sample_id stringlengths 18 38 | text stringlengths 5 200 | label stringclasses 3
values | source stringclasses 5
values | subcorpus stringclasses 59
values | doc_id stringclasses 691
values | block_id stringlengths 15 101 | text_sha256 stringlengths 64 64 |
|---|---|---|---|---|---|---|---|
target:pali-sinhala-parallel:68521:8 | අනුප්පාදය (නිවන) ආවර්ජනා කරණ ලද බැවින් එය සිටී, උත්පාදය ආවර්ජනා නොකරණ ලද බැවින් එය සිටී, නොපැවැත්ම (නිවන) ආවර්ජනා කරණ ලද බැවින් එය සිටී, පැවැත්ම ආවර්ජනා නොකරණ ලද බැවින් එය සිටී, අනිමිත්තය (නිවන) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 1435c424db26f03fa1699a6ee7a2d72d7823776bb312a474395f34b1179058f7 |
target:pali-sinhala-parallel:68521:9 | ආවර්ජනා කරණ ලද බැවින් එය සිටී, නිමිත්ත ආවර්ජනා නොකරණ ලද බැවින් සති සම්බොජ්ක්ධංගය සිටී, නිරෝධය ආවර්ජනා කරණ ලද බැවින් එය සිටී, සංස්කාරයන් ආවර්ජනා නොකරණ ලද බැවින් එය සිටී. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | f050686531314c22ca3206fb9daeac298319d56c772beaf2c3eea3a6c3919145 |
target:pali-sinhala-parallel:68522:0 | සාවත්ථි නිදානයයි [1] “මහණෙනි, ආදරයෙන් සේවනය කරන ලද වඩන ලද බහුල වශයෙන් කරන ලද යානාවක් මෙන් කරන ලද වස්තුවක් මෙන් කරන ලද එළඹ සිටියාවූ (හැම අයුරෙන්ම) පුරුදු කරන ලද මොනවට පටන්ගන්නා ලද මෙත්තා චෙතොවිමුක්තිය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | a042c9e0f73a55202c789de5231482b13c25b4f400cd0ab6539e8f2087ac3ea0 |
target:pali-sinhala-parallel:68522:1 | (සිතේ මිදීම) පිළිබඳ ආනිශංස එකොළසක් කැමති විය යුත්තාහ. කවර එකොළසක්ද යත් :- සුවසේ නිදයි. සුවසේ පුබුදියි නපුරු සිහින නොදකියි. මනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි. අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 6ef88375b15e254962b536d29b1312588272532e0a036f86dfd97ff060f5cee2 |
target:pali-sinhala-parallel:68522:10 | [3] (ප්‍රදේශ) සීමා සහිතව පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය කවර සත් අයුරකින් වේදයත් :- සියලු ස්ත්‍රීහු (ii) වෛර රහිතවූවෝ ව්‍යාපාද (හිංසා) රහිතවූවෝ දුක් රහිතවූවෝ සුවපත්ව ආත්මභාවය පරිහරණය කෙරෙත්වා (iii) | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | b2db46d8971470419ef5f72a96b49e33d2e941a8bb0fbe91909ab9e46c3f3301 |
target:pali-sinhala-parallel:68522:11 | සියලු පුරුෂයෝ (මෙහි (ii) යොදන්න) සියලු ආර්යයෝ, සියලු අනාර්යයෝ, සියලු දෙවියෝ, සියලු මනුෂ්‍යයෝ, සියලු විනිපාතිකයෝ (අපායගතවූවෝ) වෛර රහිතවූවෝ ව්‍යාපාද (හිංසා) රහිතවූවෝ, දුක් රහිත වූවෝ සුවපත්ව ආත්ම පරිහරණය | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | d40f76cb14574417de9301e4bb715d9900a4eea65b51ff2a8f018e6af385643f |
target:pali-sinhala-parallel:68522:12 | කෙරෙත්වායි (ප්‍රදේශ) සීමා රහිතව පතුරුවන මෛත්‍රීචිත්ත විමුක්තිය මේ සත් අයුරින් වේ. [4] “දිශාවන්හි පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය කවර දශ අයුරකින් වේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 701a5bcf2d73f301f786090a53361ae537474218eeefb811d0600ef4c942d497 |
target:pali-sinhala-parallel:68522:13 | සියලු පූර්ව දිශාවෙහි සත්වයෝ (ii) වෛර රහිතවූවෝ ව්‍යාපාද රහිතවූවෝ, දුක් රහිතවූවෝ සුවපත්ව ආත්මභාව පරිහරණය කෙරෙත්වා, (iii) සියලු පශ්චිම දිශාවෙහි සත්වයෝ (මෙහි (ii) යොදන්න) සියලු උත්තර දිශාවෙහි සත්වයෝ සියලු | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 200ad7db810f069532fb136da2432b90b3fc7b163077ee378448892dd589d912 |
target:pali-sinhala-parallel:68522:14 | දක්ෂිණ දිශාවෙහි සත්වයෝ සියලු පූර්ව අනුදිශාවෙහි සත්වයෝ සියලු පශ්චිම අනුදිශාවෙහි සත්වයෝ සියලු උත්තර අනුදිශාවෙහි සත්වයෝ සියලු දක්ෂිණ අනුදිශාවෙහි සත්වයෝ සියලු යට දිශාවෙහි සත්වයෝ සියලු උඩ දිශාවෙහි සත්වයෝ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 41dc141edf0b5c9a3f6c6fc06a4d8112dd1c5dade180c53ac0a07d4fac96dac0 |
target:pali-sinhala-parallel:68522:15 | (iv) වෛර රහිතවූවෝ ව්‍යාපාද (හිංසා) රහිතවූවෝ දුක් රහිතවූවෝ සුවපත්ව ආත්මභාව පරිහරණය කෙරෙත්වා. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 2269201d1f89ca9b62d18b3b55c50ab1ad3dd2c429e23567f70686fadd38a99b |
target:pali-sinhala-parallel:68522:16 | [5] “සියලු පූර්ව දිශාවෙහි ප්‍රාණීහු (මෙහි 4 ඡේදයේ (iv) යොදන්න) භූතයෝ පුද්ගලයෝ ආත්මභාව පර්යාපන්නයෝ (ශරීර ඇත්තෝ) සියලු ස්ත්‍රීහු සියලු පුරුෂයෝ සියලු ආර්යයෝ සියලු අනාර්යයෝ සියලු දෙවියෝ සියලු මනුෂ්‍යයෝ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | b1e520fd610b336ea8befb9e3370800efa5e66b02998d822d1c5bede8fcc3fe2 |
target:pali-sinhala-parallel:68522:17 | සියලු විනිපාතිකයෝ වෛර රහිතවූවෝ ව්‍යාපාද (හිංසා) රහිතවූවෝ දුක් රහිත වූවෝ සුවපත්ව ආත්මභාව පරිහරණය කෙරෙත්වා. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 0fba907ce7f11ebd0bc60caaece558fbcfd62081ae426145c29099cbe3f8ab33 |
target:pali-sinhala-parallel:68522:18 | සියලු පශ්චිම දිශාවෙහි විනිපාතිකයෝ (අපායගතවූවෝ) සියලු උත්තර දිශාවෙහි විනිපාතිකයෝ සියලු දක්ෂිණ දිශාවෙහි විනිපාතිකයෝ සියලු පූර්ව අනුදිශාවෙහි විනිපාතිකයෝ සියලු පශ්චිම අනු දිශාවෙහි විනිපාතිකයෝ සියලු උත්තර | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 38c96b17b6cc396dd2c6ded3ab406c5911920bd08c70e7efe8002c1c0f409376 |
target:pali-sinhala-parallel:68522:19 | අනුදිශාවෙහි විනිපාතිකයෝ සියලු දක්ෂිණ අනුදිශාවෙහි විනිපාතිකයෝ සියලු යට දිශාවෙහි විනිපාතිකයෝ සියලු උඩ දිශාවෙහි විනිපාතිකයෝ වෛර රහිතවූවෝ ව්‍යාපාද රහිත වූවෝ දුක් රහිතවූවෝ සුවපත්ව ආත්මභාව පරිහරණය කෙරෙත්වා. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 7cbc97675a06e48c7d4347f1cb172bff01a8cb8f84a8d664643538576f2187ff |
target:pali-sinhala-parallel:68522:2 | දෙවියෝ රකිත් මොහුගේ ශරීරයෙහි ගිනි හෝ විෂ සැත් හෝ නොපිවිසේ. වහා සිත එකඟ වෙයි. මුඛ වර්ණය වෙසෙසින් පැහැපත් වේ. නොමුළාව කළුරිය කෙරෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 52cd8605a2afe3df4f94a4aa2c379e9198b81b2b83ec532922d8780085331038 |
target:pali-sinhala-parallel:68522:20 | දිශාවන්හි පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය මේ දස අයුරෙන් වේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | cebc67849dbc327a3731d60516f904d415a3f0b9f0bd9ddd58ff59f5ff101235 |
target:pali-sinhala-parallel:68522:3 | (මෛත්‍රී සමාපත්තියෙන්) මත්තෙහි රහත් වන්නට නොහැකිවී නම් (මරණින් මතු) බඹලොව උපදින්නේ වේ. “(ප්‍රදේශ) සීමා රහිතව පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තියෙක් ඇත. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 5a51772d5fd67b42473cd6f71c7007aa2f98b48d472e2097d7d0e24358407ed8 |
target:pali-sinhala-parallel:68522:4 | (ප්‍රදේශ) සීමා සහිතව පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තියෙක් ඇත. දිශාවන්හි පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තියෙක් ඇත. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 981fd90b2e728fd5bd9abb07ad99a309719932468afe55b432a1c5ef89b6cc0f |
target:pali-sinhala-parallel:68522:5 | [2] “සීමා රහිතව පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය කී අයුරකින් වේද, සීමා සහිතව පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය කී අයුරකින් වේද, දිශාවන්හි පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය කී අයුරකින් වේද? | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 7412a6edbe6a46199ea5dd3e19cf3e6f0eea8f17f2c242fc40f9e660f3d448a2 |
target:pali-sinhala-parallel:68522:6 | “සීමා රහිතව පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය පස් අයුරකින් වේ. සීමා සහිතව පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය සත් අයුරකින් වේ. දිශාවන්හි පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය දශ අයුරකින් වේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | e79b3144258210adcdd217ab70db3264209d6327db537ac8415ef8db60838be8 |
target:pali-sinhala-parallel:68522:7 | (ප්‍රදේශ) සීමා රහිතව පතුරුවන මෛත්‍රී චිත්ත විමුක්තිය කවර පස් අයුරකින් වේද, යත්:- සියලු සත්වයෝ (ii) වෛර රහිතවූවෝ ව්‍යාපාද (හිංසා) රහිතවූවෝ දුක් රහිතවූවෝ සුවපත්ව ආත්මභාව පරිහරණය කෙරෙත්වා, (iii) සියලු | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 7fe424d1e97b209ac245e085b8897b94ac06d89f728ed2499bc91a8e63bee981 |
target:pali-sinhala-parallel:68522:8 | ප්‍රාණීහු (මෙහි (ii) යොදන්න) සියලු භූතයෝ සියලු පුද්ගලයෝ සියලු ආත්මභාවයට ඇතුළත්වූවෝ වෛර රහිතවූවෝ ව්‍යාපාද රහිත වූවෝ දුක් රහිත වූවෝ සුවපත්ව ආත්මභාව පරිහරණය කෙරෙත්වායි ප්‍රදේශ සීමා රහිතව පතුරුවන මෛත්‍රි | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 0efffce3d69d00b33254bc65799cbe2601391824c32cb43c8e46cbb4abb56022 |
target:pali-sinhala-parallel:68522:9 | චිත්ත විමුක්තිය මේ පස් අයුරෙන් වේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | ca85bc4a8cbf91daeee4deb00b6b3aa962531476280739c09a48c97fc5d72f27 |
target:pali-sinhala-parallel:68523:0 | සියලු ආත්මභාවයන්ගේ (අභ්‍යන්තර) පීඩාව දුරුකොට නොපෙළීමෙන් බාහිර හිංසාව දුරුකොට හිංසා නොකිරීමෙන් සන්තාපය දුරු කොට අසන්තාපයෙන් (ජීවිත) විනාශය දුරුකොට විනාශ නොකිරීමෙන් වෙහෙස කිරීම දුරුකොට නොවෙහෙසීමෙන් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 4a15245e3964eb44865087a51d3b61abab9a9acdd617546a0c913bb63e5a59b6 |
target:pali-sinhala-parallel:68523:1 | සියලු සත්වයෝ අවෛරීහු වෙත්වා. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 481f86aec43236dc01dc14e53a86e3ee9a61db03411252999d31d99a713600cd |
target:pali-sinhala-parallel:68523:10 | මේ පඤ්චෙන්ද්‍රියයන් විසින් මෛත්‍රී චිත්ත විමුක්තිය බහුල වශයෙන් කරනු ලැබේ. මේ පඤ්චෙන්ද්‍රියයෝ මෛත්‍රී චිත්ත විමුක්තියගේ අලංකාරයෝ වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 52cb45e7b631cb5c2ee98ecb0c994dfb4ffd21edceacb03b958e8105c21ca867 |
target:pali-sinhala-parallel:68523:11 | මේ පඤ්චෙන්ද්‍රියයන් විසින් මෛත්‍රී චිත්ත විමුක්තිය මොනවට අලංකෘත වූවාවෙයි. මේ පඤ්චෙන්ද්‍රියයෝ මෛත්‍රී චිත්ත විමුක්තියගේ පරිෂ්කාරයෝ වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 06b3b0401d7406d921bbfdedfcbe1463368ae10fa2b7e98eda1eb4f9ea25a18b |
target:pali-sinhala-parallel:68523:12 | මේ පඤ්චෙන්ද්‍රියන් විසින් මෛත්‍රි චිත්ත විමුක්තිය සුපරිෂ්කෘත (මනාව පිරිවැරූයේ) වෙයි. මේ පඤ්චෙන්ද්‍රියයෝ මෛත්‍රි චිත්ත විමුක්තියගේ පරිවාරයෝ වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 7659d0b004ec63b6054c2a4fecc792a81ed48fee4933b4e8f335595155ad9783 |
target:pali-sinhala-parallel:68523:13 | මේ පඤ්චෙන්ද්‍රියයන් විසින් මෛත්‍රී චිත්ත විමුක්තිය සුපරිවෘත වූවා වෙයි. [8] “මේ පඤ්චෙන්ද්‍රියයෝ මෛත්‍රී චිත්ත විමුක්තියගේ ආසේවනයෝ වෙත්. භාවනාවෝ වෙත්. බහුල වශයෙන් කරන්නෝ වෙත්. අලංකාරයෝ වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 25fe0b2d87e27016a7b11e9fd5c1c537b653aa5a73e0fdfa2b4599cfe6b120e5 |
target:pali-sinhala-parallel:68523:14 | පරිෂ්කාරයෝ වෙත්. පරිවාරයෝ වෙත්. පරිපූරකයෝ වෙත්. යුක්ත වූවෝ වෙත්. සහජාතයෝ වෙත්. මිශ්‍රවූවෝ වෙත්. සම්ප්‍රයුක්තවූවෝ වෙත්. ප්‍රස්කන්ධනයෝ වෙත්. ප්‍රසීදනයෝ වෙත්. සන්තිෂ්ඨනයෝ (තීරණ) වෙත්. මිදෙන්නෝ වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | f5b421edc3fcc87da6f051a7adaa1525ab499c8782bf3202fb663a7ee917786d |
target:pali-sinhala-parallel:68523:15 | මෙය ශාන්තයි’ දක්නෝ වෙත්. යානීකෘතයෝ (යානයක් මෙන් කළෝ වෙත්. වස්තුකෘතයෝ වෙත්. හටගන්නෝ වෙත්. පුරුදු කරන ලද්දෝ වෙත්. මනාව පටන් ගන්නා ලද්දෝ වෙත්. මනාව වඩන ලද්දෝ වෙත්. මනාව පිහිටුවන ලද්දෝ වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 81f31158f2287d02d6ef1ad9aa1a3898e9598c2f9b5f171e0819bcb68efd1d58 |
target:pali-sinhala-parallel:68523:16 | මනාව ඔසවන ලද්දෝ වෙත්. සුවිමුක්තයෝ (මනාව මිදුණෝ) වෙත්. (මෛත්‍රීය) උපදවත්. ප්‍රකට කෙරෙත්, බබලවත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | d0626b40690333cdf4c350713e222ab0b917f593c09c3050fe427bf6ec13b7c0 |
target:pali-sinhala-parallel:68523:2 | වෛරීහු නොවෙත්වා, සැප ඇත්තෝ වෙත්වා, දුක් ඇත්තෝ නොවෙත්වා, සියලු සත්වයෝ සුඛිතාත්මභාව ඇත්තෝ වෙත්වා දුක්වූ ආත්මභාවය ඇත්තෝ නොවෙත්වායි මේ අයුරෙන් මෙත් (ස්නෙහ) කෙරේනුයි ‘මෙත්තා’ නමි ඒ ධර්මය සිතානුයි ‘චෙතො’ | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 019f62091be78de087b3525c05afaf446efb5d109d11750ced73c35ae9edb494 |
target:pali-sinhala-parallel:68523:3 | නමි, නැගී සිටින සියලු ව්‍යාපාදයන්ගෙන් වෙසෙසින් මිදෙනුයි. විමුක්ති මිදීම් නමි. “මෙත්තා” ද ‘චෙතො’ ද “මුක්ති” දැයි “මෙත්තා චෙතො විමුක්ති” යනු වේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | d24473bef4f4d798cc999ea651f4a29979779eacf0dd62198b34445d3b8fc61a |
target:pali-sinhala-parallel:68523:4 | [6] “සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, භය නැත්තෝ වෙත්වා, සුව ඇත්තෝ වෙත්වායි’ ශ්‍රද්ධාවෙන් සිත පිහිටුවයි. මෛත්‍රී චිත්ත විමුක්තිය විසින් ශ්‍රද්ධෙන්ද්‍රිය හාත්පසින් වඩන ලද්දේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 4ade0a0962f9b5f9e8d681a6cd00b362bfb195de092aae40a43a3bc7b849e2de |
target:pali-sinhala-parallel:68523:5 | සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, භය නැත්තෝ වෙත්වා, සැප ඇත්තෝ වෙත්වායි’ සිහිය පිහිටුවයි. මෛත්‍රි චිත්ත විමුක්තිය විසින් සතින්ද්‍රිය හාත්පසින් වඩන ලද්දේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | dc39ee006814d4c17a1dac3bd99b61453feaf224600220ff2776314c4e5c41c8 |
target:pali-sinhala-parallel:68523:6 | සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, භය නැත්තෝ වෙත්වා, සියලු සත්වයෝ සැප ඇත්තෝ වෙත්වායි සිත මනාව තැන්පත් කරයි. මෛත්‍රී චිත්ත විමුක්තිය විසින් සමාධින්ද්‍රිය හාත්පසින් වඩන ලද්දේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 716a0930936f2c3e70138f7796b82c51d45aed3441e43258524e6cc6f7eb7b41 |
target:pali-sinhala-parallel:68523:7 | සියලු සත්වයෝ අවෛර නැත්තෝ වෙත්වා, භය නැත්තෝ වෙත්වා සැප ඇත්තෝ වෙත්වායි ප්‍රඥාවෙන් දනියි. මෛත්‍රී චිත්ත විමුක්තිය විසින් ප්‍රඥෙන්ද්‍රිය හාත්පසින් වඩන ලද්දේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 8debb427da796442e23c89955104b085b55c821067d77dd16c5faedd30b28b9a |
target:pali-sinhala-parallel:68523:8 | [7] “මේ පඤ්චෙන්ද්‍රියයෝ මෛත්‍රී චිත්ත විමුක්තියගේ වෙත්. මේ පඤ්චෙන්ද්‍රියයන් විසින් මෛත්‍රී චිත්ත විමුක්තිය ආසේවනය කරනු ලැබේ. මේ පඤ්චෙන්ද්‍රියයෝ මෛත්‍රි චිත්ත විමුක්තියගේ වඩන්නෝ වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 6fa4b4ac03ec0471cc56f2a9e4160f0483cea2c716f3928fc144b39e6b866246 |
target:pali-sinhala-parallel:68523:9 | මේ පඤ්චෙන්ද්‍රියයන් විසින් මෛත්‍රි චිත්ත විමුක්තිය වඩනු ලැබේ. මේ පඤ්චෙන්ද්‍රියයෝ මෛත්‍රී චිත්ත විමුක්තියගේ බහුල වශයෙන් කරනු ලබන්නෝ වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | dbee73b67fbf354dd0eb63df987ae2fad09b2012a1c779d7a20fe36fc5a6e474 |
target:pali-sinhala-parallel:68524:0 | [9] “සියලු සත්වයෝ අවෛරීහු වෙත්වා, භය නැත්තෝ වෙත්වා, සැප ඇත්තෝ වෙත්වායි අශ්‍රද්ධාවෙන් කම්පා නොවෙයි. මෛත්‍රී චිත්ත විමුක්තිය විසින් ශ්‍රද්ධා බලය හාත්පසින් වඩන ලද්දේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | ff46a980892b65e6d2e3b4afdb151bd533dcfbf0990aea290a30a93e9cbfb33e |
target:pali-sinhala-parallel:68524:1 | සියලු සත්වයෝ අවෛරීහු වෙත්වා, භයනැත්තෝ වෙත්වා, සැප ඇත්තෝ වෙත්වායි කුසීත බැවින් කම්පා නොවෙයි. මෛත්‍රී චිත්ත විමුක්තිය විසින් වීර්යබලය හාත්පසින් වඩන ලද්දේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 06d9798080c9b00cd6449aa220548933d88b9cd149d4bed32a8e99793d38579c |
target:pali-sinhala-parallel:68524:10 | මේ බල පස විසින් මෛත්‍රී චිත්ත විමුක්තිය සුපරිවෘතවූවා වෙයි. [11] “මේ පඤ්ච බලයෝ මෛත්‍රී චිත්ත විමුක්තියගේ ආසේවනයෝ වෙත්, භාවනාවෝ වෙත්, බහුල වශයෙන් කරන්නෝ වෙත්. අලංකාරයෝ වෙත්. පරිෂ්කාරයෝවෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | be08cd54e28ab9acec180a2edae08752274f64db9cc16145f417f162b86cbc99 |
target:pali-sinhala-parallel:68524:11 | පරිවාරයෝ වෙත් පරිපූරකයෝ වෙත්. යුක්තවූවෝ වෙත්. සහජාතයෝ වෙත්. මිශ්‍රවූවෝ වෙත්. සම්ප්‍රයුක්තයෝ වෙත්. ප්‍රස්කන්ධනයෝ වෙත්. ප්‍රසීදනයෝ වෙත්. සන්තිෂ්ඨානයෝ (තීරණ) වෙත්. විමුච්චනයෝ (මිදීම) වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 4c7b42598d3f89725a1f6bcbb55ca2397a08c7aa04114a76ba27ba047209f65a |
target:pali-sinhala-parallel:68524:12 | මෙය ශාන්තය දන්වන්නෝ වෙත්. යානීකෘතයෝ වෙත්. වස්තුකෘතයෝ වෙත්. හටගත්තෝ වෙත්. පුරුදුකරණ ලද්දෝ වෙත්. මනාව පටන් ගන්නා ලද්දෝ වෙත්. මනාව වඩන ලද්දෝ වෙත්. මනාව පිහිටුවන ලද්දෝ වෙත්. මනාව ඔසවනලද්දෝ වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 54074c08663824a8bed72344b8e3a89b1b20db7b9d4a5a4b77bb253551049e7e |
target:pali-sinhala-parallel:68524:13 | සුචිමුක්තයෝ මනාව මිදුණෝ වෙත්. (මෛත්‍රිය) උපදවත්. ප්‍රකට කෙරෙත්. බබලවත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 44f8b9c1b5a0ecb9a5df4eda7210354d72dd2a2ca99e9e7eed8f42e4ed7caada |
target:pali-sinhala-parallel:68524:2 | සියලු සත්වයෝ අවෛරීහු වෙත්වා, භය නැත්තෝ වෙත්වා. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 1c26f5eff9ee8f1c5fbd792214e95f080a8bcdc9febd6a807923d9988fc3633e |
target:pali-sinhala-parallel:68524:3 | සැප ඇත්තෝ වෙත්වායි, ප්‍රමාදයෙන් කම්පා නොවෙයි, මෛත්‍රී චිත්ත විමුක්තිය විසින් සතී බලය හාත්පසින් වඩනලද්දේ වෙයි, සියලු සත්වයෝ අවෛරීහු වෙත්වා, භය නැත්තෝ වෙත්වා සැප ඇත්තෝ වෙත්වායි (සිතේ) නොසන්සුන් බැවින් | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 32dad27481d220113e286071813eb345c4ce9aa5b236256e433c2d7eec781ef6 |
target:pali-sinhala-parallel:68524:4 | කම්පා නොවෙයි. මෛත්‍රී චිත්ත විමුක්තිය විසින් සමාධි බලය හාත්පසින් වඩන ලද්දේවෙයි. සියලු සත්වයෝ අවෛරීහුවෙත්වා. භය නැත්තෝ වෙත්වා, සැප ඇත්තෝ වෙත්වායි, අවිද්‍යාවෙන් කම්පා නොවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 9822bee62a79c8185e0b80e1070ef4ddffc98c28fb8ae3a2b9bdcbf171821ee1 |
target:pali-sinhala-parallel:68524:5 | මෛත්‍රී චිත්ත විමුක්තිය විසින් ප්‍රඥාබලය හාත්පසින් වඩනලද්දේ වෙයි. [10] “මේ පඤ්චබලයෝ මෛත්‍රී චිත්ත විමුක්තියෙන් ආසේවනයෝවෙත්. මේ බලපස විසින් මෛත්‍රීචිත්ත විමුක්තිය ආසේවනය කරණු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 7ceaae22d77e32bb553ab829d8cb6685141c5cbc0c5884aea569431bab5b05a0 |
target:pali-sinhala-parallel:68524:6 | මේ පඤ්චබලයෝ මෛත්‍රී චිත්ත විමුක්තියගේ වඩන්නෝ වෙත්. මේ බල පස විසින් මෛත්‍රී චිත්ත විමුක්තිය වඩනු ලබේ. මේ පඤ්ච බලයෝ මෛත්‍රී චිත්ත විමුක්තියගේ බහුල වශයෙන් කරන්නෝ වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | dea5b1a2fa88a228c394b2ca0b8b8ccbad117771b8325c1ca102b359fe4b1a98 |
target:pali-sinhala-parallel:68524:7 | මේ බල පස විසින් මෛත්‍රී චිත්ත විමුක්තිය බහුල වශයෙන් කරනු ලැබේ. මේ පඤ්චබලයෝ මෛත්‍රී චිත්ත විමුක්තියගේ අලංකාරයෝ වෙත්. මේ බල පස විසින් මෛත්‍රී චිත්ත විමුක්තිය අලංකෘතවූවා (ඉතාම සැරසුණේ) වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | c409ce8402501d0c4484212a4de08dd79107bf34897bfe09b5a34019eabf617b |
target:pali-sinhala-parallel:68524:8 | මේ පඤ්චබලයෝ මෛත්‍රී චිත්ත විමුක්තියගේ පරිෂ්කාරයෝ වෙත්. මේ බල පස විසින් මෛත්‍රී චිත්ත විමුක්තිය සුපරිෂ්කෘතවූවා වෙයි. මේ පඤ්චබලයෝ මෛත්‍රී චිත්ත විමුක්තියගේ පරිවාරයෝ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | eb0a6c24ffef2d1339512781603550d8353c5bd86f1245db70439feb031b2aea |
target:pali-sinhala-parallel:68524:9 | මේ බලපස විසින් මෛත්‍රී චිත්ත විමුක්තියගේ පරිෂ්කාරයෝ වෙත්. මේ බලපස විසින් මෛත්‍රී චිත්ත විමුක්තිය සුපරිෂ්කෘත වූවා වෙයි. මේ පඤ්චබලයෝ මෛත්‍රී චිත්ත විමුක්තියගේ පරිවාරයෝ වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | ea9840278cb07d9a20d7add2bb3aaebffebb9c4de8a5116eb805c7a2581aea91 |
target:pali-sinhala-parallel:68525:0 | [12] “සියලු සත්වයෝ (ii) අවෛරීහු වෙත්වා, භය නැත්තෝ වෙත්වා සැප ඇත්තෝ වෙත්වා’යි සිහිය පිහිටුවයි මෛත්‍රීචිත්ත විමුක්තිය වඩයි. (iii) සතිසම්බොජ්ක්ධංගය හාත්පසින් වඩනලද්දේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 09c6ef6b38c41ba483a6eed2facb6400954e3a4ad5a1c8b8f7fe7333bc1adf84 |
target:pali-sinhala-parallel:68525:1 | සියලු සත්වයෝ (මෙහි (ii) යොදන්න) ප්‍රඥාවෙන් හාත්පසින් විමසයි. මෛත්‍රී චිත්ත විමුක්තිය විසින් ධම්මවිචය සම්බොජ්ක්ධංගය හාත්පසින් වඩන ලද්දේ වෙයි. සියලු සත්වයෝ (මෙහි (ii) යොදන්න) බලවත් සේ උත්සාහ කෙරෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | b7a7e76b3e1c47b58dc9e74f932e35630ce6ada3b316ff783c2595b6bae67d44 |
target:pali-sinhala-parallel:68525:10 | මොවුන් විසින් මෛත්‍රී චිත්ත විමුක්තිය සුපරිවෘතවූවා වෙයි. [14] “මේ සත්තබොජ්ක්ධංගයෝ මෛත්‍රි චිත්ත විමුක්තියගේ ආසේවනයෝ වෙත්. භාවනාවෝ වෙත්. බහුල වශයෙන් කරන්නෝ වෙත්. අලංකාරයෝ වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 65c0ce119d332e53b054aa31de827442796e85808adcc384051140e75038c850 |
target:pali-sinhala-parallel:68525:11 | පරීක්ෂාකාරයෝ වෙත් පරිවාරයෝවෙත්. පරිපූරකයෝ වෙත්. යුක්තවූවෝ වෙත්. සහජාතකයෝ වෙත්. මිශ්‍රවූවෝ වෙත්. සම්ප්‍රයුක්තයෝ වෙත්. ප්‍රස්කන්ධනයෝ වෙත්. ප්‍රසීදනයෝ (පහදින්නෝ) වෙත්. සන්තිෂ්ඨානයෝ (තීරණ) වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 3276bff3e5d5814fdf5184f197e1361d759f3e06afd33510e8e1a77b472fe968 |
target:pali-sinhala-parallel:68525:12 | මිදෙන්නෝ වෙත්. “මෙය ශාන්ත”යි දන්නෝ වෙත්. යානීකෘතයෝ වෙත්. වස්තු කෘතයෝ වෙත්, හටගන්නෝ වෙත්. පුරුදුවූවෝ වෙත් මනාව පටන්ගන්නා ලද්දෝ වෙත්. මනාව වඩනලද්දෝ වෙත්. මනාව පිහිටුවන ලද්දෝ වෙත්. මනාව ඔසවනලද්දෝ වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 7e3135148f51d5b4169715e85bd0e64b6f4ea12c2c34909629ad3150625a6290 |
target:pali-sinhala-parallel:68525:13 | සුවිමුක්තයෝ (මනාව මිදුණෝ) වෙත්, නිපදවත් ප්‍රකට කෙරෙත්, බබලවත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 78135255c6e83b6c0c4afeb13e3281ab156db3769bbcce7cbb332ca3b99033bc |
target:pali-sinhala-parallel:68525:2 | මෛත්‍රී චිත්ත විමුක්තිය විසින් විරිය සම්බොජ්ක්ධංගය හාත්පසින් වඩනලද්දේවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 156b24c301bbd9d3e583cfa7564b243ef7f2af5aed5dcdb265be98e1c0eda9f0 |
target:pali-sinhala-parallel:68525:3 | සියලු සත්වයෝ (මෙහි (ii) යොදන්න) හාත්පසින් දැවීම සංසිඳුවයි මෛත්‍රී චිත්ත විමුක්තිය විසින් පිතිසම්බොජ්ක්ධංගය හාත්පසින් වඩනලද්දේ වෙයි. සියලු සත්වයෝ (මෙහි (ii) යොදන්න) ආශාන්තභාවය සන්සිඳුවයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 0ba532bd1aec834790ff411acc9427e1378a984124fadf26d1e563afc5d9bae4 |
target:pali-sinhala-parallel:68525:4 | මෛත්‍රී චිත්තවිමුක්තිය විසින් පස්සද්ධි සම්බොජ්ක්ධංගය හාත්පසින් වඩනලද්දේ වෙයි. සියලු සත්වයෝ (මෙහි (ii) යොදන්න) සිත තැන්පත්කරයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | caaa818ccf1c284ed95ab9105437033367855bfcb6c74aa81e1d8c2d6c1009dc |
target:pali-sinhala-parallel:68525:5 | මෛත්‍රී චිත්ත විමුක්තිය විසින් සමාධි සම්බොජ්ක්ධංගය හාත්පසින් වඩනලද්දේ වෙයි. සියලු සත්වයෝ (මෙහි (ii) යොදන්න) ඥානයෙන් ක්ලේශයන් නුවණින් සලකා බලයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | d085ebffec2cd4afa8d85cb8064210177505f8cfac4239794ed5bb5f553ec7a0 |
target:pali-sinhala-parallel:68525:6 | මෛත්‍රීචිත්ත විමුක්තිය විසින් උපෙක්ඛා සම්බොජ්ක්ධංගය හාත්පසින් වඩනලද්දේ වෙයි. [13] “මේ සත්තබොජ්ක්ධංගයෝ මෛත්‍රී චිත්ත විමුක්තියගේ ආසේවනයෝ වෙත්. මොවුන් විසින් මෛත්‍රී චිත්ත විමුක්තිය ආසේවනය කරනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | a9d336e3ac208e5bbe9242267f8c97f9d36ebc0bedb97b51c5427ab12ee92a25 |
target:pali-sinhala-parallel:68525:7 | මොවුන් විසින් මෛත්‍රී චිත්ත විමුක්තිය වඩනු ලබන්නෝ වෙත්. මොවුන් විසින් මෛත්‍රී චිත්ත විමුක්තිය වඩනු ලැබේ. මොව්හු බහුල වශයෙන් කරනු ලබන්නෝ වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 7adf6d9e64aeb53ed08999ce2e8025fbf295b3961442c40fa085997e1e4af8f7 |
target:pali-sinhala-parallel:68525:8 | මොවුන් විසින් මෛත්‍රී චිත්ත විමුක්තිය බහුල වශයෙන් කරනු ලැබේ. මොව්හු මෛත්‍රී චිත්ත විමුක්තියගේ අලංකාරයෝ වෙත්. මොවුන් විසින් මෛත්‍රී චිත්ත විමුක්තිය මොනවට අලංකෘතවූයේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | 164654ad7391bdf915568d9f17ed8de3b3a832fc6ac80096ce60abfea4c72cc6 |
target:pali-sinhala-parallel:68525:9 | මොව්හු මෛත්‍රී චිත්ත විමුක්තියගේ පරිෂ්කාරයෝ වෙත්. මොවුන් විසින් මෛත්‍රී චිත්ත විමුක්තිය සුපරිෂ්කෘතවූවාවෙයි. මොව්හු මෛත්‍රී චිත්ත විමුක්තියගේ පිරිවරහුවෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b0 | c5631ab83097f914525fae21cb4acb94c9390ca3ff851c05115e2ee782065147 |
target:pali-sinhala-parallel:68526:0 | [15] “සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා භය නැත්තෝ වෙත්වා. සැප ඇත්තෝ වෙත්වා’යි මෛත්‍රී චිත්ත විමුක්තිය විසින් සම්මා දිට්ඨිය හාත්පසින් වඩනලද්දේ වෙයි. (ii) සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, භය නැත්තෝ වෙත්වා. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b1 | 3238a74714729ccada955c27b149534ca36cfeab96f038c55f7ace89995efbeb |
target:pali-sinhala-parallel:68526:1 | සැප ඇත්තෝ වෙත්වා’යි මැනවින් නංවයි (iii) මෛත්‍රී චිත්ත විමුක්තිය විසින් සම්මා සංකප්පයන් හාත්පසින් වඩන ලද්දේ වෙයි. සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා භය නැත්තෝ වෙත්වා. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b1 | 100963ade6424566f932d2c98a29fe30aa6186eb71d1f12baebb3663b477cd3a |
target:pali-sinhala-parallel:68526:10 | [17] “මේ මාර්ගාංගයෝ අටදෙන මෛත්‍රී චිත්ත විමුක්තියගේ අලංකාරයෝ වෙත්, මේ මාර්ගංගයන් අටදෙනා විසින් මෛත්‍රී චිත්ත විමුක්තිය මොනවට අලංකෘත වූවාවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b1 | 5d5f95f07b0379b79ae409fe302138a7cf39e6bd8cfa6821b7a26abf3b9b43af |
target:pali-sinhala-parallel:68526:11 | මේ මාර්ගාංගයෝ අටදෙන මෛත්‍රී චිත්ත විමුක්තියගේ පරිෂ්කාරයෝ වෙත්. මේ මාර්ගංගයන් අටදෙනා විසින් මෛත්‍රී චිත්ත විමුක්තිය සුපරිෂ්කෘත වූවාවෙයි. මේ මාර්ගංගයෝ අට දෙන මෛත්‍රී චිත්ත විමුක්තියගේ පරිවාරයෝ වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b1 | a844427ba3a2f48b2d50f881caa5fc606492a129ea2453c78bfae39d6e378dfe |
target:pali-sinhala-parallel:68526:12 | මේ මාර්ගාංගයන් අටදෙනා විසින් මෛත්‍රී චිත්ත විමුක්තිය සුපරිකෘත වූවාවෙයි. “මේ මාර්ගංගයෝ අටදෙන මෛත්‍රී චිත්ත විමුක්තියගේ ආසෙවනයෝ වෙත්. භාවනාවෝ වෙත්. බහුල වශයෙන් කරන්නෝ වෙත්. අලංකාරයෝ වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b1 | 006e8f795ec33c1a3a78d47060d90d62b9f5be0429371864db41f3b22bf2ba17 |
target:pali-sinhala-parallel:68526:13 | පරිෂ්කාරයෝ වෙත්. පරිවාරයෝ වෙත්. පරිපූරකයෝ වෙත්. යුක්තවූවෝ වෙත් සහජාතයෝ වෙත්. (එකට පහළවුවෝ) මිශ්‍රවූවෝ වෙත්. සම්ප්‍රයුක්තයෝ වෙත්. ප්‍රස්කන්ධනයෝ වෙත්. ප්‍රසීදනයෝ වෙත්. සන්තිෂ්ඨනයෝ (තීරණ) වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b1 | f9386dcf1893dd3e821089e2dd3ee0f44acbc54b977933dc8391a1e5b6b1021f |
target:pali-sinhala-parallel:68526:14 | මිදෙන්නෝ වෙත්. මෙය ශාන්තයි දක්නෝ වෙත්. යානීකෘතයෝ වෙත්. වස්තු කෘතයෝ වෙත්. හටගන්නෝ වෙත්. පුරුදු කරන ලද්දෝ වෙත්. මනාව පටන්ගන්නා ලද්දෝ වෙත්. මනාව වඩන ලද්දෝ වෙත්. මනාව පිහිටුවන ලද්දෝ වෙත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b1 | e749c7ed737b61d18b2ddf03cfd0ca3d0b6e6df57820e50ae132002767cdf4ff |
target:pali-sinhala-parallel:68526:15 | මනාව ඔසවන ලද්දෝ වෙත්. සුචි මුක්තයෝ වෙත්. (මෛත්‍රිය) උපදවත්. ප්‍රකට කෙරෙත්. බබළවත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b1 | 8d3086e582a32b4d7d0b0f052aa0fd38d9dc35c44c2576f9cb1114623a57cfaf |
target:pali-sinhala-parallel:68526:2 | සැප ඇත්තෝ වෙත්වා’යි මැනවින් පරිග්‍රහණය කෙරෙයි, මෛත්‍රී චිත්ත විමුක්තිය විසින් සම්මා වාචාව හාත්පසින් වඩන ලද්දේ වෙයි සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. භය නැත්තෝ වෙත්වා. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b1 | 81d270c034e7920562c952f88d56a73c12e0ddf59a20295a8819d677fb2d695e |
target:pali-sinhala-parallel:68526:3 | සැප ඇත්තෝ වෙත්වා’යි මැනවින් සමුට්ඨාපනය කෙරෙයි. මෛත්‍රී චිත්ත විමුක්තිය විසින් සම්මා කම්මන්තය හාත්පසින් වඩන ලද්දේවෙයි. සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. භය නැත්තෝ වෙත්වා. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b1 | ab82c4d86f19e9506ecad4c872ef098db5e7ed6b2b5f04bd16a81562b94f61b3 |
target:pali-sinhala-parallel:68526:4 | සැප ඇත්තෝ වෙත්වා’යි මැනවින් පිරිසිදු කරවයි. මෛත්‍රී චිත්ත විමුක්තිය විසින් සම්මා ආජීවය හාත්පසින් වඩන ලද්දේ වෙයි. සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b1 | ce914e10a4c81336ccaa1681c0e8240e8d3b9bc7a22883471655eaeeb5411da6 |
target:pali-sinhala-parallel:68526:5 | භය නැත්තෝ වෙත්වා සැප ඇත්තෝ වෙත්වා’යි මැනවින් අල්ලා ගනියි. මෛත්‍රී චිත්ත විමුක්තිය විසින් සම්මා වායාමය හාත්පසින් වඩන ලද්දේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b1 | 7f30432704d4436e287653e4bc56a942653a88c91fdb02f3c5d7c5172db106fc |
target:pali-sinhala-parallel:68526:6 | සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා භය නැත්තෝ වෙත්වා සැප ඇත්තෝ වෙත්වා’යි මැනවින් සිහි එලවයි. මෛත්‍රී චිත්ත විමුක්තිය විසින් සම්මා සතිය හාත්පසින් වඩන ලද්දේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b1 | bc8c4f48a3c99c48f94c9b7479e1587f1912145b373c1db55fe004acbedf1d52 |
target:pali-sinhala-parallel:68526:7 | සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, භය නැත්තෝ වෙත්වා සැප ඇත්තෝ වෙත්වා’යි මැනවින් සිත පිහිටුවයි. මෛත්‍රී චිත්ත විමුක්තිය විසින් සම්මා සමාධිය හාත්පසින් වඩන ලද්දේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b1 | e4965e5ef0ff2363ebcff88953ded0521c8f7ee1a4e51272fd2d2304fe852f44 |
target:pali-sinhala-parallel:68526:8 | [16] “මේ මාර්ගංගයෝ අටදෙන මෛත්‍රී චිත්ත විමුක්තියගේ ආසෙවනයෝ වෙත්. මේ මාර්ගංගයන් අටදෙනා විසින් මෛත්‍රී චිත්ත විමුක්තිය ආසෙවනය කරණු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b1 | 1fcda70460a46bc15c3a7e64c17613e06476200827fa1706ecb42519d59b2ceb |
target:pali-sinhala-parallel:68526:9 | මේ මාර්ගංගයෝ අටදෙන මෛත්‍රී චිත්ත විමුක්තියගේ බහුල වශයෙන් කරණු ලබන්නෝ වෙත්. මේ මාර්ගයන් අටදෙනා විසින් මෛත්‍රී චිත්ත වවිමුක්තිය බහුල වශයෙන් කරනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b1 | 447d19cf78201ff100df513c46dcb10357eb8c5c3f34c0a04b30bcdb3fc7891b |
target:pali-sinhala-parallel:68527:0 | [18] “සියලු ප්‍රාණීන්ගේ සියලු භූතයන්ගේ සියලු පුද්ගලයන්ගේ සියලු ආත්මභාව දරන්නන්ගේ සියලු ස්ත්‍රීන්ගේ, සියලු පුරුෂයන්ගේ, සියලු ආර්යයන්ගේ, සියලු අනාර්යයන්ගේ, සියලු දෙවියන්ගේ, සියලු මිනිසුන්ගේ, | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b1 | 2592af508171c00e4c648bffe510b6869ffabd8ba25dacd7e21a81cbceb3f4de |
target:pali-sinhala-parallel:68527:1 | විනිපාතිකයන්ගේ, පීඩනය දුරුකොට නොපෙළීමෙන් (ii) (බාහිර) ශරීරොපඝාතය (-පීඩා) දුරුකොට අනුපඝාතයෙන් (චිත්ත) සන්තාපනය දුරුකොට අසන්තාපනයෙන් (ජීවිත) විනාශය දුරුකොට (ජීවිත) විනාශ නොකිරීමෙන් විහෙඨනය දුරුකොට | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b1 | cec3a7e5495cf40c2fc50a7d0c20ad2aa955deb12ca73364c9f483bc6a051b5b |
target:pali-sinhala-parallel:68527:10 | මෛත්‍රී චිත්ත විමුක්තිය විසින් ශ්‍රද්ධා ඉන්ද්‍රිය හාත්පසින් වඩන ලද්දේ වෙයි. (මෙහි 15 (ii) යොදන්න) (මෛත්‍රී) උපදවත්, ප්‍රකට කෙරෙත්, බබළවත්. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b1 | c886522f005c3cbbe4c2cde1762642abfd52f5240806a636dceace22db5ff3d0 |
target:pali-sinhala-parallel:68527:11 | [21] “සියලු පූර්ව දිශාවෙහි ප්‍රාණීන්ගේ විනිපාතිකයන්ගේ, සියලු පශ්චිම දිශාවෙහි විනිපාතිකයන්ගේ සියලු උත්තර දිශාවෙහි විනිපාතිකයන්ගේ, සියලු දක්ෂිණ දිශාවෙහි විනිපාතිකයන්ගේ සියලු පූර්ව අනුදිශාවෙහි, සියලු | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b1 | 26ed0250a21194aa1d7078b8057afdf538c26d55e8b3cc569e83680cdced6d66 |
target:pali-sinhala-parallel:68527:12 | බටහිර අනුදිශාවෙහි විනිපාතිකයන්ගේ, සියලු උත්තර අනුදිශාවෙහි විනිපාතිකයන්ගේ සියලු දක්ෂිණ අනුදිශාවෙහි විනිපාතිකයන්ගේ සියලුම යට දිශාවෙහි විනිපාතිකයන්ගේ, සියලුම ඉහළ අනුදිශාවෙහි විනිපාතිකයන්ගේ පීඩනය දුරුකොට | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b1 | dbd6a2489ba7c5b2d13ff269222678e75c8cb0f079a7d24be4fbf4575ddc8255 |
target:pali-sinhala-parallel:68527:13 | නොපෙළීමෙන් (මෙහි 18 ඡේදයේ (ii) යොදන්න.) මෙත්තාද, චෙතොද විමුක්ති දැයි මෙත්තා චෙතො විමුත්තියයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b1 | 5f8683595a04df4ebbbce0c8052caf1f12495c9056147be26afe6fb72eb0cd3d |
target:pali-sinhala-parallel:68527:14 | [22] “සියලුම උපරිම දිශාවෙහි විනිපාතිකයෝ අවෛරීහු වෙත්වා, භය නැත්තෝ වෙත්වා, සැප ඇත්තෝ වෙත්වායි ශ්‍රද්ධාවෙන් සිත පිහිටුවයි. මෛත්‍රී චිත්ත විමුක්තිය විසින් ශ්‍රද්ධා ඉන්ද්‍රිය හාත්පසින් මඩනා ලද්දේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b1 | 380cdaf9736a2c92a148025fb2ea8bc25eaa4be51b4fee08706cd905726e3293 |
target:pali-sinhala-parallel:68527:15 | (ii) සියලුම ඉහළ දිශාවෙහි විනිපාතිකයෝ අවෛරීහු වෙත්වා. භය නැත්තෝ වෙත්වා, සැප ඇත්තෝ වෙත්වායි බලවත්සේ උත්සාහ කෙරෙයි. (iii) මෛත්‍රී චිත්ත විමුක්තිය විසින් වීර්යෙන්ද්‍රිය හාත්පසින් වඩන ලද්දේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b1 | 0949812ed4d35fbb870ba581ce510f3974207a695bc248ec572a6667f90fe8d7 |
target:pali-sinhala-parallel:68527:16 | මෙහි 15 (ii) යොදන්න.) සිහිය පිහිටුවයි. මෛත්‍රි චිත්ත විමුක්තිය විසින් සතිඉන්ද්‍රිය හාත්පසින් වඩන ලද්දේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b1 | 5cf5428b4cc9dcfdc85ae1f0a9f3306ebcbfff6399f0b3bb04f9e5efb4e6e609 |
target:pali-sinhala-parallel:68527:17 | (මෙහි 15 (ii) සිත තැන්පත් කරයි මෛත්‍රි චිත්ත විමුක්තිය විසින් සමාධින්ද්‍රිය හාත්පසින් වඩන ලද්දේ වෙයි. (15 (ii) ප්‍රඥාවෙන් වෙසෙසින් දැනගනියි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b1 | 7b099dcb5eccc6dac9ea7f8fbb9778a3f2826da9220c32212fd6d8025e0c02b7 |
target:pali-sinhala-parallel:68527:18 | මෛත්‍රි චිත්ත විමුක්ති ප්‍රඥා ඉන්ද්‍රිය හාත්පසින් මඩන ලද්දේ වෙයි. මේ පඤ්චෙන්ද්‍රියයෝ මෛත්‍රි චිත්ත විමුක්තියගේ ආසෙවනයෝ වෙත්. මේ පඤ්චෙන්ද්‍රියයන් විසින් මෛත්‍රි චිත්ත විමුක්තිය ආසෙවනය කරනු ලැබේ. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b1 | 38453814749644b5facccc7543408d1b2ee41fc6332422651703a653acffa66a |
target:pali-sinhala-parallel:68527:19 | මේ ඉන්ද්‍රිය පස (මෛත්‍රිය) උපදවත්, ප්‍රකට කෙරෙත්, බබළවත්. [23] සියලුම උපරිම දිශාවෙහි විනිපාතිකයෝ අවෛරීහු වෙත්වා. භය නැත්තෝ වෙත්වා, සැප ඇත්තෝ වෙත්වායි, අශ්‍රද්ධාවෙන් කම්පා නොවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b1 | dfc007985ed1d8dc8844d772e0570b9637a27b19add61cc7dfd735b24d5add99 |
target:pali-sinhala-parallel:68527:2 | අවිහෙඨනයයෙන් සියලු විනීපාතිකයෝ අවෛරී වෙත්වා. වෛරීහු නොවෙත්වා. සුඛීතයෝ වෙත්වා. දුඃඛිතයෝ නොවෙත්වා. සුඛිතාත්ම ඇත්තෝ වෙත්වා. දුඃඛිතාත්ම ඇත්තෝ නොවෙත්වා. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b1 | ed4a915bb81fb51b0be4470df9440a5348d97ce5be65646502ef67f59f24403a |
target:pali-sinhala-parallel:68527:20 | මෛත්‍රී චිත්ත විමුක්තිය විසින් ශ්‍රද්ධා බලය හාත්පසින් වඩන ලද්දේ වෙයි. (මෙහි 15 (ii) යොදන්න) කුසීත බැවින් කම්පා නොවෙයි. මෛත්‍රි චිත්ත විමුක්තිය විසින් වීර්ය බලය හාත්පසින් වඩන ලද්දේ වෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b1 | 025137baf2f15b168fc6e445c901dbd1e1b5c19051cf57e09848f0d71f5ffa1a |
target:pali-sinhala-parallel:68527:21 | (මෙහි 15 (ii) යොදන්න) ප්‍රමාදයෙන් කම්පා නොවෙයි. මෛත්‍රි චිත්ත විමුක්තිය විසින් සති බලය හාත්පසින් වඩන ලද්දේ වෙයි. (මෙහි 15 (ii) යොදන්න)නොසන්සුන් බැවින් කම්පා නොවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b1 | 9ca9fb6f9f2a1c0505ac1e7f15c1cd3ed625fa0fdf263ad8100a193b5f9e76cf |
target:pali-sinhala-parallel:68527:22 | මෛත්‍රි චිත්ත විමුක්තිය විසින් සමාධි බලය හාත්පසින් වඩන ලද්දේ වෙයි. (මෙහි 15 (ii) යොදන්න) අවිජ්ජාවෙන් කම්පා නොවෙයි. | sin_Sinh | pali-sinhala-parallel | parallel_corpus | pali-sinhala-parallel:sutta437 | pali-sinhala-parallel:sutta437:b1 | 049b80e4a514a521a3c3e794310896d17d39338c7c0cf94908482dae9c9e115e |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.