් (මෙහි (ii) යොදන්න.) [42] දැඩිව වරදවා දැකීම දිට්ඨි නමි. දිට්ඨිය වස්තුව නොවේ. වස්තුව දිට්ඨිය නොවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
cec9a4f7049a1792130d652baf11b76bdc83f631fe290d52c8255e92a77e1776
target:pali-sinhala-parallel:68392:19
දිට්ඨිය අනිකකි. වස්තුව අනිකකි. යම් දෘෂ්ටියක්වේද, යම් වස්තුවක්වේද, මේ සතර වැනි වේදනාව වස්තුකොට ඇති අත්තානුදිට්ඨියයි, අත්තානු දිට්ඨිය මිච්ඡාදිට්ඨිනමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
dea217ad981eb030980cba87b7b5887efdd720206675ea53a8d99fee6e521d24
target:pali-sinhala-parallel:68392:2
‘යම් මනො සම්ඵස්සජ වේදනාවක්වේද ඒ මම වෙමි. යමක් මම වෙම්ද එය මනොසම්ඵස්සජ වේදනාවයයි මනොසම්ඵස්සජ වේදනාවද ආත්මයද එකක්කොට දකියි. (iii) යම්සේ දැල්වෙන්නාවූ තෙල් පහනක සිළුව යමක්ද එය වර්ණය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
fa15c83d9b4e9ef0dfbace7564c67043d7239da151cc8aad53f03e5a9fc14834
target:pali-sinhala-parallel:68392:20
මිච්ඡාදිට්ඨිය දිට්ඨි විපත්තිනමි (මෙහි 29 ඡේදයේ (ii) කාමරාග සංයෝජනය යන තැන සිට එහි අවසානය දක්වා යොදන්න.) මොව්හු සංයෝජනයෝවෙත්. දෘෂ්ටීහු නොවෙත්. මෙසේ වේදනාවෙහි ආත්මය පිහිටියේයයි දක්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
5b656555c32f37efb7b1321361a5cefbdd89a367a038650ae4808c95d4129919
target:pali-sinhala-parallel:68392:3
යමක් වර්ණයද එය සිළුව වේයයි. පහන් සිළුවද වර්ණයද එකක් වශයෙන් දකියි. එමෙන් මේ ලෝකයෙහි ඇතමෙක් (මෙහි (ii) යොදන්න.) දැඩිව වරදවා ගැනීම දිට්ඨි නමි. දෘෂ්ටිය වස්තුව නොවේ. වස්තුව දෘෂ්ටිය නොවේ. දෘෂ්ටිය අනිකකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
67cb760da2dff45d96064a49868d003fd64cc38783762a4d142c35e7f355945e
target:pali-sinhala-parallel:68392:4
වස්තුව අනිකකි. යමක් දෘෂ්ටිය වෙයිද යමක් වස්තුව වෙයිද මෙය පළමුවැනි වේදනාව වස්තුකොට ඇති අත්තානුදිට්ඨි නමි. අත්තානු දිට්ඨිය මිච්ඡාදිට්ඨි නමි. මිච්ඡාදිට්ඨිය දිට්ඨි විපත්ති නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
837edd189264900e8b9081fc71a66cd71b2f1ed75334e9bea9491613ba79f6df
target:pali-sinhala-parallel:68392:5
(මෙහි 29 ඡේදයේ (ii) කාමරාග සංයෝජනය යන තැන සිට එහි අවසානය දක්වා යොදන්න.) මොව්හු සංයෝජනයෝ වෙත්. දෘෂ්ටීහු නොවෙත්. මෙසේ වේදනාව ආත්මය වශයෙන් දකියි. කෙසේ වේදනා ඇතියකු ආත්මය වශයෙන් දකීද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
3c447e9d63306fe1e12348ba8e697f7bd7694f3b7f2b761405feec1587f8f33a
target:pali-sinhala-parallel:68392:6
මේ ලෝකයෙහි ඇතමෙක් (ii) සඤ්ඤාව සංඛාරයන් විඤ්ඤාණය රූපය ආත්ය වශයෙන් දකීද ඔහුට මෙසේ සිතෙයි. මේ මගේ ආත්මය වෙයි. මගේ මේ ආත්මය වනාහි මේ වේදනාවෙන් වේදනාවක්යයි වේදනාවත් ආත්මය දකියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
05ebaac4f5fb546b392169ff785e917500841d189a0f40f3a9134b9b6f0a6fd3
target:pali-sinhala-parallel:68392:7
(iii) යම්සේ වනාහි ඡායාවෙන් යුත් රුකක් වෙයිද ඊට පුරුෂයෙක් මෙසේ කියන්නේය. මේ රුකය, මේ ඡායාවය, රුක අනිකකි. ඡායාව අනිකකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
25a4253e7de94617849e3e2afe596e3e6383a6e6631666ca8954d27a3ae9ea92
target:pali-sinhala-parallel:68392:8
ඒ මේ රුක වනාහි මේ ඡායාවෙන් ඡායාවක්යයි ඡායාවත් රුකත් දකියිද එමෙන්ම ලෝකයෙහි ඇතමෙක් (මෙහි (ii) යොදන්න.) දැඩිකොට වරදවා ගැනීම දිට්ඨි නමි. දිට්ඨිය වස්තුව නොවේ. වස්තුව දිට්ඨිය නොවේ. දිට්ඨිය අනිකකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
1254048ffbe240131301849940f71568b98fe941ee7eb321e20a79ae4af2cc7f
target:pali-sinhala-parallel:68392:9
වස්තුව අනිකකි. යම් දෘෂ්ටියක් වේද යම් වස්තුවක් වෙයිද මේ දෙවැනි වේදනාව වස්තු කොට ඇති අත්තානු දිට්ඨි නමි. අත්තානුදිට්ඨිය මිච්ඡාදිට්ඨි නමි. මිච්ඡා දිට්ඨිය දිට්ඨි විපත්ති නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
9a1a7556b746c4d46deab63454a052ab6c29407d4b275eb8b10667ea7a83630d
target:pali-sinhala-parallel:68393:0
[43] කෙසේ සඤ්ඤාව ආත්මය වශයෙන් දකීද, මේ ලෝකයෙහි ඇතමෙක් චක්ඛුසම්ඵස්සජ සඤ්ඤාව, සොතසම්ඵස්සජ සඤ්ඤාව ඝානසම්ඵස්සජ සඤ්ඤාව, ජිව්හාසම්ඵස්සජ සඤ්ඤාව, කායසම්ඵස්සජ සඤ්ඤාව, මනොසම්ඵස්සජ සඤ්ඤාව ආත්මය වශයෙන් දකියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
a007a7420da0e3f56855c1c9f8692030befa405b6fd5a48e8a5fdb1927059030
target:pali-sinhala-parallel:68393:1
(ii) මනොසම්ඵස්සජ සඤ්ඤාව ‘යමක්ද එය මම වෙමි. යමක් මම වෙම්ද, එය මනොසම්ඵස්සජ සඤ්ඤාව වේයයි මනොසම්ඵස්සජ සඤ්ඤාවද, ආත්මයද එකක් වශයෙන් දනිමි. (iii) යම්සේ දල්වනලද තෙල් පහනක යම් සිළුවක්වේද එසේම වර්ණය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
b2f88c4939dd804b2c96eebda2231aae8220d4c4ffff9442fe168c071c34b690
target:pali-sinhala-parallel:68393:10
මේ ලෝකයෙහි ඇතමෙක් (ii) සංඛාරයන් විඤ්ඤාණය රූපය, වේදනාව, ආත්මය වශයෙන් දකියි. ඔහුට මෙසේ සිතෙයි. ‘මේවනාහි මගේ ආත්මය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
1eacbf9f94f89863b0c94c5589346b31225b9a9bb4d633cd571ee691eb667651
target:pali-sinhala-parallel:68393:11
මේ මගේ ආත්මය කෙරෙහි මේ සඤ්ඤාව ඇතැයි’ ආත්මය කෙරෙහි සඤ්ඤාව ඇතැයි දකියි (iii) (මෙහි (ii) යොදන්න) යම්සේ සුවඳ ඇති මලක් වන්නේද ඊට පුරුෂයෙක් මෙසේ කියන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
cdde0a4f3a472255bcf8cc8e248a1cbbc4c72a33b8b8fef45142d19a73363cf6
target:pali-sinhala-parallel:68393:12
මේ මලය, මේ සුවඳය, මල අනිකකි, සුවඳ අනිකකි, ඒ මේ සුවඳ වනාහි මේ මලෙහි වේයයි මලෙහි සුවඳ දක්නේය. එමෙන්ම මේ ලෝකයෙහි ඇතැමෙක් (මෙහි (ii) යොදන්න) [48] දැඩිකොට වරදවා ගැනීම දිට්ඨි නමි දිට්ඨිය වස්තුව නොවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
36a67a5f0fa988f622a3685b51f68921a1f99b273672c68ddc5d13ed89f9c60b
target:pali-sinhala-parallel:68393:13
වස්තුව දිට්ඨිය නොවේ. දෘෂ්ටිය අනිකකි. වස්තුව අනිකකි. යම් දෘෂ්ටියක්වේද, මේ වස්තුවක්වේද, මේ තුන්වැනිවූ සඤ්ඤාව වස්තුකොට ඇති අන්තානුදිට්ඨි නමි. අත්තානුදිට්ඨිය මිච්ඡාදිට්ඨි නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
79a369abf0e882b6d0af67aba2a6563efbfc0bed1600c0c526b4771e50f2373c
target:pali-sinhala-parallel:68393:14
(මෙහි 29 ඡේදයේ (ii) කාම රාග සංයෝජනය යන තැන සිට එහි අවසානය දක්වා යොදන්න.) මොව්හු සංයෝජනයෝ වෙති. දෘෂ්ටීහු නොවෙති. මෙසේ ආත්මය කෙරෙහි සඤ්ඤාව ඇතැයි දකියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
58e74b3b3f644767eadbbc2af50eba98d6b30b3406d4e49933cd62e2bdba97c2
target:pali-sinhala-parallel:68393:2
යම් වර්ණයෙක්වේද, එය සිළුව වේයයි සිළුවද, වර්ණයද, එකක් වශයෙන් දකීද එමෙන් මේ ලෝකයෙහි මනොසම්ඵස්සජ සඤ්ඤාව ආත්මය වශයෙන් දකියි (මෙහි (ii) යොදන්න) [44] දැඩිව වරදවාගැනීම දිට්ඨි නමි. දිට්ඨිය වස්තුව නොවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
ad67f1eae82f7b424ff21d6553016679e5bcf8e5406077a2b7085214ddae91c8
target:pali-sinhala-parallel:68393:3
වස්තුව දිට්ඨිය නොවේ. දෘෂ්ටිය අනිකකි. වස්තුව අනිකකි. යම් දෘෂ්ටියක්වේද, යම් වස්තුවක්වේද, මේ පළමු වැනි සඤ්ඤාච වස්තුකොට ඇති අත්තානුදිට්ඨි නමි. අත්තානු දිට්ඨිය, මිච්ඡා දිට්ඨි නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
f3b028fbe75183868064c11672e0881b3daa46cfcac740ef939e08aae475b865
target:pali-sinhala-parallel:68393:4
මිච්ඡාදිට්ඨිය, දිට්ඨි විපත්තිනමි. (මෙහි 29 ඡේදයේ (ii) කාමරාග සංයෝජනය යන තැන සිට එහි අවසානය දක්වා යොදන්න) මොව්හු සංයෝජනයෝ වෙත්. දෘෂ්ටීහු නොවෙත්. මෙසේ සඤ්ඤාව ආත්ම වශයෙන් දකියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
288b65a7250efa47f72224c819c5e0abb1f52ae9b051a4457ffc698b4a63ce82
target:pali-sinhala-parallel:68393:5
[45] කෙසේ සඤ්ඤාව ඇතියකු ආත්ම වශයෙන් දකියිද? ලෝකයෙහි ඇතමෙක් (ii) සංඛාරයන් විඤ්ඤාණය, රූපය, වේදනාව ආත්මය වශයෙන් දකියිද, ඔහුට මෙසේ සිතෙයි. මේ වනාහි මගේ ආත්මය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
9ec69159987794b40401b0393766ab31669be47c647a18875ffdb743f54a8fd2
target:pali-sinhala-parallel:68393:6
ඒ මගේ ආත්මය වනාහි මේ සඤ්ඤාවෙන් සඤ්ඤාවත්යයි සඤ්ඤා ඇතියකු ආත්මයකොට දකියි. (iii) යම්සේ ඡායාවෙන් යුත් රුකක් වේද, ඊට පුරුෂයෙක් මෙසේ කියන්නේය. මේ රුකය, මේ ඡායාවය, රුක අනිකකි. ඡායාව අනිකකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
1fa35391eb3f98b60160d585b7e62b22186d0af3fdafefee96b941f86b27b5d7
target:pali-sinhala-parallel:68393:7
ඒ මේ රුක වනාහි මේ ඡායාවෙන් ඡායාවත් යයි ඡායාව ඇති රුක දක්නේද එමෙන්ම ලෝකයෙහි (මෙහි (ii) යොදන්න) [46] දැඩිව වරදවා ගැනීම දිට්ඨි නමි දෘෂ්ටිය වස්තුව නොවේ. වස්තුව දෘෂ්ටිය නොවේ. දෘෂ්ටිය අනිකකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
fe05aabd9b0fe698cb2dc51384abe449da25463841a407e602224c157216fb2c
target:pali-sinhala-parallel:68393:8
වස්තුව අනිකකි, යම් දෘෂ්ටියක්වේද, යම් වස්තුවක්වේද මේ දෙවැනි සඤ්ඤාව වස්තුවකොට ඇති අත්තානුදිට්ඨියයි අත්තානුදිට්ඨිය මිච්ඡා දිට්ඨි නමි. මිච්ඡාදිට්ඨිය දිට්ඨි විපත්තිනමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
e33954d950aaa98332f217a5989f1af41d1f6b3f413ca20e40cba13bd7d404ef
target:pali-sinhala-parallel:68393:9
(මෙහි 29 ඡේදයේ (i) කාමරාග සංයෝජකය යන තැන සිට එහි අවසානය දක්වා යොදන්න.) මොව්හු සංයෝජනයෝ වෙති. දෘෂ්ටීහු නොවෙති. මෙසේ සඤ්ඤා ඇතියකු ආත්මය කොට දකියි. [47] කෙසේ ආත්මය කෙරෙහි සඤ්ඤාව ඇත්තේයයි දකීද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
d595c5a6c63e3cd8f40652aab1468442dc97135979fac7787a0b7cd817d5f662
target:pali-sinhala-parallel:68394:0
[49] කෙසේ සංඥාව කෙරෙහි ආත්මය ඇතැයි දකියිද? මේ ලෝකයෙහි (ii) ඇතමෙක් සංඛාරයන් විඤ්ඤාණයන් රූපය වේදනාව ආත්මය වශයෙන් දකියිද ඔහුට මෙසේ සිතෙයි. ‘මේ මගේ ආත්මය වෙයි. ඒ මගේ ආත්මය මේ සඤ්ඤාවෙහි ඇතැයි’ දකියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
dc26b17bb767bf1262c4092ac58d0f50a2bf84021eab7eb03e0769d4e60681bb
target:pali-sinhala-parallel:68394:1
(iii) යම්සේ මැණිකක් කරඬුවෙහි දමන ලද්දේ වෙයි. ඊට පුරුෂයෙක් මෙසේ කියන්නේය. ‘මේ මැණිකය’ මේ කරඬුවය මැණික අනිකකි. කරඬුව අනිකකි. ඒ මැණික වනාහි මේ කරඬුවෙහි ඇතැයි කරඬුවෙහි මැණික දක්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
25baf27fee095755f6635c9133f05b8b6fbaf52d22d264e2d51a3b0d2fc8da5e
target:pali-sinhala-parallel:68394:10
මේ ලෝකයෙහි ඇතමෙක් (ii) විඤ්ඤාණය රූපය වේදනාව සඤ්ඤාව ආත්ම වශයෙන් දකියිද, ඔහුට මෙසේ සිතෙයි. ‘මේ මගේ ආත්මය වෙයි. ඒ මගේ ආත්මය මේ සංඛාරයන්ගෙන් සංඛාර සහිතයයි’ සංඛාර ඇතියකු ආත්මය වශයෙන් දකියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
9763d4799365bce5a8f84bd18b3a3c6e378eebc220d738881aebb93c6c30d8bf
target:pali-sinhala-parallel:68394:11
(iii) යම්සේ ඡායාවෙන් යුත් රුකක් ඇත්තේද ඊට පුරුෂයෙක් මෙසේ කියන්නේය. ‘මේ රුකය මේ ඡායාවය රුක අනිකකි. ඡායාව අනිකකි. ඒ මේ රුක වනාහි මේ ඡායාවෙන් ඡායාවත්යයි ඡායාව ඇති රුක දකියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
0f2749fbbdb677c1bb71c7273334fd67992fd0ca984acd400e8e771a78fab2cc
target:pali-sinhala-parallel:68394:12
එසේම මේ ලෝකයෙහි ඇතමෙක් (මෙහි (ii) යොදන්න.) [54] දැඩිකොට වරදවා ගැනීම දිට්ඨිනමි. දෘෂ්ටිය වස්තුව නොවේ. වස්තුව දෘෂ්ටිය නොවේ. දෘෂ්ටිය අනිකකි. වස්තුව අනිකකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
0f8c31fcace9fc4c49e41163c916900ab0c5e09237264815e70e8d293f5a38a1
target:pali-sinhala-parallel:68394:13
යම් දෘෂ්ටියක් වේද, යම් වස්තුවක් වේද, මේ දෙවැනි සංඛාරයන් මුල්කොට ඇති අත්තානු දිට්ඨිය වේ. අත්තානු දිට්ඨිය මිච්ඡා දිට්ඨි නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
d3e671947c19eb8b6e1542f7c031e4e58cb5e42d22c0b6eccc1bfee9320ba020
target:pali-sinhala-parallel:68394:14
(මෙහි 29 ඡේදයේ (ii) කාමරාග සංයෝජනය යන තැන සිට එහි අවසානය දක්වා යොදන්න.) මොව්හු සංයෝජනයෝ වෙත්. දෘෂ්ටීහු නොවෙත්. මෙසේ සංඛාරයන් ඇතියකු ආත්මය වශයෙන් දකියි. [55] කෙසේ ආත්මයෙහි සංඛාරයන් ඇතැයි දකීද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
166df800e6dfc893bc24a4d36ff3a6c967ccd825ced610ec610e2181764b3de1
target:pali-sinhala-parallel:68394:15
(ii) මේ ලෝකයෙහි ඇතමෙක් විඤ්ඤාණය රූපය වේදනාව සඤ්ඤාව ආත්මය වශයෙන් දකියි. ඔහුට මෙසේ සිතෙයි. ‘මේ වනාහි මගේ ආත්මය වෙයි. මේ මගේ ආත්මය කෙරෙහි මේ සංස්කාරයෝ වෙත්යයි’ ආත්මය කෙරෙහි සංස්කාරයන් දකියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
55e80cadbbb61082b9b49e2aa0d1cb8912f3b3fad6070ad09e231a1470015cb8
target:pali-sinhala-parallel:68394:16
(iii) යම්සේ සුවඳැති මලක් වේද, ඊට පුරුෂයෙක් මෙසේ කියන්නේය. මේ මලය මේ සුවඳය මල අනිකකි. සුවඳ අනිකකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
bd63af458c1cac979136ba7116ef2c619a7004569cf5feaf9d047562d033f89f
target:pali-sinhala-parallel:68394:17
ඒ මේ සුවඳ වනාහි මේ මලෙහි වේයයි මලෙහි සුවඳ පිහිටියේයයි දකියිද, එමෙන්ම (මෙහි (ii) යොදන්න) [56] දැඩිව වරදවා ගැනීම දිට්ඨි නමි. දිට්ඨිය වස්තුව නොවේ. වස්තුව දිට්ඨිය නොවේ. දෘෂ්ටිය අනිකකි. වස්තුව අනිකකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
cdc775a4e2473c4b7c7ba579f101d67b81486a605f385d788c09af71035ccd86
target:pali-sinhala-parallel:68394:18
යම් දෘෂ්ටියක් වේද, යම් වස්තුවක් වේද, මේ තුන්වැනිවූ සංස්කාරයන් වස්තුකොට ඇති අත්තානු දිට්ඨියයි අත්තානු දිට්ඨිය මිච්ඡාදිට්ඨි නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
3ea6c79204575d46d76b5f5b685f51e69ae56b7953d70983731a89d17abdb07d
target:pali-sinhala-parallel:68394:19
(මෙහි 29 ඡේදයේ (ii) කාමරාග සංයෝජනය යන තැන සිට එහි අවසානය දක්වා යොදන්න.) මොව්හු සංයෝජනයෝ වෙත්. දෘෂ්ටීහු නොවෙත්, මෙසේ ආත්මය කෙරෙහි සංස්කාරයන් දකියි. [57] කෙසේ සංස්කාරයන් කෙරෙහි ආත්මය දකියිද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
28f7730a81c4b5d561bc99676b99535c80ccbd6a80e92627930007bac30bcc29
target:pali-sinhala-parallel:68394:2
එමෙන්ම මේ ලෝකයෙහි (මෙහි (ii) යොදන්න.) [50] දැඩිකොට වරදවා ගැනීම දිට්ඨිනමි. දෘෂ්ටිය වස්තුව නොවේ. වස්තුව දෘෂ්ටිය නොවේ. දෘෂ්ටිය අනිකකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
a84eff8930e0b6e846086dfc034b1a69213e7756dd87eef212b05304a6f89f2d
target:pali-sinhala-parallel:68394:20
(ii) මේ ලෝකයෙහි ඇතමෙක් විඤ්ඤාණය රූපය වේදනාව සඤ්ඤාව ආත්මය වශයෙන් දකියිද, ඔහුට මෙසේ සිතෙයි. මේ මගේ ආත්මය වෙයි. ඒ මගේ ආත්මය වනාහි මේ සංස්කාරයන් කෙරෙහි ඇතැයි’ සංස්කාරයන් කෙරෙහි ආත්මය දකියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
238da7db3e4040f6862a069fa4a5f84e33a63deaff6fd102f0eed7e7c0bbf24a
target:pali-sinhala-parallel:68394:21
(iii) යම්සේ මැණිකක් කරඬුවෙහි දමන ලද්දේ වෙයිද, ඊට පුරුෂයෙක් මෙසේ කියන්නේය. මේ මැණිකය මේ කරඬුවය. මැණික අනිකකි. කරඬුව අනිකකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
584ea2aef7307de6e2e84f001460a7617c3759d272b671f25e4bed0715ee1891
target:pali-sinhala-parallel:68394:22
ඒ මැණික වනාහි මේ කරඬුවෙහි යයි කරඬුවෙහි මැණික ඇතැයි දකියිද එමෙන්ම (මෙහි (ii) යොදන්න) [58] දැඩිකොට වරදවා ගැනීම දිට්ඨි නමි. දිට්ඨිය වස්තුව නොවේ. වස්තුව දිට්ඨිය නොවේ. දිට්ඨිය අනිකකි. වස්තුව අනිකකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
16f8dddc8371ab5aaa2d7dffdb4380bb5177b51bc2f254814a91ee4b38073eb2
target:pali-sinhala-parallel:68394:23
යම් දෘෂ්ටියක් වේද, යම් වස්තුවක් වේද, මේ සතර වැනි සංස්කාරයන් වස්තුකොට ඇති අත්තානු දිට්ඨියයි. අත්තානු දිට්ඨිය මිච්ඡා දිට්ඨි නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
ad8be09c911f57e756464a2d28e3b02d0005792d18ef4e81318c5d89f9d56abc
target:pali-sinhala-parallel:68394:24
(මෙහි 29 ඡේදයේ (ii) කාමරාග සංයෝජනය යන තැන සිට එහි අවසානය දක්වා යොදන්න.) මොව්හු සංයෝජනයෝ වෙත්. දෘෂ්ටීහු නොවෙත්. මෙසේ සංස්කාරයන්හි ආත්මය ඇතැයි දකියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
8d4013447442255ac433b3b9315d2ea778f59bea6eb4be08728c8039185aadb8
target:pali-sinhala-parallel:68394:3
වස්තුව අනිකකි, යම් දෘෂ්ටියක් වේද, යම් වස්තුවක් වේද මේ සතර වැනි සඤ්ඤාව වස්තුකොට ඇති අත්තානු දිට්ඨි නමි. අත්තානු දිට්ඨිය මිච්ඡාදිට්ඨි නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
456525d3dcb7568de524de940c9db991c16719af5e19e4d99b447e0d5642beba
target:pali-sinhala-parallel:68394:4
(මෙහි 29 ඡේදයේ (ii) කාමරාග සංයෝජනය යන තැන සිට එහි අවසානය දක්වා යොදන්න) මොව්හු සංයෝජනයෝ වෙත්. දෘෂ්ටීහු නොවෙත්, මෙසේ සඤ්ඤාව කෙරෙහි ආත්මය ඇතැයි දකියි. [51] කෙසේ සංඛාරය ආත්මය වශයෙන් දකියිද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
82db6cc64f41ff942b8a42d90c232fa548d7ff8bb91647230114663fae0eb99e
target:pali-sinhala-parallel:68394:5
මේ ලෝකයෙහි ඇතමෙක් චක්ඛුසම්ඵස්සජ චෙතනාව සොත සම්ඵස්සජ චෙතනාව ඝානසම්ඵස්සජ චෙතනාව ජිව්හාසම්ඵස්සජ චෙතනාව කායසම්ඵස්සජ චෙතනාව මනොසම්ඵස්සජ චෙතනාව (ii) ආත්මය වශයෙන් දකියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
de0f1ac556837f6bc550816b9a20150639c94245b6ba354f90455e6a7cd67b37
target:pali-sinhala-parallel:68394:6
‘යම් මනොසම්ඵස්සජ වේදනාවක් වෙයිද, ඒ මම වෙමි’ යමක් මම වෙම්ද එය මනොසම්ඵස්සජ චෙතනාවයයි මනොසම්ඵස්සජ චෙතනාවද ආත්මයද එකක් කොට දකියි. (iii) යම්සේ දැල්වෙන තෙල් පහනේ යම් සිළුවක් වේද, එය වර්ණය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
7574b24c4d2ee2fe3c909aaec68ab1ffc939c5da59472faefd98a0c9c0e29996
target:pali-sinhala-parallel:68394:7
යමක් වර්ණය වෙයිද එය සිළුව යයි සිළුවද වර්ණයද එකක් කොට දකියිද, එමෙන්ම මේ ලෝකයෙහි ඇතමෙක් මනොසම්ඵස්සජ චෙතනාව (මෙහි (ii) යොදන්න) [52] දැඩිව වරදවා ගැනීම දිට්ඨි නමි. දිට්ඨිය වස්තුව නොවේ. වස්තුව දිට්ඨිය නොවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
7e8157991005183eb28ca32d9bd30f3e043099c8c1b86b6b48576aca3cf03ea2
target:pali-sinhala-parallel:68394:8
යම් දෘෂ්ටියක් වේද, යම් වස්තුවක් වේද, මේ පළමුවැනි සංස්කාරයන් වස්තු කොට ඇති අත්තානු දිට්ඨියයි අත්තානු දිට්ඨිය මිච්ඡා දිට්ඨි නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
33150909bf7a0e921a003b27ed305bc794d03829986afde62c1dd0f91d11823b
target:pali-sinhala-parallel:68394:9
(මෙහි 29 ඡේදයේ (ii) කාමරාග සංයෝජනය යන තැන සිට එහි අවසානය දක්වා යොදන්න) මොව්හු සංයෝජනයෝ වෙත්. දෘෂ්ටීහු නොවෙත්. මෙසේ සංස්කාරයන් ආත්ම වශයෙන් දකියි. [53] කෙසේ සංස්කාරයන් ඇතියකු ආත්මය වශයෙන් දකියිද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
67fabf0b6846d8066267dc672dbeae753e5b57e102914217fbac1b10c7819e1d
target:pali-sinhala-parallel:68395:0
[59] කෙසේ විඤ්ඤාණය ආත්මය වශයෙන් දකියිද? මේ ලෝකයෙහි ඇතමෙක් චක්ඛුවිඤ්ඤාණය සොතවිඤ්ඤාණය ඝාන විඤ්ඤාණය ජිව්හා විඤ්ඤාණය කාය විඤ්ඤාණය මනො විඤ්ඤාණය ආත්මය වශයෙන් දකියි. (ii) යමක් මනො විඤ්ඤාණයක් වේද, ඒ මමය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
3372c791abe296c3b8987c02da8f090dc8889cdfe1f6a1a94614e24e4a7de59d
target:pali-sinhala-parallel:68395:1
යමක් මම වෙමිද, ඒ මනො විඤ්ඤාණයයි මනො විඤ්ඤාණයත් ආත්මයත් එකක් වශයෙන් දකියි. (iii) යම්සේ දැල්වෙන තෙල් පහනේ යම් සිළුවක්වේද, එයම වර්ණය වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
3f44414f5ce7755cde89a1aabfa7e7db57ec1bad99b5f580510d71ec9b4bdc01
target:pali-sinhala-parallel:68395:10
(ii) මේ ලෝකයෙහි ඇතමෙක් රූපය, වේදනාව, සඤ්ඤාව සංඛාරයන් ආත්මය වශයෙන් දකියිද, ඔහුට මෙසේ සිතෙයි. ‘මේ මගේ ආත්මය වෙයි. මේ මගේ ආත්මය කෙරෙහි මේ විඤ්ඤාණය පිහිටියේයි. ආත්මය කෙරෙහි විඤ්ඤාණය දකියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
1f1881261173b7f9f9c13511b6c83d734f68dc51f7f7a526c1f0f2ff58a112bd
target:pali-sinhala-parallel:68395:11
(iii) (මෙහි (ii) යොදන්න) යම්සේ සුවඳැති මලක්වේද, ඊට පුරුෂයෙක් මෙසේ කියන්නේය. මේ මලය, මේ සුවඳය, මල අනිකකි, සුවඳ අනිකකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
de7625c8696e8bcfa4613d97912552239b6bb7b8ff1ebcdb702bb9c5cdd09439
target:pali-sinhala-parallel:68395:12
ඒ සුවඳ වනාහි මේ මලෙහි පිහිටියේයයි මලෙහි සුවඳයයි දක්නේද, එමෙන්ම (මෙහි (ii) යොදන්න) [64] දැඩිකොට වරදවා ගැන්ම දිට්ඨි නමි. දිට්ඨිය වස්තුව නොවේ. වස්තුව දිට්ඨිය නොවේ. දිට්ඨිය අනිකකි වස්තුව අනිකකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
f3a6896f1aea8c4357ac120f9b63da80516282c20f2e3aad194f46eb853dabfc
target:pali-sinhala-parallel:68395:13
යම් දෘෂ්ටියක් වේද යම් යම් වස්තුවක් වේද, මේ තුන්වැනිවූ විඤ්ඤාණය වස්තු කොට ඇති අත්තානු දිට්ඨියයි අත්තානු දිට්ඨිය මිච්ඡා දිට්ඨි නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
cae3dd33ca682fb82acef42d4bfaf309bdca248e879d4883e8b27b5a5a0647d0
target:pali-sinhala-parallel:68395:14
(මෙහි 29 ඡේදයේ (ii) කාමරාග සංයෝජනය යන තැන සිට එහි අවසානය දක්වා යොදන්න.) මොව්හු සංයෝජනයෝ වෙත්. දෘෂ්ටීහු නොවෙත් මෙසේ ආත්මය කෙරෙහි විඤ්ඤාණය ඇතැයි දකියි. [65] කෙසේ විඤ්ඤාණය කෙරෙහි ආත්මය ඇතැයි දක්නේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
5d537a97cfb73cf0bef483459b337816909b3c2cc4582b720ddadcfe724e77b6
target:pali-sinhala-parallel:68395:15
(ii) මේ ලෝකයෙහි ඇතමෙක් රූපය වේදනාව සඤ්ඤාව සංඛාරයන් ආත්මය වශයෙන් දකියිද ඔහුට මෙසේ සිතෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
2acfdc3003d1620d6e6c32f9a729718ea712a087940651cd4478865a45aa5034
target:pali-sinhala-parallel:68395:16
‘මේ මගේ ආත්මය වෙයි ඒ මගේ ආත්මය වනාහි මේ විඤ්ඤාණයෙහි ඇතැයි විඤ්ඤාණයෙහි ආත්මය දකියි (iii) යම්සේ කරඬුවෙහි දමනලද මැණිකක් වේද ඊට පුරුෂයෙක් මෙසේ කියන්නේය. මේ මැණිකය, මේ කරඬුවය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
959db3d9b7bf590de301eee90a615717dc49baa916d4893afcfc6435def1f6a0
target:pali-sinhala-parallel:68395:17
මැණික අනිකකි කරඬුව අනිකකි, ඒ මැණික වනාහි මේ කරඬුවෙහි ඇතැයි කරඬුවෙහි මැණික දකියි එමෙන්ම (මෙහි (ii) යොදන්න.) [66] දැඩිකොට වරදවා ගැන්ම දිට්ඨි නමි. දෘෂ්ටිය වස්තුව නොවේ. වස්තුව දෘෂ්ටිය නොවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
dc871cc7c6e59e7fe6dcaf881c5a91841f05a5eaefd030782fcf1afae1a89664
target:pali-sinhala-parallel:68395:18
දෘෂ්ටිය අනිකකි. වස්තුව අනිකකි. යම් දෘෂ්ටියක් වේද යම් වස්තුවක් වේද මේ සතර වැනි විඤ්ඤාණය වස්තු කොට අත්තානු දිට්ඨියයි. අත්තානු දිට්ඨිය මිච්ඡා දිට්ඨි නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
72c97f966038fecb2cd23b6b8f5fb10d1cd008f8910183b16c4a07f75515afce
target:pali-sinhala-parallel:68395:19
(මෙහි 29 ඡේදයේ (ii) කාමරාග සංයෝජනය යන තැන සිට එහි අවසානය දක්වා යොදන්න) මොව්හු සංයෝජන වෙත්. දෘෂ්ටීහු නොවෙත්. මෙසේ විඤ්ඤාණය කෙරෙහි ආත්මය ඇතැයි දකියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
93863006742e34d7be19db0edcc9f6e2f1887460c321a8519ceee1b4bd24fac8
target:pali-sinhala-parallel:68395:2
යමක් වර්ණය වෙයිද, එය පහන්සිළුව වේයයි පහන් සිළුවද, වර්ණයද එකක් වශයෙන් දක්නේද, එමෙන්ම (මෙහි (ii) යොදන්න) [60] දැඩිව වරදවාගැනීම දිට්ඨිනමි. දිට්ඨිය වස්තුව නොවේ. වස්තුව දිට්ඨිය නොවේ. දෘෂ්ටිය අනිකකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
1bcbddd528b236df028b05cbeabb7f0bc7f924f732c34273f3ea4b173d75dfb1
target:pali-sinhala-parallel:68395:20
අත්තානු දිට්ඨියෙන් මේ විසි ආකාරයෙන් දැඩිකොට වරදවා අල්වා ගන්නේ වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
fce024168889edbe68f8e4a3b15e601630a355ed349a99c43e081979d523de4b
target:pali-sinhala-parallel:68395:3
වස්තුව අනිකකි. යමක් දෘෂ්ටියද, යමක් වස්තුවද මේ පළමුවැනිවූ විඤ්ඤාණය වස්තුකොට ඇති අත්තානුදිට්ඨිනමි. අත්තානුදිට්ඨිය මිච්ඡාදිට්ඨිනමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
4647275647a92961f372c7740c6745706b75d4d754f60e460a764d1585bc57f9
target:pali-sinhala-parallel:68395:4
(මෙහි 29 ඡේදයේ (ii) කාම රාග සංයෝජනය යන තැන සිට අවසානය දක්වා යොදන්න) මොව්හු සංයෝජනයෝ වෙත්, දෘෂ්ටීහු නොවෙත්. මෙසේ විඤ්ඤාණය ආත්මය වශයෙන් දකියි. [61] කෙසේ විඤ්ඤාණය ඇතියකු ආත්මය වශයෙන් දකියිද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
abdb9da699dd2ccc78e1c51ae9695fffd488c1ef74bc9fedde50ef4f3eed6fc7
target:pali-sinhala-parallel:68395:5
(ii) මේ ලෝකයෙහි ඇතමෙක් රූපය වේදනාව, සඤ්ඤාව, සංඛාරයන් ආත්මය වශයෙන් දකියිද, ඔහුට මෙසේ සිතෙයි. මේ වනාහි මගේ ආත්මය වෙයි. ඒ මේ මගේ ආත්මය මේ විඤ්ඤාණයෙන් විඤ්ඤාණ සහිතයයි විඤ්ඤාණය ඇතියකු ආත්මය කොට දකියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
bb58a7a985c0604dc73e54cb7cdc1c41600bd47f8804281cdd02f7a499a2473c
target:pali-sinhala-parallel:68395:6
(iii) (මෙහි (ii) යෙදිය යුතුයි) යම්සේ ඡායාව ඇති රුකක් ඇත්තේද ඊට පුරුෂයෙක් මෙසේ කියන්නේය.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
1d6cfc31dd4bdb0089e26c149e9d141fa8d5d20e5a8e1a9c8f6560055719a405
target:pali-sinhala-parallel:68395:7
මේ රුකය, මේ ඡායාවය, රුක අනිකකි ඡායාව අනිකකි, ඒ මේ රුක වනාහි මේ ඡායාවෙන් ඡායා සහිතයයි ඡායාව ඇති රුකයයි දකියිද, එමෙන්ම මේ ලෝකයෙහි ඇතමෙක් (මෙහි (ii) යොදන්න) [62] දැඩිකොට වරදවාගැනීම දිට්ඨිනමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
9f5d3d0fa744afe1cc89ff008ef3329977a89a0d1999dec9ba622219f18609e6
target:pali-sinhala-parallel:68395:8
දිට්ඨිය වස්තුව නොවේ. වස්තුව දිට්ඨිය නොවේ දිට්ඨිය අනිකකි. වස්තුව අනිකකි. යම් දෘෂ්ටියක්වේද යම් වස්තුවක්වේද මේ දෙවැනි විඤ්ඤාණය වස්තුකොට ඇති අත්තානුදිට්ඨිනමි. අත්තානු දිට්ඨිය මිච්ඡාදිට්ඨිනමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
c2a9d8f9bbb375cc7a701788ca3ec6f4a9328af8d9e911b18a18e8baf9fd48c1
target:pali-sinhala-parallel:68395:9
(මෙහි 29 ඡේදයේ (ii) කාමරාග සංයෝජනය යන තැන සිට එහි අවසානය දක්වා යොදන්න) මොව්හු සංයෝජනයෝ වෙත්. දෘෂ්ටීහු නොවෙත් මෙසේ විඤ්ඤාණය ඇතියකු ආත්මය වශයෙන් දකියි. [63] කෙසේ ආත්මය කෙරෙහි විඤ්ඤාණය ඇතැයි දක්නේද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
e43189abdd48b55a81dec93451904ae619f97534e224a5fbcbddc4bf5c3a1eea
target:pali-sinhala-parallel:68396:0
[67] කිනම් දස ආකාරයකින් මිථ්‍යාදෘෂ්ටියෙන් දැඩිකොට වරදවා ගැනීම වේද? දුන්දෙයෙහි පලක් නැත යනු වස්තු නමි. (ii) මෙසේ කියන්නාවූ දැඩිකොට වරදවාගැනීම දිට්ඨිනමි. දෘෂ්ටි වස්තුව නොවේ. වස්තුව දෘෂ්ටිය නොවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
266255a01af7c7e8f17ac344583eca5d45cd018f68a390d6b05515b1f6326120
target:pali-sinhala-parallel:68396:1
දෘෂ්ටිය අනිකකි වස්තුව අනිකෙකි යම් දෘෂ්ටියක්වේද, යම් වසලක් වේද, මේ පළමුවැනි වූ වරදවා ගැනීම වස්තුකොට ඇත්තාවූ මිච්ඡාදිට්ඨිනමි. මිච්ඡාදිට්ඨිය දිට්ඨි විපත්ති නමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
cb4162accf1c28edb33f1e7909273a986fad6515a798973379849dec6abbf12b
target:pali-sinhala-parallel:68396:2
(මෙහි 29 (ii) යොදන්න) මොව්හු සංයෝජනයෝ වෙත්. දෘෂ්ටීහු නොවෙත්. සුලු දානයෙහි විපාක නැත යනු වස්තුනමි. (මෙහි (ii) යොදන්න) මහාදානයෙහි විපාක නැත යනු වස්තුනමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
4459d904be454dafc9c411d14e278f91f9e0099fc7de0dbcd49269055bebe645
target:pali-sinhala-parallel:68396:3
(මෙහි (ii) යොදන්න) යහපත් ක්‍රියා අයහපත් ක්‍රියාවන්ගේ ඵල විපාක නැත යනු වස්තු නමි. (මෙහි (ii) යොදන්න) මෙලොවක් නැත යනු වස්තුනමි. (මෙහි (ii) යොදන්න) පරලොවක් නැත යනු වස්තුනමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
de0b13b03dd799a28206057ed42235b104aac291122637b3f10bf2cbef2e354c
target:pali-sinhala-parallel:68396:4
(මෙහි -(ii) යොදන්න.) මවට කරන ලද හොඳ නොහොඳ කර්මයන්ගේ විපාක නැත යනු වස්තු නමි. (මෙහි -(ii) යොදන්න) පියාට කරනලද හොඳ නොහොඳ කර්මයන්ගේ විපාක නැත යනු වස්තුනමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
386955e8302aefd34fbd24b357eeacbf2dcf058150b94dfe7700745807f83711
target:pali-sinhala-parallel:68396:5
(මෙහි -(ii) යොදන්න ඔපපාතික සත්වයන් නැත යනු වස්තුනමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
27127a8e890349c6b3f37fba157104dc32227389c9471327138af08e0910e016
target:pali-sinhala-parallel:68396:6
(මෙහි (ii) යොදන්න) යම් කෙනෙක් මෙලොවද පරලොවද තුමූම විශේෂ ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශ කරත්ද යහපත්ව ගියාවූ යහපත්ව පිළිපැද්දාවූ ශ්‍රමණබ්‍රාහ්මණයෝ වෙත්ද එබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකයෙහි නැත යනු
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
4c70c838dc81102728e8492829b6e1a3d4bce9e902e44524621305f3f40544b3
target:pali-sinhala-parallel:68396:7
වස්තුනමි. (මෙහි -(ii) යොදන්න) මෙසේ කියන්නාවු දැඩි කොට වරදවාගැනීම දිට්ඨි නමි. දිට්ඨිය වස්තුව නොවේ, වස්තුව දිට්ඨිය නොවේ.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
b8f99ed58ca01917eee89c9b3df75d094100e065d244f8452b74243055b9c42b
target:pali-sinhala-parallel:68396:8
දිට්ඨිය අනිකකි, වස්තුව අනිකකි යම් දෘෂ්ටියක්වේද යම් වස්තුවක්වේද, මෙය දසවැනිවූ වරදවා ගැනීම වස්තුකොට ඇත්තාවූ මිච්ඡාදිට්ඨිනමි. මිච්ඡාදිට්ඨිය දිට්ඨි විපත්තිනමි. මිථ්‍යාදෘෂ්ටික පුද්ගලයාගේ ගති දෙකකි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
56b539a69951d7cd4454d4c9f136513ebf7faff74fb85e8ce21afc45c597fe3e
target:pali-sinhala-parallel:68396:9
(මෙහි 29 (ii) යොදන්න) මොව්හු සංයෝජනයෝ වෙත්. දෘෂ්ටීහු නොවෙත්. මිථ්‍යාදෘෂ්ටියෙන් මේ දශ ආකාරයෙන් වරදවා ගැනීම වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
d781feee505cb719dded0c812d29813d75de4682bb9bb7e90a9482721c77fe99
target:pali-sinhala-parallel:68397:0
[68] සක්කාය දිට්ඨියෙන් කිනම් විසි ආකාරයකින් දැඩිකොට ගැනීම වෙයිද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
339f4d07b5243319082caf46994bf29bddd896e7edec0f593c679f8d8d698803
target:pali-sinhala-parallel:68397:1
මේ ලෝකයෙහි ආර්යයන් නොදක්නා ආර්ය ධර්මයෙහි අදක්ෂ ආර්ය ධර්මයෙහි නොහික්මුණු සත්පුරුෂයන් නොදක්නා, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු අශ්‍රැතවත් පෘථග්ජනතෙම (iii) රූපය ආත්මය වශයෙන් දකියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
cd3678950eaf9d8a63cc93bfe3bac6312b5e96ffaf36677416ca2ec74ef4b470
target:pali-sinhala-parallel:68397:2
රූපය ඇතියෙකු හෝ ආත්මය කෙරෙහි රූපය පිහිටියේයයි හෝ රූපය කෙරෙහි ආත්මය පිහිටියේ යයි හෝ දකියි. වේදනාව-සඤ්ඤාව-සංඛාරයන්-විඤ්ඤාණය ආත්මය වශයෙන් දකියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
74ed1731ff7a2758425030307eaf7aa661ab8d2bd2a6f1a758cd72237ad5ff7f
target:pali-sinhala-parallel:68397:3
විඤ්ඤාණය ඇතියකු හෝ ආත්මය කෙරෙහි විඤ්ඤාණය ඇතැයි හෝ විඤ්ඤාණය කෙරෙහි ආත්මය ඇතැයි හෝ දකියි. [69] කෙසේ රූපය ආත්මය වශයෙන් දකියිද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
de11fbd471624c011bc8c7f865c12d53854b616b8ee5616405670f028b8822fa
target:pali-sinhala-parallel:68397:4
මේ ලෝකයෙහි ඇතමෙක් පඨවි කසිණය (මෙහි 31 (ii) යොදන්න) ඔදාත කසිණය ආත්මය වශයෙන් දකියි. ඔදාත කසිණය යමක්ද, ඒ මම වෙමි. යමක් මම වෙම්ද, එය ඔදාත කසිණය වේයයි ඔදාත කසිණයත් ආත්මයත් එකක් කොට දකියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
b50022db32579600dd3b346ce0e12ac25b7b6ff7c1f582f6630575ae2d056ba0
target:pali-sinhala-parallel:68397:5
යම්සේ දැල්වෙන තෙල් පහනක (මෙහි 31 (iii) යොදන්න) එමෙන්ම මේ ලෝකයෙහි ඇතමෙක් ඔදාත කසිණය ආත්මය වශයෙන් දකියි. දැඩිකොට වරදවාගැනීම දිට්ඨිනමි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
620588ff2cfed1d456888d50c584b96bba7246aac0032b287527a238169ebb87
target:pali-sinhala-parallel:68397:6
මේ පළමුවැනිවූ රූපය වස්තුකොට ඇති සක්කායදිට්ඨියයි සක්කායදිට්ඨිය මිච්ඡාදිට්ඨි නමි. (මෙහි 29 (ii) යොදන්න) මොව්හු සංයෝජනයෝ වෙත්. දෘෂ්ටීහු නොවෙත්, මෙසේ රූපය ආත්මය වශයෙන් දකියි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
42469d22a1d5c801c32e824a6ecc63cb34190c2a9008b1d02a0634d687f42733
target:pali-sinhala-parallel:68397:7
මෙහි (iii) යොදන්න) සක්කාය දිට්ඨියෙන් මේ විසි ආකාරයෙන් දැඩිව වරදවාගැනීම වෙයි.
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
d7125e736513e9239a7850f8b134cd8c9d2f6950ba8d654b3d3fc66d99a4f7eb
target:pali-sinhala-parallel:68398:0
[70] සක්කාය වස්තුකොට ශාස්වත දෘෂ්ටියෙන් කිනම් පසළොස් ආකාරයකින් දැඩිව වරදවාගැනීම වෙයිද?
sin_Sinh
pali-sinhala-parallel
parallel_corpus
pali-sinhala-parallel:sutta435
pali-sinhala-parallel:sutta435:b841
7b41489c73eacbbb901314cf62c8c9ece14d33160fa1ae26f3613b5a6c5140c4